Friday, September 9, 2016

.........................කර්මය...........................


"අයියේ මට මේ එෆෙයාර් එක ගැන තීරණයක් ගන්න වෙනවා.බලන්න මම දැන් කැම්පෆ් සිලෙක්ට් වෙලා ඉන්නේ.ඒත් ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් වෙලත් තාම ගෙදර.මේ ඉංගීලිශ් කෝස් එක කරනවා විතරයි.තාම අනාගතේ ගැන හරි ප්ලෑන් එකක් ඔයාට තියනවා කියලා මට පෙන්නේ නෑ.ඉතින් කොහොමද මම ඔයත් එක්ක අනාගතයක් ගැන හිතන්නේ අයියේ?"
"ඒත් නංගී දැන් මේ කෝස් එක ඉවර වුනු ගමන් මගේ HRM ඩිග්‍රී එක පටන් ගන්නවා.ඒකේ ඩිප්ලෝමා එක ඉවර වෙනකොට මට කම්පැනි එකක ජොබ් එකක් කරන්න පුළුවන්.මට වීක් එන්ඩ් එකේ ලෙක්චර්ස් ගිහින් ඩිග්‍රී එකත් කම්පීල්ට් කරගන්න පුළුවන් නේත්‍රා එකතොට"
"අනේ මන්ද අයියේ ඔයා කියනව ඒවා.අපේ අම්මලාත් කැමති නෑ මේකට කොහෙත්ම.ඔයා ජිම් එකට යනවායි.යාළුවොත් එක්ක ඇවිදින්න යන එක විතරයි කරන්නේ කියලා අපේ අක්කත් දන්නවා"
"හරි ළමයෝ ඉතින් අපි තාම අවුරුදු විස්ස ලැබුවා විතරනේ.මට තව පොඩි කාලයක් දෙන්නකෝ"
"එහෙම නෙමෙයි අයියේ.අපි මේක නවත්තමු.ඔයාටයි මටයි යන්න වෙලා තියෙන්නේ පාරවල් දෙකක.ඉතින් අපි එකතු වෙන්නේ කොහොමද?මට සමාවෙන්න අයියේ.ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි"
මේ කතාබහ සිදුවූයේ රත්නපුරයේ ජනප්‍රියා පාසලක සබරගමු පළාත් සභාවේ අනුග්‍රහයෙන් පවත්වන උසස් පෙළ අවසන් කල සිසුන් සහභාගී වන ඉංග්‍රීසි පාඨමාලාවක් පැවත්වෙන පන්ති කාමරයක් තුලදීය.තම පෙම්වතිය විසින් පවසනා ඒ වදන් කිහිපය එම තරුණයා ඉවසා සිටියේ බොහෝ අපහසුවෙනි.දීර්ඝ ගමනක් යන්නට සිතා ආරම්භකල සබඳතාවය මාස තුනකින් අවසන් කිරීමට සිදුවේ යැයි ඔහු සිහිනෙකින්වත් සිතන්නට නැත.එහෙත් එම යුවතියට විශ්ව විද්‍යාලයට යාමට පෙර මෙයට නැවතීමේ තිත තැබීමට අවශ්‍යව තිබුනේය.යන්නට සුදානම් වන අය නැවැත්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඔහු දැන සිටි නිසා ඇයව නැවත්වීමටද තරුණය උත්සහ ගත්තේ නැත.තාමට වඩා හොඳ කෙනෙක් ඇයට වුවමනා බව ඔහු තේරුම් ගෙන සිටියේය.
ඉපසුව කාලය ඉගිලුනේ වැහි ලිහිණියන් වර්ෂාවකට පෙර අහසේ පියාඹා යන තරම් වේගයෙනි.ඇය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අතර ඔහු IPM ආයතනයේ මානව සම්පත් කලමණාකරණය පිළිබඳ උපාධිය හදාරමින් සිටියේය.එහි වර්ෂ දෙකක් සම්පූර්ණ වූ වහාම ඔහු පෞද්ගලික ආයතනයක සේවයට බැඳුනේ ‍රැකියාවේ අත්දැකීම් මෙන්ම පුහුණුවද අවශ්‍ය වූ නිසාවෙනි.කල්ගත වන විට ඔහුගේ දක්ෂතාවය නිසාම එහි ‍රැකියාව ස්ථීර වූ අතර සතු‍ටු විය හැකි මට්ටමේ මාසික වේතනයක් ද ලැබුනේය.එවිට ඇය විශ්ව විද්‍යාලයේ තෙවනි වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබු අතර ඒ වන විට ඇයට පෙම්වතෙකු සිටින බවත් ඔහුට දැන ගන්නට ලැබුනු අතර එම ආරංචිය ඔහුට කිසිදු කනගා‍ටුවක් ගෙන ආවේ නැත.ඒ අතීතය අමතක කරදමා සෑහෙන කලක් ගතවී තිබුණි.ඔහුට හඹායන්නට අලුත් ඉලක්කයන් බොහෝ තිබුණි.
ඇය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ සිටින විට තරුණයා තම උපාධිය සම්පූර්ණකොට තම ආයතනයේ මානව සම්පත් කලමණාකරන අංශයේ තෙවනියා ලෙස උසස් වීමක් ලබා තමාටම වෙන්වු කාර්යාල කාමරයේ සේවය කරමින් සිටියේය.
