Wednesday, September 7, 2016

පැන්තෙරා පාර්ඩුස් (Panthera pardus) (අපි දන්නේ කොටියා/දිවියා කියලනේ)

පැන්තෙරා පාර්ඩුස් (Panthera pardus)
----------------------------------------------------------
පරිණාමය නැමැති ක්‍රියාවලියෙ අසිරිමත් නිර්මාණ රැස අතුරින් එක් විශිෂ්ඨ නිර්මාණයක් වන්නෙ පැන්තෙරා පාර්ඩුස් විශේෂයයි. කොටියා/දිවියා ලෙස සිංහල භාශාවෙන් හඳුන්වන, ඉංග්‍රීසි බසින් Leopard ලෙසත්, දමිළ බසින් චිරුත්තයි ලෙසත් හඳුන්වනු ලබයි. විවිධ පරිසර තත්වයනට අනුවර්තනය වීමේ හැකියාව අතින් අනභිභවනීය ස්ථානයක් උසුලන දිවියන් ලොව පුරා නිවර්තන වැසි වනාන්තර, කාන්තාර, සැවානා ආදි නොයෙක් පරිසර තත්වයනට විශිෂ්ඨ ලෙස අනුවර්තනය වී ඇති ආකාරය දැක ගත හැකි වේ.
කාර්නිවෝරා (carnivora) ගෝත්‍රයේ පැන්තෙරා (Panthera) ගණයට අයත් වන මෙම සත්ව විශේෂය‍ෙ අනුවර්තන හැකියාවට හොඳම නිදසුන ලොව පුරා විහිදි ඇති විවිධ උප විශේෂ ආකාරයි. 1794 වර්ශයේ සිට 1956 තෙක් ස්වභාව විද්‍යාඥයන් විසින් පැන්තෙරා පාර්ඩුස් උප විශේෂ 27ක් පමණ හඳුන්වා තිබුණ මුත් වර්තමානයේදි පිලිගත් උප විශේෂ 9 කට පමණක් සීමාවී ඇත.
1. අප්‍රිකානු දිවියා (Panthera pardus pardus)
උප සහරා කලාපය නිජබිම කරගත් මෙම උප විශේෂය අප්‍රිකාව තුල පමණක් දැකගත හැකිවේ. අප්‍රිකානු කලාපය තුල අනෙකුත් සුපිරි විලෝපිකයන් හා තරඟයේ යෙදෙමින් සැවනා පරිසර තත්වයනට අනුවර්තිත දිවියක් ගත කරයි. ‍‍පෞරාණික වාර්තා අනුව මුල් නිජබිම උප සහරා කලාපයෙන් ඔබ්බට විහිදී තිබුන නමුත් මේ වන විට එය උප සහරාවට පමණක් සීමාව ඇත
2. ඉන්දියානු දිවියා ( Panthera pardus fusca)
ඉන්දියානු උප මහද්වීපය තුල දැකගත හැකි උප විශේෂයයි. 2008 වර්ශය තුල වඳව යෑමේ තර්ජනයට ලක්වූවන්ගෙ ලැයිස්තුවට IUCN වර්ගීකරණය මඟින් ලැයිස්තු ගත කර ඇත. වාසස්ථාන අහිමි වීම සහ දඩයම මොවුන්ට ඇති ප්‍රධාන තර්ජන වේ. එමෙන්ම උප මහද්වීපය තුල ව්‍යාඝ්‍රයන්, සිංහයන් ආදි සුපිරි විලෝපිකයන් හා තරඟයක් පවතී. ඉන්දීය රජය මොවුන් සංරක්ෂණය කිරීම සඳහා විවිධ වැඩපිළිවෙළ දියත් කොට ඇත
3. අරාබියානු දිවියා (Panthera pardus nimr)
අරාබි අර්ධද්වීපයට සීමාව ඇති මෙම උප විශේෂය වියලි කාන්තාර දේශගුණයට අනුවර්තනය වු උප විශේෂයකි. දැඩි වඳව යාමේ තර්ජනයට මුහුණ පා ඇත. 2006 වර්ශය වන විට සමස්ථ ගහණය 200 පමණ විය. අරාබියානු දිවියා සියළු උප විශේෂ අතුරින් කුඩාම උප විශේෂයයි. ජානමය ලක්ෂණ අතින් වඩාත් සමීප වන්නෙ අප්‍රිකානු උප විශේෂයටයි.
4. පර්සියානු දිවියා ( Panthera pardus ciscauccasia syn. Panthera pardus saxicolor)
දකුණු තුර්ක්මෙනිස්ථානය, උතුරු ඉරානය, ඇෆ්ගනිස්තානයේ ඇතැම් ප්‍රදේශවල වාසය කරයි. මඳක් විශාල උප විශේෂයක් වන අතර සමස්ථ ගහණය 800 -1200 ත් අතර වේ.
5. උතුරු චීන දිවියා ( Panthera pardus japonensis)
උතුරු චීනය නිජබිම කරගත් උප විශේෂ ය. සංඛ්‍යාත්මක දත්ත මඳ සත්වයෙකි
6. අමූර් දිවියා (Panthera pardus orientails)
ගිණිකොණ දිග රුසියාව, චීනයේ ජීලින් ප්‍රාන්තය වාසභූමිය කරගත් උප විශේෂයයි. දැඩි ලෙස වඳව යෑමේ තර්ජනයට ලක්වු විශේෂයකි. වර්තමානයේදි සමස්ථ ගහණය 60 ක් පමණ ඉතිරිව ඇත. දුර්ලභම උප විශේෂය මොවුන් වේ.
7. ඉන්දු චීන දිවියා ( Panthera pardus delacouri)
ගිණිකොණ දිග ආසියාව සහ දකුණු චීනය ආශ්‍රිතව වාසය කරයි. අදික දඩයමට ලක්වන විශේෂයකි. සමස්ථ ගහණය 1000 -2500 අතර අගයක් ගනී.
8. ජාවා දිවියා ( Panthera pardus melas)
මෙම උප විශේෂය ඉන්දුනීසියාවේ ජාවා දූපතට සීමාව ඇත. අලස් පූරවෝ රක්ශිතය තුල උපරිම ගහණය වාර්තා වේ. සමස්ථ ගහණය 250 අාසන්න අගයක් ගනී. නිජබිම අහිමි වීම මොවුන්ට ඇති විශාලතම තර්ජනයයි
9. ශ්‍රි ලංකා දිවියා ( Panthera pardus kotiya)
ලංකාවට පමණක් ආවෙණික උප විශේෂයයි. වඳව යැමේ තර්ජනයට ඇතුලත්ව ඇත. ලංකාව තුල දැකිය හැකි උපරිම විලෝපිකයා බැවින් ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල උප විශේෂයකි. 1956 වර්ශයේදි මෙම විශේෂය හඳුන්වා දෙන ලද්දේ දැරණියගල මහතා විසිනි.

ලිපිය 




No comments:

Post a Comment