Showing posts with label දැනුමට. Show all posts
Showing posts with label දැනුමට. Show all posts

Saturday, April 8, 2017

වසර 27 ට පෙර අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මෙලොව හැර පියා නික්මුණේය.


රයන් වයිට්
1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A ( Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලාගොස් මරණයට පත් වීමේ අවදානමක් ඇත. රයන් වෙත වරින් වර රුධිරය පාරවිලනය කිරීමට සිදුවන්නේ එබැවිනි. උග්‍ර නිව්මෝනියාව හේතුවෙන් රෝහල්ගත කර සිටියදී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට AIDS ශරීරගත ව ඇති බව සොයා ගැනුණු අතර එයට හේතු වී තිබුණේ අසාදිත රුධිර පාරවිලයනයකි. මාස හයක කාලයක් රෝගාතුරව සහ විවේකගත ව සිටි රයන් වයිට් යළිත් තම පාසල වූ Western Middle School වෙත යන්නට තීරණය කරන විට ඔහු දහ හතර හැවිරිදි ය. නමුත් ලෝකය රයන් සහ ඔහුගේ මව සිතනවාට වඩා සංකීර්ණය.
එහි ඇති වන්නේ පාසල් පද්ධතියක් සහ දහ හතර හැවිරිදි රෝගී දරුවෙකුගේ හිමිකමක් සම්බන්ධ ද්වන්ධ යුද්ධයකි. 1985 ජූනි මස 30 වැනිදා රයන් ගේ පාසල අයත් Western School Corporation හි අධ්‍යක්ෂවරයා ඔහුට පාසලට ඇතුළුවීම තහනම් කරන අතර එය ඔහුගේ තනි තීරණයක් නොවීය. පාසලේ සිසුන් 360 දෙනාගෙන් 117 දෙනෙක්ගේ භාරකරුවන් සහ ගුරු මණ්ඩලයේ 50 දෙනෙක් ගේ අත්සනින් යුතුව රයන්ට එරෙහි පෙත්සමක් ලැබී තිබිණ. රයන්ගේ දෙමාපියන් සහ පුවත්පත්

ඔහු වෙනුවෙන් සටන් වැදුණහ. අගෝස්තු 26 පාසල් වාරය ඇරඹුණු විට රයන්ට පාසලට පැමිණ දුරකතනය හරහා ඉගැන්වීම් වලට සවන් දෙන්නට පාසල යෝජනා කළහ. නමුත් ඔක්තෝබර් 02 වැනිදා ඔවුන් තීරණය කරන්නේ රයන් පාසල් නොආ යුතු බවයි. ඉන්දියානා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව රයන් ව ඇතුළත් කරන්නට නියෝග කරන අතර එම නියෝගය ට එරෙහිව අභියාචනාවක් ගෙන ඒමට පාසල් බළධාරීන්ගේ කමිටුව 7-0 ක් ලෙස ඒකමතිකව තීරණය කළහ. 1986 පෙබරවාරි 06 වැනිදා එම අභියාචනයේ දී නිර්දේශ වන්නේ රයන්ගේ පාසල් ගමන පිළිබඳ තීරණය හොවාර්ඩ් නගර සෞඛ්‍ය නිළධාරියාගේ සෝදිසියකට යටත්ව සිදු විය යුතු බවයි. පෙබරවාරි 13 වැනිදා අදාල නිළධාරියා විසින් රයන් වයිට් පාසල් ගමනට යෝග්‍ය යැයි තහවුරු කළේය. ඒ සමගම පෙබරවාරි 21 වැනිදා පාසල මගින් හොවාර්ඩ් නාගරික අධිකරණය වෙත ඉල්ලුම් කෙරෙන රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය ඉවත දැමිණ. පෙබරවාරි 21 වැනිදා රයන් වයිට් පාසල් යන විට සිසුන් 360 අතරින් 151 දෙනෙක්ම නිවසේ රඳවා ගන්නට දෙමාපියන් උත්සුක වූහ. එදිනම සවස් වරුව වන විට වෙනත් අධිකරණයක් මගින් රයන් වයිට් ට එරෙහිව වාරණයක් පනවා තිබිණ. රයන් වයිට් ට තහනම් වූ පාසලේ ක්‍රීඩාගාරය තුළ මාර්තු 02 වැනිදා වෙන්දේසියක් පවත්වන්නට යෙදිණ. ඒ වයිට් පාසලට ඒම වළක්වාලීමේ ඉදිරි නීති කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීමට ය. නමුත් අප්‍රේල් 10 වැනිදා නැවතත් මාණ්ඩලික අධිකරණය මගින් රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය නිෂ්ප්‍රභා කළ අතර ජූලි 18 වැනි දා ඉන්දියානාපොලිස් අභියාචනාධිකරණය මේ සම්බන්ධව කිසිදු අභියාචනයක් මින් ඉදිරියට භාර නොගන්නා බවට තීන්දුවක් ලබා දෙයි.
ඒ වනවිට රයන් වයිට් ලොව පුරා ප්‍රචලිත වී අවසන් ය. මාස පහක් පමණක් ජීවිත් වේ යැයි අනාවැකි තැබූ මේ දහ හතර හැවිරිදි සිසුවා 1987 දී තමා ප්‍රතික්ෂේප කරන පාසලෙන් සමුගනී. ඔහුටම වෙන් කළ වැසිකිළි ,පාවිච්චියෙන් පසු ඉවතලන හැඳි ගෑරුප්පු භාවිතයට අණ කිරීම සහ ක්‍රීඩාගාරය භාවිතයට ඉඩ නොලැබීම වැනි දෑ නිසා රයන්ගේ පීඩනය වටහා ගන්නා දෙමාපියන් වෙනත් නගරයකට පදිංචියට යති. ඔහුව මානුෂිකව සහ ආදරයෙන් පිළි ගන්නා Hamilton Heights High School පාසලේ 1987 සිට සතුටින් අධ්‍යාපනය ලබන රයන් 1990 අප්‍රේල් 08 වැනිදා ඔහු මෙලොවින් සමුගන්නේ පාසල් උපාධි ප්‍රදානයට මාසයක් තිබියදී ය.
මයිකල් ජැක්සන් සමග
HIV පිළිබඳ දැනුවත්කම මද එම යුගයේ රයන් තමා නොකළ වරදකට ලද දඬුවම් අතිශය වේදනාසහගත ය. පුවත්පත් බෙදාහැරීමේ අර්ධකාලීන රැකියාව ඔහුට අහිමි වන්නේ රයන්ගේ බෙදාහැරීම් කලාපයේ නිවැසියන් එම සේවය අනවශ්‍ය බව දන්වා තිබූ නිසාය. AIDS වැළඳෙන්නේ සමලිංගික හැසිරීම නිසාම යැයි සිතූ සමාජයක මේ දහ හතර හැවිරිදි දරුවාගේ මුහුණටම " උඹ සමකාමියෙක් බව අපි දන්නවා" යි පවසා අපහාස කිරීමට තරම් අසල්වාසීන් නිර්දය සහ සාහසික වූහ. ආසාධිත රුධිර පාරවිලයනය හරහා ද HIV ආසාදනය විය හැකි බවත් එය ස්පර්ශයෙන් බෝ නොවන්නැකැයි ලොවට පැවසීමට රයන් ඉදිරිපත් වන්නේ මේ අමිහිරි මතකයන්ගෙන් ඉරි තැළුණු ළමා සිතක වේදනාවෙනි.
1990 මාර්තු 20 වැනිදා මේ කතාවේ කෙළවර පැමිණෙන බවට පෙරමං සලකුණු පහළ වේ. ඉන්දියානා පොලිස්හි ළමා රෝහලකට ඇතුළු කරන රයන් සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතිණ. ඒ වන විටත් ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටි රයන් බැලීමට එල්ටන් ජෝන් සහ බොහෝ කලාකරුවන් පැමිණි අතර මයිකල් ජැක්සන් පවා ඔහු හමුවීමට එයට පෙර පැමිණ තිබිණ. රෝහල ඉතිරී පැතිර යන මට්ටමට සෙනඟ පැමිණෙයේ නොකළ වරදකට වන්දි ගෙවූ , නමුත් ජීවිතය අත් නොහර සටන් කළ මේ ළමා විරුවා හට සුබ පතන්නට ය. තමා ඔහුට ආදරය කළ බවත් මතුවටත් ආදරය කරන බවත් පවසන්නට ය. ආදරය සහ වේදනාව මැද 1990 අප්‍රේල් 08 ගත වන්නට ඉඩ නොදෙන රයන් වයිට් වසර දහ අටක් තුළ විඳි දුක්ඛ දෝමනස්සයන් හැර පියා සදාකාලික සැනසුමට පත් විය. ඔහුගේ අවමංගල්‍යය උළෙලට පැමිණි පිරිස තර මයිකල් ජැක්සන් , ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ද විය. එල්ටන් ජෝන් රයන් වෙනුවෙන් Skyline Pigeon ගීතය ගැයුවේය.
අවසන් නින්ද..
ඔබගේ දෑතින් මිදෙන්නට කාලයයි
ඉඩ දෙන්න මට - දුර ඈත ඉසව්වකට පියාපත් සලන්නට
නිල් තණ පලස මත , තුරුගොමු ශිඛර මැද
 පිපි කුසුම් ,වනස්පති දිය කඳුරු එහා කොණ
 අහස් ගං මාවත් තැනුණු - ම නිවස්නය වෙතට
Western Middle School වෙතින් කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විදුහලත් - ගනේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයත් දකිමි. Hamilton Heights High School පාසල වෙතින් ත්‍රිත්ව විද්‍යාලය දකිමි. රයන් වයිට් , ඔබ වෙතින් අප අත්හැරෙන සහ අත්හරිනා ජීවිතය දකිමි.

