අන්ධකාර රැයක පාලු පාරක් දිගේ
යන්න එන්න.. (18න් ඉහළ පමණයි)
යන්න එන්න.. (18න් ඉහළ පමණයි)
සයපෙති කුසුම සිනමාහලෙන් ද එළියට විසිවී බොහෝ කාලයකට පසුව මේ සටහන ලියැවෙන්නේ සාතිශය ප්‍රමාදයකින් යුතුවය.සිනමාව විචාරීමට තරම් බුහුටි නොවෙතත් පශ්චාත් යුධ වින්දන සිනමා ගැලරියට විකාසේස චන්ද්‍රසේකරම් අත හැරි කාල බෝම්බය පිලිබදව මතුවූ අදහසක් දෙකක් අකුරු කිරීමට මසිත මතුවූ නොනිත උවමනාව මේ ලියැවිල්ලෙහි පදනම වේ..
වෙනත් දෙයක්ද, වෙනස් දෙයක්ද?
වේදිකා නාට්‍යකරුවෙකු ලෙස අප හදුනාගෙන සිටි විකාසේසගේ තුන් කුලුදුල් සිනමා කෘතිය වෙනුවෙන් ඔහු යොදාගන්නා තේමාව වනාහී අත්‍යන්තයෙන්ම අභියෝගජනක වන්නක් වන අතර පෘශ්ටීය වියමනෙහි ඔහු යම්කිසි දුරක් සාර්ථකව පියවර තබනු පෙනේ..එහෙත් චිත්‍රපටයෙහි දෘශ්ට්වාදී එළඹුමේදී විකාසේසගේ "වෙනස් චිත්‍රපටය" තව දුරටත් "වෙනත් චිත්‍රපටයක් " බවට විකරණය වන අයුරු සියුම්ව නිරීක්ශණය වේ..
එය කුමක් ගැනද, කුමක් අරභයාද?
විකාසේස පුවත්පත් අතිරේක සදහාද, රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන්ද නිතර භාවිතා කරන ලද වචනයක් වුයේ " සමකාමී" යන්නයි.. එහෙත් මෙම චිත්‍රපටය සමකාමී (homo-erotic) චිත්‍රපටයක් ද, නොඑසේනම් සමලිංගික (homo sexual ) චිත්‍රපටයක්ද යන්න තහවුරු කිරීම මෙමගින් සිදු නොවන බව මගේ හැගීමයි.. චිත්‍රපටය පුරා ජුගුප්සාජනක උන්මාදයක තමා වෙලී සිටින වග ප්‍රේක්ශකයාට හැගෙන්නේ එබැවින් විය හැක..කාමුකත්වය යනු එකකි.එය ආශාව සමග ප්‍රතිබද්ධය..ලිංගිකත්වය යනු තවෙකකි..ප්‍රජනනයේදී එය උදව් වේ..ආදරය ගලා යනුයේ මේ මිටියාවත් දෙකට පහලිනි..ඒ අර්ථයෙන් බලන කල ප්‍රේමය වනාහී විරුද්ධ ලිංගිකමය වස්තුවක් ලෙස සැලකීම සාවද්‍යය..
චමත්ගේ ඛේදය..
චිත්‍රපටය පුරා ගලන කදුළු කතාවේ උරුමකරු චමත් ය.ඔහුට කලවම් වීමට හෝ කැපී පෙනීමට අවශ්‍ය නැත..එමෙන්ම සැගවීම හෝ පලායාමද හේ නොඉවසයි..මේ වනාහී සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලයකි.
සරසිගේ ගෙහසික ප්‍රේමයද, නලීන්ගේ ධනේශ්වර සිහිනද හමුවේ චමත් අවලංගු කාසියක් බවට පත්වේ. ගම්මුන්ට ඔහු පෙනෙන්නේ අවලං අසනීපකාරයෙකු ලෙසිනි. ස්වකීය ලිංගික ඇරියස් චමත් මත්තෙහි මුදාහරින ග්‍රාමීය සමාජයෙන් පිටමං වන ඔහු අවසානයේ ලැගුම් ගන්නේ අගනගරයේ පිම්පි සමාජ තීරුවේය.

සමකාමී සමාජය වෙනුවෙන් විකාසේසගේ එලඹුම එසේ අවතැන් වුවත් චිත්‍රපටය පුරා දසුන්ගේ හා ජෙහාන්ගේ රංග පෞරුෂයන් විදාරණය වේ..රංගනය කෙසේ වෙතත් "අඩෝ.. උන් දෙන්නා ඉන්නෙම ඔය වගේ ඒවට.උන් සිරාවටම gay ද දන්නෙ නෑ.." පන්නයේ ගැලරි චූන් ප්‍රතිචාර නිසාම ඔවුන්ට මේ සිනමාකෘතියෙහි රංගනය හේතුවෙන් සම්මාන සහතික ලැබෙන්නේ නැති බව නම් සහතිකය..
ෆ්‍රැන්ජිපානි....
ෆයිට් පහයි, සින්දු හතයි ප්‍රවර්ගයේ චිත්‍රපට වලට හුරුවූ සිනමා ප්‍රේක්ශකාගාරයක් අසම්මත තේමාවක් ඔස්සේ නිර්මාණය කැරුනු චිත්‍රපටයක් වෙනුවෙන් සීරුවෙන් තැබීම පහසු කටයුත්තක් නොවේ..එහෙත් විකාසේස ඒ දැවැන්ත අභියෝගයට මුහුණ දෙමින් සිය පලමු සිනමා කෘතිය ගෙන ඒමම සිංහල නව සිනමාවේ හෙට දවස වෙනුවෙන් සහන් එලියක් මතු කරන්නක් බව කිව යුතුයය.. "අම්බානකට කන්ඩ වෙන බව දැන දැන " ම සමකාමීත්වය/සමලිංගිකත්වය ගැන එලි පහළියේ කතා කිරීමට ඔහු පෙළඹීම පැසසුම් කටයුතුය.. එහෙත් උක්ත සමාජ ගැටලුව කෙරෙහි දයාර්ද්‍ර මුහුණුවරකින් බැලීමට පුහුදුන් ප්‍රේක්ශකයා යොමු කිරීම කෙරෙහි දශම පරිමාණ වූ තල්ලුවක් වත් සයපෙති කුසුම මගින් සිදු නොවීම ඛේදනීය ය.
චිත්‍රපටයේ අවසානය සනිටුහන් කරන දර්ශන පෙළක් මේ සටහනේ අගට පුරුද්දමි..
සරසි ප්‍රතිකාර ලබන රෝහල් වාට්ටුව ඇතුලතින් නලීන් වෙසක් කූඩුවක් එල්වයි..ඒ ඔවුන්ගේ ගෙහෙසික ප්‍රේමය බබලන කූඩුවයි..එම කුටියට පිටතින් චමත් විසින් තවත් කූඩුවක් එල්වනු ලබයි..ඒ චමත්ගේ හා නලීන්ගේ කූඩු බබලන නිදහස් අවකාශයයි.. තම තම කූඩු රිසි රිසි අහස් වියන් යට වෙන වෙනම බැබළේ..
එහෙත් විඩාබර ප්‍රේක්ශකයා වෙහෙසකර සුසුමක් හෙලා සිනමාහලෙන් පිටව යයි...සයපෙති කුසුමද ඛේදනීය ලෙස අවසන් වේ..

No comments:
Post a Comment