Showing posts with label CDS ගිණුමක් සාදා ගැනීම. Show all posts
Showing posts with label CDS ගිණුමක් සාදා ගැනීම. Show all posts

Friday, June 16, 2017

CDS ගිණුමක් සාදා ගන්නා ආකාරය හා බ්‍රෝකර් සමාගමක් තෝරා ගත යුතු ආකාරය..

කලිනුත් මේ ගැන ලිව්වා.. එත් එ පොස්ට් යට ගිහින්, අලුතෙන් එන අය ආය ආය අහනව "CDS ගිනුමක් විවුර්ත කරගන්න විදිය හා ගනුදෙනු කරන ආකාරය. එ නිසා මෙ තමා අවසාන වතාව එ ගැන ලියන.
ලන්කාවෙ කොටස් වෙලද පල තුල ගනුදෙනු කරන්න අවශ්‍ය CDS ගිනුම් නොමිලේ හදා ගන්න පුලුවන් බ්‍රෝකර් ආයතන හරහා පමනයි. එ බ්‍රොකර් සමාගම් ලැයිස්තුවක්ම තියෙනව. (මේ සදහා ශත පහක් වැය කල යුතු නෑ)
මෙ බ්‍රෝකර් සමාගම් වලින් බහුතරයක් online ගනුදෙනු කිරීමේ පහසුකම් ලබා දෙනව. හැබැයි නොයෙක් සමාගම් වල එ සදහා නොයෙක් කොන්දේසි තියෙනවා.. සමහර සමාගම් ඔබ ආයෝජනය කල මුදල මත තමා තීරනය කරන්නෙ ඔබට එ පහසුකම දෙනවද නැද්ද කියන එක. (මම නම් එවැනි සමාගමක CDS ගිනුම හදන්නෙ නෑ)
තවත් සමාගම් තිබේ ඔබ ආයෝජනය කල මුදල අදාල කර නොගෙන ඔබට online පහසුකම ලබා දෙන. (අන්න එ සමාගමක් නම් හොදයි කියල හිතෙනවා)
පැහැදිලියිද සමාගමක් තෝරගන්න විදිය.
ඊලගට ඔබ කෙසේද ගිනුම හදා ගන්නෙ.. ඔන්ලයින් පහසුකම දෙන සමාගමක් තෝරගෙන ඔබ එම සමාගමට කතා කරල හෝ සමාගමේ බ්‍රෝකර් කෙනෙක් හරහා ගිනුම හදා ගන්න පුලුවන්. ඒ සදහා ඔබ ලන්කාවෙ හිටියත් එකයි නැතත් එකයි.. ඔබගෙ අයදුම්පත්‍ර තැපැල් මගින් ගෙන්වාගෙන ඔබට ගිනුම හදා ගන්න පුලුවන්. එ සදහා ආයතනයට යන්නම වුවමනාවක් නෑ.. (හැබැයි ආයතනයට ගිහින් කරොත් වැඩෙ ඉක්මන්)
CDS ගිනුම විවුර්ත කරාට පස්සෙයි ඔබ ආයෝජනය කරන මුදල බ්‍රොකර් සමාගමට දෙන්න ඕන. ඒකත් දැන් online බැන්කු පහසුකම හරහා සල්ලි බ්‍රෝකර් සමාගමේ ගිනුමට බැර කරල මුදල් බැර කරපු රිසිට් එකෙ ස්ක්‍රීන්ශොට් එකක් යවල වැඩෙ කරගන්න පුලුවන්.
මීට වසරකට එකහමාරකට පමන පෙර මම CDS ගිනුම හැදුවෙ ගෙදර ඉදන්. සියලුම ගනුදෙනු කරෙ ගෙදර ඉදන්... ඔබටත් පුලුවන්. අවශ්‍ය උවමනාව විතරයි...
විශේශ ඉල්ලීම ඔබ බ්‍රොකර් සමාගමක නියොජිතයෙක් නම්, ඔබ සමාගම ගැන විස්තර මෙම පොස්ටුවෙ සදහන් කරන්න.. ඔබට තව ගනුදෙනු කරුවෙකු ලැබේවි...
*** හොදට මතක තියා ගන්න සමාගම කුමක් වුවත් ඔබ තෝරාගන්නා බ්‍රෝකර් (නියෝජිතයා)තමයි හොද විය යුත්තෙ. රු.1000 ආයොජනය කල ආයෝජකයා වෙනුවෙනුත් තමන්ගෙ කාලය වැය කිරීමේ හැකියාවක් ඔහුට තිබිය යුතුයි. එසෙ නැති නම් බ්‍රොකර් මාරු කරන්න. මෙය මගෙ උපදෙසක්....


