Showing posts with label දැනුමට අන්තර්ජාලය. Show all posts
Showing posts with label දැනුමට අන්තර්ජාලය. Show all posts

Thursday, December 8, 2016

මූගල් අධිරාජ්‍ය - චාමර සුමනපාල


(1)


බොහෝ දෙනෙක් එතරම් තේරුම් නොගත්තා වුනත් දිල්ලිය ඓතිහාසික ස්මාරක විශාල ප්‍රමාණයක් තියෙන නගරයක්. අපි කියනවා නෙ ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින් කියල​. 1857 ඉන්දියානු මහ කැරැල්ලෙන් පස්සෙ බ්‍රිතාන්‍යයන් දිල්ලිය විනාශ කරපු හැටි ගැන ලිව්වොත් ඉතිහාසය පිළිබඳ පොඩි හෝ හැඟීමක් තියෙන මිනිස්සු වැලපේවි. ඒ නිසා තමා විලියම් ඩැල්රිම්පල්ගෙ "ද ලාස්ට් මෝගල්" පොතට විචාරයක් ලියාපු කුෂ්වන්ත් සිං ලිව්වෙ "මේ පොත සියලු දිල්ලිවාසීන්ගේ නෙතට කඳුලක් ගෙනෙනු ඇත​" කියල​. නමුත් ඒ ඉතිහාසය ලියැවෙනවා හරි අඩුයි. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගහපු අයගෙ කුරිරුකම් තමයි කියැවෙන්නෙ. එහෙමයි ඉතිහාසය ලියැවෙන්නෙ.
අද දකින රතු බලකොටුව කියන්නෙ මූගල් රතු බලකොටුවෙ ශේෂයක් පමණයි. මූගල් රතු බලකොටුව කියන්නෙ වෙනමම නගරයක් වගේ (1780 දි රතු බලකොටුවෙ චිත්‍රයක් මෙහි පින්තූරයෙන් දැක්වේ). දිල්ලියෙන් අද ඉතිරි වෙලා තියෙන පෞරාණික අංග බොහොමයක් එහෙම ඉතිරි වුනේ ඒවා බ්‍රිතාන්‍ය හමුදා විසින් සිය අවශ්‍යතා සඳහා යොදාගත්තු නිසා. ඒ තියෙන එව්වත් විකාර බවට පත් කරලා. උදාහරණයක් වෙන්නෙ හුමායුන්ගෙ සොහොන​. ඒකෙ මූගල් උද්‍යානය වෙනුවට ඉංග්‍රීසි උද්‍යානයක් ඇති කළා.

 
දැනට ඉතිරි වෙලා තියෙන ස්මාරකත් විනාශ වෙනවා බොහොම ඉක්මනින්. නගරය ප්‍රසාරණය වෙද්දි.
(2)

මේ කවුද​? සරලම උත්තරේ මේ මහල්ලෙක්. ඇත්තම කිව්වොත් අවුරුදු 82 ක් වයස​, දත් හැලිච්ච මහල්ලෙක්. හැබැයි එක්තරා තීරණාත්මක මාස හතරක දස දහස් ගණනක් මිනිස්සුන් ගෙ බලාපොරොත්තුව වුනේ මේ මහල්ලා. නමින් දෙවැනි බහදූර් ශා හෙවත් සෆාර්. අවසන් මූගල් අධිරාජයා, ඒ කියන්නෙ "ද ලාස්ට් මූගල්"

ඉන්දියානු මහ කැරැල්ල දිල්ලියෙදි පරාජය වුනාට පස්සෙ දිල්ලියත් එහි වූ ප්‍රභූ පවුල්වල අයත් විනාශ කරාට පස්සෙ, එහෙම නැත්නම් පලවා හැරියාට පස්සෙ සෆාර් නඩු විභාගයකට ලක් කළා. එයින් වරදකරු වුනාට පසුව ගත්තු ඡායාරූපයක් තමයි මේ.

මේ නඩු විභාගය ඇත්තෙන්ම විකාර වූ පදනමක් මත කෙරුණ එකක්. බහදූර් ශා රාජ්‍යද්‍රෝහී චෝදනාවට තමා ලක් වුනේ. නමුත් ඒ චෝදනාවත් එහෙමපිටින් ම වැරදියි. මොකද​, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන් දියා වෙළෙඳ සමාගම ඉන් දියාවේ කටයුතු කළේ මෝගල් අධිරාජ්‍යයාගෙ සේවකයො විදියට​. ඇත්තම තත්ත්වය එහෙම නොවුනට​, නීතිමය තත්ත්වය එහෙමයි. එහෙව් එකේ, අධිරාජයාගෙ සේවකයො අධිරාජයා රාජ්‍යද්‍රෝහී වුනා කීම විහිලුවක්.

අනෙක් අතට ඔවුන් ඉදිරිපත් කරපු තර්කය වුනේ සෆාර් හැදුවෙ ඉස්ලාමීය අධිරාජ්‍යයක් හදන්න කියන එක​. ඒකට අවුරුදු ගාණක් ඔහු සැලසුම් කළා ලු. ඇත්ත කාරණේ, ඉන්දියානු මහ කැරැල්ල පටන් ගත්ත අය අතරෙ වැඩියම හිටියෙ හින්දු උසස් කුලවල අය​. ඒ අය සිය කැරැල්ල නීත්‍යානුකූල එකක් බව පෙන්වන්නයි සෆාර්ගෙ උදව් හොයාගෙන ආවෙ. ඔවුන් සෆාර්ට බල කළා...

ඇත්තම කාරණේ සෆාර් කවදාවත් අධිරාජයෙක් වුනේ නැහැ. අනෙක ඔහු කවියෙක් මිසක් අධිරාජයෙක් වෙන්න අවශ්‍ය දැඩි බව තිබ්බ කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඔහු හින්දු, මුස්ලිම් සමගිය අගය කරපු කෙනෙක්. තමන්ට වින කරපු අයට පවා බොහොම ඉවසිල්ලෙන් සළකපු කෙනෙක්. ඔහු අන්තවාදී වෙච්ච වෙලාවල්, කුරිරු වෙච්ච වෙලාවල් නොතිබුණා නෙවෙයි. ඒත් ජීවිතේ වැඩි කාළයක්, ඊටත් වඩා අධිරාජයා වෙච්ච අවුරුදු 20, අසරණ මනුස්සයෙක් විදියට ගත කළ කෙනෙක්.

ඔහු දිල්ලියෙන් ඈතට පළවෙනියෙම්ම ගියේ 1858. ඒ රැන්ගූන් නුවරට පිටුවහල් කරපු වෙලාවෙ. ඔන්න ඕකයි අවසන් මූගල් අධිරාජයාගෙ බලේ තරම​.

Sunday, September 11, 2016

සාගර පලන්සූරිය (කේයස්)

------> කේයස්



මුල් නම – පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම් – කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත – 1908 මාර්තු මස 11 දා
වෘත්තීන් – ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත් – පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
පුතුන් – තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය – ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී 



මා මළ විටදි පී.බී. දෙන අසල එම
වැලපී කියන කවි ඇසුමට රිසිමි මම’


පී.බී. අල්විස් කවියාගේ මුහුණ බලා එසේ කවි දෙපදයක් කී ඒ ප්‍රවීණ කවියා තමන් මැරුණු සේ යහනේ වැතිර ගත්තේ ය. එවිට එකදිගට කවි දහයක් පමණ කී පී.බී. කවියා මෙකවිය ද කීයේය.

’රළු ගල් පවා පිපිරෙන්නට පහර දිදී
වැජඹුණු අපේ රන්වන් කුළුගෙඩිය නිදී
ඒ ගල් යළිදු පැළවීගෙන ඉහළ ඇදී
අසලින් යනෙන අසරණයගෙ ඇඟට වදී..’


හඟුරන්කෙත ආදායම් පාලක නිලධාරි (ඩී.ආර්.ඕ) තනතුර එදා හෙබවූයේ විමලරත්න කුමාරගේ කවියාය. දිනෙක ඔහු හමුවන්නට පී.බී. කවියා ගියේ අපේ කතානායක කවියා ද සමඟ ය. එදා රාත්‍රියේ ඒ නිල නිවස්නයේ මේ අපූරු සිදුවීම සිදුවුණි.

