Thursday, March 23, 2017

මෞර්‍යය රාජ වංශයේ ආරම්භය -අමිල ලක්මාල්

මටත් හිතුණා ඉතිහාස කතාවක් ලියන්න....මගෙ ප්‍රියතම විශයක වුණ ඉන්දීය ඉතිහාසයෙන්....
පුරාණ ඉන්දියාවෙ මහා ජනපද 16ක් තිබුණා (සොලොස් මහ ජනපද )..ඒ

01.අංග
02.මගධ
03.කෂී
04.කෝසල
05.වජ්ජි
06.මලල
07.කුරු
08.පංචාල
09.වම්ස/වත්ස්‍ය
10.මච්ඡ/මත්ස්‍ය
11.අවන්ති
12.සූරසේන
13.ඡේදි
14.අෂ්මක
15.ගනධාර
16.කාම්බෝජ


මේ මහා ජනපද අතරින් බළව්තම ජනපදය වුණ මගධ ජනපදය මූලය කරගෙන ඉන්දියාවේ පහල වුණා මහා රාජ වංශයක්(ක්‍රි.පූ. 345-321)...මේ රජ වංශය "නන්ද" වංශය ලෙස ඉතිහාසය සඳහන් කරනවා...
නැගනහිරින් වත්මන් බෙංගාල ප්‍රන්තයේ සිට බටහිරින් ප්ංජාබය තෙක්ද දකුණින් වින්ධ්‍යා කඳු වැටි මායිම් වුණ නන්ද් රාජධානියේ යුධ ශක්තිය ලෙස

(චතුරංගනී සේනාව )
ඇත් - 3000
අස් - 2000
රිය(අශ්ව කරත්ත ) - 20000
පාබල - 200000 ලෙස් සඳහන් වෙනවා...

ඒ සේ වුවත් ග්‍රීක ඉතිහාසයේ ඇතැම් තැන් වල සඳහන් වන විදිහට එය
ඇත් - 6000
අස් - 8000
රිය(අශ්ව කරත්ත ) - 80000
පාබල - 200000 ක් වුණා...
නන්ද වංශයේ ධනයද අතිමහත් බව කියනවා....විශාල ප්‍රමාණයෙ ගොවි බිම් සහ වාරි කර්මාන්තයන් ද මහා පරිමාණයේ භාණ්ඩාගාරයක්ද් ඔවුන් සතු වුණා...
සංකීර්ණ රාජ සභා ක්‍රමයකින් (අමාත්‍ය වරු සහ මන්ත්‍රී වරු සහ මණ්ඩල ) ඔවු රාජ්‍ය පාලනය කර තිබෙණවා..

නන්ද වංශයේ ශ්‍රේෂ්ඨම පාලකයා ලෙස සැළකෙන් මහා පද්ම නන්දගේ සිට අකාර්යකෂම රජෙකු ලෙස සළකන ධන නන්ද තෙක් පහත රජ වරුන් විසින් රාජ්‍යය පාලනය කලා...

1.මහා පද්ම නන්ද
2.පණ්ඩුක නන්ද
3.පණ්ඩුගති නන්ද
4.භූත පාල නන්ද
5.රාෂ්ඨ්‍රපාල නන්ද
6.ගොවිශංක නන්ද
7.දශසිධක නන්ද
8.කෛවර්ථ නන්ද
9.ධන නන්ද


මේ ආරමභ වන්නේ ධන නන්ද ගෙන රාජ්‍ය පැහැරගෙන් , නන්ද වංශයේ අවසානය සනිටුහන් කරමින් , චනද්‍රගුප්ත මෞර්‍යය විසින් මෞර්‍යය රජධානිය ආරමභකිරීමෙ සහ ඊට මහත් දයකත්වයක දුන් විශ්ණුගුප්ත චාණක්‍යය ගේ කතාවයි......


නන්ද ඛාණඩය - පළමු කොටස

"ධන නන්ද" කියන්නෙ "මහාපද්ම නන්ද" අධිරාජ්‍යයාගෙ පුතුන් 9 දෙනාගෙන් කෙනෙක්...
"කෛවර්ත නන්ද"ගෙන් පසුව ධන නන්දට මගධ අධිරාජ්‍යයත් මහා විශාල ධනස්කන්ධයකුත් ලැබෙණවා....
නමටම ගැළපෙන පරිදි ධන නන්ද කියන්නෙ ධනයට පුදුම ආශාවක් දැක්වූ අයෙක්...මීට අමතරව ඔහුට තිබුණ අනෙක් ආශාව නම් සිය චතුරංගණී සේනාව දිනෙන් දින වර්ධනය කිරීම...

හැඳින්වීමේදි සඳහන් කළ ආකරයටම නන්ද රාජධානියේ හමුදාව විශාල එකක් බවට පත්වුණේ ධන නන්ද ගෙ සමයේදියි...මේ මහා හමුදාවෙ ප්‍රධානියා වුණේ "සේනාපති භද්‍රශාල්" ...

ධන නන්දගෙ හමුදාව කෙතරම් විශාලද යනු එවක ඉන්දියාව ආක්‍රමණය කළ මහා අධිරාජ්‍යයා ඇලෙක්සැන්ඩර් පවා මගධය ආක්‍රමණය් කිරීමට මැළි වෙනවා...එහෙත් ඉතිහාසයට අනුව මෙතරම් විශාල හමුදාවක් තිබුණත් ධන නන්ද් අනෙකුත් ජනපද වලට ඇලෙක්සැන්ඩර් සමග යුධයේදී උපකාර නොකළ බව පැවසෙනවා....එය ඔහුගේ ප්‍රශ්ණයක් නොවන ලෙස ඔහු සැළකූ බව කියවෙනවා...

අනෙකුත් මගධ රජවරුන් සේම ධන නන්දත් "පාඨලීපුත්‍ර" නුවරම අගනුවර කරගෙන රාජ්‍යය පාලනය කළා...ඔහුගේ ප්‍රධානතම සහ අවංකම නිලධාරියා වුණේ "මහාමාත්‍ය රාක්ෂස්"...අවසානය වන තෙක්ම ධනනන්ද සමග ඔහු සිටිනවා සහ චන්ද්‍රගුප්තට සෑහෙන සටනක් දෙන්නත් මොහු මුල් වෙනවා...ඒ ගැන මතුවට.....

විශාල හමුදාවක වියදම් දැරීමට සහ තමුන්ගෙ ධන ලෝභය නිසාම ධන නන්ද් දිනෙන් දිනම පුරවැසියන් පෙළමින් නව බදු පැණවූවා...

මෙ බදු සහ ධනනන්ද් ගෙ අහංකාරත්වය නිසාම ජනතාව ඔහු කෙරෙහි අප්‍රසාධ වුණා වගේම ඔහුගේ ප්‍රධාන අමාත්‍ය වරයා (අමාත්‍ය රාක්ෂස නොවේ ) ඇතුළු ඉහල රාජ්‍ය නිලධාරීන් සේවය අත්හැර ගිය බව සඳහන් වෙනවා....

වැඩි වන පීඩණය නිසාම පුර වැසියන් ධන නන්ද් ට විරුදුව කැරළි ගැසුවත් ඔහු කූට සහ කෲර උප්ක්‍රම වලින් ඒවා පාලනය කළා...

මෙකල පීඩාවට පත් තව කොටසක් වුණේ භාහමණයන්..එකල සමාජයේ උගත්ම කොටස වුණ භ්‍රාහ්මණයන්ට කිසිදු සැළකීමක් ධන නන්ද් ගෙන් ලැබුණෙ නෑ...ඒ වෙනුවට ඔවුන්ට නිතරම ලැබුණෙ ධන නන්ද් ගෙ අපහාස උපහාස...

