Showing posts with label Prabhath Withanage. Show all posts
Showing posts with label Prabhath Withanage. Show all posts

Tuesday, February 2, 2016

ජාතික කොඩියට තීරු අවශ්‍යද ?

ජාතික කොඩියේ පාට තීරු නැතුව සිංහයා පමණක් සිටීම ප්‍රමාණවත්..
දෙමළුනේ,හම්බයිනේ නුඹලා වෙනමම පාට තීරු වලින් නියෝජනය විය යුතු නැත.සිංහ සංකේතයට බෞදධයින් තරම්මම අයිතියක් (මේ රටේ පුරවැසියන් බව පිළිගන්නවානම්) නුඹලාටත් ඇත.සිංහල-බෞද්ධ,සිංහල-දෙමළ,සිංහල-මුස්ලිම්,සිංහල-කතෝලික ලෙස නව සිවු හෙළයක් සැදීමට කාලය එලඹ ඇත.
පාට තීරු වලින් තවදුරටත් එකිනෙකා කොටවන්නන්ට එරෙහිවන්න..ආගම කුමක් වුවත් ජාතිය එකමය..

අදහස 
Prabhath Withanage

Sunday, January 31, 2016

වචන...


අප සියළු දේ සන්නිවේදනය කරන්නේ වචන හරහාය.නමුත් වචනයක අරුත හෝ නිරුක්තිය සාපේක්ෂය.සාපේක්ෂතාව රැඳෙන්නේ පුද්ගලයකුගේ දැනුම,බුද්ධිය හා අත්දැකීම මතය.
උදාහරණ-
වෘත්තය හෝ සරල රේඛාව-ගණිතඥයකුට මේ වචනයේ ඇහෙද්දී මැවෙන චිත්ත රූපය සමීකරණයක් විය හැක.
නමුත් මෙය චිත්‍ර ශිල්පියෙකු චිත්ත රූපය ලෙස හැඩය මවා ගත හැකිය.
එක වචනයකි නිරුක්තිවල හැඩයවත් සමාන නැත...
සාහිත්‍යමය නිර්මාණ බිහිවන්නේ වචන සිය දහස් ගණනකිනි.එවිට මේ දෙය වඩා සන්කීර්ණ වේ.සරලව එදිනෙදා යෙදෙන වචන වල නිරුක්ති ගණන වැඩිය.සංකීර්ණ නිරුක්ති අඩු වචන වලින් එය කියවීමට නීරස විය හැක.
අප බොහෝදුරට කියවන්නේ කෙනෙක් ලියන දෙයක් නොව අපගේ අනුවර්තනයකට ලක්කරගත් අපේම දෙයකි.
වචන වල තේරුම් යොදාගන්න අවස්ථාව අනුවත් වෙනස් වෙනවා.ඒකෙ තේරුම් දෘෂ්ඨිගතකිරීම අනුවත් වෙනස් වෙනවා...
උදා-සබ්බ දානං ධම්ම දානං ජිනාති
මෙහි සාමාන්‍ය පරිවර්තනය සියළු දානයන්ගෙන් ධර්ම දානය උතුම් වේ යන්නයි....එහෙත් අප මෙතැනට දානය-අතහැරීම කියල ගත්තොත්.....
ධර්මය අතැරීම සියළු අතැරීම් වලට වඩා උතුම් වේ.... අවුල් වගේ නේද??ඒත් ඒක මෙහම ගත්තොත්...
ධර්ම කියන එක ශ්‍රවණය,ගන්ධය,රූප වගේ ධර්මයන්(ස්වභාවයන්) අතෑරලා දාන එක උතුම් කිව්වොත්!!
ඉන්ග්‍රීසියෙන් උදාහරණයක් ගන්නම්.
nothing is perfect
මේකේ සාමන්‍ය තේරුම කිසිදෙයක් පරිපූර්ණ නෑ වගේ දෙයක්.. Nothing කියන වචන වෙනුවට මම ශුන්‍යතාවය කියන වචනේ ආදේශ කරන්නම්.එතකොට ඒකට මම දෙන තේරුම ශුන්‍යතාවය පරිපූර්ණ වේ කියන එක එක..
ශුන්‍යතාවය කියන්නේ ඉතා දිගු ඉතිහාසයක් තියන මාධ්‍යමික දර්ශනය යටතේ දියුණු වූ සංකල්පයක්.ඒ වගේම අවබෝධත්වයකට පත්වූ පුද්ගලයකුගේ මනස ශුන්‍යයි කියල සැලකෙන්නේ.(කිසිම දෙකින් කම්පාවක්/සතුටක්/දුකක් දැනෙන්නේ නෑ) ඒ තත්වය පරිපූර්ණයි කිව්වොත් ඒකට අර්ථයක් ලැබෙනවා.හැබැයි සාමාන්‍ය මතේට වඩා සෑහෙන්න වෙනස්.