Image result for sri lanka stock market CDS account😁

Tuesday, February 9, 2016

කොටස් වෙළදපල තුල ගනුදෙනු කරන්න CDS ගිණුමක් සාදා දීම..

කොටසක් යනු, කොටස් වෙළදපල යනු, කොටසක වටිනාකම යනු, බ්ලා බ්ලා බ්ලා.... ඕවා ඇත්තටම මටත් වැඩිය තේරුමක් නැහැ කාටවත් කියල දෙන්න තරම්. ඒ නිසා මම මහප්‍රාණ නැතුව සරලව මගේ දැනුමේ විදියට කියල දෙන්නම්. ඒවාගේ අඩුපාඩු අනිවාර්යෙන් ඇති. ඉතින් අඩුපාඩු දකින්නේ ඒ ගැන දන්නා කෙනෙක් නිසා දකින අඩුපාඩුව දැකල කට කොනකින් හිනාවෙලා යන්නේ නැතුව පහල කමෙන්ට් තීරුවේ ඒ ගැන සදහන් කරන්න අපිටත් දැන ගන්න. මොකද මමත් මේ ගැන ඉගෙන ගන්න හුගක් ආසාවෙන් ඉන්නවා.

ඔබ කොටස් වෙළදපල ගැන උනන්දු අයෙක් නම් (උනන්දු නැත්නම් මේක බලන්නේ නැනේ :) ) ඔබ දැනට කොටස් වෙළදපල හා සම්බන්ද නැති නමුත් සම්බන්ද වෙන්න කැමති අයෙක් නම් ඔබටයි මේ ලිපිය වටින්නේ. අනික් අයටත් නොවටිනවා නෙමේ. නමුත් ඒ අය මේ කියල තියෙන දේ ගැන දන්නවා. :)

හොදයි මම පටන් ගන්නම් මම කරපු විදිය සහ මට තිබ්බ ප්‍රශ්න වලින්.

මම කියවපු හැම බ්ලොග් අඩවියකින්ම කියපු දේ තමා කොටස් වෙළදපලේ ගනුදෙනු කරන්න අනිවාර්යෙන් CDS ගිණුමක් අවශ්‍ය බව. ඔව් ඒක සහතික ඇත්ත, හැබැයි එක කරන විදිය තිබ්බේ නැහැ. කොහොමද CDS ගිණුමක් ආරම්භ කරගන්නේ කියල. ඒ ගැන මම කියන්නම්. මම කරපු  විදිය.

