Showing posts with label Ravisha Thilakawardana. Show all posts
Showing posts with label Ravisha Thilakawardana. Show all posts

Thursday, February 4, 2016

වෙන්නේ මොනාද

ජාතික ගීය දෙමළෙන් ගැයීම හොඳ දෙයක්ද නරක දෙයක්දැයි විශ්ලේෂණාත්මකව තේරුම් ගැනීමට තරම් මගේ බුද්ධි මට්ටම මුහුකුරා ගොස් නැත. එහෙත් මගේ පුංචි මොළයට තේරෙන එක දෙයක් ඇත.
ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ප්‍රතිපාදන සකස් කරන බවට ජනවාරි 8 සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙලේ වත් අගෝස්තුවේ ආ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශයේවත් තිබූ බවක් මතක නැත.
ඒ කිසිවක ලියා නොතිබූ මෙම ජාතික ගීයේ කාරණය හරියට නිකං මේ රට මහා අඳුරු භයානක පිටසක්වල ආක්‍රමණයකිං බේරා ගන්නට නං කරන්නට තියෙන එකම දේ වගේ හිතා ප්‍රමුඛතාවය දෙනවා වුණත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ වල ලියා තිබූ එදා වැදගත් ලෙස පෙන්නූ බොහෝ දේවල් කරන්නට තියා හිතන්නටවත් පටං ගන්නා පාටක් පේන්න නැත

ලිපිය Ravisha Thilakawardana

විරුවෙක් සහ ...........

මේ කියන්න යන්නේ තවත් වීරයන් දෙදෙනෙක් ගැන කතා පුවතකි. සහෝදර සෙබළුන්ගේ මොරාල් එක රැක ගැනීමට නොබියව සටන් බිමට ගිය අපේ යුගයේ රණකාමී විරුවන් දෙදෙනෙකු ගැන අපූරු කතා පුවතකි
ඇසට ඇස ඉල්ලන ලෙයට ලෙය ඉල්ලන රුදුරු යුධ බිමක රණකාමී මානසිකත්වය පහත නොවැටී රැක ගැනීම ඉතා අපහසු කටයුත්තකි. තව මොහොතකින් කොහේ හෝ සිට පතිත වන උණ්ඩයක් හිස මතට පතිත විය හැකි නම් මෝටාර් කාළතුවක්කු මල්ටිබැරල් පහරකට හසු විය හැකි නම් රණකාමීත්වය, වීරත්වය පරයා භීතිය අසරණ බව මතු විය හැක. එය සංග්‍රාම භූමියට නුසුදුසු හැඟීමකි. මෙවැනි අසීරු මොහොතක සෙබලෙකු ලෙස ඔබ හා සමග සංග්‍රාම භූමියේ උරෙනුර ගැටී සටන් කරනුයේ ඔබේ අණදෙන නිලධාරියා නම් ඔබේ නායකයාගේ පුත්‍රයා නම් ඔබට ලැබෙන ජවය ඉතා අපූරු එකක් වනු ඇත. මේ කියන්න යන්නේ එබඳු බිහිසුණු මොහොතක තම සගයන් වෙනුවෙන් දිරි දුන් අපූරු විරුවන් දෙදෙනෙක් ගැන පුවතකි
පළමු රූපයෙන් දැක්වෙන්නේ ජෙනරල් හැමිල්ටන් වනසිංහ නම් හමුදාපතිවරයාගේ බෑණනුවන් වූ බ්‍රිගේඩියර් භාතිය ජයතිලක විරුවාණන්ය. අලිමංකඩ කඳවුර ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙද්දී කඳවුර අත්හැර පලා එන්නට කොළඹින් අණ ලැබෙද්දීත් කඳවුරට වතුර දුන් ළිං ත්‍රස්තයන් සතු වෙද්දී තම අත රැඳි බෝතලයේ වතුරත් සහෘද සෙබළුන් හට ලබා දී ආයුධ ත්‍රස්තයන් අතට පත් නොවී විනාස කරන තුරු රැඳී හිඳ රණබිම මතම ජීවිතය පූජා කල අපේ කාලයේ විරුවා ඔහුය. බොන්න දිය බිඳක් නැතිව මරුවා පෙනි පෙනී සටන් කරද්දී පවා තම බ්‍රිගේඩියර් වරයා ජෙනරාල් වරයාගේ පුත්‍රයා සටන් බිම රැඳී හිඳීම සෙබළුන්ගේ චිත්ත ධෛර්‍යයට අපූරු උත්තේජකයක් වූවට සැකයක් නැත
දෙවැනි පින්තූරයෙන් දැක්වෙන්නේ එවකට සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා යෝෂිත රාජපක්ෂය. ඔහුද බ්‍රිගේඩියර් භාතියට නොදෙවෙනි රණවිරුවෙකි. නාවික හමුදා නිලධාරියෙකු වීමට අවශ්‍ය අවම සුදුසු කම වූ උසස් පෙළ පවා අසමත් වූවත් රණබිම වෙනුවෙන් කැකෑරෙන රුධිරය නිසා සහෘද සෙබළුන්ගේ චිත්ත ධෛර්‍‍යය වර්ධනය කිරීමට බලහත්කාරයෙන් හෝ හමුදාවට බැඳුනු යුගයේ අපූරු විරුවෙකි. හමුදාවට බැඳී දවස් විස්සකින් අනතුරුව සාම්ප්‍රදායිකව මාස නමයක පුහුණුවකින් පසු දක්ෂතම කැඩෙට් නිලධාරියාට ලැබෙන පුහුණුව වූ ඩාට්මත් රෝයල් නේවල් ඇකඩමියේ පුහුණුවට ඇතුල් වූ යුගයේ අපූරු විරුවා ඔහුය. දින 20ක දේශීය පුහුණුවකින් පසු මාස 20ක් පුරා රුපියල් මිලියන ගණන් වැය කරමින් විදේශීය පුහුණුව ලැබූ මුත් කිසි දිනෙක සටන් බිමක තබා ආචාර වෙඩිමුරයකට මිසක උණ්ඩයක් පත්තු වෙන තැනක නොසිටි මේ යුගයේ අපූරු විරුවා දුප්පත් දෙමවුපියන්ගේ දරුවන් නන්දිකඩාල් වල සාම්පූර් වල කන්න බොන්න නැතුව මරුවා උදාවෙන මොහොත දෙස කොයිබදැයි සිතමින් සටන් කල සෙබළුන්ට මහත් චිත්ත ධෛර්‍යයක් වූ බව නම් නිසැකය

