Friday, January 20, 2017

මල ගිය ඇත්තන් අහාරයට එක්කරගන්නා යනෝමමී - Thilina L. Dissanayake

Image may contain: 1 person, outdoorයනෝමමී ගෝත්‍රය භාහිර සමාජයේ ආශ්‍රයෙන් වෙන්ව වාසය ගොත්‍රිකයන් අතරේ ප්‍රධානතම ගොත්‍රයක් වනවා. දකුණු ඇමරිකාවේ ඇමසෙන් වනාන්තරය ආශ්‍රය කරගෙන ජීවත් වන මොවුන්ගේ වාස භූමිය හෙක්ටයාර මිලියන 9.6 ක් අයත් වනවා. සාමාන්‍ය රටක් ප්‍රමාණය වගේ නේද යාළුවනේ? ඔව් කෙටියෙන් කියනවනම් අපේ මව්රට මෙන් ආසන්න වශයෙන් 1.5 ගුණයක්. ඔවුන්ගේ භූමිය ලොව විශාලතම වනගහණයක් සහිත පාරම්පරික භූමිය ලෙසද සැලකෙනවා.
යනෝමමී ගොත්‍රකියන් එකමුතුව වැඩ කරන ජන සමාජයක් නොතනයි. ඒ වෙනුවට ඔවුන් ක්‍රියාත්මක වන්නේ ස්වතන්ත්‍ර ක්‍රමවේදයක් උදේසායි. කෙසේවෙතත් චර්යා රටා සමාන මිනිසුන්ගේ එකතුවක් යන පදනමින් ඔවුන් එක්ව වාසය කරනවා. දේශපාලනික බලතල ගත් විට ඔවුන් එක් නායකයෙකු පිළිබද විශ්වාසය තබන ජන කොටසක් නොවන බවට සාධක තිබේ. කෙසේවෙතත් ආගමික හා දේශපාලනික කටයුතු වලදි පෙරමුණ ගැනිමට ටුක්ස්වා නමැති තනතුරකට මතගැටුම් විසදිමේ සමර්ථකම් අැත්තකු පත් කර ගනු ලබයි.
කුඩා ගැහැණු දරුවන් වැඩිවියට එලඹිම ඔවුන්ගේ චාරිත්‍රවල ප්‍රමුඛතම චාරිත්‍රාංගය ලෙස සැලකෙනවා. එම කාලය තුල කෑම ඇල්ලීමද, පුරුෂයන් හා කථාබස් කීරිම තහනම් වනවා. ඇයගේ සියලු කාර්යයන් මව්තුමිය සහ යහලු කාන්තා පාර්ශවය විසින් සිදු කරනවා. එම කාලය තුල ඇය කතා කල යුත්තේද රහසින් වීම එම ගොත්‍රයට අනන්‍ය වු ලකෂණයක් වනවා. විවාහයට සුදුසුකමත්, එමෙන්ම වැඩුණු කාන්තාවකගේ වගකිමත් වැඩිවියට පත් ගැහැණු දරුවෙකුට ලැබෙනවා. එතැන් පටන් ඔවුන්ට දෙවන රූපයේ දැක්වෙන පරිදි තමන්ගේ රහස් ප්‍රදේශය වෙනත් කිසිවෙකුට පෙන්වීමට අවසර ලැබෙන්නේ නෑ.
යනෝමමී ගෝත්‍රයට ආවේණික චාරිත්‍රයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ මල ගිය ඇත්තන්ගේ ශරිරය දිරායාමට සලස්වා ලැබෙන ඇටකටු පුළුස්සා එම අළු වලින් කෙසෙල් මිශ්‍ර සුප් එකක් පිලියෙල කර ගොත්‍රයේ සියලු දේනාට බීමට ලබාදීමයි. මලගිය ඇත්තාගේ ශක්තිය ඔවුන්ට ඉන් ලැබෙන බවයි විශ්වාසය. ආහාර ගත් කල ඔවුන්ගේ ප්‍රධාන ආහාර බවට පත්ව ඇත්තේ එලවලු සහ පලතුරු වර්ගයි. ඔවුන්ගේ නිවස්නය ගත් කල අවසන් රූපයේ දැක්වෙන පරිදි ගම්මානයම ආවරණය වන පරිදි රවුමට ඉදිකිරිමක් සිදුවනවා. එහි මැද්දැව ගම්මානයේ කටයුතු සදහා යොදාගැනෙනවා.
