Showing posts with label කතිකාවතට. Show all posts
Showing posts with label කතිකාවතට. Show all posts

Monday, March 20, 2017

PINK චිත්‍රපටයේ Jeene de Mujhe (ජීනේ දේ මුජේ - මට ජිවත් වෙන්න දෙන්න)..... ලිපිය නීල් ගුණවර්ධන

මීට දවස් කීපයකට කලින් ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවා. ඒ මාර්තු මාසේ 8 වෙනිදා. වැලන්ටයින් දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, සාහිත්‍ය මාසය ඔය කොයි දිනයත්, මාසයත් වගේ ජාත්‍යන්තර කාන්තා දිනයටත් මේ වෙද්දී වෙළඳ වටිනාකමක් ඇවිත්. මම එහෙම කිව්වේ, මාසේ පටන් ගත්ත දවසේ පටන් මේ වනතෙක් අහන්න දකින්න ලැබෙන දැන්වීම් කන්දරාව නිසා. මුළු මාසෙමත් මේවා අපිට අහන්න තියෙයි. කාන්තාවටම විශේෂිතවූ ගිණුම්, කාන්තාවන්ටම විශේෂිතවූ වට්ටම්, තෑගී, විවිධ වැඩසටහන් මේ ආකාරයේ බොහෝ වැඩසටහන් ගොඩයි. මාකටින් බොහෝයි. ලාබ ලැබීමේ බලාපොරොත්තුවෙන් ඇති කරලා තියෙන ඕනෑම ආයතනයක් ඉතිං තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජනයට ගන්නවා තමයි කියල ඔබ හිතයි. මට හිතෙන්නේ; කාන්තාවම වෙළඳ භාණ්ඩයක කරගත් සමාජයක කාන්තා දිනය ගැන කවර කතාද කියල. ඉතිං මේ ගැන හිත හිත ඉන්නකොට තමයි ගිය සතියේ දවසක මම ‘PINK’ චිත්‍රපටය නැරඹුවේ. මගේ යාලුවෙක් කියපු විදියට මම ඒක බලන්නත් ගොඩක් පරක්කුයි. මොකද චිත්‍රපටය නිකුත් වුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ.

කොහොමහරි මේ චිත්‍රපටය මගේ හිත ඇතුලේ සංවාදයක් ගොඩ නගන්න සමත් වුණා. මාර ලස්සනයි කියන්න පුළුවන් චිත්‍රපටයක් නෙමෙයි. නමුත් මාර සංවාදයක් අප තුළම ගොඩනැගෙන, මාර පීඩනයක් හිතට එන, නමුත් අවසානය සුබ වෙච්ච චිත්‍රපටයක්. මේචිත්‍රපටයේ එන විදියට අපේ රටේ, ලෝකයේ කාන්තාවටත් අවසානයේදී හරි සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල අපි හිටියත් ගොඩක් වෙලාවට අපිට සැබෑ ලෝකයෙදි නම් එහෙම වෙනවා පේන්නේ නැහැ. චිත්‍රපටයේ තේමා ගීතයට මගේ අවධානය යොමුවුණේ. මට හිතුණේ චිත්‍රපටයේ මුළු තේමාවම ගීතයේත් තියෙනවා කියල.

ඉතින් කාන්තා දිනය ගැන කතා කරලා පටන් ගත්තේ ‘PINK’ කියන්නේ රෝස පාට. රෝස පාට සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ ගැහැණියව / කාන්තාවව. චිත්‍රපටයේ තේමාවත් කාන්තාව. සමාජය කාන්තාව දිහා බලන විදිහ. ඒකට කාන්තාව වැරදි නැහැ කියන එක. ඇයටත් නිදහසක්, නිදහසේ සිටීමට, ස්වාධීනව ජීවත් වීමට අයිතියක් තියෙනවා කියල කතා කරන චිත්‍රපටයක් ‘PINK’ කියන්නේ.
‘PINK’ අධ්‍යක්ෂණය කලේ ශුජිත් සිර්කා, චිත්‍රපටය නිෂ්පාදනය කලේ රශ්මි ශර්මා, රොනී ලහිරි සහ ශිල් කුමාර් කියන නිෂ්පාදකවරු. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සංගීතඥයන් කීපදෙනෙක් අතින් සිදු වෙනවා. මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය, පද රචනය සහ ගායනය ෆයිසා මුජාහිඩ් විසින්; චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ; අමිතාබ් බච්චන්, තප්සි පානු, කිර්ති කුල්හාරි, අන්ද්රියා තාරියාන්ග් යන නළු නිළියන්. චිත්‍රපටය ගොනුවෙලා තියෙන්නේ දිල්ලි නගරය ආසන්නව තනිව ජීවත්වන තරුණියන් තුන්දෙනෙක් සහ යම්කිසි අවස්ථාවකදී ඔවුන් තම ආත්මාරක්ෂාව මත ගතිපු තීරණයක් නිසා අනෙක් පාර්ශවයේ තියෙන බලවත් කම මත ඔවුන්ට ඇතිවෙන ඉරණම සහ ඒ ඉරණම වෙනස් කරන්න උසාවියට සත්‍ය පහදලා දෙන නීතිඥයෙකු වටා. අරුතේ අරමුණ චිත්‍රපටිය ගැන කතා කිරීම නොවන නිසා මම මීට එහාට චිත්‍රපටය ගැන කියන්නේ නැහැ. කෙලින්ම ගීතයට යන්නම්. ඒත් ඔබ තවමත් නරඹා නැතිනම් ‘PINK’ නරඹන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා

ගීතය: 
Jeene de Mujhe (ජීනේ දේ මුජේ - මට ජිවත් වෙන්න දෙන්න).....

Yaar
Hat ja zara
Dekh le
Main hoon yahaan

මිතුර, මදකට පැත්තකට වෙන්න, බලන්න මෙතන මම ඉන්නා බව නොපෙනේද?

Meri zindagi hai
Yeh mera jahaan
Tu samjhe yahaan
Tu hi hai badshaah

මේ මගේ ජීවිතය, මේ මගේ ලෝකය...ඔබ හිතන්නේ මේ ලෝකයේ අයිතිකරු ඔබ කියාද?

Jeene de Mujhe
Tu jeene de
Zindagi ka jaam tu peene de

මට ජිවත් වෙන්න දෙන්න, ඔබ මට ජිවත් වෙන්න ඉඩ දෙන්න, මට ජීවිතය රස විඳින්න දෙන්න

Jaisi bhi hoon mujhko
Tu rehne de
Dil mein jo hai
Woh ab kehne de

මම මොනවගේ වුනත්, ඒ විදියට මට ජිවත් වෙන්න දෙන්න
මගේ හදවතේ ඇතිදේ මට දැන් කියන්න දෙන්න

Tujhe kya pata
Meri dil mein hai kya
Jo keh doon toh
Tham jaayega yeh sama

මගේ හදවත කියන්නේ කුමක්ද කියා ඔබ දන්නේ කොහොමද
මගේ හදවතේ තිබෙන දේ කීවොත්, ලෝකය ගල් ගැසේවි (කාලය නවතීවි)

Saath hai mere khuda
Tu samjhe khud ko kya

දෙවියන් මා සමඟයි... ඔබ කවුරුන් කියාද ඔබ සිතාගෙන ඉන්නේ

Zamaane ki parvaah
Na mujhko yahaan
Tu bhool gaya mujhse hai Yeh jahaan

මට මේ ලෝකය කියන දෙයින් වැඩක් නැත...මේ ලෝකයේ පැවත්ම මං නිසා සිදු වෙන බවද ඔබ අමතක කොට ඇත...

ගීතයේ අරුත හරිම කෙටියි. ඒත් ඒකෙන් ලොකු පණිවිඩයක් දෙනවා. මේකේ ‘මම’ කියල හඳුන්වන්නේ චිත්‍රපටයේ එන චරිතයක් නෙමේ. ‘මම’ කියල හඳුන්වන්නේ ‘ගැහැණිය’. අපි දන්නවා මේ සමාජයේ ගැහැණියකට තරුණ දියණියකට තියෙන සමාජ සීමාවන්....ඒවා බොහෝයි. දැන් දැන් වෙනස් වෙමින් යනවා වගේ පෙනුනත්. තරුණියකට කොටට ඇන්දහම පිරිමි ළමයෙක් විහිලු කලොත් වැරැද්ද කොට ගවුම ඇඳපු තරුණියගේ, කාන්තාවක් තනියම ජිවත් වුණොත් ඒක පිරිමියෙක් සමඟ ඕනෑම වෙලාවක ලිංගිකව එක්වෙන්න සුදානමින් ඉන්නවා වගේ බලන එක, මත්පැන් වගේ දෙයක් පානය කරන ගැහැණිය දිහා වපර ඇහෙන් බලන එක, රැකියාව හින්ද රෑ වෙලා නිවසට එන ගැහැණිය ගේ චරිතය අපවිත්‍ර යයි සිතන එක, මේ වගේ ගොඩක් අපේ සමාජයේ මුල් බැසගත්...කාන්තාවක් නොකළ යුතුයි කියල මුල් බැසගෙන තියෙන ආකල්ප. ඒ වගේම ඒවා පිරිමි කරනකොට ඒක බොහෝවිට ‘පිරිමිකම’ නිසා කරන වැඩක් හැටියට හඳුන්වන එක. පිරිමියාව නාවල ගෙට ගන්න විතරයි තියෙන්නේ කියන ආකල්පය.

මේ වගේ දේවල් දැන් අපේ සමාජයෙන් තුරන් වෙන්න කාලය ඇවිත්. මේ සීමාවන් මඟින් අපි රාමුකරන්නේ ලස්සනට ගෙවන්න තියෙන ජීවිතයක් කියන එක අපිට අමතක වෙනවා. ලස්සනට අඳින්න, නිදහසේ ඉන්න, කැමති රැකියාවක් කරන්න, හොඳින් කන්න බොන්න සමාජ ජීවිතයක් ගතකරන්න ගැහැණියත් කැමතියි. යම්කිසි මනුස්සයෙක් සතුටු විය යුතු, නිදහසේ සිටිය යුතු සීමාව මොකද්ද කියල තීරණය කරන්න වෙනකෙනෙක්ට නැතිනම් සමාජයට බැහැ. නමුත් සමාජය එහෙම එකක් අතට අරන් තියෙනවා. අපි ඒකට සංස්කෘතිය කියලත් නමක් දාගෙන ඉන්නවා. හැබැයි තියෙන ප්‍රශ්නේ මේ කතාව පිරිමියාට මාරුවෙද්දී වෙනස් වෙන එක.

මේ ගීතයෙනුත් කියන්නේ ඒකයි. ගැහැණියට නිදහසේ ජිවත් වෙන්න දෙන්න. ඇය ජිවත් වෙන්න ඕන විදිය මොකද්ද කියල තීරණය කරන්න ඔබ කවුද? කියන එකයි.

තව ටිකක් එහාට හිතුවොත්, ගැහැණියකට කෙනෙක් බලෙන් ලිංගික ක්‍රියාවලියක යෙදුනත් ‘දුෂණය’ වුණා කියන්නේ ගැහැණියව. එතකොට අර බලහත්කාරය කරපු කෙනා ඊට කලින් හැඟීම් සහ සිතුවිලි වලින් මානසිකව දුෂණය වෙලා. තමන්ට අකමැති කෙනෙක්ට බලහත් කාරකමක් කරපු නිසා ඊට පසුව ශාරීරිකවත් දුෂණය වෙලා කියල තමයි මට නම් හිතෙන්නේ. එහෙම බැලුවහම ගැහැණිය එක පාරක් දුෂණය වෙනකොට පිරිමියාව දෙපාරක් දුෂණය වෙනවා. බස් එහෙක යනකොට ජැක් එකක් ගහන එක, පාරේ යනකොට පිරිමි ළමයි විසිල් ගහන එක විහිලු කරන එක, රැකියාවක් ගන්න, රැකියාවේ රැඳෙන්න විවිධ ලිංගික අල්ලස් දෙන්න සිද්ධ වෙන එක, ගෙවල් වල තමන්ගේ ස්වාමියාගේ අතින් හිංසනයන්ට ලක්වෙන එක....මේ හැම එහෙකටම ගැහැණිය මුහුණ දෙන්නේ කැමැත්තකින් නෙමේ. මේවා ලොකු පීඩනයක් ඒවාට ලක්වෙන කෙනාට සහ ඒවා අහන්න දකින්න ලැබෙන අයටත්. මේවාට එදිරිව නිතිය ඉස්සරහට ගියත් බොහෝවිට වැඩක් වෙන්නේ නැහැ. සහ හිංසනයන්ට ලක්වූ කාන්තාවන් ගැන තරුණියන් ගැන සමාජයේ තිබෙන ආකල්ප හේතුවෙනුත් මේවා නීතිය ඉදිරියට යන එකත් සිදු වෙන්නේ බොහොම අඩුවෙන්. යුක්තියට ගරු නොකරන නීතියක් බොහෝවිට ප්‍රායෝගිකව උපයෝගී වන රටක, වින්දිතයාට සාධාරණය ඉෂ්ඨ නොවෙන අවදියක අපි ඉන්නේ.