මේ නිසා භ්‍රාහමණයණුත් ධනනන්ද් ට විරුදුව පුර වැසියන් කරන කැරළි වලට උපකාර කළා...
මෙකළ බමුණු සමාජයේ ප්‍රධානියෙක් තමයි "ආචාර්‍යය අජය"...මේ ආචාර්‍යය අජය කැරළි ගැසීම හේතු කොටගෙන සිරගත කිරීමටත්...ඔහුගෙ පවුළේ උදවියට නොසළකා සිටීමටත් ධනනන්ද් නියෝගයක් කරනවා...

මේ ආචාර්‍යය අජය කියන්නෙ අපෙ කතාවෙ එක නායකයෙක් වණ පසුවට විස්තර කෙරෙන "විෂ්ණුගුප්ත චාණක්‍යය"ගෙ පියාණන් බව පැවසෙනවා.....

විෂ්ණුගුප්ත ඛාණ්ඩය – දෙවන කොටස

තමුන්ට විරුද්ධව කැරළි ගැසීම නිසා ආචර්‍ය්ය අජයව සිරගත්කිරීමට ධන නන්ද කටයුතු කරනවා….මේත් සමගම පාඨලීපුත්‍ර නුවර වාසය කිරීමට නොසුදුසු තත්ත්වයක ඇති වුණ නිසා කුඩා විෂ්ණුගුප්ත් තක්ෂශීලා බලා පිටත් වෙනවා….

එකල තක්ෂශීල වල තිබුණා ලෝකයේ තිබුණ හොඳම විශ්වවිද්‍යාලයක්…අදටත් පාසැල් වලට තක්ෂිලාව, තක්සලාව කියන්නෙ මේ තක්ෂශීල විශ්වවිද්‍යාලය නිසාමයි…

විෂ්ණුගුප්ත මේ විශ්වවිද්‍යාලයෙ රාජ නීතිය හදාරනවා….වසර ගණනවකට පස්සෙ සිය අධ්‍යාපනය නිම කරන විෂ්ණුගුප්ත තක්ෂශීල විශ්වවිද්‍යාලයේම ආචාර්‍යය වරයෙකු ලෙස සේවයට බැඳෙනවා…
පස්සෙ කාලෙක මෙය තමයි “අර්ථ ශස්ත්‍ර” කියන පොත පවා ලියලා තියෙන්නෙ…

මේ අතර ඔහුට අදහසක් පහල වෙලා තියෙනවා පාඨලීපුත්‍ර නුවරත් තක්ෂශීලා නුවර වගේම විශ්වවිද්‍යාලයක් ඇතිකරවීමට…

ඒ කටයුත්ත සහ ඔහුගෙ හිතෙ තිබුණ වෙනත් විශේෂ කටයුත්තක් ඉටු කර ගැණීම සඳහා ඔහු නැවත් පාඨලීපුත්‍ර නුවරට පැමිණෙනවා..නමුත් ඔහු නොසිතූ දේවල් තමයි එහිදී සිද්ධ වෙන්නෙ…

ධනනන්ද පාඨලීපුත්‍රය අවුල්ජාලයක් කරලා ඒ වෙනකොටත්..අධ්‍යාපනයට සහ උගතුන්ට කිසිදු තැනක් ලැබුණෙ නැහැ…නිතරම ලැබුණෙ අපහාස උපහාස….

මේ කාලයේම තමයි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඉන්දියාව ආක්‍රමණය කරන්නෙ …හොසඳ මිත්‍රය ඒ ගැන රසවත් ලිපි කිහිපයක් ලියුව නිසා ඒ ගැන වැඩිදුර කියන්නෙ නෑ… (එම ලිපිය) 

මේ යුද්ධය මගධ රාජධානියට බල නොපෑව හේතුව මීට කලින් කිවුවා…

අනෙකුත් රාජ්‍යයන් බේරාගැණීමට නන්ද හමුදාව යෙදවිය යුතුයැයි පැවසූ යෝජනාවට ධනනන්ද් කොහෙත්ම කැමති වුණේ නෑ…සිවාධීන රාජ්‍යයන් වුණ අනෙකුත් රාජ්‍යයන්ගේ ප්‍රශ්න ඔවුන් විසින්ම විසඳා ගතයුතු බවත්..එය තමාට අයත් කටයුත්තක් නොවෙන බවත් කියන ඔහු විෂ්ණුගුප්තට අපහාස කොට මාළිගාවෙන් පන්නා දමනවා…මේ අවස්ථාවේදි විෂ්ණුගුප්ත් “කවදා හෝ උඹට වන්දි ගෙවන්න වේ යැයි “ පැවසූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා….

ධන නන්දගේ මේ අහංකාර ආකල්පය නිසාම අවට ජනපද වල රජවරුන්ද ධන නන්ද කෙරෙහි උරණ වෙනවා...එය පසුව ඔහුට විරුද්ධව චන්ද්‍රගුප්ත්ට උපකාර කිරීම තෙක්ම දුර දිග යන විරෝධතාවයක්....
කෙසේ හෝ විශ්වවිද්‍යාලයක් පිළිබඳව තම අරමුණු ඉටු නොවෙන තැණ විෂ්ණුගුප්ත රාජ්‍ය මුදා ගැණීම සම්බන්ධයෙන් ඔහුගෙ හිතේ පැලපදියම් වෙල තිබුණ අරමුණ ක්‍රියාත්මක කරවීමට මූලික් අඩිතාලම් යොදනවා….

ඔහුගේ අභිප්‍රාය වන්නෙ ධනනන්දගෙන් මගධය මුදවා එය ඔහුගෙ ගෝලයෙකු වුණ චන්ද්‍රගුප්තට ලබාදීමයි…..

මේ සඳහා ඔහු යෙදූ කූට උපක්‍රම නිසා විෂ්ණුගුප්ත “කෞටිල්‍යය” නමින් කුප්‍රකට වුණා….


විෂ්ණු ගුප්ත ඛාණ්ඩය - තුන්වන කොටස

විෂ්ණු ගුප්ත ගේ සැළසුම් ගහෙන් ගේඩි එන්නා සේ පහළ වුණ ඒවා නොවේ....
එම සැළසුම් වල ආරම්භය සිදුවුනෙ ඔහු කුඩා කල පාඨලී පුත්‍රයෙන් පලා ගොස් තක්ෂශීලාවෙහි ඉගෙන ගත් සමයේදීමයි....

චන්ද්‍රගුප්ත මෞර්ය
දවසක් තරුණ විෂ්ණුගුප්ත චානක්‍යය ගමනක් යන විට ගමක දරුවන් පිරිසක් කෙලිදෙලෙන් ගත කරනවා දකිනවා....මෙම දරුවන් රාජ සභාවක නඩු විසඳීමක් රඟ දක්වමින් සිටියා....චාණක්‍ය පසෙකට වී මේ දරුවන්ගේ ක්‍රියා කලාපයන් බලා ගෙන සිටියා...රජු ලෙස ක්‍රියා කල දරුවාගේ දේහ ලක්ෂණ,කථනය සහ බුද්ධිමත් භාවය දුටු චාණක්‍යය මේ නම් ඒසේ මෙසේ දරුවෙකු නොවන බව වටහා ගන්නවා....හීන කුලයේ මවක සමග ගමේ වැඩුන ,පියෙක් නොමැති, නෑදැයන්ගේ හිරිහැරයට පාත්‍රවූ,එඬේරෙක් වුණ මේ දරුවා චාණක්‍යය රැගෙන යනවා තක්ෂශීලාවට...

