Showing posts with label Malin Sadeepa Rathnayaka‎. Show all posts
Showing posts with label Malin Sadeepa Rathnayaka‎. Show all posts

Thursday, January 28, 2016

විදුලි පුටුව

ඔන්න මචන්ලා කරටි කැඩෙන්න ගහලා කොල්ලො තුන්දෙනෙක් පිස්සු කෙලියා කියලා සවුදි පොලීසියෙන් පොරවල් තුන අල්ලලා බොරු වැරදි පටවලා දෑන් තුන් දෙනාවම විදුලි පුටුවේ තියලා මරන්න හදනවලු..
දෑන් පලවෙනි පොර ගෙනල්ලා ඉන්දෙව්වලු පුටුවේ..ඉන්දලා කිව්වාලු " ඔබට අවසාන වශයෙන් කියන්න තියන දෙයක් තියනවනම් කියන්න කියලා"එතකොට පොර මෙහෙම කිව්වලු..


"මම එංගලන්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්යාලේ දේව ධර්මය පිලිබද උපාධියක් ලෑබුවා.මම නිර්දෝෂියි.මම දන්නවා දෙවියන් වහනසේ මාව ගලවා ගන්නවා" කියලා කිව්වලු.

එහෙම කියලා ඉවර වෙන කොටම විදුලි පුටුවේ ස්විච් එක දෑම්මලු.අම්මටසිරි වැඩේ කියන්නේ බඩු වැඩ කරේ නෑලු.කට්ටිය ෆුල් හොල්මන් උනාලු..විදුලි පුටුව වැඩ කරේ නෑති නිසා ඉතින් සමාව දුන්නලු.

දෑන් ඉතින් දෙවනි පොර ගෙනල්ලා ඉන්දලා කිව්වලු කැමති ප්‍රකාශය කරන්න කියලා..ඉතින් පොර මෙහෙම කිව්වලු.
"මම ලන්ඩන් විශ්ව විද්යාලේ නිතිය පිලිබද උපධියක් ලබා තිබෙනවා.මම නිර්දෝෂියි.යුක්තියේ නාමයෙන් මා ගැලවෙන බව මට විශ්වාසයි " කියලා කියන කොටම ආපහු පුටුවේ ස්විච් එක දෑම්මලු.
කිරි අප්පට මෝටර් ගහන්න මෙන්න බොලේ ඒ පාරත් පුටුව වැඩ කරේ නෑලු.කට්ටිය ෆුල් අන්ද මන්ද වෙලා පොරව ඉක්මනට එතනින් නෑගිට්ටවලා සමාවෙන්න කියලා පොරවත් නිදහස් කරාලු.


දැන් ඉතින් ඔන්න අන්තිමයා ගෙනල්ලා පුටුවේ ඉන්දෙවුවලු.පොරටත් කිව්වලු අන්තිමට කියන්න තියන දේ කියන්න කියලා.දෑන් පොර මෙහෙම කිව්වලු.
"මම ලංකාවේ මොරටුව විශ්ව විද්යාලේ විදුලි ඉංජිනේරු පිලිබද උපාධියක් ලබා තිබෙනවා.මට කියන්න තියන්නේ අවසාන වශයෙන් උබලා වගේ ගොන් හරක් මේ පුටුව ක්‍රියාත්මක කරන විදිහ වැරදීයි යකෝ. අතන ගහන වයර් දෙක තොපි හැමතිස්සෙම ගෑහුවේ මාරු කරලා ඒකයි මේක වැඩ කරන්නේ නැත්තේ කියලා..

කතාව 
Malin Sadeepa Rathnayaka
 ගෙන්