මම මේක කියවන මේ සමුහයේ සහෘදයින්ගෙනුත් ඉල්ලන්නේ....හැමවෙලේම හිතන්න...... මේ ප්‍රශ්නය සංයුක්තව බැලුවහොත් අපට තේරුම් ගත හැකියි, කාන්තාවකට කාන්තාවක් වුනු නිසාම සමාජයෙන් පීඩාවක් තියෙන බව වගේම, පොදු වේ සමාජයේ ආර්ථික සමාජ පීඩනයට පුරුෂයාද හසුවී ඇතිවග. ඉතින් ඔහු මේ පිට කරන්නේ ඒ පීඩනය වෙන්න පුළුවන්. රැකියාවක් නැති තරුණයා බෝක්කුව උඩ, මහපාරේ නිකරුනේ කාලය ගත කරන එක, තෘප්තිමත් නැති ලිංගික ජිවිත ඒ තෘප්තිය විවිධාකාර තාවකාලික ක්‍රම වලින් හොයන එක, තමන්ට අහිමිවූ බලය දුර්වලයාට පෙන්වන එක, වගේ කරුණු මේ පිටුපස තියෙන්න පුළුවන්. මේවාට විසඳුම් ද අපි සෙවීමට පෙළඹී ඇත්තේ තනි තනිව නිසා බොහෝවිට අපිට හමු වන්නේද තාවකාලික විසඳුම්. නමුත් අප කළ යුත්තේ සැවොම එකතුවී මෙවැනි අවභාවිතයන් සමාජයෙන් තුරන් කොට දැමීමයි.
මොහොතක් සිතන්න .......ඔබට මේ ලෝකය තුළ නිදහසේ ජීවත්වීමට කොපමණ අයිතියක් ඇතිද...එම ප්‍රමාණයේම අයිතියක් අනෙකාටද ඇති බව.

ලිපිය නීල් ගුණවර්ධන

No automatic alt text available.

Wednesday, November 30, 2016

===මඩකලපුවේ සැබෑ තත්වය කුමක්ද..??=== චමල් අකලංක


කවුද හාමුදුරුවනේ මේ ගම්වල ඉන්නෙ.. ?
යුද්ධෙ කාලෙ ගම් අතෑරලා ගිහින් ආයෙ උපන් ගම් වලට ආව මිනිස්සු ඉන්නෙ.. ඒමිනිස්සුන්ට හරියට කන්න ටිකක් නෑ.. ඉන්න ගෙයක් නෑ මහත්තයො..
රජයෙන් මුකුත් කරන්නැද්ද ඉතින්..?
මොන පිස්සුද මහත්තයො. උප්පැන්නයක්.. අයිඩින්ටියක් නෑ.. පදිංචිය තහවුරු කරලා ලියුමක්වත් දීලා නෑ තාම හිටපු එක ආණ්ඩුවක්වත්..
මහින්ද මහත්තයා මුකුත් කළේ නැද්ද යුද්ධෙ ඉවර උනාම..?
(උපහාසයෙන් ) කිසිම දෙයක් කළේ නෑ.. බැලුවෙවත් නෑ මේ සිංහල මිනිස්සු දිහා..
මේ මිනිස්සු ලංකාවෙ පුරවැසියො මහත්තයො.. ඉතින් අපි ඡන්ද අයිතිය ඉල්ලලා පාරට බැස්සම ජනාධිපතිවරණේ කාලෙ මේ සිංහල මිනිස්සුන්ගෙ ඇඳුම් ගලෝලා මහපාර මැද්දෙ ගැහුවෙ එයා.. මම දෙතුන් පාර හම්බෙන්න හැදුවා,. බලෙන් කතා කලා.. බැලුවෙවත් නෑ...
එතකොට දැන් ඉන්න අය මොකක්ද කළේ.. අර ඉස්සරහ පලකෙ තියෙන්නෙ සිරිසේන මහත්තයගෙ නමනෙ..??
( නැවත සිනාසී ) පන්සලට එන්න කියලා ආරාධනා කරලා මෙතෙන්ට ගාඩ් එකත් දැම්මා.. තදට වැහැපු හින්දා එන්න බෑ කිව්වා... මං තව ටික දවසක් බළලා ඕක පෙරළලා දානවා.. ( මේ ළඟදී කුළුගෙඩියකින් ගසා කුඩු කර දැම්මේ ඒ ඵලකයයි )
එතකොට බොදු බල සේනා වගේ සංවිධාන ?
ඒවත් එහෙම තමයි.. ඇවිල්ලා සාමාජිකයො බන්දගන්නවා කියලා යනව.. ආයෙ එන්නෙ නෑ..
මඩකලපුව නගරයටම ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය මඩකලපුව මංගලාරාම විහාරයයි..
ඉහතින් දැක්වූයේ එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සමග අප සිදුකළ සාකච්ඡාවේ කොටසකි.. ( ත්‍රස්ථවාදීන් විනාශ කළ මංගලාරාමය නැවත ගොඩනගා ඇත්තේ සුමනරතන හිමියන් විසිනි )
විහාරයේ සිටින පොඩි හාමුදුරුවන් සියල්ලෝම මඩකලපුවේ පිරිවෙන් නැති නිසා නේවාසිකව ඉගෙන ගන්නේ මහනුවරය..
කොළඹ සිට කෑගසනවාට විචාර දෙනවාට වඩා පුළුල් සමාජ ආර්ථික හා දේශපාලනමය ගැටළුවක් මඩකලපුවේ පවතින බව මේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිසම එහි ගිය අවස්ථාවේදී අපි දැනගත්තෙමු..
පැවති යුද්ධය නිසා උතුරේද නැගෙනහිරද මිලියන ගණනක් සිවිල් වැසියන් තම ගම්බිම් අතහැර පලා ගිය අතර මඩකලපුවේද එසේමය..එසේ පලායන සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගේ හදිසි දැනුම් දීමකින් පලා ගියේ ඇඳිවත පිටින් ය.. පසුව යුද්ධය අවසන් වී ඔවුන් තම උපන් ගම් බිම් වලට පැමිණියේ දෙවනි හෝ තෙවැනි පරම්පරාවන් ද සමගය..
මඩකලපුවේ ගැටළුව වන්නේ එසේ යුද්ධය නිසා පලා ගොස් නැවත තම ගම්බිම් වලට පැමිණි සිංහල ජනතාවට තම මුල් ඉඩම අයිතිය හෝ මූලික අවශ්‍යතාවයන් හෝ නොලැබීමයි...
එහි පැමිණි සිංහල ජනතාව පදිංචිව ඇති ගම් වන්නේ,,
සිප්පියාමඩුව
පිල්ලුමලේ
සින්නවත්ත
කුළුකුණාමඩුව
කොස්ගොල්ල
පුන්නකුඩා
ජයන්තිපුර
මංගලගම යි..
මේ ගම්වල පවුල් 3500 ක් පමණ ජීවත් වෙති.. ඔවුන් මේ බිමේ ඉපදුණු ශ්‍රී ලාංකික පුරවැසියන්ය.. නමුත් කණගාටුවට කරුණ වන්නෙ මේ මිනිස්සුන්ගෙන් බහුතරයකට තවම ඡන්ද අයිතියවත් නොලැබීමයි.. උප්පැන්න නැත.. ජාතික හැඳුනුම්පත් නැත.. මරණ සහතික, විවාහ සහතික ගැනීමට ක්‍රමයක් නැත.. සමෘද්ධිය නැත.. අඩුම තරමේ ඉන්න බිමේ අයිතියවත් ඔප්පුවක්වත් නැත..රැකියා නැත.. ජීවත් වන්නේ කුලී වැඩක් හෝ වගාවක් කිරීමෙනි.. ගොවිතැන් කිරීමට ඉඩම් නැත.. ගොවිතැන් කළද ශුෂ්ක පරිසරයේ ජලය සොයා ගැනීමට ජල යෝජනා ක්‍රමද නැත.. නියං කාලෙට බොන්න පවා වතුර නැත.. වන අලි ගම් වදින නිසා රෑට නින්දක් නැත.. දරුවන් පාසල් ගැන සිතන්නේ නැත.. කෙවිළියාමඩුවේ සිට පාසලකට යාමට මංගලගමට යා යුතු දුර කිලෝමීටර් 10 කි..
හාමුදුරුවන් අප සමග පැවසුවේ දිනක් ගමකට යනවිට බඩදරු අම්මා කෙනෙක් දින තුනකින් නොකා සිට ඇයට ආහාර දී උපකාර කළ බවයි..
සැබෑ ප්‍රශ්ණය එය නොවන අතර මේ සියළු ගැටළු නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඉක්මනින් විසඳිය හැකි වුවද..,
ගැටළුව වන්නේ එම මිනිසුන් උප්පැන්න.. හැඳුනුම්පත්., ඔප්පු ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට ග්‍රාමසේවකගේ සිට ඉහළ රජයේ නිලධාරීන් හමුවට ගිය විට ඔවුන්ට අදාල සේවා නොලැබීමයි... රාජ්‍ය නිලධාරීන් සියල්ලම පාහේ සිංහල නොවීම නිසා තමන්ට මේ ආකාරයෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව බවයි ගම්වැසියන්ගේ චෝදනාව වන්නේ...
හාමුදුරුවන් පැවසුවේ නඩු කීවද මේ ගැටළුවම උසාවියේද ඇති නිසා පලක් නොවූ බවත්.. මඩකලපුවේ නීතිඥ සහය නොලැබෙන බවත් කොළඹින් හෙව්වට ඒ අයට ගාණක් නැති බවත් ය..
උපන් බිමේ පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතිය පවා නොලැබීමේ ගැටළුවක් මෙතැන පවතින බව දැන් ඔබට වැටහෙනු ඇත..
මෙයට හේතුව කුමක් ද..?
හේතුව සරලය.. එනම් ඡන්ද පදනමයි,, මඩකලපුවෙ බහුතරය දෙමළ මුස්ළිම්ය.. සිංහල ජනතාවට කේවල් කිරීමට තරම් ඡන්ද ප්‍රමාණයක් නැත..
සිංහලයාගේ ගැලවුම්කාර දියසේන කුමාරයා ලෙස තමන්ව හඳුන්වන මහින්ද රාජපක්ස හිටපු ජනාධිපතිවරයා ඒ මිනිස්සුන්ට ඇඳුම් ගලවා පහර දුන්නේ ද.. යහපාලනය ගෙන එමියි.. සියල්ලන්ට සමානව සලකමියි කියූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති ලෙස ගැටළුව නොදැක්කා සේ සිටින්නේ ද අනෙක් දේශපාලුවන්ටද ප්‍රශ්ණය ගාණක්ම නැත්තේ ද ඡන්ද අහිමිවන නිසාය...
ඒ නිසා මේ ප්‍රශ්ණය දෙස බයි ටොයි හෝ කිසිදු දේශපාලනයක් ලෙස බෙදී බැලීමෙන් වළකින්න.. ඒ කාටවත් ඡන්ද නැති නිසා මේ මිනිස්සු ගැන ගාණක් නැති බව අකමැත්තෙන් හෝ තේරුම් ගන්න...
සිංහලේ, බොදුබල සේනාව ,රාවණා බලය ආදි ඊනියා සංවිධාන ගැන ද කතා කර පළක් නැත.. හරිනම් ඇඳුම් කඩවල් වලට ගල් ගැසීමට පෙර.. ඇමරිකාවට විරුද්ධව කොටුවේ උද්ඝෝෂණ කිරීමට පෙර.. ප්‍රධාන සටන් පාඨය විය යුත්තේ මේ අහිංසක මිනිස්සුන්ගේ ගැටළුවයි,,
ඒ මිනිසුන් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අයිතිය ඉල්ලා නිරුවත් කොට පහර දෙද්දී මහින්දට ඡන්දෙ දෙන්න කී බල සේනා හෝ අනෙක් සංවිධාන වලින් මීට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක..
එසේනම් මේ ගැටළුව දෙස දේශපාලනය හෝ ඊනියා ස්වෝත්තමවාදය පසෙකට දමා විවෘතව බලන්න.. එයට පක්ස පාට ජාති ආගම් අදාල විය යුතු නැත.. උපන් බිමේ අයිතිය අහිමි වී සිටින්නේ අපේම ජනතාවයි.. ඒ මිනිසුන් වෙනුවෙන් නැගී සිටින්න මිනිසුන් ලෙස.. උතුරේ දමිළ වැසියන්ගේ මුල් ඉඩම් නිදහස් කරනවා සේම මේ මිනිසුන්ටද තම ඉඩම් වල අයිතිය උප්පැන්න සහතික ජාතික හැඳුනුම්පත් ආදී සියල්ල ලැබිය යුතුය.. නිලධාරීවාදය වහා නැවැත්විය යුතු අතර සැමට සාධාරණව සාමයෙන් ජීවත් වීමේ වටපිටාවක් ජාති භේදයකින් තොරව බිහිවිය යුතුය... ජාති භේදයෙන් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගත යුතුය...
ජනාධිපතිවරයා ඇතුළු සියළු වගකිවයුත්තන් මෙයට වගකිව යුතුය.. අපට කළ හැක්කේ අදාල ආයතන හා නෛතික රාමුවට මේ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස බලපෑම් කිරීම මිස ජාතිවාදය අවුලා කඩු පොලු මන්න වලින් ලේ වගුරා ගෝත්‍රිකයන් ලෙස හැසිරීමෙන් නොවන බව ත් සිහිතබා ගත යුතුය..
එක් අන්තවාදයක් තවත් අන්තවාදයකින් විනාශ කළ නොහැක.. දේශපාලනය හා ජාතියේ ආගමේ නාමයෙන් සිටින සියළු සංවිධාන සියල්ලන්වම රවටා ඇති බව පැහැදිලිය.. මේ මිනිසුන් වෙනුවෙන් කතා කළ හැක්කේ සිංහලයන්ට පමණක් නොවන අතර දෙමළ මුස්ළිම් ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට එය අදාල විය යුතුය..සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ශ්‍රී ලාංකිකයෙක්ට ඇතිවූ ගැටළුවක් ලෙස සැලකිය යුතුය...
ජාතියක් ගෝත්‍රයක් ආගමක් වර්ණයක් නිසා මිනිසුන් අසාධාරණයට ලක් වේ නම් එය ම්ලෙච්ඡ තත්වයකි... එය සිංහලයාටද දෙමළාටද මුසල්මානුවාටද හෝ කුමන ජාතියකට හෝ සිදු වේ නම් සියල්ලන්ම ඊට විරුද්ධ විය යුතුය..
අවාසනාවකට ලංකාවේ මේ ජාතීන් තුනම ජාතිය ආගම නිසා අසාධාරණයට ලක් වුවද.. බොහෝ අවස්ථා වලදී ඊට අනෙක් ජාතීන් හඬ නගන්නේ නැත...
නමුත් විය යුත්තේ මිනිසුන් මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමයි....
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙන් වන්නේ කරන ක්‍රියාවෙනි.. එය උපතින් ජාතියෙන් සිදු නොවේ..
කඩිනම් විසඳුම් සොයමු...
සාධාරණව සාමකාමීව..
( මෙය ලිවීමට හේතු වූයේ මේ දිනවල අම්පිටියේ හිමියන්ගේ වීඩියෝපට සමාජජාල හරහා සැරිසැරීමෙන් ඇතිවී ඇති ගැටළුව සම්බන්ධ වැරදි වැටහීම් ගැන නිවැරදි අවබෝධයක් ලබා දීමට වන අතර බුද්ධ චීවරය දරා සිදුකරන හිමියන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත නොකරමි..
නමුත් හාමුදුරුවන්ව අමතක කර ඊට එහා ගිය සැබෑ ගැටළුව ගැන මනුශ්‍යයන් ලෙස සිතීම වඩා වැදගත් වන බව මාගේ විශ්වාසයයි... )

