Saturday, March 4, 2017

මහා ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දියානු ආක්‍රමණය

තාමත් අඩු වැඩිවශයෙන් යුද්ධ යන නිසා තවත් යුද්ධ කතාවක් ලියන්න හිතුනා. අද ලියන්නේ ලෝක ඉතිහාසයේ හිටපු පොරක් ගැන. ඔහු මහා ඇලෙක්සැන්ඩර් 
කතාව පටන් ගන්නෙ මීට අව්රුදු දෙදාහකට පමණ පෙර ග්‍රීසියට උඩින් තියෙන මැසිඩෝනියාව කියන කුඩා රාජ්‍යයේ. මෙහි හිටපු පිලිප් නම් රජ්ජුරුවෝ තමන්ගේ පුතු ඇලෙක්සැන්ඩර්ව පුරුදු කරනවා අනාගත යුද්ධයකට. ඔහු අව්රුදු 14දී තම පියාගේ අශ්වාරෝහක සේනාවෙ ජෙනරාල් වරයෙක් වෙනවා. 16දී සේනාවෙ මහ සේනාදිපති වෙනවා. තම පියාගේ අබිරහස් මරනයෙන් පස්සෙ රජ වෙන ඇලෙක්සැන්ඩර් එවකට බෙදී පැවැති ග්‍රිසිය එක්සත් කරනවා.
ඊටපස්සෙ ඔහුගේ අවදානය යොමු වන්නෙ නැගෙනහිරට.එවකට ලෝකයේ විශාලතම අදිරාජ්‍ය් වන්නෙ පර්සියාව. වසර දහස් ගනනක් තිස්සෙ ග්‍රිසිය පර්සියාවෙන් බැටකනවා. නමුත් කුඩා ඇලෙක්සැන්ඩර් මේ සුවිසාල අදිරාජ්‍ය් දනගස්සනවා. පර්සියාව අවසායේදී ග්‍රිසියට යටත් වෙනවා.

අව්රුදු 26ක කිරි කොල්ලෙක් කාලේ ඇලෙක්සැන්ඩර් එවකට ඇතිවුනු විශාලතම අදිරාජ්‍ය් පාලනය කරනවා. එක පැත්ත්කින් මද්‍යදරනීය මුහුදු අනික් පැත්තෙන් හින්දු කුශ් කදු වැටිය. මීට පෙර කවුරුත් මෙහෙම දෙයක් දැකලා තිබ්බෙ නැහ.මද්‍යදරනීය මුහුදේ වෙලද නාවික බලයේ තනි අයිතය ඔහුට. පෙරඅපර දෙදිග යාකරන වෙලද මද්‍යාස්තාන සියල්ල ඔහුට යටයි.
දනයෙන් හා බලයෙන් ඔහු හරියට අපි සුරන්ගනා කතාවල කියවන එකෙක් වගේ. අපි වගේ අයට ඔය වගේ life එකක් වැඩිත් එක්ක. නමුත් ඇලෙක්සැන්ඩර්ට මදි.

ඉතින් අව්රුදු 28දී ඇලෙක්සැන්ඩර් තම සේනාවත් එක්ක අලුත් වීර චාරිකාවක් පටන් ගන්නවා අලුත් යටත්විජිතයක් හොයා ගෙන. මෙවර ඔහුගේ ඉලක්කය ඉතා සමුර්දිමත් දේශයක්, අපේ අසල්වැසි ලොකු අයියා, ඉන්දියාව

No automatic alt text available.