යනොමමී ගෝත්‍රිකයන් අද වන විට බලවත් තර්ජනයකට මුහුණ දී තිබෙනවා. ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන් ලෙඩ රෝග වලට ගොදුරු වීමයි. ඔවුන්ගේ භූමි ප්‍රදේශවල රත්‍රන් තිබෙන බැවිනුත් රත්‍රන් ලබාගැනිමට යන්ත්‍රසුත්‍ර යොදාගැනෙන බැවිනුත්, ඔවුන්ගේ ජන ජිවිතයට බලවත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. මීට අමතරව බ්‍රසීල රජය රත්‍රන් කැණිම් කිරිම නීති ගත කරන්නට සැරසෙනවා. තෙවන රූපයේ දැක්වෙන ඩාවි කොපනාවා නම් ෂාමෙන්තුමන් එම නීති ගත කිරිමට එරෙහිව නැගි සිටිමින්.
Image may contain: 1 person, outdoor"අප භූමිය ගෞරවය ලැබිය යුතු භූමියක් වන්නේය. අප භූමිය අපේ උරුමයයි. අපේ උරුමය අපේ ආරකෂාවයි. කැණිම් සොභාදහම පමණක් විනාශ කරාවී. අල දොල ගංගා පමණක් විනාශ වේවි. මාළුන් මියයාවි, අප පරිසරය මියැදේවී,අවසානයේ අප භූමියේ මෙතෙක් නොතිබු උවදුරු ඇති වේවි" තම ගෝත්‍රයේ සොභාදහම සමග අැති සබැදියාව විග්‍රහ කොට තිබෙනවා. ඔහුගේ විස්තර දැක්විම අනුව සොභාදහමේ ඇති සෑම අංගයකටම සාරයක් (Spirit) තිබෙනවා. එම සාරය දැකීමේ වාසනාව ඔවුන්ට ලැබි තිබෙනවා. යකෝනා නම් භාන්තිජානක දුමය අග්‍රාණය කිරීමෙන් අනතුරුව ඇතිවන දැහැන මගින් සාපිරිපේ නමින් හදුන්වන සොභාදහමේ අලංකෘත වු ජීව ගුණය ඔවුන්ට අත්දකින්නට ලැබි තිබෙන බවයි පැවසෙන්නේ.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
මෙම ලිපිය සදහා භාවිත වු ජයාරූප කිසිවක් කිසිවෙකුගේ ලිංගික උත්ප්‍රේරකයක් වනලෙස භාවිතා නොකල බවත්, එය එසේ නොවිය යුතු බවත්, ලිපියේ හරයාත්මක කරුණු වටහාගැනිමට අසීරු වන නිසා එසේ පල කල බවත් මෙයින් දැනුම් දෙමි.
අදහස් වලට ඉඩ... නැවත ලිපියකින් හමුවෙමු
ජයවේවා
👋👋👋👋👋👋👋👋👋👋👋👋
Thilina L. Dissanayake
තවත් විස්තර