Wednesday, September 21, 2016

පිළිවෙලට වැඩ කරන ඉරාජ් :p

රැල්ලට ලියන්නේ ඈ.....


ඉරාජ් අයිය මුලින්ම සිල්බිඳගෙන නදීෂා අක්කට කට කන්න කියල හොදට ඒ වීඩියෝ එක ප්‍රසිද්ද කරගත්ත.. ඊළගට කට කන එක සාමාන්‍ය දෙයක් කොරා දැන් උන් කට කෑවට නදීෂා අක්කගේ තරම් හිට් වෙන්නේ නැහැ.. මොකද එක ඉවරයි..

ඊට පස්සේ කතන්දරයක් කියනෝ කියල ලස්සන සැක්සි අක්ක කෙනෙක් පුල් එහෙක එහෙම නෑව්වා බිකිනි පාරක් අන්දෝලා.. පිටරට විතරක් නෙමේ ලංකාවෙත් ඒ වගේ සැක්සි ඇඟක් තියෙන සුදු ගෑල්ලමයි ඉන්නෝ කියලා අයිය පෙන්නලා දුන්න. (හැබැයි ඒ කෙනත් මෙහෙ ඉන්න කෙනෙක් නෙමේ) හැබැයි පෙන්නුවා මදි වගේ නිසා අපේ උන් වැඩිය යැව්වේ නැහැ ඒක ජාත්‍යන්තරයට..

ඉලගට ඔන්න දැන් ඉරාජ් අයිය තව පියවරක් ඉස්සරහට තිබ්බ. කලින් එක කෙල්ලක් පෙන්නුවා අපේ උන් වැඩිය ගණන් ගත්තේ නෑනේ (මම නම් නිතර බැලුව ඒක ඉරාජ් අයියේ ඈ) මේ පාර සැක්සි කෙල්ලෝ දෙන්නෙක්ම ගත්ත. උනුත් නිකන් උන් නෙමේ ලෙස්බි දෙන්නෙක් :v උන් අරගෙනත් නිකා ඉඳියේ නැහැ, බිකිනිය දකලානේ දැන් තියෙන්නේ. ඒ නිසා එකත් එක්ක අලුත් එකක් පෙන්න ඕන කියල දෙන්නගෙම උඩ කෑල්ල ගලෝලා දැම්ම.. :p ඔන්න දැන් අපි මේ වීඩියෝ එකෙන් උඩ කෑල්ල ගලෝලා පිට පැත්ත දැක්ක ඈ.. ඇත්තටම ඉරාජ්ගේ ඔය සිංදුව මුලින්ම දාල තියෙන්නේ 2014/7/22 බලපු මුළු ගාන 150,419යි මේ වෙනකං, 2016/09/20 දාපු වීඩියෝ එක 2016/09/21 වෙනකොට බලපු
ප්‍රමාණය  174,419යි. ඉරාජ් පරාදද?
ඉරාජ්ගේ සිංදු පිළිවෙල බලමු.

මුලින් කට කෑවා :p Image result for sil bida gaththe pic
ඉලගට බිකිනියෙන් සැක්සි අක්ක කෙනෙක්ගේ නාරිලතාව පෙන්නුවා Image result for kathandare genevieve
දැන් බිකිනියෙන් එකක් ගලෝලා ලෙස්බි කෑලි දෙන්නෙක්ගේ පිටිපස්සට පෙන්නුවා ඔන්න අපිට..

දැන් අපිට තියෙන ගැටලුව ඊ ළගට එන එක කොහොම වේවිද? ඔබේ අදහස් දෙන්න බලන්න ඉරාජ් අයියට :v