ලිපිය Ravisha Thilakawardana


Saturday, January 30, 2016

පරණ කතා අලුත් වෙන හැටි

ඔය පරණ බණ කතාවක් තියෙනවා. ඒකෙ හැටියට ඒ කාලෙ ඉන්න මිනීමරු දුෂ්ඨ නපුරු හොර දෙටුවෙක්ව රාජපුරුෂයො අල්ලලා හිර ගෙට දානවා. ඉතිං මෙයාව බලන්න එයාගෙ අම්මා යනවා බත් මුලක් එහෙම බැඳ ගෙන. ඒ වෙලාවෙ මේ හොරා තමුං ගෙ අම්මට රහසක් කියන්න තියෙනවා කියල ළඟට කතා කරනවා. කතා කරලා අම්මා ලඟට ආවාම වෙන්වෙලා යන්නම එයාගෙ කනෙං හපනවා
පස්සෙ රාජපුරුෂයො මේ හොරාගෙං ඇහුවාම ඇයි එහෙම කලේ කියලා එයා කියනවා මම මුල්ම දවස් වල හොරකං කරන කොට දුෂණ කරන කොට මිනිස්සුන්ට ගහන කොට මරණ කොට මගේ අම්මා මට අනුබල දුන්නා මිසක් මට ඒවායේ ආදීනව කියා දීලා මාව ඒ වගේ වැඩ වලිං නවත්තන්න උත්සාහ කලේ නෑ. එදා අම්මා එහෙම කියා දුන්නා නං අද මට මේ හිර කූඩුවෙ ලගින්න වෙන්නෙ නෑ. අන්න ඒ නිසයි මම අම්මගේ කණ හැපුවේ කියලා
ශිරන්ති මැඩම් එහෙම ඒ පැත්තෙ බලන්න යන්න හිතා ගෙන ඉන්නවද දන්නෙ නෑ නේහ්