ඇලෙක්සැන්ඩර් ලොක ඉතිහාසයේ හොදම ජෙනරාල් කෙනෙක් වෙන්න බලපාපු එක හෙතුවක් ඔහුගේ හමුදාව.
අද කාලෙට සාපේක්ෂව ගෝත්‍රික උනාට මීට වසර දෙදාහකට පෙර කාලේ සලකද්දි මේක පුදුම විදිහට technically advance හමුදාවක්.
සේනාවේ ඉදිරිපෙළ සමන්විත උනේ ගන body amour එකකින් සැරසුන පාබල සේනාංක වලින්.(heavy infantry ) ඔලිම්පික් දුවපු හර්කියුලීස් ගැන අකිලීස් ගැන කතා කියපු ග්‍රීකයන් හොද fit ජාතියක්. ඉතින් මේ සෙනාඔකයේ හිටියේ හොද හැඩිදැඩි අය.

No automatic alt text available.ඔවුන්ගේ අවිය පලිහ සහ සෙරිසා නම් අඩි දහාටක් දිග හෙල්ල.
ඔවුන් සටන් කලේ රූපයේ විදිහට phalanx එකක් වගේ. ඉස්සරහ අය හෙලි ඉදිරියට පිටිපස්සේ අය angle එකට්. ඉස්සහ අයගේ පලිහ වල් overlap වෙලා ඔවුන් ආරක්ෂා කරනවා. ඊට අමතරව පටිපස්සෙ angle වෙච්ච් හෙලි ඊතල පහර වලින් ඔවුන් ආරක්ෂා කරනවා. මේක නිකන් ඉස්සරහට යන්න ගියාම බුල් ඩෝසරය්ක් වගේ.




ඉස්සරහින් කොච්චර හයිය උනත් දෙපැත්ත මේ සෙනාන්ක වල දුර්වලයි. ඇයි flexible නැහැන. ඉතින් සේනාවෙ දෙපැත්තෙ හිටියේ ග්‍රීක හමුදාවෙ ප්‍රබම අවිය. අවුන්ගෙ අසරුවෝ. (Heavy cavalry) .මේක ඇලෙක්සැන්ඩර් විසින් පුද්ගලයකවම මෙහෙයවපු බලකායක්. ඇලෙක්සැන්ඩර් ගෙ Companion cavalry එක ලොක ඉතිහාසයේ බිහිවෙච්ච් හොදම අශ්වාරෝහකයන් ලෙසයි හැදින්වෙන්නෙ.
Image may contain: 1 person

Heavy infentry එක මගින් පොඩි කරන සතුරාව cavalry මගින් වට කරල තලන එක තමයි ඇලෙක්සැන්ඩර් කරන්නෙ.



ඊට අමතරව ඔවුන්ට ඉන්නවා light cavalry එකක්. මේ ගොල්ල horse archers ලා. ගොඩක් speed. අපේ පාතාලේ බයිසිකල් අයියලා වගේ hit and run ගේම් ගහන්නෙ. මීට අමතරව සේනාව පිටිපස්සේ ම light infantry එකක.
Image may contain: horse
මේ හමුදාව ඉන්නෙ peak එකේ. ඔවුන් අව්රුදු ගානක් එකට fight කරපු අය. කන්නෙ බොන්නෙ පුහුනුවෙන්නෙ එකට.
අනෙක ඇලෙක්සැන්ඩර් කියන්නේ අනික් ජෙනරාල් වරුන්ට සාපේක්ෂව වෙනස. ඔහු හමුදාවෙ ඉදිරිපෙළ ඉදලා සටන් කරපු කෙනෙක්. ඔහු තමන් මෙහෙයවන්නෙ රජ්ජුරුවෝ නිසා නෙවෙයි සේනාවෙ දක්ශතම සෙනවියා නිසා බව ඔහුගේ හමුදාව දැනන් හිටියා. ඉතින් සේනව ඔහුට සැලකුවේ දෙයියොන්ට වගේ.

ඉතින් මෙවැනි හමුදාවක් එක්ක කයිබර් දුර්ගය හරහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට එනව

ඉන්දු ගග තරනය කරන ඇලෙක්සැන්ඩර් වර්තමානයේ තක්ශිලාවට පැමිනෙනවා. තක්ශිලාව පාලනය කරන්නෙ අම්බි කියන රජ්ජුරුවෝ. යුද්ධ කරල ඉල්ලන් කන්නෙ නැතිව ඔහු යටත් වෙනවා. ඇලෙක්සැන්ඩර් තක්ශිලාව තමන්ගේ බලකොටුව කරගන්නවා.

