Monday, February 8, 2016

ආදරය

සුපිරි වෙළඳ සැලක අවන්හල්, මට පුරුදු නෑ
එත් එයාට මං එන්න කීවේ එතැනට. ඒ වෙන දේකට නෙවී,
‘හා‘ කියලා කටින් කියවන්න, තරම් නිදහස් තැනක්
මට හදීසියේ මතක් නූන නිසා.

වෝකින් පාක් එකට, නැත්තං ෆිල්ම් හොල් එකට එන්න කියල ආදරේ,
ලප් තැනම ලොප් කරගන්න මගේ හිත දුන් නෑ
මේක මගේ තුන්වන කුළුදුල් ආදරය.

මං වේලාසන ආවද, එයා පහු උනාද කියන්න මං දන් නෑ.
මොකද නොඉවසිල්ල මගේ හිත වටේ
ඇවිදිමින් තිබුනා.

මං දෙවන සිසිල් බීම බෝතලයත් අරං
අවන්හල් දොර දිහාට ඇස් දික් කරං බලං හිටියා.

‘‘එන්නං !
ඇවිත් කතා කරමු‘‘

කෙටි පණිවිඩේ තිබ්බේ එහෙම. මං එයා වෙනදා දකින විදිහට
වෙනස් විදිහකින් දකින්න ගත්තා. ඉරට මහන්සි වෙලා හිමින් යනවද ?
තත්පර කට්ටට මහන්සි වෙලා හෙමින් යනවද කියල හිත හිත මං
උනුවන ලේ වලට පවන් ගැහුවා.

වෙලාව හවස තුනට විතර ඇති. අවන්හලේ සෙනඟ වැඩිය නෑ.
නිල්පාට උඩු ඇඳුමක් දාගත්ත පිරිසිදු කරන සේවිකාව, ටයිල් බිම පිරිසිදු කරන්න ගත්තා. බිම ලස්සනට තියනවා. ඒක ආශිර්වාදයක් වගේ,
පිරිසිදු බිමට ඈ කකුල තියන කං මං දොරකඩ ලඟට ඇස් දෙක
සමපාත කරා.

ලෝකේ දැක්ක ලස්සනම කකුල් දෙක
දොඩකඩ ගාව නැවතිලා තිබුනා. මං ඇස් උස්සලා බැලුවේ නෑ.
මොකද මට ඒ ආශ්චර්යයෙන් මිදෙන්න හිතුන් නෑ.

සේවිකාව බිම සුද්ධ කරත්, ඇගේ පාද ඒ බිමට ඇතුල් වෙන්න අදිමදි කරා.
ඒක මට ප්‍රහේලිකාවක් උනා.

‘‘වතුර වැඩී වත්ද ? එයා ලිස්සයි ද ? ‘‘

එත් මොප් එකෙන් තැවරෙන වතුරට ලිස්සන් නෑ, ඇය වෙන මොනවත් හිතනවද බලන්න මං එයාගේ ඇස් අස්සට ගිහින් හිතට යන්න හිතා ගත්තා.

සුදුපාට සිනිදු දෙපා වල තිබ්බ මගේ ඇස් දෙක මං එයාගේ ඇස් වලට
ගෙනාව. ඊට පස්සේ මං ඇස් වලින් හිත යටට කිමිදුනා. එකේ දැක්කේ, දුක, ආදරය සහ අනුකම්පාව.

මං තිගැස්සුනා. අයෙම මූණ බැලුවා.

චැහ් මේ කවුද ? මේ එයා නෙවීනේ..............

මං ආයෙම දොර දිහා බැලුවා. ඒත් මට තත්පර ගානකට වඩා දොරත්
එක්ක දැහැන් ගත වෙන්න බැරි උනා. මං අයෙම පිරිසිදු ටයිල් එක්ක
ආදරෙන් ගනු දෙනු කරන නාදුනන දෙපා එක්ක අතර මං උනා.

ඒයා පිරිසිදු නොකරපු ටයිල් දිගේ ඇවිදං ගියා.
කොනේම තිබ්බ කුඩා අවන්හල් හිමියාගෙන් මොනවා හරි ඉල්ලුවා.

‘‘එයා වාඩි උනොත් මං එහෙම කරේ ඇයි අහනවා‘‘

අමුත්ති සහ මගේ ආදරය අතරේ කාලය සමව බෙදිලා තිබුනා.
තත්පර දෙකක් අමුත්ත ගැන හිතුව මං ආයෙම, තත්පර දෙකක් ආදරේ ගැන හිතුවා
ඒ හින්දා දෙකින් එකක් වත් හරියට කෙරුන් නෑ.

අමුත්ති කුඩා මල්ලක් අරං ඉතාම පරිස්සමින්, එතැනින් පිට උනා.

