Sunday, September 11, 2016

පනුවා

පනුවා
“මචං බෝංචි නොකා ඉන්න එක හොඳයි වගේ මට දැන් පනුවෙක් හැපුනා.” සුගත් තමුන් සමග එකට කෑම කාමරයේ සිට කෑම කමින් සිටි කාර්යාල සගයන් වන මහේෂ් හා චන්දන දෙදෙනාට පැවසීය.
“නෙදකින් අත අරින්න එපා බන්. ඔහොමම ඔය බත් එක ඔතාගෙන වරෙන් යන්න කලු අක්කාට හොඳවයින් දෙකක් කතා කරලා එන්න. චික් මට පනුවෙක් හැපුනා නම් මම දනී කරනදේ.”
“ඕක ඔතාගෙන එහෙ මෙහෙ යන්න වෙලා නෑ බන්. දැන් අර ෆයිල් ටිකත් අරගෙන අපි තුන් දෙනාම අර චෙක් ටික හෑන්ඩ් ඕවර් කරන්න යන්න ඕනි. තව පැය භාගයයි තියෙන්නේ.” තම බත් පතේ තිබුනු බෝංචි ටික අයින් කරමින් සුගත් පැවසීය. තවත් කැපී ගිය පනුවෙක් බෝංචි අතර තිබෙනු යාන්තමින් ඔහු දුටුවේය. “අනිත් එක බන් ඔහොම හිටියාට පනුවෝ හරි ගුනයි. පනුවන්ගේ විතරයි විටමින් ඉසෙඩ් තියෙන්නෙ. ”
“අනේ තොගෙ රෙද්ද. විටමින් ඉසෙඩ්. ඇයි අයින් කරන්නේ ඉතිරි ටිකත් කාපියකෝ. තොපි වගේ නපුංසකයෝ නිසා තමා මුන් අපේ ඔලුවට අත හෝදන්න එන්නෙ. අපි ගෙනිහින් අර කලු අක්කා කියන ගෑනිගේ ඔලුවට හලන්න ඕනෙ බත් එක. නැද්ද බන්.”
“හරි පස්සෙ වෙලාවක ඒ වැඩේ කරමු. ටක් ගාලා දැන් කාපන්. අපිට විනාඩි විස්සයි තියෙන්නේ. හරියට එකයි කාල වෙද්දි අපි මාරු වෙන්න ඕනෙ.”
“අර අමරෙට කියලා බත් ගෙන්න ගන්න එකේ කරුමෙ තමා බන් අපි මේ ගෙවන්නෙ. නැතිනම් අර යස අගේට නිව්සිටි හෝටලෙන් බත් ගේන්න පුලුවන් කම තියෙද්දි, මූ යනවා කලු අක්කගේ රෙද්ද අස්සෙ රිංගන්න. මුන්ට වෙලා තියෙන්නෙ ගෑනියෙක් පොඩ්ඩක් හිනාවෙලා දෙනවා නම් මුන් වහ උනත් අරන් යයි. නැතිනම් මොන රෙද්දකටද බන් අර නිව්සිටි හෝටලේ පහු කරන් ගිහින් කලු අක්කගේ ගුබ්බෑයම අස්සෙ රිංගන්නෙ බත් ගේන්න.”
“වෙන පියන් එකෙක් යැව්වත් එකයි බන්. උන් ගිහින් මොන ජරාව කෑව්ත කමක් නැහැ. අපිටත් කවන්න එනවනේ මේ බැල්ලිගේ පුතාලා. ”
“මචන් උඹලා ඉක්මනට කාපන්. මම කාලා ඉවරයි. උඹලට වැඩේට යන්න මොනා හරි ගේන්න තියෙනවාද බ්‍රාන්ච් එකෙන්.”
“නෑ. චෙක් ටිකයි ෆයිල් එකයි අරන් වරෙන්. මෙහෙමම යමු.”
සුදත් කඩිනමින් තම ගිණුම් ශාඛාව වෙත යනු පෙනුනි. චන්දන සහ මහේෂ් තමුන්ගේ කතාව දිගටම කරගෙන යන ගමන් කෑම කන්නට පටන් ගති.
