Showing posts with label ආයෝජනය කරමු. Show all posts
Showing posts with label ආයෝජනය කරමු. Show all posts

Friday, June 16, 2017

CDS ගිණුමක් සාදා ගන්නා ආකාරය හා බ්‍රෝකර් සමාගමක් තෝරා ගත යුතු ආකාරය..

කලිනුත් මේ ගැන ලිව්වා.. එත් එ පොස්ට් යට ගිහින්, අලුතෙන් එන අය ආය ආය අහනව "CDS ගිනුමක් විවුර්ත කරගන්න විදිය හා ගනුදෙනු කරන ආකාරය. එ නිසා මෙ තමා අවසාන වතාව එ ගැන ලියන.
ලන්කාවෙ කොටස් වෙලද පල තුල ගනුදෙනු කරන්න අවශ්‍ය CDS ගිනුම් නොමිලේ හදා ගන්න පුලුවන් බ්‍රෝකර් ආයතන හරහා පමනයි. එ බ්‍රොකර් සමාගම් ලැයිස්තුවක්ම තියෙනව. (මේ සදහා ශත පහක් වැය කල යුතු නෑ)
මෙ බ්‍රෝකර් සමාගම් වලින් බහුතරයක් online ගනුදෙනු කිරීමේ පහසුකම් ලබා දෙනව. හැබැයි නොයෙක් සමාගම් වල එ සදහා නොයෙක් කොන්දේසි තියෙනවා.. සමහර සමාගම් ඔබ ආයෝජනය කල මුදල මත තමා තීරනය කරන්නෙ ඔබට එ පහසුකම දෙනවද නැද්ද කියන එක. (මම නම් එවැනි සමාගමක CDS ගිනුම හදන්නෙ නෑ)
තවත් සමාගම් තිබේ ඔබ ආයෝජනය කල මුදල අදාල කර නොගෙන ඔබට online පහසුකම ලබා දෙන. (අන්න එ සමාගමක් නම් හොදයි කියල හිතෙනවා)
පැහැදිලියිද සමාගමක් තෝරගන්න විදිය.
ඊලගට ඔබ කෙසේද ගිනුම හදා ගන්නෙ.. ඔන්ලයින් පහසුකම දෙන සමාගමක් තෝරගෙන ඔබ එම සමාගමට කතා කරල හෝ සමාගමේ බ්‍රෝකර් කෙනෙක් හරහා ගිනුම හදා ගන්න පුලුවන්. ඒ සදහා ඔබ ලන්කාවෙ හිටියත් එකයි නැතත් එකයි.. ඔබගෙ අයදුම්පත්‍ර තැපැල් මගින් ගෙන්වාගෙන ඔබට ගිනුම හදා ගන්න පුලුවන්. එ සදහා ආයතනයට යන්නම වුවමනාවක් නෑ.. (හැබැයි ආයතනයට ගිහින් කරොත් වැඩෙ ඉක්මන්)
CDS ගිනුම විවුර්ත කරාට පස්සෙයි ඔබ ආයෝජනය කරන මුදල බ්‍රොකර් සමාගමට දෙන්න ඕන. ඒකත් දැන් online බැන්කු පහසුකම හරහා සල්ලි බ්‍රෝකර් සමාගමේ ගිනුමට බැර කරල මුදල් බැර කරපු රිසිට් එකෙ ස්ක්‍රීන්ශොට් එකක් යවල වැඩෙ කරගන්න පුලුවන්.
මීට වසරකට එකහමාරකට පමන පෙර මම CDS ගිනුම හැදුවෙ ගෙදර ඉදන්. සියලුම ගනුදෙනු කරෙ ගෙදර ඉදන්... ඔබටත් පුලුවන්. අවශ්‍ය උවමනාව විතරයි...
විශේශ ඉල්ලීම ඔබ බ්‍රොකර් සමාගමක නියොජිතයෙක් නම්, ඔබ සමාගම ගැන විස්තර මෙම පොස්ටුවෙ සදහන් කරන්න.. ඔබට තව ගනුදෙනු කරුවෙකු ලැබේවි...
*** හොදට මතක තියා ගන්න සමාගම කුමක් වුවත් ඔබ තෝරාගන්නා බ්‍රෝකර් (නියෝජිතයා)තමයි හොද විය යුත්තෙ. රු.1000 ආයොජනය කල ආයෝජකයා වෙනුවෙනුත් තමන්ගෙ කාලය වැය කිරීමේ හැකියාවක් ඔහුට තිබිය යුතුයි. එසෙ නැති නම් බ්‍රොකර් මාරු කරන්න. මෙය මගෙ උපදෙසක්....


