Tuesday, August 23, 2016

මොකක්ද මේ ගී රස පලස "2" හැබෑවටම?




හැබෑවටම ගී රස පලස "2" කරන්නේ ගී රස පලස එකට පස්සේ. එකේ ලින්ක් එක ඉවෙන්ට් පොස්ට් එකේ කමෙන්ට් විදියට දාන්නම්. 

බුකියේ තියෙනවා සමාජ සේවා වැඩ කරන සංවිධානයක් එකමුතු වෙමු උදව් කරමු. මේ සංවිධානයේ අරමුදල පොඩ්ඩක් වැඩි කරන්න හිතාගෙන බුකියේම තියෙන ගීතයක අරුත සොයා යමු... ගෘප් එකේ කට්ටිය සෙට් වෙලා තමා මේ පාර දෙවෙනි පැදුර එලන්නේ ගියපාර පැදුර එලපු තැනම.. 


**************මේ පැදුරේ විශේෂත්වය මොකක්ද?*************** 
බුකිය පුරා ඉන්න සිංදුවක් කියන්න පුළුවන් අයට, වාදන භාණ්ඩයක් වයන්න පුළුවන් අයට අපි ආරාධනා කරනවා එන්න ඔබේ හැකියාව එළිදක්වන්න කියල. එයාලට විතරක් නෙමේ තාලයට අත්පුඩියක් ගහන්න පුළුවන් අයටත් අපි ඒ විදියටම ආදරෙන් ආරාධනා කරනවා එන්න කියල අපිත් එක්ක එකතු වෙන්න. 


****************පිරිවැය කොහොමද?*************
ඔව් වියදමක් තියෙනවා. හෝල් එකට, සංගීත කණ්ඩායමට, එන අයට ප්ලේන්ටියක් දෙන්න බනිස් ගෙඩියක් කන්න දෙන්න අපිට වියදමක් යනවා. ඉතින් ඒ වියදම හොයාගන්න අපි අපේ වැඩේට අනුග්‍රාහකත්වය දරන්න කැමති ව්‍යාපාරික මහත්ම මහත්මීන් සොයනවා මේ ටිකේ. කැමතිනම් පුද්ගලිකව දායක වෙන්නත් පුළුවන්... 
කතා කරන්න අපිට 0757996680

*************අරමුදල තර වෙන්නේ කොහොමද?*************
අරමුදල තර කරන්නේ ඔබ සැම දෙනාගෙන්, අපි ඔබෙන් බලාපොරොත්තුවෙනවා එක් අයෙකුට රුපියල් 500ක මුදලක්. ඒ රුපියල් 500 කෙලින්ම යන්නේ එකමුතුවෙමු අරමුදලට..... ඉතින් එහෙනම් ඕනෑම ගැටළුවක් අහන්න අපේ ඉවෙන්ට් වෝල් එකේ.. :)

https://www.facebook.com/events/1293149370725090/