Saturday, September 10, 2016

මරණිය දණ්ඩය ගැන කතිකාවතක් සඳහා

කෙනෙක් අහපු දේකට පිළිතුරක් -
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මගේ තියෙන්නෙ මිශ්‍ර හැඟීමක්.....
මරණීය දණ්ඩනයෙන් ප්‍රයෝජනය ගත්තු රටක උදාහරණයක් තමයි සිංග්ගප්පූරුව....සිංගප්පූරු සංවර්ධනයේ කථාව සහ ඉතිහාසය ගැන විශාල අධ්‍යයනයක් කරල තියෙන නිසා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් ජාතියකට ප්‍රයෝජනයක් අත් නොවන්නේය කියලා එක හෙළා කියන්නෙ නැහැ මම....
සිංග්ගප්පූරුව ජාත්‍යන්තර වෙළඳපොළක් බවට පත් කරද්දි,
- පෙර අපර දෙදිග යා කරන නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස එහි පිහිටීම
- කරන්න යන නිදහස් වෙළඳපළ ආර්ථික සංවර්ධනයේ ස්වරූපය ( සේවා ආර්ථිකය පදනම කරගත් පොදු වෙළඳපළ )
- සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සිංග්ගප්පූරුව සංවර්ධනය ( ගෝලීය ඉලක්ක 1967 - ලී ක්වාන් යූ )
යනාදි කරුණු සැළකිල්ලට ගෙන ලී ක්වාන් යූ කියපු දෙයක් තමයි "අපේ සැලසුම් වල හැටියට, සිංග්ගප්පුරුවේ අනෙක් සියළු වැරදි කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ අළෙවියට අනිවාර්ය මරණීය දණ්ඩනය නොදුන්නොත්, මේ දූපත මිහිපිට අපායක් වෙලා, අපේ සියළු සැළසුම් වරදිනවා" කියන එක...
ඒක හරිනෙ...නාවික කේන්ද්‍රස්ථානයකදි තමයි ගෝලීය මත්කුඩු ජාලයන් පවත්වගෙන යන අපරාධකරුවන් මත්කුඩු ජාලයෙන් ජාලයට නෞකා නැංගූරම් පළවලදි ( Anchorage) මත් කුඩු ඒ මේ අතට බාර දෙන්නෙ.....ඇන්කරේජ් එකක් කියන්නෙ වරායම නොවන නිසා, වරායේ දැඩි ආරක්ෂක ජාලයෙන් මිදිලා, සුළු බත්තල් සහ බෝට්ටු මගින් මත් කුඩු නැවෙන් නැවට ගෙන යෑම කාළයක් තිස්සෙ සිදුවන දෙයක්...( Transit Points for International Drug cartels and networks) ..සිංග්ගප්පූරුවේ "චැන්ගි" ඇන්කරේජ් එක ලෝකයේ විශාලතම ඇන්කරේජ් වලින් එකක් නිසා, එහි නෞකා සිය ගණනක් නැංගුරම් ලා තිබෙනවා....ඒ අතර තුර මේවා ඉතා පහසුවෙන් කරන්න පුලුවන් මුර යාත්‍රා කොපමණ තිබුණත්.....
අනෙක් අතට සිංගප්පූරුව ජාත්‍යන්තරයට විවෘත, පූර්ව වීසා අයදුම් කිරීමකින් තොරව ඇතුළු විය හැකි, යෝධ සංචාරක කේන්ද්‍රස්ථානයක්......එවැනි තැනකත් මත්කුඩු වෙළඳාම සහ ප්‍රවාහනය කිරීම විශාල වශයෙන් කෙරෙන්න පුලුවන්....
සිංග්ගප්පූරු නීතිය අනුව මරණීය දණ්ඩනය පනවන්නෙ මෙන්න මේ වැරදි වලට
- මත්කුඩු ප්‍රවාහනය කිරීම සහ වෙළඳාම
- රාජ්‍ය ද්‍රෝහී ක්‍රියා
- සාපරාධී මනුෂ්‍ය ඝාතනය සහ අනුබල දීම
- ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කරනු ලබන කායික ප්‍රහාරයක් / භෞතික ප්‍රහාරයක්
- නීති විරෝධී ආයුධ ජාවාරම සහ හෝ ළඟ තබා ගැනීම
- සිංග්ගප්පූරුවට එරෙහිව ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා හෝ යුද්ධයක් සඳහා කුමන්ත්‍රණය කිරීම, සිදු කිරීම හෝ සම්බන්ධ වීම, අනුබල දීම.....
ඔයින් 2,3,4,5 සහ 6 කියන වැරදි වලදි මරණ දඬුවම ලැබුණත්, උපරිමාධිකරණයෙදි ඒ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්වෙන්න තියෙන ඉඩකඩ සාපේක්ෂව වැඩියි....නැත්තන් ජනාධිපති සමාවක් ලැබෙන්න උනත් සැළකිය යුතු අවස්ථාවක් තිබෙනවා.....ඒ වගෙම මේ කියන වැරදි වලට වෙනත් දඬුවම් තියෙනවා....අධිකරණයේ කැමැත්ත අනුව දෙන්න පුලුවන්....උදා: ජීවිතාන්තය.....ආයුද වෙළඳාමට වසර 20 - ජීවිතාන්තය ආදී වශයෙන් ....සිංග්ගප්පූරුවේ ජීවිතාන්තය කියන්නෙ ජීවිතාන්තයම තමා....අන්න ඒක මතක තියාගන්න....
