Showing posts with label කවිදු පතිරණ. Show all posts
Showing posts with label කවිදු පතිරණ. Show all posts

Wednesday, February 10, 2016

ලොව පවතින විශාලතම යන්ත්‍රය.


මෙය දැනට ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රයයි.ජර්මනියේ කෲප් නමින් හැදින් වෙන
සමාගමක් මේ සද්දන්ත උපකරනය නිශ්පාදනය කර තිබේ.
මෙම යෝධ පස් කපන යන්ත්‍රයේ විශේෂතා
1.අඩි 311 උසින් යුතු අතර දිගින් අඩි 705 පමණ වේ.
2.බර ටොන් 45,500 ඉක්මවයි.
3.නිශ්පාදන වියදම ඩොලර් මිලියන 100ක් පමණ වේ.
4.සැලසුම් කිරීමට සහ නිශ්පාදනයට අවුරුදු 5ක් ගතවී ඇත.
5.කොටස් එකලස් කිරීමට අවුරුදු 5ක් ගතවී ඇත.(මුලු කාලය අවුරුදු 10යි)
6.ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් මිනිසුන් 5 දෙනෙකුවත් අවශ්‍ය වේ.
7.පස් හාරන බකට් 1කේ විශ්කම්බය අඩි 70 වන අතර එවැනි බකට් 20කින් සමන්විත වේ.මෙම එක්
බකට් එකක දාරිතාව කියුබික් මීටර් 530 පමණ වේ.
8.අඩි 6 උස මිනිසෙකුට මෙම බකට් 1ක් තුල කිසිම අපහසුවක් නැතිව සිටගත හැක.
9.ක්‍රොලර්(යුද්ද ටැංකි වල එහෙම තියෙන යුද්ද ටැංකිය යන පටිය බං) 12ක් බාවිත කර ඇත.8ක් ඉස්සරහ 4ක් පසුපස
10.උපරිම වේගය පැයට කිලෝමීටර් 0.5 පමණ වේ.
11.දිනකට කියුබික් මීටර් 76,455ක් පමණ වූ පස් ප්‍රමාණයක් ඉවත් කල හැක.

ලිපිය කවිඳු පතිරණ

Monday, February 8, 2016

ලොව වේගවත්ම කාරය


ඇමරිකන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ හෙනසි (Hennessey) තමයි, මේ විස්මිත කාරය තනා තියෙන්නේ. ඒ කාරය හැඳින්වෙන්නේ වෙනම් ජීටී (Venom GT) කියායි. රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ලබා ගත් රිය මෙය බව පසුගිය දා ධාවනයෙන් ඔප්පු කළා.
ඒ වන විට ලෝකයේ උපරිම වේගයෙන් ධාවනය කළ රිය ලෙස වාර්තා වී තිබුණේ බුගාටි වේරන් (Bugatti Veyron) සුපර් ස්පෝට්ස් කාරයයි. ඒ වේගය පැ.හැ. 269ක්. ඒ වේගය වාර්තා වූයේ වෝක්ස්වාගන් සමාගමට අයත් පරීක්ෂණ ධාවන පථයෙදියි.
‘වෙනම් ජීටී’ මෝටර් රථය තමයි, රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ඇති රිය වශයෙන් ලෝක වාර්තාවක් පිහිටෙව්වේ. මෙය ඇමරිකාවේ ටෙක්සාස්හී හෙනසි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාණයක්.
දැන් වෙනම් ජීටී රියේ නිෂ්පාදකයාට අවසර දීල තියෙනවා, නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ තිරිංග අශ්ව බල 1200යේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නට. 
වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්. මෙහි දී අප සැලකිල්ලට ගන්න ඕනෑ, ෆෝමියුලා - 1 මෝටර් රථයක සාමාන්‍ය උපරිම ධාවන වේගය පැ.හැ. 200ක් බව.
එහිදී වෙනම් ජීටී රිය වාර්තා කළ උපරිම වේගය ඒ වන විට 2010 දී බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය තබා තිබූ උපරිම වේගය වූ පැ.හැ. 269.86ට වඩා ඉතා සුළු වැඩිවීමක් විතරයි.
මේ බව ‘ටොප්ගියර්’ (TopGear.com) වෙබ් අඩවියට ප‍්‍රකාශ කරද්දී එය ධාවනය කළ පරීක්ෂණ නියමු බ‍්‍රයන් ස්මිත් කියා තිබුණේ එය අවශ්‍ය නම් තවත් වැඩි වේගයෙන් ධාවනය කිරීමට හැකියාව තිබූ බවයි. ”අපේ ධාවන පථය අවසාන වන විට අප පැ.හැ. 270 වේගයකින් යන බව දැක්කා. ඒ ධාවන පථයේ දිග සැතැපුම් 3.22ක් විතරයි. ඒ නිසා ඊට වැඩි වේගයකට යන්න අවස්ථාවක් තිබුණේ නෑ.” ඔහු පවසනවා.
බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් කාරය වෝක්ස්වාගන් සමාගමට අයත් ඒරා-ලෙසියන් පරීක්ෂණ ධාවන පථය එහි පරීක්ෂණ ධාවන සඳහා යොදා ගන්නවා. ඒ ධාවන පථය සැතැපුම් 5.5ක් දිග තනි කෙළින් ඇති එකක්.
වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට එක්සත් රාජධානියේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඇමරිකාවේ මෙන් තුන් ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ.
නාසා ආයතනය අවසර දුන්නේ එක් වරක් ධාවනය කිරීමට විතරක් නිසා වසරේත් ගිනස් වාර්තා පොතේ වැඩිම වේගය ලෙස වේරන් සුපර් ස්පෝට්ස් රිය තබා ඇති වාර්තාව තමා නිල වාර්තාව ලෙස රැඳී තියෙන්නේ.

මේ වෙනම් ජීටී නිෂ්පාදකයාට අවසර දීල තියෙන්නේ නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නටයි.
හෙනසි වෙනම් ජීටී (VENOM GT) කාරයක වටිනාකම පවුම් ලක්ෂ අටක්. බලය සපයන්නේ ද්විත්ව ටර්බෝ ආරෝපිත ලීටර් 7 වී 8 ඇජිමකින්. තිරිංග අශ්ව බල 1244ක ධාවන ශක්තියක් මේ රථයට ජනනය කළ හැකියි.
මේ රිය පරීක්ෂණයේ දී තත්පර 2.7ක් ඇතුළත පැ.හැ. 62කක වේගයකට නැග්ගා. ෆ්ලොරිඩා ධාවන පථයේ දී පැ.හැ. 20 සිට පැ.හැ. 120 දක්වා වේගය වැඩි කරන්න ගත වුණේ තත්පර 7.71ක් විතරයි.
මේ වෙනම් ජීටී රිය 2011 දී මුලින් ම වෙළඳ පොළට ආවේ. මෝටර් රථ ධාවකයන් එහි ධාවනය ගැන විශාල වශයෙන් පැහැදිලයි ඉන්නෙ. එංගලන්තයට මේ රිය ආවේ 2013දියි.

මේ වෙනම් ජීටී රිය, සැතැපුම් 3.22ක් දිගු ෆ්ලොරිඩා ධාවන පථයේ පැදවූ බ‍්‍රයන් ස්මිත් නියමුවා කියන්නේ ධාවන පථය තවත් ටිකක් දික් වූවා නම් තවත් වැඩි වේගයකට යා හැකි බවයි.

වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්.

2010 දී මේ බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය පැ.හැ. 269.86ක් වූ උපරිම වේගයක් ලබමින් තැබූ ලෝක වාර්තාව තාමත් නිල වාර්තාව ලෙස පවතිනවා.

වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට ලෝකයේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් ම දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ.
ලෝකයේ වැඩිම වේගවත් රිය දහය
1. හෙනසි වෙනම් ජීටී - පැ. සැ. 270 (පැ. කී.මී. 434)
2. බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් - පැ. සැ. 269 (පැ. කී.මී. 431)
3. කොනිග්සෙග් අගෙරා ආර් - පැ. සැ. 260 (පැ. කී.මී. 418)
4. එස්එස්සී අල්ටිමේට් ඒරෝ හා 9එෆ්එෆ් ජීටී9- ආර් රිය දෙකම - පැ. සැ. 257 (පැ. කී.මී. 413)
5. සැලීන් එස්7 ට්වින්-ටර්බෝ - පැ. සැ. 248 (පැ. කී.මී. 399)
6. කොනිග්සෙග් සීසීඑක්ස් - පැ. සැ. 245 (පැ. කී.මී. 394)
7. මැක්ලරන් එෆ් 1 - පැ. සැ. 240 (පැ. කී.මී. 386)
8. සෙන්වෝ එස්ටී 1 - පැ. සැ. 233 (පැ. කී.මී. 374)
9. පාගානි හුවායිරා - පැ. සැ. 230 (පැ. කී.මී. 370)
10 ගුම්පර්ට් අපොලෝ හා නෝබල් එම්600 රිය දෙකම - පැ. සැ. 225 (පැ. කී.මී. 362)

ලිපිය 
කවිඳු පතිරණ

Falcon-9 රොකට්ටුව

SpaceX යනු ඇමෙරිකානු රොකට් සමාගමක්. මේ සමාගම නිර්මාණය කල රොකට්ටුව බොහෝදෙනා ගේ අවධානය දිනාගැනීමට සමත්වුනා. ඒ මින් පෙර නිර්මාණය කර ඇති රොකට්ටු වලට වඩා එය විශේෂිත එකක් වූ නිසයි. සාමාන්‍යයෙන් ගුවන්ගත කිරීමෙන් අනතුරුව රොකට්ටුවක් ඉහල යැවීමට යොදාගත් ආධාරකය විනාශයට පත්වනවා. එය නැවත භාවිතාකිරීමට නොහැකියි. SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව පසුගිය සඳුදා දින එය ගුවන් ගතකල ස්ථානයට කිලෝමීටර 10කට එපිටින් නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බස්විමට හැකියාව ලැබුනා. මෙය ෆ්ලොරීඩාවේ කේප් කානවල් ප්‍රදේශයේදී සිදුකෙරුනා.
මෙලෙස සාර්ථකව රොකට්ටු හුවනය (booster) උඩුකුරුව ගොඩබැස්වීමේ මුල්ම සිද්ධිය මෙය නොවන අතර එම වාර්තාවට හිමිකම් කියන්නේ Texas හි New Shepard රොකට්ටුවයි. නමුත් Falcon 9 පියාසර කල දුර New Shepard රොකට්ටුව මෙන් දෙගුණයක් වන අතර මෙය රොකට්ටු කක්ෂගත කිරීමේදී වන මුදල් නාස්තිය අවම කරගැනීමට හැකි සාර්ථක ක්‍රමවේදයක් බවට විද්‍යාඥයන් කණ්ඩායම පවසනවා.
ඔවුන් මේ රොකට්ටුව පියාසර කලේ පසුගිය ජුනි මාසයේ ඔවුන් ඉහල යවන ලද Falcon 9 යානය මිනිත්තු කිහිපයක් තුල පුපුරා විනාශවීමෙන් අනතුරුවයි. එය එසේ විනාශ වී ගියේ සාර්ථක අත්හදා බැලීම් 18කට පසුවයි. එම අවස්ථාවේ රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ වගයක් ප්‍රවාහනය කරමින් සිටියා.
SpaceX සමාගමට NASA ආයතනය සමඟ ඩොලර් බිලියන 1.6 ක ගිවිසුමක් ද පවතිනවා.
පසුගිය දිනක මහල් 23ක් උස රොකට්ටුව Cape Canaveral හි ගුවන් හමුදා මුලස්ථානයේ සිට ගුවනට මුදාහැරීමට කටයුතු කළා. විනාඩි 10කට පමණ පසු රොකට්ටුවේ ආධාරකය සාර්ථකව ගොඩබස්වා ගැනීමට හැකිවුනා. ඒ රොකට්ටුව යැවූ ස්ථානයට හැතැප්ම 6ක් පමණ ඔබ්බෙන්.
මෙහි සාර්ථකත්වය කැලිෆෝර්නියාවේ පිහිටි පෞද්ගලික අභ්‍යාවකාශ පර්යේෂණ සමාගමක් වන SpaceX වලට ඉතා වැදගත් වන බව සමාගමේ ඉහල නිලධාරින් පවසා සිටියා. මෙසේ රොකට් යැවීම සඳහා භාවිතා කරන මෙවලම් නැවත භාවිතා කිරීමට හැකිවීම තුලින් විශාල මුදල් ඉතිරි කර ගැනිම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
ලිපිය 

Sunday, January 31, 2016

මරු ත්‍රිකෝණය ... (බර්මියුඩා ත්‍රිකෝණය)

තවමත් නොවිසදුන අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්රිකෝණාකාර මුහුදු කලාපය තුල වර්තමාන වන විට අතුරුදහන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්රමාණය සිය ගණනකි'බර්මියුඩා ත්රිකෝණය තියෙන්නේ බටහිර අත්ලාන්තික් මුහුදේ ඇමරිකාවේ ෆ්ලොරීඩා හා බ්රසීල මුහුදේ සැතපුම් 20ක් උතුරෙන් තියෙන ලක්ෂ්ය තුනක් යා කරන වර්ග කිලෝමීටර් දහස් ගණනක් අයත් වන ප්රදේශයකය'
1945 සිට බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන දේවල් අතරට ගුවන් යානා 300ක් නෞකා 250ක් සහ මිනිසුන් දහස් ගණනක් වෙනවා.හැබැයි පුදුම වැඩේ කියන්නේ මේ අතුරුදහන් වුන කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් සොයාගන්න බරිවුනලු ඉන් සිදුවීම් කිහිපයක්'
1945 දෙසැම්බර් 5 දින Flight-19 අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම'
1948 ජනවාරි 29 දින KC-135 වර්ගයේ ගුවන් යන 2ක් අතුරුදහන් වීම'
1999 ජුනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම'
1967දී අධිවේගී රේස් බෝට්ටුවක් කිට්ටුව වෙරළේ සිටි අය බලාගෙන ඉද්දීම අතුරුදහන් වෙලා තියෙනවා'
1973 මාර්තුවල ටොන් 20 000ක් බර භාණ්ඩ ප්රවාහන නැවක්'
1924දී ජපාන නැවක්'

ඊටත් වැඩ පුදුම දෙයක් තමි 1932දී නැව් දෙකක් අතුරුදහන් වෙලා පස්සේ හොයගෙන්න තියෙනවා"එත් ඒවායේ සේවය කරපු කෙනෙක්වත්" ගියපු මගියෙක්වත් සොයාගන්න බැරිවෙලා...
බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකන්ම එක්ක රේඩියෝ තියෙනව.මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පණිවිඩ වලින් මේ ප්රශ්න වලට යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්ලු.1995 වෙද්දී අතුරුදහන් වුන ගුවන් යානා 100කට වැඩියිලු' එයින් 35] කම තම ගුවන් යානා කිට්ටුව අහසේ තිබුන යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියෙනවා' 25] ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා ගිහින් තියෙනවා.අනිත් ඒවා එකපාරටම අතුරුදහන් වෙලා තියෙනව.
බර්මියුඩ ත්රිකෝණයේ අභිරහස තවන්මත් නිසියාකාරයෙන් විසදී නොතිබුනත් ඉන් පිටත සාගරයේ සිදුවන බොහෝ නෞකා අතුරුදන් වීම්වලට හේතුව අනාවරණය කරගන්නට ඕස්ට්රේලියාවේ මොනෑෂ් සරසවියේ ඩේවිඩ් සහ ජෝශප් මොනගන් යන පරීක්ෂකයන් දෙදෙනෙකුට හැකි වී තිබෙනවා'