ඇතැම් තැන් වල මෙම හමු විම වෙනත් විදිහට සඳහන් වනවා..ඒ සිංහයෙක් සමග සටන් කොට සිංහයා මෙල්ල කළ දරුවෙක් චානක්‍යය විසින් රැගෙන ගිය බවට...

තවත් තැනක සඳහන් වන්නෙ චන්ද්‍රගුප්ත විසින් චානක්‍යය සොයා ගත් බවයි...ඒ නම් දිනක් චන්ද්‍රගුප්ත විශ්‍රාම ශාලාවක සිටින අතර ඒ අසලින් චානක්‍යය ගමන් කරනවා...ඒ ගමන් කරන විට තියුන් තණකොල නිසා චානක්‍යගේ නරුවත් දෙපා තුවාල ලබනවා...

චානක්‍ය එම ප්‍රදේශය පහු කොට යන්නෙ සියලුම තණකෙලා ගලවා දැමූ පසුවයි...
මේ අවස්ථාවේ චන්ද්‍රගුප්ත සිතනවා ,තමාට බාධා වන සියලු දේ උගුල්ලා දමන මේ බමුණා ගෙන් මට මහත් උපකාර උපදෙස් ලබා ගත හැකි බව.... හේ කෙසෙ වුවත් ජනප්‍රවාද වලට අනුව මේ චන්ද්‍රගුප්ත දරුවා ධන නන්දට හෝ වෙනත් නන්ද වංශිකයෙකුට දාව දාසියක කුසින් බිහිවූ දරුවෙක් බව කියැවෙනවා...
තක්ෂශීලාවට රැගෙන යන චන්ද්‍රගුප්තට චානක්‍යය විසින් රාජ නීතිය සහ නෙකුත් දහ අටක් විද්‍යාවන් හොඳින් උගන්වනවා...චානක්‍යය ගේ සැළසුම් වල මුල්ම අදියරය ඒයයි...

පාඨලී පුත්‍ර නුවර මත්පැන් සල් ,වෙළඳ සල් ආදියෙහි විවිධ වෙස් ගෙන සරමින් චානක්‍යය ධන නන්දට විරුද් අදහස් ඇත්තවුන පිළිබඳ ඔත්තු බැලිම කළ බව කියවෙනවා....මේ මගින් ඔහු ධන නන්දට විරුදු අදහස් මෙන්ම පුද්ගලයන්ද හඳුනා ගන්නවා....

චානක්‍යය විසින් රචිත "අර්ථ ශාස්ත්‍රය" ග්‍රන්තයේ ,ගැටුමු ඇති කොට රාජ්‍යයන් නෂ්ට කිරීම සම්බන්ධව පහත රීතීන් සඳහන් වෙනවා..

1
.චර පුරුෂයන් සතුරු ගෝත්‍ර තුලට ගොස් ,සිත් දිනාගෙන ගැටුම් ඇති කිරීමෙ හැකියාව ලබා ගෙන මනාව සැළසුම් කොට ද්වේශය ආදී කරුණු අවුලුවා ගෝත්‍රයේ ගැටුම් ඇති කිරීම.

2.බමුණු ආචාර්යය වරුන් ලෙස වෙස් වලාගෙන ව්‍යාජ උපදෙස් මගින් ගෝත්‍ර නායකයන් අතර ගැටුම් ඇවිලවීම.

3.පූජ්‍යස්ථාන වල රන් ,රිදී ,මුදල් වැනි දෑ තබා ගෝත්‍ර ප්‍රධානින් තුළ ලොභය ඇති කිරීම.

4.සුරූපී ගණිකාවන් ටොදවා ප්‍රධානීන් වශී කරවීම සහ ඔවුන් රහස්.තැන් වලට ගෙන ගොස් මරණයට පත්කොට චෝදනාව වෙනත් ප්‍රධානීන් මත පැවරීමට සුදුසු කටයුතු කිරීමෙන් ප්‍රධානීන් අතර ගැටුම් වර්ධනය කිරීම.

5.තවුසන් ලෙස වෙස් වලා ගන්න චරපුරුෂයන් විෂ වර්ග වාජීකරණ ඖෂධ ලෙස ගෝත්‍ර ප්‍රධානීන්ට ලබා දී ඔවුන් ඝාතනය කරවීම.

6.උගත් බමුණු ආචාර්යය වරුන් ලෙස හැසිරෙන පිරිස් විසින් චන්ද්‍රගුප්ත මෞර්ය ගෙ වාසස්ථානයෙහි ඇති වෙන ප්‍රාතිහාර්යයන්...විශ්මිත දෑ පිළිබඳව ව්‍යාජ කටකතා පැතිරවීමට සැළැස්වීම..


මෙවන් කූට උපායන් නිසාම විෂ්ණු ගුප්ත චානක්‍යය "කෞටිල්‍ය" ලෙස කුප්‍රකට වෙනවා..
කල්පනා කර බලන්න..අදටත් රාජනීතිය නොහොත් දේශපාලනයෙහි ඉහත ආකාරයේ කූට උපායන් භාවිතා වෙනවා

කෞටිල ඛාණ්ඩය - හතර වන කොටස


චන්ද්‍රගුප්ත් පමණක් රාජ්‍යත්වයට සුසුස්සෙකු ලෙස සලකා ශාස්ත්‍ර ලබා දීමට චානක්‍ය අනූවණයෙක් වුණේ නැහැ....ධන නන්දගේ අවශේස බිසවකගේ පුතෙක් වුන "පබ්බත" රවටා සිංහාසනයටලොබ ඇති කරවන චානක්‍ය චන්ද්‍රගුප්ත්ට මෙන්ම ඔහුටත් මුලික ශාස්ත්‍ර ලබා දෙනවා....


දිනක් පබ්බතගේ බුද්ධිය සහ ආත්ම ශක්තිය මැනීමට , නිදා සිටින චන්ද්‍රගුප්ත්ගේ පූන නූල ,චන්ද්‍රගුප්ත් අවදි නොකර ගලවන ලෙස චානක්‍යය පවසනවා..


මෙම පූන නූල යනු බ්‍රාහ්මණයන් වම් උරයේ සිට දකුණ පසට වැටෙන ලෙස පලඳින කහ පැහැති නූලයි....

පබ්බත එය කිරීමට අපොහොසත් වෙනවා...

තව දිනක පබ්බත නිදා සිටින විට එම කාර්යයම චන්ද්‍රගුප්ත්ට පවසනවා...දෙවරක් නොසිතන ඔහු සිය කඩුවෙන් පබ්බතගේ ගෙල සිඳ පූන නූල ගලවනවා....


රාජ්‍යත්වයට සුදුසු හැඟීම් විරහත ආත්ම ශක්තිය සහ කූට බුද්ධිය චන්ද්‍රගුප්ත් ලබා ගෙන ඇති බව පසක් කර ගන්නා චානක්‍යය ඔහුට ඉතිරි ශාස්ත්‍රය ලබා දෙනවා....


නිසි කල පැමිණි විට චන්ද්‍රගුප්ත සහ රැස් කරගත් සේනාව රැගෙන චානක්‍යය සහ චන්ද්‍රගුප්ත පාඨලී පුත්‍රයට පහර දීමට යනවා...එහත් එවර ඔවුන් ලොකු අනුවණ කමක් කර ගන්නවා...