ඔහු පිළිබඳ බොහෝ දේ කියැවේ. අධිරාජ්‍යවාදීනට එරෙහිව කොළඹ යුගයේ කවීන් කළ මෙහෙවර හා සසඳන විටදී ඔහු පිළිබඳ ව හැඳින්වෙනුයේ මුල්පෙළෙනි. කවීන් අතර අද්විතීය ස්ථානයක් ඔහුට හිමි වී තිබිණි. ඔහු අව්‍යාජ ය. සරල ය. ප්‍රතිපත්තිගරුක ය. ජාතිකවාදී හැඟුමින් ද පිරිපුන් වූ හේ අවංක ජනතා පුත්‍රයෙකි. පුවත්පත්කලාවේදියෙකි. බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට බඳුන් වූ ‘කේයස්’ නම් අන්වර්ථ නාමයකින් ‘සුදෝසුදු’කාව්‍යය ලියූ හෙතෙම සාගර පලන්සූරිය නම් ප්‍රතිභාපූර්ණ කවියා ය. කොළඹ යුගයේ දී සාගරයන් අතිශය ජනාදරයට පාත්‍ර වූයේ ද ‘සුදෝසුදු’ නිසා ය.

සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ ඔහු උපත ලද්දේ එනම් 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා ය. පසුකලෙක සාගර පලන්සූරිය වුවද ගබ්බෙල අප්පුහාමි රෙජිස්ට්‍රාර්තුමාගේ මහ පොතේ ලියැවී ඇත්තේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යනුවෙනි. කුඩා ඩිංගිරි මහත්තයාගේ පසුබිම අනේක දුක් ගැහැට පිරීගිය එකක් ම විය.

විප්ලවවාදී ගති පැවතුම් කුඩා වියේදී ද දක්නට ලැබෙන්නේ මෙවන් ප්‍රබල සිදුවීමකිනි. ඩිංගිරි මහත්තයා කුලීන දරුවෙකි. අකුරට ගිය මුල්ම සිංහල පාසල වූයේ මාදම්පාගම ය. එහි කුලහීන දරුවනට බංකුවල වාඩිවීම තහනම් විය. වාඩිවිය යුත්තේ බිම ය. එය නොරිස්සූ කුඩා ඩිංගිරි තම සගයන් ද සමඟ බංකුව අතැර ඔවුන් හා බිම වාඩිවූයේ ය. මෙහිදී ප්‍රදේශය බාර දිසාපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්වූයේ එහි විදුහල්පතිතුමා ය.

වයසින් වැඩෙත් ම සමාජ සාධාරණත්වය උදෙසා හේ සිය ජීවිතයම කැප කළේ ය. අන්ත දිළිඳු බව දෝතින් ගෙන උපන්න ද ඔහු සිත පිරී තිබුණේ උද්යෝගිමත් සිතිවිල්ලෙනි. වරෙක වෙල්එළියේ ගල්තලාවක හිඳ තම කවි සිත අවදි කරවූයේ ය. ඔහු කුඩා වියේ දී ඔවුනට තිබුණු එකම ඉඩම් කැබැල්ලත් උකසකට සින්න වී ගියේ ය. සිය දරු පවුල නඩත්තු කළ පියා ලෙඩ ඇඳට වැටුණේ ය. ජීවත් වන්නට සිදුවූයේ වතුයායක කෙළවරක පිහිටි බිම් කැබැල්ලක පැලක් තනාගෙන ය.

ඔහුට මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා ඥාති සබඳතාවක් තිබිණි. පැවිදි වීමට තීරණය කළ අපේ කතානායකයා මවුපිය විරෝධතා මධ්‍යයේ ම පැවිදි වූයේ ය. ඉන්පසු ඉගෙනුමට ද දක්ෂයකු වූ කළල්ඇල්ලේ පේමානන්ද නම් වූහ. තුරුණු වියට ආසන්න වෙද්දී උගත මනා බණ දහම් සහ චතුර කථිකත්වය ද රසමුසු කවීත්වය ද මනාව පිහිටා තිබිණි. ඇත්ඔය, පැණනිස්ස හිමියන්ගේ මඟපෙන්වීමෙන් අපේ පුංචි හාමුදුරුවෝ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී සාහිත්‍ය, සමාජ සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ ද මනා පරිචයක් ලද්දේහ. කෙටි කලකින් තම සොහොයුරා සිවුරු හළ බව දත් සොහොයුරු පියදාස පලන්සූරිය තම සොයුරා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් හමුවට කැඳවා ගියේ ය.

උපැවිද්දෙන් නැවතත් පැවිද්දට පැමිණුනි. ඉන්පසු කළල්ඇල්ලේ ආනන්ද සාගර නම් වූහ. මේ වනවිට කවියෙහි දක්ෂයකු ව පසුවෙමින් විවිධ පුවත්පත් සඟරාවනට ද සමාජ ලිපි, කවි පබැඳුම් ලිවීය. ටිබෙට් ජාතික මහින්ද හිමි හා කුළුපගව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඉන්දියාවේ ශාන්ති නිකේතනයට පිවිසියහ. එතැනින් මව්බිමට පැමිණ ගුරු වෘත්තියෙහි නියැළුණි. මේ අවධියේ දී ලියා එළිදැක්වූ ‘සුදෝසුදු’ කාව්‍යයේ පළමු මුද්‍රණය උණු කැවුම් මෙන් විකිණී මහත් සේ ජනාදරය දිනාගන්නට සමත් වූහ.

පසුකලෙක අපේ හිමියන් ආනන්ද, නාලන්ද, කුරුණෑගල මලියදේව, මොරටුව වේල්ස් කුමාර විදුහල්වල ගුරුවරයකු ව කටයුතු කළහ. මේ අතරේදී ලේඛනයෙහි ප්‍රතිභාව පෙන්නුම් කරමින් සාරවත් ලිපි, කවි ආදිය පුවත් සඟරාදියෙහි පළකෙරිණි. පෑගෙන තැලෙන පොඩි මිනිහාගේ පීඩිත බව එහිමි නොඉවසූයේ, කිසිවකුගේ ආරාධනාවකින් තොරව ම වමේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූයේ ය. ඒ හොරණ ආසනයෙනි. මහජන එක්සත් පෙරමුණෙනි. පිලිප්, ඇන්.ඇම් සමීපතමයෝ ය. කම්කරු පන්තිය වෙනුවෙන් සටනේ වැදී චතුර කථිකත්වයෙන්, කවියෙන් ජනයින් ආකර්ෂණීය කළේය.

ඒ සටන් හමාර කොට ආපසු ගියේ ද පා ගමනිනි, බසයකනි, නැතහොත් දුම්රියකිනි. සිවුරේම සිටිමින් දේශපාලනයට පිවිසිය ද යළි නොඑන්නට ම සිවුරෙන් වෙන්වූයේ 1947 දීය. ප්‍රතිවිරුද්ධ එම්.ඩී.එච්.ජයවර්ධන ඇමැතිවරයා පරදවමින් හේ 1956 මහ මැතිවරණයේ දී වැඩි ඡන්ද 10,000කින් හොරණ අසුන ජයගත්තේය. නොයෙක් කරදර හිරිහැර මධ්‍යයේ ඔහුටත්, පවුලේ අයටත්, ආධාරකරුවන්ටත් ආහාර පාන, රැකවරණය ලැබදුන්නේ හිටපු අගමැති වත්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන එම පවුලේ අය ය.