ඩේවිඩ් සහ ජෝශප් මෝගන් පවසන්නේ මේ මුහුදු යාත්රා ගිලියාම පිලිබදව මුහුදු පත්ලේ මීතේන් සංචිතය වගකියයුතු බවයි 'සාමාන්යයෙන් වගුරු හා පතල් වලින් නිකුත් වෙන මීතේන් ,ගන්ධයක් රහිත වන අතර" එය පවතින්නේ වායුවක් ලෙසිනි.එහෙත් ගැබුරු සාගර පත්ලේ ඇති අධික පීඩනය හේතුවෙන් මීතේන් එකට කැටි වී" අයිස් වැනි ඝන මීතේන් තැන්පතු හට ගන්නවා' මේවා හදුන්වන්නේ වායු හ්යිඩ්රේට ලෙසයි'මෙවැනි මීතේන් එකවරම පිපිරී විඝටනය වීම නිසා වායු බුබුළු"සාගරය මතු පිටට පැමිණෙන විට දැවැන්ත වායු බුබුළු බවට පත් වී නෞකා ගිල දමන බවයි'ඔවුන් පෙන්වා දෙන්නේ යුරෝපා හා බ්රිතාන්ය මහද්වීප අතර උතුරු මුහුදේ මෙවැනි ප්රදේශ රාශියක් ඇති බව දැනට සිදුකරන ලද පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ" මෙසේ මීතේන් අධිකව සංචිත වූ ප්රදේශයක සිදුවන පිපුරුමක් හා පිටවෙන වායු බුබුළු වල ප්රමාණය කවූරුවත් දැක නැහැ.
එම ක්රියාවලියේ ආකෘතියක් ආශ්රයෙන්" මුහුදු යාත්රාවකට සිදුවිය හැකි හානිය සොයන්නටයි ඔවුන් උත්සහ දැරුවේ' ඔවුන්ගේ පරීක්ෂණ වලින් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගත හැකි වුන" එනම් නෞකාව ගිලි හෝ නොගිලී යාම තීරණය වෙන්නේ" වායු සාපේක්ෂව නෞකාව පිහිටන ස්ථානය මත බව ඔවුන් දුටුවා.මෙහි භයනකම ස්ථානය වන්නේ" වායු බුබුලේ ඉහලම පිහිටි අචල ලක්ෂය හා බුබුළු නිසා ඉහළ නැගී තරඟයේ නග්ම ආරම්භ වන ස්ථානය අතර පිහිටීමයි'
එම ප්රදේශයේ පිහිටි යාත්රාවක් නිරුපද්රිතව පවතින්නේ බොහොම කලාතුරකින්"මෙසේ මීතේන් වායු බිබුලක් නිසා ගිලි යන නෞකාවක් මුහුදු පත්ලේ මීතේන් පිපිරී ගිය ප්රදේශය තුල රැදෙන ස්ථානය "මායාකරියන්ගේ කුහරය" ලෙස අද හදුන්වයි..
ඔවුන් තවත් එක මතයක් පල කරනවා.ඔවුන් කියන්නේ ස්වාභාවිකවම මෙම ප්රදේශයේ මීතේන් බහුල නිසා එයින් ජලයේ ඝනත්වය අඩු වෙන්ව කියල.ජලයේ ඝනත්වය අඩුවන නිසා ගිලෙන නැවු කැඩෙන්නේ නැතුව ගිලෙනවා.ඒකනිසා තෙල් කාන්දු වීම් වෙන්නේ නැ ,ඒක නැවු වලට ඇත්ත වෙන්න පුළුවන්, ඒ උනාට ගුවන් යානා වලට ? ඔවුන් කියන්නේ නම් අධික මීතේන් ප්රමාණය නිසා ගුවන් යානා වල එන්ජින් නතර වෙන්න පුළුවන් කියල.හැබැයි ,ඒ අයම පිලිගන්නවා එක ඇසිල්ලකින් සිදුවන දෙයක් නෙමෙයි කියල.අනිත් එක එහෙම කඩාගෙන වැටුනත් එක සැරේම රේඩාර් පද්ධතියෙන් අයින් වෙන්නේ කොහොමද....?? බර්මියුඩ ත්රිකෝණය තුල සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක් වෙයි ද??

ලිපිය කවිඳු පතිරණ

Saturday, January 30, 2016

ටෝපිඩෝ - Torpedo


ටෝපිඩෝවක් යනු සබ්මැරීනයක නෞකාවක හෝ ගුවන් යානයක සිට දියත් කල හැකි දිය යට, ගමන් කරන, පුපුරන සුලු අවියකි. එය යුද නැව්, වෙළෙඳ නැව් හා සබ්මැරීන වලට එරෙහිව භාවිතා කිරීම සඳහා ඇති ප්රධාන නාවික ආයුධයකි. සැඟවූ ආයුධ ගබඩා, වරාය වැනි ස්ථාවර ඉලක්ක වලට එරෙහිව ද භාවිතා කළ හැක.
නැව් වලට එරෙහිව භාවිතය සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ටෝපිඩෝ සාමාන්යයෙන් ඉලක්කය වෙත ජල මතුපිටට ආසන්නයෙන් ගමන් කරයි. නමුත් සබ්මැරීන එරෙහිව භාවිතය සඳහා විශේෂයන් නිර්මාණය කර ඇති ටෝපිඩෝ වලට අඩි 2,500 (760m) පමණ වන ගැඹුරක ඉලක්ක වලට පහර හැක.
බොහෝ ටෝපිඩෝ නාවික සැතපුම් 40-50 ක පමණ වේගයෙන් ගමන් කරනවා. ඇතැම් පැරණි ඒවා යාර 2000 ටත් අඩු දුරක් (1800 m) ගමන් කිරීමට සකසා තිබුණද සමහර රොකට් සහාය ලබන ටෝපිඩෝ වලට සැතපුම් 10ක පමණ දුර ඉලක්ක වෙතද යාමේ හැකියාවක් ඇත.
ටෝපිඩෝවේ ඩෙටනේටර් පද්ධතියක්, මඟ පෙන්වීම් පද්ධති සහ පචාලන පද්ධති සමග පුපුරන ද්‍රවය අඩංගු වේ.
එක්සත් ජනපද නාවික හමුදාව විසින් භාවිතා කරන ටෝපිඩෝ අඩි 8 සිට 21 දක්වා දිගු වන අතර එහි විෂ්කම්භය අඟල් 10 සිට 21 දක්වා වේ. ඔවුන්ගේ බොහෝ ටෝපිඩෝ සාම්ප්රදායික පුපුරණ ද්රව්ය අඩංගු 120-1,800 kg දක්වා පරාසයක අවි ශීර්ෂ රැගෙන යයි.
ටෝඉඩෝවක පුපුරා යාම සඳහා විවිධ ක්‍රම ඇත. සමහරක් වැඩකරන්නෙ නැවේ වානේ කොටස් වල විද්‍යුත් චුම්බක ක්ෂේත්රය සංවේදනය වන විට පුපුරන ආකාරයටය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ඉලෙක්ට්රොනික සංවේදන සහ ක්රියාකාරී මග පෙන්වීම උපකරණ වැඩි වැඩියෙන් ටෝපිඩෝ නිර්මාණය භාවිත කරන ලදී. ටෝපිඩෝ හරහා යැවිය හැකි න්‍යෂ්ටික යුධ ශීර්ෂ ද දියුණු කරන ලදී.

ලිපිය 
කවිඳු පතිරණ

පියාඹන යුධ ටැංකිය නොහොත් MI-24.