Saturday, September 10, 2016

මරණිය දණ්ඩය ගැන කතිකාවතක් සඳහා

කෙනෙක් අහපු දේකට පිළිතුරක් -
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මගේ තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්.....
මරණීය දණ්ඩනයෙන් ප්‍රයෝජනය ගත්තු රටක උදාහරණයක් තමයි සිංග්ගප්පූරුව....සිංගප්පූරු සංවර්ධනයේ කථාව සහ ඉතිහාසය ගැන විශාල අධ්‍යයනයක් කරල තියෙන නිසා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් ජාතියකට ප්‍රයෝජනයක් අත් නොවන්නේය කියලා එක හෙළා කියන්නෙ නැහැ මම....
සිංග්ගප්පූරුව ජාත්‍යන්තර වෙළඳපොළක් බවට පත් කරද්දි,
- පෙර අපර දෙදිග යා කරන නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස එහි පිහිටීම
- කරන්න යන නිදහස් වෙළඳපළ ආර්ථික සංවර්ධනයේ ස්වරූපය ( සේවා ආර්ථිකය පදනම කරගත් පොදු වෙළඳපළ )
- සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සිංග්ගප්පූරුව සංවර්ධනය ( ගෝලීය ඉලක්ක 1967 - ලී ක්වාන් යූ )
යනාදි කරුණු සැළකිල්ලට ගෙන ලී ක්වාන් යූ කියපු දෙයක් තමයි "අපේ සැලසුම් වල හැටියට, සිංග්ගප්පුරුවේ අනෙක් සියළු වැරදි කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ අළෙවියට අනිවාර්ය මරණීය දණ්ඩනය නොදුන්නොත්, මේ දූපත මිහිපිට අපායක් වෙලා, අපේ සියළු සැළසුම් වරදිනවා" කියන එක...
ඒක හරිනෙ...නාවික කේන්ද්‍රස්ථානයකදි තමයි ගෝලීය මත්කුඩු ජාලයන් පවත්වගෙන යන අපරාධකරුවන් මත්කුඩු ජාලයෙන් ජාලයට නෞකා නැංගූරම් පළවලදි ( Anchorage) මත් කුඩු ඒ මේ අතට බාර දෙන්නෙ.....ඇන්කරේජ් එකක් කියන්නෙ වරායම නොවන නිසා, වරායේ දැඩි ආරක්ෂක ජාලයෙන් මිදිලා, සුළු බත්තල් සහ බෝට්ටු මගින් මත් කුඩු නැවෙන් නැවට ගෙන යෑම කාළයක් තිස්සෙ සිදුවන දෙයක්...( Transit Points for International Drug cartels and networks) ..සිංග්ගප්පූරුවේ "චැන්ගි" ඇන්කරේජ් එක ලෝකයේ විශාලතම ඇන්කරේජ් වලින් එකක් නිසා, එහි නෞකා සිය ගණනක් නැංගුරම් ලා තිබෙනවා....ඒ අතර තුර මේවා ඉතා පහසුවෙන් කරන්න පුලුවන් මුර යාත්‍රා කොපමණ තිබුණත්.....
අනෙක් අතට සිංගප්පූරුව ජාත්‍යන්තරයට විවෘත, පූර්ව වීසා අයදුම් කිරීමකින් තොරව ඇතුළු විය හැකි, යෝධ සංචාරක කේන්ද්‍රස්ථානයක්......එවැනි තැනකත් මත්කුඩු වෙළඳාම සහ ප්‍රවාහනය කිරීම විශාල වශයෙන් කෙරෙන්න පුලුවන්....
සිංග්ගප්පූරු නීතිය අනුව මරණීය දණ්ඩනය පනවන්නෙ මෙන්න මේ වැරදි වලට
- මත්කුඩු ප්‍රවාහනය කිරීම සහ වෙළඳාම
- රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා
- සාපරාධී මනුෂ්‍ය ඝාතනය සහ අනුබල දීම
- ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කරනු ලබන කායික ප්‍රහාරයක් / භෞතික ප්‍රහාරයක්
- නීති විරෝධී ආයුධ ජාවාරම සහ හෝ ළඟ තබා ගැනීම
- සිංග්ගප්පූරුවට එරෙහිව ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා හෝ යුද්ධයක් සඳහා කුමන්ත්‍රණය කිරීම, සිදු කිරීම හෝ සම්බන්ධ වීම, අනුබල දීම.....
ඔයින් 2,3,4,5 සහ 6 කියන වැරදි වලදි මරණ දඬුවම ලැබුණත්, උපරිමාධිකරණයෙදි ඒ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්වෙන්න තියෙන ඉඩකඩ සාපේක්ෂව වැඩියි....නැත්තන් ජනාධිපති සමාවක් ලැබෙන්න උනත් සැළකිය යුතු අවස්ථාවක් තිබෙනවා.....ඒ වගෙම මේ කියන වැරදි වලට වෙනත් දඬුවම් තියෙනවා....අධිකරණයේ කැමැත්ත අනුව දෙන්න පුලුවන්....උදා: ජීවිතාන්තය.....ආයුද වෙළඳාමට වසර 20 - ජීවිතාන්තය ආදී වශයෙන් ....සිංග්ගප්පූරුවේ ජීවිතාන්තය කියන්නෙ ජීවිතාන්තයම තමා....අන්න ඒක මතක තියාගන්න....
නමුත්, අංක 1 වැරැද්දට ලැබෙන්නෙ "අනිවාර්ය මරණ දඬුවම"..( Mandatory Death Penalty) .. ඒ වගේම ඒ වරදට මරණ දඬුවම හැර අන් කිසිදු දඬුවමක් නීතියේ නැත.....!.....අනිවාර්යෙන් එල්ලුම් ගස.....!...Mandatory Death...!
සිංග්ගප්පූරු භූමියේ හෝ එහි සාගර, ගුවන් සීමාවන්ට අයත් කොතනක හෝ කොතනක් හරහා හෝ, කොතනක් උපයෝගී කරගෙන හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම, ප්‍රවාහනය කරොත් අනිවාර්යෙන්ම දඬුවම මරණය....!.....ඒකෙදි ජනාධිපතිවරයාටත් ජනාධිපති සමාව දීලා දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් කරන්න තියෙන්නෙ ඉතාම සුළු සීමිත අවසරයක් පමණයි......!... සිංග්ගප්පූරුව විසින් තහනම් කරන ලද මත්ද්‍රව්‍ය විශේෂයන් සහ තහනම් මාත්‍රා වලින් ගෙනිහිල්ලා අහු උනොත්, ආයෙ ගෙදර ඒමක් නෑ......!...
මේ තද, දරදඬු නීතිය, ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් වගේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂිකත්වය උදෙසා ආයතන රැසක දැඩි දෝෂ දර්ශණයට ලක්වුනා උනත්, මේකෙන් සිංග්ගප්පූරුව විශාල ප්‍රයෝජනයක් ලැබුවා......අද සිංග්ගප්පූරුවේ මත්කුඩු අපරාධ ඉතාම අවමවෙලා තියෙන්නෙත්, සිංග්ගප්පූරුව හෝ එහි සාගර ගුවන් කළාප වල විශේෂ පිහිටීම යොදාගෙන එය පෙර අපර දෙදිග මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ජාලයන් වල ප්‍රවාහන කේන්ද්‍රයක් නොවී බේරිලා තියෙන්නෙත් මේ මරණ දඬුවමේ ශක්තිය නිසා.....
ඒ නිසා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් රටකට ප්‍රයෝජනයක් නැතැයි කියන මතයට මම එකඟ නැහැ.....
නමුත්,
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය "වරදෙන් හෝ වැරදීම් වලින්" තොරද?.....ඒ වගේම දූෂිත දේශපාලනික පසුබිමක නීතියේ විධායකයේ ක්‍රියාකාරීත්වය හෙවත් පොලීසිය, රහස් පොලීසිය, ත්‍රිවිධ හමුදාව ආදී ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන 100% විශ්වාස තැබිය හැකිද?.....
අන්න ඒකයි මෙහේ තියෙන ප්‍රශ්ණය.....සිංගප්පූරුවේදී නම් අනිවාර්යෙන්ම නීතියේ විධායක බලතල ක්‍රියාත්මක වීමේදී නීතියේ නිළධාරීන් තම නීති පොත් වලට අනුවම කළ යුතුයි.... කරලා ඒ බව සඳහන් කරලා වාර්ථා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන.....ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීමේ සෑම පියවරක්ම
- ඡායාරූප ගත කළ යුතුයි
- වීඩියෝ කළ යුතුයි / නැත්නම් අධිකරණයේ වරලත් නිළධාරීන්ට ලයිව් ස්ට්‍රීම් එකක් ලෙස පෙන්විය යුතුයි..
- විත්තිකරුවන්ගෙන් ප්‍රශ්ණ කෙරෙන, ඔවුන්ගෙන් යම් යම් දේ ලබාගන්නා ඕනම තැනක නීතිඥයෙකු සිටිය යුතුයි....
අපේ එහෙමද?.....පොලීසියට සහ අනෙකුත් විධායක ආයතන වලට උවමනා විදියට පහසුවෙන් නඩුවක් හදන්න පුලුවන්......
Ex: මේ මෑතකදි මගේ මිත්‍ර මාධ්‍යවේදියෙකු පොලීසියෙන් අනීතිකව පැහැරගෙන යන ගමන් ඔහුට තර්ජනය කරලා තියෙන්නෙ " චෝදනා ඕන නම් කුඩු දාන්නම්, ගංජා දාන්නම්" කියලා....( ඔබ කවුරුත් දන්නවා ඒ සිද්ධිය ) ....
අපාරදෘෂ්‍ය, දේශපාලනික නැමුම් සහිත, බලපුළුවන්කාරයන්ට පහසුවෙන් නම්‍ය ශීලී වන රාජ්‍ය ආයතන පද්ධතියක් තියෙන රටක මරණ දඬුවම ක්‍රියාත්මක වීම භයානක කරුණක්......
ඒ නිසා ශ්‍රී ලංකාවෙදි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීම සිදු නොවිය යුතුයි කියන මතයේ මාත් ඉන්නවා......තවම මෙරට ඒ සඳහා විශ්වාසනීය පසුබිමක් නිර්මාණය වෙලා නැහැ........

ලිපිය 
සයිබර වරිගෙ උණ්ඩියා

Image result for එල්ලුම්ගහ

Saturday, August 6, 2016

ගිලන්රථ හා ත්‍රිරෝද රථ



පසුගියදා ගාල්ලේ සිදුවූ රිය අනතුරකින් ළමයෙක් හම්බෙන්න ඉස්පිරිතාලෙට රැගෙන යමින් ගිය අම්ම කෙනෙක් මිය ගියා..  එත් කුසේ  සිටි දරුවා බේරා ගන්න ලැබුන. අද හෙට ඒ ළමය උස මහත් වෙන්නේ මවක් නැති  ළමයෙක් විදියට. හැමදාම ඒ  ළමයට බලන්න තියෙන්නේ ඒ අම්මගේ ෆොටෝ එක  විතරයි.

ඒ අනතුර උනේ කොහොමද කියල මට තේරුනේ නම් නිව්ස් වල  හැටියට අම්මගේ හිස ත්‍රිරෝද රථයෙන් එළියේ තිබුන නිසා  කියල. බස්  එකේ ඔලුව  හැප්පිලා  තමා අම්ම මිය ගියේ, එතකොට මේ රටේ ත්‍රිවිල් තියෙන්නේ ලෙඩ්ඩු  ගෙනියන්නද? උත්තරේ නම් නැහැ වෙන  වාහනයක් නොතිබ්බ නිසා ඒ විදියට ගෙනිච්ච.

ඊයේ නිව්ස් වලදී මාධ්‍යවේදියෙක් අහනවා ඇමති/නි.ඇමති කෙනෙක්ගෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කිව්වා කියල 1990 ගිලන්රථ වලින් එන රෝගීන් බාරගන්නේ නැහැ කියල. ඒ කතාව සත්‍යද? ඒ කතාව සත්‍ය නම් අවන්කවම ඒ සංගමයේ සිටින්නේ මේ අපි වගේ ලේ මස් නහර වලින් හැදුන මිනිස්සුද නැතිනම් වෛද්‍යවරු වෙනකොටම ඔවුන්ගෙන් මොනයම් හෝ විදියකින් මනුෂ්‍යත්ව ඉවත් කරලද?

මේ රටේ ක්‍රමවත් ගිලන්රථ සේවාවක අවශ්‍යතාවක් තියෙනවා. ඒ අවශ්‍යතාවට පිළිතුර 1990 නොවන්න පුළුවන්. එත් ඉදිරි වසර සදහා හෝ ඒ සේවාව මේ රටේ නොමිලේ ක්‍රියාත්මක වෙනවා. ඉන්පසුත් එයට විසදුමක් තියේවි. විසදුමක් සෙවිය යුතුයි. එම පිළිතුරු සෙවීම පසෙකලා රෝගී ජිවිත එක්ක සෙල්ලම් කරනවා නම් ඔවුන් හට මනුසත් ගුණ කියාදෙන්න වෙනවා. ඉදිරියේදීත් මහමග රෝගී ජිවිත අවසන් හුස්ම හෙලීම නවත්වන්න අවශ්‍යයි. හදිසි ලෙඩෙකුට උනත් ප්‍රයිවට් චැනලින් එකේ බෙහෙත් දීලා සල්ලි ගන්න දොස්තර මහත්තය ගිලන්රථ වලින් නිකන් ගේන රෝගියා ඉස්පිරිතාලෙට බාරගන්න බෑ කියනවනම් කල යුත්තේ කුමක්ද?




ඉන්දියන් ත්‍රිවිල් එකේ එන රෝගියාගෙයි ඉන්දියන් ගිලන්රථය ගේන  රෝගියාගෙයි  වෙනස කුමක්ද?