Wednesday, March 22, 2017

***ලෝකයේ හුදකලා වූ ගෝත්‍ර - 01***


වර්තමාන ලෝකය කොතරම් දියුණුද? අභ්‍යවකාශ ගවේෂණය, විද්‍යාව හා තාක්ෂණය, න්‍යෂ්ටික ශක්තිය සන්නිවේදනය, ආදී ලෙස සමස්තයක් ලෙස සියලු රටවල් විශාල දියුණුවක් අත් කරගෙන තිබෙනවා. එමෙන්ම රටක් ලෙස පැවැත්මට අන් රටවල් සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන්නට අපට සිදු වී තිබෙනවා.
නමුත් මේ සියලු නවීන අංගෝපාංග, පහසුකම් ගැන කිසිවක් නොදැන ශිෂ්ටාචාරයෙන් ඈත්ව ගල් යුගයේ ජීවත් වන ගෝත්‍ර මිහිතලයේ තවමත් ඉතිරිව ඇති බව ඔබ දන්නවාද?

මේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍ර ගැන ලිපි පෙලේ පළමු ලිපියයි.
ඉන්දියන් සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහයට දූපත් 300ක් පමණ අයත් වන අතර එයට අයත් උතුරු සෙන්ටිනල් දිවයින ශ්‍රී ලංකාවට සැතපුම් 760 පමණ නැගෙනහිර-ඊසාන දෙසින් පිහිටා තිබෙනවා. වර්ග කිලෝමීටර 72ක භූමියකින් සමන්විත මේ දුපත අයත් වන්නෙ ඉන්දියාවටයි. නමුත් ඒ දූපත් වාසීන් ඉන්දියාව නම් රටක් ගැන නොදන්නා බව සහතිකයි.

Image may contain: one or more people, outdoor and nature
ලංකාවේ නැගෙනහිරෙන් බෝට්ටුවක නැගී එහි ලඟා විය හැකි වුනත් ඔබ නැවත යහතින් පැමිණීම නම් සැක සහිතයි. ඒ මෙම දූපතේ ජීවත් වන සෙන්ටිනල ගෝත්‍රිකයන්ගේ ඔබව පිළි ගන්නේ තියුණු හෙල්ල සහ ඊතල වලින් නිසායි.. එම නිසා ලෝකයේ ගොඩ වැදීමට අපහසුම ස්ථානය ලෙසද මෙම දිවයින හඳුන්වනවා.
මේ දූපතේ ජීවත් වන සෙන්ටිනල් ගෝත්‍රිකයන් ගණන 40-500 අතර වේ යයි විශ්වාස කරන අතර මොවුන් වසර 60000කට පමණ පෙර අප්‍රිකාවේ සිට ආසියාව ඔස්සේ ඕස්ට්‍රේලියා භූමියට සංක්‍රමණය වූ මුල්ම මිනිසාගන් සෘජුවම පැවත ඒ යයි සැලකෙනවා.
වසර 10000කට වඩා පැරණි ගල් යුගයේ මිනිසාගේ ජීවමාන නිදසුනක් වන මොවුන් ගල් සහ ලී වලින් සැදූ ආයුධ සහ මෙවලම් භාවිත කරනවා.
වගා කිරීම හෝ එඬේර ක්‍රමය නොදන්නා මොවුන් දඩයම් කිරීමෙන් සහ රැස් කිරීමෙන් කුස පුරවා ගන්නවා.
පළතුරු, මාලු, මී පැණි, වල් ඌරු සහ තලගොයි මස් අනුභව කරන අතර මොවුන්ගේ වාසස්ථාන ගැන මෙතෙක් කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබෙනවා.
වර්තමානයේදී අන්දමන් දූපත් ආශ්‍රිතව සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වන අතර අසල්වැසි දූපත් වල onge සහ jarawa ගෝත්‍රිකයන් නැරඹීමට (Human Safari) දහස් ගණන් සංචාරකයන් සෙන්ටිනල් දූපත් අසල ප්‍රදේශයට පැමිණෙනවා. සෙන්ටිනල් දූපත බාහිර අත පෙවීම් වලින් සහ සංචාරකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉන්දීය රජය විසින් දූපත වටා සැතපුම් 3ක මුහුදු තීරය තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

No automatic alt text available.
බාහිර ලෝකය සහ සෙන්ටිනලයන් හමු වූ අවස්ථා එතරම් සොඳුරු නෑ. 1896 දී අන්දමන් හි බ්‍රිතාන්‍ය බන්ධනාගරෙන් පැනගිය පුද්ගලයෙකුගේ සිරුර සෙන්ටිනල් වෙරළෙන් හමුවූ අතර ගෙල කපා ඊතල වලින් සිරුර සිදුරු වී තිබුණා.
2004 දෙසැම්බර් සුනාමි අවස්ථාවේ සහන කණ්ඩායම් හෙලිකොප්ටරයකින් ආහාර ද්‍රව්‍ය හෙලන්නට සැරසුණු අවස්ථාවේ යානයට ඊතල ප්‍රහාරයක් එල්ල වූ නිසා ඒ සහන මෙහෙයුම් නවතා දැමුණා.
2006දී කකුළුවන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයන් දෙදෙනෙක් සිටි බෝට්ටුවක් නොදැනුවත්ව සෙන්ටිනල් වෙරළට පාවී ගිය අතර ඔවුන් දෙදෙනා එම දූපතේම අවසන් ගමන් ගිය අතර රජයට ඔවුන්ගේ සිරුරු සොයාගැනීමට හැකිවූයේ නෑ.
18 සියවස අග භාගයේදී බ්‍රිතාන්‍යයන් සෙන්ටිනල් ගෝත්‍රික මහලු යුවලක් සහ කුඩා ළමුන් පිරිසක් අල්ලාගෙන ඔවුන් හා මිතුරු වීමට උත්සහ කලත් මහලු යුවල මිය ගියා. බාහිර ලෝකයේ විවිධ රෝගාබාධ, විෂබීජ වලට ඔරොත්තු දීමට හැකි ලෙස ඔවුන් පරිණාමය වී නැති බව මෙයින් අනුමාන කළ හැකියි.
කුඩා ළමුන් නැවත සෙන්ටිනල් දූපතට මුදාහැරියා.
ඉන්දීට රජය සෙන්ටිනල් ගෝත්‍රිකයන් සමග මිත්‍ර වීමට උත්සහ කරන්නෙ 1964 පමණ ඈත පටන්.. 80 සහ 90 දශක වල සෙන්ටිනල් වාසීන් සමග සබඳතා ඇති කර ගැනීමට ඉන්දීය මානව විද්‍යාඥ T M Pundit මහතා උත්සහ කරා. නමුත් ඒ උත්සහයන් එතරම් සාර්ථක වූයේ නෑ. බෝහෝ අවස්ථාවලදී පර්‍යේෂක පිරිස බෝට්ටු වලින් පැමිණෙන විට ගෝත්‍රිකයන් පශ්චාත් භාගය ඔවුන්ට පෙනෙන සේ මල පහ කරන ඉරියව්වෙන් සිටියේ පිටස්තරයන්ව තමන් පිළි නොගන්නා බව හැඟවීමට යයි පන්ඩිත් මහතා පෙන්වා දෙන්නේ.
1974 දී අන්දමන් දූපත් ආශ්‍රිත Onge, Jarawa සහ සෙන්ටිනල් ගෝත්‍රිකයන් ගැන වාර්තාමය වැඩ සටහනක් කරන්න පිරිසක් උත්සහ කල අතර සෙන්ටිනල් දූපත් වාසීන්ගේ ප්‍රහාරයක් නිසා එහි අධ්‍යක්ෂකගේ කකුල අඩි 8ක් පමණ දිග හෙල්ලයකින් සිදුරු වුනා. කෙසේ හෝ ඔවුන් එම වාර්තා වැඩ සටහන නිම කළ අතර එය "man in search for man" හිසින් යූටියුබ් ජාලයෙන් ඔබට නැරඹිය හැකියි.
නවීන ලෝකය සමග ඔවුන් සබඳතා පැවැත්විය යුතුද? ශිෂ්ටාචාරගත ලෝකය සමග අත්වැල් බැඳ ගැනීම ඔවුන්ගේ පැවැත්මට කෙසේ බලපායිද?
ඔබේ අදහසත් කියන්න.
-මලිත්
හුදකලා ගෝත්‍ර ගැන ඉදිරි ලිපි කියැවීමට පහත හෑශ්ටැග් භාවිතා කරන්න.
#isolatedtribes
මෙතෙක් ලියූ ලිපි කියවන්න
#MalithWrites
"Man in Search for Man" වාර්තා වැඩසටහන - https://youtu.be/kib-Zl3dQdk

ලිපිය මලිත් සල්වතුර

Image may contain: sky

Sunday, February 26, 2017

එන්ගලන්ත ඉතිහාසයේ විශාලතම කැරැල්ලක් මෙහෙයවූ බුඩිකා ( Boudica )

Image result for boudicca statue
A statue of Boudicca stands near Westminster Bridge in London.
යුද්ධ කතාවක් ලියන්න හිතුනා,  දැන් ඉතින් කාන්තාවො පිරිමිත් එක්ක හරි හරියට හැම ක්ශේත්‍රයේම වැඩ කරනවා නේ. තව අව්රුදු පන්සියයක් යද්දි ගැහැණු ලෝකය පාලනය කරද්දී මිනිස්සු කුස්සියේ වැඩක් බලාගෙන ඉදිවිද කියන්න බැහැ (වාසනාවකට අපි එතකොට මැරිලා lol).
නමුත් මීට අව්රුදු දෙදාහකඨ කලින් තත්වය ගොඩක් වෙනස්. ඉතිහාසය පිරිලා තිබ්බෙ හැඩිදැඩි පිරිම්න්ගෙන් හා ඔවුන්ව වශී කරගත් මහේශාක්‍ය රූප රාජනියන්ගෙන්.