MI-24 අප සැවොම අසා ඇති හෙලිකොප්ටර් යානයකි.ඒ මෙරට සිවිල් යුධ සමයන්හිදී පාබල හමුදාවන්ට මින් ලබා දුන් අනගි සහයෝගයයි.. විශේෂයෙන්ම මානුෂීය යුධ සමයෙහි දි මින් ලබා දුන් දායකත්වය සුළුපටු නැත.
1995 වර්ෂයේ ආරම්භ කල මෙම බලඝණයට මේ වන විට අවුරුදු 20ක සේවා ඉතිහාසයක් ඇත.2009දී ජනාධිපති වර්ණ ප්‍රදානයටද පාත්‍ර විය.
සෝවියට් නිශ්පන්දයක් වන මෙය attack helicopter හා transport යන ඝන දෙකටම අයත් වේ.මගින් අට දෙනෙකුට මෙහි ගමන් කිරිමේ පහසුව ඇත. 1972දී සේවා සඳහා එක් වු යානය මේ වන විට රටවල් 34කට අධික ගුවන් හමුදාවන්ට තම සේවය සපයනු ලැබේ.
සීතල යුධ සමයේ නිර්මාණය වන මෙම යානය American Bell UH-1 "Huey" යානය පාදක කොට නිර්මාණය වී ඇත. වේගය 208 mph (335 km/h) වන අතර මෙහි පෙති(wingspan) 5ක් ඇත.පෙත්තක දිග 17.3 m කි.දිගින් 57' (18 m)ක් වූ යානය (Engine type)Turboshaft එන්ජිමකින් සමන්විත වේ. යානයේ බර (Empty)8,500 kg වේ. යානයේ වටිනාකම US$ 12 million පමණ වේ.දැනට යානය Mil Moscow Helicopter Plant හි අංගනයේදි නිෂ්පාදනය කෙරේ.මේ වන විට මෙම කාණ්ඩය යටතේ Mi-24 HIND හ Mi-25 HIND D, Mi-35 HIND E හෙලිකොප්ටර් යානාද නිපදවේ.
12.7-mm 4x Barrel Machinegun, 30-mm Twin Barrel Cannon, 750 - 1x twin 30-mm gun, හෝ 1,470 - 12.7-mm 4 barrel turret gun, 2-12 - AT-2C or AT-6C Spiral ATGMs, 2-4 - 80-mm S-8 rocket pods (20 ea.), 2-4 - 57-mm S-5 rocket pods (32 ea.), 940 - GSh-23L twin 23-mm MG pods, 4 - 250-kg bombs FAB-250, 2 - 500-kg bombs රැඳවිය හැකිය.තවද අතිරේක 500L තෙල් ටැංකියක්ද මෙයට සවි කළ හැකිය.තවද MI-24හි විශේෂිත අවි ලෙස Turret-mounted 4-barrel 12.7-mm Gatling type machinegun, 57-mm rockets, AT-2C/ SWATTER ATGMs, Anti-Tank Guided Missiles යානයේ රැඳවිය හැකිය.

 මෙම යානය සම කළ හැක්කේ UH-60 Black Hawk, AH-64 Apache, Mangusta A129 යන හෙලිකොප්ටර් වලට පමණි.සාමාන්‍යයෙන් HIND යානා භාවිතා වනුයේ daytime මෙහෙයුම් සඳහා පමණි.නමුත් රාත්‍රි හා අයහපත් කාළගුණ තත්ත්වයන්ට උචිත පරිදි වැඩි වැඩි දියුණු කල යානාද ඇත.

ලිපිය 
කවිඳු පතිරණ

Friday, January 29, 2016

ලොකුම තරුව


විශ්වයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තරුව වන්නේ VY Canis Majoris ය. වෙනත් මන්දාකිණි වල තරු එකින් එක අධ්යයනය කිරීම අපහසු නිසා (සුපර්නෝවා හැර) මුලු විශ්වයේම පවතින විශාලතම තරුව මේ යැයි සහතික වශයෙන්ම කීම අපහසු වුවත් අපේ මන්දාකිණිය වන ක්ෂීරපථයේ ඇති විශාලතම තරුව මෙය වීමට බොහෝ දුරට ඉඩ ඇත. එම නිසා දැනට අපි මෙය අප දන්නා ලොකුම තරුව ලෙස හඳුන්වමු.
පෘථිවියට ආලෝක වර්ෂ 4900ක් දුරින් මහ බල්ලා තාරකා රශියේ පිහිටා ඇති VY Canis Majoris, රතු අධියෝධ ස්පන්දමාන විචල්ය තාරකාවකි (Red hypergiant pulsating variable star). විශාලත්වයෙන් ගතහොත් අරය අපේ සූර්යයාගේ මෙන් 1800ත් 2100ත් අතර ගුණයකි. අප වැඩිපුර අසා තිබෙන, එමෙන්ම අති විශාලයි කියා දන්නා බිට්ල්ජූස් තාරකාව ද සංසන්දනාත්මකව ගත්විට විශාලත්වයෙන් සූර්යයා මෙන් 1000 ගුණයක් පමණි. 7වන කාණ්ඩයේ (7th Magnitude) දීප්තිමත් තාරකාවක් වන මේ පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ 1801 දී ජෙරම් ලලන්ඩේ විසින් පිළියෙල කළ තාරකා වර්ගීකරණයේ ය. මෙය ආසන්න වශයෙන් සූර්යයා මෙන් මිලියන භාගයක තරම් ගුණයකින් දීප්තිමත් වන නමුත් ඒ වටා ඇති දැවැන්ත අසමමිතික අඳුරු නිහාරිකාව නිසා පිට කරන ආලෝකයෙන් වැඩි ප්රමාණයක් ඊට අවශෝෂණය වේ.
ප්රමාණයෙන් විශාලතම තාරකාව වුවත් ස්කන්ධයෙන් හා දීප්තියෙන් වැඩිම තරුව VY Canis Majoris නොවේ. මන්ද එහි ඝනත්වය සාපේක්ෂව අඩු බැවිනි. 2007දී කරන ලද රේඩියෝ තරංග විශ්ලේශන වලින් VY Canis Majoris අවට ඇති වළාව හයිඩ්රන් සයනයිඩ්(HCN), සිලිකන් මොනොක්සයිඩ්(SiO), සෝඩියම් ක්ලෝරයිඩ්(NaCl) හා පොස්පරස් නයිට්රයිඩ්(PN) යන අණු සහ අයනික සංඝටක නිෂ්පාදනය කරන කර්මාන්තශාලවක් බව සොයාගෙන ඇත. මේ අතරින් PN අණුව තාරකා ජීව විද්යාඥයන්ගේ මහත් අවධානයට ලක්ව ඇත්තේ පොස්පරස් මූලද්රව්යය විශ්වයේ සාපේක්ෂව හිඟ වන අතරම එය DNA, RNA සහ ATP වැනි ජීවයට ඇවැසි සංයෝග වල අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලද්රව්යයක් බැවිනි.

ලිපිය කවිඳු පතිරණ

Thursday, January 28, 2016

SLNS Nandimithra (P 701) නොහොත් Israeli Saar 4 class missile boat.


ශ්‍රි ලංකා නාවික හමුදාව සතු Fast Missile Vessels කණ්ඩයට අයත් නෞකා දෙකකි.එනම් 
Saar 4 Class missile boats (Nandimithra Class) SLNS Nandimithra (P 701) හා
SLNS Suranimala (P 702)යන යුධ නෞකා දෙකයි.
2001 දී නාවික හමුදාවට එකතු විය..
Missile Boat ගණයට ඇතුලත් වෙන නන්දිමිත්‍ර නෞකාවෙහි දිග 58mකි.පළල(beam) 7.62mකි.
මෙහි බර ටොන් 415කි.මෙහි උපරිම වේගය 34 knots (63 km/h; 39 mph)වේ. කාර්‍ය මණ්ඩලය ඇතුලු 45කට අධික පිරිසකට මෙහි ඉඩ ඇත.
Elta EL/M-2207/2208 air & surface search radar හා
Selenia Orion RTN-10X fire-control radar යන සංවේදකයන්ගෙන් නෞකාව සමන්විත වේ.
මෙය සතුව 2-4 x RGM-84 Harpoon SSM's , 4 x Gabriel II SSM's
හෝ 6 x Gabriel II SSM අඩංගු වේ.නමුත් අප නෞකා සතුව Harpoon මිසයිල රැඳවුමක් අන්තර්ගත නොවේ.තවද 1 x 20 mm Phalanx CIWS, 1 x OTO Melara 76 mm naval gun හෝ
2 x OTO Melara 76 mm naval gun, 2 x Oerlikon 20 mm cannons අවි අන්තර් ගත වේ.
Sa'ar 4 යුධ නෞකාව ඊශ්‍රායලය,දකුණු අප්‍රිකාව,ග්‍රිසීය හා ලංකාවේ නාවික හමුදාවන්‍ ට අනුයුක්තව සේවය කරති.මේ වන විට ඊශ්‍රායලය විසින් මෙම Sa'ar 4 නෞකා විශ්‍රාම ගන්වා ඇති අතර ලංකාවේ තවමත් නාවික හමුදාවට සක්‍රිය දායකත්වයක් ලබා දෙයි.

