Saturday, January 30, 2016

ටෝපිඩෝ - Torpedo


ටෝපිඩෝවක් යනු සබ්මැරීනයක නෞකාවක හෝ ගුවන් යානයක සිට දියත් කල හැකි දිය යට, ගමන් කරන, පුපුරන සුලු අවියකි. එය යුද නැව්, වෙළෙඳ නැව් හා සබ්මැරීන වලට එරෙහිව භාවිතා කිරීම සඳහා ඇති ප්රධාන නාවික ආයුධයකි. සැඟවූ ආයුධ ගබඩා, වරාය වැනි ස්ථාවර ඉලක්ක වලට එරෙහිව ද භාවිතා කළ හැක.
නැව් වලට එරෙහිව භාවිතය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ටෝපිඩෝ සාමාන්යයෙන් ඉලක්කය වෙත ජල මතුපිටට ආසන්නයෙන් ගමන් කරයි. නමුත් සබ්මැරීන එරෙහිව භාවිතය සඳහා විශේෂයන් නිර්මාණය කර ඇති ටෝපිඩෝ වලට අඩි 2,500 (760m) පමණ වන ගැඹුරක ඉලක්ක වලට පහර හැක.
බොහෝ ටෝපිඩෝ නාවික සැතපුම් 40-50 ක පමණ වේගයෙන් ගමන් කරනවා. ඇතැම් පැරණි ඒවා යාර 2000 ටත් අඩු දුරක් (1800 m) ගමන් කිරීමට සකසා තිබුණද සමහර රොකට් සහාය ලබන ටෝපිඩෝ වලට සැතපුම් 10ක පමණ දුර ඉලක්ක වෙතද යාමේ හැකියාවක් ඇත.
ටෝපිඩෝවේ ඩෙටනේටර් පද්ධතියක්, මඟ පෙන්වීම් පද්ධති සහ පචාලන පද්ධති සමග පුපුරන ද්‍රවය අඩංගු වේ.
එක්සත් ජනපද නාවික හමුදාව විසින් භාවිතා කරන ටෝපිඩෝ අඩි 8 සිට 21 දක්වා දිගු වන අතර එහි විෂ්කම්භය අඟල් 10 සිට 21 දක්වා වේ. ඔවුන්ගේ බොහෝ ටෝපිඩෝ සාම්ප්රදායික පුපුරණ ද්රව්ය අඩංගු 120-1,800 kg දක්වා පරාසයක අවි ශීර්ෂ රැගෙන යයි.
ටෝඉඩෝවක පුපුරා යාම සඳහා විවිධ ක්‍රම ඇත. සමහරක් වැඩකරන්නෙ නැවේ වානේ කොටස් වල විද්‍යුත් චුම්බක ක්ෂේත්රය සංවේදනය වන විට පුපුරන ආකාරයටය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ඉලෙක්ට්රොනික සංවේදන සහ ක්රියාකාරී මග පෙන්වීම උපකරණ වැඩි වැඩියෙන් ටෝපිඩෝ නිර්මාණය භාවිත කරන ලදී. ටෝපිඩෝ හරහා යැවිය හැකි න්‍යෂ්ටික යුධ ශීර්ෂ ද දියුණු කරන ලදී.

ලිපිය 
කවිඳු පතිරණ

4 comments:

  1. අනේ දරුවෝ තරහවෙන්න එපා. මේ තොරතුරු වලින් සමහර ඒවා සාවද්‍යයි. පරිවර්තනය අන්තිම දුර්වලයි.

    ReplyDelete
    Replies
    1. කවිදුට යොමු කරන්නම්.. සාවද්‍ය තොරතුරු මොන මොනවද කියල දෙන්න පුලුවන්ද. ඒව අයින් කරන්න. අපෙ අඩු පාඩු හදන්න ඔබතුමන්ලා.

      Delete
    2. පුපුරනසුළු අවියකි කියනවාට වඩා සුදුසු ජලයේ දියත් කරන මිසයිල වර්ගයකි කීමයි. සැඟවූ ආයුධ ගබඩා කිව්වම කෙනෙකු හිතන්නට ඉඩ තියනවා ගොඩබිමක ඈතින් තියන තැනකට වුනත් ටෝර්පිඩෝවකින් පහර දෙන්න පුළුවන් කියලා. පහර දෙන්න පුළුවන් වෙන්නේ ටෝර්පිඩෝවට ළඟාවියහැකි, ජලය ආශ්‍රිතව පිහිටුවා තිබෙන ස්ථානයකට පමණයි. වතුරෙන් ගොඩට ඇවිත් වදින්නේ නැහැ. ටෝපිඩෝ හරහා යැවිය හැකි යන යෙදුමට වඩා සුදුසු වන්නේ, ටෝපිඩෝ මගින්/ඔස්සේ කියා යෙදීමයි. හරහා යන වචනයෙන් නිවැරදි අර්ථ කථනය ලැබෙන්නේ නැහැ. හරහා යන වචනය, across යන්නට, අපේ FM නාලිකාවල ඉන්න නිවේදක අම්බරුවන් යෙදු වැරදි පරිවර්තනයක්.

      Delete
    3. ඇත්තටම මම මේ ලිපි කිසිම වෙනස් කිරීමක් කරන්නේ නැහැ. නමුත් දැන් ඔබතුමාට පින්සිද්ද වෙන්න බ්ලොග් එක බලන අය අනිවාර්යෙන් කමෙන්ට් වලින් අමතර දැනුමක් ලබනවා.. ස්තුතියි

      Delete