හේ පුවත්පත්, සඟරාදියට ලිවීම අත්නොහළේ ය. ජනතාවට කළ්‍යාණ මන්ත්‍රීවරයකු වුවද ඔහු ජීවත් වූයේ මන්ත්‍රී වැටුපෙන් නොව ස්වශක්තියෙනි. පැවිදි බිමෙන් ගිහි දිවියට පැමිණිය ද හෙතෙම කටපුරා කීයේ ‘තවමත් මට අගෙයි මගෙ හාමුදුරුවරු’ යනුවෙනි

’ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා


එය සුදෝසුදු හි කාගේත් මුව‘ගෙහි රැඳි ජනප්‍රිය කවියකි. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති, පද්‍යාවලි ඪ හා ඪඪ, දම්පද සුගතවාණී, ගද්‍යාවලී ඪ, ඪඪ, ගොවි පෙරමුණ, ගද්‍ය පද්‍ය පරිවර්තන කෘතින් රැසක් ද සාගරයන් රටට පිිළිගැන්වීය. ඉන් බොහෝ කෘති අදටත් පාඨක සිත් දිනා ඇත. ඇතැම් නිර්මාණවල සැඟවී ඇත්තේ ඔහුගේ ම බාල අවධිය බව ද කියැවේ. සාගර 1948 දී විවාපත් වූයේ ය. ජීවන සහකාරිය වූයේ ගල්කිස්සේ, ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා ය. ඈ හැමවිටම ඔහුගේ සෙවණැල්ල වූවා ය. ඔවුනට පුතුන් තිදෙනකු ලැබිණ. සාගරයන් හැමවිටම තම පුතුන් තිදෙනාට සිංහලකමටත් බුදුදහමටත් නැඹුරුව ජීවත්වන්නැයි ඔවදන් දුණි.

’අපේ තාත්තා අපට හරිම ආදරෙයි. විශේෂයෙන් අපේ සෞඛ්‍යය, කෑම බීම සොයා බැලුවා. අපි ආර්ථික අතින් මහා ශක්තියක් තිබූ අය නොවයි. තාත්තාගෙ ළඟ ම මිතුරන් වුණේ විමලරත්න කුමාරගම, පී.බී.අල්විස් පෙරේරා යන කවීන් දෙපළයි. ඒ අය අපේ ගෙදර නිතර එනවා යනවා. ඇවිත් කවි කියනවා.’ ඒ ලක්විජය සාගර පලන්සූරිය (සාමාන්‍යාධිකාරි – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය) දෙවන පුතු තම පියාණන් ගැන කී අයුරුයි. ‘මා දුටු අපරදිග‘ කෘතිය රචනා වූයේ සාගරයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හොබවමින් සිටියදීය. පරිපාලනයේ ඉංග්‍රිසි ආධිපත්‍යය බිඳ දැමීමට හේ හඬ නැඟීය. එහෙත් දෙමළ බස කොන්කළ යුතු යැයි ද අපේක්ෂා නොකළේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ඒ 1960 දී ය. ඒ සමඟම ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි විය. එය මහා බරකින් නිදහස් වූවා සේ විය. අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ ය.

වයසින් අවුරුදු 13 සිට කවියට, ලේඛනයට ඇල්ම දැක්වූ හේ පසුකලෙක පඩිරුවනක් බඳු වූයේ ය. පැවිදි අවධියේ සිට ම ඇසුරේ පසුවූ පැවිදි උතුමන් වූයේ බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති, කිරිබත්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර, වල්පොල රාහුල යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිවරු ය. ස්වකීය චතුර කථිකත්වයෙන් හා ආකර්ෂණීය කවිත්වයෙන් ජනසිත් ඇද බැඳ තබාගත්තේ ය. වඩාත් පරසිදු වූයේ ප්‍රගතිශීලී වාමාංශික දේශපාලන කරළියෙහි ය.

’මම දොර නොබින්දෙමි ආවෙමි විවර දොරෙන්
ජය හෝ පරාජය ආ යුතු පරිදි වරෙන්
නිදහස් වන්ට මා උසුලන මිහිරි බරෙන්
උපකාරයක් නොපතමි කිසිකෙනකු කෙරෙන්’


ඒ ඔහුගේ හැටි ය. ඔහු අදීන ය. ස්වෝත්සාහී බව දිවිය පුරාම රැඳී තිබිණ. සෝමවීර චන්ද්‍රසිරි, ආනන්ද රාජකරුණා, තිහාරියේ පීටර් පෙරේරා, පියදාස සිරිසේන, ඩී.ඩබ්ලිව්.වික්‍රම ාරච්චි, පී.කේ.ඩබ්ලිව්.සිරිවර්ධන ආදීන්ගේ සමීපතමයකු විය. හෙළදිව, මාවත හා ලංකාදීප පුවත්පත ද ඇරඹි අවධියේ දී එහි කතුවරයකු ද වූයේය. නව මුහුණුවරකින් සාරවත් ලිපි, සමාජ විවේචන, අදහස් කියාපෑම, කතුවැකි සම්පාදනය ද සිදුවූයේ ඔහු අතිනි.

උපැවිදි වීමත් සමඟ ඔහු ලියූ කවකි මේ.

’මට හුරුපුරුදු තැන මාහට නැතිව ගියේ
සමහර මතක නොමැකී සටහනක තියේ
මානෙල් නොපිපුණත් හිරු නැති අඳුරු රැයේ
කොඳමල් පිපේ නම් එය මට මදිද පියේ’


කලබලයෙන් මෙන් දිනක් ගෙට ගොඩ වූ අපේ සාගර සිය බිරිය දෙස බලා දෑතින් යමක් සංඥා කොට පෙන්වූයේය. ‘ඔයා නාට්ටියක් කරනවද?’ කිසිත් නොදත් බිරිය විමසුවා ය. ඔහු තරහින් මෙන් මුහුණ හකුලුවා ගත්තේ ය. අසල තිබූ කඩදාසියක ඔහු යමක් ලියා පෙන්වීය. ඇය වහා එය කියැවූවා ය. ඒ වනවිට ඔහු දෑසින් කඳුළු කඩාහැලෙමින් තිබිණ. ඔහු ඒ ලියුවේ තමන්ට කටහඬ නැති ව ගිය බවකි.

උගුරේ ආබාධයක් ඇති බවකි. දිගින් දිගටම ප්‍රතිකාර කැරිණි. ඉන්දියාවට ද ගොස් ප්‍රතිකාර කරවූවද එතරම් සුවයක් නොලදිණි. පෙර මෙන් කටහඬ උස් ව නොතිබුණි. ‘මගේ තාත්තා මැරෙන කොට 53යි. මටත් දැන් 53යි. ලබන අවුරුද්දෙ මං ඔයාලා ළඟ නැහැ. ඒකට කමක් නෑ. පුතාලා අම්මත් එක්ක හොඳට අවුරුදු කන්න’ දිනෙක සිය බිරිය හා දරුවන් තුරුළට ගෙන සාගරයන් බිඳුණු හඩින් එසේ කීවේය.

ඔහු රෝගාතුර වූයේ හදිසියෙන් ම ය. වහා රෝහල් ගත කැරිණි. එදා ප්‍රිය බිරියගේ සුරත අල්වාගත් හේ මෙසේ කීයේ ය.

’මං අද මැරෙනවා - මං මුකුත් ඉතිරි කරපු කෙනෙක් නොවෙයි. ඒත් මං ඉතුරු කරපු අකුරු තුනක් තියෙනවා. ඒ අකුරු තුන දරුවන්ට ඇති. අපෙ දරුවන්ගෙ ජීවිත ඉදිරියට ගෙනියන්න ඒ අකුරු තුන ඇති.’

’හාමුදුරුවන්ට එන්න කියන්න – මං අද මැරෙනවා” ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුවම හිමිවරු වඩමවා පිරිත් නූල් බැඳිනි. පිරිකර ද පූජා කෙරිණි. ඒ පිරිත් අවසන අපේ සාගරයන් දෑත් එක්කොට උස්හඬකින් සාදු ... සාදු... යනුවෙන් කීයේය. හාමුදුරුවනේ.. මේ ආත්මයේදී ඔය කහපාට දකින්න මට ලැබෙන්නෙ නැහැ... අද මං මැරෙනවා..’ ඒ හඬ දුබලය.

ඕ දෑස් විහිදා තම හිමි දෙස බලා හුන්නාය. ඔහු දෑස් නිවී..නිවී ගියා සේ ය. ... ඕ එසැනින් සිහිසුන්ව සිය සැමියාගේ මුහුණ මතට ඇද වැටුණාය.

