Wednesday, April 20, 2016

~~ ළඳුනේ ගිතයට කතාවක්.. ~~

"මචන් අර කෙල්ල.. අර කෙල්ලව මට හොදට දැකල පුරුදුයි.."
"කොයි කෙල්ලද බන්" චරිත්ගේ කීමට අසේල දළදා මාලිගාව වටේටම
බෙල්ල කරකවමින් ඇහුවේ... "අර බන් මල් ගොට්ටක් අතේ
තියාගෙන සුදු බ්ලව්ස් එකයි දිග සායයි ඇඳගෙන ඉන්නේ" "අර කනුව
ගාව ඉන්න කෙල්ලද?" "ඔව් ඔව් ඒ කෙල්ල තමයි" "උබට ඉතින්
හැම කෙල්ලම දැකල පුරුදුයිනේ.. කොහේදී හරි බස් එකකදී නම්බරේ දෙන්න ගිහින් කන අතගාව ගන්න ඇති" කන නෙමේ අතගාව ගත්තේ කියල අසේලයට උත්තර දෙන්න කට ඇරියත් චරිත් ඒ වචන ටික එලියට දැම්මේ නැහැ. ඒකට හේතු ගොඩාක් තිබ්බ. "මෙන්න මෙහෙ වරෙන් යකෝ ඔය කෙල්ල දිහා බලාගෙන ඉන්නේ නැතුව එකී උබට වඩා වැඩිමල්" කියලා අසේල චරිත්වත් ඇඳගෙන දළදා වහන්සේ වඳින්න යන පෝලිමට එකතු වුනා..
"බලපන්කො අර කොල්ල උඹ දිහා බලාගෙන ඉන්න හැටි. උබ ඒ  කොල්ලව අදුරනවද?" ශානිකාගේ ප්‍රශ්නෙන් ගැස්සුනත් පබෝදා මුකුත් නොකියා හිටියේ තමන්ගේ අතීතය හෝ හිතේ තියෙන දේවල් ශානිකා නොදන්නා නිසා.. "අපි දිහා බලන හැම එකාම අපි අදුරනවද බන්" කියල යෙහෙළියගේ කකුල පෑගු පබෝද බිම බලාගෙන පෝලිමට එකතු වුවත් ඇගේ හිත හුගක් ව්‍යාකුල වෙලා තිබුනේ 'ඒ මල්ලි ටිකක් ලොකු වෙලා, දැන් අවුරුදු හතරක් පහක් ඇතිනේ' වගේ සිතුවිලි වලින්. පැමිණි කාරියටත් බාදා එල්ල වෙලා ඇය බොහෝ අපහසුතාවයට පත් වෙලා හිටියේ..
"දේවිය.., මේ මිනිසුන් වුවෝ තේරුම් ගැනීමට හෝ අපහහු බොහේ සෙයින් එකිනෙකාට වෙනස් වූ සත්වයෝ ජාතියක් වෙති.." "එසේ පවසන්නේ කිමද මා දේවතාවුනි..." "මා මේ මාලිගාවට අධිගෘහුත දේවතාව වෙච්චි මේ වෙනකන් මා හට මෙවැනි සිදු වීමක් නම් දැකගන්න ලැබිල නෑ දේවිය... අර සිටිනා තරුණයට බිරිදන් අට දෙනෙකු ඇත්තේය... අර තරුණියට සැමියන් ගණන ඇයටත් මතක නැත්තේය දේවිය...." "ඉතින් දේවතාවුනි මේ පහල සිටින බොහෝ මිනිසුන් හා ගැහැනියන්ට එහෙමනේ..." "ඒ එසේ වුවාට දේවිය මේ තරුණයාගේ පළමු බිරිඳ අර තරුණියයි, නමුත් අර තරුණිය මේ දක්වා කල්පනා කරන්නේ ඒ තරුණයා තමාගේ කි වෙනි සැමියාද කියල.." "අහෝ දේවතාවුනි මේ මිනිසුන්ට කුමක් සිදුවීද..." "දේවියට මතකද අපි මේ වාසලේ සේවයට පැමිණීමට පෙර වෘක්ෂ දේවතාවුන් තත්වයේ සිටිද්දී පහල වාසනාව විකුනන්න කෑ ගහපු මනුස්සයාගේ කුටියෙන් අලංකාර ගීතයක් ගැයුවා ගායකයෙක්.." "කිමෙක්ද ඒ දේවතාවුනි" "දේවියට මතක නැතිද රන්බණ්ඩා සෙනෙවිරත්න කියල මනුස්ස ලෝකේ ගීත රචකයෙක් ලියපු අමරසිරි පීරිස් කියල ගායකයෙක් ගායනා කල ගීතය.. ඔන්න අහගන්න දේවිය..."
ළඳුනේ //
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ..
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි...
පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ.....
මෙන්න මේ ගීතය මට මතක් වුනා දේවිය මේ සිදුවීම දැකල... "
නිමි..!
මහන්සියි කොටලම

3 comments: