Monday, February 8, 2016

Falcon-9 රොකට්ටුව

SpaceX යනු ඇමෙරිකානු රොකට් සමාගමක්. මේ සමාගම නිර්මාණය කල රොකට්ටුව බොහෝදෙනා ගේ අවධානය දිනාගැනීමට සමත්වුනා. ඒ මින් පෙර නිර්මාණය කර ඇති රොකට්ටු වලට වඩා එය විශේෂිත එකක් වූ නිසයි. සාමාන්‍යයෙන් ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවක් ඉහල යැවීමට යොදාගත් ආධාරකය විනාශයට පත්වනවා. එය නැවත භාවිතාකිරීමට නොහැකියි. SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව පසුගිය සඳුදා දින එය ගුවන් ගතකල ස්ථානයට කිලෝමීටර 10කට එපිටින් නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බස්විමට හැකියාව ලැබුනා. මෙය ෆ්ලොරීඩාවේ කේප් කානවල් ප්‍රදේශයේදී සිදුකෙරුනා.
මෙලෙස සාර්ථකව රොකට්ටු හුවනය (booster) උඩුකුරුව ගොඩබැස්වීමේ මුල්ම සිද්ධිය මෙය නොවන අතර එම වාර්තාවට හිමිකම් කියන්නේ Texas හි New Shepard රොකට්ටුවයි. නමුත් Falcon 9 පියාසර කල දුර New Shepard රොකට්ටුව මෙන් දෙගුණයක් වන අතර මෙය රොකට්ටු කක්ෂගත කිරීමේදී වන මුදල් නාස්තිය අවම කරගැනීමට හැකි සාර්ථක ක්‍රමවේදයක් බවට විද්‍යාඥයන් කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ රොකට්ටුව පියාසර කලේ පසුගිය ජුනි මාසයේ ඔවුන් ඉහල යවන ලද Falcon 9 යානය මිනිත්තු කිහිපයක් තුල පුපුරා විනාශවීමෙන් අනතුරුවයි. එය එසේ විනාශ වී ගියේ සාර්ථක අත්හදා බැලීම් 18කට පසුවයි. එම අවස්ථාවේ රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ වගයක් ප්‍රවාහනය කරමින් සිටියා.
SpaceX සමාගමට NASA ආයතනය සමඟ ඩොලර් බිලියන 1.6 ක ගිවිසුමක් ද පවතිනවා.
පසුගිය දිනක මහල් 23ක් උස රොකට්ටුව Cape Canaveral හි ගුවන් හමුදා මුලස්ථානයේ සිට ගුවනට මුදාහැරීමට කටයුතු කළා. විනාඩි 10කට පමණ පසු රොකට්ටුවේ ආධාරකය සාර්ථකව ගොඩබස්වා ගැනීමට හැකිවුනා. ඒ රොකට්ටුව යැවූ ස්ථානයට හැතැප්ම 6ක් පමණ ඔබ්බෙන්.
මෙහි සාර්ථකත්වය කැලිෆෝර්නියාවේ පිහිටි පෞද්ගලික අභ්‍යාවකාශ පර්යේෂණ සමාගමක් වන SpaceX වලට ඉතා වැදගත් වන බව සමාගමේ ඉහල නිලධාරින් පවසා සිටියා. මෙසේ රොකට් යැවීම සඳහා භාවිතා කරන මෙවලම් නැවත භාවිතා කිරීමට හැකිවීම තුලින් විශාල මුදල් ඉතිරි කර ගැනිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
ලිපිය 

No comments:

Post a Comment