Thursday, September 8, 2016

හස්ථි පරිණාමය සහ විශේෂ (සංක්ෂිප්ත ලිපියකි)


වසර මිලියන 60 කට පමණ පෙර ක්ශීරපායී පරිණාම වෘක්ෂය තුල නව නැම්මක් හටගන්නෙ වත්මන් හස්ථි පරපුර බිහිවීමේ මුල් පියවරක් ලෙසයි. එකී පරිණාම වෘක්ෂය‍ෙ මුල් පුරුක ලෙස (ප්‍රොබොසිඩියා ගෝත්‍රයේ පලමු පුරුක) ලෙස වඩාත් පිලිගැනීමට ලක්වන ආදිතමයා වන්නේ මොරිතීරියම් (Morethrium) නැමැති සත්වයායි. බාහිර පෙනුමෙන් වර්තමාන හස්ථියෙකුට කිසිදු සමාන කමක් නොදක්වන මෙම සත්වයා පෙනුමින් වඩාත් සමාන කමක් දක්වන්නේ වර්තමානයේ ජීවත්වන ටැපීය (Tapir) සත්ව විශේෂයටයි.
මොරිතීරියම් සත්වයාට දිගු දළ හෝ හොඬවැලක් නොපිහිටි අතර කෙටි වල්ගයක් සහ කුඩා ශරීරයක් හිමිවූවෙකි. ප්‍රථම ෆොසිල සාධක ඊජිප්තුවේ මොරීස් විල අසලින් සොයාගත් බැවින් මොරිතීරියම් නම ලැබීය. මොරිතීරියම් සත්වයන් ජලචර විශේෂයක් වූ අතර හිපපොටේමස් සත්වයන් මෙන් දිනයේ දිගු වේලාවක් ජලය තුල රැඳුනු සත්වයෙකි.
පුරා ජෛව විද්‍යාඤයන්ට අනුව මොරිතීරියම් සත්වයා හා පසුකලෙක පරිණාමය වු හස්ථි විශේෂ අතර පොදු ලක්ෂණ ද්විත්වයකි.
1. කපාලය මත පිහිටි විශාල වායු කුහර
2. යටි හනුවෙන් නෙරා ආ දළ ( මොරිතීරියම් සත්වයාට ඉතා කුඩා දළ පිහිටි බැවින්)
මොරිතීරියම් විශේෂය ක්‍රමික පරිණාමයට ලක්වීමෙන් ප්‍රොබොසිඩියා ගෝත්‍රයේ නොයෙක් විශේෂ බිහිවිය. ඇතැම් ආදි ප්‍රොබොසිඩාවුන් දළ යුග්ම ද්විත්වයකට (උඩු සහ යටි හනුවේ යුගළ බැගින්) හිමිකම් කී බවට ෆොසිල සාධක හමුව ඇත.
ප්‍රොබොසිඩියා ගෝත්‍රය මුල් අවධියේ අප්‍රිකානු මහද්වීපයට පමණක් සීමාව සිටි අතර (වසර මිලියන 26 පෙර මයොසීන අවධියේ) පසුව අනෙකුත් මහද්වීප වලට සංක්‍රමණය වීමක් සිදුව ඇත (ඔස්ට්‍රෙලියානු සහ ඇන්ටාර්ටික් හැර). මයොසීන අවධිය තුල ප්‍රොබොසිඩියා ගෝත්‍රය විවිධත්වයන් වර්ධනය වී හස්ථි විශේෂ 350 ක් පමණ ජීවත්ව ඇති බවට ෆොසිල සාධක සාක්ෂි දරයි. නමුත් හොලොසීන අවධිය‍ෙ අවසන් භාගය වන විට ( මීට වසර 10000 එපිටින්) හස්ථි විශේෂ ප්‍රමාණය දෙක දක්වා පහත වැටී ඇත. එනම් වත්මනදි දැක ගත හැකි අප්‍රිකානු හස්ථීන් (Loxodonta africana) සහ ආසියානු හස්ථීන් (Elephas maximus) විශේෂ එම විශේෂ දෙකයි.
අප්‍රිකානු හස්ථියා විශේෂ යුගලකට ඛණ්ඩනය වේ. එනම්
*අළු පැහැති සැවානා විශේෂය (Loxodonta africana africana)
* තද අළු පැහැ ගත් වනාන්තර විශේෂය ( Loxodonta africana cyclotis)
සැවානා විශේෂය ගොඩබිම ජීවත්වන විශාලතම සත්ව විශේෂය වන අතර වනාන්තර විශේෂය සාපේක්ෂව කුඩා වේ.
ආසියානු අලියා උප විශේෂ ත්‍රිත්වයකට ඛණ්ඩනය වේ.
* ශ්‍රි ලංකා උප විශේෂය ( Elephas maximus maximus )
* මහද්වීපික උප විශේෂය (Elephas maximus indicus)
* සුමාත්‍රානු උප විශේෂය ( Elephas maximus sumatranus)
හස්ථි විශේෂ සියල්ලම පාහේ වත්මනදි වඳව යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අතර සංඛ්‍යා ලේඛන අනුව අප්‍රිකානු අලින් 500000 සහ ආසියානු අලි 30000 පමණ ඉතිරිව සිටී. මේ අතරින් දැඩි තර්ජනයට මුහුණ පා සිටින්නේ ආසියානු විශේෂ වේ.
සියවසකට එපිටින් තායිලන්තය තුල පමණක් සිටි වන අලි ගහණය 100000 ඉක්මවා සිටි අතර වත්මනදි සමස්ථ සංඛ්‍යාව 4000 කි. එයිනුදු 2000 හීලැ අලින් වන අතර ඉතිරිය පමණක් වන අලින් වේ.
හස්ථියකුගේ මස්තිෂ්කය ඉතා සංකීර්ණ වන අතර බුද්ධිය ,මතකය වැනි අංග තුලින් ඉදිරියෙන්ම සිටින ක්ශීරපායී සත්වයෙකි.
හස්ථියකුගේ සමස්ථ ආයු කාලය තුල දත් 6 වරක් හෝ 7 වරක් නැවත හලී හටගනු ලබන අතර අවසන් වාරයෙන් පසු නැවත දත් හට නොගන්නා බැවින් ඇතැම් හස්ථීන් මිය යන්නේ ආහාර ගැනීමට නොහැකිවයි.
* හස්ථිනට දහඩිය දමන්නේ පා ඇඟිලිවල නියපොතු අගටයි
* ආසියානු හස්ථියකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් පිහිටන අතර පසුපා වල ඇඟිලි 4ක් පිහිටයි
* හස්ථින්ගෙ ශබ්ද ප්‍රතිග්‍රහණය ඉතා දියුණු අතර 4km දුරින් පිහිටි ශබ්ද හඳුනාගනී
* හස්ථීන් ඉව ලබාගන්නේ හොඬවැල අග්‍රය‍ෙන් ස්පර්ශ කොට එම අග්‍රය මුව තුලට රුවා ගැනීමෙනි
* සාමාන්‍ය ආයු කාලය 55 -60 වන මුත් වාර්තාගත උපරිම කාලය 82 පමණ වේ
* හස්ථි සමාජය මාතෘමුලික ක්‍රමයකි
* ගර්භනී සමය මාස 17 - 24 අතර
* අලුත උපන් පැටවකු 80 -100 kg පමණ වේ
* දිනකට ජලය ලීටර 200 පානය කරයි
* දිනකට 250 kg පමණ ආහාර ගනු ලබයි.

ලිපිය Don Supz

No comments:

Post a Comment