Saturday, November 19, 2016

෴෴ සිරිපාදේ පොලිතින්, වතුර බෝතල් (ප්ලාස්ටික්) තහනම් ෴෴


මේ තියෙන ෆොටෝ තුන එකමුතු වෙමු උදව් කරමු කණ්ඩායම විසින් ගතපු ෆොටෝ තුනක්. වෙන කොහෙවත් නෙමේ සිරිපාදේ. එක තැනක් නම් ඔයාලටත් බලන්න පුළුවන් මේ වාරේ සිරිපාදේ කරුණා කරනකොට සීත ගඟුල හා ඉඳිකටු පාන ආරම්බ වෙන තැන පහල තියෙන අම්බලම ලග ට්‍රාන්ස්මිටරයක් තියෙනවා අන්න එතන පාදම. මේ වාරේ යනවා නම් බලන්න.
මේ වාරේ ඉඳල වතුර බෝතල් තහනම් කරනවා කිව්වම බොහෝ දෙනෙක්ට ආපු ගැටළුවක් තමා එතකොට සිරිපා කරුණා කරන මිනිසුන්ට වතුර කෝ කියල බොන්න. රටේ ප්‍රධානම ගංගා කිහිපයක් ආරම්භ වෙන සිරිපාදේ ජලයෙන් හිඟයක් නැහැ. තියෙන ප්‍රශ්නේ ඒ ජල මුලාශ්‍ර අපේ කැරපොත්තන් විසින් විනාශ කිරීමයි.
සිරිපාදේ මාර්ගය දිගට හැම වාරයකම වතුර ටැංකි පාර දිගට සවි කරනවා අදාළ බලදාරින්. නමුත් සවි කරල පසුදිනට එම ටැංකි විනාශයි. කුඩු කරනවා. ඒ තමා සිරිපාදෙට අරක්ගත්ත කඩ කරන කැරපොත්තෝ, ලීටර් 500 /1000/2000 ටැංකි කියල උන්ට අදාළ නෑ. උන් කඩනවා. කොච්චර ටැප් හයි කරත් උන්ට අදාළ නෑ. උන්ට ඕන උන්ගේ කඩේ වතුර බෝතලේ විකුණා ගන්න එක.
ඉතින් එකට හොඳම විසදුම තමා වතුර බෝතල් කඩ වල විකුනන එක තහනම් කරන එක, දැන් කඩවල මුදලාලිලාට වතුර ටැංකි, ටැප් කැඩුව කියල වැඩක් වෙන්නේ නැහැ. ඒක සමහරුන්ට අනුව විකාර තීරණයක් වෙන්න පුළුවන්. ඔවුන් පවසයි මිනිසුන්ගේ ආකල්ප හදන්න ඕන කියල. එත් මුදල් හමුවේ හැම මිනිහම නොව්නත් බහුතරයක් මිනිසුන්ට ප්‍රතිපත්තියක් නැහැ.
පොලිතින් තහනම් කරාම කෑම ගෙනියන්නේ කොහොමද? ඇත්තටම එක ප්‍රශ්නයක්ද? මේ තරම් විනාසයක් වෙලා තියෙන්නේ ඔබ අප නිසාම තමා. පෙට්ටියක දාගෙන යන්න කෑම නැත්නම් කෙහෙල් කොළ වල ඔතා ගන්න පට්ට රහයි. එත් අමාරුයි වගේ නම් "සමනල්ලුන්ට යන්න තියෙන සිරිපාදේ නගින කැරපොත්තෙක්" නොවී ගෙදරට වෙලා ඉන්න එක වටිනවා..
෴෴෴සිරිපා අඩවිය පොලිතින් වලින් තොර කලාපයක් කරමු..෴෴෴

No comments:

Post a Comment