වසර 49 කට පෙර අද වැනි දවසක
-------------------------------------------------------
මේ සිදුවීම ඉතිහාසයට එක්වන්නේ වියට්නාම යුද්ධයේ සාහසිකම සංහාරය ලෙසිනි. කාන්තාවන් ළමුන් , බිළිඳු දරුවන් ඇතුළුව ඝාතනය වූ සංඛ්‍යාව 347 ක් යැයි ඇමරිකානු රජය ඇස්තමේන්තුගත කළ ද වියට්නාම රජය පවසන්නේ මී ලායි සහ මී කේ ගම්මාන දෙකෙහිම ජීවිත 504 ක් විනාශ වී ඇති බවයි. ඇමරිකානු සොල්දාදුවන් විසින් එම නිරායුධ සිවිල් ජීවිත වනසාලූයේ තුවක්කුවෙන් සහ වෙඩි උණ්ඩයෙන් පමණක්යැයි විශ්වාස නොකරන්න. දූෂණයට ලක් වූ , සමූහ දූෂණයට ලක් වූ කාන්තා සිරුරු සහමුලින්ම විනාශ වන තුරුම ඇමරිකානු වෛරය වියට්නාම ස්ත්‍රී සිරුර තුළින් ප්‍රසාරණය වී තිබිණ.

යුද්ධාධිකරණයේ දී චෝදනා ලබන ඇමරිකානු සොල්දාදුවන් විසි හය දෙනා නිදහස් විය. ලුතිනන් විලියම් කැලී පමණක් නිරායුධ වියට්නාම වැසියන් විසි දෙදෙනෙක් ඝාතනය කළ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීය. නමුත් ඔහු වසර තුන හමාරක නිවාස අඩස්සියෙන් පසු නිදහස ලබා නිදහස් පුරවැසියෙක් ලෙස අදටත් සිවිල් සමාජයේ සැරිසරන්නේය. විලියම් කැලී 2009 වසරේදී මී ලායි සංහාරය පිළිබඳ තම කණගාටුව පළ කරමින් සමාව ඉල්ලුවේය. අවසානයේ මෙසේද පැවසීය. " මා මෙය කිවයුතුමයි. මම දෙවැනි ලුතිනන් වරයා වශයෙන් මගේ අණ දෙන නිලධාරියාගෙන් අණක් ලැබුවා. මම අමන ලෙසින් එය ඉටු කළා"
මී ලායි හි දී කාන්තාවගේ බොත්තම් ගලවන්නේ කාමාතුර ඇමරිකානු සොල්දාදුවන් ය. හයක් හතරක් නොදන්න නොදරුවන් ඇතුළු කාන්තාවන් , සිවිල් වැසියන් මරා දමන්නට අණ කරන්නේ විලියම් කැලීය. ඒ ඔහුට එසේ කරන්නට ඉහළින් එන අණ නිසාය. රණ බිමෙන් ඔබ්බට ඔබත් මමත් ජීවත් වන ලෝකය මෙයට වඩා සුන්දරයයි ඔබ සිතනවාද ? කාන්තාව කෙරෙහි මෙයට වඩා වූ ගෞරවනීය කියවීමක් ඇත්තේ යැයි ඔබ විශ්වාස කරන්නේද ?

මී ලායි වල කාන්තාව ඒ මරණීය මොහොතේ පවා තම ගැලවුණු බොත්තම් සකසන්නට තැත් කරන්නීය. නමුත් අප සිටින්නේ තම ජීවිත තුළ ගැලවුණු , ගැලවෙමින් පවතින බොත්තම් සහ බොත්තම් කාස නොදකින අනුන්ගේ බොත්තම් කාස වලින් ඔවුන්ගේ නිරුවත සොයන , ඇඟිලි දිගු කර ලොවට පෙන්වන සමාජයකය. මිත්‍රවරුනි , ස්ත්‍රියගේ ගෞරවය කෙළසන්නේ තුවක්කු බයිනෙත්තු රැගත් ඇමරිකානු පිරිමින්ම පමණක් යයි සිතන්නේ නම් එය වැරදි වැටහීමකි.