ලිපිය 
Prabhath Withanage 

Friday, January 29, 2016

ඉතිහාසය ගැන ඕල්ටනේටිව් කියවීමක්...


(ඉපැරණි අනුරාධපුර නගරය අසල පුරා විද්‍යා කැණීමකදී කළයක තිබී මෙම තල්පත හමුවී ඇත.එම තල්පත ''චිත්ත දැහැමිදැස් කෙළඹි පුත්‍ර වෙත'' ලෙස සඳහන්ව මුද්‍රා තබා තිබුණි.නව කාලයට අනුව මෙහි භාෂාව සකස්කළවිට සඳහන්ව තිබුණේ මෙසේය..)
මා හිතවත් චින්තන ධර්මදාස හිතවත.
මා මෙය ලියන්නේ මාගේ රාජකීය දෛවඥයින්ට අනුව මාගේ චිත්තය සහස්‍ර ගණනාවකට වුවද පසු හඳුනාගන්නේ ඔබ පමණක්ම බව දැනගත් පසුවයි.එළෑර හා යුද්ධ කිරීමට සිදුවූ ප්‍රධාන කාරණාව ඔබගේ කාලය වන විට කිසිවකු නිසි අයුරින් දැන නොගෙන සිටිනු ඇති බව මම දනිමි.
එළාර රාජ්‍ය කරන සමයේ හෙතෙම කේරළය හා සම්බන්ධතා පැවැත්වීමට කටයුතු යුදුණහ.අපගේ දකුණින් යන වෙළෙන්දන් හට සම්බාධක පනවා පසුව කිසිවකුට ඉසිළිය නොහැකි දරුණු පියවරක් ගත්හ.හාල්,එළවලු,ඇඟලුම් වලට සම්බාධක පැනවූවා නම් ඉවසීමට තිබුණි.නමුත් මොහු අප රටේ වැවෙන ත්‍රෛලෝක විජය කොළ වෙනුවට කේරළයෙන් එය අපනයනය කිරීමට කටයුතු කර තිබුණි.
මේ නිසා ඔහුගේ රාජ සභාවේ සිටි බොහෝ සිංහලයින් නොසන්සුන් වී මාගේ චරපුරුෂයින් වී ද්විත්ව නියෝජිතයින් කරගැනීම එතරම් අපහසු නොවුණි.කේරළයෙන් අඩමස්සකට (අද කාලේ රු. 2.50ට විතර..)විකිණිය හැකි වූ නිසා මුළු ලංකාද්වීපයේ වටිනා සළකුණක් වූ ත්‍රෛලෝකවිජය නැත්තටම නැතිවී යාමේ අවදානමට නිසා මට ඔහු හා යුධ වැදීමට සිදුව තිබුණි.මෙය ලියන්නේද එළාරගේ පෞද්ගලික මඩිස්සිලයක සඟවා තිබූ කේ. ත්‍රෛ. ධූමය ආශ්වාසයෙන් බවත් දත යුතුය.මෙය මළ ජරාවකි එබැවින් තොපලාගේම අනාගතය වෙනුවෙන් අපගේ උරුමය රැකගැනීමට මට වෙන කළ යුතු දෙයක් තිබුණේ නැත...
දැන්වත් කේ. ත්‍රෛ. භාවිතය නැවැත්වීමට මම මෙයින් උපදෙස් දෙමි.නැත්තන් හෙළ-විකල්ප ප්‍රාඥයින්ට පවා රෙද්ද නැතිවන ආකාරයේ සංවාද විසංවාද තොප කිරීම ඉතාමත් නොහොබි.මදුරුනාශක මැහිතෙල් දමන ඔය මළ ජරාව නවත්වා ගණන් වැඩි වුණත්,සොයාගැනීමට අපහසු වුවත් ලෝකල් (මෙම වචන සාමාන්‍ය ව්‍යවහාරය අනුව වෙනස් කර ඇත..) පමණක්ම භාවිතා කරන්නේනම් මැනැවැ..
එමෙන්ම මේ ලියමන දුටු පසු තොප මා වර්ණනා කරන වගද දනිමි..
මෙයට ඔබගේ නිගා දු. ගැමු(අවසන් අකුර කාලය හා හඳුනාගත නොහැකි වන සේ දුර්වර්ණව තිබුණි..)