නිදහස් මතධාරී බුද්ධිමතකු මෙන්ම තමා සතු සියල්ල සමාජයට ප්‍රදානය කොට කිසිවක් බලාපොරොත්තු නුවූ ජනසිත් හි ලැගුම් ගත් ඒ සොඳුරුතම මිනිසා 1961 – ජූනි මස 21 දා පස්වරු 5.55ට සිය ජීවිතයෙන් සදහට ම සමුගෙන යන්නට ම ගියේ ය.

ඔහුගේ වියෝවෙන් කම්පිත වූ දහස් සංඛ්‍යාත පිරිස් අතර සිරිල් ඒ. සීලවිමලයන් මෙසේ ලියුවේ ය.

’අපේ සාගර පලන්සූරිය
අපේ කේයස් අනේ මැරුණා
අපේ කවියා උගත් මිතුරා
අපේ ඇසුරින් ඉවත ඇදුනා

අපේ ඇස් ඉදිරියේ සොහොනින්
නැඟුණු දුම්රැළි ඉහළ නැඟුණා
අපේ රටට ම පාඩුවකි ඔහු
සොහොන මැද අළු බවට හැරුණා
Image result for කේයස් 

සැ.‍යු. - මෙය අමල් යශෝමන් ජයසිංහ මහතා විසින් 2012 වසරේ සිළුමිණ පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවා සමග කල සාකච්ඡාව..