ලිපිය
Ravisha Thilakawardana

Friday, January 29, 2016

අපේ නිදහස

මානව නිදහස අගයන ලෝකයේ බොහෝ රටවල පොදු ප්‍රවාහණ සේවා තුළ ගීත හෝ වෙනත් ශබ්ධ විකාශනයන් කියාත්මක කිරීම නීතියෙන් තහනම්ය. ඒකට හේතුව එවැනි වාදනයන්ට අකමැති අයට එමගින් සිදු වන හිරිහැරයයි. මේ මගින් ලංකාවේ මිනිසුන් සැළකිය යුතු ගණනක් බස් හිමියන් විසින් දිනපතාම අතවරයට ලක් කෙරුණද ගැමුණු විජේරත්න නම් පුත්තලම් බූරුවා ඒවා ගැන කතා කල බවක් අප අසා නැත
කොල්ලුපිටියෙන් පටං ගන්නා 175 ප්‍රයිවට් බස් එකක් අයිඩීඑච් හන්දියට ලඟා වෙන්න බොහෝ විට විනාඩි 70-75ක පමණ කාලයක් වැය කරයි. අත්දැකීමෙං දන්නා පරිදි කඩල ගොට්ටක් කකා මේ දුර පයිං ගෙවා යන්නෙ නම් ගත වන්නේද විනාඩි 90කට මදක් එහා මෙහා වුණ කාලයකි. බස් එකට ගත වෙන විනාඩි 70ට රාජගිරිය බොරැල්ල හන්දි වල නවත්තා ගෙන ඉන්නා විනාඩි 20- 25 ද ඇතුලත්ය. මේක 175ට පමණක් නොව තවත් බොහෝ බස් මාර්ග වලට අදාළ ප්‍රශ්නයකි. ඒත් ගැමුණු විජේරත්න නම් අළුගුත්තේරු නස්කූනියා මේ ගැන මොකවත් කියනවා අප අසා නැත
මරන්න ගෙනියන හරක්ට කුකුලන්ටත් ලොරියක ගෙනියන්න පුළුවං උපරිම ගණනක් තිබුනද ප්‍රයිවට් බස් වලට මිනිස්සු පටවන්න එහෙම අගයක් නැත. 42 දෙනෙකුට ආසන තිබෙන බස් වල මිනිසුන් 140ක් පටවා ගෙන යන අවස්ථා ඕනෑ තරම් තිබේ. ටිකට් දෙන්නෙ නැති කේස් මාරු සල්ලි නොදෙන කේස් ගැන නං කතා කරලාම වැඩක් නැත. හැබැයි ගමුණු විජේරත්න අසමජ්ජාති තක්කඩියා මේවා මොකවත් ගැන කතා කරනවා අප අසා නැත
කොටිංම කියනවා නං අවම බස් ගාස්තුව අච්චරක් දක්වා වැඩි කලේ නැත්තං අහවල් දවසේ ස්ට්‍රයික් කරනවා කියන එක ඇරෙන්න වෙන මොකක් වත් බස් ගැමුණුවාගේ කටිං කතා කරනවා අප අසා නැත. ඒත් මේකා අර ප්‍රශ්න ඔක්කොම තියෙද්දී දැං කතා කරන්නේ බස් වල අලවා ඇති "සිංහලේ" ස්ටිකර් ගලවන එක ගැනය
"සිංහලේ" ස්ටිකර් එක ගොංපාට් එකක්ද නැද්ද කියන එක වෙනම කතාවකි. ඒත් මේ රටේ ඕනෑම මිනිහෙකුට තමුංගේ වාහනේ තමුන්ට ඕනෑ විදියට ස්ටිකර් අලවාගන්න ගොං ගැමුණුවාගෙං අවසර ගන්න වෙන එක ඊට වඩා අන්ත ගොංපාර්ට් එකකි.
අරුන්දෑ ඇට කටු ටික තලාපු වෙලාවෙ වත් බැරි වුණා නෙ මුගේ දත් දෙක තුනක් ගලවල දාන්න

ලිපිය  Ravisha Thilakawardana
unsure emoticon