නමුත් ඒ අතරේ හමුදා මෙහෙයපු ගෑනුත් හිටියේ නැත්තෙ මත් නැහැ. 
අපේ කතාව පටන් ගන්නෙ මීට වසර දෙදාහකට කලින් එන්ගලන්තයේදී. එන්ගලන්තය කියන්නෙ බර body Armour ආවරණ වලින් සන්නද්ධ වෙච්ච් තරුන නයිට්වරු විසින් මකුරුන් පරද්දලා සුරූපී කුමාරිීකාවන් බේරා ගන්න හැටි ගන කතා හදපු රටක්.

නමුත් අපේ කතා නායිකාව යකඩ ගෑනියක්. ඇගේ නම බුඩිකා. ඇය මෙහෙයවනවා එන්ගලන්ත ඉතිහාසයේ විශාලතම කැරැල්ල. එය එක්තරා ආකාරයක නිදහස් සටනක්.
ඇගේ ප්‍රතිවාදියා, එවකට ලෝකයේ සිටින දනවත්ම හා විශාලතම අඩිරාජයයේ පාලකයා, රෝම මහදිරජ නීරෝ.එන්ගලන්තය කියන්නේ ආදිකාලීනව සැලකුවහොත් සම්පත් වලින් පිරිච්චි රටක්. ඒ නිසා ජූලියස් සීසර්ගේ කාලයේ ඉදලාම එන්ගලන්තය යටත් කරගන්න රෝමයට ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් ටිකක් හරි ස්තාවර රෝම පාලකයක් රෝමයේ ඇතිවෙන්නෙ ක්ලොඩියස් අදිරාජ්‍යාගේ කාලේ. නමුත් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා.

ඒ දිනවල එන්ගලන්තයේ ඉන්නෙ විවිද ගෝත්‍රික කන්ඩායම් (ඔව් සුද්දා වැද්දා කාලේ). මේ එක ගෝත්‍රිකයක් තමා නැගෙනහිර වසපු අයිසීනියන් වරු. මෙම ගෝත්‍රයේ රජු වෙච්ච් පොස්ටිනියස් දිගු කාලයක් රෝමයේ හිත්වතෙක්ව හිටපු කෙනෙක්. ඉතින් ඔහු තමා මැරුනයින් පස්සෙ තමාගේ ප්‍රදේශයේ පාලකයා ලෙස හවුල් පාලනයක් යෝජනා කරනවා. ඒ තමන්ගේ දියනියන් දෙදෙනා හා රෝම අදිරාජ්‍ය් නීරෝ එම ප්‍රදේශ හවුලේ පාලනය කරන්.

මේකට නීරෝට මල පනිනවා. එන්ගලන්ත වැදි කෙල්ලො සෙට් එකත් එක්ක හවුල් පාලකයක් ගෙනියන්න ඔහු කැමති වෙන්නෙ නැහැ .

ඉතින් පොස්ටිනියසගේ මරනයෙන් පස්සෙ නීරෝ බොහොම දරුනු තීන්දුවක් ගන්නවා.
ඔහුගේ අන පරිදි එවකට එන්ගලන්තයේ පාලකයා පොස්ටිනියසගේ බිරිඳ වෙච්ච් බුඩිකා රැජිනියවත් ඇගේ දියනියන් වත් අත්අඩංගුවට ගන්නවා.

ඔහු අන දෙනවා රැජිනියව නිරුවත් කර කස පහර දෙන්නත් කුමාරිීකාවන් ප්‍රසිද්ධියේ සමූහ දූෂණයකට ලක් කිරීමටත්.

මේ කෲර දඩුවම ක්‍රයාත්මක වෙන්නෙ ප්‍රසිද්ධියේ. රෝමන් කාරයෝ හිතන්නේ ඇති රජ ප්වුලට උනු දේ දැක්කාම එන්ගලන්තයම බය වෙයි කියල.

නමුත් වෙන්නෙ හිතපු නැති දෙයක්

මේ වෙද්දී රෝම අඩිරාජය සුවිශාලයි. මහද්වීප තුනක පැතිරිලා. කොච්චර සල්ලි තිබුනත් ඒතරම් දුරක් පාලනය කරන්න රෝමයට පිරිස් බලය මදි. ඉතින් රෝම පාලකයෝ තමන්ට හිත්වත් ගැතිකම් කරන ප්‍රාදේශීය පාලකයෝ සෙට් එකක් හදා ගෙන ඉන්නෙ.

නීරෝ කරපු ගොන් වැඩේ නිසා ඔක්කොම අවුල් යනවා. දඩුවමින් පස්සේ ගෙදර යන බුඩිකා අඩ අඩා ඉන්නෙ නැහැ ඇය තමන්ගේ ගෝත්‍රයයෙන් විශාල හමුදාවක් හදා ගන්නවා. මේ දක්වා රෝමයට එන්ගලන්තය පාලනය කරන්න හැකි වෙන්නෙ එන්ගලන්තයේ ගෝත්‍රිකයන් අතර තිබුණු බෙදීම නිසා. නමුත් මේ දඩුවමින් පස්සෙ රෝමයට විරුද්ධව ගෝත්‍ර ගනනාවක් බුඩිකා එක්ක එකතුවෙනවා.

දැන් එන්ගලන්තයේ ඉන්න රෝමන් කාරයෝ වැටෙන්නෙ ලොකු අමාරුවක. බුඩිකාට විශාල හමුදාවක් තියෙනවා.

මේ හමුදාවත් එක්ක මුලින්ම සටනට යන්නෙ රෝමයේ 9th legeion එක. මේක ජූලියස් සීසර් විසින් කාලයක් පුද්ගලයකවම මෙහෙයපු රෝම හමුදාවෙ අබිමානය පෙන්නපු බලකායක්. නමුත් නවය බුඩිකා අතින් සමුල ගාතනය වෙනවා. නමවන බලකාය lost legeion එකක් වෙනවා. උකුස්සා බුඩිකාට අයත් වෙනව
No automatic alt text available.
මේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වෙන බුඩිකාගේ හමුදාව එන්ගලන්තයේ රෝමන් නගර ගිනිබත් කරමින් මිනිස්සු සමුල ගාතනය කරමින් දකුණට ඇදෙනවා. ඔවුන්ගේ ඊලග ඉලක්කය එන්ගලන්තයේ රෝම මූලස්ථාන, ලන්ඩොනියම් වර්තමාන ලන්ඩනය

නමවන සේනාංකට අත්වුනු ඉරනමත් බුඩිකා එන්ගලන්තයේ රෝම ජනපද සුනුවිසුනු කරමින් ලන්ඩන් වෙත යන බවත් රෝමයට ආරන්චි වෙනවා. නීරෝට දෙවියෝ සිහිවෙන්නෙ එතකොට. එන්ගලන්තයට තමන් පරදිනවා කියන්නේ තමාගේ යටතේ ඉන්න අනෙක් ගෝත්‍රික රටවලටත් නිදහස උදෙසා සටන් පටන් ගන හොද් උත්තෙජනයක් බව ඔහුට වැටහෙනවා.

ඒත් නිරෝට තව එක තුරුම්පුවක් තියෙනවා. බහෝම වටින ආසියෙක්. සුටෝනියස් පොලොනියස්. එන්ගලන්තයේ රෝමන් හමුදාවෙ මහ සෙනවි තුමා..

මේ වෙනකොට 14th legeion එකත් එක්ක එන්ගලන්තයේ බටහිර වෙරලේ ස්තානගත් වෙලා ඉන්නෙ.
සුටෝනියස්ට අන ලැබෙනවා නැගෙනහිරට ගිහින් ලන්ඩනය defend කරන්න. ඔහු වහාම ලන්ඩනය බලා යනවා. ඒ අතර තමන් යටතේ ඉන්න සෙනවියෙක් යටතේ පාලනය වන 2nd legeion එකට ඔහු පනිවිඩ යවනවා ලන්ඩන් වලදී ඔහුට එකතුවෙන්න.

ලන්ඩන් වැසියෝ මේ වෙද්දී මර බියේ ඉන්නෙ. සුටෝනියසව දකිද්දී ඔවුන්ට හිතන්නේ තමන් බෙර ගන්න දෙයියො ආව කියල.

නමුත් සුටෝනියසගේ තත්වය එච්චර හොද නැහ. 2බලකායේ ජෙනරාල් වරයා ඔහුගේ අනට පිටුපාලා පැනලා යනවා. අනික එන්ගලන්තය හරහා අවිත් ඔහුගේ සෙබලුන්ට හරිම මහන්සියි. තමන් එක්ක ඉන්න සෙබලු 6000න් ලන්ඩන් ආරක්ෂා කරන බැරි බව ඔහුට තේරෙනවා. 9 වැන්න වගේ නිකන් මැරෙන්න ඔහුට ඕනැ නැහැ. ඉතින් ඔහු තීරණය කරනවා ලන්ඩන් අත ඇරලා පසු බහින්න.
No automatic alt text available.