“උඹ දන්නවාද චන්දන මල්ලි, උඹ තාම මෙහෙ වැඩට ඇවිත් අවුරුද්දයිනේ. මම දැන් අවුරුදු අටක් වෙනවා මේ ඔෆිස් එකේ. මේ ඔෆිස් එක මුලින් පටන් ගද්දි මේ හරියේ කඩ එහෙම තිබ්බේ එකයි දෙකයි. ඔය කලු ගෑනිට තිබුනේ යන්තම් භාගෙට හදපු ගෙයක්. බයිසිකල් කබලක් වත් ඕකිට තිබ්බේ නැහැ. පස්සේ ඕකි කෝම හරි අර පියදාස පියන් කාරයයි, අනිල් කියලා කලින් පියන් කෙනෙක් හිටියා ඌවයි අල්ල ගෙන හෙමීට බත් බිස්නස් එකට සෙට් උනා. පස්සෙ අපේ අනිත් පියන් සෙට් එකත් ඔතනටම සෙට් උනා. දැන් මොකා කෑම එකක් ගේන්න කිව්වත් මේ යක්කු යන්නේ ඔතනට විතරයි. ”
“කලු උනාට ඒකි පට්ට කඳනේ නැද්ද බන්.”
“අන්න මල්ලිට තේරුනා කතන්දරේ. මුන් සෙට් එකම දොලහ වෙනකොට ඔතන. පස්සෙ ඉතින් අරකි පස්ස නටෝ නටෝ තන් දෙක හොල්ල හොල්ල බත් ටික බෙදලා දෙනකම් මුන් සෙම පෙරාගෙන ඔතන. අර මිනිහත් ඕක නොදන්නවා නෙමෙයි. ඌටත් බිස්නස් එක නැගලා යනවනම් වෙන මොනාද?”
“ඒක තමා බන්. දැන් බලපන්කෝ මුන්ගේ ගේ ඔක්කොම ටයිල් කරලා. පුටු සැටි ගෙනත් දාලා. ඒ මදිවට මුන් දැන් වෑන් එකකුත් අරගෙන.”
“අම්මපා, මම උන්ගෙ ඉලව් බත් අරන් කාලා තියෙන තරමට ඔය වෑන් කබල අරන් දීලා තියෙන්නෙ මම. හරිනම් උන් වෑන් එක එලෝනකොට මට පින් දෙන්න ඕනෙ.”
“මේ බැල්ලිගෙ පුතාලට පින් සිද්ද වෙන්න මාත් කන්නෙ ඔතනින්නේ බන්. මටත් වෑන් එක නැතත් ඕකෙ රෝදෙක හරි අයිතිය තියෙනවා.”
“අර අමරයාව අහු උනාම මට මතක් කරපන් අර ගෑනිගෙන් බත් ගේන්නෙ නැතුව නිව්සිටි හෝටලෙන් බත් ගේන්න කියලා මතක් කරන්න.”
“අන්න අර යකා එනවා ෆයිල් එකත් අරගෙන, අපි ටක් ගාලා කමු.”
“උඹලා තාම කනවද බන්. තව විනාඩි පහයි තියෙන්නෙ. වාහනේ දැන් එයි.”
“හරි හරි යකෝ විනාඩි පහට මේ වගේ හුන්ඩු දහයක් කන්න බැරියෑ.”
තම සගයන් කන අතර සුගත් තම ලිපි ගොනුව පරික්ෂා කරන්නට විය.
“හරි කාලා ඉවරයි පොඩ්ඩක් හිටපන්, අත හෝදගෙන එනකම්.”
තම මිතුරන් අවසන් කල බත් මුල් දෙස විමතියෙන් බැලූ සුගත් “මචන් උඹලා බෝංචි ටික කෑවද? බෝංචි වල පනුවොනේ බන්. මට මගදි අමරෙව මුන ගැහුනා. ඌ කිව්වා උගේ බත් එකෙත් පනුවෝ හිටිය නිසා බෝංචි අයින් කරලයි කෑවෙ කියලා.”
“මුගේ අම්මට, අහු වෙයන්කෝ ඕකව මට. මේ නොසන්ඩාලයෝ කලු ගෑනිගේ ගුබ්බෑයමට රිංගනවා මදිවට අපිටත් ජරාව කවනවා. අච්චර හොඳ හෝටලයක් තියෙද්දි.”
“නෑ බන් අමරෙ කිව්වා අද කලු අක්කාගේ ගමේ මල ගෙයක් වෙලා නිසා, නිව්සිටි හෝටලෙන් බත් ගෙනාවෙ කියල. ඌ ගිහින් හෝටල් මුදලාලිට හොඳ දෙකක් කතා කලා කිව්වා.”
“ඒකයි බන් එහෙනම් කේස් එක. ඒත් මං බැලුවා මොකෝ අද කෑම එක වෙනදා වගේ රහ නැත්තේ කියලා. වරෙන් වරෙන් යන්න වෙලාවත් එක වෙලා. හොඳ සුගත් මල්ලි වගේ අපි ටක් ගාලා අත හෝදන් එනකම් පොඩ්ඩක් වාහනේ නවත්ත ගනින්.” 
කතාව  -Asiri Epasinghe-

No comments:

Post a Comment