ඔබ කොටස් වෙළදපල ගැන උනන්දු අයෙක් නම් (උනන්දු නැත්නම් මේක බලන්නේ නැනේ :) ) ඔබ දැනට කොටස් වෙළදපල හා සම්බන්ද නැති නමුත් සම්බන්ද වෙන්න කැමති අයෙක් නම් ඔබටයි මේ ලිපිය වටින්නේ. අනික් අයටත් නොවටිනවා නෙමේ. නමුත් ඒ අය මේ කියල තියෙන දේ ගැන දන්නවා. :)
හොදයි මම පටන් ගන්නම් මම කරපු විදිය සහ මට තිබ්බ ප්‍රශ්න වලින්.
මම කියවපු හැම බ්ලොග් අඩවියකින්ම කියපු දේ තමා කොටස් වෙළදපලේ ගනුදෙනු කරන්න අනිවාර්යෙන් CDS ගිණුමක් අවශ්‍ය බව. ඔව් ඒක සහතික ඇත්ත, හැබැයි එක කරන විදිය තිබ්බේ නැහැ. කොහොමද CDS ගිණුමක් ආරම්භ කරගන්නේ කියල. ඒ ගැන මම කියන්නම්. මම කරපු විදිය.
ආ ඊට කලින් CDS ගිණුම සහ තැරව්කාර ආයතන ගැන මට තේරෙන විදිය කියල ඉන්නම්. උදාහරනෙකට ඔයාට කෝල් එකක් ගන්න වෙනවා. එතකොට ඒකට අවශ්‍යයි ෆෝන් එකක් සහ සිම් එකක්. ලංකාවේ සිම් වර්ග කිහිපයක් ඉන්නවානේ ඔයාට කෝල් එකක් ගන්න සිම් දෙන්න බලාගෙන :) එතකොට මගේ කෝල් එකට තැරව්කාරය වෙලා ඉන්නේ එයාටෙල් ආයතනය. මම රිලෝඩ් එකක් දැම්මම එයාල මගේ ගිණුමට ඒක එවෙලේම දාල දෙනවා. මම ඒ මුදල ඉවර වෙනකන් පාවිච්චි කරනවා. ඒ වගේම තමා කොටස් වෙලදපලටත් ඉන්න තැරව්කාර ආයතන. ඒ විදියේ ආයතන හුගක් තියෙනවා. ඒ අතරින් හුගක් අන්තර්ජාල ගනුදෙනු ලබා දෙනවා. ඉතින් මම සම්පුර්ණයෙන්ම ගනුදෙනු කරන්නේ අන්තර්ජාලය හරහා. ඒ ගැනත් වැඩි විස්තර අන්තර්ජාලයේ ඇති පොස්ට් වලින්ම ඔයාල කියවලා ඇති. තැරව්කාර ආයතන ආදිය ගැන විස්තර CSE වෙබ් පිටුවෙන් බලන්න.
හොදයි දැන් මෙහෙම කියන්නම්, මගේ ගනුදෙනු සිදුවෙන්නේ TKS securities (pvt) ltd කියන ආයතනයෙන්. ඔබට වුවමනා නම් CDS ගිණුමක් විවෘර්ත කරගන්න මේ ලින්ක් එකේ dropbox එකෙන් බාගන්න ඇප්ලිකේෂන් සෙට් එක. බාගෙන ඩබල් සයිඩ් ප්‍රින්ට් කරලා තැපැල් කරන්න අදාළ නම් ඔය ෆයිල් එකේම තියෙනවා...
හුගක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සදහා ලොකු මුදලක් ආයෝජනය කල යුතුද කියන එක, මතක තියා ගන්න කොටස් වෙළදපලට මම පළමුව ආයෝජනය කරේ රුපියල් 3000යි, ඊට පස්සේ රුපියල් 1000, 1500, දාල මාසයක් විතර වෙනකොට 16000 ක් විතර දැම්ම. මොකද ඔබ මතක තබාගතයුතුයි මෙහි ආයෝජන කිරීමේදී ලාබයක් ලබන්න සමහරවිට ඔබට වසර ගණනක් ගත වෙන්න පුළුවන් නැතිනම් තත්පර ගණනක් ගත වෙන්නත් පුළුවන්. හැබැයි අපි හැමදාම දුර හිතන්න ඕන. ඔබට නැති උනා කියල පාඩුවක් නොවෙන මුදල් තිබේද? සල්ලි නැතිවුනොත් පාඩුවක් නැත්තේ කාටද :v එහෙම නෙමේ මම අදහස් කරපු දේ තේරෙන්න ඇතිනේ :) අන්න ඒ මුදල් ආයෝජනය කරන්න. ඔබ ආයෝජනය කරන්නේ දේශීය ව්‍යපාර වලටම නිසා ඔබේ මුදල් වලින් නැගී සිටින්නේද අපේ රටේ දියුණුවයි.. :)
පළමු ලිපියට මේ ඇතිනේ. ඊලග ලිපියෙන් අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන හැටි කියල දෙන්නම්. හැබැයි ඒක ලැබෙන ප්‍රතිචාර හැටියට තමා.. :) දෙවෙනි එක හෙට වෙන්නත් පුළුවන් ලබන මාසේ වෙන්නත් පුළුවන් නැත්නම් ලබන අවුරුද්දේ හෝ සදහටම නැති වෙන්නත් පුළුවන්.. :) මේක ලියන ගමන් හිතුන කොටස් වෙළදපලට ෆේස්බුක් ක්‍රියාකාරී සමුහයක් හදන්න. මොකද මමත් සමුහ කිහිපයකම ඉන්නවා හැබැයි ඒවා ක්‍රියාකාරී නැහැ. ඒ නිසා විනාඩියෙන් සමුහයක් හදල ලින්ක් එක දෙන්නම් එකතු වෙන්න ඉන්න.. හරි හැදුව.. මෙන්න මෙතනින් එන්න එතනට.. :)
Hoda wedak. Tama Mata terune neh. Oyage next lipiyath kiyawa lama balanawa. Thanks mehema harai lipiyak dnmata. Tawa parak kiyawannam. Thansk good luck and keep it up
ReplyDeleteඊයේ හැදුවත් අපේ ගෘප් එක දැන් ඇක්ටිව්.. එන්න ගෘප් එකට. කතා කරමු..
DeleteOk. Man rqwest karannam. Thanks Ikkmanata rep karata.
Deleteආයෝජනය කරන්නේ රට වෙනුවෙන්නේ.. ඒ නිසා අනිවාර්යෙන් උදව් කරනවා අපේ අයට..
DeleteGood site Good post Bro Keep it Up All the Best
ReplyDeleteThis is a good post bro....thanks you for your helps
ReplyDelete