වීඩියෝව 15.50 වෙනි විනාඩියේ සිට




Tuesday, February 16, 2016

එක්ටා එපා සීපා එපා


ඔන්න අපේ ලංකාවෙ ඉස්සර බස් බොඩි ගැහුවා
ඒකල - වේරහැර - කැප්පෙටිපොල - කහගොල්ල වගෙ වැඩපොලවල් තිබුනා
මේවායෙ මාසෙකට බස් 10-15 ව බොඩි ගැහුවා
විජේතුංග වේරහැර රවී වෙත්තසිංහගෙ ලටෙක් එකට දුන්නා
ඒකල සෙලින්කෝ ද කොහෙද දුන්නා
ඒ අස්සෙ ඩිමෝ එකත් පටන් ගත්තා
ලටෙක් එක මාසෙට 10 ක් විතර බොඩි ගහපු වැඩ පොලේ දවසට 10 - 15 ව එලියට දාන්න ගත්තා
දැන් අපේ උන්ට වැඩ වැඩියි
OT තිබ්බට හුස්ම ගන්න බැරි වෙන්න වැඩ
දැන් කෑ ගහනවා ලටෙක් විකුනුවා කියලා ජාතික වස්තු රවී වෙත්තසිංහලට දුන්නා කියලා
රාවය වගෙ පත්තර පිටු ගනන් ලියනවා - අර පරන ඇල්බියන් බස් වල අමතර කොටස් පංචිකාවත්තට විකුනපුවා ගැන
ඒවත් ජාතික වස්තු වෙලා
කොහොම හරි 94 රෙ ආණ්ඩු පෙරලීමටත් මේ ලටෙක් එකේ වැඩියෙන් නිශ්පාදනය කරවීම හේතුවක් උනා
ඊට පස්සෙ නොනවත්වා ස්ට්‍රයික් කලා
ලටෙක් යන්න ගියා
ආපහු වේරහැර ලංගමට අයිති උනා
අන්තිමටැ එක බස් එකක් බොඩි ගහන්නෙ නැතුව ගියා
අද 100% ක් ඉංදියාවෙ බොඩි ගහපු බස් එන්නෙ
-----------------------------
දෙවැනි කතාව
සිසිල් ෆ්‍රිජ් එක ලංකා නිශ්පාදනයක්
ඒකට ඉස්සර වේටින් ලිස්ට් ඉන්න ඕන ගන්න
77 දිත් ෆ්‍රිජ් ගේන්න අවසර දුන්නෙ නෑ
සිසිල් තියා ගන්න
වේටින් ලිස්ට් එක මාස 6 උනා
සිසිල් නිශ්පාදනය වැඩි කලා
OT වැඩි උනා
සේවකයො ඩිමාන්ඩ් කලා
පඩි වැඩි කලා
OT එක්ක ගානට වඩා පඩි වැඩි උනා
දැන් ඌ ටී වැඩක් නැති උනා
දවසට 20 ක් විතර ගහපු කොම්පැනියෙ - නිශ්පාදනය බාගෙට බැස්සා
මිල ඉහල ගියා
පෝලිම අවුරුදු 2 ක දක්වා වැඩි උනා
ආණ්ඩුවට පියවරක් ගන්න උනා
සිංගර් එකට ෆ්‍රිජ් හදන්න දුන්නා
උන් ඉංද්යාවෙ ගොඩ්‍රිජ් එක කෑලි දෙකට තුනට ගෙනත් මෙහෙ හයි කලා
අන්තිමේ ඒකත් මදි වෙලා - ආනයනය විවෘත කලා
අන්තිමේ
සිසිල් වැහුනා - සිගර් නම ගත්තා
අද පිටින් ගෙනත් සිසිල් නම ගහනවා
----------------------------
ඔන්න ඔහූමයි අපේ වෘත්තීය සමිති ඉස්සර සීපා ක්‍රියාත්මක කෙරෙව්වෙ...

ලිපිය  Subhaga Herath
 

Saturday, February 13, 2016

රාගය යනු ආදරය නොවේ...

කෙල්ලෝ 400ක් එක්ක සැතපුණු කොල්ලට වුණු වැඩේ!
ෆේස්බුක් ට්විටර් වලින් කෙල්ලෝ හොයන කොල්ලෝ ඕනි තරම් ඉන්නවා. සමහර වෙලාවට හැන්ඩියා වගේ ෆොටෝ දාලා ඒවට රැවටෙන කෙල්ලෝ ඉතින් අන්තිමේ ජීවිතෙත් එපා කියලා මැරුණු කතාත් අපිට අහන්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ ඒ විදියට ට්විටර් එකෙන් කෙල්ලෝ 400ක් එක්ක යාලුවෙලා එයාලා එක්ක කරන්න ඕනි නරක වැඩ ඔක්කොම කරපු කොල්ලෙක් ගැන කතාවක්. සමහරුනම් මෙයා වැඩ්ඩෙක් කියලා කියයි. හැබැයි එයානම් කියන්නේ තමන් මේ කරපු වැඩේ ගැන දැන් ඉන්නේ කළකිරිලා කියලා.
ඔහුගේ නම බෙනී, ජීවත් වෙන්නේ එංගලන්තේ. ට්විටර් එකේ Followers 9000ක් මෙයාට ඉන්නවා. වයස අවුරුදු 22ක් වුනාට ඔහුගේ පෙනුම නිසා වගේම කියන කතාවලට අහුවුණු තරුණියෝ 400ක් මෙයා එක්ක එකට ඉඳලා තියෙනවා. හැබැයි ඒකේ සීමාව ඉක්මවලා යන්න වැඩි කාලයක් ගිහින් නෑ,
මේ විදියට පවත්වපු සම්බන්ධතා නිසා මෙයාට කෙල්ලෝ එපා වෙලා, ඇත්තටම ඒ විදියට කෙල්ලෝ තමන්ගේ පස්සෙන් ආවේ කාමුක හැගීමකට මිසක් හදවතට දැනුණු ආදරේ නිසා නෙවෙයි කියලා ඔහු කියනවා. ඒ වගේම සමහර සම්බන්ධතා එක දවසින් ඉවරවුණු අවස්ථා ඕනි තරම් තියෙනවා කියලා බෙනී කියනවා.
යාළුවෝ හොයාගන්න කියලා ආව ට්විටර් එකෙන් තමන්ගේ ජීවිතය මේ වගේ විනාශ වෙලා යයි කියලා ඔහු කවදාවත් හිතුවේ නෑලු. ඒ වගේම කෙල්ලෙක් එක්ක ඉන්නකොට තියෙන හැඟීම දැන් ඔහුට නෑ කියලා තමයි බෙනී කියන්නේ.
අපේ අයත් ඕනි තරම් ෆේස්බුක් ඇවිත් කෙල්ලෝ ගැන හොයනවා, යාලුකරගන්න විදි ගැන හොයනවා. ඒ කරන්න කලින් මේ වගේ දෙවල් ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි, මොකද කෙල්ලෝ පස්සෙම ගිහින් ජීවිතේ නැතිකරගන්න එක නෙවෙයි වෙන්න ඕනි.

Source: Ada derana




Wednesday, February 10, 2016

ජාත්‍යන්තර සම්මාන සහ ක්‍රිෂානි

"අපේ කම කන film එකක් හැදුවොත් ඒකට සම්මාන හම්බෙනවා" යනු සමාජයේ ප්‍රචලිත කතාවකි..
පසුගිය චන්ද්‍රිකා-රනිල් පාලන සමයේ 1994-2005 මෙරට අයිතිහාසික සංස්කෘතියට විරුද්ධ සහ ශ්‍රීලංකා යුධ හමුදාවේ ප්‍රතිරූපයට හානි වෙන සහ යුධ සෙබළුන්ගේ මානසිකත්වය දුර්වල කරන සිනමා පටයක් හැදුවොත් එයට ජාත්‍යන්තර සම්මාන යැයි කියන ඒවා ලැබීම අනිවාර්ය කරුණකි..
අම්මා පුතා සමග ලිංගික ක්‍රියා කරන , කාන්තාවන්ට දුම්බීම පුරුදු කරන , දෙමව්පියන්ට දරුවන් සමග එකට සිට නැරඹිය නොහැකි ගනයේ සිනමා පටයක් හැදුවොත් ජාත්‍යන්තර සම්මාන කියන ඒවා දෙන්නේ හදනකන් බලාහිටියා මෙන්ය..
හමුදා සෙබලාගේ මිනිය වෙනුවට කෙසෙල් කොට මිනී පෙට්ටියෙන් හමුවන, හමුදා සෙබල ජීවිතය යනු කාලකන්නි කමක්ය යන්න පෙන්නන සිනමා පට වලටද එසේමය..
නමුත් 2005 න් පසු බිහිවුණු දේශමාමකත්වය වැඩි කරන, අයිතිහාසික කතා ඇතුලත් කිසිදු චිත්‍රපටයකට එලෙස සම්මාන ලැබුණු බවක් දැනගැනීමට නොමැත..
යථෝක්ත සමයේ යුද්ධයක් නැති ඉන්දියාවේ බලන් ඉන්න විට දේශමාමකත්වයෙන් ඇඟ කීරි ගැහෙන "Border" වැනි සිනමා කෘති බිහි වන විට මෙරට හැදුවේ "මේ මගේ සඳයි" "පුර හඳ කළුවර " වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුසල සිනමා පටය ..
මාධ්‍ය වල ප්‍රචාරය කලේ ඊනියා සාම ගීතයි..
සිංහල ප්‍රජාව අතර මෙවැනි චිත්‍රපට පෙන්වන විට උතුරේ කොටි සංවිධානය විසින් ඔවුන්ට ප්‍රදර්ශනය කලේ හමුදා කඳවුරු වනසන, සෙබළුන් ඝාතනය කරන ඔවුන් සතුව තිබු දර්ශනය..

ප්‍රතිපලය කුමක්ද? අලිමංකඩ ආදී හමුදා කඳවුරු වැනසී මාස 5-6ක කාලයක් තුල ඉතිහාසයේ දරුණුම පසුබෑම් වලට ශ්‍රීලංකා හමුදාව ලක්වීමයි.. දහස් ගණනක් සෙබළුන්ට ජීවිත අහිමි වීමයි..
ඒසමයේ අලුතින් හමුදාවට බැඳීම තබා ඉන්න සෙබළු ප්‍රමාණය වත් රැක ගැනීමට නොහැකිවිය..
ලංකාවේ තත්වය එසේ වුවද වරෙක පාකිස්තානය සමග සුළු යුධ ගැටුමක් ඇති වූ අවස්ථාවක සෙබළුන් බඳවා ගැනීමට කැඳවූ විට පැමිණි පිරිස පාලනය කර ගැනීමට නොහැකිව විසුරුවා හැරීමට ඉන්දියානු පොලිසියට කඳුළු ගෑස් පවා ගැසීමට සිදුවිය..
2009 යුධ ජයග්‍රහණය ලැබුවේ කෙසේ දැයි බලමු..
මාවිල්ආරු ගැටුම ආරම්භ වීමත් සමග "අපි වෙනුවෙන් අපි" නමින් විශාල, හමුදාවල ප්‍රතිරූපය ඔප් නංවන, චිත්ත ධෛර්යය වැඩි කරවන ප්‍රචාරක ව්‍යාපාරයක් සියලු මාධ්‍ය හරහා රටේ ඇරඹිණි..
නව රණගී විශාල ප්‍රමාණයක් නිර්මාණය වූ අතර ඒවා මාධ්‍ය හරහා නිතර ප්‍රචාරය කෙරිණි..
රටම යුධ සුදානමක තැබිණි..
ප්‍රතිපලය කුමක්ද? 2009 අයිතිහාසික විජයග්රහනයයි..
ජාත්‍යන්තර සම්මාන නමැති අයිසින් එක උඩින් දමා අපට එදා එවුවේ ගූ ගොඩක් බව හරි පැහැදිලිය..
අන්තර්ජාතිකව පිළිගත් ගායිකාව කියන අයිසින් එක යොදා අද එවන්නේද එවැන්නක්මය..
සංස්කෘතිකමය වශයෙන් යටත් කර ගැනීම රටක් යටත් කර තබා ගැනීමට පහසුම මගයි ..
නැවතත් රනිල්-චන්ද්‍රිකා පාලනයම ලැබී ඇත..
ඕනෑම රටක දියුණුවට හේතුව දේශීයත්වය සහ ජාතිකත්වයයි.. ඉන්දියාව ගමන් කරන්නේ Be Indian Buy Indian යන ප්‍රතිපත්තිය මතය.. ජපානයේ දියුණුවට පදනම දේශීයත්වයයි .. උදාහරණ ඕනෑ තරම් දිය හැක.. අවශ්‍ය අපත් එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සහ සතුරන් හරි හැටි හඳුනාගැනීමයි..
ලිපිය Dhanushka Heshan Premarathna

Tuesday, February 9, 2016

..වෙනස..