ඔහුගේ ඊලඟ ඉලක්කය වර්තමාන පන්ජාබ් ප්‍රාන්තයේ ජහහෙලම් ගග. නමුත් මේ ගග ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධ වෙන්නෙ හිඩැස්පස් ගග කියල. ඇලෙක්සැන්ඩර් මේ ගගේ මුල් ඉවුරේ කදවුරු බැදගන්න්නවා. එහා ඉවුරේ ඉන්නෙ පෝරියස් කියල රජකෙනෙක්. ඔහුට විශාල හමුදාවක් තියෙනවා. ඔහු නම් යටත් වෙන පාටක් නැහැ.

No automatic alt text available.

මෙතැනදී ඇලෙක්සැන්ඩර් ලොකු අමාරුවක වෙටෙනවා. මොකො ඉස්සරහට යන්න නම් ගග තරනය කරන්න ඕනේ. නමුත් එහෙම කලොත් එහා ඉවුර රකින පෝරියස්ගේ දුනුවායන්ට ගේමක් නැතිව සේනාව විනාශ කරන්න පුලුවන්. අනික දැන් ඉන්දියාවෙ මොසම් වැසි පටන් අරන්. කාන්තාරවල යුද්ධ කරල පුරුදු සේනාව අහනවා මේ මොන මගුලක්ද කියල.
තමන්ගේ සතුරාව පුදුම කරවලා නිරුපද්‍රිතව එහා ඉවුරෙන් මතුවෙන්නෙ කොහොමද.

ඔන්න දැන් තේරේවි ඇලෙක්සැන්ඩරට ලෝක ඉතිහාසයේ මෙච්චර තැනක් ලැබෙන්නෙ ඇයි කියල

මෝසම් වැසි පටන්ගෙන ගග දෙගොඩ තලා යනවා. දැන් ගේම තමයි සතුරාට නොදැන එහා ඉවුරට යන්නෙ කොහොමද කියල. ඇලෙක්සැන්ඩර් ගහනවා සුපිරි ප්ලෑනක්.

මුලින්ම ඔහු තමන්ගේ යටත්විජිතයන්ගෙන් විශාල ආහාර තොගයක් ගෙන්වා ගෙන ලොකු කදවුරක් ගහනවා. මේකෙන් ඔහු අගවනවා හතුරාට තමන් මෝසම් ඉවරවෙනකම් හදිසියක් නැහැ එගොඩ වෙන්න කියල.

අනික හැමදාම ඇලෙක්සැන්ඩර් රෑට තම මුලු සේනවම ඇරගෙන ගග දිගේ ඉහල පහ යනවා. ඔහු cross කරයි කියල බයේ පෝරියස් තමන්ගේ සේනවත් අරන් එහා ඉවුරේ ෆොලො කරනවා. නමුත් cross කරන්නෙ නැහ. ටික දවසක් මේක වෙන්ව පෝරියස් හරකා වගේ follow කරනවා නමුත් වෙන දෙයක් නැහ. ටික දවසකින් මිනිහට වැඩේ එපා වෙනවා. ඉතින් මිනිහ කරන්නෙ follow කරන එක පැත්ත්කින් තියෙල ගග දිගට watch post හදනවා. අනෙක ග්‍රීක කදවුරේ හැමදාම රෑට මහ සදදෙන් පාටි.

ඇලෙක්සැන්ඩර් මේ කරන්නෙ තම සේනව උඩ පල්ලෙහෙ යන එකයි රෑට කදවුරේ ඇසෙන සද්දයයි සතුරාට සාමාන්‍ය දෙයක් කියල හුරුකරවන්න. ඒක වෙනවා.