සාම කාලයේදීවත් මම ත්‍රස්‌ත නායකයන්ටඅතට අත දුන්නේ නැහැ...
මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහ
+++++++++++++++++++++++++++++++++++++
ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේ
අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
සාකච්ඡා කළේ මනෝඡ් අබයදීර
සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි ... යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' කරන ලද සාකච්ඡාවයි මේ.
හමුදා සේවයෙන් විශ්‍රාම යන මොහොතේ, අතීතයට අපේ කතා බහ රැගෙන යැම සඳහා 2009 මැයි 18 වෙනිදා දිනය ඔබට මතක්‌ කර ගන්න පුළුවන්ද...?
ඇත්තටම එදා පාන්දර දෙකහමාරට විතර, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මගේ කණ්‌ඩායමට ප්‍රහාරයක්‌ එල්ල කළා. නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පුදුමාතලන් ප්‍රදේශයේදී තමයි මේ පහර දීම සිදුවුණේ. අපි මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු වුණා. ත්‍රස්‌තවාදීන්ගේ අවසාන පිරිස අපි කොටු කරගෙනයි මේ වෙනකොට හිටියේ.
ඒ වෙනකොට ඔවුන්ට තිබුණ එකම විසඳුම කලපුවට පනින එක විතරයි... මොකද අනිත් තුන් පැත්තෙන්ම අපි ඔවුන්ව කොටු කරලයි තිබුණේ. එදා පාන්දර ඔවුන් මගේ වළල්ලේ පිටිපස්‌සේ තැනකට තමයි, ප්‍රහාරය එල්ල කළේ. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ස්‌ථානයක්‌ සහ ප්‍රහාරයක්‌. එතැන කඩා ගෙන තුන්සිය පනහක පමණ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඇතුලට පැන්නා. ඒ වෙනකොටත් ඕනෑම දේකට සූදානම්ව අපි එක්‌ එක්‌ සැලසුම් හදලා තිබ්බේ... අපි ඒකට කියන්නේ, ඉන්ජෙන්සන් ප්ලෑන් කියලා... ඒ කියන්නේ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරෙහෙම වුණොත් මෙහෙම කරන්න යනාදී වශයෙන්, අවදානම් ගණනාවක්‌ සඳහා අපි සූදානම් වෙලයි හිටියේ...
මගේ පළවෙනි අණ දීම වුණේ කඩපු තැන ඉක්‌මනට වහගන්න කියන ඒකයි... සාමාන්‍යයෙන් මීටර් දෙසීයක විතර ආරක්‌ෂක බැම්මක්‌ කැඩිලා තිබ්බා... අපි විනාඩි විස්‌සක්‌ විතර ඇතුළත එම වළල්ල යළි හදා ගත්තා. තව එළිවෙන්න පැය තුනයි තියෙන්නේ... ඊට පස්‌සේ අපිට ඇතිවෙන්න ගහ ගන්න පුළුවන් කියලා මම හිතුවා... ඒ නිසා ඉක්‌මනින්ම අපේ ආරක්‌ෂිත වළල්ලේ කැඩුණු තැන හදා ගන්නයි මට ඕනේ වුණේ...
මේ වෙනකොට නන්දිකඩාල් තීරයේ රැඳී ඉන්නේ කොයි වැනි පිරිසක්‌ කියලා ඔබට අනුමානයක්‌ තිබ්බාද...?
නැහැ...නායකයෝ කවුද ඉන්නේ කියන එක ගැන අපි කිසිම දෙයක්‌ දන්නේ නැහැ. නමුත් එල්ටීටීඊයේ සිහින ඊලාම් රාජ්‍යයේ අවසාන බිම් කඩත් අපි අල්ලා ගැනීම සඳහා සූදානමින් තමයි හිටියේ... මේ වෙලාව වෙනකොට අපිට තිබ්බේ අතේ තියෙන දේ කටේ දාගන්න විතරයි. උදේ වරුවේත් අපි සටන් කළා... දහය විතර වෙනකොට ඒ සටන අවසන් වුණා. දවල් ආයෙත් අපිට දැනගන්න ලැබුණා, එක්‌ පිරිසක්‌ කලපුවේ කඩොල් කැලය ඇතුළේ ඉන්නවා කියලා... එතැනට අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දවල් දෙක විතර වෙනකොට ඒ සටන පටන් ගත්තා. ඒක හැන්දෑවේ හයාමාර වෙනකං විතර ගියා. මේ වෙලාව වෙනකොට මුළු ලංකාවම අපේ රජයේ පාලනය යටතට පත්වුණා.
ඊලාම් දේශයේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, සුනුවිසුණු වෙලා ගියා...ඔය පළාත අවුරුදු විස්‌සක්‌ විතර රජයෙන් ගිලිහිලා තිබුණේ. අනිත් පළාත් සේරම අපි අල්ලාගෙන ඉවරවෙලයි ඒ වෙනකොට තිබ්බේ. මෙතැන අල්ලා ගත්තා විතරයි, මුළු රටම එක ධජයක්‌ යටතට, සිංහ ධජය යටතට ආවා. එදා අපිට බොහෝම සන්තෝෂ දවසක්‌. මැරිච්ච ත්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු අපි එකතු කර ගන්න පටන් ගත්තා. එතැන ඉහළ පෙලේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදී නායකයන් ගණනාවකගේ මළ සිරුරු තිබ්බා. ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් සහ සුසෙයි ඇරෙන්න අනිත් ඔක්‌කොම නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. භානු, ජෙයම් වගේ නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. ප්‍රභාකරන්ගේ පුතා චාල්ස්‌ ඇන්තනිගේ මළ සිරුර එතැන තිබ්බා.
එදා අපිට බොහොම සන්තෝසයි... නමුත් මගෙ ඔලුවෙ එක ප්‍රශ්නයක්‌ තිබ්බා. ඒ ප්‍රභාකරන්ගේ මළ සිරුර කෝ කියන එක. ඒ වගේම මම ආමි කමාන්ඩර්ට කතා කරලා "සර්, අපේ රටේ අන්තිම බිම් අඟලත් අපි බේරා ගත්තා" කිව්වාම ආමි කමාන්ඩර් ටිකක්‌ කල්පනා කරලා මගෙන් ඇහැව්වා "ප්‍රභාකරන් කෝ...?" කියලා. එතුමාට මම කිව්වා "සර්, ප්‍රභාකරන්ගේ බොඩි එක නැහැ ..." කියලා. එතකොට ආමි කමාන්ඩර් මට කිව්වා "එහෙනං යුද්දේ ඉවර වෙන්නේ නැහැ ....." කියලා. මමත් එතකොට කිව්වා "ඔව් සර්, එහෙනං යුද්දේ ඉවරවෙන්නේ නැහැ ... හැබැයි මගේ ඔක්‌කොම බ්ලොක්‌ස්‌ මම දාලා තියෙන්නේ..." කියලා. මේ වෙනකොට නන්දිකඩාල් කඩොලාන ඇතුලේ හරි කරුවලයි. එතැන මොකුත් කරන්න බැහැ. කඩොලාන ඇතුලේ රැට සටන් කිරීම අමාරුයි. පොඩි සද්දයක්‌ වුණත් ඇහෙනවා. කුරුල්ලෝ පියාඹනවා. ඒ දිශාව අනුව කවුරු හරි එන දිශාව හඳුනාගන්න ලෙහෙසියි.
මම ආමි කමාන්ඩර්ට කිව්වා "සර්, හෙට උදේ මම සර්ච් එකක්‌ දාලා බලන්නම්" කියලා. මම එදා රෑ බොහෝම සන්තෝසෙන් නින්දට ගියත් "ප්‍රභාකරන් කෝ...?" කියන ප්‍රශ්නය මගේ හිතේ තිබ්බා. "මේ යකා පැනලද...? පැන්නොත් යුද්දේ ඉවර වෙන්නේ නැහැ නේද...?" කියන ඒවා මගේ හිතට ආවා. අපිට ඕනෑ වෙලා තිබුණේ අනාගත පරම්පරාවකට මේ යුද්දේ ඉතුරු නොකරන්න. බැරි වෙලාවත් ප්‍රභාකරන් වෙන රටකට පැන්නා නම් එහෙට වෙලා යුද්දේ මෙහෙයවන්න පුළුවන්.
මේක මම මගේ පොතේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ දැඩි තීරණ වගේම මෝඩ තීරණ ගත්ත නායකයෙක්‌. එහෙම වුණාට ඔහු දක්‌ෂ නායකයෙක්‌... ඒ නායකත්වය රටටම ලොකු තර්ජනයක්‌. ඒ නායකත්වය අපිට විනාශ කරන්න බැරිවුණා නම් අපිට සහ අපේ අනාගත පරම්පරාවට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා. ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි. මෙච්චර කැපවීමක්‌ කරලත් අපිට මේ මිනිහව මරා ගන්න බැරිවුණොත්, අපේ අනාගත පරම්පරාවට අපි කොහොමද උත්තර දෙන්නේ කියන ප්‍රශ්නය මගේ හිතට ආවා.