ඒ 2006 අගෝස්තු මස 7 වෙනිදා ය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර දැවී ගියේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් වන අතර ඉන් පසුව එළඹියේ අනුග්‍රාහකයන් සඳහා වූ කෙටි විරාමයකි. එම විරාමය අතරතුරදී තරඟයේ විස්තර විචාරකයෙකු වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ මුවින් පිටවූවේ මෙවන් වදනකි. "ත්‍රස්තවාදියා ආයෙත් කඩුල්ලක් ගත්තා" (The terrorist has got another wicket). ඔහු 'ත්‍රස්තවාදියා' ලෙස හැඳින්වූවේ ඉස්ලාම් භක්තිකයෙකු වන හෂීම් අම්ලාවය.
විරාමයක් තුලදී කියැවුණත් ජෝන්ස්ගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් දකුණු අප්‍රිකානු තරඟ විකාශය ඔස්සේ එරට නරඹන්නන්ට අසන්නට ලැබුණි. ඉන්පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ ඩීන් ජෝන්ස්ගේ Ten Sports ආයතනය හා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසිකිරීමට එම බලධාරීන් තීරණය කළ අතර තරඟාවලිය අතරමැදදීම ජෝන්ස්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදු විය. බලධාරීන් පවසා සිටියේ ජෝන්ස් එම ප්‍රකාශය සිදු කළේ විරාමයක් අතරතුරදී වුවත් තම ආයතනය හා ගිවිසුමක් ඇති පුදගලයෙකු අතින් එවන් ජාතිවාදී වැකියක් කියැවීම තමන්ට අනුමත කළ නොහැකි බවයි.
ඔස්ට්‍රේලියාව බලා යාමට පෙර මාධ්‍යවේදීන් හා අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් එම ප්‍රකාශය තමන් අතින් සිදුවීම පිලිබඳ ඉතාම කණගාටුවන බව පැවසුවේය. ඉස්ලාම් දහමට හෝ හෂීම් අම්ලාට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් තරඟාවලිය අවසන්වූ වහාම හෂීම් අම්ලා මුහුණට මුහුණ මුණ ගැසී ඔහුගෙන් සමාව ගැනීමට බලාපොරොත්තු වන බවත් ජෝන්ස් කියා සිටියේය.
'පර සුද්දෙකු' වූ ඩීන් ජෝන්ස්ගේ කතාව මොහොතකට පසෙකින් තබා අපි දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. 60 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.
වැඩසටහනක් අතරතුර කිව යුත්තේ මොනවාද නොකිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ අබමල් රේණුවක තරම්වත් මොළේ කලඳක් තමන්ට නැතැයි මුළු රටටම පෙන්වූ මේ නිවේදකයාගේ නිර්ලජ්ජිත අපහාසයට එරෙහිව මේ රටේ සිටින හැට හුට හමාරක් කලා සංගම්වලින් අඩුම ගානේ මාධ්‍ය නිවේදනයක්වත් නිකුත් කෙරුණේ නැති බව කියන්නේ කණගාටුවෙනි. ගීතයක් පිලිබඳ විවේචනය කිරීම හා එයට පුද්ගලිකත්වය ඈඳා ගනිමින් අපහාස කිරීම යනු දෙකක් බව මේ මහා 'මාධ්‍යවේදීන්' දන්නේම නැත. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.
තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.
මේ අප රටේ බහුතරයක් 'මාධ්‍යවේදීන්ගේ' හා මාධ්‍ය ආයතනවල සැබෑ ස්වරූපයයි. ඔවුන් දන්නා දෙයක් නැත. එහෙත් කිසිවක් නොදන්නා බව ඔවුන් පවසන්නේ 'ආඩම්බරයෙනි'. අදාළ වැඩසටහනට පෙර සංඛ අමරජිත්ට කතා කිරීමට යන කාරණය පිලිබඳ අමතර තොරතුරු සොයා බැලීමටවත් වෙලාවක්තිබූ බවක් නොපෙනේ.
ප්‍රසිද්ධ වීමට ඇත්නම් මාධ්‍යවේදියෙකු සතුවිය යුතු සදාචාරය හා සමාජ වගකීම බල්ලාට දමන මොවුන්ට ඔපෙරා ශෛලියෙන් පැරණි ගීයක් ගායනා කළ ගායිකාවකට එරෙහිව ගඩොල් බාග අමෝරා ගන්නට ඇති පදම් වෙලාව තිබුණද මේ වන විට පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් දැක්වූ දක්ෂතා අගය කිරීමට කාලයක් වෙන් කර ගත නොහැක. හරිනම් ගඩොල් බාග එල්ල විය යුත්තේ මෙවන් ඔලමොට්ටලයන්ටය.

ලිපිය 
Methmalie Dissanayake

Monday, February 8, 2016

~සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න~


කඩදාසි කොළයක්‌ අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් මැදින් දෙකට නමන්න. එය නැවතත් නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්‌හය වතාවක්‌ දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක්‌ තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක්‌ ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක්‌ නොවේ. එවැනි කඩදාසියක්‌ ගෙන එය පනස්‌ හය වතාවක්‌ දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්‌ටියේ ඝනකම පොළවේ සිට හ`දට ඇති දුරට සමාන වනු ඇත. ඔබට ඇදහිය නොහැකි මේ අගය ඝනනය කරන ලද්දේ සෝවියට්‌ ගණිතඥ වයි. පෙරල්මාන් විසිනි. අධි වේගයෙන් ඔබ ලක්‌ෂපතියකු කරන බව කියන කූට ජාවාරමක ප්‍රොaඩාව ගණිතමය වශයෙන් වටහාගැනීම ස`දහා ඔබ මේ උදාහරණය සිත්හි තබාගෙන මේ ලිපිය කියවනු මනාය.
----------------------
අරුම පුදුම සල්ලි මැසිම
උත්සාහය තිබේ නම් ඉතා ලේසියෙන් සතියකට ලක්‌ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන අරුම පුදුම ව්‍යාපාර කීපයක්‌ කලක සිට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. මේ ගැන දීර්ඝ හැ`දින්වීමක්‌ නොකළ යුතු තරමටම අද මේ ජාවාරම් රටේ ප්‍රචලිතය. පිරමිඩ ක්‍රමයට අනුව සෝලා පැනල් අලෙවි කිරීම මේ අතරින් වඩා ප්‍රසිද්ධම හා බලවත්ම ජාවාරමකි. එය සිදුකරනු ලබන්නේ අගනුවර පිහිටා ඇති එක්‌තරා සමාගමක්‌ මගිනි. මේ සමාගම මගින් අලෙවි කරන තවත් විවිධ භාණ්‌ඩ, සේවා මෙන්ම මේ හා සමාන ජාවාරම්වල නිරත වෙනත් සමාගම්ද මේ රට තුළ ක්‍රියාත්මක වන අතර, අද වනවිට ඉන් වඩාත්ම ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමය. මේ මගඩිය පිළිබ`ද කලක සිට විවිධ මාධ්‍ය ඔස්‌සේද හෙළිදරව් කර ඇති අතර, මෙවන් ජාවාරම්වල ස්‌වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබේ. එසේ වුවද නීතිය හිල්වලින් රිංගා යමින් මේ ජාවාරම තවමත් මහ දවාලේ ක්‍රියාත්මක වෙයි.
මේ ලිපියේ අරමුණ වන්නේ මෙවන් ව්‍යාපාර ගැන දැනටමත් බොහෝ දෙනා දන්නා කරුනු නැවතත් විස්‌තර කිරීම නොවේ. ඒ වෙනුවට මෙහි අරමුණ වන්නේ මේ ව්‍යාපාර ප්‍රොaඩාවක්‌ වන්නේ කෙසේද යන්න ගණිතමය වශයෙන් පැහැදිලි කරදීමය. එය ඉතා සරල ගණිතමය කාරණයක්‌ වුවද බොහෝ දෙනා ඒ ගැන කල්පනා නොකිරීම මේ ජාවාරම්වලට හසු වීමට ප්‍රධාන හේතුවකි. එහෙයින් ඔබ මේ පිරමිඩකරුවන්ගේ සුරංගනා කතාවලට නොරැවටී සිටීමට අදාල වැදගත්ම තුරුම්පුව වන්නේ මේ සරල ගණිතය කුමක්‌දැයි වටහා ගැනීමය.
-------------------
ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය
විවිධාකාර පිරමිඩ ව්‍යාපාර අතරින් වඩා ප්‍රචලිතම එකක්‌ වූ සෝලා පැනල් ජාවාරම මුල් කරගනිමින් මේ කාරණය පැහැදිලි කරගනිමු. මේ ඊනියා ව්‍යාපාරයට සම්බන්ධ වන ඔබ මුලින්ම කළ යුත්තේ රුපියල් හැටඑක්‌දාස්‌ හත්සීයක්‌ (ඉතා මෑතකදී මේ මිල තවත් ඉහල දමා තිබේ.) ගෙවා සෝලා පැනල් කට්‌ටලය මිලදී ගැනීමය. එහෙත් මෙහි සැබෑ වෙළ`දපල වටිනාකම රුපියල් දසදහසක්‌ පමණ වන අතර මේ උපකරණයේ ප්‍රායෝගික වටිනාකම නොගිණිය හැකි තරම්ය. ඒ මන්දයත් ආලෝකය ඉතා අඩු විදුලි බල්බ හතරක්‌ දැල්වීම ස`දහා පමණක්‌ ප්‍රමාණවත් වන මේ උපකරණයෙන් නිවසක විදුලි බිල අඩු කිරීම ස`දහා කිසිදු ප්‍රමාණවත් බලපෑමක්‌ කළ නොහැකි බැවිනි.
ඒ අනුව පළමුව ඔබ මේ බලු නොවටිනා උපකරණය රුපියල් හැටඑක්‌දහස්‌ හත්සීයක්‌ ගෙවා මිලදී ගත යුතුය. ඊළ`ගට ඔබ කළ යුත්තේ ඔබේ තවත් හිතවතුන් දෙදෙනෙකුට මේ උපකරණ අලෙවි කිරීමය. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට මෙය අලෙවි කළ යුතුවෙයි. මේ ආකාරයට අලුතින් මේ ජාවාරමට ඈදෙන සෑම පුද්ගලයෙක්‌ම අවම වශයෙන් නව සාමාජිකයන් දෙදෙනෙකු ඊට ඈදා ගත යුතුය. ඒ අනුව මෙය දෙකේ ගුණාකාරවලින් වැඩිවෙමින් පිරමිඩාකාරව පහතට විහිදෙන අලෙවි ජාලයකි. (රූප සටහන බලන්න) ඊට සම්බන්ධ වී කඩිනමින් පෝසත් වන්නට බලාපොරොත්තු වන අයෙකු= කළ යුතු වන්නේ දෙකේ ගුණාකාර ඔස්‌සේ තමාගෙන් පහතට විහිදෙන මේ ජාලය හැකිතාක්‌ විශාල කිරීමය. හැකි තාක්‌ අලුත් සාමාජිකයන් ජාලයට එකතු කරගැනීමය. එවිට අලුතින් අලෙවිවන සෑම සෝලා පැනල් කට්‌ටලයක්‌ හරහාම කොමිස්‌ මුදලක්‌ එහි ඉහල සාමාජිකයන් අතට පත්වන අතර ඔබට සතියට ලක්‌ෂ පහලව දක්‌වා ඉපයිය හැකි බව කියන්නේ මේ ආකාරයට ලැබෙන කොමිස්‌ මුදල මගිනි.
බැලු බැල්මට මෙය ලස්‌සන කතාවකි. මෙම ව්‍යාපාරය ස`දහා පුද්ගලයන් පොළඹවා ගනු ලබන්නේද මුළුමනින්ම හැ`ගීම්බර කතා සහ සුරංගනා සිහිනමවා පෙන්වමිනි. තර්ක බුද්ධියට, ප්‍රශ්න කිරීම්වලට කිසිදු ඉඩකඩක්‌ නොතබමිනි. කල්පනා කර, කරුණු විමසා තීරණයක්‌ ගැනීමට නව සාමාජිකයන්ට ඇති නිදහස ඉතා කූට උපක්‍රම ඔස්‌සේ උල්ලංඝනය කරමිනි. කිසිවෙකුගේ අවවාද නොතකා ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් ඔබට ඉතා කෙටි කාලයකින් අති විශාල ධනවතෙකු විය හැකි බව දහඅතේ දිවුරමිනි. ධනාත්මක චින්තනයද ඈදාගනිමින් සිදුකෙරෙන මේ රැවටිලි කතාවෙන් බොහෝ පුද්ගලයන් මෝහනයට පත්වන අතර, තතු දන්නා අය පවා මුදල් අවශ්‍යතාවය නිසාම මෙය අත්හදා බැලීමට යොමුවෙති. ඇත්තෙන්ම මේ ජාවාරමෙන් පෝසත් වූ පිරිසක්‌ද රටපුරා සිටිති. එසේ නම් මෙහි ඇති අර්බුදය හෝ නරක කුමක්‌ද? අප මීළ`ගට කළ යුත්තේ එA කාරණය අවබෝධ කරගැනීමය.
------------------------
මෙය ප්‍රොaඩාවක්‌ වන්නේ ඇයි?
මෙහි ඇති රූප සටහන විමසිල්ලෙන් අධ්‍යයනය කරන්න. එහි පෙන්වා ඇති අන්දමට මෙම අලෙවි ජාලය පහතට විහිදෙන්නේ දෙකේ ගුණාකාර වශයෙනි. එක, දෙක, හතර, අට, දාසය, තිස්‌දෙක, හැටහතර ආදී වශයෙන් පහතට විහිදෙන මේ සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද, එය පහතට යන විට වැඩිවන්නේ අසීමිත වේගයකිනි. උදාහරණයක්‌ ලෙස මෙහි 20වන ස්‌ථරය තුළ සිටිය යුතු සාමාජික සංඛ්‍යාව පන්ලක්‌ෂ විසි හතරදාස්‌ අසූ අටකි. (524288). ඒ පිරිස තව දෙදෙනා බැගින් සෙවූ විට ඊළ`ග ස්‌ථරයේදී සාමාජික සංඛ්‍යාව දසලක්‌ෂ හතලිස්‌ අටදාස්‌ පන්සිය හැත්තෑ හයක්‌ (10 48576) විය යුතුය. ඊට ඉහල ස්‌ථර සියල්ලේ සිටින මුළු පිරිසද එකට එකතු විට ස්‌ථර විසි එකක්‌ යන විට මේ පිරමිඩයේ සිටිය යුතු මුළු සාමාජික සංඛ්‍යාව විසිලක්‌ෂ අනූහත් දහස්‌ එකසිය පනස්‌ එකකි. (20 97151)මේ ව්‍යාපාරයෙන් සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයාගත හැකිවීමේ රහස මෙන්ම මේ ව්‍යාපාරයේ අර්බුදයට යාමේ හේතුව ඇත්තේද මෙතැනය. ප්‍රායෝගිකව මේ පිරමිඩය වැඩෙන්නේ මේ සංඛ්‍යා එලෙසින්ම සම්පූර්ණ කරමින් නොවේ. එහෙත් එය වේගයෙන් ව්‍යාප්ත වන්නකි. වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහල සිටින අයගේ ආදායමද වේගයෙන් ඉහල යනවාසේම, ඒ වේගයටම අනුව මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිසද දිනෙන් දින අඩුවී යයි.
ඒ තත්ත්වය කොතෙක්‌ද යත් මේ ව්‍යාපාරය සිදුවන ක්‍රමයට අනුව මේ සාමාජික ජාලය පහතට වර්ධනය වුවහොත් ස්‌ථර විසි පහකදී එය ලංකාවේ ජනගහන මට්‌ටමද ඉක්‌මවා යයි. ස්‌ථර තිස්‌ හතරකදී එය ලෝක ජනගහනයද ඉක්‌මවා යයි. එහි තේරුම වන්නේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත විය යුතු වේගය අනුව ඉතා කෙටි කාලයකදී එයට මේ රටේ මිනිස්‌සු ප්‍රමාණයද නිසැක ලෙසම මදිවන බවය.
මතු සම්බන්ධයි
(ඉසුරු ප්‍රසංග)

