වර්තමාන ලෝකය කොතරම් දියුණුද? අභ්‍යවකාශ ගවේෂණය, විද්‍යාව හා තාක්ෂණය, න්‍යෂ්ටික ශක්තිය සන්නිවේදනය, ආදී ලෙස සමස්තයක් ලෙස සියලු රටවල් විශාල දියුණුවක් අත් කරගෙන තිබෙනවා. එමෙන්ම රටක් ලෙස පැවැත්මට අන් රටවල් සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන්නට අපට සිදු වී තිබෙනවා.
නමුත් මේ සියලු නවීන අංගෝපාංග, පහසුකම් ගැන කිසිවක් නොදැන ශිෂ්ටාචාරයෙන් ඈත්ව ගල් යුගයේ ජීවත් වන ගෝත්‍ර මිහිතලයේ තවමත් ඉතිරිව ඇති බව ඔබ දන්නවාද?
නමුත් මේ සියලු නවීන අංගෝපාංග, පහසුකම් ගැන කිසිවක් නොදැන ශිෂ්ටාචාරයෙන් ඈත්ව ගල් යුගයේ ජීවත් වන ගෝත්‍ර මිහිතලයේ තවමත් ඉතිරිව ඇති බව ඔබ දන්නවාද?
මේ ලෝකයෙන් හුදකලා වූ ගෝත්‍ර ගැන ලිපි පෙලේ පළමු ලිපියයි.
ඉන්දියන් සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහයට දූපත් 300ක් පමණ අයත් වන අතර එයට අයත් උතුරු සෙන්ටිනල් දිවයින ශ්‍රී ලංකාවට සැතපුම් 760 පමණ නැගෙනහිර-ඊසාන දෙසින් පිහිටා තිබෙනවා. වර්ග කිලෝමීටර 72ක භූමියකින් සමන්විත මේ දුපත අයත් වන්නෙ ඉන්දියාවටයි. නමුත් ඒ දූපත් වාසීන් ඉන්දියාව නම් රටක් ගැන නොදන්නා බව සහතිකයි.
ලංකාවේ නැගෙනහිරෙන් බෝට්ටුවක නැගී එහි ලඟා විය හැකි වුනත් ඔබ නැවත යහතින් පැමිණීම නම් සැක සහිතයි. ඒ මෙම දූපතේ ජීවත් වන සෙන්ටිනල ගෝත්‍රිකයන්ගේ ඔබව පිළි ගන්නේ තියුණු හෙල්ල සහ ඊතල වලින් නිසායි.. එම නිසා ලෝකයේ ගොඩ වැදීමට අපහසුම ස්ථානය ලෙසද මෙම දිවයින හඳුන්වනවා.
මේ දූපතේ ජීවත් වන සෙන්ටිනල් ගෝත්‍රිකයන් ගණන 40-500 අතර වේ යයි විශ්වාස කරන අතර මොවුන් වසර 60000කට පමණ පෙර අප්‍රිකාවේ සිට ආසියාව ඔස්සේ ඕස්ට්‍රේලියා භූමියට සංක්‍රමණය වූ මුල්ම මිනිසාගන් සෘජුවම පැවත ඒ යයි සැලකෙනවා.
වසර 10000කට වඩා පැරණි ගල් යුගයේ මිනිසාගේ ජීවමාන නිදසුනක් වන මොවුන් ගල් සහ ලී වලින් සැදූ ආයුධ සහ මෙවලම් භාවිත කරනවා.
වගා කිරීම හෝ එඬේර ක්‍රමය නොදන්නා මොවුන් දඩයම් කිරීමෙන් සහ රැස් කිරීමෙන් කුස පුරවා ගන්නවා.
පළතුරු, මාලු, මී පැණි, වල් ඌරු සහ තලගොයි මස් අනුභව කරන අතර මොවුන්ගේ වාසස්ථාන ගැන මෙතෙක් කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබෙනවා.
වගා කිරීම හෝ එඬේර ක්‍රමය නොදන්නා මොවුන් දඩයම් කිරීමෙන් සහ රැස් කිරීමෙන් කුස පුරවා ගන්නවා.
පළතුරු, මාලු, මී පැණි, වල් ඌරු සහ තලගොයි මස් අනුභව කරන අතර මොවුන්ගේ වාසස්ථාන ගැන මෙතෙක් කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබෙනවා.