ඔබට ප්‍රභාකරන් හෝ භානු සජීවීව මුණගැහිලා තියෙනවද...?
ප්‍රභාකරන් කවදාවත් පණ පිටින් දැකලා නැහැ...භානු දැකලා තියෙනවා. හැබැයි කවදාවත් කතා කරලවත්, අතට අත දීලාවත් නැහැ... මේ මගේ දකුණු අත බොහොම පිරිසුදුයි. (සිය දකුණු අත ඉහළට ඔසවා පෙන්වමින්...) කිසිම ත්‍රස්‌තවාදී නායකයෙකුට සාමය කාලයේදීවත් මම අතට අත දීලා නැහැ... ඔය ත්‍රස්‌ත නායකයෝ සාම කාලවලදී මට අත දීක්‌ කරලා තියෙනවා... ඒ උනාට මම උන්ට අත දීලා නැහැ...
දැන් අපි දහ නමවෙනිදා දවස ගැන මතක්‌ කරගමු... රටේ හැම තැනම ජනතාව කිරිබත් කමින් ප්‍රීති ඝෝෂා පවත්වනවා...
ඔව්... අපේ ළමයිනුත් එදා උදේ කිරිබත් හදලා තිබ්බා...කඩොලානට තව බැටැලියන් එකක්‌ දාලා සර්ච් කරන්න කියලා එතකොට මම කියලයි තිබ්බේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ ඉඳන් තමන්ගේ කතාව පටන් අරගෙන තිබුණා.
මගේ නායකත්වය යටතේ තිබුණු පනස්‌ තුන්වෙනි සේනාංකය යටතේ තමයි අටවෙනි කාර්ය සේනාංකය තිබ්බේ. කර්නල් රවිප්‍රිය තමයි එක භාරව හිටියේ. මේ අතරේ කර්නල් රවිප්‍රිය මට කතා කරලා. "සර්, කඩොලානේ තව ඩිවලොප්මන්ට්‌ එකක්‌ තියෙනවා..." කිව්වා.
ඒ වෙනකොට අපි යුද්දේ දිනලා ඉවරනේ... එක දිගට මාස දෙක තුනක්‌ නිදි මරලා, ටිකක්‌ හිටියා විතරයි, මෙන්න ආයිත් කියනවා ගහ ගන්නවා කියලා. කන්න ගත්ත කිරිබත් කෑල්ලත් පැත්තකට දාලා මම ගියා, නන්දිකඩාල් සටන් භුමියට. උන් එනකොට "අපේ කට්‌ටියත් ගහ ගත්තා, අපිටත් උන් ෆයර් කළා. මේ සටන විනාඩි හතලිස්‌ පහක්‌ විතර ගියා... "සර්, ඔක්‌කොම් නියුට්‌රමලයිස්‌ කරලා තියෙන්නේ. එක පොයින්ට්‌ එකක්‌ තියෙනවා, ඒක කොන්ට්‍රොල් කරගන්නම බැහැ... එතැනින් දිගටම ගහනවා" කියලා මට අපේ අය කිව්වා. මට ලොකු සටනක්‌ කරලා අපේ කොල්ලෝ මරා ගන්න උවමනාවක්‌ නැහැ. අතට ගත්ත දේ කටට දාලා, දැන් හපා ගන්න විතරයි තියෙන්නේ... "ලොකු සෙනගක්‌ දාන්න එපා... අට දෙනාගේ කණ්‌ඩායම් දෙකක්‌ දාලා, ඕක බලාගන්න" කියලා මම කිව්වා..
කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් හතරවෙනි විජයබාහු බලඇණියේ පිරිසක්‌ ඒ සඳහා මම යෙදෙව්වා. ටික වෙලාවකින් "හරි සර්, ඔක්‌කොම ඉවරයි. ප්‍රභාකරන්ගේ බොඩි එකත් තියෙනවා" කියලා මට එහෙන් කිව්වා. මේ වෙනකොට වෙලාව උදේ දහයයි තිහට විතර ඇති.
මගේ ගාව හිටියා, කර්නල් ලලන්ත ගමගේ. මෙතැන බලලා මොකද වෙලා තියෙන්නේ කියන්න කියලා මම කර්නල් ලලන්තව යෑව්වා. වැඩි ඈතක නෙමෙයි, මම හිටිය තැනින් මිටර් දෙසීයක්‌ ඈතින් තිබුණ කලපු ප්‍රදේශයට තමයි මම එයාව යෑව්වේ. "සර්, යුරේකා... ප්‍රභා මැරිලා ඉන්නවා" කියලා මට කර්නල් ගමගේ කතා කරලා කිව්වා. " හොඳටම ෂුවර්ද...?" මම ඇහැව්වා.
"ඔව් සර්, ටක්‌ ගාලා ආමි කමාන්ඩර්ට කියන්න."
"ඔය බොඩි එක මෙහෙට ගෙන්න..."
හරි...හරි සර්, බොඩි එක ගේන්නම් ටක්‌ ගාලා මේක කොළඹට කියන්න" කියලා මට කර්නල් ලලන්ත ගමගේ කිව්වා. එයත් හිටියේ ලොකු සන්තෝෂයකින්. මේ ජයග්‍රහණයේ පණිවුඩය ඉක්‌මනින්ම රටටම කියන්න තමයි හැමෝටම ඕනේ වුණේ.
"හරි...හරි සර් බොඩි එක ගේන්නම් මේ පණිවුඩේ ඉක්‌මනට කොළඹට කියන්න" ආයෙත් මට ලලන්ත කියනවා. මට ඒ පාර කේන්ති ගියා.
උඹ ඔතැනට වෙලා ඕකගේ පාංශුකුලය දෙන්නේ නැතුව ඕක ඉක්‌මනට මෙතැනට ගෙනෙන්..." කියලා මම කිව්වා.
එහෙම කිව්වට මගේ ඇස්‌ දෙකෙන් ප්‍රභාකරන්ගේ මිනිය දකිනකන් මම ඒක ආමි කමාන්ඩර්ට කියන්න කැමති වුණේ නැහැ. මම මේක ආමි කමන්ඩර්ට කියලා, එතැනින් ආරක්‌ෂක ලේකම්තුමාට සහ ජනාධිපතිතුමාට කියලා, ඊට පස්‌සේ මේක රටටම කියලා, ඒ මැරිලා ඉන්නේ ප්‍රභාකරන් නෙමෙයි නම්, මටත් වෙඩි තියාගෙන නන්දිකඩාල් කලපුවට පනින්න තමයි වෙන්නේ... ඒ නිසා මේ මිනිය මම ම බලලා තහවුරු කර ගන්න වුවමනාවක්‌ තිබ්බා...
විනාඩි දහයක්‌ විතර යනකොට මිනිය ගොඩට ගෙනාවා. ඒවෙනකොට යුද බිමේ මේ ආරංචිය ගිහිල්ලා අපි ළඟ නිලධාරීන් සහ සෙබළු හාර පන්දාහක්‌ එකතුවෙලා හිටියා. සතුටින් කෑගහන කොටම කොල්ලෝ උඩට වෙඩි තියන්න පටන් ගත්තා. ඔක්‌කොම තුවක්‌කුවලින් වෙඩි තිබ්බා. මැසින්ගන් වැල් පිටින් ගහනවා... පස්‌සේ මගේ ඔෆිසර්ස්‌ලා නවත්තන්න හදනකොට නැහැ... "වෙඩි තියපුවාවේ..." කියලා මම කිව්වා. ඒ ජයග්‍රහණයේ විතරක්‌ නෙමෙයි. තිබුණ පීඩනය පිට කිරීමක්‌. මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක්‌ පුරා උදේට නැගිටපු උදවිය. විනාඩි පහක්‌ විතර මුළු නන්දිකඩාල්ම ගිඟුරුම් දෙන විදිහට මේ වෙඩි පත්තු වුණා.
ඒ තමයි මගේ ජීවිතේ අමරණීයම මොහොත. අපේ රට අවුරුදු තිහක්‌ තිස්‌සේ අඳුරු අගාධයකට ඇදලා දාලා, සිංහල ජාතිය අප්‍රිකාවේ වනචාරීන්ටත් වඩා වනචාරී ජාතියක්‌ කියලා ලෝකයට පෙන්නලා, අහිංසක දරුවන්ගේ ඉඳන් ජීවිත බිලිගත්ත මිනිහව, මගේ කොල්ලෝ මරලා, මගේ කකුල් දෙක ගාවට ගෙනාවම මට දැනෙන සන්තෝෂය විස්‌තර කරන්න මට වචන නැහැ.
මම ඒ ඇඟට අත තියලා බලනකොට ඇඟ රස්‌නෙයි. ඔලුවෙන් ලේ එනවා.
මම අතට අත දුන්නේ නැහැ...
ප්‍රභාකරන් තමන්ගේ දෙපා මුල මැරිලා ඉන්නවා දැක්‌කාම ඔබට දැනුන හැඟීම මොකක්‌ද...?
යුද්දේ ඉවර වුණාම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ කොළඹ හිල්ටන් හෝටලයේ දී ලබා දුන්නා. එතැනදී ඔය ප්‍රශ්නයම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මගෙන් ඇහැව්වා. "සර්, මට මම රජෙක්‌ වගේ කියන හැඟීම ආවා..." කියලා තමයි මම උත්තර දුන්නේ. ප්‍රභාකරන්ට දෙවියෝ අණ දුන්නාට, පනස්‌ තුන සේනාංකය එක්‌ක ඇවිල්ලා සටන් කරලා මැරියන් කියලා, මේ සටන කළේ අපි හැමෝම. මම කළේ සියලු සේනාංකාධිපතිවරුන්ට කතා කරලා කිව්වා "වැඩේ හරි, ප්‍රභාකරන්ව මැරුවා ටක්‌ ගාලා මෙතැනට එන්න" කියලා. ජෙනරල් ජගත් ඩයස්‌, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරල් චාගි ගාල්ලගේ වගේ සියල්ලට මේක කිව්වා. ඒ වෙලාවේ ආමි කමාන්ඩර් හිටියේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමාගේ කතාව අහන්න ගිහිල්ලා. විනාඩි දහයකින් විතර ආමි කමාන්ඩර්ට, මම මේ පණිවිඩය කතා කරලා කිව්වා.