ලිපිය කවිඳු පතිරණ

'Maersk Triple E ලොකේ ලොකුම නැව


'Maersk Triple E' . 2011 වසරේදී Daewoo Shipping සමඟ ඩොලර් බිලියන 3.8ක මුදලක ගනුදෙනුවක් සමඟින් මෙම නැව් වාහීනී 20ක ඉදිරිකීම ඇරඹිනි.
පාවෙන ස්වාභාවික වායු ගබඩාවක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නෞකාවේ ද්‍රව බවට පත්කරන ලද වායු ගබඩා කරනු ඇත.
දකුණු කොරියාවේ සැම්සුන් හෙවි ඉන්ඩස්ට්රීස් තථාංගනයේ ඉදි වෙමින් පවතින මෙම නෞකාව සම්පූර්ණ වශයෙන් බර පටවන විට එය ටොන් ලක්ෂ 6 ක බරකින් යුක්ත වනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ දැනට විශාලතම එක්සත් ජනපද ගුවන්යානා ප්රවාහන නෞකාවට වඩා මෙය 6 ගුණයක් විශාල වනු ඇති අතර දිග මීටර් 488 ක්ද පළලින් මීටර 75ක්ද උසින් මීටර 105ක්ද වනු ඇත.

2017 වනවිට තනා නිම කිරීමට අපේක්ෂිත නෞකාව ඕස්ට්රේලියාවට උතුරු දිග මුහුදේ නැංගුරම් ලා ගොඩට ගන්නා ස්වාභාවික වායු සෙන්ටිග්රේඩ් අංශක ඍණ 161කට ශීත කිරීමෙන් පසු ගබඩා කර ගනු ඇත 
ලිපිය කවිඳු පතිරණ 

Concorde ( Supersonic) ලොව වේගවත්ම මගි ගුවන් යානය..

ලොව වේගවත්ම මගි ගුවන් යානය...
ශබ්දය හිරිහැරයක් වු නිසා විශ්‍රාම ගැන්වූ කොන්කෝඩ්..
Concorde ( Supersonic)
ශබ්දය වේගය අභිබවා යන පළමු මගී ගුවන් යානය ලෙස මෙය හැඳින්වූවාට වරදක් නැත.යූරෝ බිලියන 1.3ක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වෙන කොන්කෝඩ් යානයට දැනට ගුවනේ සැරිසැරීමට ඉඩක් නැත.ඒ ඉන් නිකුත් වන අධික ශබ්දය නිසාවේනි..එහි ප්‍රබලත්වය කොපමණද යැයි කිවහොත් ගොඩනැගිලි වල ජනේල කම්පනය දරා ගත නොහැකිව කැඩි බිඳි යන වාර්තා වේ..
නමුත් supersonic ඊළඟ පරම්පරාවේ යානය නාසා ආයතන විසින් නැවත ප්‍රතිනිර්මාණය වන බවද වාර්තා වේ.ඒ සුප්‍රකට බෝයිං සමාගම හා එකතුවය.
පරීක්ෂණ වර්ජිනියා ප්රාන්තයේ පිහිටුවා ඇති නාසා ආයතනයට අයත් ලෑන්ලි පර්යේෂණ ආයතනයෙදිත් සිදු කෙරෙනවා.
එෆ්-100 වර්ගයේ ජෙට් ප්රචාලන පද්ධති ඇතුළත් සුපර්සොනික් තාක්ෂණය රැගත් නව ගුවන් යානා අනුරූ, තියුණු වේගයෙන් වායු ධාරා නිකුත් කෙරෙන ප්රචාලන ක්රම, විවිධ හැඩ යානා වල්ගා සහිතව එහිදී අත්හදා බලනවා. පරිසරයට හානි නො වන සේ අවම ශබ්ද තරංග නිකුත් කරන පද්ධති හඳුනා ගැනීමයි, මෙහි දී සිදු කෙරෙන්නේ.
මේ පරීක්ෂණ සාර්ථක වුවහොත් කොන්කෝඞ්වලින් පසු ගුවන්ගමන් සඳහා යළිත් සුපර්සොනික් මගී යානා බිහි වනු ඇත.
කොන්කෝඞ් මංගල මගී ගමන සිදු වූයේ 1976 ජනවාරි 21 වැනිදායි. එය එදා සිට ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වාත්, එතැනින් ඇමරිකාවේ නිව්යෝක් හා වොෂින්ටන් නගර දක්වාත් නිරන්තර සේවයේ යෙදුණා.
කොන්කෝඞ් යානයේ ප්රථම මගී ප්රවාහන ගමන සිදු වුණේ 1976දියි. 2003 දී අවසන් ගමන් යන තෙක් එය ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර නිතිපතා එහා මෙහා ගියා.
ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර යන එක් ගමනකට පැය තුනහමාරක් ගත වුණා. සාමාන්ය උපධ්වනික ජෙට් යානයකට මේ ගමන යන්නට පැය අටක් පමණ ගත වෙනවා.
1986 දී කොන්කෝඞ් යානය ලෝකය වටා සැතැපුම් 28,238ක දුරක් පැය 29කුත් මිනිත්තු 59ක් ඇතුළත පියාසර කිරීමට සමත් වුණා.
2000 ජූලි 25 වැනිදා කොන්කෝඞ් යානයක් ප්රංශයේ ගොනස් (Gonesse) හී හෝටලයකට කඩා වැටී එහි සිටි සිවු දෙනකු හා යානයේ සියල්ලන් ම මිය ගියා. එය කොන්කෝඞ් යානයක් මුළු කාලයටම මුහුණ දුන් එකම මාරක අනතුරයි. ඉන් වසර තුනකට පසු එය මුළුමනින් ම නවතා දැමුණා. එහි අවසාන මගී ප්රවාහන පියසැරිය සිදු වූයේ 2003 ඔක්තෝබර් 24 වැනිදා නිව්යෝක්හි සිට ලන්ඩන් දක්වායි.
1969 සිට කොන්කෝඞ් පරීක්ෂණ ගමන්වල යෙදුණා.
පැ.සැ. 250 - කොන්කෝඞ්හී ආරම්භක වේගය.
මිලියන 2.5 - කොන්කෝඞ් යානයෙන් ගෙන ගිය මගීන් සංඛ්යාව.
Top speed: 1,354 mph (2,179 km/h)
Introduced: January 21, 1976
Retired: November 26, 2003
First flight: March 2, 1969
Cruise speed: 1,320 mph (2,124 km/h)
Engine type: Rolls-Royce/Snecma Olympus 593
Manufacturers: Airbus Group , British Aircraft Corporation , Sud Aviation ,
Aérospatiale

ලිපිය 
කවිඳු පතිරණ 

බෝයිං 747 - 1500 වන යානය

බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ
බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය.
Lufthansa සමාගම සතු 1500 වන 747-800 යානයේ ව්යාපාරික පන්තිය

747 වැඩසටහනේ සාමාන්යාධිකාරි සහ උප සභාපති එරික් ලින්ඩ්බෑඩ් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම නව 747-800 ගුවන් යානය 747-400 ගුවන් යානයෙන් වෙනස් වනවා පමණක් නොව මෙම 70 වන 747-800 යානය එහි මුල් යානයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවයි.
1970 වර්ෂයේ දී “පෑන්-ඇම්“ සමාගමට මුල්ම 747 ගුවන් යානය ලබා දුන් අතර 1981 දී “ස්කැන්ඩිනේවියන්“ ගුවන් සමාගමට 500 වන යානය ලබා දුන්නේය. 1993 දී සිංගප්පූරු ගුවන් සමාගමට 1000 වන ගුවන් යානය ලබා දීමට බෝයිං සමාගමට හැකි විය. 2014 දී 1500 වන යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන් අතර සාමාන්යයෙන් මේ කාලසීමාවන් සළකා බැලීමේ දී වසර 10 ට වරක් පමණ යානා 500 ක් නිපදවා තිබෙන බව පෙනේ.
747-800 යානා ගුවන් සමාගම් 8ක් පමණ භාවිතා කරන අතර ගුවන් තොටුපලවල් 150 කට පමණ මෙහෙයුම් සිදු කරයි. ගුවන් පැය 385000 ක් පමණ දැනට පියාසර කර ඇත.

