Sunday, January 31, 2016

වචන...


අප සියළු දේ සන්නිවේදනය කරන්නේ වචන හරහාය.නමුත් වචනයක අරුත හෝ නිරුක්තිය සාපේක්ෂය.සාපේක්ෂතාව රැඳෙන්නේ පුද්ගලයකුගේ දැනුම,බුද්ධිය හා අත්දැකීම මතය.
උදාහරණ-
වෘත්තය හෝ සරල රේඛාව-ගණිතඥයකුට මේ වචනයේ ඇහෙද්දී මැවෙන චිත්ත රූපය සමීකරණයක් විය හැක.
නමුත් මෙය චිත්‍ර ශිල්පියෙකු චිත්ත රූපය ලෙස හැඩය මවා ගත හැකිය.
එක වචනයකි නිරුක්තිවල හැඩයවත් සමාන නැත...
සාහිත්‍යමය නිර්මාණ බිහිවන්නේ වචන සිය දහස් ගණනකිනි.එවිට මේ දෙය වඩා සන්කීර්ණ වේ.සරලව එදිනෙදා යෙදෙන වචන වල නිරුක්ති ගණන වැඩිය.සංකීර්ණ නිරුක්ති අඩු වචන වලින් එය කියවීමට නීරස විය හැක.
අප බොහෝදුරට කියවන්නේ කෙනෙක් ලියන දෙයක් නොව අපගේ අනුවර්තනයකට ලක්කරගත් අපේම දෙයකි.
වචන වල තේරුම් යොදාගන්න අවස්ථාව අනුවත් වෙනස් වෙනවා.ඒකෙ තේරුම් දෘෂ්ඨිගතකිරීම අනුවත් වෙනස් වෙනවා...
උදා-සබ්බ දානං ධම්ම දානං ජිනාති
මෙහි සාමාන්‍ය පරිවර්තනය සියළු දානයන්ගෙන් ධර්ම දානය උතුම් වේ යන්නයි....එහෙත් අප මෙතැනට දානය-අතහැරීම කියල ගත්තොත්.....
ධර්මය අතැරීම සියළු අතැරීම් වලට වඩා උතුම් වේ.... අවුල් වගේ නේද??ඒත් ඒක මෙහම ගත්තොත්...
ධර්ම කියන එක ශ්‍රවණය,ගන්ධය,රූප වගේ ධර්මයන්(ස්වභාවයන්) අතෑරලා දාන එක උතුම් කිව්වොත්!!
ඉන්ග්‍රීසියෙන් උදාහරණයක් ගන්නම්.
nothing is perfect
මේකේ සාමන්‍ය තේරුම කිසිදෙයක් පරිපූර්ණ නෑ වගේ දෙයක්.. Nothing කියන වචන වෙනුවට මම ශුන්‍යතාවය කියන වචනේ ආදේශ කරන්නම්.එතකොට ඒකට මම දෙන තේරුම ශුන්‍යතාවය පරිපූර්ණ වේ කියන එක එක..
ශුන්‍යතාවය කියන්නේ ඉතා දිගු ඉතිහාසයක් තියන මාධ්‍යමික දර්ශනය යටතේ දියුණු වූ සංකල්පයක්.ඒ වගේම අවබෝධත්වයකට පත්වූ පුද්ගලයකුගේ මනස ශුන්‍යයි කියල සැලකෙන්නේ.(කිසිම දෙකින් කම්පාවක්/සතුටක්/දුකක් දැනෙන්නේ නෑ) ඒ තත්වය පරිපූර්ණයි කිව්වොත් ඒකට අර්ථයක් ලැබෙනවා.හැබැයි සාමාන්‍ය මතේට වඩා සෑහෙන්න වෙනස්.

ලිපිය 
Prabhath Withanage 

No comments:

Post a Comment