ඒ පහර දීමට පටන් ගන්නෙ රාජ්‍යයේ මධ්‍යයේ සිට වීමයි...මේ අවස්තාවෙන් නිසි ප්‍රයෝජන ගන්නා ධන නන්ද ගේ අමාත්‍ය රාක්ෂස් රාජ්‍ය මායිම් වල සිටින සේනාවන් පොළඹවමින් මධ්‍යයට පැමිණ් ගුප්ත සේනාවට වටෙන්ම පහර දෙනවා...බරපතල ලෙස පහර ලබන ගුප්ත් සේනාව පසුබසින අතර චන්ද්‍රගුප්තද රැගෙන චානක්‍ය පලා යනවා...

මේ යන අතර සෙබලුන් ඔවුන් පසුපසම පැමිණෙනවා...

ජන ප්‍රවාදයේ ඇති පරිදි එක් අවස්තාවක සෙබලෙක් ඔවුන් පසුපසම එනවිට බේරීම සඳහා අසල වූ විලකට බසින ලෙස චන්ද්‍රගුප්තට ,චානක්‍ය පවසනවා....සෙබලා එතැනට පැමිණ චන්ද්‍රගුප්ත විමසන විට චානක්‍ය විල මැද සිටින චන්ද්‍රගුප්ත්ව පෙන්වනවා.....ලෝහමය යුධ ඇදුම ඇඳගෙන විලෙහ පිහිනීම අපහසු නිසා සෙබලා යුද ඇඳුම ගලවනවා..ඒත් සමගම අසිපත උදුරා ගන්නා චානක්‍යය සෙබලා ට ඇන මරා දමනවා....
ගොඩට පැම්ණි චන්ද්‍රගුප්ත් ගෙන්පචානක්‍ය අසනවා මා ඔබව පෙන්වූ විට ඔබට සිතුනේ කුමක්ද කියා...එවිට චන්ද්‍රගුප්ත් පවසනවා මගේ ගුරුවරයා වරදක් නොකරන බව විශ්වාස කලා කියා....ඒ අවස්තාවෙ චාවක්‍යය වටහා ගන්නවා චන්ද්‍රගුප්ත යනු තමාට නැටවිය හැකි රූකඩයක් බව....
මේ අවස්තාවෙ සිදු වුන බරපතල අනුවන කම වටහා ගන්නා චානක්‍යය වඩාත් සුදුසු නව සැළසුමක් සකස් කරනවා.. 

නමුත්.නැවත පහර දීමකට ප්‍රමාණවත් තරම් සේනාවක් ඔවුන් සතු වුනේ නෑ..ඒ නිසා ඔහු ,අතීතයේ සිදු විම් නිසා ධනනන්ද සමග උරණව සිටි "පෞරවාස"(පර්වතක/පෝරස්) , ඔහුගේ සොහොයුරා සහ පුතු "මලය කේතු" සමග සංධාන ගත වෙනවා....

මේ තුන්දෙනා හිමාලය(වත්මන් හිමාචල් ප්‍රදේශ්,හර්යානා සහ ජම්මු කෂ්මීර් ප්‍රාන්ත) ප්‍රදේශයේ රාජ්‍ය කල බලවත් රජවරු පිරිසක්...
ඇලෙක්සැන්ඩර් සමග "හිඩැස්පස්" හිදී සටන් කලේ ග්‍රීකයින් විසින් පෝරස් ලෙස හඳුන්වන පෞරවාස යි....
එකල ග්‍රීකයින් විසින් හිඩැස්පස් ලෙස හැඳින්වූ ප්‍රදේශය මෙකල කෂ්මීර් ප්‍රාන්ත්යට අයත් "ජෙහෙලම්" ලෙස හඳුනාගෙන තිබෙනවා....

කෞටිල ඛාණ්ඩය - පස්වන කොටස

"පෞරවාස සහ පුත්‍රයෝ" සමග සන්ධාන ගත වෙද්දි චානක්‍යය පොරොන්දු වෙනවා මගධයෙන් යම් කොටසක් ඔවුන්ගෙ රාජ්‍යයට ලබා දෙන බවට..නමුත් ඔහු යටි සිතින් එය එසේ සිදු වීමට කොහෙත්ම ඉඩ නොතැබීමට සැළසුමක් සකස් කරගෙන සිටියා...එය ඔහු චනුද්‍රගුප්තට පවා හෙලි කලේ නැහැ...
"ඔබ ගේ රහස් ඔබගේ සිතෙහිම තබා ගන්න..නැතිනම් එවා දැන්ගත් අය විසින් යම් දිනක ඔබව විනාශ කරාවි"..

           - - චානක්‍යය -
චානක්‍ය

පෞරවාසත් චානක්‍ය පමණටම කූට පුද්ගලයෙක්...ඔහුට අවශ්‍ය වුනේ චානක්‍යයට හා චන්ද්‍රගුප්තට උපකාර කොට මගධයෙන් ධන නන්දව පහකොට නැවත් චන්ද්‍රගුප්ත සමග යුධ කොට ඔහු පරදවා රාජ්‍යත්වය තම පුතු "මලය කේතු" ට ලබා දීමයි...චානක්‍යයට මේ පැලෑන නොවැටහුනා විය නොහැකියි... මේ අලුත් සේනාවට ගුප්තගේ ඉතිරි සේනාවට සහ පාඨලි පුත්‍ර සේනාවට අමතරව "බාලික(ගන්ධාර සෙබලු)","කිර්ටා (හිමාල ප්‍රාන්ත වල සෙබලු)","පාරසික(පර්සියානු ජාතික සෙබලු)","කාම්බෝජ (වත්මන් ජිකිස්ථාන්, උස්බෙකිස්ථාන්, කිර්ගීස්ථාන් සෙබලු)" ,"ෂක (වත්මන් ඉරාන)" සහ "යවන (ග්‍රීක)" සෙබලුන් ඇතුළත් වුනා....

මෙ සන්ධානය මෙවර රාජ්‍යයේ සීමා වල් වලින් පටන් ගෙන සිමා වල සිටි නන්ද සේනාවන් බිඳ වට්ටමින් ඉදිරියටම ඇදුනා...

මෙහිදි සිදුවූ යුද්ධය ඉතා බිහිසුනුයි..
ධන නන්දගේ මහත් විශාල වූ හමුදාවට සහ රාක්ෂස ගේ උපක්‍රම වලින් බේරී යාම එතරම් පහසු දෙයක් වුනේ නැහැ...

ධන නන්දගේපාර්ශවයේ විශාල ඇත් සේනාවක් සිටිමත් ඔවුන්ටම වාසියක් වුනා..
කේසේ හෝ චානක්‍යගේ කෙක්කෙන් නැත්තම් කොක්කෙන් න්‍යායයන්ගේ පිහිටෙන් සංධාන සේනාව ධනනන්දගේ හමුදාව විනාශ කරමින් ඉදිරියටම ඇදුනා...
මේ අතර රාක්ෂස චන්ද්‍රගුප්තව මැරීමට වීවිධ උපක්‍රම යෙදුවා...

එක් අවස්ථාවක රාක්ෂස ?විෂ කන්‍යාවක් එවනවා චන්ද්‍රගුප්ත මැරවීමට..එහෙත් චානක්‍යය එය වෙන පුද්ගලයෙකු වෙත යොමු කරවනවා..ඒ ගැන වැඩි දුර මතුවට..

තවත් අවස්ථාවක රාක්ෂස උමගක් කපමින් චන්ද්‍රගුප්තගේ යුධ කුටියට යාමට සූදානම් වනවා..නමුත් කුහුඹුවන් උමගේ යම් යම් ද්‍රව්‍ය සහ උමග කපන්නන් ආහාරයට ගත් ද්‍රව්‍ය වල අවශේෂ කොටස් රැගෙන පොලොවේ එක්.තැනකින් මතු වනු දුටු චානක්‍යයබඒගැන සැක සිති සිය සෙබලුන්ට වහාම එතැන හාරා පරීක්ෂා කිරීමට පවසනවා...ඒ අවස්තාවේද දෙපිර්ස අතරේ ලෙ ගැලිමක් සිදුවුවත් නන්ද සේනාවෙ උමග කැපීමට ආ මිනිසුන් සමූල ඝාතනය කිරීමට සංධාන සේනාව සමත් වෙනවා....