ලිපිය කවිඳු පතිරණ‎ ගෙන් 

Wednesday, January 27, 2016

f-35 යානය


මෙම යානය අණදෙන නිලධාරියකු මෙන්ද සිය භූමිකාව ඉටුකරන්නෙකි. අමෙරිකා හමුදාව ට මෙතෙක් එක් වූ මාරාන්තිකම ප්රහාරකයා මෙය යි. වෙනත් යානයක් පැදවීමේ දී නියමුවා ගේ හිස මත පැටවෙන අභියෝගාත්මක ගැටලු වලින් F - 35 නියමුවා මුළුමනින් පාහේ නිදහස්ව තැබේ. ඒ සෑම ගැටලුවකටම පරිගණකය ප්රතිචාර දක්වයි.
මේ නිසා මිසයිල හෝ බෝම්බ හෙළීමෙන් නොනැවතී හරියට ඩ්රෝවින් බෝට් එකක් මත සිය යානය හසුරුවන්නාක් මෙන් නියමුවාට යුද බිමේ දී F - 35 හැසිරවීමට හැකියාව ලැබී තිබේ. F - 35 සැලසුම් කර ඇත්තේ ද තනි ගුවන් නියමු අසුනකින් යුතුවයි.
එය දියුණුම තාක්ෂණික ක්රම වටකරගෙන සිටී. F - 35 මිසයිල පද්ධතිය පවා ස්ථානගතව ඇත්තේ යානය හඳුනා ගැනීමට සතුරාට අපහසු වන අයුරිනි. යානයේ පසු පියාපත් යුවළට සතුරු රේඩාර් මඟ හැරවීමේ හැකියාව පවතී. අමෙරිකා ගුවන්, නාවික සහ මැරයින් හමුදා සඳහා හඳුන්වා දුන් නවීනතම ප්රහාරකයා වන F - 35 යානය 5 වැනි පරම්පරාවට අයත් ප්රහාරක ගුවන් යානයකි.
අනාගතවාදී බව, ප්රහාරක හා තාක්ෂණික හැකියාවන්, මෙහෙයවීමේ පහසුව ආදී සියල්ල මැද එය අතිශයින්ම මිල අධික යානයක් වීම ගැන ද කතා බහක් ඇති වී තිබේ. F - 35 එළිදුටුවේ වසර ගණනාවක පර්යේෂණ වල ප්රතිඵලයක් වශයෙනි. ඊට දශකයක්වත් ගතවූ බව පැවසේ.
එම පර්යේෂණ අදියර වලදී දවසකට දස වතාවක්වත් බැගින් සතියේ දින හතේ ම එහි සැලසුම් වෙනස් කම්වලට ලක්වී තිබේ. 2001 දී පටන් මේ දක්වා එහි නිෂ්පාදන මිල අනුව වැය ඇස්තමේන්තුව ඉහළ ගිය ආකාරය දෙස බලන විට ඇ.ඩො. බිලියන 396 දක්වා වැඩි වී ඇත්තේ දෙගුණයක් වීමෙනි.
නිෂ්පාදනයේ දී පමාවක් ඇති වුණහොත් ගුවන් සහ නාවික හමුදාවන් ට අමතරව ඇ.ඩො. බිලියන 5 ක් වත් දැරීමට ද සිදුවේ. මෙපමණ විශාල මුදලක් වැය කිරීමෙන් හා වෙහෙසක් දැරීමෙන් පසුවත් ගුවන් යානා තාක්ෂණය අඩුම තරමින්, වසර 5 කට වරක්වත් බලවත් වෙනස්කම්වලට ලක්වන බව ද අමතක කළ නොහැකි ය. F - 35 වෙනුවෙන් දරන වියදම විවේචනාත්මකව දකින අයට මෙන්ම අමෙරිකාවේ බදු ගෙවන ජනයාට ද එය පිළිතුරු සපයා ගත යුතු ප්රශ්නයකි.
දැනටමත් පෙන්ටගනය වියදම් කපා හැරීමේ පිළිවෙතකට යොමු වී සිටී. ඒ, ඇ.ඩො. බිලියන 500 ක් තරම් විශාල ප්රමාණයකිනි. එහෙත් F - 35 ගනුදෙනුව සඳහා පමණක් ඇ. ඩො. බිලියන 400 ක් පමණ වැය කිරීමට සිදුවෙයි.
ගෝලීය ආරක්ෂක වියදමෙන් 45% ක් ම අමෙරිකාවේ එම කොටසයි මිචිගන් හි රිපබ්ලිකන් සෙනෙට් සභික ජස්ටින් අමාෂ් ට ඇති ප්රශ්නය මේ වියදම 42% හෝ 43% දක්වා පහත හෙළීමෙන් අමෙරිකාව හදිසි ආක්රමණයකට ලක් විය හැකි ද යන්න යි. “දැනටමත් අපි අපේ රට බංකොලොත් භාවය ට ගෙන යමින් සිටින්නේ, මේකෙන් වෙන්නෙ අපව තවත් අනතුරකට ඇදල දාන එකයි...” අමාෂ් පෙන්වා දෙයි. මේ ප්රශ්නය ඔහුට පමණක් ඇති ප්රශ්නයක් ද නොවේ. ටෙක්සාස් හි රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් සේර්ඩින් කියන්නේ “අපි අපේ සියලු බිත්තර
F - 35 බාස්කට් එකට දැම්මා” යනුවෙනි. ඔහු එසේ කියන්නේ අමෙරිකාවේ තාක්ෂණික හා මිලිටරි වික්රමයන් ගැන පමණක් සිතා නොවිය හැකි ය. පෙන්ටගනයේ ප්රධාන පෙළේ අවි ගැනුම්කරුවකු වන එඩ්වඩ් ඇල්බ්රිජ් ට අනුව නම්, F - 35 විසින් තාක්ෂණික විශිෂ්ටතා අරබයා පමණක් නොව ව්යාපාරික භාවිතාවන් පිළිබඳ ද අලුතෙන් යමක් ලියමින් පවතී.
ඇතැම් විචාරකයන් මතු කරන ප්රශ්නය F - 35 වැනි 5 වැනි පරම්පරාවේ යානයක් සඳහා චීනය හෝ රුසියාවෙන් ඇතිවිය හැකි තරගය යි. 4 වැනි පරම්පරාවේ යානයක් තාක්ෂණිකව වැඩි දියුණු කිරීමේ හැකියාව ගැන ඔවුහු පෙන්වා දෙති. එහෙත්, මීට වෙනස් මතයක් දරන අය කියන්නේ මේ හැකියාව ඇත්තේ අමෙරිකාවටම බවයි.
විශ්රාමික ජෙනරල්වරයකු වන මෙරිල් මැක්පීක් ට අනුව, F - 35 ව්යාපෘතිය මැරයින් ගුවන් බළකාය සඳහා රැකියා ව්යාපෘතියකි. F - 35 නිෂ්පාදන සමාගම වන ලොක්හිඩ් මාටින් සමාගම පවසන පරිදි F - 35 යාන උපරිම නිෂ්පාදන ධාරිතාවට ළඟාවන විට රැකියා අවස්ථා දෙගුණයකින් ඉහළ යනු ඇත. රැකියා අවස්ථා පිළිබඳ මේ කතා අසන්නට ලැබෙන්නේ බලවත් රැකියා කප්පාදුවකට අමෙරිකා ආර්ථිකය හසු වී සිටිය දී වීම ද අවධානය ට ලක් විය යුතු ය.
මේ සියල්ල අතර, දැනටමත් ගුවන් නියමුවෝ F - 35 ට පෙම් බැඳීමට පටන් ගෙන සිටිති. “එය පැදවීම හරිම සෙක්සි ඇත්දැකීමක්” ඒ, සමහර නියමුවන් ඒ අත්දැකීම වචනවලට පෙරලු ආකාරය යි.
“ඔබේ වම්පසින් හා දකුණු පසින් සිදුවන සෑම පුංචි දෙයක්ම ඔබ පැහැදිලිව දකිනවා. ඔබට කිසිවක් කරන්න අවශ්ය නැත්නම් ඔබ වෙනුවෙන් එය කළ යුතු දේ ද කරනවා...” ඒ, එක් නියමුවකු ගේ අදහසයි.
යානය සපුරාම පරිගණක පාලනයකින් යුතුය. එය අතිශයින් ම සංකීර්ණ මෙහෙයුම් කාර්යයකි. ජ් - 18 යානයට වඩා සය ගුණයකින් එය සංකීර්ණය. දැනට මිහි මත ඇති සංකීර්ණම මෙහෙයුම් පද්ධතිය F - 35 සමඟ පවතින බව විමර්ශකයන් ගේ මතය වී තිබේ.
F - 35 ගැන ඇති පුරසාරම් සහ විවේචන මැදින් එක් වැදගත් ප්රශ්නයක් මතුවී ඇත. ඒ, 21 වැනි සියවසේ දී අමෙරිකා හමුදාව සතුවූ නිවැරදිම හා ගැළපෙනම ප්රහාරක යානය එය විය හැකි ද? යන්නයි.
නමුත්
ගුවනේදී ප්රහාරක යානා අතර සිදුවන සටනකදී ඇමරිකාවේ නවීනතම ප්රහාරක යානය වන F-35 ඉතාමත් දුර්වල හැසිරීමක් දක්වන බව වාර්තා වේ.
අඩි 10000-30000 පරාසයේදී සමීප ගුවන් සටනක නිරත වීම සඳහා ත්-35 ප්රහාරක යානය සතු හැකියාව පරීක්ෂා කිරීමට පසුගිය අවුරුද්දේ ජනවාරි පැසිපික් සාගරයට ඉහළින් පැරණි ත්-16 යානයක් සමග ව්යාජ සටනක් පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම පරීක්ෂණයේදී F-35 නියමුවා සිය යානය රළු ලෙස පදවමින්, හරවමින්, F-16 යානය කෙසේ හෝ පහරදී බිම හෙළීමට උත්සහ කළ යුතුවූ අතර කෙසේ හෝ ආරක්ෂා වෙමින් -35 වෙත පහර දීමට උත්සහ කළ යුතු විය.
මේ සඳහා සහභාගීවූ නියමුවා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ පිටු 5කින් සමන්විත සංක්ෂිප්තය තුළ දක්වා ඇත්තේ F-16 යානයේ තෙල් ටැංකි 2ක් ඉවත් කරමින් හා F-35 හි අවි ඉවත් කරමින් බර අඩු කර තිබුණු තත්වයකදීත් F-35 සියලූ අවස්ථාවලදී සිය අකාර්යක්ෂම බව ප්රදර්ශනය කළ බවයි.
1970 දශකයේදී නිෂ්පාදනය කරනු ලැබූ සිව්වන පරපුරේ F-16 යානා පහසුවෙන් ඉක්මවිය හැකි ලෙස ඉන්ධන හා අවි යානය අභ්යන්තරයේ ගෙන යාමට සැලසුම් කරමින් F-35 යානය ලොක්හීඞ් මාටින් සමාගම විසින් නිපදවන ලදී.
මේ යානය සඳහා මෙතෙක් ඩොලර් ටි්රලියනයකට ආසන්න මුදලක් වියදම් කර ඇති අතර එය ඇමරිකාවේ මිල අධිකම ප්රහාරක යානා ව්යාපෘතිය බවද පැවසේ. දිගින් දිගටම මතුවූ දෝෂ හේතුවෙන් එය සුදු අලියෙකුවී ඇති බව ඇමරිකානු විචාරකයන්ගේ අදහසයි.