https://www.google.lk/search?q=yanomami+tribe&newwindow=1&espv=2&biw=1280&bih=918&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwidoNL-rdDRAhWIqY8KHaM5CggQ_AUIBigB
Image may contain: 5 people, outdoorImage may contain: one or more people and outdoorImage may contain: plant, tree, outdoor and nature

Wednesday, January 18, 2017

වීරයන් 108 දෙනාගේ කථාව -වොට(ර්) මාර්ජින්-

Image may contain: one or more people
බැලටයේ පලකල ලිපි මාලාවේ මේ දොලොස්වැන්න. මෙහි අවධානය චීනය දෙසට. චිනයේ බිහි වු විශිෂ්ඨතම ශාස්ත්‍රිය නවකථා හතර අතරින් එකක්. මේ සම්ප්‍රදායක චින බස වෙනුවට ස්වභාෂා (ගමේගොඩේ) චීන බස යොදාගනිමින් ෂි නායියන් විසින් රචිත "දිය කඩයිම". "වොටර් මාජින්" ලෙසින් ජාතික රූපවාහිනියේ විකාශය වුයේ මේ නවකථාවයි.
වොටර් මාජින් කතාපුවත සොන් රාජවංශය (ක්‍රි.ව. 979- 1279) හා බැදී පවතියි. සාහසික අපරාධකාරයන් 105 දෙනෙකු හා අපරාධකාරියන් 3 නෙකු ලියැන්ෂැන් පව්ව මතදි එක්රැස්වි බලකායක් සදා ගනියි. පසුව රාජ්‍ය සමාව ලැබෙන මොවුන් විදේශිෂ ආක්‍රමණයන්ගෙන් සහ සතුරන්ගෙන් රාජ්‍යය බේරාගැනිමට යොදාගැනීම මෙම කතාපුවතේ ප්‍රධාන තේමාවයි.
මෙම කතාවේ ප්‍රධාන චරිත 108ක් වුවත් ප්‍රධානතම වීරයා ලෙස සැලකෙන්නේ සොන් ජියෑන්. ඔහු සහ ඔහුගේ යහළුවන් 36 දෙනා මෙම කතාවේ අඩිතාලම ලෙසද සැලකිය හැකිය. සොන් ජියෑන් සහ පිරිවර හයියාන් පළාතේ ක්‍රියාත්මක වී සිදු කල වික්‍රමයන් සහ පසුව විට සැන් ශියියේ විසින් ඔවුන්ව මැඩපවත්වන ආකාරයත් කතාවේ හතරවන පරිච්ඡෙදයේ විස්තර කෙරෙනවා.
පලමු පරිච්ඡෙදයේ සිරගතව සිටි වීරයන් 108 දෙනාගේ මුදාහැරිම විග්‍රහ කෙරෙනවා. දෙවන පරිච්ඡෙදයේ ගාඕ කිවු නම් ප්‍රධානතම ප්‍රතිමල්ලවයාගේ පිබිදීම ගැන කතාපුවත දිගහැරෙනවා. ඔහු වැන් ජින් හට පිඩා කරනවා. ගාඕ වැන් ජින්ගේ පියාණන්ගෙන් පිඩාලැබුවෙක් වෙනවා. ගාඕගෙන් මිදෙන වැන් ජින් තමන්ගේ මෑණියන් සමග ෂි ජින් වීරයා (108 දෙනාගෙන් කෙනෙක්) මුණගැහෙනවා ඔහු යටතේ ශිෂ්‍යයෙකු වනවා.