මේ සංධානත් දැං කාලෙ සංධාන වලට දෙවනි නෑ නේද...දැනුත් තනියම සටන් කරන්න බැරි වුණාම අහස උසට විවිධ පොරොන්දු දීලා සංධාන ඇති කරන් පස්සෙ සටන දින්නාට පස්සෙ දිපු පොරොන්දු ඉටු කර ගන්න බැරිව සංධාන දෙදරනවා...ඒ කාලෙත් එහෙමම වෙලා තියෙනවා...


ඝට්ඨන කාණ්ඩය - සවැනි කොටස

ජන ප්‍රවාදයට අනුව ,මීට අවුරුදු ගාණකට පෙර තමාට අපහාස කොට මහමාළිගයෙන් පන්නා දැමූ අවස්ථාවෙ සිය හිස බැඳි ශිඛාව(කොණ්ඩ ගෙඩිය) ලිහා දැමූ චාණක්‍යය තමාටම පොරොන්දුවක් කර ගන්නවා..
ඒ ධනනන්ද ගෙන් රාජ්‍ය පැහැරගෙන එය චන්ද්‍රගුප්තට ලබා දී සියල්ල සමථයකට පත් කරන තෙක් නැවත් ඒ ශිඛාව නොබඳින බවට...

ඔහුගේ අභිප්‍රාය ඉටු වන ලකුණු හැම අතින්ම පෙනෙන්නට තිබුණා...
සංධාන සේනාව විසින් නන්ද සේනාව සැහෙන විනාශ කරලා නන්දයන්ව අඩපණ කරනවා...
පාඨලීපුත්‍ර නුවර මහමාලිගාවට කඩාවැදෙන සංධාන සේනාව ධන නන්දව ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවා...
ඇතැම් තැන් වල සඳහන් වන පරිදි චන්ද්‍රගුප්ත සහ සංධානය ධන නන්ද රාජ්‍යත්වයෙන් පහ කොට සුදු සළු පිළි අන්දවා තපසට යැවූ බව කියවෙනවා..
ඇතැම් තැනක කියවෙන්නෙ පසුවට ඇති විය හැකි අනතුරු නිසා චන්ද්‍රගුප්ත විසින් ධන නන්දව ඝාතනය කල බවයි....
හේ කෙසේ වුවත් ධන නන්දගේ මහ බිසව සහ දියණිය "ධූර්දරා" මේ වන විටත් මාළිගයේ තබා ගෙන සිටියා...
චානක්‍ය ගේ උපාය වුණේ "ධූර්දරා"චන්ද්‍රගුප්තට විවාහ කර දීමට...එසේ කිරීමට සැළසුම් ජ්‍යත්වය තහවුරු කිරීමටයි...
එයට කිසිසේත් ධූර්දරා කැමති වුනේ නැහැ...

සිය පියා බලයෙන් පහ කල/මරා දැමූ චන්ද්‍රගුප්ත කෙරෙහි ධූර්දරා පසු වුනෙ පිළිකුල මුසු වෛරයකින්.....
ධන නන්දව බලයෙන් පහ කලද තවමත් චන්ද්‍රගුප්ත රාජ්‍යත්වයට පත්වුනේ නැහැ...
මේ අතරෙ පෞරවාස සහ පුත්‍රයෝ සංධානයෙන් මෙන්ම පැන ගිය රාක්ෂස ගෙන්ද විවිධ අවස්ථා වලදි චන්ද්‍රගුප්ත සහ චානක්‍යයට බලපෑම් ඇති වුණා...

සංධාන ගතවීමට පෙර දුන් පොරොනදු ලබා නොදෙන තැන පෞරවාස සහ පුත්‍රයෝ චානක්‍යයට විරුදුව දුස්සංධාන ගත වෙන්න පටං ගත්තා....
හැබැයි එලි පිට නෙවේ...
මන්ද යත් ඔවුන්ට මේ වෙනකොට හොඳ අවබෝධයක් තිබුණා චානක්‍යයගෙ කුට උපායන් ගැන...
මේ අතර මෙ අයව පාලනය කරන්න චානක්‍ය උපායක් යෙදුවා...
සුරූපී ගණිකාවන් කිහිප දෙනෙක් පෞරවාස සහ පුත්‍රයෝ අතරට ඔහු විසින් දැම්මා...
අවසන මේ රජවරු ගණිකාවන්ට වසඟව කෙලි දෙලෙන් පසුවිම නිසාම ඔවුන්ගේ අභිමතාර්ථ අමතක වෙනවා...
තරුණ මලයකේතු උපරිම විනෝදයෙන් කටයුතු කලා..
මේ අතර මින් එක් ගණිකාවක් තමා පැත්තට නම්මවා ගැනීමට රාක්ෂස සමත් වෙනවා..
ඔහු මැය අතේ විෂ එවනවා චන්ද්‍රගුප්ත මැරවීමට...
වෙනත් ගණිකාවන්ගේ කියුම් සහ ඔත්තු නිසා මේ ගණිකාවගේ කටයුතු පිලිබඳ විමසිල්ලෙන් සිටි චානක්‍ය මෙය දැනගත්තත් එය වැළැක්වුවෙ නෑ...
මාලිගය තුලට විෂ රැගෙන ඒමට ඔහු ඉඩ දෙනවා...
හැබැයි විෂ පෙවීමට සළස්වන්නෙ චන්ද්‍රගුප්තට නොවේ...
පෞරවාසට...එක ගලෙන් කුරුල්ලො දෙන්නයි...
මහ හිසරදයක් වුණ පෞරවාස මිය යනවා විතරක් නෙමේ මලයකේතු රාක්ෂස කෙරෙහි වෛර බඳිනවා...(ඇතැම් තැනක සඳහන් වෙනවා මෙසේ මියගියේ පෞරවාස නොව ඔහුගේසොහොයුරා බව)
නෑ එසේ වුනේ නෑ..චානක්‍යය එසේ සිතුවත්..චානක්‍යයගේ කූට ගති දැන සිටි මලයකේතු සිතනවා අනිවාර්යෙන්ම මෙය චානක්‍යයගේ වැඩක් බව...
සිය දිවියට හානි වීමට පෙර ඔහු රාක්ෂස වෙත පලා යනවා...
හැබැයි ඔහු යන්නෙ තනියම නොවේ "භගුරායන්" කියන ඔහුගෙ මිත්‍රයෙක් එක්ක...
කවුද මේ "භගුරායන්"?!..
ඝට්ඨන ඛාණ්ඩය - සත්වැනි කොටස