වර්තමානයේදී අන්දමන් දූපත් ආශ්‍රිතව සංචාරක කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වන අතර අසල්වැසි දූපත් වල onge සහ jarawa ගෝත්‍රිකයන් නැරඹීමට (Human Safari) දහස් ගණන් සංචාරකයන් සෙන්ටිනල් දූපත් අසල ප්‍රදේශයට පැමිණෙනවා. සෙන්ටිනල් දූපත බාහිර අත පෙවීම් වලින් සහ සංචාරකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඉන්දීය රජය විසින් දූපත වටා සැතපුම් 3ක මුහුදු තීරය තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.
බාහිර ලෝකය සහ සෙන්ටිනලයන් හමු වූ අවස්ථා එතරම් සොඳුරු නෑ. 1896 දී අන්දමන් හි බ්‍රිතාන්‍ය බන්ධනාගරෙන් පැනගිය පුද්ගලයෙකුගේ සිරුර සෙන්ටිනල් වෙරළෙන් හමුවූ අතර ගෙල කපා ඊතල වලින් සිරුර සිදුරු වී තිබුණා.
2004 දෙසැම්බර් සුනාමි අවස්ථාවේ සහන කණ්ඩායම් හෙලිකොප්ටරයකින් ආහාර ද්‍රව්‍ය හෙලන්නට සැරසුණු අවස්ථාවේ යානයට ඊතල ප්‍රහාරයක් එල්ල වූ නිසා ඒ සහන මෙහෙයුම් නවතා දැමුණා.
2006දී කකුළුවන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයන් දෙදෙනෙක් සිටි බෝට්ටුවක් නොදැනුවත්ව සෙන්ටිනල් වෙරළට පාවී ගිය අතර ඔවුන් දෙදෙනා එම දූපතේම අවසන් ගමන් ගිය අතර රජයට ඔවුන්ගේ සිරුරු සොයාගැනීමට හැකිවූයේ නෑ.
කුඩා ළමුන් නැවත සෙන්ටිනල් දූපතට මුදාහැරියා.
ඉන්දීට රජය සෙන්ටිනල් ගෝත්‍රිකයන් සමග මිත්‍ර වීමට උත්සහ කරන්නෙ 1964 පමණ ඈත පටන්.. 80 සහ 90 දශක වල සෙන්ටිනල් වාසීන් සමග සබඳතා ඇති කර ගැනීමට ඉන්දීය මානව විද්‍යාඥ T M Pundit මහතා උත්සහ කරා. නමුත් ඒ උත්සහයන් එතරම් සාර්ථක වූයේ නෑ. බෝහෝ අවස්ථාවලදී පර්‍යේෂක පිරිස බෝට්ටු වලින් පැමිණෙන විට ගෝත්‍රිකයන් පශ්චාත් භාගය ඔවුන්ට පෙනෙන සේ මල පහ කරන ඉරියව්වෙන් සිටියේ පිටස්තරයන්ව තමන් පිළි නොගන්නා බව හැඟවීමට යයි පන්ඩිත් මහතා පෙන්වා දෙන්නේ.
1974 දී අන්දමන් දූපත් ආශ්‍රිත Onge, Jarawa සහ සෙන්ටිනල් ගෝත්‍රිකයන් ගැන වාර්තාමය වැඩ සටහනක් කරන්න පිරිසක් උත්සහ කල අතර සෙන්ටිනල් දූපත් වාසීන්ගේ ප්‍රහාරයක් නිසා එහි අධ්‍යක්ෂකගේ කකුල අඩි 8ක් පමණ දිග හෙල්ලයකින් සිදුරු වුනා. කෙසේ හෝ ඔවුන් එම වාර්තා වැඩ සටහන නිම කළ අතර එය "man in search for man" හිසින් යූටියුබ් ජාලයෙන් ඔබට නැරඹිය හැකියි.
නවීන ලෝකය සමග ඔවුන් සබඳතා පැවැත්විය යුතුද? ශිෂ්ටාචාරගත ලෝකය සමග අත්වැල් බැඳ ගැනීම ඔවුන්ගේ පැවැත්මට කෙසේ බලපායිද?
ඔබේ අදහසත් කියන්න.
-මලිත්
හුදකලා ගෝත්‍ර ගැන ඉදිරි ලිපි කියැවීමට පහත හෑශ්ටැග් භාවිතා කරන්න.
#isolatedtribes
#isolatedtribes
මෙතෙක් ලියූ ලිපි කියවන්න
#MalithWrites
#MalithWrites
No comments:
Post a Comment