තෙවන පරිච්ඡෙදයේ සිට හත්වැනි පරිච්ඡෙදය වන තෙක් ෂි ජින් ගැනත් ඔහුගේ මිතුරු ලු ෂිසෙන් වීරයා ගැනත් කියවෙනවා. හත්වන පරිච්ඡෙදයේ සිට දොලොස්වන පරිච්ඡෙදයේ වන තෙක් ෂිසෙන් වීරයාගේ සහෝදරයෙකු වන ලී චොන් වීරයා ගැන කියවෙනවා. එහිදි ලී චොන් ඝාතනය කිරීමට ගාඕ කිවු උත්සහ ගත්තත් තමන්ගේ ජීවිතය බේරාගැනිමට ලී චොන් සමත් වෙනවා. දහතුන්වන පරිච්ඡෙදයේ සිට විසි වන පරිච්ඡෙදය වන තෙක් කතාපුවත චාඕ ගායි වීරයා වටා සකස් වෙනවා. චාඕ ගායි කතාවේ ප්‍රධාන වීරයෙකු වුවත් වීරයන් 108 දෙනාට අයත් වන්නේ නෑ. මෙහිදි චාඕ ගායි ඇතුළු පිරිස අධිරාජ්‍ය උපදේශකයෙකු වු කායි ජින්ගේ උපන්දින සලකක්ම් සොරාගෙන පැන යනවා.
කතාව ඉදිරියට ඇදෙත්ම පවතින පාලනයට එරෙහිවන විවිධ තරාතිරම් වල පුද්ගලයන් සාහසික කණ්ඩායමට එකතු වනවා. හතලිස් වන පරිච්ජේදය වන විට චාඕ ගායි නායකතුමන් සටනකින් මියයන අතර කලින් සදහන් කල සොන් ජිඈන් ට නායකත්වය ලැබෙනවා. සොන් ජිඈන් අධිරාජ්‍යයා සමග සාමයෙන් වාසය කිරිමට සාහසික වීර කණ්ඩායම මෙහයවනවා. කෙසේ වෙතත් මෙම කණ්ඩායම අධිරාජ්‍යයේ හිරබාරයට ගැනෙනවා.
පසුව රාජ්‍ය සමාව ලබාදෙමින් අධිරජු ඔවුන් රාජ්‍යයට ලිආඔ රාජවංශයෙන් සිදුවන ආක්‍රමණ වැලැක්වීමට යොදාගන්නවා. ලිආඔ රාජවංශය සමග ඇතිවන සටන් වලින් වීරයන් තුනෙන් දෙකක් පමණ මරණයට පත්වෙනවා. සොන් ජිඈන්ද කලින් සදහන් කල ප්‍රතිමල්ලවයා වු ගාඕ සහ රාජකීය උපදේශකවරයා අතින් වස ලබාදීමේන් මරණයට පත් කෙරෙනවා.
පරිච්ඡෙද 100ක් පුරා විහිද යන මේ අපුරු කථාපුවත විවිධ රටවල විවිධ භාෂාවන්ටත් සුප්‍රකට වොටර් මාජින් ටෙලි වෘන්තාන්තයටත් පාදක වෙනවා. මෙම වීරයන් පිළිබද කතා පුවත එකල කෙතරම් ජන සමාජය විනිවිද ගියාද කියතොත් ක්‍රි.ව. 1627-1644 අතර සිටි මින් රාජවංශයේ චොන්සෙන් අධිරාජ්‍යයා මේම කතාව කැරලි ගැසිම් වලට තුඩු දෙන්නක් යැයි පවසමින් රාජ්‍යය තුල එය තහනම් කොට තිබෙනවා.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
නැවත හමවෙමු තවත් ලිපියකින්. ජයවේවා..!
👋👋👋👋👋👋👋👋👋👋👋👋
Thilina L. Dissanayake
No automatic alt text available.