මොහොතකට හිතන්න ඔබ මේ වෙද්දී ලන්ඩන් වල හිටපු කෙනෙක් උනා නම් ඔබට ඇතිවෙන හැගම. ඔවුන් වැද වැටෙන්න ඇති සුටෝනියස්ට තමන්ව දාලා යන්න එපා කියල.

නමුත් සුටෝනියස් කියන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම පොරක්. ඔහු loose the battle win the war අකාරයේ පොරක්.



ඉතින් අනාරක්ෂිත ලන්ඩනය බුඩිකාගේ සේනවට කෙලිබිමක් වෙනවා. ඉතින් මිනිස්සු ගැහැණු පොඩි උන්ගේ විලාපයන් දවස් ගානක් යනකන් ලන්ඩන් වලින් ඇසෙන්නට ඇති. අවසානයේ ලන්ඩන් වලින් නැගෙන්නෙ විශාල ගින්නක් හා මිනි පිච්චෙන ගද.

ඉතින් බුඩිකාගේ සේනව ලෙයින් සමරද්ධ ඊට හැතැප්ම ගනනක් දුරින් සුටෝනියස් තමන්ගේ උගුල අටවනවා.

අන්තිම සටනට කලින් මේ සටනට සහභාගි වෙච්ච් හමුදාවන් දෙක සන්සන්දනය කිරිම වටිනවා.

මේ වෙද්දී රෝම හමුදාව ඉන්නෙ ඔවුන්ගේ පීක් එකේ. යටත් විජිත වලින් උරා ගත් සම්පත් යොදාගෙන රෝමය මේ වෙද්දී වුර්තීමය හමුදාවක් හදාගෙන තියෙන්නේ. ඔවුන් නිරන්තරයෙන් එකට පුහුණු වෙනවා. එකට fitness training,drills හැමදේම කරනවා. ඔවුන්ගේ තාක්ෂණය හෙනම updated.

Image result for roman soldier cohate බලන්න රූපය. ඔවුන්ට heavy armour එකක් සහ ලොකු පලියක් තියෙනවා. ඒකෙන් මාර විදිහට ආරක්ෂා වෙනවා. ඔය හෙල්ලය වගේ එකට කියන්නේ පීලම් කියල. ඒක විසි කරන්න හදපු එකක්. ඔකේ අනෙක් වාසිය ඒක බරට නැමෙනවා. ගලවාගැනීම හරි අමාරුයි ඇනුනොත්. ඇගේ වැදුනොත් සොරිම තමා. පලිහක් අල්ලා බෙරෙන්න පුලුවන් ඒත් එතකොට අයේ පලිහ පාවිච්චි කරන්න බැහැ. ඔය කෙටි කඩුව ග්ලැඩිස් එක short range සුපිරි weapon එකක.

රෝම හමුදාව සටන් කරන්නෙ 16*16 වෙන කොටුවක් වගෙ. මේකකට කෝහොට් එකක් තියෙනව. එකක සෙබලු 256. එකිනෙකාට එකා ආරක්ෂාව දෙනවා(ෆිල්ම්වල දැකලා ඇති) . මේවගේ පේලි මාරු වෙනවා ඒ දවස්වල පීටී වගේ ෆයිට් එකට යන ඉස්සර පේලිය ටිකකින් පිටි පස්සටම ය්නවා. දෙවැනි අය ඉස්සරහට වෙනවා. ඒනිසා කවුරුත් hack වෙන්නෙ නැහැ. හම කොහොට් එකකටම centurion කෙනෙක් ඉන්නව. ඔවුන් තමා ලීඩ් කරන්නෙ.Image result for roman soldier war costume

ඉතින් එදා සුටෝනියස්ට එකතුවෙච් 14ත් ලීජන් එකත් මේ වගේ. ඔගස්ටස්, ජර්මානිකස් මෙන්ම ජූලියස් සීසර් එක්කත් සටන් කරපු හරි පලපුරුදු සෙට් එකක්.

එතකොට බුඩිකාගේ හමුදාව. අපේ උන් පොරටොක් දෙන්නෙ සුද්දා කැලේ ඉදිද්දී තමා අපි අරවා මේව හැදුවෙ කියල. ඉතින් මේ සුද්දා කැලෙන් ආපූ අලුත.

වාර්තාවලට අනුව ඔවුන් බහෝම හැඩිදැඩි පිරිමි. Body armour එකක් නෙවෙයි සමහරු සටනට ගියේ ඇගේ නූල් පොටක් නැතිව. ඉවුන් සතුරා බය කරන්න ඇගේ නීල් ගාලා (brave heart බලලා ඇති) රැවුල් වවලා ඉන්නෙ. ඔවුන්ගේ ආයුධය දිග කඩුව හෝ පොරව.Image result for barbarian warrior tattoos


ඉතින් මොකො රෝමන් කාරයන්ට තියෙන ප්‍රශ්නය? ප්‍රශ්නය බරපතලයි
රෝමන් හමුදාව -10000යි.
බුඩිකා ගේ හමුදාව - 40000-50000 ක් පමණ.

පටට අවාසි number ගැප් එකක්. බුඩිකාට හරි ලේසියි රෝමන් කාරයන්ට වට කරල ගහන්න. එතකොට ගේම ඉවරයි.

මෙන්න මෙතැනදී තමා සුටෝනියස් තමන් කොච්චර පොරක්ද කියල ලෝකයට ඔප්පු කරන්නෙ

මෙතැන සුටෝනියස්ට ඇතිවෙන ප්‍රශ්නය තමන්ගේ ඇති superior technical adavantage එකෙන් කොහොමද neumerical disadvantage එක වහගන්නෙ කියල.

එතැනදි ඔහුට තේරෙනවා ආක්‍රමනිකයාට සාපේක්ෂව තමනට ඇති අනෙක් වාසිය. එනම් සටන වෙන ස්තානය තීරණය කරන්නෙ තමන් බවත්.

මේ සටන උන තැන හරියටම තාම හොයාගෙන නැහැ නමුත් ලන්ඩනයට උතුරින් ඒ දවස් වල රෝමන් හමුදාව යොදාගත් වොට්ලන්ඩ් විදියේ යම් කොටසක තමා වෙන්න ඇත්තේ.

No automatic alt text available.රූපයේ තියෙනවා battle formation එක. රතුපාටින් රෝම හමුදාව . නිල් පාටින් බුඩිකා ගේ එන්ගලන්ත හමුදාව. එදා උදේ යුද්ධයට ආපු එන්ගලන්ත කාරයොන්ට හිනා යන්න ඇති. ඇයි කැලෙන් වට වෙච්ච් බිම කඩක කුඩා රෝම හමුදාවක් හිරවෙලා.ආපහු පහු බහින්න වත් උන්ට බැහැ. රෝමන් හමුදාව සමූහ ගාතනය කරල අව්රුදු 200ක රෝමන් පාලනයෙන් තම රට මුදවාගන්න හැටි ඔවුන්ට මැවී පෙන්න ඇති.

කොච්චර ඔවුන් confident උනාද කියනවා නම් ඔවුන් ඔවුන්ගේ බිරින්දෑ වරු හා ලමයන්ව එක්කගෙන එනවා සටන බලන්න.

එන්ගලන්ත කාරයොන්ට තියෙනවා විශාල අස්ව කරත්ත. ඔය නිල්පාට තාප්පෙට පිටිපස්සේ තියෙන තිත් පේලිය දැක්ක නෙද? ඒ එන්ගලන්ත කාරයොනන්ගෙ විශාල කරත්ත ඒවාගේ ඉදගෙන තමා ගෑනු ටිකයි පොඩි උනුයි අන්තිම නිදහස් සටන බලන්න සෙට් උනේ.


ඉතින් නිදහස් එන්ගලන්තයේ පලමු රැජින වෙන සිහිනය ත්ව ටිකකින් සැබැ වෙනවා කියල හිතේ තියාගෙන් බුඩිකා අන දෙනවා තමන්ගේ හමුදාවට රෝමන් කාරයොන්ට පහර දෙන්න
සුටෝනියස් විසින් විසින් ලස්සනට අබරලා දුන්න ගුලිය තමන් ගිල්ල බව සුද්දට තේරෙද්දි පරක්කු වැඩියි. බලන්න රෝමන් හමුදාව තුන්පැත්තකින් කැලෙන් වට වෙලා. එතකොට ඔවුන් බුඩුකාගේ හමුදාව වගේ හතරින් එකක් උනාට ඔවුන්ව වටකරලා පහර දෙන්න බැහැ. අනික් එක ඉස්සරහ opening එක පටුයි එතකොට කොච්චර ලොකු සේනවක් උනත් එන්න වෙන්නෙ එකිනෙක පසු පසු. බුඩුකාට තම neumerical advantage එක කීයටවත් මේකෙදි ගන්න බැහැ .

