Wednesday, January 18, 2017

වීරයන් 108 දෙනාගේ කථාව -වොට(ර්) මාර්ජින්-

Image may contain: one or more people
බැලටයේ පලකල ලිපි මාලාවේ මේ දොලොස්වැන්න. මෙහි අවධානය චීනය දෙසට. චිනයේ බිහි වු විශිෂ්ඨතම ශාස්ත්‍රිය නවකථා හතර අතරින් එකක්. මේ සම්ප්‍රදායක චින බස වෙනුවට ස්වභාෂා (ගමේගොඩේ) චීන බස යොදාගනිමින් ෂි නායියන් විසින් රචිත "දිය කඩයිම". "වොටර් මාජින්" ලෙසින් ජාතික රූපවාහිනියේ විකාශය වුයේ මේ නවකථාවයි.
වොටර් මාජින් කතාපුවත සොන් රාජවංශය (ක්‍රි.ව. 979- 1279) හා බැදී පවතියි. සාහසික අපරාධකාරයන් 105 දෙනෙකු හා අපරාධකාරියන් 3 නෙකු ලියැන්ෂැන් පව්ව මතදි එක්රැස්වි බලකායක් සදා ගනියි. පසුව රාජ්‍ය සමාව ලැබෙන මොවුන් විදේශිෂ ආක්‍රමණයන්ගෙන් සහ සතුරන්ගෙන් රාජ්‍යය බේරාගැනිමට යොදාගැනීම මෙම කතාපුවතේ ප්‍රධාන තේමාවයි.
මෙම කතාවේ ප්‍රධාන චරිත 108ක් වුවත් ප්‍රධානතම වීරයා ලෙස සැලකෙන්නේ සොන් ජියෑන්. ඔහු සහ ඔහුගේ යහළුවන් 36 දෙනා මෙම කතාවේ අඩිතාලම ලෙසද සැලකිය හැකිය. සොන් ජියෑන් සහ පිරිවර හයියාන් පළාතේ ක්‍රියාත්මක වී සිදු කල වික්‍රමයන් සහ පසුව විට සැන් ශියියේ විසින් ඔවුන්ව මැඩපවත්වන ආකාරයත් කතාවේ හතරවන පරිච්ඡෙදයේ විස්තර කෙරෙනවා.
පලමු පරිච්ඡෙදයේ සිරගතව සිටි වීරයන් 108 දෙනාගේ මුදාහැරිම විග්‍රහ කෙරෙනවා. දෙවන පරිච්ඡෙදයේ ගාඕ කිවු නම් ප්‍රධානතම ප්‍රතිමල්ලවයාගේ පිබිදීම ගැන කතාපුවත දිගහැරෙනවා. ඔහු වැන් ජින් හට පිඩා කරනවා. ගාඕ වැන් ජින්ගේ පියාණන්ගෙන් පිඩාලැබුවෙක් වෙනවා. ගාඕගෙන් මිදෙන වැන් ජින් තමන්ගේ මෑණියන් සමග ෂි ජින් වීරයා (108 දෙනාගෙන් කෙනෙක්) මුණගැහෙනවා ඔහු යටතේ ශිෂ්‍යයෙකු වනවා.
තෙවන පරිච්ඡෙදයේ සිට හත්වැනි පරිච්ඡෙදය වන තෙක් ෂි ජින් ගැනත් ඔහුගේ මිතුරු ලු ෂිසෙන් වීරයා ගැනත් කියවෙනවා. හත්වන පරිච්ඡෙදයේ සිට දොලොස්වන පරිච්ඡෙදයේ වන තෙක් ෂිසෙන් වීරයාගේ සහෝදරයෙකු වන ලී චොන් වීරයා ගැන කියවෙනවා. එහිදි ලී චොන් ඝාතනය කිරීමට ගාඕ කිවු උත්සහ ගත්තත් තමන්ගේ ජීවිතය බේරාගැනිමට ලී චොන් සමත් වෙනවා. දහතුන්වන පරිච්ඡෙදයේ සිට විසි වන පරිච්ඡෙදය වන තෙක් කතාපුවත චාඕ ගායි වීරයා වටා සකස් වෙනවා. චාඕ ගායි කතාවේ ප්‍රධාන වීරයෙකු වුවත් වීරයන් 108 දෙනාට අයත් වන්නේ නෑ. මෙහිදි චාඕ ගායි ඇතුළු පිරිස අධිරාජ්‍ය උපදේශකයෙකු වු කායි ජින්ගේ උපන්දින සලකක්ම් සොරාගෙන පැන යනවා.
කතාව ඉදිරියට ඇදෙත්ම පවතින පාලනයට එරෙහිවන විවිධ තරාතිරම් වල පුද්ගලයන් සාහසික කණ්ඩායමට එකතු වනවා. හතලිස් වන පරිච්ජේදය වන විට චාඕ ගායි නායකතුමන් සටනකින් මියයන අතර කලින් සදහන් කල සොන් ජිඈන් ට නායකත්වය ලැබෙනවා. සොන් ජිඈන් අධිරාජ්‍යයා සමග සාමයෙන් වාසය කිරිමට සාහසික වීර කණ්ඩායම මෙහයවනවා. කෙසේ වෙතත් මෙම කණ්ඩායම අධිරාජ්‍යයේ හිරබාරයට ගැනෙනවා.
පසුව රාජ්‍ය සමාව ලබාදෙමින් අධිරජු ඔවුන් රාජ්‍යයට ලිආඔ රාජවංශයෙන් සිදුවන ආක්‍රමණ වැලැක්වීමට යොදාගන්නවා. ලිආඔ රාජවංශය සමග ඇතිවන සටන් වලින් වීරයන් තුනෙන් දෙකක් පමණ මරණයට පත්වෙනවා. සොන් ජිඈන්ද කලින් සදහන් කල ප්‍රතිමල්ලවයා වු ගාඕ සහ රාජකීය උපදේශකවරයා අතින් වස ලබාදීමේන් මරණයට පත් කෙරෙනවා.
පරිච්ඡෙද 100ක් පුරා විහිද යන මේ අපුරු කථාපුවත විවිධ රටවල විවිධ භාෂාවන්ටත් සුප්‍රකට වොටර් මාජින් ටෙලි වෘන්තාන්තයටත් පාදක වෙනවා. මෙම වීරයන් පිළිබද කතා පුවත එකල කෙතරම් ජන සමාජය විනිවිද ගියාද කියතොත් ක්‍රි.ව. 1627-1644 අතර සිටි මින් රාජවංශයේ චොන්සෙන් අධිරාජ්‍යයා මේම කතාව කැරලි ගැසිම් වලට තුඩු දෙන්නක් යැයි පවසමින් රාජ්‍යය තුල එය තහනම් කොට තිබෙනවා.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
නැවත හමවෙමු තවත් ලිපියකින්. ජයවේවා..!
👋👋👋👋👋👋👋👋👋👋👋👋
Thilina L. Dissanayake
No automatic alt text available.



No automatic alt text available.

No comments:

Post a Comment