නමුත් එක රැට කුනාටුවක් මැද්දේ ඇලෙක්සැන්ඩර් තමන්ගේ සේනාවෙ කොටසක් අරගෙන cross කරනවා. මේ cross ,karanne පෝරියස්ගේ කදවුරට දකුනින්. නමු සේනාවෙ සැලකිය යුතු පිරිසක් තාම කදවුරේ.
ටික වෙලාවකින් පෝරියස්ට ආරන්චිය එනවා. මිනිහ වැටෙන්නෙ ලොකු අමාරුවක. ඇයි තමන් ඉස්සරහ කදවුරේ සේනවක් තාම ඉන්නවා. No automatic alt text available.

ඔහු දන්නෙ නැහැ cross කරේ ප්‍රදාන හමුදාවද කියල. ඔහු කදවුරේ ඉන්නෙ ප්‍රදාන හමුදාව වුනොත් පෝරියස් cross කරපු උන්ට ගහන්න ගියාම ප්‍රදාන හමුදාව ගේමක් නැතිව cross කරලා ඉන්දියන් කාරයොන්ට පිටිපස්සේන් ගහනවා. මේකට කියන්නේ pinning force එකක් කියල

ඔන්න පෝරියස් දෙලොවක් අතරේ තනි වෙලා. ඇලෙක්සැන්ඩරගේ ප්ලෑන් එක සුපිරි .
ඔන්න පෝරියස් stress එක මැද්දේ තමන්ගේ පලමු වැරැද්ද කරනවා. ආවාසනාවට ඒක් ඔහු කරන අවසාන වැරැද්ද නෙවෙයි

පෝරියස්ට තිතාගන්න බැහැ ප්‍රදාන හමුදාව cross කරපු සෙට් එකද තමන් ඉස්සරහ ඉන්න සෙට් එකද කියල.
මහාබාරතය බලලා ඉන්ණ අය දන්නවා ඇති ඉන්දියානු ච්තුරන්ගනී සේනාගැන. ඔවුන්ගේ strength එක යුද අත්තු සහ අස් රියවල්.

ඉතින් cross කරපු සේනාවට පහරදෙන්න පෝරියස් තමන්ගේ පුතා යටතේ තිබෙන chariots ටික යවනවා
මේ වෙලාවේ රැයක් පුරා මහා ගගක් cross කරල ඇලෙක්සැන්ඩර් හොදටම හැක් වෙලා ඉන්නෙ. ඔහු දකිනවා ඉදිරියට එන සේනවා. ඔහුගේ මුවට හිනාවක් එන්න ඇති. හොදටම වැහැල මඩ වෙච්චි ගන් ඉවුරකදි තමන්ට පහර දෙන්න එන්නෙ මොනාද? බරින් වැඩි chariots.
Image result for indian chariots

ඔහු අන දෙනවා තමන්ගේ horse archers ලට. මේ අය බරින් අඩුයි. මාර speed . One shot one kill. මඩගොහොරුවක කෙරෙන සටනකදි මේ වගේ fast unit එක්ක හැරෙන්නවත් බැහැ ඉන්දියානු chariots වලට. මඩේ ගිලුනු කරත්ත වල ඉන්දියාන් කාරයෝ ග්‍රීක ඊතල වලට ගොදුරු වෙන්නෙ duck hunt game එකේ වගේ.
පලමු සටනේදී පෝරියස්ට තමන්ගේ පුතාවයි chariots ටිකයි දෙකම නැතිවෙනවා. නමුත් ඔහු ගාව තියෙනවා ඇලෙක්සැන්ඩර්ව පුදුම කරන්න දෙයක්......