එන්ගලන්ත හමුදාවට යම්දුරක් දුවගෙන එන්න සුටෝනියස් අවස්තාව ලබාදෙනවා. ඉන්පසු ඔහු අනකරනවා තමන්ගේ සෙබළුන්ට ඔවුන් දෙසට තම හෙල්ලය විසික්කරන්න. එක රෝමන් සෙබ්ලෙක්ට හෙලි දෙකක් හෝ තුනක් තියෙනවා. හිත්න්න හෙලි තිස්දාහක්. Body armour ekak නැතිව fight කරන එන්ගලන්ත කාරයොන්ට මේකෙන් වෙන හානිය සුලු ප්ටු නැහ.
Image may contain: one or more people and outdoor
අනෙක් ඉදිරියට එන අයත් එන්නෙ පලිහ නැතිව. ඔවුන් එකට පැක් වෙලා එක් ගොඩේ සටන් කරන්නෙ.
ඔන්න සුටෝනියසට ඕනැ දේ වෙනවා. තමන්ගේ number advantage එක අයින් කරාම ගෝත්‍රික හමුදාවකට 14th legeion එක වගේ රෝම සේනාංකක් එක්ක හැරෙන්නට වත් බැහැ
.
මීට පැය දෙක තුනකට කලින් දැකපු ජයග්‍රහණයේ සිහිනය කෙසෙ වෙත්ත් පන බෙරාගෙන දුවන්න ඕනැ කියල සුද්දා ට හිතෙනවා. ඒත් ආපහු හැරෙන ඔවුන් වැටෙන්නෙ අලි අමාරුවක. ඇයි ලොකු එක දෙන්න උදේ ගෙනාපු කරත්ත. ඒවාගේ ඉන්නෙ ගෑනුයි ලමයිනුයි. අනේ ඉතින් ඔක්කොම එකට හිරවෙලා.

මේ වෙලාවෙ තමා රෝමන් කාරයෝ ඇතුලේ ඉන්න යකා එලියට එන්නෙ. සුටෝනියස් තම සේනවට අනදෙනවා කරත්ත වල හිර වෙලා ඉන්න එන්ගලන්ත කාරයොන්ට පහර දෙන්න. සමහර වෙලාවට ඔහුට මතක් වෙන්න ඇති ලන්ඩන් වලදි දස වද් විදලා මැරිච්ච තමන්ගේ සහොදර ජනතාව.

කරත්ත අතරින් බේරිලා යන්න බැරිව හිර වෙලා ඉන්න යුද්ධයට සහබාගී වූ නොවු ගැහැණු පිරිමි ලමා ලප්ටි එන්ගලන්ත කාරයොන්ට රෝමානු හමුදාව පහර දෙන්නෙ හරියට කිනිහිරක තියල යකඩෙකට මිටියකින් තලනවා වගේ.

අන්තිම වෙන්නෙ යුද්ධයකට වඩා මස් මඩුවක්. මියගිය එන්ගලන්ත ජාතිකයන් ගනන අසු දාහකට ආසන්නලු.

එතකොට බුඩිකාට මොකො උනේ

බුඩිකා අන්තිම සටනට එන්නෙ තමාට පරදින්න විදිහක් නැහැ කියල හිතලා. නමුත් සුටෝනියස් තමන්ව දක්ශ ලෙස පරාජය කරා කිඋඅල තේරෙද්දි ඇයට වැටහෙනවා තමන් පත්වුනු තත්වය . රෝමන් කාරයන්ට පනපිටින් අහු උනොත් තමන්ට හා තම දියනියන්ට අත්වන නින්දා සහ ගත ඉරනම ඇයට මැවී පේන්න ඇති. සටන් බිමෙන් පලා යන ඇය තම දියනියන් සමග සියදිවි නසා ගන්නවා .

සුටෝනියස් කියන්නේ රෝමය බිහි කරපු විශිශ්ඨතම ජෙනරාල් කෙනෙක්. ඔය ලිස්ට් එකේ තව ඉන්නවා ප්‍රමුඛ කට්ටියක් මාකස්, ස්කිපියො, ආටේයස්, මාක් ඇන්තනී එතකොට ජූලියස් සීසර් වගේ(ඉඩ ලැබුනොත් මේ අය ගැනත් ලියන්නම්)

මේ සටනින් පස්සෙ සුටෝනියස් එන්ගලන්තයේ ඉතා දරුනු පාලනයක් ගෙනියනව. කොටින්ම ලෝකයේ මෙතෙක් බිහිවෙච්ච් දරුනුම මිනිහා කියල සමහරු හදුන්වන සුටෝනියස්ගෙ බොස් වෙච්ච් නීරෝ පවා ඔහුට ලියුමක් ලියනවා " තමුසෙට හිතක් පපුවක් නැද්ද ඕයි මිනිසුන්ට ඔහොම සලකන්න කියල "
කොහොම වෙතත් තව වසර 400ක් රෝමය විසින් එන්ගලන්තය පාලනය කරනවා. ලොකු ගැටලුවක් නැතිව.

ලිපිය  
Hosanda Weerasekera

Saturday, February 18, 2017

සිංහලේ අන්තිම රජු , ජීව ග්‍රහයෙන් අල්ලා ගත් දවස.! අදයි...

අද ලංකා ඉතිහාසෙ අනුවේදනීය දවසක්!
සිංහලේ අන්තිම රජු ,
ජීව ග්‍රහයෙන් අල්ලා ගත් දවස.!
මේ ගැන කියනකොට කියන්නෙ,ඉංග්‍රීසින් විසින් කියල,
ඒ උනාට,ඇත්තටම රාජසිංහව අල්ලගන්ට,
ඉංගුීසීන්ට වඩා ඹ්න උනේ සිංහල පිරිසකට.
මේ සිදුවීම හා රාජසිංහ,ඇහැලේපොල ගැන
බොහෝ දෙනා බොහෝ මත පලකරනවා!

මම ඒ ගැන සංවාදයකට ඉඩ තියල,
එම සිදුවීමෙ තවත් කරැණු කීපයක් මතු කරන්නම්.
මේ සිදුවිමෙදි කැපී පෙනෙන තවත් චරිත දෙකක් තමයි,
දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන,නොහොක්,
තම්බි මුදියන්සේ,හෙවත් තම්බි මුදලි.
මෙයා,
දකුණු ඉන්දියාවෙන් පරපුරකින් පැවත එන,එකෙක්.
ලන්දේසි ගෙදරක වැඩකාරයෙක් විදිහට ඉදලා,
ලන්දේසීන් ඉකුත් උනාට පස්සෙ,
කපටි කමෙන් සුද්දො ලගට ගිහිං,
මුදලි පට්ටමක් ගත්ත එකෙක්!
මේ අත් අඩංගුවට ගැනීමෙදි,රාජසිංහ රජුට හා බිසොවුන්ට,
නින්දිත අයුරින් සැළකූ වගත්,
ඔවුනගේ ඇදුම්,ආභරන පවා ගලවා ගත් බවත් සදහන්!
මේ සිදුවීමෙන් අවුරැදු සියයකටත් පසු,
ශ්‍රිී වික්‍රම රාජසිංහරජුගෙ" අත්ඔරලෝසුව "හම්බවෙනවා!
ජේ ආර් ජයවර්ධනලගෙ ගෙදර තිබිල!
ඊලග චරිතය,එක්නැලිගොඩ!
රාජසිංහට සහ බිසොවුන්ට අන්තිම පහත් විදිහට සලකන
පුධාන තැනැත්තා!
දොරට ගහන කොට රාජසිංහ කියනවා,
" එක්නැලිගොඩ මගෙ නෑයා!"
ඒ උනාට ඒ මොහොතෙ එක්නැලිගොඩගෙ කුියාකලාපය
ඉතාමත්,ම්ලේච්ච ආකාරයක්!
ඒ විතරක් නෙවෙයි,
අටසිය දහ අටේ කැරැල්ලෙදි,ඉංග්‍රිසීන්ටත් වඩා සිංහලයන්ට
හිංසා කරන්නෙ එක්නැලිගොඩ!
ඔහුගේ ක්‍රියා කොයිතරම් දරැණු උනාද කියනව නමි,
සුද්දන් පවා සිදුවෙනවා එක්නැලිගොඩට අවවාද කරන්ට.!
මේ එක්නැලිගොඩ ගැන කියද්දී මට නොකියම බෑ!
උඩරට ප්‍රවාදයක් තියෙනවා!
එක්නැලිගොඩ පරපුරට මිදිය නොහැකි "ශාපයක්"
තියෙනවය කියන එක.
අපෙ මිත්‍ර ප්‍රගීත් එක්නැලිගොඩ ගැන කියවෙන
හැම මොහොතකම මට මේ "ශාපය "සිහිවෙනවා!

ලිපිය 
Kamal P Alahakoon
Image result for Sri Vikrama Rajasinha

Sunday, January 22, 2017

ලේනම කොටි..