ලිපිය
Prabhath Withanage

Thursday, January 28, 2016

අවලෝකිතේශ්වර බෝසතුන්

ඔබ ලාංකේය පුරාවිද්‍යාත්මක අන්ගිතම නිර්මාණයක් වන මෙම පිළිමය දැක ඇති නොඅනුමානයි...මේ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලංකීය පිළිමයක්..
මහායාන සම්ප්‍රදායට අයත් ප්‍රධාන බෝසතුන්ගෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයින්ට හිමි වන්නේ අද්වතීය ස්ථානයක්.උන් වහන්සේ නිරූපණය කරන්නේ අනන්ත කරුණාව ;එහෙමත් නැත්තන් කරුණාවට ප්‍රධාන බෝධිසත්වයින්.උන් වහන්සේ ගැන ප්‍රධාන මහායාන සූත්‍ර වල සඳහන්.
උන් වහන්සේ වාසය කරන්නේ (සුඛාවතී සුත්‍රයට අනුව) බටහිර දිසාවට කෝටි න්‍යුත සංඛ්‍යාවක් ලෝක ක්ෂේත්‍ර පසු කළවිට හමුවන සුඛාවතී නම් අමිතාභය බුදුන්ගේ බුද්ධ ක්ෂේත්‍රයේ.එම ලෝකයේ අනික් බෝසතුන්ට උපදේශකයෙක් ලෙස ක්‍රියා කරනවා.එමෙන්ම උන් වහන්සේ ලොව ඇති සෑම ශබ්දයකටම ඇහුකම් දෙමින් සිටින බව සඳහන්.මේ කරුණ නිසා උන්වහන්සේහේ අනුග්‍රහය ලැබීමට අවලෝකිතේශ්වර නාමය මැතිරීම පමණක් ප්‍රමාණවත් විදිහට සැලකෙනවා.
එමෙන්ම උන්වහන්සේගේ තවත් විශේෂත්වයක් වන්නේ උන්වහන්සේට ඕනෑම ආත්මභාවයක්(ස්වරූපයක්) මවාගතහැකි වීම.පුද්ගලයින්ට පිහිට වීමට හෝ සත්‍යාවබෝධ කිරීමට උන් වහන්සේ ඒ ස්වරූප මවාගැනීම ප්‍රයෝජනයට ගන්නවා..ඒ කියන්නේ විවිධාකාර පුද්ගලයින් විවිධාකාර පුද්ගලයින්ව පිළිගන්නේ.උන්වහන්සේට මාර්ගය පෙන්විය යුතු පුද්ගලයාට පෙනී ඉන්නේ ඔහුට ගෝචර වන ස්වරූපයකින්.මේ නිසා උන්වහන්සේට ඔනෑම දොරටුවකින් ඇතුළු විය හැකි තැනැත්තා විදිහටත් සැලකෙනවා.
මෙතුමන් බෞද්ධ මහායාන සම්ප්‍රදාය තරමක් හෝ ඇති ඕනෑම රටක ඉමහත් ගෞරවාදරයට පාත්‍ර බෝසත් කෙනෙක්.චීනයේ කුවායිං යින් හෙවත් කාරුණික තාරා ලෙස මුන් වහන්සේ ස්ත්‍රී ආත්මභවයක පහළවීමක් ඔවුන් විශ්වාස කරනවා.ටිබෙට්වල ධර්ම ග්‍රන්ථයක් තියනවා කුරුල්ලන්ගේ ධර්ම දේශනා කියලා.ඒකෙදි එතුමා කොහෙකුගේ වේශයක් මවාගෙන තිබ්බතයේ කුරුල්ලන්ටධර්මය දේශනා කිරීමට නික්මෙනවා.පුරාණ ලංකාවේ අභයගිරි වාසී වෛතුල්‍යවාදී හාමුදුරුවරුන් රාජානුග්‍රහය ලබන විට ලංකාවේත් ඉමහත් සම්භාවනාවට පත්වුනු බෝසත් තුමෙක්.සෑහෙන ගණනක් වුණු අපේ කලාකෘති හමුවී තිබෙනවා මෙතුමන් ඉන්න.අවලෝකිතේශ්වර වන්දනාව පසු කාලයක නාථ දෙවි වන්දනාව ලෙස පරිණාමය වූ බවකුයි ඉතිහාසඥයෝ සඳහන් කරන්නේ

ලිපිය 

Prabhath Withanage

.