Tuesday, February 16, 2016

එක්ටා එපා සීපා එපා


ඔන්න අපේ ලංකාවෙ ඉස්සර බස් බොඩි ගැහුවා
ඒකල - වේරහැර - කැප්පෙටිපොල - කහගොල්ල වගෙ වැඩපොලවල් තිබුනා
මේවායෙ මාසෙකට බස් 10-15 ව බොඩි ගැහුවා
විජේතුංග වේරහැර රවී වෙත්තසිංහගෙ ලටෙක් එකට දුන්නා
ඒකල සෙලින්කෝ ද කොහෙද දුන්නා
ඒ අස්සෙ ඩිමෝ එකත් පටන් ගත්තා
ලටෙක් එක මාසෙට 10 ක් විතර බොඩි ගහපු වැඩ පොලේ දවසට 10 - 15 ව එලියට දාන්න ගත්තා
දැන් අපේ උන්ට වැඩ වැඩියි
OT තිබ්බට හුස්ම ගන්න බැරි වෙන්න වැඩ
දැන් කෑ ගහනවා ලටෙක් විකුනුවා කියලා ජාතික වස්තු රවී වෙත්තසිංහලට දුන්නා කියලා
රාවය වගෙ පත්තර පිටු ගනන් ලියනවා - අර පරන ඇල්බියන් බස් වල අමතර කොටස් පංචිකාවත්තට විකුනපුවා ගැන
ඒවත් ජාතික වස්තු වෙලා
කොහොම හරි 94 රෙ ආණ්ඩු පෙරලීමටත් මේ ලටෙක් එකේ වැඩියෙන් නිශ්පාදනය කරවීම හේතුවක් උනා
ඊට පස්සෙ නොනවත්වා ස්ට්‍රයික් කලා
ලටෙක් යන්න ගියා
ආපහු වේරහැර ලංගමට අයිති උනා
අන්තිමටැ එක බස් එකක් බොඩි ගහන්නෙ නැතුව ගියා
අද 100% ක් ඉංදියාවෙ බොඩි ගහපු බස් එන්නෙ
-----------------------------
දෙවැනි කතාව
සිසිල් ෆ්‍රිජ් එක ලංකා නිශ්පාදනයක්
ඒකට ඉස්සර වේටින් ලිස්ට් ඉන්න ඕන ගන්න
77 දිත් ෆ්‍රිජ් ගේන්න අවසර දුන්නෙ නෑ
සිසිල් තියා ගන්න
වේටින් ලිස්ට් එක මාස 6 උනා
සිසිල් නිශ්පාදනය වැඩි කලා
OT වැඩි උනා
සේවකයො ඩිමාන්ඩ් කලා
පඩි වැඩි කලා
OT එක්ක ගානට වඩා පඩි වැඩි උනා
දැන් ඌ ටී වැඩක් නැති උනා
දවසට 20 ක් විතර ගහපු කොම්පැනියෙ - නිශ්පාදනය බාගෙට බැස්සා
මිල ඉහල ගියා
පෝලිම අවුරුදු 2 ක දක්වා වැඩි උනා
ආණ්ඩුවට පියවරක් ගන්න උනා
සිංගර් එකට ෆ්‍රිජ් හදන්න දුන්නා
උන් ඉංද්යාවෙ ගොඩ්‍රිජ් එක කෑලි දෙකට තුනට ගෙනත් මෙහෙ හයි කලා
අන්තිමේ ඒකත් මදි වෙලා - ආනයනය විවෘත කලා
අන්තිමේ
සිසිල් වැහුනා - සිගර් නම ගත්තා
අද පිටින් ගෙනත් සිසිල් නම ගහනවා
----------------------------
ඔන්න ඔහූමයි අපේ වෘත්තීය සමිති ඉස්සර සීපා ක්‍රියාත්මක කෙරෙව්වෙ...

ලිපිය  Subhaga Herath
 

No comments:

Post a Comment