Saturday, February 6, 2016

නිදහස් උත්සවේ දන්නෝ බුදුන්ගේ ගීය අමුතු විදිහට කිව්ව ක්‍රිෂානි කවුද?


68 වන නිදහස් දින සැමරුම අවසන්ව සන්ධ්‍යාවේ කොළඹ ගාළු මුවදොර පිටියේ විචිත‍්‍රවත් සංස්කෘතික උත්සවයක් පැවැත්වුනා. මෙහිදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය පුරාවටම විවිධ චොදනාවන් එම ගායිකාවට එල්ල වෙමින් පවතිනවා. එදින දන්නෝ බුදුන්ගේ ශී‍්‍ර ධර්මස්කන්ධා යන ගීතය බටහිර ඔපේරා තාලයකට ගායනා කරන ලද්දේ කි‍්‍රෂානි ජයසිංහ නම් ගායිකාවකි. මේ නිසාම ඇය ටිංටිං කාටූනයේ එන ඔපේරා ගායිකාව වන බියංකා කැස්ත‍්‍රපියුරිගේ නැගනියට සමාන කරමින් සමාජ ජාල අඩවි වල අපහාස පෝස්ට් ප‍්‍රදර්ශනය කෙරෙමින් පවතිනවා. ඇත්තටම කවුද මේ කි‍්‍රෂානි? ඇය සැබවින්ම ගීත ගායනා කිරීමට නොදත් ඔපෙරා ගායිකාවක්ද?
කි‍්‍රෂානි ජයසිංහ යනු මේ වන විට ලංකාවෙන් බිහිවී තිබෙන විශිෂ්ටතම සොප්‍රානෝ ඔපේරා ගායිකාවයි. ඔපෙරාවෙ මුදුන් මල්කඩ බදුවූ රෝයල් ඔපෙරා හවුස් හී ගායනා කිරිමට වරම් ලද එකම ශ්‍රී ලාන්කිකයා ඇයයි. බටහිර මාධ්ය ඇයව හදුන්වන්නේ ආසියනු සොප්‍රානො කිරුලේ මාණික්යය ලෙසයි. ඔපෙරා ගායනාවන් ලාංකිකයන්ට එතරම් හුරු සංගීත මාධ්‍යයක් නොවෙන බැවින් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ටද මෙවැනි චෝදනාවන් එල්ල විය. එය ශී‍්‍ර ලාංකීය රසඥතාවයේ ගැටළුවක් මිසක එම ගායක ගායිකාවන්ගේ හෝ නිර්මාණවේදීන්ගේ ගැටළුවක් නොවේය. උසස් රසඥතාවයක් අදටත් බොහෝ දෙනාට නොමැති බව පැහැදිලි වන්නේ නිදහස් දිනයේ ගැයුණු එම ගීයට ෆේස්බුක් සමාජ ජාලයෙක් පල කර ඇති අදහස් නිසාය. තවමත් බොහෝ දෙනා ගීත කියා කියන්නේ බස් වල ඇහෙන අදෝනා ගීත බවයි එම අදහස් කියවන විට පැහැදිලි වන්නේ.
(Source: your news.lk)
කි‍්‍රෂානි ගායනා කල ඔපේරාවක්
කි‍්‍රෂානි නිදහස් දින ගායනා කල ගීතය



Friday, February 5, 2016

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”

“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”
ජාතික ගීයේ දමිළ අනුවාදනය මේවනවිට බුකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වී හමාරයි.
ශ්‍රී-ලංකාව මත ඉපිද ශ්‍රී-ලාංකික පොළවෙන්, සුළඟෙන්, ජලයෙන් පෝෂනය වූ අපි එකිනෙකා හා සන්නිවේදනය සඳහා භාවිතා කරන මිනිසා නිර්මාණය කරගත් භාෂාවක් පමණක් පදනම් කර ගනිමින් දශක 3ක් පුරාවට එකිනෙකා මරා ගත්තෙමු.
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව දෙස බැලීමේ දී තේරුම් ගතහැකි ප්‍රධාන කරුණ නම් දශක 3ක් පුරාවට පැවැති සිවිල් යුද්ධය අවසන්කොට වසර 6ක් අවසන්ව ඇති නමුත් තවමත් ශ්‍රී-ලාංකික ජනතාව තුල එකිනෙකා කෙරෙහි අනයෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.
දමිළ භාෂාව කතාකරන ජනතාවටත් ජාතික ගීය ගායනා කරන විට තමාගේය යන හැඟීම ඇතිවිය යුතු බව සත්‍යකි. ජාතික ගීයේ දමිළ අනුවාදනය භාවිතා කිරීම තුලින් දමිළ භාෂාව කතාකරන ජනතාව තාවකාලිකව ආමන්දානයට පත්කළ හැකි නමුත් එය මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ.
පලමු කොටම ජාතික ගීය දමිළ බසින් ගායනා කළ යුතු බවට දමිළ ජනතාව තුල මතයක් ගොඩ නැඟෙන්නේත් එසේ ගායනා කරනවාට සිංහල ජනතාව විරුද්ධ වන්නේත් එකම කාරණාවක් පදදනම්කොට ගනිමිණි. එනම් අප දෙකොට්ඨාශය අතර අනයෝන්‍ය විශාවාසයක් නොපැවතීමයි. අප පවතී නම් දමිළ ජනතාවට සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීමටත්, සිංහල ජනතාවට ජාතික ගීයේ දමිළ අනුවාදනයට විරුද්ධ වීමටත් කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවේ.
සිංහල ජනතාවත් දමිළ ජනතාවත් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා ඔවුන් අතර ඇති ගැටළු, විරසක, සබඳතා ආදී සියළුම කරුණු පිළිබඳව සංවාද මණ්ඩපයක් ඇතිකළ යුතුව ඇත. ඒ තුලින් එකිනෙකාගේ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමටත්, ඒවා අතර ඇති විවිධත්වය, වෙනස්කම් වටහා ගැනීමටත්, ඒවාට ගරුකිරීමටත් උගත යුතුව ඇත.
අප අතර විශ්වාසය ගොඩ නැඟීමකින් තොරව ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම වැනි සිල්ලර ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව පාලකයනුත්, ජනතාවත්, සමාජ ක්‍රියාකාරීනුත් අවබෝධකරගත යුතුය.
මේ ජාතික ගීයේ දමිල අනුවාදනය ගායනා කිරීම වැරදියි කියනවා නොවේ. නමුත් නැවත වතාවක් අප රට ජාතිවාදී ගිනිදැල්වලින් වෙළීයාම නැවැත්වීමට නම් ජාතීන් අතර අනයෝන්‍ය විශ්වාසය වර්ධණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතුව ඇත.
“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”

ලිපිය Prasad Welikumbura

Thursday, February 4, 2016

ඇයි රැවටෙන්නේ..?

ජාතික ගීය දෙමලෙන් කිව්වට අපි විරුද්දයි. කිව්වට අපි පක්ෂයි. ඔය ඔක්කොටම කලින් කියන්න ඇයි අපි දෙමළෙනුත් කිය යුත්තේ? දෙමලෙන් නොකිව්වයි කියල මොන මනුස්සයද තරහ වෙන්නේ? කොයි දෙමල ජාතිකයද " ශ්‍රී ලංකා මාතා" නොදන්නේ?

මෙතුවක් කාලෙකට දෙමලෙන් ජාතික ගීය තිබ්බ. එක්දාස් බර ගණන් වල අපි කිව්වා, ඉතින්? ආයේ කියන්න ඕනේ ඇයි?

රටේ ඒකීයභාවය නැති වෙනවා නම් දෙමලෙන් ජාතික ගීය නොකිව්වම මොකක්ද මේ රටේ ඒකීයභාවය? නැත්නම් සමගිය?

ඔය ගීත, කොඩි හැම දේම තියෙන්නේ මිනිස්සු එකමුතුව තියා ගන්න. ඒකයි ඒවා එකක් තිබිය යුත්තේ. ඒවා දෙකක් උනාම එතනත් ප්‍රශ්න නේද?
මෙතුවක් කාලෙකට නොතිබ්බ ප්‍රශ්න ඇයි දැන්? හිටං ආපුම ගමන් මොන එහෙකටද හැමෝටම අමතක වෙලා තිබ්බ දෙමළ ජාතික ගීයක් ගෙනාවේ? ඒ මනුස්සයට අපි බලය දුන්නේ ජාතික ගීයක් ප්‍රධාන මාර්තුකාව කරන්නද? කොහෙවත් තිබ්බේ නැති දේවල් එලියට දාල තිබ්බ දේවල් යට ගහල මෙයාල මොනවද කරන්නේ?