පැරනි ලෝකයේ යුද්ධ ටැන්කිය.... යුද්ධ ඇත්‍තු

පෝරියස් පොඩි රජෙක් කියෙන කතව බොරුවක් . ඔහුගේ පාබළ සේනාංකය පනන් දහසක් පමණ. ඇලෙක්සැන්ඩර්ගේ පාබළ සේනාංකය විසිදහසක් උනට්ග් ඒකෙන් කොටසක් ගගෙන් එහා. නමුත් ඇලෙක්සැන්ඩර්ගේ අශ්වාරෝහකයන් අසම සමයි. ඉතින් ඇලෙක්සැන්ඩරට ඕනැ මේ සටන පාබල හමුදා සටනකට වඩා අසරු සටනක් කරන්න. නමුත් ප්‍රශ්නය ඉන්දියානු අලි.
ඇලෙක්සැන්ඩර් තරම් යුද්ධ පිටියක් කියවන්න පුලුවන් පොරක් හිටියාද කියල සැකයි. ඔහුට තේරෙනවා මේක තිරිසනුන්ගේ යුද්දයක් කියල. සටනේදී තිරිසනුන් හැසිරෙන්න මිනිස්සු වගේ නෙවෙය. මිනිස්සුන්ට තෙලක් ගහල මොරාල් අප් කරල යවන්න පුලුවන් සත්ත්න්ට එහෙම බැහැ. සත්තු වේදනාවට සන්වෙදි, ඔවුන් අනතුරට බයයි. හැම වෙලාවෙම අනතුරක් මග හරින්න බලන්නෙ.

ඇත්තුන්ගෙන් වඩා හානි වෙන්නෙ තමන්ගේ මිනිසුන්ට වඩා අශ්වයින්ට බව ඔහුට වැටහෙනවා. අස්වයො අලින්ට බයයි. අලින්ගේ ගදට අප්‍රියයි. ඉතින් තමන්ගේ අශ්වයෝ ඉන්දියන් අලින්ගන් ඈත් කරල තියෙන තාක් තමන්ගේ පන බේරෙන බව ඔහුට වැටහෙනවා.

ඔහු ඉස්සරහ ඉන්නවා ඉන්දියානු හමුදාව. ඉදිරියෙන් දැවැන්ත අලි. කදුවගේ. ප්‍රච්න්ඩත්වයෙන් මොරදෙනවා. ඔවුන්ගේ දසුන වගේම ශබ්දය පවා බයන්කරයි. ඊට පිටිපස්සේ 50000පාබල හමුදාවක්. දෙපැත්තෙ අසරුවෝ.
තමන් කරන්න ඕනේ මොකකද කියල වැටහෙන්න ඇලෙක්සැන්ඩර්ට යන්නෙ සුලු මොහොත්‍යි
ඇලෙක්සැන්ඩර් අනදෙනවා ඔහුගේ horsemen archers ලාට පෝරියස්ගේ left flank එක ආරක්ෂා කරන අශ්වාරෝහකයන්ට පහරදෙන්න. උන්ගේ hit and run technique එක නිසා left flank එකේ අසරුවෝ උන් පසු පස්සෙ එලවනවා. නමුත් අල්ලගන්න බැහැ. ඒකෙන් වෙන්නෙ ඔවුන් ප්‍රදාන ඉන්දියානු හමුදාවෙන් වෙන් වෙන එක. දැන් ඇලෙක්සැන්ඩර් තමන් විසින් මෙහෙයවන සුපිරි අශ්වාරෝහකයන් යොදාගෙන වෙන් වෙච්ච් අයට පහර දෙනවා. ඇලෙක්සැන්ඩර් විසින් මෙහෙයවන්නෙ තමන්ගේ සේනාවෙ වම් අන්තය ආරක්ෂා කරන අශ්වාරෝහක සේනාංකයයි.
 
