Saturday, September 3, 2016

කොටස් වෙළදපලේ සමාගම් ගැන විස්තර හොයාගන්නේ කොහොමද?


ඊයේ (2016/09/03) අපේ ෆේස්බුක් ගෘප් එකේ ( ආයෝජනය කරමු ) පළමු වැඩමුළුව පැවැත්වුවා... එතැනදී කීපදෙනෙක් ඇහුවනේ සමාගම් ගැන විස්තර හොයාගන්නේ කොහොමද? සමාගම් ලාභාංශ ගෙවන්නේ කොහොමද වගේ  ගැටළු ටිකක්.  


ඒ ගැන මම හොයාගන්න විදිය කියන්නම්.. හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ. නමුත් මම බලන්නේ මෙන්න මේ විදියට.

ඒ තමයි CSE වෙබ් අඩවියෙන්, (http://www.cse.lk/home.do)

 මෙන්න මේ වෙබ් අඩවියේ "SEARCH" බාර් එක තුල ඔබට අවශ්‍ය කරන සමාගමේ සම්පුර්ණ නම හෝ එහි කෙටි නම ( උදා :


JOHN KEELLS HOLDINGS PLC = JKH.N0000 ) සටහන් කර එම සමාගමේ අදාළ විස්තර ලබා ගත හැකියි.


මම උදාහරණයට JKH.N දෙන්නම් .. වෙබ් අඩියේ ජෝන් කීල්ස් සමාගම්  මෙන්න මෙහෙම පෙන්නේ..

මේ විදියට ඔබට සියලුම සමාගම් වල විස්තර ලබාගන්න පුළුවන්. තව ඇහුව නේද ලාභාංශ ගෙවන ඒවා දැනගන්නේ කොහොමද කියල.. මේ ඉහත රුපයේ "Announcement" කියල තියෙනවා නේද? අන්න එතන ක්ලික්  කරන්න 



ඔබට පෙනෙනවාද කහපාටින් පාට කරපු ටික?
DIVIDEND ANNOUNCEMENT   
24 May 2016
Date of Announcement: - 24.May.2016 
Rate of Dividend: - Rs. 1.50 per share / Final Dividend 
Financial Year: - 2015/2016 
XD: - 02.Jun.2016 
Payment: - 13.Jun.2016 
Share Transfer Book Open 


2016 මැයි මාසේ දාහතර වෙනිදා තමා නිවේදනය කරේ. XD දිනය ජුනි 02,  ජුනි 02 වෙනිදා වෙනකොට ඔබ සතුව තිබෙන සෑම JKH.N කොටසකටම රුපියලයි ශත පනහක් ලැබෙනවා ජුනි 13 වෙනිදට. පැහැදිලිද?

මට මතක විදියට ඒ දවස් ටිකේ එක ශෙයා එකක් 160ක් වගේ උනා. (මමත් ටිකක් ගත්ත :p ),  

ඔබ රුපියල් 1600ක් වියදම් කරලා කොටස් 10ක් අරගෙන තිබ්බොත් ජුනි 13 වෙනිදට රුපියල් 15ක් චෙක් එකකින් හරි බැංකු ගිණුමට හරි (එය ඔබ CDS ගිණුම හදනකොට කියපු විදියට) බැර වෙනවා.

සමාගම් ලාභාංශ ගෙවන විදිය ගණන  හැම  වෙලේම එක වගේ නෑ.. ඒ නිසා මම කිහිපයක් උදාහරණ විදියට දෙන්නම්.  තව දෙයක් අපි ඉතින් සුළු ආයෝජකයෝනේ.. ඒ නිසා පොඩි පොඩි ගණන් චෙක් වලින් ආවට බැංකුවට  යන්නත් කරදරයි  ඕව මාරු කරන්න. ඉතින් CDS ගිණුම හදනකොටම කියල තියන්න ලභාංශ කෙලින්ම බැංකුවට යවන්න කියල. 

DIVIDEND ANNOUNCEMENT (DIST.N0000)  

01 August 2016
Date of Announcement: - 01.Aug.2016 
Rate of Dividend: - Rs. 3.35 per share / Final Dividend 
Financial Year: - 2015/2016 
Shareholder Approval: - Required 
AGM: - 06.Sep.2016 
XD: - 07.Sep.2016 
Payment: - 19.Sep.2016 
Share Transfer Book Open 
මේකේ එක කොටසක් මේ මොහොතේ 267.10 ක් වෙනවා (මේ ලියන්නේ ඉරිදා නිසා ගාන හෙට වෙනකම් මෙහෙමයි )
DIVIDEND ANNOUNCEMENT (LALU.N0000)

15 August 2016
Date of Announcement: - 15.Aug.2016 
Rate of Dividend: - Rs. 2.00 per share / First & Final Dividend 
Financial Year: - 2015/2016 
Shareholder Approval: - Required 
AGM: - 22.Sep.2016 
XD: - 23.Sep.2016 
Payment: - 03.Oct.2016 
Share Transfer Book Open 

No comments:

Post a Comment