කාලය ඉක්මනින්ම ගෙවී ගිය අතර තවත් කල්ගත වන විට ඔහු එහි දෙවනියා බවට පත්වූයේය.ඇය තම ජිවීතයේ සිටියාවත් දැයි කියා නිනව්වක් ඔහුට තිබුනේ නැත.
"සර්, මම ඇතුළට එන්න ද?"
ඔහු තම කාර්යාලීය ලිපි ගොනුවක් පරික්ෂා කරමින් සිටින විට ඔහුගේ කාමරයේ දොර අසල සිට කතා කලේ අලුතින් ඔහුගේ අංශයේ සේවය වූ කණිෂ්ඨ සාමාජිකාවක් වන අමාලිය.
"ඔව් එන්න අමාලි ඇතුලට.මොකක්ද කාරණාව?"
"සර් මගේ යාළුවෙක් ඉන්නවා.එයා දැන් කැම්පස් ගිහින් ඉවර කරලා ගෙදර ඉන්නේ.එයා ඇහුවා අපේ එකේ එයාට ට්‍රේනීන් එන්න පුළුවන් ද කියලා?"
"එයාට මොකක්ද තියන ඩිග්‍රී එක?"
"ආර්ට් ඩිග්‍රී එකක් සර්"
"මෙහෙමයි අමාලි එයාට අදම අපිට CV එකක් දාන්න කියන්නකෝ.ලබන සඳුදා ඉන්ටර්වීව් තියනවනේ.අපි බලමුකෝ එයාට චාන්ස් එකක් දෙන්න"
"හරි තැන්ක්සු සර්"
ඔහුට සඳුදා දිනයේ සේවයට පැමිණීමට අවස්ථාවක් නොලැබුනේ පවුලේ හිතවතෙකුගේ විවාහ උත්සවයකට සහභාගී වීමට තිබු නිසාවෙනි.එහෙත් අමාලිගේ හිතවතියට විශේෂ සැලකිල්ලක් දක්වන මෙන් ඔහු කියා තිබු නිසා සම්මුඛ පරීක්ෂණයේ සිටි පුද්ගලයින් ඇයව තම සේවය බඳවා ගෙන තිබුණි.
ඔහු පසුදින තම කාර්යාලයේ සිටින අතරවාරයේ අමාලි ඔහු අසලට පැමිණියේ තවත් යුවතියක් සමගිනි.ඇයව ඔහුට දකින්නට ලැබෙන්නේ වසර පහකට පමණ පසුවයි.එහෙත් ඒ හමුවීම ඔහුට විශේෂත්වයක් ගෙන ආවේ නැත.නමුත් ඇයගේ දෑස් පුදුමයෙන් විශාල වනු ඔහුට මැනවින් දකින්නට ලැබුනේය.එහෙත් ඔහු ඇයව දන්නා බවක් කිසිලෙසකින්වත් පෙන්වුයේ නැත.
"සර් මේ තමයි මගේ යාළුවා ලක්නාරා.අපි ආවේ සර්ට තැන්ක්ස් කරලා යන්න.මෙයාව ජොබ් එකට ගත්තට.ලක්නා,මේ ඉන්නේ අපේ බොස් මිස්ට ශෂීර"
ඇය ලැජ්ජාවෙන් මෙන් සිනාසී කතා කලාය.
"තැන්ක් යූ සර්"
තමා එපා යැයි කියා හැරදැමු තරුණායාට "සර්" යැයි පවසන්නට සිදුවීම කෙතරම් නීරස ක‍ටුක අත්දැකීමක්ද.තමා විසින් පහතට දමා නිග්‍රහ කල තම පැරණි පෙම්වතා තමාට වඩා ඉහල තැනක සේවය කිරීමත් ඔහුගේ උපකාරයෙන්ම ‍රැකියාවක් ලබාගැනීමට සිදුවීමත් ඇයගේ ආඩම්බරකාර සිතට ඉවසුම් නොදෙන්නක්ම වූවාය.එහෙත් දැන් කිරීමට දෙයක් නැත.
ඔහු පෑවේ මද සිනහවක්ම පමණි.
"හරි එහෙනම් දැන් ගිහින් වැඩ කරන්නකෝ අමාලි යාළුවත් එක්ක"
ඔහු කතා කලේ සාමාන්‍ය සේවකයෙකුට කතා කරනා අන්දමිනි.එහෙත් ඇය පත්වී සිටි අපහසුතාවය ඔහු නොදු‍ටුවා නොවේ.එහෙත් එයට කිරීමට දෙයක් තමාට දැන් නොමැත.හැර ගිය අයව ලං කරගන්නේ කුමන මෝඩයා ද......
මෙයට කියනුයේ කුමක්දැයි ඔහු කල්පනා කලේය.ඇතැම් විට "කර්මය" පලිසන් දෙනවා යැයි කියන්නේ මෙවැනි සිදුවීම් වලට වියයුතුය.තමා වපුරන දේම තමාට අස්වැන්න ලෙස යලි ලැබේ.ඇතැම් විට එය සාර්ථක ඵලදාවක් විය හැක.ඇතැම් විට එය අසාර්ථක වගාවක් විය හැක.දෙකම ක්‍රියා කරන්නේ තමා වපුරන දෙය හා එයට සාත්තු කරනා අන්දමටයි.
දිනය අවසානයේ ඔහු තමා විවාහ වීමට සිටිනා තරුණිය සමඟ අලුතින් ගත් මෝටර් රථයෙන් ආයතනයෙන් පිටවි යන විට ඇය නිවෙස බලා යාමට බස් නැවතුම්පලේ සිටිනු ඔහුට දකින්නට ලැබුනේ අහම්බෙනි.ඔහු වාහනයේ වේගය වැඩි කලේය......
සැ.යු - ප්‍රබන්ධයක් නොව මෑතකදී රත්නපුරයේ සිදුවු සත්‍ය සිදුවීමකි.

ලිපිය Nimna Nadeesh 

Image result for succes men

No comments:

Post a Comment