Saturday, September 10, 2016

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියේ.. වික්ටර් රත්නායක


සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...//

මහ වන පියසෙක අදුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්..//
හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද...

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ...
සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැත..//
එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ,,,
පද රචනය - බණ්ඩාර කේ. වි‍ජේතුංග
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායක

ගීතය අහන්න මෙතනින් වර්තමානයේ අපි මෙහෙම කෙල්ලෙක්ට කිවොත්? එයාල කොහොම ප්‍රතිචාරයක් දේවිද? වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය පලවෙනි වතාවට මම ඇහුවේ ඊයේ.... යාලුවෙක් අහන්න කිව්වට පස්සේ.. ඇත්තටම ආදරයත් එක්තරා විදියක ආත්මාර්ථකාමී හැඟීමක් කියලයි මට හිතෙන්නේ... ආ මේ ගී රස පලස "2"ට තව දින 20යි හරිද? මතකනේ හැමෝටම 

https://www.youtube.com/watch?v=P0BtjTybiRg
https://www.youtube.com/watch?v=P0BtjTybiRghttps://www.youtube.com/watch?v=P0BtjTybiRghttps://www.youtube.com/watch?v=P0BtjTybiRg:)

Image result for couple

No comments:

Post a Comment