පෞරවාස සහ පුත්‍රයන්ටපාඨලී පුත්‍ර මාලිගාවේ වෙන් කර තිබුණ කොටසේ ඔවුන්ට ආවතේව කරන ඔවුන් විසින් ඉහලින් විශ්වාස කල තරුණ සේවකයෙක් සිටියා...
පෞරවාස ඇතුළු පිරිසගේ සියලු කුදු මහත් කටයුතු කලේ මේ පුද්ගලයා...
වතුර උණු කරවීම..නෑවීම..බුලත් කැවීම...ආහාර පිළියෙල කිරීම..සම්බාහනය කිරීම්...වාජීකරණ ඔසු සැකසීම් ආදි මෙකී නොකී සියල්ලම කලේ මොහු...
කාලයක් යනකොට මේ පිරිස තමන්ගෙ රහස් මේ පුද්ගලයා සමග බෙදා ගැනීමට කටයුතු කලා...
ඔවුන් කිසි සේත්ම හිතුවෙ නෑ මේ පුද්ගලයා වෙන කෙනෙක් වෙනුවෙන් චරපුරුෂ කම් කල කෙනෙක් කියලා...
මෙයාගෙ නම "භගුරායන". ...මෙයාව පෞරවාස සහ පුත්‍රයන් වෙත එවන්නෙ චානක්‍යය විසින්...
පෞරවාස ගෙන් ලබා ගන්නා තොරතුරු සියල්ලම චානක්‍යය ගේ කණේ තැබීම මොහු විසින් හොඳින් සිදු කලා...
මලයකේතු මහ මාලිගයෙන් පලා යන අවස්තාවේදී සැක නැතිව භගුරායන්ව රැගෙන යන්නෙ ඒ නිසයි..
මෙසේ පලා යන මලයකේතු අමාත්‍ය රාක්ෂස සමග එකතු වෙනවා...
මලයකේතුට සමගින් තව පිරිසක් අමාත්‍ය රාක්ෂස සමග එකතු වෙනවා...
ඒ ශිවර්මන් (කුලු ප්‍රදේශයෙන්),
මේඝාක්ෂ (පාරසික),
නරසිම්හ (මලය ප්‍රදේශයෙන්/කෂ්මිර්) සහ සින්ධු සේන (සින්ධු නිම්නය)...
මේ අය සමගින් ඡේදි,ගන්ධාර,හුනාස්,කශ,මගධ ,ෂක සහ යවන සෙබල් පිරිසුත් රාක්ෂස සමග එකතු වෙනවා.....
මින් ඉදිරයට කතාවේ බොහෝ දුරට අන්තරගත වෙන්නෙ ජනප්‍රවාද...
කෞටිල්‍යයගේ අර්ථශාස්ත්‍රය...
චානක්‍යය කෂ්මිර වෙළුම...
චානක්‍යය ජෛන වෙලුම සහ
උර්දු වෙළම
විද්‍යා දත්ත ගේ මුද්‍රරාක්ෂසය යන පොත් වල අඩංගු කරුණුයි...තැන් කිහිපයකම එක් ආකාරයකින් හෝ සමාන ආකාරයකින් සඳහන් වන දෑ මෙහි අන්තර් ගත වෙනවා....
මෙසේ වීමට ප්‍රධානම හේතුව නම් මේ යුගයට අදාලව සහ චානක්‍යය සම්බන්ධව ඉන්දීය ඉතිහාසය තුළ නිසි පරිදි ලේඛණ ගත නොවී තිබීමයි..
රාක්ෂස ඛාණ්ඩය - අට වන කොටස
සියල්ල මෙස් සිදු වෙද්දී රාක්ෂස තව උපායක් යොදනවා චන්ද්‍රගුප්ත මැරීමට.....
චානක්‍යය විසින් පාඨලීපුත්‍ර මහමාළිගාවේ කොටසක්ම වෙන්කරනවා චන්ද්‍රගුප්ත වෙනුවෙන්...ඒය පිළිසකර කොට කුමාර භවන යනුවෙන් නම් කරනවා....

මේ කුමාර භවන පිළිසකර කිරීම් කටයුත්ත කල "භුවනපාල" සහ ඔහුගේ සේවකයන් හිතවත් කර ගැනීමට රාක්ෂස සමත් වෙනවා....රන්කාසි පොදි ගණනින් භුවනපාලට ලබා දුන් ඔහු පවසා සිටින්නෙ කුමාර භවනේ එක් බිත්තියක විශාල ප්‍රමාණයේ කන්නාඩියක් සවි කරන ලෙසත්....ඒ කණ්නාඩිය (ඇතැම තැනක සිතුවමක් ලෙස සඳහන් වෙනවා)පිටුපස සිය සෙබළුන්ට සැඟවී සිටීමට හැකි වන අයුරුන් සකසන ලෙසත් ...භවනපාල සිය සේවකයන් ලවා එය එසේම ඉටු කරවනවා....

රාක්ෂස තවමත් චානක්‍ය ගැන නිසි අවබෝධයක් නොතිබුණ බව මින් පැහැදිලි වෙනවා.....
චන්ද්‍රගුප්ත කුමාර භවනේ වාසය කිරීමට යාමට පෙර චානක්‍යය විසින් කුමාර භවන පිරික්සුවා...මුල් සැළසුමේ නොතිබුණ අන්දමට විශාල ප්‍රමාණයේ කණ්නාඩියක් /සිතුවමක් බිත්තියේ තිබීම ඔහුගෙ සිතේ සැක ඉපදවීමට සමත් වුණා....වහාම ඔහු සිය සෙබළුන්ට අණ කලා කණ්ණාඩිය ගලවා ඉවත් කරන ලෙස...සිදුවූ දෙය කිවයුතුද?...

කණ්නාඩිය පිටුපස සැඟවී සිටි රාක්ෂස සෙබළු සියල්ලන්ම චානක්‍යය සෙබළු අතින් මැරුම් කෑවා.....
මේ අතරෙ චානක්‍යයගේ චරපුරුෂයෙක් දන්වනවා රාක්ෂස ගෙ හොඳම හිතවතුන් තිදෙනෙක් තවමත් පාඨලීපුත්‍ර නුවර සිටින බව...මේ අය වෙන්නෙ ජෛන සාධු වරයෙක් වුණ "ජීව සිද්ධි", ලිපි කරුවෙකු වන "ශකථ දාස" , රන්කරුවන්ගේ ප්‍රධානී "චන්දන දාස" යන අයයි...මේ අතරින් ජෛන පූජක ජීව සිද්ධි චානක්‍යයගේ චරපුරුෂයෙකු බව ඔහුගේම අනෙක් චරපුරුෂයන්වත් දැන සිටියෙ නෑ..මේ ජීවසිද්ධගේ මුල් නම "ඉන්දුශර්ම"..ඔහු කිසිවෙකු විසින් නොදැන සිටි චානක්‍යයගේ හිතවතෙක්...
ජෛන සාධුවරයෙක් ලෙස වෙස් පෙරළා රාක්ෂස සමග මිතුරු වන්නෙ චානක්‍යයගෙ උපදෙස් මත.....චානක්‍යගෙ කුටිල බව කෙතෙක්ද යන්න මැන ගැනීම එයම ප්‍රමාණවත්...

රාක්ෂස බිරිඳට රැකවරණය දුන්නෙ චන්දන දාස...රාක්ෂස ගේ නිල මුද්‍රාව තිබුනේත් චන්දන දාස සතුවයි...මේ නිල මුද්‍රාව සොරා ගන්නට චානක්‍යයගේ චරපුරුෂයෙක් සමත් වෙනවා...
එසේ සොරාගත් නිලමුද්‍රාව ඔහු චානක්‍යයට ලබා දෙනවා...

