"අපේ කම කන film එකක් හැදුවොත් ඒකට සම්මාන හම්බෙනවා" යනු සමාජයේ ප්‍රචලිත කතාවකි..
පසුගිය චන්ද්‍රිකා-රනිල් පාලන සමයේ 1994-2005 මෙරට අයිතිහාසික සංස්කෘතියට විරුද්ධ සහ ශ්‍රීලංකා යුධ හමුදාවේ ප්‍රතිරූපයට හානි වෙන සහ යුධ සෙබළුන්ගේ මානසිකත්වය දුර්වල කරන සිනමා පටයක් හැදුවොත් එයට ජාත්‍යන්තර සම්මාන යැයි කියන ඒවා ලැබීම අනිවාර්ය කරුණකි..
අම්මා පුතා සමග ලිංගික ක්‍රියා කරන , කාන්තාවන්ට දුම්බීම පුරුදු කරන , දෙමව්පියන්ට දරුවන් සමග එකට සිට නැරඹිය නොහැකි ගනයේ සිනමා පටයක් හැදුවොත් ජාත්‍යන්තර සම්මාන කියන ඒවා දෙන්නේ හදනකන් බලාහිටියා මෙන්ය..
හමුදා සෙබලාගේ මිනිය වෙනුවට කෙසෙල් කොට මිනී පෙට්ටියෙන් හමුවන, හමුදා සෙබල ජීවිතය යනු කාලකන්නි කමක්ය යන්න පෙන්නන සිනමා පට වලටද එසේමය..
නමුත් 2005 න් පසු බිහිවුණු දේශමාමකත්වය වැඩි කරන, අයිතිහාසික කතා ඇතුලත් කිසිදු චිත්‍රපටයකට එලෙස සම්මාන ලැබුණු බවක් දැනගැනීමට නොමැත..

යථෝක්ත සමයේ යුද්ධයක් නැති ඉන්දියාවේ බලන් ඉන්න විට දේශමාමකත්වයෙන් ඇඟ කීරි ගැහෙන "Border" වැනි සිනමා කෘති බිහි වන විට මෙරට හැදුවේ "මේ මගේ සඳයි" "පුර හඳ කළුවර " වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුසල සිනමා පටය ..
මාධ්‍ය වල ප්‍රචාරය කලේ ඊනියා සාම ගීතයි..
සිංහල ප්‍රජාව අතර මෙවැනි චිත්‍රපට පෙන්වන විට උතුරේ කොටි සංවිධානය විසින් ඔවුන්ට ප්‍රදර්ශනය කලේ හමුදා කඳවුරු වනසන, සෙබළුන් ඝාතනය කරන ඔවුන් සතුව තිබු දර්ශනය..
මාධ්‍ය වල ප්‍රචාරය කලේ ඊනියා සාම ගීතයි..
සිංහල ප්‍රජාව අතර මෙවැනි චිත්‍රපට පෙන්වන විට උතුරේ කොටි සංවිධානය විසින් ඔවුන්ට ප්‍රදර්ශනය කලේ හමුදා කඳවුරු වනසන, සෙබළුන් ඝාතනය කරන ඔවුන් සතුව තිබු දර්ශනය..
ප්‍රතිපලය කුමක්ද? අලිමංකඩ ආදී හමුදා කඳවුරු වැනසී මාස 5-6ක කාලයක් තුල ඉතිහාසයේ දරුණුම පසුබෑම් වලට ශ්‍රීලංකා හමුදාව ලක්වීමයි.. දහස් ගණනක් සෙබළුන්ට ජීවිත අහිමි වීමයි..
ඒසමයේ අලුතින් හමුදාවට බැඳීම තබා ඉන්න සෙබළු ප්‍රමාණය වත් රැක ගැනීමට නොහැකිවිය..
ලංකාවේ තත්වය එසේ වුවද වරෙක පාකිස්තානය සමග සුළු යුධ ගැටුමක් ඇති වූ අවස්ථාවක සෙබළුන් බඳවා ගැනීමට කැඳවූ විට පැමිණි පිරිස පාලනය කර ගැනීමට නොහැකිව විසුරුවා හැරීමට ඉන්දියානු පොලිසියට කඳුළු ගෑස් පවා ගැසීමට සිදුවිය..
2009 යුධ ජයග්‍රහණය ලැබුවේ කෙසේ දැයි බලමු..
මාවිල්ආරු ගැටුම ආරම්භ වීමත් සමග "අපි වෙනුවෙන් අපි" නමින් විශාල, හමුදාවල ප්‍රතිරූපය ඔප් නංවන, චිත්ත ධෛර්යය වැඩි කරවන ප්‍රචාරක ව්‍යාපාරයක් සියලු මාධ්‍ය හරහා රටේ ඇරඹිණි..
නව රණගී විශාල ප්‍රමාණයක් නිර්මාණය වූ අතර ඒවා මාධ්‍ය හරහා නිතර ප්‍රචාරය කෙරිණි..
රටම යුධ සුදානමක තැබිණි..
ප්‍රතිපලය කුමක්ද? 2009 අයිතිහාසික විජයග්රහනයයි..