පෝරියස්ට තේරෙනවා තියෙන්නේ left flank එකට කෙලෙවෙනවයි කියල. ඔහු කරන්නෙ තමන්ගේ right flank එක ආරක්ෂා කරපු අශ්වාරෝහකයන් ඒකෙන් අයින් කරල left flank එකේ උදව්වට යවනවා.
Related image

මෙන්න මේක තමයි ඇලෙක්සැන්ඩර් බලාගෙන් හිටපු දේ. ඔහු බලාපොරොත්තුවෙන් හිටියා පෝරියස් මේ ගොන්කම කරයි කියල. දැන් right wing එක අනාරක්ෂිතයි.
ඇලෙක්සැන්ඩර්ගේ ‍right wing එක ආරක්ෂා කරන අශ්වාරෝහකයන් ගේමක් නැතුව සේනාව් පිටිපස්සේන් එන්වා. දැන් වෙලා තියෙනවා පෝරියස්ගේ මුලු අශ්වාරෝහකයන් ඔක්කොම ප්‍රදාන සේනවින් වෙන්වෙලා ඇලෙක්සැන්ඩර්ගේ සුප්‍රකට අසරු සේනාංකය විසින් වට කරලා තියෙන්නේ. ඊට පස්සෙ වෙච්ච් දේ ගැන කියන්න ඕනැ නැහැනේ. 
අසරුවෝ විනාශ උනාට පස්සෙ ඉන්දියානු හමුදාවෙ පැති දෙක හා පිටි පස්ස අනාරක්ෂිතයි. 
මෙන්න ඇලෙක්සැන්ඩර්ට ඕනෙ කරන යුද්ධය. අශ්වාරෝහකයො ඉන්දියානු හමුදාවට කඩාවදින්නෙ යක්කු ටිකක් වගේ.
නමුත් තාම යුද්ධය ඉවර නැහැ. ආසියෝ ටික තාම ඉන්දියාන් කාරයෝ ලග



තමන්ගේ දල ඇතුන් යොදාගෙන ඇලෙක්සැන්ඩර්ගේ අසරුවෝන්ට පහර දුන්නා නම් අශ්වයෝ සටන් බිම අතහැරලා දුවනවා. එහෙම උනානම් ඇලෙක්සැන්ඩර්ට ගෙදර යන්න වෙන්නෙ පෙට්ටියක. අවසනාවට පෝරියස්ට ඕක තෙර්න්නෙ නැහැ. ඔහු අන දෙනවා තමන්ගේ ඇත්තුන්ට ඇලෙක්සැන්ඩර්ගේ heavy infantry එකට පහර දෙන්න. (මතකනේ දෙවැනි කොට්සේ හිටිය ඉත්තෑවා)