ලිපය   කවිඳු පතිරණ

ගැඹුරුම මිරිදිය ජලාශය

රුසියාවේ පිහිටා තිබෙන බයිකල් විල ලෝකයේ විශාලතම හා ගැඹුරුතම මිරිදිය විල වශයෙන් සැළකෙයි. මීට වසර කිහිපයකට පෙර, 2008 ජූලි 29 වැනි දා බයිකල් විලේ අබිරහස් සොයා කුඩා රුසියානු සබ්මැරීනයක් බයිකල් විලේ ගැඹුරුතම පතුළ බලා ගමන් කිරීමට සමත් විය. මිරිදිය විලක ගැඹුරුම පතුළට ගවේෂණ චාරිකාවක් ලෙස මෙය වාර්තා පොත්වලට ද එක් ව තිබේ.
දකුණු සයිබීරියානු ජාතිකයින් බයිකල් විල සැලකුවේ ඉතා වටිනා සම්පතක් ලෙසයි. වෙනත් විශාල විල් ලොව පුරා තිබුණ ද මෙය ලොව ගැඹුරුතම මෙන්ම විශාල ජල ප්රමාණයක් හිමි විලයි. බයිකල් යන නමෙහි අරුත “සමෘද්ධිමත් විල” නැතහොත් “සමුද්රය” යන්නයි. මේ විල කොතරම් විශාල ද කියනවා නම් තවමත් එහි යන සමහර නාවිකයන් පවසන්නේ ඔවුන් “මුහුදු යනවා” කියා ය.
රුසියානු ජාතිකයන්ගේ සිත්වල මෙම විල කෙරෙහි විශාල අගය කිරීමක් තිබෙනවා. මොස්කව් ජාතික විද්යාඥයෙක් බයිකල් විල සමාන කර තිබෙන්නේ “සෑම කෙනෙක්ම කුඩා කළ සිට ඉගෙනගෙන තිබෙන මියුරු ගීතයකටයි.” එහි විල් තෙර, නිල් කැටයක් බඳු පිරිසිදු ජලය හා වෙන කිසිම තැනක දැකගත නොහැකි නානාප්රකාර ජීවීන් යන මේ සෑම දෙයක්ම එම ගීතයට පණ පොවනවා වගෙයි.
කිලෝමීටර් 636ක දිගින් හා කිලෝමීටර් 80ක පළලින් යුත් බයිකල් විල චන්ද්රිකා ඡායාරූපයකට දිස් වන්නේ අඩවන් වූ නිල් දෑසක් ආකාරයටයි. එහි ගැඹුර මීටර් 1,600 කට වඩා වැඩි ය. මුළු ලෝකයේම තිබෙන මිරිදිය ජලයෙන් පහෙන් එකක්ම අඩංගු වෙන්නේ මෙම විලෙයි. මෙහි ඇති ජල ප්රමාණය උතුරු අමෙරිකාවේ පිහිටි පංච මහා විල් සියල්ලෙහිම ඇති ජල ප්රමාණයට වඩා වැඩියි.