චානක්‍ය වහාම ලිපියක් ලියනවා "මලයකේතුට" , ඔබ සමග සංධාන ගත වූවන් සියල්ලම ද්‍රොහින් බව පවසමින්...මෙයට රාක්ෂස මුද්‍රාව තැබූ ඔහු එය මලයකේතුට යවනවා...මේ අතර මලයකේතු ගේ කඳවුරට ව්‍යාජ පහරදීමක් සිදු කිරීමකුත් චානක්‍ය විසින් කරවනවා...රාක්ෂස හිතවත්

ලිපි කරුවා වූ "ශකථ දාස මරණයට පත් කිරීමට උපදෙස් දෙන චානක්‍ය ඔහුගේම චරපුරුෂයෙකු වූ "සිද්ධාර්ථක" ට පවසනව ලිපි කරුවා බේරාගෙන රාක්ෂස වෙතට ගෙන යන ලෙස ...සහ එහිදී රාක්ෂසට ලබා දෙන ලෙස පවසමින් නිල මුද්‍රාවත් ලබා දෙනවා.......රාක්ෂස ඛාණ්ඩය - නව වන කොටස
ශකථදාස ව බේරා ගන්නා සිද්ධාර්තක ,ශකථ දාස මාර්ගයෙන් රාක්ෂස වෙත පැමිණ නිල මුද්‍රාවත් ඔහුට ලබා දෙනවා...

මහත් සතුටට පත්වෙන රාක්ෂස මලයකේතු විසින් ඔහුට තෑගි දුන් ආභරණ කිහිපයක් සිද්ධාර්තක ට ලබා දෙනවා....
මේ අතරේ චානක්‍යයගේ තවත් චර පුරුෂයෙක් විසින් චන්දන දාසට ලබා දුන් ආභරණ කිහිපයක් ඔහු සිය ස්වාමියා මෙන්ම හිතවතා වූ රාක්ෂසට ලබා දෙනවා...
රාක්ෂස සතුටික් එය බාරගන්නෙ සිද්ධාර්තකට ආභරණ ලබා දීමෙන් ඇති වුණ අඩුව පුරවා ගැනීමටයි...
මේ අතරේ භගුරායන් තව කාර්යයක් කරනවා චානක්‍යයගේ උපදෙස් පිට..ඒ මලයකේතු ගේ සිතෙහි රාක්ෂස කෙරෙහි සැක ඇති කරවිමට කටයුතු කිරීමයි...
දිනෙන් දින මනසට දමන විස ටික ටික මලයකේතු ගෙ හිතෙ පැලපදියම් වුණා...
රාක්ෂස ගාව ඉන්න ඔවුනොවුන් වත් නොදන්නා චානක්‍යගේ චරපුරුෂයන්ගෙන් වටිනා ආරංචියක් චානක්‍යයට ලැබෙනවා..
ඒ නම් සංගීතඥයන් ලෙස රාක්ෂස ගේ චරපුරුෂයන් පිරිසක් පාඨලී පුත්‍ර මාලිගාවට පැමිණෙන බවයි...චානක්‍යය එය තම වාසියට පෙරලා ගත්තා..මේ බව චන්ද්‍ර ගුප්ත්ටද පවසා චරපුරුෂ පිරිස ඉදිරියේ ව්‍යාජ කරුණක් ඇද ගන්නා ඔවුන් වාදයට පැටලෙනවා...ඒ අවස්තාවේ අතිශය කෝප වුණ ලෙස පෙන්වන චන්ද්‍රගුප්ත පවසා සිටිනවා "ඔබ ට වඩා අමාත්‍ය රාක්ෂස මගේ පුරෝහිත වූවා නම් හොඳයි" කියා..
මේ ආරංචිය රැගත් චරපුරුෂයන් රාක්ෂස කඳවුරට යනවිට , භගුරායන විසින් විස අදහස් පොවන ලද මලයකේතු කඳවුරේ සිටිනවා..චරපුරුෂයන්ගේ හසුන්පත ලබා ගත් මලයකේතු දකිනවා චන්ද්‍රගුප්ත රාක්ෂස ගේ ගුණ වර්ණනා කල බව සහ ඔහුව රාජ සේවයට යුවද ගැනීමට සූදානම් බව...
අඬන්න හිටිය මලයකේතුගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නම කොහොම තියෙන්න ඇතිද?!....
මලයකේතු තිරණය කරනවා රාක්ෂස නොමැතිව චන්ද්‍රගුප්ත සමග සටන් කිරීමට..ඔහු ඒ සඳහා සුබ මුහුරුතයක් බැලීමට නියෝග කරනවා...කාටද?..
ජීවසිද්ධි ට....
චානක්‍යයගෙ චරපුරුෂයාට...
න්තෝ ජටා බහි ජටා...
හැම ගැටයකම වෙලෙනවා මලයකේතු.....


රාක්ෂස ඛාණ්ඩය - දසවන කොටස

මලය කේතු ගෙ උපදෙස් අනුව මුහුර්තයන් බලන ලෙස ඇඟවූ ජීව සීද්ධි විසින් පවසා සිටිනවා යුද්ධය ඉක්මනින් ආරම්භ කල යුතු බව....
මේ අතරම ඔහු පවසා සිටිනවා පෞරවාසගේ මරණයට චාණක්‍යය කෙසේවත් වග කිව යුකු නැති බවත් එය හුදෙක් රාක්ෂසගේම වැඩක් බවත්...
ජීව සිද්ධි මේ සියල්ලම කරන්නෙ චාණක්‍යයගේ උපදෙස් පිට ...
මේ අතරතුරෙ චාණක්‍යයගේ ඊලඟ සැලසුමට අනුව රාක්ෂසගේ මුද්‍රාව තැබූ ,චන්ද්‍ර ගුප්තට ලියූ ව්‍යාජ ලිපියක් සමග සිද්ධාර්තක මලයකේතු ට හසු වෙනවා...
මෙහි සඳහන් වන්නෙ මගධයේ මහාමාත්‍ය පදවියට පත්කරන්නේ නම් පමණක් තමා රාජ සේවයට එක්වීමට කැමතිය යන්නයි...රාක්ෂස මුද්‍රාව ගත් මේ ලිපිය නිසා මලයකේතු ට ඉහවහා ගිය කෝපයක් ඇති වෙනවා...ඔහු වහාම රාක්ෂසව කැඳවනවා....
ඒ අවස්ථාවේ සිය පියාගේ ආභරණ රාකෂස පැළඳ සිටින අයුරු දකිනවා..ඔහු මේවන විටත් දන්නෙ නෑ මේ ආභරණ චන්දන දාස විසන් රාක්ෂසට තෑගි දුන් බව......පොර වාසව රාක්ෂස විසින් මැරවූ බවට මලය කේතු ගෙ සැකය සහ කොපය තව තවත් වැඩි වෙනවා....
වහාම රාක්ෂසව මරා දැමීමට උත්සාහ කලත් ඒ අවස්තාවේ භගුරායන ඉදිරිපත් වී රාක්ෂස මරා දැමීම වළක්වනවා...
එය චාණක්‍යයගේම සැළසුමක්....
රාක්ෂසගේ පක්ෂපාතීත්වය ගැන චාණක්‍යය ඉතාම පැහැදී සිටියා...ඔහු තවමත් සටන් කරන්නෙ එ වන විටත් බලයෙන් පහ කොට සිටි ධන නන්දට තිබුණු පක්ෂපාතීත්වය නිසාමයි...චාණක්‍යයගේ සිතේ රාක්ෂස මැරවීමට වඩා වෙන සැළසුමක් ඇති වුණේ මේ හේතුවෙන්....
රාක්ෂස හිතවත් පිරිසක් සහ ඉහත කොටසකදී සඳහන් කල රජ වරුන් හතර දෙනාමත් මලයකේතු අතින් ඝාතනය වෙන්නෙ මේ අවස්තාවෙදියි...
ඔවුන්ගෙ පිරිස් බලය සෑහෙන ලෙස අඩු වුණා මේ හේතුවෙන්...
කුටිල චාණක්‍යගේ නුවණ....
මේ රජවරුන් සහ පඅරිස මරා දැමීම නිසා ඉතිරි වූ පිරිසත් මලයකේතු සමග උරණ වෙනවා...
තව දුරටත් මලයකේතු සමග විසීමෙන් ජීවිත හානි විය හැකි බව සිතූ රාන්ෂස මලයකේතු අත හැර එතනින් පලා යනවා චන්දන දාසගේ මිතුරෙක් වෙතට..
ඒ මිතුරාගෙන් ඔහුට දැන ගන්න ලැබෙන්නේ රාක්ෂස සැඟවී සිටි ස්ථානය නොපැවසූ වරදට චන්දන දාසට මරණ දඬුවම නියම කර ඇති බව සහ එය පසු දින උදෑසන සිදු කිරීමට නියමිත බවත්...
මෙය ඇසූ රාක්ෂස අතිමහත් කම්පාවකට පත් වෙනවා,සිය දිවි පුදා තමා රැකීමට කටයුතු කල තම මිතුරා පිළිබඳව...
වහාම ඔහු තීරණයක් ගන්නවා....
සමථ ඛාණ්ඩය - අවසාන කොටස

