Saturday, August 6, 2016

කොටස් වෙළදපල ගනුදෙනු ගෙදර ඉදන් කරමු.

හොදයි ගොඩක් කට්ටියට උනන්දුවක් තියෙනවනේ කොටස් වෙළදපලට සම්බන්ද  වෙන්න. ඉතින්  මන් කලින්  කියල දුන්න කොහොමද සම්බන්ද  වෙන්නේ  හා මොනවද  කරන්න  ඕන  කියල.  හැමෝටම තේරුනා  කියල හිතනවා.. නොතේරුනා  නම්  කමෙන්ට්  මගින්  ඒ  පොස්ට්  එකේ  අහන්න  කියල  දෙන්නම්  දන්න  දෙයක්  තියේ  නම් ..  ඒ  පොස්ට්  එකට මෙතනින්  යන්න 


හරි මගේ ලිපි බොහොම පොඩියි  හරිද, ඔයාල CDS  ගිණුමක් හැදුවට පස්සේ  ප්‍රශ්නය  තම දැන්  මන් මොකද කරන්නේ කියල. සරලවම ඔබට ඔබේ බ්‍රෝකර් හරහා ඒ ගැන විමසන්නත් පුළුවන්. මන් කියන්නම් මම කරපු  විදිය. CDS  එක  හැදුවට පස්සේ මට ලැබුන මගේ ඊමේල්  එකට username එකක්  හා password එකක්, ඒවා මගින් ලොග් වෙලා  මගේ ගනුදෙනු කරන්න ඕන නිසා  මම මගේ බ්‍රෝකර් කම්පනියේ අන්තර්ජාල පහසුකම ලබා දෙන DirectFn කියන සොෆ්ට්වෙයා එක  ඉන්ස්ටෝල් කරගත්ත මගේ කම්පියුටරයට. (ඉදිරියේදී එය වෙනස් වීමට නියමිත බව බ්‍රෝකර් ආයතනය මගින් දැනුම් දුන්න)




එතකොට එන්නේ නම් නිකන්ම කළු පසුබිමක් සහිතව. watch list එක තුලින් වෙළදපලේ ඔබට අවැසි විදියට සමාගම් ඇතුලත් කර හදා  ගන්න  පුළුවන් මේ වගේ ලැයිස්තුවක්.

වෙළදපල තුල සමාගම් වල නම් දක්වන්නේ  සංකේත අකුරු වලින්. බලන්න පහත පින්තුරය




CSF.N / TESS.N / ASIY.N වගේ සංකේත.  ඊළගට සමාගමේ නම තියෙනවා. කොටස්  මිල ඉල්ලපු ගණන්  සහ  ප්‍රමාණය , විකුනන්න තියෙන ගාන  හා  ප්‍රමාණය. අවසානෙට විකුනපු  ගාන, කොටස්  ගාන ,  ඔය  විදියට  විස්තර ඇතුලත් වෙනවා.

සාමාන්‍ය කොටසක මිලකට  පරාසයක් නැහැ. සමහර සමාගම් වල  කොටසක් ශත ගණනක්  වනකොට තවත් සමාගමක කොටසක්  දාහක් වගේ  වෙනවා. උදාහරණයකට බලන්න  TESS.N කොටසක මිල හා ASHO.N  කොටසක මිල.

අදට ඔච්චරයි.. :) ඇතිනේ ආයේ ප්‍රතිචාර වල  හැටියට ලියන්නම්.. එකතුවෙන්න අපේ ෆේස්බුක් සමුහය එක්ක මෙන්න මෙතනින් 

1 comment:

  1. Niyamay ayyaa..supiri post eka.....oyala wage ayata wadi wdiyen labenna one me karana upakaara walata

    ReplyDelete