Friday, June 16, 2017

කොටසක් මිලට ගත් පසු විකුනන්නේ කෙසේද?

 මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ GSF.N කියන සමාගමේ කොටස් විකුණුම් දර්ශකය (පැරණි එකක්) මෙහි රතු හා කොළ පාටින් දෙපැත්තක් තියෙනවා.
No automatic alt text available.කොළ පාට පැත්තේ ඉහලින්ම තියෙනවා 1-500-30.80 කියල
රතුපාට පැත්තේ ඉහලින්ම තියෙනවා 31.60-700-1
කොළ පාට සයිඩ් එකේ ඉන්නේ ගැනුම්කරුවන්. එක්කෙනෙක් කොටස් 500ක් ඉල්ලනවා එක කොටසක් රු. 30.80 කට. එතකොට එම ගනුදෙනුවේ මුළු වටිනාකම 15400.00ක් වෙනවා. දෙවෙනි එක බලන්න දෙන්නෙක් ඉල්ලනවා කොටස් 5100ක් එකක් 30.70 ගානේ.
දැන් රතු, රතු සෙට් එක තමා සමාගමේ අයිතිකාරයෝ. එයාලගෙන් පළවෙනියටම ඉන්නේ අඩුවටම දෙන කෙනා. එයා කියනවා එක කොටසක් රු. 31.60 ගානේ මගේ ලග කොටස් 700ක් තියෙනවා කැමති නම් ගන්න. එතන වටිනාකම 22120යි රුපියල්. ඉලගට දෙන්නෙක් 31.80 ගානේ 1507ක් කොටස් විකුනනවා.
දැන් මේ විදියට දෙපැත්තට බෙදිලා ඉන්නකොට බලන්න ගැනුම් මිල 30.80යි එත් විකුනන්න කැමති 31.60 ගානේ. ශත 80ක වෙනසක් තියෙන්නේ. එක්කෝ ගැනුම් කරුවෙක් විකුණුම් කරුවාගේ මිලට කැමති වෙන්න ඕන. නැත්නම් විකුනුම්කරුවෙක් ගැනුම් කරුවාගේ මිලට කැමති වෙන්න ඕන. එහෙමත් නැතිනම් අර 0.80 අතර හිඩැසට තව ගනුම්කරුවෙක් හෝ විකුනුම්කරුවෙක් ඇවිත් මිල ගණන් ඉදිරිපත් කරන්න ඕන. අන්න ඒ විදියටයි කොටසක් විකිණිය හැක්කේ.
තව දෙයක් කෙනෙක් 500ක් විකුනනවා නම් ඔබ ඒ 500ම මිලදී ගත යුතු නැහැ. ඔබට අවශ්‍ය නම් 1ක් මිලදී ගන්න පුළුවන්.
(මාගේ දැනීමේ හැටියට ලිව්වේ. අඩුපාඩු තිබේ නම් සකසන්න. ගැටළු තිබේ නම් විමසන්න.    මා මේ පැහැදිලිකර ඇත්තේ DirectFN සොෆ්ට්වෙයා එක ගැනයි.)

No comments:

Post a Comment