ආ ඊට කලින් CDS ගිණුම සහ තැරව්කාර ආයතන ගැන මට තේරෙන විදිය කියල ඉන්නම්. උදාහරනෙකට ඔයාට කෝල් එකක් ගන්න වෙනවා. එතකොට ඒකට අවශ්‍යයි ෆෝන් එකක් සහ සිම් එකක්. ලංකාවේ සිම් වර්ග කිහිපයක් ඉන්නවානේ ඔයාට කෝල් එකක් ගන්න සිම් දෙන්න බලාගෙන :) එතකොට මගේ කෝල් එකට තැරව්කාරය වෙලා ඉන්නේ එයාටෙල් ආයතනය. මම රිලෝඩ් එකක් දැම්මම එයාල මගේ ගිණුමට ඒක එවෙලේම දාල දෙනවා. මම ඒ මුදල ඉවර වෙනකන් පාවිච්චි කරනවා. ඒ වගේම තමා කොටස් වෙලදපලටත් ඉන්න තැරව්කාර ආයතන. ඒ විදියේ ආයතන හුගක් තියෙනවා. ඒ අතරින් හුගක් අන්තර්ජාල ගනුදෙනු ලබා දෙනවා. ඉතින් මම සම්පුර්ණයෙන්ම ගනුදෙනු කරන්නේ අන්තර්ජාලය හරහා. ඒ ගැනත් වැඩි විස්තර අන්තර්ජාලයේ ඇති පොස්ට් වලින්ම ඔයාල කියවලා ඇති. තැරව්කාර ආයතන ආදිය ගැන විස්තර CSE වෙබ් පිටුවෙන් බලන්න.

හොදයි දැන් මෙහෙම කියන්නම්, මගේ ගනුදෙනු සිදුවෙන්නේ TKS securities (pvt) ltd කියන ආයතනයෙන්. ඔබට වුවමනා නම් CDS ගිණුමක් විවෘර්ත කරගන්න මේ ලින්ක් එකේ  dropbox එකෙන් බාගන්න ඇප්ලිකේෂන් සෙට් එක.  බාගෙන ඩබල් සයිඩ් ප්‍රින්ට් කරලා තැපැල්  කරන්න  අදාළ නම් ඔය ෆයිල් එකේම තියෙනවා...


හුගක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සදහා ලොකු මුදලක් ආයෝජනය කල යුතුද කියන එක, මතක තියා ගන්න කොටස් වෙළදපලට මම පළමුව ආයෝජනය කරේ රුපියල් 3000යි, ඊට පස්සේ රුපියල් 1000, 1500, දාල මාසයක් විතර වෙනකොට 16000 ක් විතර දැම්ම. මොකද ඔබ මතක තබාගතයුතුයි මෙහි ආයෝජන කිරීමේදී ලාබයක් ලබන්න සමහරවිට ඔබට වසර ගණනක් ගත වෙන්න පුළුවන් නැතිනම් තත්පර ගණනක් ගත වෙන්නත් පුළුවන්. හැබැයි අපි හැමදාම දුර හිතන්න ඕන. ඔබට නැති උනා කියල පාඩුවක් නොවෙන මුදල් තිබේද? සල්ලි නැතිවුනොත් පාඩුවක් නැත්තේ කාටද :v එහෙම නෙමේ මම අදහස් කරපු දේ තේරෙන්න ඇතිනේ :) අන්න ඒ මුදල් ආයෝජනය කරන්න. ඔබ ආයෝජනය කරන්නේ දේශීය ව්‍යපාර වලටම නිසා ඔබේ මුදල් වලින් නැගී සිටින්නේද අපේ රටේ දියුණුවයි.. :)

පළමු ලිපියට මේ ඇතිනේ. ඊලග ලිපියෙන් අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන හැටි කියල දෙන්නම්. හැබැයි ඒක ලැබෙන ප්‍රතිචාර හැටියට තමා.. :) දෙවෙනි එක හෙට වෙන්නත් පුළුවන් ලබන මාසේ වෙන්නත් පුළුවන් නැත්නම් ලබන අවුරුද්දේ හෝ සදහටම නැති වෙන්නත් පුළුවන්.. :) මේක ලියන ගමන් හිතුන කොටස් වෙළදපලට ෆේස්බුක් ක්‍රියාකාරී සමුහයක් හදන්න. මොකද මමත් සමුහ කිහිපයකම ඉන්නවා හැබැයි ඒවා ක්‍රියාකාරී නැහැ. ඒ නිසා විනාඩියෙන් සමුහයක් හදල ලින්ක් එක දෙන්නම් එකතු වෙන්න ඉන්න.. හරි හැදුව.. මෙන්න මෙතනින් එන්න එතනට.. :)