Saturday, January 30, 2016

පරණ කතා අලුත් වෙන හැටි

ඔය පරණ බණ කතාවක් තියෙනවා. ඒකෙ හැටියට ඒ කාලෙ ඉන්න මිනීමරු දුෂ්ඨ නපුරු හොර දෙටුවෙක්ව රාජපුරුෂයො අල්ලලා හිර ගෙට දානවා. ඉතිං මෙයාව බලන්න එයාගෙ අම්මා යනවා බත් මුලක් එහෙම බැඳ ගෙන. ඒ වෙලාවෙ මේ හොරා තමුං ගෙ අම්මට රහසක් කියන්න තියෙනවා කියල ළඟට කතා කරනවා. කතා කරලා අම්මා ලඟට ආවාම වෙන්වෙලා යන්නම එයාගෙ කනෙං හපනවා
පස්සෙ රාජපුරුෂයො මේ හොරාගෙං ඇහුවාම ඇයි එහෙම කලේ කියලා එයා කියනවා මම මුල්ම දවස් වල හොරකං කරන කොට දුෂණ කරන කොට මිනිස්සුන්ට ගහන කොට මරණ කොට මගේ අම්මා මට අනුබල දුන්නා මිසක් මට ඒවායේ ආදීනව කියා දීලා මාව ඒ වගේ වැඩ වලිං නවත්තන්න උත්සාහ කලේ නෑ. එදා අම්මා එහෙම කියා දුන්නා නං අද මට මේ හිර කූඩුවෙ ලගින්න වෙන්නෙ නෑ. අන්න ඒ නිසයි මම අම්මගේ කණ හැපුවේ කියලා
ශිරන්ති මැඩම් එහෙම ඒ පැත්තෙ බලන්න යන්න හිතා ගෙන ඉන්නවද දන්නෙ නෑ නේහ්

ලිපිය
Ravisha Thilakawardana

No comments:

Post a Comment