Saturday, August 6, 2016

ගිලන්රථ හා ත්‍රිරෝද රථ



පසුගියදා ගාල්ලේ සිදුවූ රිය අනතුරකින් ළමයෙක් හම්බෙන්න ඉස්පිරිතාලෙට රැගෙන යමින් ගිය අම්ම කෙනෙක් මිය ගියා..  එත් කුසේ  සිටි දරුවා බේරා ගන්න ලැබුන. අද හෙට ඒ ළමය උස මහත් වෙන්නේ මවක් නැති  ළමයෙක් විදියට. හැමදාම ඒ  ළමයට බලන්න තියෙන්නේ ඒ අම්මගේ ෆොටෝ එක  විතරයි.

ඒ අනතුර උනේ කොහොමද කියල මට තේරුනේ නම් නිව්ස් වල  හැටියට අම්මගේ හිස ත්‍රිරෝද රථයෙන් එළියේ තිබුන නිසා  කියල. බස්  එකේ ඔලුව  හැප්පිලා  තමා අම්ම මිය ගියේ, එතකොට මේ රටේ ත්‍රිවිල් තියෙන්නේ ලෙඩ්ඩු  ගෙනියන්නද? උත්තරේ නම් නැහැ වෙන  වාහනයක් නොතිබ්බ නිසා ඒ විදියට ගෙනිච්ච.

ඊයේ නිව්ස් වලදී මාධ්‍යවේදියෙක් අහනවා ඇමති/නි.ඇමති කෙනෙක්ගෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කිව්වා කියල 1990 ගිලන්රථ වලින් එන රෝගීන් බාරගන්නේ නැහැ කියල. ඒ කතාව සත්‍යද? ඒ කතාව සත්‍ය නම් අවන්කවම ඒ සංගමයේ සිටින්නේ මේ අපි වගේ ලේ මස් නහර වලින් හැදුන මිනිස්සුද නැතිනම් වෛද්‍යවරු වෙනකොටම ඔවුන්ගෙන් මොනයම් හෝ විදියකින් මනුෂ්‍යත්ව ඉවත් කරලද?

මේ රටේ ක්‍රමවත් ගිලන්රථ සේවාවක අවශ්‍යතාවක් තියෙනවා. ඒ අවශ්‍යතාවට පිළිතුර 1990 නොවන්න පුළුවන්. එත් ඉදිරි වසර සදහා හෝ ඒ සේවාව මේ රටේ නොමිලේ ක්‍රියාත්මක වෙනවා. ඉන්පසුත් එයට විසදුමක් තියේවි. විසදුමක් සෙවිය යුතුයි. එම පිළිතුරු සෙවීම පසෙකලා රෝගී ජිවිත එක්ක සෙල්ලම් කරනවා නම් ඔවුන් හට මනුසත් ගුණ කියාදෙන්න වෙනවා. ඉදිරියේදීත් මහමග රෝගී ජිවිත අවසන් හුස්ම හෙලීම නවත්වන්න අවශ්‍යයි. හදිසි ලෙඩෙකුට උනත් ප්‍රයිවට් චැනලින් එකේ බෙහෙත් දීලා සල්ලි ගන්න දොස්තර මහත්තය ගිලන්රථ වලින් නිකන් ගේන රෝගියා ඉස්පිරිතාලෙට බාරගන්න බෑ කියනවනම් කල යුත්තේ කුමක්ද?




ඉන්දියන් ත්‍රිවිල් එකේ එන රෝගියාගෙයි ඉන්දියන් ගිලන්රථය ගේන  රෝගියාගෙයි  වෙනස කුමක්ද?







වීඩියෝව 15.50 වෙනි විනාඩියේ සිට




No comments:

Post a Comment