Friday, September 9, 2016

වියපත් ගැහැණියකට පෙම් බැදි තරුණයෙකුගේ සෙනෙහස


....ඈ....
"""""""""
විටෙක සීතල සුළං රැල්ලකි..
..මද පවන රදනා
රලු වූ සරතැසම නිවනා
තවත් විටකදි...
ඇයම වේදෝ කුනාටුව හමනා..
..ජීවය
විඩාපත් කරනා...
කෙලිලොලින් මා සිනහා කැන්දා..
දුක් තැවුල් නිවනා..
..සිනහා අතරින් කදුල දී යලි
කුරුටු බස් දොඩනා
සතුටේ කදුලෙත් සෙනෙහසක් ලෙස
දන් කදක් පුදනා...
..නුඹම පමණයි
මගේ සිහිනයේ සිනහා මල් පිපෙනා..
අමිල සෙනෙහස මිල කරන්නට නිතර
..සැරිසරනා
බඹරු දස අත නුඹ අසල ඇත..
කදුල කැන්දවනා..
සතුටු සිනහා දුක් කදුලු මැද..
..ආදරය ගෙවෙනා
වුවත් වියපත් රකිමි සොදුරිය
..පනද කැප කරලා

නිර්මාණයේ හිමිකරු Wanshika Sapumal Bandara
____________

No comments:

Post a Comment