Image result for sri lanka stock market CDS account😁

කොටසක් මිලට ගත් පසු විකුනන්නේ කෙසේද?

 මෙම ඡායාරුපයෙන් දැක්වෙන්නේ GSF.N කියන සමාගමේ කොටස් විකුණුම් දර්ශකය (පැරණි එකක්) මෙහි රතු හා කොළ පාටින් දෙපැත්තක් තියෙනවා.
No automatic alt text available.කොළ පාට පැත්තේ ඉහලින්ම තියෙනවා 1-500-30.80 කියල
රතුපාට පැත්තේ ඉහලින්ම තියෙනවා 31.60-700-1
කොළ පාට සයිඩ් එකේ ඉන්නේ ගැනුම්කරුවන්. එක්කෙනෙක් කොටස් 500ක් ඉල්ලනවා එක කොටසක් රු. 30.80 කට. එතකොට එම ගනුදෙනුවේ මුළු වටිනාකම 15400.00ක් වෙනවා. දෙවෙනි එක බලන්න දෙන්නෙක් ඉල්ලනවා කොටස් 5100ක් එකක් 30.70 ගානේ.
දැන් රතු, රතු සෙට් එක තමා සමාගමේ අයිතිකාරයෝ. එයාලගෙන් පළවෙනියටම ඉන්නේ අඩුවටම දෙන කෙනා. එයා කියනවා එක කොටසක් රු. 31.60 ගානේ මගේ ලග කොටස් 700ක් තියෙනවා කැමති නම් ගන්න. එතන වටිනාකම 22120යි රුපියල්. ඉලගට දෙන්නෙක් 31.80 ගානේ 1507ක් කොටස් විකුනනවා.
දැන් මේ විදියට දෙපැත්තට බෙදිලා ඉන්නකොට බලන්න ගැනුම් මිල 30.80යි එත් විකුනන්න කැමති 31.60 ගානේ. ශත 80ක වෙනසක් තියෙන්නේ. එක්කෝ ගැනුම් කරුවෙක් විකුණුම් කරුවාගේ මිලට කැමති වෙන්න ඕන. නැත්නම් විකුනුම්කරුවෙක් ගැනුම් කරුවාගේ මිලට කැමති වෙන්න ඕන. එහෙමත් නැතිනම් අර 0.80 අතර හිඩැසට තව ගනුම්කරුවෙක් හෝ විකුනුම්කරුවෙක් ඇවිත් මිල ගණන් ඉදිරිපත් කරන්න ඕන. අන්න ඒ විදියටයි කොටසක් විකිණිය හැක්කේ.
තව දෙයක් කෙනෙක් 500ක් විකුනනවා නම් ඔබ ඒ 500ම මිලදී ගත යුතු නැහැ. ඔබට අවශ්‍ය නම් 1ක් මිලදී ගන්න පුළුවන්.
(මාගේ දැනීමේ හැටියට ලිව්වේ. අඩුපාඩු තිබේ නම් සකසන්න. ගැටළු තිබේ නම් විමසන්න.    මා මේ පැහැදිලිකර ඇත්තේ DirectFN සොෆ්ට්වෙයා එක ගැනයි.)

Saturday, September 3, 2016

කොටස් වෙළදපලේ සමාගම් ගැන විස්තර හොයාගන්නේ කොහොමද?


ඊයේ (2016/09/03) අපේ ෆේස්බුක් ගෘප් එකේ ( ආයෝජනය කරමු ) පළමු වැඩමුළුව පැවැත්වුවා... එතැනදී කීපදෙනෙක් ඇහුවනේ සමාගම් ගැන විස්තර හොයාගන්නේ කොහොමද? සමාගම් ලාභාංශ ගෙවන්නේ කොහොමද වගේ  ගැටළු ටිකක්.  


ඒ ගැන මම හොයාගන්න විදිය කියන්නම්.. හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ. නමුත් මම බලන්නේ මෙන්න මේ විදියට.