Cryptozoology විශය ගත්තම මිථ්‍යාව සහ ජනප්‍රවාද වලින් වැලලි ගිය කතාන්තර ගොන්නකට විද්‍යාව මුහු කිරීමට දායක වෙන අපුරු විශයක්. පෞද්ගලිකව මම මිථ්‍යාව හඹා යන්නෙකු නෙවෙයි. විශේෂය‍ෙන්ම ලංකාවෙදි cryptozoology විශය පථයට අදාල වෙන / අදාල කරගත හැකි සිදුවීම් පවා මෙහෙය වෙන්නේ මිථ්‍යාවට පණ දෙන අටියෙන් මිසකැ විද්‍යාත්මක අර්ථ නිරූපන සොයා නොවෙයි. ග්‍රීක භාෂාවෙන් κρύπτω / Krypto පදයෙන් තමයි Cryptozoology කියන පදය නිර්මාණය වෙන්නෙ. Krypto ග්‍රීක අර්ථය "සැඟවුනු".. එයින් බිහිවෙනවා Cryptids (සැඟවුනු ජීවීන්) ඒ පදයෙන් බිහිවෙනවා Cryptozoology. Cryptozoology පදයට මන් හිතන්නෙ සිංහල වරණයක් ලබා දෙනවා නම් "ගුප්ත සත්ව විද්‍යාව" ලෙස හැඳින්වීම වඩාත් සාධාරණයි. හිමාලයේ යෙටී, ලොක්නස් විලේ නෙසී, සැස්ක්වැච්, බිග් ෆුට්, චුපක්බ්රා වගේ මාතෘකා සංවාදයට ලක්වෙන්නෙ මේ විෂය‍ෙදි.
ලංකාව ගත්තහම මිථ්‍යා කතා, ජනප්‍රවාද අනන්තවත්. ඔය අතරින් ගුප්ත සත්වවිද්‍යාවට සෘජුවම ඈඳාගත හැකි ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා. නිත්තෑවෝ, මධ්‍යම කඳුකරේ ඇත්කඳ ලිහිණි ජනප්‍රවාදය සහ ලේනම කොටි. මේකෙන් ලේනම කොටි මාතෘකාව සහ නිත්තෑවන් අතර සෘජු සම්බන්දයක් තියෙනවා. ලේනම කොටි ප්‍රවාදය එතරම්ම ප්‍රචලිත නැති නිසා ඒ ගැන සටහනක් මේ.
ජනප්‍රවාදයට අනුව නිත්තෑවො කියන්නෙ ඇඟ පුරාම ලොමින් වැසුනු මිනිස්සුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා ම්ලෙච්ඡ්ඡ වනචාරීන් පිරිසක්. මොවුන්ගෙන් වඩාත්ම හිරිහැරයට ලක් වෙන්නෙ පානම්පත්තුව අවට විසු වැද්දන් කොඨ්ඨාසයක්. අවසානයේදි මේ වැද්දන් සියල්ලම එකතු වෙලා නිත්තෑවන් ගල් ලෙනකට එලවා දමා පිට වීමට නොහැකි ලෙස අවහිරකො‍ට දින ගනනක් ගිනි තබා නිත්තෑවන් සමූල ඝාතනයට ලක් කරනවා. (මේ වන තෙක් නිත්තෑවන් සිටි බවට විද්‍යාත්මක සාක්ෂි නැත) නිත්තෑවන් ගැන කතාවෙ සාරාංශය එයයි.
නිත්තෑවන් ගිනි තබා විනාශ කල වැදි රැලට ඉන්පසු වෙන්නෙ කුමක්ද? එතනින් තමයි ලේනම කොටි ජනප්‍රවාදය ආරම්භ වෙන්නෙ.
ලංකාවෙ පැරණිම ස්වභාව විද්‍යා සඟරාව වන "Loris" සඟරාවේ1936 වර්ශ පලමු කලාපයේ වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මහත්මයා ලිපියක් පල කරනවා එක්තරා වැදි රැහැක අවසානය පිළිබඳව. ලේනම ජීවත් වුන වැදි රැහැක පිරිසක් කතරගම පූජා උත්සවයට සහභාගී වී නැවත ගමට පැමිණි පසු තමන් කතරගමදී දුටු අලංකාර පූජා උත්සවය රැහේ අනෙක් අයට විස්තර කිරීමට උත්සහ ගන්නවා. විස්තර කිරීම ප්‍රමාණවත් නොවු බැවින් ඔවුන් අවසානයේදි එකී උත්සවය නැවත රඟ දැක්වීමට උත්සහ දරනවා. කතරගමදි දුටු ආලෝක පූජාවන්, පහන් තෙල් ආදිය සකස් කර ගැනීමට ගෝනුන්, මුවන් ආදිය මරා තෙල් හිඳවා ගත්තත් අවසානයේදි ඒවා ප්‍රමාණවත් නොවුන බැවින් ඌරන් මරා තෙල් හිඳවා උත්සවය නැවත රඟ දක්වනවා. මෙලෙස ඌරු තෙල් මඟින් පහන් දැල් වූ බැවින් ඉන් දෙවියන් කෝපයට පත්ව වැදි රැල නැසීමට අතිශය බියකරු දිවියන් (කොටි) මුදා හරිනවා. අවසානයේදි දිවියන් අතින් විනාශ වන වැදි රැලෙන් දිවි ගලවාගන්නෙ වැදි සොහොයුරන් දෙපලක්. ඔවුන් දිවියන්ගෙන් ගැලවීමට බඹරගස්තලාව ආසන්නයේ ගල්පොත්තක් මුදුනට නගිනවා. මේ ගල තමයි "වැද්දන්ගෙ හෙල"...
මේ කියන පුජා උත්සවය කුමක්ද ? ලේනම සිට කතරගමට යාමට කෙටි මාර්ගයක් තිබෙනවා. පානම්පත්තුවෙ සම්ප්‍රදායක් තමයි කතරගම පෙරහැර පැවැත්වීම. ඔකඳ දේවාලයේ සිට කතගමුව ආයිත්තම්පැලැස්ස වන තෙක් පැමිණෙන මොවුන් පෙරහැරක් ලෙස එතැන් පටන් කතරගමට ගමන් කරනවා. මේ පෙරහැර තමයි පෙරැකී ජනප්‍රවාදයේ එන වැද්දන් පිරිස නරඹා ඇතැයි පැවසෙන පෙරහැර.
වැද්දන් මෙලෙස කොටි ප්‍රහාරයකින් විනාශව ගිය බවට දැක්වෙන එකම මුලාශ්‍රය වෛද්‍ය ස්පිට්ල්ගෙ වාර්තාව පමණක් නොවෙයි. ස්පිට්ල්ගෙ වාර්තාවෙන් දශක කිහිපයකට පසු Loris සඟරාවටම වාර්තාවක් සපයන සී. සෙල්වින් සමරවීර ස්පිට්ල් වාර්තාවට සමාන වාර්තාවක් ඉදිරිපත් කරනවා. එමෙන්ම යටත්විජිත යුගයේ කීර්තිමත් සිවිල් සේවකයකු ලෙස ප්‍රකට හියු නෙවිල් විසිනුත් ඊට සම වාර්තා සටහන් කර තිබෙනවා.
හියු නෙවිල් උපකල්පනය කරනවා වැද්දන් විනාශ වීමට තරම් කොටි ප්‍රහාර දරුණු වීමට හේතුව වැද්දන් විසින් විශාල වශයෙන් දඩයම් කිරීම හේතුවෙන් කොටින්ගෙ ප්‍රධාන ගොදුරු අවම වී ආහාර සඳහා මිනී මසට ලේනම ජීවත්වු කොටින් හුරුවු බවට.
දැන් කොහොමද මේ කතාව නිත්තෑවන්ට සම්බන්ද වෙන්නෙ? කුඩුම්බිගල තපෝවනයෙ ජීවත් වුන තාඹුගල ආනන්දසිරි හිමියන් තම විසිපස් වසරක වන දිවිය ගැන රචනා කරමින් සටහන් කරනවා මෙලෙස විනාශව ගිය වැදි රැහැ නිත්තෑවන් විනාශ කල රැහේ පසුකාලිනයන් බවට. එලෙස නිත්තෑ ප්‍රවාදය සහ වැදි රැහැ සම්බන්ද කරන ආනන්දසිරි හිමියන් වරක් තමන්ට මුණ මහා වන මැද මුණ ගැසුණු දිවියාව විස්තර කරන්නේ අසාමාන්‍ය ලෙස වැඩුණු සත්වයෙක් ලෙසයි. තමන් සිටි ලෙනට නුදුරින් පැමිණ නැවති සිටි දිවියා අනෙක් දිවියන් මෙන් නොව විශාල දිවියෙකු වු බවත්, මුහුණ දෙපස වෛරම් පිහිටි බවත්, සාමාන්‍ය දිවියකුට වඩා දිගු වල්ගයක් පිහිටා තිබු බවත් ආනන්දසිරි හිමියන් සටහන් කරනවා.
දිවියන් යනු කුලෑටි සත්ව විශේෂයක්. මිනිසුන් දුටු විට පසුබසින. මිනිසුන් මඟහැර යෑමට උත්සුක වන සත්ව විශේෂයක් වන නමුත් ආනන්දසිරි හිමියන් දුටු සත්වයා එලෙස එහිමියන් මඟ හැර ගොස් නැත.මඳ වෙලාවක් ආනන්දසිරි හිමියන් දෙස බලා හිඳ නැවත වනයට ගොස් ඇති මේ සත්වයා පිළිබඳව එහිමියන් ප්‍රදේශවාසින්ගෙන් විමසු කල ඔවුන් පවසා ඇත්තේ ඒ සාමාන්‍ය කොටියකු නොව ලේනම කොටියකු බවයි.
ජනප්‍රවාදය නැවතත් අසන්නට ලැබෙන වාර්තාවක් වන්නේ 1953 -57 කාල සීමාව තුල එ.ජනපද තානාපති ලෙස සේවය කල කේ. ක්‍රොව් මහතා තැබු සටහනකින්. එතුමා රුහුණු ජාතික වනෝද්‍යානයට සංචාරය කල අවස්ථාවක යාල සහ බූටෑව සංචාරක බංගලා බාරකරු විසින් එතුමන්ට පවසා ඇත්තේද පෙර සටහන් කල වැද්දන්ගෙ සිද්දියට සර්වසම සිද්ධියක්.
කෙසේ නමුත් වැද්දන්ට යම් විනාශයක් කොටින්ගෙන් සිදුව ඇති බවට මේ සියලු කතා වලින් හෙලි වෙනවා. එමෙන්ම ලේනම ප්‍රදේශය‍ෙ අති බිහිසුණු එමෙන්ම ප්‍රමාණයෙන් විශාල කොටින් ජීවත්වු බවට ජනප්‍රවාද මෙන්ම ඇසින් දු‍ටු සාක්ෂිද බොහෝමයි.
එසේ නම් සත්‍ය ලෙසටම ලේනම‍ෙ, පානම්පත්ව‍ෙ සක්මන් කල බිහිසුණු සත්ව විශේෂයක් සිට ඇත්ද ? ආනන්දසිරි හිමියන් සිය කෘතියෙ නැවත සටහන් කරනවා ලේනම කොටියකු දැක ගැනීමට සිදුකල උපක්‍රමයක් පිළිබඳව. ගස් කඳකට ඇමක් ගැට ගසා දුරින් සිට නිරීක්ෂණය කිරීමේදි ලෙන අසල දුටු සත්වයා නැවත පැමිණි බවට එහිමියන් සටහන් කරනවා.
Panthera pardus kotiya විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සත්ව විශේෂය හැරෙන්නට වෙනත් කොටි පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි නැත. නමුත් ලේනම කොටි යනු කුමන ජීවින් විශේෂයක්ද ? වැද්දන්ට සිදුවුයේ කුමක්ද ?
Possibilities/ විය හැකි දේ පිළිබඳව උපකල්පන
* වැද්දන් යම් පූජාවක් පෙර විස්තර කල පරිදි සිදු කලා නම් සත්ව තෙල් හිඳිමට ඝාතනය කල සතුන්ගෙ ඉවතලන දෑ තම වැදි ගම්මානය අවටම දැමීම නිසා විලෝපිකයන් ආකර්ශනය වූවා විය හැකිය.
* ජේම්ස් එමර්සන් ටෙනට්ගෙ වාර්තා වලට අනුව එකල ගිලී යන නැවකින් පැනගත් බෙංගාල ව්‍යාඝ්‍රයෙක් ත්‍රිකුණාමලය සහ අවට අවස්ථා කිහිපයකම දැකගත හැකි වු බවට වාර්තා ඇත. එසේනම් ලේනම කොටියා ව්‍යාඝ්‍රයෙක්ද ?
* පැරණි රජ දවස සිට රාජසිංහ අවධිය තෙක්ම බෙංගාල ව්‍යාඝ්‍රයන් මෙරටට ගෙන්වා ඇත. ඒ රාජකීය සත්වෝද්‍යාන සඳහා. එසේන්ම් කලකට එපිට එසේ එලියට පැනගත් ව්‍යාඝ්‍ර ගහණයක්ද ?
* එමර්සන් ටෙනට් පවසන ව්‍යාඝ්‍රයා කොටියෙකු සමඟ මුහුම්ව බිහිකල විකෘතියක් ද ලේනම තැති ගැන්වුයේ? එසේ විය හැකිද..? සත්ව විද්‍යාව තුල විශේෂය අර්ථ දක්වනුයේ "අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කල හැකි ලෙස" නමුත් ස්වභාවදහම තුල ව්‍යතිරේක බොහෝමයි.
අ) එසේ නම් කොටියකු හා ව්‍යාඝ්‍රයකු මුහුම්ව ඇතිවු විකෘතියක්ද ? සරු ජනිතයින් නොවුන නිසාද ඔවුන් අද දක්නට නැත්තේ ?
ආ) අඩු සම්භාවිතාවක් ඇතිව එලෙස බිහිවු කොටි-ව්‍යාඝ්‍ර ජාන මුහුම් සරු ජනිතයින් ගේ ජාන ලේනම ප්‍රදේශය‍ෙ කොටි පරපුරට ඇත්ද ?
පිලිතුරු නොමැති ගැටළු. ලේනම යම් අස්වාභාවික යමක් සිදුව ඇති බවට සාක්ෂි එමටය.. නමුත් සත්‍ය කුමක්ද යන්නට කවුරුත් නොදනී.. ජනප්‍රවාදයෙන් විද්‍යාව පෙරා වෙන්කොට ගැනීම ගුප්ත සත්වවිද්‍යාවට අදාල රාජකාරියක්. අනාගතයේදි එසේ පර්යේෂණ මෙහෙය වන්නන්ට තවත් දිශාවක් දක්වනු සඳහා තබපු සටහනක් මේක.
ප.ලි - කාලයක් තිස්සේ ටිකෙන් ටික ලැබෙන වෙලාව මත ඩිවෙලප් කරපු සටහනක්. බස් එකේ කෝච්චියේ එද්දි යද්දි වෙලාව ලැබෙන විදිහට ලියන ලිපිවලින් වැඩිම කාලයක් මෙමෝ එකේ තියන් ඉඳලා පබ්ලිශ් කරන්න හිතන් හිටියත් බැරිවුන එකක්. අද යාන්තන් ඉවර කලා.
© ලිපිය Don Supz
No automatic alt text available.