අපේ අවි බලය

නිදහස් දිනයේ අවිබලය පෙන්වීම හෙවත් අපි ඉන්නේ අමු නිරුවතින් යැයි ලෝකෙටම පෙන්වීම ගැන පොඩි අදහසක් සයිබර වරිගෙ උණ්ඩියාගෙ වෝල් එකෙන්....
"..... මේ යුද බල පෙන්නීමේ තේරුම මොකක්ද?
මේ කළාපයේ මාල දිවයින, නේපාලය සහ භූතානය හැර අනෙක් සියළුම රටවල්, ඒ වගේම නැගෙනහිරට බැලුවාම අග්නිදිග ආසියාවේ රටවල් 90%, වයඹ දිගට බැලුවාම සමස්ථ මැද පෙරදිගම වගේ අපිට වඩා බෙහෙවින්ම යුද ශක්තියෙන් හෙබි රටවල්...
ඉන්දියාව මේ මෑතකදි මෙරටට එවපු "INS වික්‍රමාධිත්‍ය" ගුවන් යානා හාරක යුද නෞකාවෙ Full Flight deck එක මිග් - 29 ඉදිරිපෙළ ප්‍රහාරක යානා 25 ක්....සමස්ථ ශ්‍රී ලංකා ගුවන් හමුදාවම විනාඩි 25 - 30 ක් වගේ ඇතුළත අකර්මණ්‍ය කරන්න ඒ නෞකාව සතු ගුවන් බලය වැඩිපුරත් එක්ක ප්‍රමාණවත්.... ඒ නෞකාවට සහායට එවපු පරිවාර නෞකාව "INS මයිසූර්" කියන ඩිස්ට්‍රෝයර් නෞකාව සමීප සටනකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම ඉදිරිපෙළ යාත්‍රා ඉතා පහසුවෙන් විනාශ කිරීමට සමත්....අසල්වැසි රටක් නැව් දෙකක් එව්වාම තත්වය මේකයි....
කෆීර් ජෙට් යානාව කියන්නෙ 1970 දශකයෙදි ඔපෙක් සංවිධානයේ තර්ජනය මත ප්‍රංශය ඊශ්‍රායලයට "මිරාජ්" ප්‍රහාරක යානා සැපයීම අත්හිටවූ මොහොතේ, ඊශ්‍රායලය ඊට දේශීය විකල්පයක් වශයෙන්, ප්‍රංශ මිරාජ් ප්‍රහාරක යානාවන් ගලවා අධ්‍යයනය කර නිර්මාණය කරපු එක...1990 පමණ වනවිට ඊශ්‍රායලය මේ ගුවන් යානය භාවිතය අත්හැර දැමුවා...
මිග් - 27 කියන්නෙ සෝවියට් සමූහාණ්ඩුව ඇෆ්ගනිස්ථානයේ ගරිල්ලා සටන් වලට මුහුණ දෙනවිට, ගරිල්ලා සටන් බිම් වෙත ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම සඳහා සුවිශේෂිතව 1972 වසරේදී හඳුන්වා දුන් Ground-attack Aircraft එක...1985 පමණ වනවිට රුසියාව මේ යානය භාවිතය අවම කළා...2005 පමණ වෙනතෙක් එය පුහුණු ගුවන් යානයක් ලෙස රුසියාවේ භාවිතයට ගැණුනා...දැන් ඉන්දියන් ගුවන් හමුදාව වගෙ හමුදාවල් කිහිපයක සංචාරක සේවා ( ජෙට් ප්‍රහාරක යානා සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගැනෙනවා ), සහ පුහුණු, විමර්ශණ කටයුතු සඳහා භාවිතා කරනවා...
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන යුද ටැංකිය වන T-55 යුද ටැංකිය 1950 වසරේදී සෝවියට් රුසියාව ලොවට හඳුන්වා දුන් අවියක්....
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජයදාරී යාත්‍රාව වන "SLNS සයුර" සහ එහිම නිවුන් සොයුරිය වන "SLNS සාගර" දෙකම ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුනු / මිළට ගත් ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රා දෙකක්.. නාවික හමුදාව සතු අනෙක් Offshore Patrol Vessel (OPV) එක වන "SLNS සමුදුර" ඇමරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර, පසුව මෙරටට පරිත්‍යාග කෙරුනු යාත්‍රාවක්...
මේ අවි ශ්‍රී ලංකාව ගරිල්ලා යුද භාවිතයෙදි Refit / Upgrade එහෙම කරා තමයි...ඒත් පරණ දේවල් Upgrade කරන්න පුලුවන් සීමාවක් තිබෙනවා....කල්පනා කරලා බලන්න iPhone 3s එකකට iOS 9.3 දාන්න පුළුවන්ද කියලා....
මේ අවි ප්‍රදර්ශණය කරමින් යෑම ආරක්ෂිත බව පෙන්වීමක්ද? අනාරක්ෂිත බව පෙන්වීමක්ද?"
EDIT: අපේක්ෂා කළා වගේම දැන් සමහරු ඇවිල්ල කියයි "ඒ වුණාට ඔය ටිකෙන් නෙ අපි කොටින්ට ගැහුවෙ" කියල.... ඔව්.... ඒකනම් ඉතිං එහෙම තමයි.... නමුත් පුද්ගලික රුචි අරුචිකම් පැත්තල තියල අවංකව සලකා බැලුවොත් කොටි හැදුවා අපිට වඩා අලුතෙන්ම ආයුධ.... කිසිම රටකින් ඍජු ලෙස අවි ආධාර නැතුව හුදෙකලා අභ්‍යන්තර සටනක් කරපු ගරිල්ලා ත්‍රස්තවාදීන් ටිකකට කෙළීම, ලෝකෙ ඉදිරියේ අපේ බලය පෙන්වීමට උදාහරණයක් කරගන්න එපා... හෙට ඉන්දියාවෙන් ලංකාවට යුද්ධ ප්‍රකාශ කළොත් ඔය ආඩම්බරේ කන්න ද?


වෙන්නේ මොනාද

ජාතික ගීය දෙමළෙන් ගැයීම හොඳ දෙයක්ද නරක දෙයක්දැයි විශ්ලේෂණාත්මකව තේරුම් ගැනීමට තරම් මගේ බුද්ධි මට්ටම මුහුකුරා ගොස් නැත. එහෙත් මගේ පුංචි මොළයට තේරෙන එක දෙයක් ඇත.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ප්‍රතිපාදන සකස් කරන බවට ජනවාරි 8 සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙලේ වත් අගෝස්තුවේ ආ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේවත් තිබූ බවක් මතක නැත.
ඒ කිසිවක ලියා නොතිබූ මෙම ජාතික ගීයේ කාරණය හරියට නිකං මේ රට මහා අඳුරු භයානක පිටසක්වල ආක්‍රමණයකිං බේරා ගන්නට නං කරන්නට තියෙන එකම දේ වගේ හිතා ප්‍රමුඛතාවය දෙනවා වුණත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ලියා තිබූ එදා වැදගත් ලෙස පෙන්නූ බොහෝ දේවල් කරන්නට තියා හිතන්නටවත් පටං ගන්නා පාටක් පේන්න නැත

ලිපිය Ravisha Thilakawardana

විරුවෙක් සහ ...........

මේ කියන්න යන්නේ තවත් වීරයන් දෙදෙනෙක් ගැන කතා පුවතකි. සහෝදර සෙබළුන්ගේ මොරාල් එක රැක ගැනීමට නොබියව සටන් බිමට ගිය අපේ යුගයේ රණකාමී විරුවන් දෙදෙනෙකු ගැන අපූරු කතා පුවතකි
ඇසට ඇස ඉල්ලන ලෙයට ලෙය ඉල්ලන රුදුරු යුධ බිමක රණකාමී මානසිකත්වය පහත නොවැටී රැක ගැනීම ඉතා අපහසු කටයුත්තකි. තව මොහොතකින් කොහේ හෝ සිට පතිත වන උණ්ඩයක් හිස මතට පතිත විය හැකි නම් මෝටාර් කාළතුවක්කු මල්ටිබැරල් පහරකට හසු විය හැකි නම් රණකාමීත්වය, වීරත්වය පරයා භීතිය අසරණ බව මතු විය හැක. එය සංග්‍රාම භූමියට නුසුදුසු හැඟීමකි. මෙවැනි අසීරු මොහොතක සෙබලෙකු ලෙස ඔබ හා සමග සංග්‍රාම භූමියේ උරෙනුර ගැටී සටන් කරනුයේ ඔබේ අණදෙන නිලධාරියා නම් ඔබේ නායකයාගේ පුත්‍රයා නම් ඔබට ලැබෙන ජවය ඉතා අපූරු එකක් වනු ඇත. මේ කියන්න යන්නේ එබඳු බිහිසුණු මොහොතක තම සගයන් වෙනුවෙන් දිරි දුන් අපූරු විරුවන් දෙදෙනෙක් ගැන පුවතකි
පළමු රූපයෙන් දැක්වෙන්නේ ජෙනරල් හැමිල්ටන් වනසිංහ නම් හමුදාපතිවරයාගේ බෑණනුවන් වූ බ්‍රිගේඩියර් භාතිය ජයතිලක විරුවාණන්ය. අලිමංකඩ කඳවුර ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙද්දී කඳවුර අත්හැර පලා එන්නට කොළඹින් අණ ලැබෙද්දීත් කඳවුරට වතුර දුන් ළිං ත්‍රස්තයන් සතු වෙද්දී තම අත රැඳි බෝතලයේ වතුරත් සහෘද සෙබළුන් හට ලබා දී ආයුධ ත්‍රස්තයන් අතට පත් නොවී විනාස කරන තුරු රැඳී හිඳ රණබිම මතම ජීවිතය පූජා කල අපේ කාලයේ විරුවා ඔහුය. බොන්න දිය බිඳක් නැතිව මරුවා පෙනි පෙනී සටන් කරද්දී පවා තම බ්‍රිගේඩියර් වරයා ජෙනරාල් වරයාගේ පුත්‍රයා සටන් බිම රැඳී හිඳීම සෙබළුන්ගේ චිත්ත ධෛර්‍යයට අපූරු උත්තේජකයක් වූවට සැකයක් නැත
දෙවැනි පින්තූරයෙන් දැක්වෙන්නේ එවකට සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා යෝෂිත රාජපක්ෂය. ඔහුද බ්‍රිගේඩියර් භාතියට නොදෙවෙනි රණවිරුවෙකි. නාවික හමුදා නිලධාරියෙකු වීමට අවශ්‍ය අවම සුදුසු කම වූ උසස් පෙළ පවා අසමත් වූවත් රණබිම වෙනුවෙන් කැකෑරෙන රුධිරය නිසා සහෘද සෙබළුන්ගේ චිත්ත ධෛර්‍‍යය වර්ධනය කිරීමට බලහත්කාරයෙන් හෝ හමුදාවට බැඳුනු යුගයේ අපූරු විරුවෙකි. හමුදාවට බැඳී දවස් විස්සකින් අනතුරුව සාම්ප්‍රදායිකව මාස නමයක පුහුණුවකින් පසු දක්ෂතම කැඩෙට් නිලධාරියාට ලැබෙන පුහුණුව වූ ඩාට්මත් රෝයල් නේවල් ඇකඩමියේ පුහුණුවට ඇතුල් වූ යුගයේ අපූරු විරුවා ඔහුය. දින 20ක දේශීය පුහුණුවකින් පසු මාස 20ක් පුරා රුපියල් මිලියන ගණන් වැය කරමින් විදේශීය පුහුණුව ලැබූ මුත් කිසි දිනෙක සටන් බිමක තබා ආචාර වෙඩිමුරයකට මිසක උණ්ඩයක් පත්තු වෙන තැනක නොසිටි මේ යුගයේ අපූරු විරුවා දුප්පත් දෙමවුපියන්ගේ දරුවන් නන්දිකඩාල් වල සාම්පූර් වල කන්න බොන්න නැතුව මරුවා උදාවෙන මොහොත දෙස කොයිබදැයි සිතමින් සටන් කල සෙබළුන්ට මහත් චිත්ත ධෛර්‍යයක් වූ බව නම් නිසැකය

ලිපිය Ravisha Thilakawardana