පක්ෂපාතීත්වය අතින් අමාත්‍ය රාක්ෂස තමා මෙන්ම බව චාණක්‍ය මේ වන විට වටහාගෙන තිබුණා....
ඔහුට අවශ්‍ය වුණේ මේ පුද්ගලයා කෙසේ හෝ චන්‍රද්‍රගුප්ත යටතේත් මගධයේ මහාමාත්‍ය වරයා බවට පත් කර ගැනීමයි....
ඒයින් ඔහු තව දෙයක් බළාපොරොත්තු වුණා...

එකක් තවමත් චන්ද්‍රගුප්තට එතරම් කැමැත්තක් නොදැක්වූ ධූර්දරා ව විවාහයට කැමති කරවා ගැනීම...ධූරදරා පවා අමාත්‍ය රාක්ෂසට ඉතාම කැමැත්තක් දැක්වුවා මෙන්ම ඔහු සිය පියා මෙන් සැළකුවා....
අනෙක තවමත් ධන නන්දට හා රාක්ෂසට පක්ෂපාතී අයව චන්ද්‍රගුප්තගේ පාර්ශවයට නම්මවා ගත හැකි වීම....
තවද රාක්ෂසත් ඉතාම බුද්ධිමත් පුද්ගලයෙකු බව චාණක්‍යය වටහා ගෙන තිබීම....
මගධය ඉන්දියාවේ බලවත්ම අධිරාජ්‍යයක බවට පත් කරවීමේ තම වැඅයමට රාක්ෂසගෙන් සෑහෙන උපකාරයක් ලබා ගත හැකි බව දැන සිටීම....
මේ අතර,
සිය ප්‍රාණය පුදා තමා ආරක්ෂා කරීමට කටයුතු කල චන්දනදාසව බේරා ගැනීමට හැකි එකම ආකාරය තමා චන්ද්‍රගුප්ත වෙත භාර වීම බව රාක්ෂස වටහා ගන්නවා...
ඒ අනුව ඔහු හිතවතුන්ගේ බස් නො අසාම පාඨලීපුත්‍ර නුවරට පැමිණෙනවා...
ධන නන්දට වෙර කළත් අමාත්‍ය රාක්ෂසට ඉමහත් ආදරයක් දැක්වූ ප්‍රජාව ඔහු වැළැක්වීමට කටයුතු කලත් ඔහු වදකපොලට යන්නෙ තමා බිලි වී චන්දන දාසව බේරා ගැනිමටයි....
එහෙත් ඒ අවස්ථාවේ සිදු වන්නෙ නොසිතූ දෙයක් ...චාණක්‍ය සහ චන්ද්‍රගුප්ත රාක්ෂසව හොඳින් පිලිගෙන පවසා සිටිනවා තමා චන්ද්‍රගුප්ත අධිරජු යටතේ ද මහාමාත්‍ය වෙන්න කැමති නම් චන්දන දාසට සමාව දිය හැකි බව...
සිය මිත්‍රයාට ජීවිතය ලබා දිය හැකි මග වූ එයට රාක්ෂස කැමති වෙනවා....
මීට අමතරව චානක්‍යයගේම ක්‍රියා නිසා නරක පුද්ගලයෙකු වූ මලයකේතුට සමාව ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා...
තව දෙයක් නම් මේ වන විටත් චන්ද්‍රගුප්තගේ යහපත් වැඩ ගැන ඔහු පැහැදී සිටියා....
චන්ද්‍රගුප්තගේ ක්‍රියාවන් ධනනන්දගේ අදූරදර්ශී ක්‍රියා සමග සැසඳීම ඔහු කලා....
ජනප්‍රවාදයේ ඇතැමි තැනන සඳහන් වෙනවා චන්ද්‍රගුප්ත රාක්ෂසගේ ඉල්ලීම පරිදි මලයකේතුට සමාව දී නැවත මලය රාජ්‍යටම පිටත් කර හැකි බව...
තව තැනක සඳහන් වෙනවා මලයකේතු ගෙන් ඇතිවිය හැකි අනතුරු සළකා ඔහු මරා දැමූ බවට හෝ අඩපණ වීම ට යම් දෙයක් කල බවට... හේ කෙසේ වුද ජනප්‍රවාදයට හා යම් යම් ලේඛණ වලට අනුව චන්‍ද්‍රගුප්ත ;ඉන්දීය ඉතිහාසයේ බලවත්ම රාජ වංශය වූ මෞර්ය වංශය ආරම්බ කරමින් ,අධිරාජ්‍යයා ලෙස කිරුළු පලඳින්නෙ දකුණත් පසින් පුරොහිත ලෙස චාණක්‍යවද.... වමත් පසින්මහාමාත්‍ය ලෙස රාක්ෂසව ද තබා ගෙනයි...
චානක්‍ය වසර ගණනක් ලිහා දමා තිබුණු තම ශිඛාව මේ අවස්ථාවෙ බැඳි බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා....
ඕනෑම රටක ඊතිහාස කතාවල අන්තර් ගත වෙනවා මෙන්ම ධනනන්ද,චාණක්‍යය,රාක්ෂස සහ චන්ද්‍රගුප්ත සම්බන්ධවද අතිශයෝක්ති වර්ණනා තිබෙන බව පෙනී යනවා...හේ කෙසේ වුවද මෙසේ යම් දෙයක් සිදු වී ඇති බව වටහා ගැනීම මැනවි.....
චාණක්‍යයගේ කතාවේ අවසානයේදි අපට යමක් පැහැදිලි යෙනවා...
ඒ දෙයක් වේනම් ඒ සුදුස්සාටම ලැබිය යුතුය යන්න...තම සතුරු පාර්ෂවයේ වුවත් සුදුසුම පුද්ගලයාට මහාමාත්‍ය පදවිය දෙන්න ඔවුන් තීරණය කලේ ඒකයි...

මෑත කාලීනව නම් ඉන්දියාවේ හො අපේ රට වැනි රට වල් වල එවැනි සිදුවීම් ඉතාම විරලයි...

( නමුත් ඔබාමාගේ පළමු ධූර කාලයේ , ඇමරිකාවේ බලවත්ම රාජ්‍ය නිලධාරියා වන රාජ්‍ය ලේකම් තනතුර සිය ප්‍රතිවාදියා වුණ හිලරි ක්ලින්ටන් ට දෙන්න ඔහු පසුබට වුනේ නෑ....එය මෙතැනට අදාල නොවන බව දනිමි) විවේකය අනුව ,නැවත තව කතාවකින් හමු වීමට හැකි වේයැයි පතමි...
ලිපියAmila Lakmal