යනෝමමී ගෝත්‍රය භාහිර සමාජයේ ආශ්‍රයෙන් වෙන්ව වාසය ගොත්‍රිකයන් අතරේ ප්‍රධානතම ගොත්‍රයක් වනවා. දකුණු ඇමරිකාවේ ඇමසෙන් වනාන්තරය ආශ්‍රය කරගෙන ජීවත් වන මොවුන්ගේ වාස භූමිය හෙක්ටයාර මිලියන 9.6 ක් අයත් වනවා. සාමාන්‍ය රටක් ප්‍රමාණය වගේ නේද යාළුවනේ? ඔව් කෙටියෙන් කියනවනම් අපේ මව්රට මෙන් ආසන්න වශයෙන් 1.5 ගුණයක්. ඔවුන්ගේ භූමිය ලොව විශාලතම වනගහණයක් සහිත පාරම්පරික භූමිය ලෙසද සැලකෙනවා.
යනෝමමී ගොත්‍රකියන් එකමුතුව වැඩ කරන ජන සමාජයක් නොතනයි. ඒ වෙනුවට ඔවුන් ක්‍රියාත්මක වන්නේ ස්වතන්ත්‍ර ක්‍රමවේදයක් උදේසායි. කෙසේවෙතත් චර්යා රටා සමාන මිනිසුන්ගේ එකතුවක් යන පදනමින් ඔවුන් එක්ව වාසය කරනවා. දේශපාලනික බලතල ගත් විට ඔවුන් එක් නායකයෙකු පිළිබද විශ්වාසය තබන ජන කොටසක් නොවන බවට සාධක තිබේ. කෙසේවෙතත් ආගමික හා දේශපාලනික කටයුතු වලදි පෙරමුණ ගැනිමට ටුක්ස්වා නමැති තනතුරකට මතගැටුම් විසදිමේ සමර්ථකම් අැත්තකු පත් කර ගනු ලබයි.
කුඩා ගැහැණු දරුවන් වැඩිවියට එලඹිම ඔවුන්ගේ චාරිත්‍රවල ප්‍රමුඛතම චාරිත්‍රාංගය ලෙස සැලකෙනවා. එම කාලය තුල කෑම ඇල්ලීමද, පුරුෂයන් හා කථාබස් කීරිම තහනම් වනවා. ඇයගේ සියලු කාර්යයන් මව්තුමිය සහ යහලු කාන්තා පාර්ශවය විසින් සිදු කරනවා. එම කාලය තුල ඇය කතා කල යුත්තේද රහසින් වීම එම ගොත්‍රයට අනන්‍ය වු ලකෂණයක් වනවා. විවාහයට සුදුසුකමත්, එමෙන්ම වැඩුණු කාන්තාවකගේ වගකිමත් වැඩිවියට පත් ගැහැණු දරුවෙකුට ලැබෙනවා. එතැන් පටන් ඔවුන්ට දෙවන රූපයේ දැක්වෙන පරිදි තමන්ගේ රහස් ප්‍රදේශය වෙනත් කිසිවෙකුට පෙන්වීමට අවසර ලැබෙන්නේ නෑ.
යනෝමමී ගෝත්‍රයට ආවේණික චාරිත්‍රයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ මල ගිය ඇත්තන්ගේ ශරිරය දිරායාමට සලස්වා ලැබෙන ඇටකටු පුළුස්සා එම අළු වලින් කෙසෙල් මිශ්‍ර සුප් එකක් පිලියෙල කර ගොත්‍රයේ සියලු දේනාට බීමට ලබාදීමයි. මලගිය ඇත්තාගේ ශක්තිය ඔවුන්ට ඉන් ලැබෙන බවයි විශ්වාසය. ආහාර ගත් කල ඔවුන්ගේ ප්‍රධාන ආහාර බවට පත්ව ඇත්තේ එලවලු සහ පලතුරු වර්ගයි. ඔවුන්ගේ නිවස්නය ගත් කල අවසන් රූපයේ දැක්වෙන පරිදි ගම්මානයම ආවරණය වන පරිදි රවුමට ඉදිකිරිමක් සිදුවනවා. එහි මැද්දැව ගම්මානයේ කටයුතු සදහා යොදාගැනෙනවා.
යනොමමී ගෝත්‍රිකයන් අද වන විට බලවත් තර්ජනයකට මුහුණ දී තිබෙනවා. ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන් ලෙඩ රෝග වලට ගොදුරු වීමයි. ඔවුන්ගේ භූමි ප්‍රදේශවල රත්‍රන් තිබෙන බැවිනුත් රත්‍රන් ලබාගැනිමට යන්ත්‍රසුත්‍ර යොදාගැනෙන බැවිනුත්, ඔවුන්ගේ ජන ජිවිතයට බලවත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. මීට අමතරව බ්‍රසීල රජය රත්‍රන් කැණිම් කිරිම නීති ගත කරන්නට සැරසෙනවා. තෙවන රූපයේ දැක්වෙන ඩාවි කොපනාවා නම් ෂාමෙන්තුමන් එම නීති ගත කිරිමට එරෙහිව නැගි සිටිමින්.
"අප භූමිය ගෞරවය ලැබිය යුතු භූමියක් වන්නේය. අප භූමිය අපේ උරුමයයි. අපේ උරුමය අපේ ආරකෂාවයි. කැණිම් සොභාදහම පමණක් විනාශ කරාවී. අල දොල ගංගා පමණක් විනාශ වේවි. මාළුන් මියයාවි, අප පරිසරය මියැදේවී,අවසානයේ අප භූමියේ මෙතෙක් නොතිබු උවදුරු ඇති වේවි" තම ගෝත්‍රයේ සොභාදහම සමග අැති සබැදියාව විග්‍රහ කොට තිබෙනවා. ඔහුගේ විස්තර දැක්විම අනුව සොභාදහමේ ඇති සෑම අංගයකටම සාරයක් (Spirit) තිබෙනවා. එම සාරය දැකීමේ වාසනාව ඔවුන්ට ලැබි තිබෙනවා. යකෝනා නම් භාන්තිජානක දුමය අග්‍රාණය කිරීමෙන් අනතුරුව ඇතිවන දැහැන මගින් සාපිරිපේ නමින් හදුන්වන සොභාදහමේ අලංකෘත වු ජීව ගුණය ඔවුන්ට අත්දකින්නට ලැබි තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම ලිපිය සදහා භාවිත වු ජයාරූප කිසිවක් කිසිවෙකුගේ ලිංගික උත්ප්‍රේරකයක් වනලෙස භාවිතා නොකල බවත්, එය එසේ නොවිය යුතු බවත්, ලිපියේ හරයාත්මක කරුණු වටහාගැනිමට අසීරු වන නිසා එසේ පල කල බවත් මෙයින් දැනුම් දෙමි.
අදහස් වලට ඉඩ... නැවත ලිපියකින් හමුවෙමු
ජයවේවා
Thilina L. Dissanayakeතවත් විස්තර
https://www.google.lk/search?q=yanomami+tribe&newwindow=1&espv=2&biw=1280&bih=918&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwidoNL-rdDRAhWIqY8KHaM5CggQ_AUIBigB