හිතන්න එදා ඇලෙක්සැන්ඩර්ගේ front line එකේ හිටිය එකෙක්ට පේන්න ඇත්තේ මර හඩදීගෙන තමන්ට ගහන්න එන සද්දන්තයෝ.
නමුත් ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව වසර ගානක් යුද පිටියේ ලේ හලපු හා ලේ හොල්ලපු අය. ඔවුන් හිතන්නේ ඇලෙක්සැන්ඩර් දෙවියෙක් කියල. තම අදිරාජ්‍ය වෙනුවෙන් මැරෙන්න තමයි ඔවුන් හීන දකින්නේ. (තෙලේ තරම තමයි). 
ඉතින් අලින්ට වෙන්න්වෙ මහා හෙලි ගොඩකට පහර දෙන්න. මුල් ටිකේ ඇත්තු කාගෙන යන්න ඇති. නමුත් එක පේලියක් වටෙද්දි තව හෙලි පේලියක් ඊට පස්සෙ තව පේලියක්. ඊටපස්සෙ තව පේලියක්. මේ මොන මගුලක්ද කියල අලින්ට හිතෙන්න ඇති. වෙනදාට ඔවුන්ට මෙහෙම resistance එකක් එන්නෙ නැහැ. ඒ අතරේ ඇලෙක්සැන්ඩර්ගේ light infentry එක ඊතල , ජවලින් වර්ගයේ හෙලි හා කැටපොල වලින් අලින්ට හා ඇත්ගොව්වාන්ට පහර දෙනවා.විශෙශ්යෙන් අලින්ගේ ඇස් වලට. ටික වෙලාවකින් අලින්ට වැඩේ එපා වෙනවා. ඔන්න තිරිසන් ගති එනවා. ඉස්සරහට ගියොත් වේදනාව. පස්සෙ එච්චර අවුලක් නැහැ .
ගොඩක් අලි මැරෙනවා light infantry ප්‍රාහාරයෙන්. ඉතිරි අලි ටික ආපහු හැරිලා දුවනවා. අවාසනාවකට ඒ දුවන්නෙ තමන්ගේ සේනාව උඩින්.
දැන් ඉන්දියානු හමුදාව තුන්පැත්තකින් අශ්වාරෝහකයන් ගෙන් වටවෙලා ඉස්සරහින් පාබළ සේනාංකයෙන් වටවෙලා. වැඩේ තවත් දෙල් වෙන්න අර ගගෙන් එහා පැත්තෙ හිටපු සෙට් එක ඔන්න එගොඩ වෙලා එනවා වැඩෙට සෙට්වෙන්න.Image may contain: outdoor
උඩ ඉදලා බැලුවොත් බලන කෙනෙක්ට මේක පේන්නෙ දැවැන්ත මලපුඩුවක් වගේ. මේ මල පුඩුව මැද්දේ ඉන්දියානු හමුදාව කෑලි වලට කැපෙනවා. එහෙම කැපෙන්න කැපෙන්න මලපුඩුව තවත් තද වෙනවා.
දවල් වෙද්දී යුද්ධය ඉවරයි. ඇලෙක්සැන්ඩර් පවා තුවාල වෙලා. පන පිටින් අල්ලාගත් පෝරියස් ඇලෙක්සැන්ඩර් ගාවට ගේනවා. කොච්චර මෝඩයෙක් උනත් නිර්භීත කම අතින් පෝරියස් අසම සමයි.
මෙතන තමයි අර සුප්‍රකට සන්වාදය වෙන්නෙ

ඇලෙක්සැන්ඩර් - මන් උබට කොහොමද සලකන්න ඕනැ
පෝරියස්- මට රජෙක්ට වගේ සලකපන්
ඇලෙක්සැන්ඩර් පෝරියස් ගැන ඉතා පැහැදෙනවා. කතාව පෝරියස් ඔහුගේ ප්‍රාදේශීය පාලකයෙක් උනා කියල.

මේ වෙද්දී ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට එපා වෙලා ඉන්නෙ. ලොක්කගේ හීනේ පස්සෙ ගියොත් උපයා ගත්ත දන සම්බාරය තියෙද්දි නිකන් මැරිලා යන්න වෙන්නෙ. අනික ගෑනු ගමේ මොනා කරනවාද දන්නෙ නැහැ. ඔවුන් ඇලෙක්සැන්ඩර්ට කියනවා ආපහු ගිහින් ජොලියේ ඉමු කියල. ඇලෙක්සැන්ඩර්ටත් තේරෙනවා දැන් අති කියල. උතුරු ඉන්දියාවෙ මගදයට ඉහල කොටස තම අදිරාජ්‍ය් වෙනුවෙන් ආරක්ෂා කරගන්න ඇලෙක්සැන්ඩර් ආපහු මව් රට කරා යනවා.

මේකෙදි ලස්සම වැඩේ මගදයෙර්. මේ වෙද්දී පාලනය කරන්නෙ නන්ද රාජ වන්ශය. ඔවුන්ගේ හමුදාව සුවිශාලය. ඇත්තුම දෙදාහක්. නමුත් ඇලෙක්සැන්ඩර් කොච්චර දුර්වල වෙලා වෙදි උනත් ඔහුගේ පාලනයේ පැවති උතුරට පහර දෙන්න තරම මගදයට ගටක් එන්නෙ. නැහ. කොටින්ම එම ප්‍රහාරය එල්ල වෙන්නෙ ඇලෙක්සැන්ඩර් මැරිලත් අව්රුදු ගානකට පස්සෙ. එතකොට නන්ද රාජ වන්ශයත් ඉවර වෙලා

මේ සටන පෙරඅපර දෙදිග යා කරපු දෙයක්. පහු කාලීනව කුශාන සමයේ බිහිවෙච්ච් බුදු පිලිම. ග්‍රීක පෙරදිග සමබනදවලට මුල මෙතැන.