මෙයිට වඩා වෙනස්‌ කට කතා පසු කාලයේදී මේ පිළිබඳව රට පුරා පැතිරිලා ගියා. "ප්‍රභාකරන් පනාගොඩට රැගෙන ගිහිල්ලා, ඔහුට පහර දීලා මරා දැම්මා" කියලා සමහරු කිව්වා...
ඒ කතා ඔක්‌කොම බොරු...ප්‍රභාකරන් මැරෙනකන් එතැන හිටියේ ඔහු කියලා කිසිම කෙනෙක්‌ දැනගෙන හිටියේ නැහැ. ඔතැන වැදගත් නායකයෙක්‌ ඉන්නවා කියලා අර සටන යනවෙලාවේ අපි තේරුම් ගත්තා. ඒත් ඒ ප්‍රභාකරන් කියලා අපි දැනගෙන හිටියේ නැහැ.
ප්‍රභාකරන්ගේ හිස පසාරු කරගෙන ගියේ ස්‌නයිෆර් උණ්‌ඩයක්‌ද...?
නැහැ... මමත් දැක්‌කා සමහර පොත්වල සහ පත්තරවල එහෙම ලියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඒක වැරදියි... එදා උදේ අටේ කණ්‌ඩායම් දෙක විසින් තබපු උණ්‌ඩයකින් තමයි ප්‍රභාකරන් මැරුණේ... මගේ පොතේ මේ ගැන පින්තුර සමග විස්‌තර සියල්ල එනවා.
කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ට මොකද වුණේ...? ඔහු රටින් පැන ගිය බවට පවා කතා පළවුණා...
නන්දිකඩාල් කියන්නේ විශාල කලපුවක්‌ පස්‌සේ අපි මිනී හොයනකොට ඉදිමුණු, කුණුවෙච්ච මිනී ඕනෑ තරම් හම්බු වුණා. සති දෙකක්‌ විතර යනකන් අපිට මිනී හම්බු වුණා. ඒ අතර පොට්‌ටුඅම්මාන් ඉන්න ඇති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්‌ටු අම්මාන් මැරුණ බවට ඇසෙන් දුටු සාක්‌ෂි අපිට හමුවුණා.
ප්‍රභාකරන් මිය ගිය බවට මේ දක්‌වා මරණ සහතිකයක්‌ නිකුත් වී නැති නිසාත් ප්‍රභාකරන්ගේ මළසිරුර යයි කියූ මළ සිරුරේ ඩී.එන්.ඒ පරීක්‌ෂණයක්‌ තවමත් සිදුකර නොමැති නිසාත් ප්‍රභාකරන්ගේ මරණය සැක සහිත බවත් ඔහු අයත්වන්නේ අතුරුදන් වූවන්ගේ ගණයට බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වන එම්. කේ. සිවාජිලිංගම් පවසා තිබුණා..
ඔහොම සැකකරන කට්‌ටියට මම කියන්නේ එහෙම කතා කියලා විහිළුකාරයින්ගේ තත්ත්වයට පත්වෙන්න එපා කියලයි... අපි බොරුකාරයෝ නෙමෙයි. අපි වෘත්තීමය හමුදාවක්‌. අපි ප්‍රභාකරන් කියන ත්‍රස්‌තවාදී නායකයා මැරුවා... අපි එයාගෙයි එයාගේ පුතා චාර්ල්ස්‌ ඇන්තනිගෙයි ජාන පරීක්‌ෂණයක්‌ කළා. ඒකෙන් ප්‍රභාකරන් සහ පුතා කියලා තහවුරු වුණා. සමහර දෙමළ දේශපාලකයන් ජනප්‍රිය වෙන්න කරන ළදරු ක්‍රියා ගැන අපිට කනගාටුයි. මම ළදරුවෙක්‌ නෙමෙයි. පරිණත හමුදා නිලධාරියෙක්‌. සමහරු හිතනවා ඇති ප්‍රභාකරන් දිව්‍ය ලෝකයට ගියා කියලා. අපි හිතනවා අපායට ගියා කියලා. කොහොම වුණත් එයා මේ ලෝකේ නැතුව වෙන ලෝකෙක ඇති.
ඔබ හෙට සිට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්‌. සේවය නිමවා හමුදාවට සමුදෙන මොහොතේ ඇතිවෙන හැඟීම ගැන කිව්වොත්...
අපේ තරුණ කාලය ගතවුණේ කැලෑවල්වල සටන් කිරීමට. අනිත් සේනාංකාධිපතිවරුන්ගේ ජීවිතත් එහෙමයි. වසර තිස්‌ පහකුයි දවස්‌ පහක්‌ මේ නිල ඇඳුම ඇන්දාට පස්‌සේ ඒක එල්ලා, ගෙදර යන එක කනගාටුයි. නමුත් මම හිතනවා, මගෙන් රටට විය යුතු සේවය මම කරලා තියෙනවා කියලා... මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු අබේවර්ධන බාලසූරිය ගයපු ගීතයක මුල් කෑල්ල මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙනවා. ඒක මගේ ජීවිතයට බොහෝම සම්බන්ධයි.
අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට"
යුගයේ වීරයෙක්‌ ලෙස හමුදාව තුළ සහ දේශයේ කීර්තියක්‌ ලබාගෙන, රට සිටි ප්‍රධානම සතුරා තමන්ගේ දෙපා මුල මරලා දමලා, හමුදාපති තනතුර නොලබා විශ්‍රාම යැම ගැන ඔබට දුකක්‌ නැද්ද...?
Image result for kamal gunaratneඕනෑම වෘත්තීය හමුදා නිලධාරියෙක්‌ගේ අභිලාශය, සරලව කිව්වොත් ආශාව, කවදාහරි යුද හමුදාපති වෙලා ලෝකෙම ඉන්න හොඳම සොල්දාදුවන්න්ගේ නායකයා වෙන්න. ලෝකයේ ඉන්න හොඳම සොල්දාදුවන්ගෙන් කොටසක නායකයා වෙන්න මට පුළුවන් වුණා. නමුත් ඒ සොල්දාදුවෝ ඔක්‌කොමලාගේ නායකයා වෙන්න මට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒ ගැන යම් කනගාටුවක්‌ තියෙනවා. අපේ රටේ හමුදාපති තනතුර ලැබෙන්න දක්‌ෂකම විතරක්‌ නෙමෙයි, වාසනාවත් තියෙන්න ඕනේ. මට ඒ වාසනාව තිබුණේ නැහැ. හමුදාපති පුටුවට නොගියාට මම ගෙදර යන්නේ ජයග්‍රාහී විදිහට. ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට ගෙදර යන්නයි මට වුවමනා වුණේ. අප දක්‌ෂ ජෙනරාල්ලා පරාජිත සොල්දාදුවෝ වගේ ගෙදර යනවා මම දැක්‌කා. මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට. ඒ ජයග්‍රහණයේ කතාවත් රටට කියාගෙන තමයි මම ගෙදර යන්නේ... මම විශ්‍රාම ගියේ පස්‌වෙනිදා සඳුදා. මගේ පොත එළිදැක්‌කේ ඊට පස්‌සේ දවසේ, ඒ කියන්නේ අඟහරුවාදා...මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී. මේ පොතේ තියෙන්නේ "මා දුටු දේ සහ අප කළ දේ" ගැන.
හමුදා වහරෙන් කිව්වොත් ඔබගේ එක මෙහෙයුමක්‌ දැන් නිමා වෙනවා. පත්තර භාෂාවෙන් කිව්වොත් ඔබගේ ජීවිතයේ එක පිටුවක්‌ ඉවරයි. මොකක්‌ද ඔබේ ඊළඟ මෙහෙයුම නැත්නම් පිටුව...?
රජයේ රැකියාවක්‌ දුන්නාට මම ඒක භාර ගන්නේ නැහැ. මම මේ රට දාලා වෙන රටකට යන්නෙත් නැහැ. මම ආඩම්බර රට වැසියෙක්‌ විදිහට මේ රටේ ජීවත් වෙනවා...
ඔබ අපට වීරයෙක්‌ වුණාට සමහරුන්ට යුද අපරාධ චෝදනාකරුවෙක්‌. නැත්නම් යුද අපරාධකාරයෙක්‌. සමහර රටවලට ඔබට අඩිය තියන්නවත් බැහැ... මේ ගැන හිතන කොට දුකක්‌ එහෙම දැනෙන්නේ නැද්ද...?
මම පස්‌වෙනි පන්තියට වෙනකං ගියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට. මට හතරේ පන්තියේදී ඉගැන්නුවේ සෝමා රණවිර ගුරු මෑණියෝ. එදා ඒ ගුරු මෑණියෝ උගන්වපු, එස්‌. මහින්ද හාමුදුරුවන්ගේ කවි දෙකක්‌ මට හොඳට පාඩම් හිටියා. මගේ ජීවිතේ පාඩම බවටත් මම ඒක පත්කර ගත්තා.
ජාතිය රන් විමනක්‌ වේ
ආගම මිණි පහනක්‌ වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ
අනිත් කවිය තමයි ඔබගේ ප්‍රශ්නයට පිළිතුර
ඉටුකොට කළයුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