නමුත්, අංක 1 වැරැද්දට ලැබෙන්නෙ "අනිවාර්ය මරණ දඬුවම"..( Mandatory Death Penalty) .. ඒ වගේම ඒ වරදට මරණ දඬුවම හැර අන් කිසිදු දඬුවමක් නීතියේ නැත.....!.....අනිවාර්යෙන් එල්ලුම් ගස.....!...Mandatory Death...!
සිංග්ගප්පූරු භූමියේ හෝ එහි සාගර, ගුවන් සීමාවන්ට අයත් කොතනක හෝ කොතනක් හරහා හෝ, කොතනක් උපයෝගී කරගෙන හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම, ප්‍රවාහනය කරොත් අනිවාර්යෙන්ම දඬුවම මරණය....!.....ඒකෙදි ජනාධිපතිවරයාටත් ජනාධිපති සමාව දීලා දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් කරන්න තියෙන්නෙ ඉතාම සුළු සීමිත අවසරයක් පමණයි......!... සිංග්ගප්පූරුව විසින් තහනම් කරන ලද මත්ද්‍රව්‍ය විශේෂයන් සහ තහනම් මාත්‍රා වලින් ගෙනිහිල්ලා අහු උනොත්, ආයෙ ගෙදර ඒමක් නෑ......!...
මේ තද, දරදඬු නීතිය, ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් වගේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂිකත්වය උදෙසා ආයතන රැසක දැඩි දෝෂ දර්ශණයට ලක්වුනා උනත්, මේකෙන් සිංග්ගප්පූරුව විශාල ප්‍රයෝජනයක් ලැබුවා......අද සිංග්ගප්පූරුවේ මත්කුඩු අපරාධ ඉතාම අවමවෙලා තියෙන්නෙත්, සිංග්ගප්පූරුව හෝ එහි සාගර ගුවන් කළාප වල විශේෂ පිහිටීම යොදාගෙන එය පෙර අපර දෙදිග මහා පරිමාණ මත්කුඩු ජාවාරම් ජාලයන් වල ප්‍රවාහන කේන්ද්‍රයක් නොවී බේරිලා තියෙන්නෙත් මේ මරණ දඬුවමේ ශක්තිය නිසා.....
ඒ නිසා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් රටකට ප්‍රයෝජනයක් නැතැයි කියන මතයට මම එකඟ නැහැ.....
නමුත්,
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය "වරදෙන් හෝ වැරදීම් වලින්" තොරද?.....ඒ වගේම දූෂිත දේශපාලනික පසුබිමක නීතියේ විධායකයේ ක්‍රියාකාරීත්වය හෙවත් පොලීසිය, රහස් පොලීසිය, ත්‍රිවිධ හමුදාව ආදී ආයතන වල ක්‍රියාකාරීත්වය ගැන 100% විශ්වාස තැබිය හැකිද?.....
අන්න ඒකයි මෙහේ තියෙන ප්‍රශ්ණය.....සිංගප්පූරුවේදී නම් අනිවාර්යෙන්ම නීතියේ විධායක බලතල ක්‍රියාත්මක වීමේදී නීතියේ නිළධාරීන් තම නීති පොත් වලට අනුවම කළ යුතුයි.... කරලා ඒ බව සඳහන් කරලා වාර්ථා අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන.....ඒ වගේම නීතිය ක්‍රියාත්මක වීමේ සෑම පියවරක්ම
- ඡායාරූප ගත කළ යුතුයි
- වීඩියෝ කළ යුතුයි / නැත්නම් අධිකරණයේ වරලත් නිළධාරීන්ට ලයිව් ස්ට්‍රීම් එකක් ලෙස පෙන්විය යුතුයි..
- විත්තිකරුවන්ගෙන් ප්‍රශ්ණ කෙරෙන, ඔවුන්ගෙන් යම් යම් දේ ලබාගන්නා ඕනම තැනක නීතිඥයෙකු සිටිය යුතුයි....
අපේ එහෙමද?.....පොලීසියට සහ අනෙකුත් විධායක ආයතන වලට උවමනා විදියට පහසුවෙන් නඩුවක් හදන්න පුලුවන්......
Ex: මේ මෑතකදි මගේ මිත්‍ර මාධ්‍යවේදියෙකු පොලීසියෙන් අනීතිකව පැහැරගෙන යන ගමන් ඔහුට තර්ජනය කරලා තියෙන්නෙ " චෝදනා ඕන නම් කුඩු දාන්නම්, ගංජා දාන්නම්" කියලා....( ඔබ කවුරුත් දන්නවා ඒ සිද්ධිය ) ....
අපාරදෘෂ්‍ය, දේශපාලනික නැමුම් සහිත, බලපුළුවන්කාරයන්ට පහසුවෙන් නම්‍ය ශීලී වන රාජ්‍ය ආයතන පද්ධතියක් තියෙන රටක මරණ දඬුවම ක්‍රියාත්මක වීම භයානක කරුණක්......
ඒ නිසා ශ්‍රී ලංකාවෙදි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීම සිදු නොවිය යුතුයි කියන මතයේ මාත් ඉන්නවා......තවම මෙරට ඒ සඳහා විශ්වාසනීය පසුබිමක් නිර්මාණය වෙලා නැහැ........

ලිපිය 
සයිබර වරිගෙ උණ්ඩියා

Image result for එල්ලුම්ගහ

No comments:

Post a Comment