ඒ තමයි CSE වෙබ් අඩවියෙන්, (http://www.cse.lk/home.do)

 මෙන්න මේ වෙබ් අඩවියේ "SEARCH" බාර් එක තුල ඔබට අවශ්‍ය කරන සමාගමේ සම්පුර්ණ නම හෝ එහි කෙටි නම ( උදා :


JOHN KEELLS HOLDINGS PLC = JKH.N0000 ) සටහන් කර එම සමාගමේ අදාළ විස්තර ලබා ගත හැකියි.


මම උදාහරණයට JKH.N දෙන්නම් .. වෙබ් අඩියේ ජෝන් කීල්ස් සමාගම්  මෙන්න මෙහෙම පෙන්නේ..

මේ විදියට ඔබට සියලුම සමාගම් වල විස්තර ලබාගන්න පුළුවන්. තව ඇහුව නේද ලාභාංශ ගෙවන ඒවා දැනගන්නේ කොහොමද කියල.. මේ ඉහත රුපයේ "Announcement" කියල තියෙනවා නේද? අන්න එතන ක්ලික්  කරන්න 



ඔබට පෙනෙනවාද කහපාටින් පාට කරපු ටික?
DIVIDEND ANNOUNCEMENT   
24 May 2016
Date of Announcement: - 24.May.2016 
Rate of Dividend: - Rs. 1.50 per share / Final Dividend 
Financial Year: - 2015/2016 
XD: - 02.Jun.2016 
Payment: - 13.Jun.2016 
Share Transfer Book Open 


2016 මැයි මාසේ දාහතර වෙනිදා තමා නිවේදනය කරේ. XD දිනය ජුනි 02,  ජුනි 02 වෙනිදා වෙනකොට ඔබ සතුව තිබෙන සෑම JKH.N කොටසකටම රුපියලයි ශත පනහක් ලැබෙනවා ජුනි 13 වෙනිදට. පැහැදිලිද?

මට මතක විදියට ඒ දවස් ටිකේ එක ශෙයා එකක් 160ක් වගේ උනා. (මමත් ටිකක් ගත්ත :p ),  

ඔබ රුපියල් 1600ක් වියදම් කරලා කොටස් 10ක් අරගෙන තිබ්බොත් ජුනි 13 වෙනිදට රුපියල් 15ක් චෙක් එකකින් හරි බැංකු ගිණුමට හරි (එය ඔබ CDS ගිණුම හදනකොට කියපු විදියට) බැර වෙනවා.

සමාගම් ලාභාංශ ගෙවන විදිය ගණන  හැම  වෙලේම එක වගේ නෑ.. ඒ නිසා මම කිහිපයක් උදාහරණ විදියට දෙන්නම්.  තව දෙයක් අපි ඉතින් සුළු ආයෝජකයෝනේ.. ඒ නිසා පොඩි පොඩි ගණන් චෙක් වලින් ආවට බැංකුවට  යන්නත් කරදරයි  ඕව මාරු කරන්න. ඉතින් CDS ගිණුම හදනකොටම කියල තියන්න ලභාංශ කෙලින්ම බැංකුවට යවන්න කියල. 

DIVIDEND ANNOUNCEMENT (DIST.N0000)  

01 August 2016
Date of Announcement: - 01.Aug.2016 
Rate of Dividend: - Rs. 3.35 per share / Final Dividend 
Financial Year: - 2015/2016 
Shareholder Approval: - Required 
AGM: - 06.Sep.2016 
XD: - 07.Sep.2016 
Payment: - 19.Sep.2016 
Share Transfer Book Open 
මේකේ එක කොටසක් මේ මොහොතේ 267.10 ක් වෙනවා (මේ ලියන්නේ ඉරිදා නිසා ගාන හෙට වෙනකම් මෙහෙමයි )
DIVIDEND ANNOUNCEMENT (LALU.N0000)

15 August 2016
Date of Announcement: - 15.Aug.2016 
Rate of Dividend: - Rs. 2.00 per share / First & Final Dividend 
Financial Year: - 2015/2016 
Shareholder Approval: - Required 
AGM: - 22.Sep.2016 
XD: - 23.Sep.2016 
Payment: - 03.Oct.2016 
Share Transfer Book Open