උපුටා  ගැනීම  අන්තර්ජාලයෙන්

Friday, September 9, 2016

ඉන්දියන් බයික් එකක් ගන්නවා නම් මතක තියා ගන්න...


1.ගෙනාපු දවසෙම මල ජරා ඉන්දියන් ප්ලග් එක හෝ දෙක ගලෝලා විසිකරලා NGK ඔරිගිනල් ප්ලග් දෙකක් දාපන්. මේක තමයි 1
2.එක එකා කිව්වට එන්ජින් ඔයිල් වගේ පෝක් ඔයිල් මාරු කරන්න එපා. ඕවා කොම්පෑනි හම්බකර ගන්න ගහපු තුරුම්පු. පලවෙනි පාර පෝක් ඔයිල් මාරු කලාම 20000ක් වත් දුවපල්ලා
3.මඩ් ගාඩ් සිග්නල් ලයිට් වගේ කලු පාට ප්ලාස්ටික් කෑලි සුදු වෙනවා නේද? ඔකට බේතක් තියෙනවා. බයිසිකලේ හේදුවහම සතියකට සෑරයක් හොදට වේලලා 2T ඔයිල් රෙදි කෑල්ලකින් කලු පාට පේන්ට් එක නෑති ප්ලාස්ටික් වල ගාපන්
4. 99 වගේ වෑක්ස් එකක් පාවිච්චි කරපන් මුලු බයිසිකලේම පේන්ට් කෑලි වලට. බ්‍රේක් ඔඉල් හෑලුනත් ඊට පස්සේ අව්ලක් නෑ.
5.පුලුවන් තරම් එක එකාව පොසත් කරන්නේ නෑතුව බයික් එක ගෙදර හෝදපන්. hiප්‍රෙශර් ගෑහුවහම පේන්ට් එකට කෙලවෙනවා.. ආ ගන්නකොටත් පුලුවන් තරම් කලු පාට එකක් ගනිල්ලා. රතු පාර ඉන්දියන් බයික් පාට පිච්චෙනවා
6.වෑල්වො ලයිනුයි අරවයි මේවයි උබලට පුරුදු කරෝලා තියෙන්නේ කොම්පෑනි කාරයො උබලට වෑඩේ දෙන්න. ලංකා ඔයිල්ම දාපන්. ඒක තමයි හොදම. මම කියනවට එක පාරක් දාලා සද්දේ බලපල්ලා
7.හෑම වෙලේම පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහපන්. එතකොට හොදට තෙල් කරනවා 100ය 100ය ගෑහුවත් පදින්නේ උබලමනේ. මම උන්බලගේ බයික් එක පදින් නෑනේ, ඒක හිදා පඩි ගත්තහම ෆුල් ගහපන් මාසෙටම ගහලා ටෑන්කියට එක පාරක් රුපියල් 10ක 2T ඔයිල් දාපන්- පල්සරයක් නම්. 100CC එකක් නම් තව අඩුවෙන් දාපන්
8.බයික් එක ගෙදර ගෑනි වගේ තනියෙන් පාවිච්චි කරපන්. ඉන්දියන් බයික් වේස ගෑනි වගේ සේරම පදින්න ගත්තොත් සොරි තමයි. හෑම වෙලේමතනියෙන් පාවිච්චි කරපන්. දුන්නොත් යාලුවයි බයික් එකයි දෙකම නෑතිවෙනවා, නොදුන්නොත් අඩුම ගානේ බයික් එකවත් ඉතුරු වෙනවා
9.මාසෙකට සෑරයක් උබලා සෑරට දුවන උන්නම් එයාර් ෆිල්ටරේ ගලෝලා භුමිතෙල් වලින් හෝදලා වේලලා 2t ඔයිල් "ටිකක්"( මෙන්න මෙතන ටිකක් කියලා වචනයක් තියෙනවා මචන්ලා ටිකක් කියන්නේ ටිකකට හොදි වල පාන් වගේ පොගවනවට නෙමේ ) පොගවලා ආපහු දාපල්ලා
10.මේ කියන්න යනදේට හුගක් එවුන් විරුද්ද වෙයි ඒත් මේ මගේ අද්දෑකිම. හෙදුවට පස්සේ බයික් එක ස්ටාර්ට් කටලා සයිලන්සරේ ඈතුලට හෝස් එකෙන් වතුර දාලා (ටිකක්) ඒ ටික යනකන් රේස් කරපන්. සේරම කාබන් කෑඩිලා යනවා. රත් වෙනකම් ස්ටාර්ට් එකේ තියන්න
11.ජීවිතෙට එකතෑන තියලා හයියෙන් රේස් කරන්න එපා. ඒ කිව්වේ නෝ ලෝඩ් රේස් කරන්න එපා
12.කොච්චර වෑස්සේ ගියත් කමක් නෑ.තද අව්වෙනම් දාන්න එපා. ඉන්දියන් බයික් වලට වෑස්සට වඩා තඩ අව්ව හානියක් කරනවා
13.ස්විම් ආම් බුශ් ගෙවුනහම එක එකාගේ ස්විම් ආම් බුශ් දාන්න එපා. ඔරිගිනල් ඒවත් මහ ජරාව. පට්ටලේකට ගිහින් පීවීසී වලින් ලියෝලා දාන්න
14.හෑම වෙලේම ඈක්සිලේටර් කේබල් එක බටර් වගේ තියාගන්න.
15.කවදාවත් මෑගින්ටෝ කියලා බෑට්ට්‍රිය සවුත්තු උනාම ඒක නොදා පාවිච්චි කරන්න එපා
16.ඔරිගිනල් හෙඩ් ලයිට් බල්බ් එකනම් පුච්චගන්න එපා දෙයියෝ, ඊට පස්සේ මොකක් දෑම්මත් ඉක්මනට පිච්ච්නවා. දානවනම් හෑලොනික්ස් එකක්ම දාන්
අන්තර්ජාලයෙන් ...


Image result for indian bikes bajaj

Tuesday, February 9, 2016

අන්තර්ජාලය

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.
විශ්ව ව්‍යාප්ත වියමන
අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව හා පහත දක්වා ඇති දැ ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි.
: විද්‍යුත් තැපෑල
පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර විද්යුත් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලෝව ව්‍යාප්ත ජාලය හි ඇත මෙනිසා මේ සදහා වැය ව්අන්නේ අන්තර්ජාල සදහා වැය වන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී හා ඉක්මන් සන්නිවේදන ක්‍රමයකි.
: විශ්ව ව්‍යාප්ත වියමන
විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි.
සමාජයීය බලපෑම්
අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත.
“ෆේස් බුක්” (face book) හා “මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයන්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත.
විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ.
අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය
ලෝක ව්‍යාප්ත විසිරි වියමෙන හි (www) වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් අතරික්සුවක (web browser) අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.
ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.
ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය.
වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ.
බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු “වෙබය” ක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (www) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය.
අන්තර්ජාලයේ ඉතිහාසය
අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූ අතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය. 1960 කාල වකවානුවේ දී ජේ.සී.ආර්. ලික්ලීඩර් හා රොබට් ඩබ්. ටේලර් නැමැති පරිගණක පර්යේෂකයන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා එකිනෙක හා සබැඳුනු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කළහ. ඒ හා සමාකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩ සටහන් ද ආරම්භ කෙරිනි. මෙය පැකැට්ටු හුවමාරු (Packet switching) ක්‍රමයේ වර්ධනයට හේතුවේ. මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඩ් ඩේවිස් (Donald Davies (NPL) පෝල් බැරන් (Paul Baran (RAND සංස්තාව) හා ලෙනාර්ඩ් ක්ලේයින් රොන් (Leonard Kleinrock ) (MIT) යන පර්යේෂණ වැඩසටහන අයත් වේ. මෙය 1960 හා 1970 අග භාගයේ දී ARPANET, සහ X.25 ඇතුලුව පැකට්ටු හුවමාරු ජාලකරණ කිහිපයක දියුණුවට මඟ හසර හෙළි කළේය. ඊට අමතරව UUCP ඇතුළුව පොදු ප්‍රවේශ හා විනෝදාංශ ජාලකරණ පද්ධති ජනප්‍රියත්වයෙන් ඉහල යාමට විය. කෙසේ නමුත් තවමත් ඒවා ජාල අතර ඇති සීමිත වාහල් සංඛ්‍යාවකින් සේවා ලබා එකිනෙකින් වෙන් වූ ජාල වෙයි. මෙය පැකට්ටු හුවමාරු යෙදුම මඟින් අන්තර්ජාලකරණයට ප්‍රෝටෝකෝලයක් නිපදවීමට මග පෑදීය. එමඟින් එකිනෙකට වෙනස් ජාල සුපිරි සැකිලි ජාලයන් බවට පත් කිරීමට හැකි විය. අන්තර්ජාල ප්‍රෝටෝකෝල කට්ටලය නැමැති සරල පොදු ජාල පද්ධතියක් අර්ථ දැක්වීමෙන් ජාලයේ සංකල්පය වැනි භෞතික ක්‍රියා පිළිවෙලින් වෙන් කල හැකි විය. අන්තර්ජාලකරණයේ මෙම ව්‍යාප්තිය අන්තර්ජාලය ලෙස හඳුන්වන විශ්වීය අන්තර් ජාල කරණයක අදහස ඇතිකරලීය. මෙය ඉතා වේගයෙන් පැතිරුණු අතර පවතින ජාල මෙයට උචිත ලෙස පරිවර්තනය විය. මෙය බටහිර ලෝකයේ දියුණු විදුලි සංදේශ ජාල හරහා වේගයෙන් පැතිරුණූ අතර ඇත්ත වශයෙන්ම එය ලෝක සම්මතය හා විශ්ව ජාලය බවට පත් වු විට ලෝකයේ අනෙක් කොටස්වලට ද ව්‍යාප්ත විය. කෙසේ නමුත් වර්ධනයේ විෂමතාව අදටත් සැලකිල්ලට බඳුන්වන සංඛ්‍යාත බෙදුමකට හේතු විය. 1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වා දීම 1990 දී ජනප්‍රිය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාලය සංස්කෘතිය හා වාණිජය මත දැඩි බලපෑමක් ඇති ‍කළේය. මෙයට විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය දියුණු වීම, වදන් මත පදනම් වූ සාකච්ඡා (වර්ල්ඩ් වයිඩ් වෙබ්) ලෝක ව්‍යාප්ත ජාලය ආදිය ඇතුළත් වේ. මෙම නව හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට නව වෙළඳ පොළවල් කෙරෙහි ඇති කල කල්පිත විශාල වෙළඳ පොළ බිඳ වැටීමත් වූ ඩොට් - කොම් බබ්ල් හි උද්ධමනයට හා බිඳ වැටීමට හේතු විය. එසේ තිබිය දීත් අන්තර්ජාලයේ වර්ධනය දිගින් දිගටම සිදු වූ අතර අදටත් සිදුවෙයි.

ලිපිය