ජාත්‍යන්තර සම්මාන නමැති අයිසින් එක උඩින් දමා අපට එදා එවුවේ ගූ ගොඩක් බව හරි පැහැදිලිය..
අන්තර්ජාතිකව පිළිගත් ගායිකාව කියන අයිසින් එක යොදා අද එවන්නේද එවැන්නක්මය..
සංස්කෘතිකමය වශයෙන් යටත් කර ගැනීම රටක් යටත් කර තබා ගැනීමට පහසුම මගයි ..
අන්තර්ජාතිකව පිළිගත් ගායිකාව කියන අයිසින් එක යොදා අද එවන්නේද එවැන්නක්මය..
සංස්කෘතිකමය වශයෙන් යටත් කර ගැනීම රටක් යටත් කර තබා ගැනීමට පහසුම මගයි ..
නැවතත් රනිල්-චන්ද්‍රිකා පාලනයම ලැබී ඇත..
ඕනෑම රටක දියුණුවට හේතුව දේශීයත්වය සහ ජාතිකත්වයයි.. ඉන්දියාව ගමන් කරන්නේ Be Indian Buy Indian යන ප්‍රතිපත්තිය මතය.. ජපානයේ දියුණුවට පදනම දේශීයත්වයයි .. උදාහරණ ඕනෑ තරම් දිය හැක.. අවශ්‍ය අපත් එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සහ සතුරන් හරි හැටි හඳුනාගැනීමයි..
ලිපිය Dhanushka Heshan Premarathna

පුරහඳ කළුවර වැනි චිත්‍රපටි වලින්, හමුදාවේ චිත්ත ධෛර්යය එක බින්දුවකින්වත් පහල ගීයේ නැත. මාවිල් ආරු මෙහෙයුම මාධ්‍ය මගින් ඔසවා තැබීමෙන් හමුදාවේ චිත්ත ධෛර්යය එක බින්දුවකින්වත් ඉහලගියේත් නැත. අපිට අපිමයි කියන හැඟීම සියලු නිලයන් තුළ හොඳින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම හමුදාපති වරයකුම ක්‍රියා කිරීම නිසා තමයි අපි යුද්ධය ජයගත්තේ.
ReplyDeleteඔබගේ ගමට පාරක් නැහැ කියමු.. ඔබ මැදිහත් වෙලා පිරිසක් එකතු වී පාරක් කපනවා.. අනිත් ගමේ ඔක්කොම ඔබට කියනවා මොකක්ද ඔබ ඔය කරන වැඩේ ඕක නවත්තපන් කියලා.. ඔබේ චිත්ත ධෛර්යය එකෙන් වෙනවද වැඩි වෙනවද?
Deleteකිසිසේත් අඩුවෙන්නේ නැහැ. හේතුව මම එවැනි දේට මුහුණ දෙන්න පුහුණු කරන ලද හමුදා නිලධාරියකු නිසා. මා LTTE තර්ජන වලට දැඩිව මුහුණ දුන් කෙනෙක්. වවුනියාව නගරයට එන්න එපා මාව මරනවා කියා පණිවිඩ මට එවා තිබුනා. නමුත් මට හැකිවුනා LTTE සාමාජිකයන් වවුනියාව නගරයේදීම අල්ලාගන්න සහ පැනයන්නට හදද්දී වෙඩි තබා මරා දමන්න. ඒ නිසා ඔබේ තර්කය මටනම් හාස්‍යජනකයි.
Deleteනොරොච්චෝලේ විදුලිබලාගාරය ඉදිකරන්න එපා කියා කොපමණ උද්ඝෝෂණ සිදුවුනාද? කන්ඩලම හෝටලය ඉදිකරන්න එපා කියා කොපමණ උද්ඝෝෂණ සිදුවුනාද? නමුත් ඒවා ඉදිකළා. රජයයන් ක්‍රියා කරන්නේ එහෙමයි.
JVP එක මගින් 1989 දී දළදා මාලිගාව ඉදිරිපිට කල උද්ඝෝෂණය හමුදා පොලිස් සහයෙන් විසුරුවා හැරියේ මමයි. ඉන්පසු JVP එක අපේ ගෙදරට ඇවිත් මගේ බිරිඳට මරණ තර්ජන එල්ල කළා. ඒ JVP සාමාජිකයන් සොයා අත්අඩංගුවට ගන්න මට පුළුවන් වුණා. එහෙම කරන්න පුළුවන් වුනේ මගේ චිත්ත ධෛර්යය එවැනි බියගුළු ක්‍රියා මගින් බිඳ වට්ටවන්න බැරි නිසා.
මගේ ගමට පාරක් කපන එක වලක්වන්න යම් පිරිසක් උත්සාහ කරනවානම් පළමුව සුහද සාකච්ඡා මගින්ද, දෙවනුව නීති මාර්ගයෙන්ද, තෙවනුව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් මගින්ද, ඒ විරෝධතාව ජයගන්නට මා ක්‍රියාකරනවා.
මෙන්න මේ වගේ සවාද වලට මා ප්රියකරනවා. නිකම්ම නිකම් එල, පට්ට, නියමයි වගේ ගොං කමෙන්ට් නොදා, ඔබවැනි අදහස් දරන අය සමග සංවාදයේ යෙදීමෙන්, ඔබෙත් මගෙන් බුද්ධි වර්ධනය සිදුවෙනවා.