Friday, January 20, 2017

මල ගිය ඇත්තන් අහාරයට එක්කරගන්නා යනෝමමී - Thilina L. Dissanayake

Image may contain: 1 person, outdoorයනෝමමී ගෝත්‍රය භාහිර සමාජයේ ආශ්‍රයෙන් වෙන්ව වාසය ගොත්‍රිකයන් අතරේ ප්‍රධානතම ගොත්‍රයක් වනවා. දකුණු ඇමරිකාවේ ඇමසෙන් වනාන්තරය ආශ්‍රය කරගෙන ජීවත් වන මොවුන්ගේ වාස භූමිය හෙක්ටයාර මිලියන 9.6 ක් අයත් වනවා. සාමාන්‍ය රටක් ප්‍රමාණය වගේ නේද යාළුවනේ? ඔව් කෙටියෙන් කියනවනම් අපේ මව්රට මෙන් ආසන්න වශයෙන් 1.5 ගුණයක්. ඔවුන්ගේ භූමිය ලොව විශාලතම වනගහණයක් සහිත පාරම්පරික භූමිය ලෙසද සැලකෙනවා.
යනෝමමී ගොත්‍රකියන් එකමුතුව වැඩ කරන ජන සමාජයක් නොතනයි. ඒ වෙනුවට ඔවුන් ක්‍රියාත්මක වන්නේ ස්වතන්ත්‍ර ක්‍රමවේදයක් උදේසායි. කෙසේවෙතත් චර්යා රටා සමාන මිනිසුන්ගේ එකතුවක් යන පදනමින් ඔවුන් එක්ව වාසය කරනවා. දේශපාලනික බලතල ගත් විට ඔවුන් එක් නායකයෙකු පිළිබද විශ්වාසය තබන ජන කොටසක් නොවන බවට සාධක තිබේ. කෙසේවෙතත් ආගමික හා දේශපාලනික කටයුතු වලදි පෙරමුණ ගැනිමට ටුක්ස්වා නමැති තනතුරකට මතගැටුම් විසදිමේ සමර්ථකම් අැත්තකු පත් කර ගනු ලබයි.
කුඩා ගැහැණු දරුවන් වැඩිවියට එලඹිම ඔවුන්ගේ චාරිත්‍රවල ප්‍රමුඛතම චාරිත්‍රාංගය ලෙස සැලකෙනවා. එම කාලය තුල කෑම ඇල්ලීමද, පුරුෂයන් හා කථාබස් කීරිම තහනම් වනවා. ඇයගේ සියලු කාර්යයන් මව්තුමිය සහ යහලු කාන්තා පාර්ශවය විසින් සිදු කරනවා. එම කාලය තුල ඇය කතා කල යුත්තේද රහසින් වීම එම ගොත්‍රයට අනන්‍ය වු ලකෂණයක් වනවා. විවාහයට සුදුසුකමත්, එමෙන්ම වැඩුණු කාන්තාවකගේ වගකිමත් වැඩිවියට පත් ගැහැණු දරුවෙකුට ලැබෙනවා. එතැන් පටන් ඔවුන්ට දෙවන රූපයේ දැක්වෙන පරිදි තමන්ගේ රහස් ප්‍රදේශය වෙනත් කිසිවෙකුට පෙන්වීමට අවසර ලැබෙන්නේ නෑ.
යනෝමමී ගෝත්‍රයට ආවේණික චාරිත්‍රයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ මල ගිය ඇත්තන්ගේ ශරිරය දිරායාමට සලස්වා ලැබෙන ඇටකටු පුළුස්සා එම අළු වලින් කෙසෙල් මිශ්‍ර සුප් එකක් පිලියෙල කර ගොත්‍රයේ සියලු දේනාට බීමට ලබාදීමයි. මලගිය ඇත්තාගේ ශක්තිය ඔවුන්ට ඉන් ලැබෙන බවයි විශ්වාසය. ආහාර ගත් කල ඔවුන්ගේ ප්‍රධාන ආහාර බවට පත්ව ඇත්තේ එලවලු සහ පලතුරු වර්ගයි. ඔවුන්ගේ නිවස්නය ගත් කල අවසන් රූපයේ දැක්වෙන පරිදි ගම්මානයම ආවරණය වන පරිදි රවුමට ඉදිකිරිමක් සිදුවනවා. එහි මැද්දැව ගම්මානයේ කටයුතු සදහා යොදාගැනෙනවා.
යනොමමී ගෝත්‍රිකයන් අද වන විට බලවත් තර්ජනයකට මුහුණ දී තිබෙනවා. ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන් ලෙඩ රෝග වලට ගොදුරු වීමයි. ඔවුන්ගේ භූමි ප්‍රදේශවල රත්‍රන් තිබෙන බැවිනුත් රත්‍රන් ලබාගැනිමට යන්ත්‍රසුත්‍ර යොදාගැනෙන බැවිනුත්, ඔවුන්ගේ ජන ජිවිතයට බලවත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. මීට අමතරව බ්‍රසීල රජය රත්‍රන් කැණිම් කිරිම නීති ගත කරන්නට සැරසෙනවා. තෙවන රූපයේ දැක්වෙන ඩාවි කොපනාවා නම් ෂාමෙන්තුමන් එම නීති ගත කිරිමට එරෙහිව නැගි සිටිමින්.
Image may contain: 1 person, outdoor"අප භූමිය ගෞරවය ලැබිය යුතු භූමියක් වන්නේය. අප භූමිය අපේ උරුමයයි. අපේ උරුමය අපේ ආරකෂාවයි. කැණිම් සොභාදහම පමණක් විනාශ කරාවී. අල දොල ගංගා පමණක් විනාශ වේවි. මාළුන් මියයාවි, අප පරිසරය මියැදේවී,අවසානයේ අප භූමියේ මෙතෙක් නොතිබු උවදුරු ඇති වේවි" තම ගෝත්‍රයේ සොභාදහම සමග අැති සබැදියාව විග්‍රහ කොට තිබෙනවා. ඔහුගේ විස්තර දැක්විම අනුව සොභාදහමේ ඇති සෑම අංගයකටම සාරයක් (Spirit) තිබෙනවා. එම සාරය දැකීමේ වාසනාව ඔවුන්ට ලැබි තිබෙනවා. යකෝනා නම් භාන්තිජානක දුමය අග්‍රාණය කිරීමෙන් අනතුරුව ඇතිවන දැහැන මගින් සාපිරිපේ නමින් හදුන්වන සොභාදහමේ අලංකෘත වු ජීව ගුණය ඔවුන්ට අත්දකින්නට ලැබි තිබෙන බවයි පැවසෙන්නේ.
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
මෙම ලිපිය සදහා භාවිත වු ජයාරූප කිසිවක් කිසිවෙකුගේ ලිංගික උත්ප්‍රේරකයක් වනලෙස භාවිතා නොකල බවත්, එය එසේ නොවිය යුතු බවත්, ලිපියේ හරයාත්මක කරුණු වටහාගැනිමට අසීරු වන නිසා එසේ පල කල බවත් මෙයින් දැනුම් දෙමි.
අදහස් වලට ඉඩ... නැවත ලිපියකින් හමුවෙමු
ජයවේවා
👋👋👋👋👋👋👋👋👋👋👋👋
Thilina L. Dissanayake
තවත් විස්තර

