Sunday, February 7, 2016

සරදියල්ගේ මරණයෙන් පසු කාදර් හා මේනකා අතර ඇතිවූ සංවාදයකි...


මේනකා:-
නුඹට කලියෙන් මලක් ඉඳුවර සරදියල් ගේ හදේ අමුනා
වරක් මියගිය පෙමක පණනල ඇබිදක් පණ ගසනු දැනුනා
ආදරේ මුල අකුර කී තැන යලිත් හදවත අගුළු ඇරුනා
කන්ද උතුවන මාවනැල්ලට උඩින් ප්‍රේමයෙ කැකුළු පිපුනා
සරදියෙල්ගේ මතක තාමත් හිඟුල ඔය මුමුණනා හින්දා
දෑත තදකර සවන් පත් මම වසාගමි නොම අසමි නින්දා
සරදියෙල්ටත් මටත් නුඹටත් එකම පැදුරක නින්ද කැන්දා
ගන්ට හැකිනම් ඉන්ට තිබ්බා එහෙව් ප්‍රේමයෙ නම කුමන්දා
කාදර්:-
මාවනැල්ලට උඩින් උතුවන ගමට ඉහලින් උවන හංගා
දෙවනගල කඳු එලිය කරගෙන අන්න හඳ මුදුනටම නැංගා
කෝපි සුවඳට තවත් බමරුන් ඇදේවිද මට බයයි තංගා
කඩේ පොල් අතු දොරවසා පන් හඳේ එලියත් බලයි රිංගා
සරදියෙල් ගේ යකඩ බටයෙන් සත් වරක් වෙඩි පහර වැදුනා
මේනකා මම වරක් මියගිය තාරකාවක බවට හැරුනා
කන්ද උඩරට සිංහලේ ඇති කෝපිමල් පරවෙලා වැටුනා
අන්න බලපං කන්ද උතුවන සුසුම් හෙලමින් අහක හැරුනා

1 comment:

  1. හරිම ලස්සනයි. හරිම ඉහළයි. මේ පද මාලාව ගීතයක් ලෙස ගයන්නට හැකිනම් බොහොම ජනප්‍රිය වනු ඇති.

    ReplyDelete