Showing posts with label මම බලපු ෆිල්ම් ගැන හිතිච්ච. Show all posts
Showing posts with label මම බලපු ෆිල්ම් ගැන හිතිච්ච. Show all posts

Tuesday, January 26, 2016

Bridge Of Spies ෆිලුම ගැන

Bridge Of Spies ඇත්තටම අපුරු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය නැරබිමේදී මට මගේ ගැනම කල්පනා කරන්න බොහෝ දේවල් තිබුන. මිනිසුන් විදියට අපේ සිතුම් පැතුම් කොයි වගේද? අපි සතුරෙකු දිහා බලන්නේ කොහොමද? ඒ කාර්යම සිදු කරන අපේ මිනිසුන් දිහා අපි බලන්නේ කොහොමද? ඒ වගේම තමන්ගේ වෘතිය ගරුත්වය රකින්නේ කොයි විදියටද?
සිතල යුධ සමයේ කතාවක් විදියට දිග හැරෙන මෙහි ජර්මනියේ ප්‍රසිද්ද තාප්පය ගොඩ නැගෙන හැටි සහ ඒ පරිසරයද අපුරුවට පෙන්නුම් කරනවා. මෙම චිත්‍රපටයේ නීතිඥ James Donovan ගේ චරිතය රගන මගේ ආසම නළුවෙක් වෙච්ච Tom Hanks සහ රුසියන් ඔත්තුකරු ගේ චරිතය රගපාන Mark Rylance ගේ රංගනයන් නම් අපුරුයි. මේ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඉන්නවද? එහෙනම් දැන්ම බලන්න.
අවසාන වශයෙන් මෙහෙම කියන්නම් කිහිප තැනකදීම සිදු වෙන කතා බහක්. රුසියන් ඔත්තුකාර කැප්ටන්ගේ ජිවිතේ තීරණාත්මක අවස්ථා කිහිපයකදී නීතිඥතුමා අහනවා "කැප්ටන් ඔබට බයක් නැද්ද?" කියල. එතකොට කැප්ටන් අහනවා "එකෙන් වැඩක් වේවිද" කියල. ඒ හැගීම නම් සුපිරියට ඔහුගේ මුහුණෙන් පිලිබිඹු වෙනවා. එහෙනම් ආයේ කිව්වා ඔන්න බැලුවේ නැත්නම් බලන්න.