No automatic alt text available.

අද වැනි දවසක ( 1961 ජනවාරි 17) - සහන් කසිර

වසර 56 ට පෙර අද වැනි දවසක ( 1961 ජනවාරි 17) කොංගෝ ජනරජයේ මහජන ඡන්දයෙන් පත් වූ පළමු අගමැතිවරයා වූ පැට්‍රිස් ලුමුම්බා වෙඩි තබා ඝාතනය කෙරිණ. කොංගෝ ජාතික පෙරමුණට නායකත්වය සපයමින් තම මව්බිම බෙල්ජියමේ යටත් විජිතභාවයෙන් මුදාගන්නට සටන් කළ මේ මිනිසාගේ උත්සාහය සාර්ථක විය. 1960 ජූනි මස 30 වැනිදා කොංගෝ ජනරජය නිදහස් රාජ්‍යයක් බවට පත් වේ. නමුත් සය මසක් ගතවන්නට ප්‍රථම පැට්‍රිස් ලුමුම්බා අබිරහස් අන්දමින් ඝාතනය වේ. ඔහුගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව අදටත් හෙළි නොවූ කරුණු කාරණා බොහෝය.
Image may contain: 1 person, close-upබෙල්ජියමෙන් නිදහස ලබන කොංගෝ ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පැට්‍රිස් ලුමුම්බා පත්වන්නේ 1960 වසරේ ජූනි මස 24 වැනිදා ය. නමුත් සැප්තැම්බර් 14 වැනිදා වන විට එම රජය පෙරළා දැමීමට තරම් කොංගෝව දෙස උකුසු ඇස් හෙළා සිටි අදිසි බලවේගයන් ප්‍රබල වේ. කෝංගෝ ජනරජයේ එක් ප්‍රදේශයක් වූ කටන්ගාහි පාලනය බෙදුම්වාදීන් පිරිසක් නතුව තිබූ අතර මේ සියලුම කුමන්ත්‍රණ පසුපස ඔවුන් විය. කටන්ගා යනු විදෙස් බලවතුන්ගේ උකුස් ඇස් වලට හසුව තිබූ සම්පත් ආකරයකි. දියමන්ති , යුරේනියම් , තඹ , රේඩියම් , ටින් සහ කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් අනූන වූ කටන්ගා ව බෙල්ජියානු සමාගම් විසින් හූරා කනු ලැබූ අතර ලුමුම්බා ප්‍රමුඛ රජයේ අදහස වූයේ සෝවියට් රජයේ උපකාරයෙන් එහි පාලනය අත්පත් කරගැනීම ය.
සැප්තැම්බර් 14 වැනිදා රජය පෙරළීමෙන් අනතුරුව නිවාස අඩස්සියට පත්වන පැට්‍රිස් ලුමුම්බා නිදහස් කරන ලෙස සෝවියට් රජය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය කෙතරම් ඉල්ලීම් සහ නියෝග පැනවුවද ඉන් පලක් නොවිණ. හමුදා පාලකයින් සහ බෙල්ජියානු නිළධාරීන් ට ලුමුම්බා මැඩලීමේ දැඩි උවමනාවක් තිබිණ.
පැට්‍රිස්
පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කර ඇතැයි යන රාවය පැතිර ගිය නුමුදු කොංගෝ පාලකයින්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. පෙබරවාරි 13 වැනිදින කටන්ගානු ගුවන් විදිලි නාලිකාවකින් ඒ බව පැවසේ. ලුමුම්බා සහ තවත් දෙදෙනෙක් නිවාස අඩස්සියෙන් පැන යනවිට ගම්වාසීන්ගෙන් පහර කා මිය ගොස් ඇතැයි එයින් කියවිණ. නමුත් සත්‍යය කිමෙක්දැයි දන්නා කොංගෝ වැසියන් කුපිතව වීදි බැස විරෝධතා දක්වන්නට විය.
පසුව හෙළිදරවු වූ ආකාරයට කටන්ගාවේ අති දුෂ්කර ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන එන ලුමුම්බා සහ තවත් දෙදෙනෙකු අප්‍රිකානු භටයින් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. අණ දෙන නිළධාරීන් ලෙස කටයුතු කර තිබුණේ බෙල්ජියානු පොලිස් භටයින් දෙදෙනෙකි. ඒ වනවිට කටන්ගාව ස්වයං පාලනයක් ගෙනගිය හෙයින් එහි පාලකයා ද ලුමුම්බා ඝාතනයට දායක වී ඇත. අගලකට දැමූ මළ සිරුරු සති කිහිපයකට පසු නැවත වරක් ගොඩගෙන රොඩේෂියාවට ආසන්න බිම්කඩකට ගෙන යයි. කුණු වෙමින් තිබූ මළ සිරුරු තුන කුඩා කැබලි වලට කපන කොංගෝ හමුදාව සල්ෆියුරික් අම්ලය යොදා ඒවා දිය කර හැරි බව ද සඳහන් ය. මේ සියල්ලම ලුමුම්බාගේ ඝාතන්යෙන් නිදහස් වීමටය.
1961 ජනවාරි 17 වෙනිදා කොංගෝවට නිදහස සොයා ගිය පැට්‍රිස් ලුමුම්බා මෙලොවින් සමු ගන්නේය. පෙබරවාරි 21 වැනිදා ගව් දහස් ගණනකින් එහා දුර රටක් වූ රුසියාවේ මිත්‍රත්ව සරසවිය පැට්‍රිස් ලුමුම්බා සරසවිය ලෙස නම් කෙරෙන්නේ ඔහුගේ වියෝව සිහි කරනු පිණිසය.
සැබෑ මිනිසුන් වෙඩි තබා කෑලි කපා හෝ දියකර හැරිය නොහැකි බව අපට පවසන්නේ කොංගොවේ සිටි ලුමුම්බා ය. එය සනාතන සත්‍යක් බව සිහිකර දෙන්නේ රුසියාවේ ලුමුම්බා සරසවිය ය.