‘‘ෂා මෙයා තාම නෑනේ ‘‘

දැන් හුඟක් පරක්කු උනා. මං ඇමතුමක් ගත්තා

‘‘ඔබ ඇමතූ අංකය ප්‍ර‍තිචාරයක් නොමැත‘‘

හරි බෑ කියන එක වෙන්න ඇති කියන්න හදන්නේ. මට තරහ මුසු සතුටක්
කනස්සල්ලක් දැනුනා. ම එයා ගැන නොසිතා අමුත්ති ගැන සිතාගෙන
එලියට ආවා.

---
සොයන්නා ට සම්බවෙයි. තට්ටු කරන්නාට දොර ඇරෙයි.
මේ කියමන් කොච්චර හරිද කියලා දැනුනේ, දවස් දෙකකට පස්සේ
මං අයෙම අමුත්තිව දකිද්දි. මට එයා ගැන කිසිම ආදරයක්, අඩු ගානේ
රාගික හැඟීමක් වත් ඇතිවෙලා තිබ්බේ නෑ. ඒකට මට උත්තර නොදී මග ඇරිය
පෙම්වතී හේතුවක් උනා. එයා යනකොට උකුල පැද්දෙනවා.
ජීවිතය නැලවෙනවා වගේ දැනෙනවා.

ආදරය නැත්තං රාගය මුනෙන් අයින් උනාම මූනේ පෙනුම වෙනස් වෙනවා.
මගේ මූනේ පේන්න ඇත්තේ, හිතවත් කමක් වෙන්න ඇති
මං හිනා උනාම එයා හිනා උනා. ඊට පස්සේ දෙයියෝ මට ධෛර්යය ලොරි ගානක් තෑගි කරා.

මට ඕන උනේ එක දෙයක් දැන ගන්න ඒ

‘‘ඇයි ඔයා අළුත් ටයිල් පෑගුවේ නැත්තේ‘‘

කියලා අහන්න. වෙන කිසිම ලේ ගමන අධික වෙන සිතිවිලි මට ඉපදුනේම නෑ. ඒක නිසා මං ලොරි ගනන් පිනට ලැබුන ධෛර්යය හදවතට බා ගත්තා.

අමුත්ති දැක්ක තැන ඉඳලා ලඟම බස් නැවතුමට එන්න එන තියන දුරේ දී
මං අන්තිම වගේම උවමනාම ප්‍ර‍ශ්ණය ඇහුවා.

‘‘ඇයි ඔයා පිරිසුදු කරපු ටයිල් පෑගුවේ නැත්තේ‘‘

කිසිවක් නොකීව එයාගේ ඇස්වල කඳුලා ගලාගෙන ගියා. බස් නැවතුම ලඟ තිබ්බ. මාර්ග සංඥා කුණුව අල්ල ගත්ත එයාට ඇඩුනා.

කියන්න අකමැති නං එපා, සමාවෙන්න, මං එච්චර හිතුවේ නෑ.
මං එයාගේ ඇස්වල කදුලු වලට වඩා බය උනේ වට පිටට. එයාගේ කඳුලු වලට
හේතුව මං වෙයි කියන බය. නෑ දුක.

‘‘අයියා ඔයා හරි, මං ඒ පිරිසිදු කරපු ටයිල් පෑගුවේ නෑ. ඒ ඒක කරේ අම්මා නිසා.

‘‘එතකොට ඇයි ඔයා එයාට කතා නොකරේ ?‘‘

‘‘මං එතැනදි කතා කරනවට අම්මා කැමති නෑ අම්මා එහෙම කරනවට, මං ලැජ්ජවෙයි කියලා එයා හිතනවා. මං කෑම එක ගන්න ආවේ.‘‘

රෙඩියෝ චැනල් ගොඩක් එකවර ඇහෙන කොට දැනෙන ගෝඝාකාරි හඩකින්
මාව කිලිපොලාන ගියා. ඊට පස්සේ ආපු බස් එකට එයා නැග්ගා.
යන්නං වත් නොකියා. මං ආවා. එත් එයා ගාව හිත තියලා නෙවෙයි.
මටවත් මගේ හිත තියන තැන හොයා ගන්න බැරි උනා.

-------------
‘‘මං එනකං බලං ඉන්න ඔයාට බැරි උනා.
ඒ නිසා මං හිතුවා ඔයාට මාව වැඩක් නෑ කියලා.
හිත හදා ගන්න බැරි නිසා මං ඔයාට සමාව දුන්නා.

එත් ඔයාට ඔය කෙල්ල හොඳ නං
මට කමක් නෑ‘‘
-----------------

මට හිනාවක් ගියා.

සොයන්නා සම්බවෙයි. තට්ටු කරන්නාට දොර ඇරෙයි.
මං අයෙම බොරු හේතු සීයක් ගොතං එයාගේ පස්සෙං යන්න හිත හදා ගත්ත

කතෘ 
Chandana Ellewala