නන්ද රාජවංශය වැටුනට පස්සෙ රජවන මගදයේ විශිශ්ඨතම රජු වුනචන්ද්‍රගුප්තට තෙරෙනවා වුර්තීමය හමුදාවක වැදගත්කම. ඔහු තමාගේ සේනව reform කරද්දි මේ සටන ආදර්ශයට ගන්නව. ඊට ප්ස්සෙ ඉන්දියානු හමුදාවල chariots සෑහෙන්න අඩුවෙනවා.

එතකොට අපේ වීරයාට මොකද වෙන්නෙ.

ආපහු යන ගමනේදි ඇලෙක්සැන්ඩර් මෙසපොටේමියාවට එනවා එහෙදී ඔහුට මැලේරියාව වැලදෙනවා.
ලොව විශාලතම තනි අදිරාජ්‍ය් ගොඩ නගපු විශිශ්ඨතම රනශූරයා අව්රුදු 32දී අවාසනාවනත විදිහට මිය යනවා.
මේ ලෝකෙට පාලකයා වෙච්ච්
ඔහු තම මල ඇදදී ඉල්ලිමක් කරනවා. ඔහුගේ මලකද ගෙනියද්දි අත්දෙක දෙපැත්තටම දාන්නත් පාර දෙපසම රන් කාසි අතුරන ලෙසත්

" එවිට ලෝකයා දැනගනිවී ලෝකයේ පාලකයාට ආපහු යද්දි මොකුත් ගෙනියන්න බැරි උනා කියල "

කව්ද දන්නෙ සමහරවිට උතුරු ඉන්දියානු බුදුදුහමේ අබාශය ඔහුට ලැබෙන්න ඇති.
ඇලෙක්සැන්ඩර්ගේ මරනයෙන් පස්සෙ ඔහුගේ අදිරාජ්‍ය් කෑලි කෑලි වලට කැඩෙනවා. එච්චර විශාල අදිරාජ්‍යක් පාලනය කරන්න පුලුවන් තරම් පව්‍රශයක් පුද්ගලයෙක් ආයේ බිහිවෙන්නෙ නැහැ.
ඔබට ඇලෙක්සැන්ඩර්ගේ බුද්දිමත් බාවය බලන්න ඕනැ නම්, පලවෙනි ගල්ෆ් යුද්ධයෙ ground war plan එක study කරන්න. අව්රුදු 2000ට පස්සෙත් ඔහුගේ battle plans හරි ප්‍රායෝගිකයි.

ලිපිය Hosanda WeerasekeraImage may contain: 1 person

1 comment:

  1. වටින ලිපියක්, ඔක්කොමත් හොඳයි, හැබැයි ඔය ඉන්දියන් කාරයන්ට "ලොකු අයිය", "අපේ බලවත් අසල්වැසිය" වගේ කියන ඒව නවතමු. ඉන්දියාව කියන්නෙ පඩේකටවත් ගණන් ගන්න ඕනෙ නැති රටක්, මෙහෙම ඒව ඇහීමෙන් වෙන්නෙ අපේ උන් තව තවත් ඉන්දියාවට දී ගෙන තව තවතින්න පුරුදු වෙන එක. ඉන්දියාවෙත් අනිත් රටවල වගේම ගත යුතු දේවල් ඇති, ඒ උනාට මෙහෙම නිකන් අනවශ්‍ය ගෞරවයක් දෙන්න තරම් රටක් නම් නෙමෙයි.

    ReplyDelete