https://www.google.lk/search?q=yanomami+tribe&newwindow=1&espv=2&biw=1280&bih=918&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwidoNL-rdDRAhWIqY8KHaM5CggQ_AUIBigB
Image may contain: 5 people, outdoorImage may contain: one or more people and outdoorImage may contain: plant, tree, outdoor and nature

Wednesday, January 18, 2017

වීරයන් 108 දෙනාගේ කථාව -වොට(ර්) මාර්ජින්-

Image may contain: one or more people
බැලටයේ පලකල ලිපි මාලාවේ මේ දොලොස්වැන්න. මෙහි අවධානය චීනය දෙසට. චිනයේ බිහි වු විශිෂ්ඨතම ශාස්ත්‍රිය නවකථා හතර අතරින් එකක්. මේ සම්ප්‍රදායක චින බස වෙනුවට ස්වභාෂා (ගමේගොඩේ) චීන බස යොදාගනිමින් ෂි නායියන් විසින් රචිත "දිය කඩයිම". "වොටර් මාජින්" ලෙසින් ජාතික රූපවාහිනියේ විකාශය වුයේ මේ නවකථාවයි.
වොටර් මාජින් කතාපුවත සොන් රාජවංශය (ක්‍රි.ව. 979- 1279) හා බැදී පවතියි. සාහසික අපරාධකාරයන් 105 දෙනෙකු හා අපරාධකාරියන් 3 නෙකු ලියැන්ෂැන් පව්ව මතදි එක්රැස්වි බලකායක් සදා ගනියි. පසුව රාජ්‍ය සමාව ලැබෙන මොවුන් විදේශිෂ ආක්‍රමණයන්ගෙන් සහ සතුරන්ගෙන් රාජ්‍යය බේරාගැනිමට යොදාගැනීම මෙම කතාපුවතේ ප්‍රධාන තේමාවයි.
මෙම කතාවේ ප්‍රධාන චරිත 108ක් වුවත් ප්‍රධානතම වීරයා ලෙස සැලකෙන්නේ සොන් ජියෑන්. ඔහු සහ ඔහුගේ යහළුවන් 36 දෙනා මෙම කතාවේ අඩිතාලම ලෙසද සැලකිය හැකිය. සොන් ජියෑන් සහ පිරිවර හයියාන් පළාතේ ක්‍රියාත්මක වී සිදු කල වික්‍රමයන් සහ පසුව විට සැන් ශියියේ විසින් ඔවුන්ව මැඩපවත්වන ආකාරයත් කතාවේ හතරවන පරිච්ඡෙදයේ විස්තර කෙරෙනවා.
පලමු පරිච්ඡෙදයේ සිරගතව සිටි වීරයන් 108 දෙනාගේ මුදාහැරිම විග්‍රහ කෙරෙනවා. දෙවන පරිච්ඡෙදයේ ගාඕ කිවු නම් ප්‍රධානතම ප්‍රතිමල්ලවයාගේ පිබිදීම ගැන කතාපුවත දිගහැරෙනවා. ඔහු වැන් ජින් හට පිඩා කරනවා. ගාඕ වැන් ජින්ගේ පියාණන්ගෙන් පිඩාලැබුවෙක් වෙනවා. ගාඕගෙන් මිදෙන වැන් ජින් තමන්ගේ මෑණියන් සමග ෂි ජින් වීරයා (108 දෙනාගෙන් කෙනෙක්) මුණගැහෙනවා ඔහු යටතේ ශිෂ්‍යයෙකු වනවා.
තෙවන පරිච්ඡෙදයේ සිට හත්වැනි පරිච්ඡෙදය වන තෙක් ෂි ජින් ගැනත් ඔහුගේ මිතුරු ලු ෂිසෙන් වීරයා ගැනත් කියවෙනවා. හත්වන පරිච්ඡෙදයේ සිට දොලොස්වන පරිච්ඡෙදයේ වන තෙක් ෂිසෙන් වීරයාගේ සහෝදරයෙකු වන ලී චොන් වීරයා ගැන කියවෙනවා. එහිදි ලී චොන් ඝාතනය කිරීමට ගාඕ කිවු උත්සහ ගත්තත් තමන්ගේ ජීවිතය බේරාගැනිමට ලී චොන් සමත් වෙනවා. දහතුන්වන පරිච්ඡෙදයේ සිට විසි වන පරිච්ඡෙදය වන තෙක් කතාපුවත චාඕ ගායි වීරයා වටා සකස් වෙනවා. චාඕ ගායි කතාවේ ප්‍රධාන වීරයෙකු වුවත් වීරයන් 108 දෙනාට අයත් වන්නේ නෑ. මෙහිදි චාඕ ගායි ඇතුළු පිරිස අධිරාජ්‍ය උපදේශකයෙකු වු කායි ජින්ගේ උපන්දින සලකක්ම් සොරාගෙන පැන යනවා.
කතාව ඉදිරියට ඇදෙත්ම පවතින පාලනයට එරෙහිවන විවිධ තරාතිරම් වල පුද්ගලයන් සාහසික කණ්ඩායමට එකතු වනවා. හතලිස් වන පරිච්ජේදය වන විට චාඕ ගායි නායකතුමන් සටනකින් මියයන අතර කලින් සදහන් කල සොන් ජිඈන් ට නායකත්වය ලැබෙනවා. සොන් ජිඈන් අධිරාජ්‍යයා සමග සාමයෙන් වාසය කිරිමට සාහසික වීර කණ්ඩායම මෙහයවනවා. කෙසේ වෙතත් මෙම කණ්ඩායම අධිරාජ්‍යයේ හිරබාරයට ගැනෙනවා.
පසුව රාජ්‍ය සමාව ලබාදෙමින් අධිරජු ඔවුන් රාජ්‍යයට ලිආඔ රාජවංශයෙන් සිදුවන ආක්‍රමණ වැලැක්වීමට යොදාගන්නවා. ලිආඔ රාජවංශය සමග ඇතිවන සටන් වලින් වීරයන් තුනෙන් දෙකක් පමණ මරණයට පත්වෙනවා. සොන් ජිඈන්ද කලින් සදහන් කල ප්‍රතිමල්ලවයා වු ගාඕ සහ රාජකීය උපදේශකවරයා අතින් වස ලබාදීමේන් මරණයට පත් කෙරෙනවා.
පරිච්ඡෙද 100ක් පුරා විහිද යන මේ අපුරු කථාපුවත විවිධ රටවල විවිධ භාෂාවන්ටත් සුප්‍රකට වොටර් මාජින් ටෙලි වෘන්තාන්තයටත් පාදක වෙනවා. මෙම වීරයන් පිළිබද කතා පුවත එකල කෙතරම් ජන සමාජය විනිවිද ගියාද කියතොත් ක්‍රි.ව. 1627-1644 අතර සිටි මින් රාජවංශයේ චොන්සෙන් අධිරාජ්‍යයා මේම කතාව කැරලි ගැසිම් වලට තුඩු දෙන්නක් යැයි පවසමින් රාජ්‍යය තුල එය තහනම් කොට තිබෙනවා.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
නැවත හමවෙමු තවත් ලිපියකින්. ජයවේවා..!
👋👋👋👋👋👋👋👋👋👋👋👋
Thilina L. Dissanayake
No automatic alt text available.



No automatic alt text available.