උපුටා ගැනීම 
කවිඳු පතිරණ‎ ගෙන් 

මිග්-35 ප්‍රහාරක යානය

රුසියානු ප්රහාරක මිග්-35 - මිග්-29 ප්රහාරක යානය දියුනු කිරීමේ අවසාන ප්රතිඵලයක් ලෙස නිපදවා ඇත.මිග්-35, බෙහෙවින් වැඩි දියුණු කල පියාසර සහ ආයුධ පද්ධති හා විශේෂයෙන් නව AESA රේඩාර් වලින් සමන්විතය. රුසියානු හමුදා වාර්තා අනුව, එක්සත් ජනපද F-35 ප්රහාරක ජෙට් යානා සඳහා සමාන ජෙට් යානවක් ලෙස නව මිග්-35D multirole හැඳින්විය හැක.
මිකෝයාන් (කලින් මිකෝයාන්-ගුරේවිච් සැලසුම් කාර්යාංශය) නමින් හැඳින්වෙන රුසියානු හමුදා ගුවන් යානා සැලසුම් කාර්යාංශය පිහිටුවා ඇත්තේ ප්රහාරක ගුවන්යානා තැනීම සඳහාය. මුලින් රුසියානු සැලසුම් කාර්යාංශය කියා හැඳින්වුණු මෙය ආරම්භ කරන ලද්දේ ආටෙම් මිකෝයන් හා මිකයිල් ගුරේවිච් යන දෙදෙනා විසිනි. ‘මිග්’ (MiG) යන නාමය ලැබුණේ ඒ නිසාය. 1970 දී මිකෝයන්ගේ මරණයෙන් පසු ගුරේවිච් නමත් ඉන් ඉවත් කෙරිණ. රුසියානු රජය මෙම ආයතනය, ගුවන්යානා තනන ඉලියුෂින්, ඉර්කුට්, සුඛෝයි, ටුපොලෙව් හා යකොලෙව් යන ආයතන සමග එක්කොට ‘එක්සත් ගුවන් යානා නිෂ්පාදන සංස්ථාව’ යනුවෙන් නව ආයතනයක් පිහිටුවා ඇත.
රුසියාව මිග් යානා තනන්න පටන් ගත්තේ 1940 දී මිග්-1 යානයෙනි. එය සුපර්සොනික් යානයක් නොවීය. ඔවුන් ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි සුපර්සොනික් යානයක් මුලින් ම තැනුවේ 1955 දී ය. එය මිග්-15 නම් විය. ශී්ර ලංකා ගුවන් හමුදාවට එක්කර ගත් යානය වූයේ මිග්-23 විය. එය 1970 දී නිෂ්පාදනය කරන ලද්දක් විය. මිග් යානාවලට අංක යොදා ඇත්තේ ඔත්තේ සංඛ්යාවලිනි.
අලූත් ම මිග් යානයට සවි කර ඇති තොරතුරු දර්ශක පද්ධතිය පස්වැනි පරම්පාරවට අයත් එකකි. රුසියන් අවි මෙන් ම විදේශ නිෂ්පාදන අවි ද එයට සවි කළ හැකිය. යානයේ බඳ ඇතුළු කොටස් ජීවිත කාලයක් පවතින ආකාරයට ශක්තිමත්ව තනා ඇත. යානය සැලසුම් කර ඇත්තේ එහි එන්ජින් හා අනෙකුත් උපකරණ වෙනුවට අලූතින් වැඩි දියුණු කළ ඕනෑම කොටසක් හෝ උපාංගයක් සවි කළ හැකි වන ආකාරයටය. මෙහි සමස්ත සැලසුම පිළියෙල කර ඇත්තේ බටහිර රටවල ඇති තරගකාරී ප්රහාර ජෙට් යානාවලට සරිලන පරිදි අවශ්ය විට ඕනෑම නවාංගයක් පහසුවෙන් එක් කළ හැකි වන පරිද්දෙනි.
සතුරු ආවේක්ෂණ පද්ධති අවුල් කරන්නට හැකි බහුකාර්ය ඉලෙක්ට්රොනික පද්ධතියක් ද මෙයට සවි කර ඇත. මේ නිසා රේඩාර්වලට හසු නොවී යන්නට ඊට හැකියාව ඇත. එසේ ම වැඩි අවි ප්රමාණයක් ගෙන යාමට ද මෙයට හැකියාව තිබේ.
මෙම යානය හැසිරවීම පුහුණුවන්නට ද නව සිමියුලේටරයක් ද තනා තිබේ. ඒ මගින් ගුවනට නොනැඟ නියමුවන්ට මෙය හැසිරවීමට පහසුවෙන් ම ඉගෙන ගත හැකි වෙයි.
දැනට නිෂ්පාදනයේ පවතින මිග් 35ට ඇතුළත් ගුණාංග මේවාය. නිෂ්පාදනය අවසන් වන විට අවශ්යතාව අනුව මෙයට තවත් වැඩි දියුණු කළ උපකරණ සවි කිරීමට ඉඩ තිබේ.
පොදු ගුණාංග:
නියමුවන් ගණන: එකක් හෝ දෙකක්
දිග: මී. 19 ( අඩි 62 අඟල 4)
තටු විහිදුම: මී. 15 (අඩි 49 අඟල් 3)
උස: මී. 6 (අඩි 19 අඟල් 8)
හිස් බර: කි.ග්රෑ. 15,000 (රා. 33,069)
ගෙන යා හැකි උපරිම බර: කි.ග්රෑ. 22,700 (රා. 50,076)
බලපිරියත: 2× ක්ලිමෝෆ් RD-33MK පසුව දැල්වෙන ටර්බෝ ෆෑන්
කාර්යසාධනය:
උපරිම වේගය: මැක් 2.4 (පැ.කි.මී. 2,556ත් හෝ පැ.හැ. 1,587)
වරකට යා හැකි දුර: කි.මී. 3700/සැ. 2,387(බාහිරව සවි කළ හැකි තෙල් ටැංකි සමග කි.මී. 4800/සැ.3000)
සේවා උස: මී. 18,000 (අඩි 62,000)
නැග්මේ වේගය: තත්/මී. 320 (වි. අඩි 63,360)
යුද අවි:
මිමී. 1×30 GSh-30-1 කාලතුවක්කුවක් (වෙඩි මුර 150ක් තැබිය හැකි)
ගගන හැසුරුම් උපකරණ:
ෆාසොට්රොන් සූක් AE රේඩාරය
NII PP ප්රකාශ මාර්ගාවේක්ෂණ පද්ධතිය

ලිපිය කවිඳු පතිරණ ගෙනි 

The Nazca Lines - අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනුවෙන් ඇදපු නස්කා චිත‍්‍ර

මොනවද මේ නස්කා චිත‍්‍ර ?
පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?
නස්කා චිත‍්‍ර
නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.
නස්කා නිම්නයේ නස්කාවරු
ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.
පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.
අහසින් ගිය නස්කාවරු
සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.
ජර්මානු ගණිතඥ මරීයා රීචේ
දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.
අභිරහස අභිරහසක්ම තමයි
තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.

ලිපිය කවිඳු පතිරණ ගෙන් 

Otto von Bismarck නොහොත් බිස්මාර්ක්

ටයිටැනික්'' අසමාන කීර්තියට යටවුණු...ලොව එවක පැවැති අනභිභවනීය ජර්මානු යුද නැව 'බිස්මාර්ක්''...........

බිස්මාක් නැව හිට්ලර්ගේ පාලනය යටතේ තැනුනු අති විශිෂ්ට ප්රහාරක යුද නැවකි. එය ද කිසිවෙකුට ගිල්විය නොහැකි යැයි පැවසූ ‍එකකි.. සත්ය වශයෙන්ම බිස්මාක් නැවට ''ආර්ක් රෝයලයෙන්' " ප්රින්ස් ඔෆ් වේල්ස්, පස්වන ජෝර්ජ්, ආදි දැවැන්ත යාත්රා 5කින් පහර පිට පහර එල්ල කලද..නොගිල්වී තිබුණි!! අවසානයේ එම නැව් ගිල්වන්නටද 'බිස්මාර්ක්'' සමත් වුණි. නමුත් මෙය කෙසේ හෝවැනසීමට එල්ල ගුවන් ප්රහාර හා ටෝපිඩො ප්රහාර නොවන්නට මහා බ්රිතාන්යයට ''නෝන්ඩි'' වන්නට ඉඩ තිබිණි. වෙනත් නැවකට මේ ප්රහාරයන් එල්ල කළා නම් විනාඩි 15ක් තුළ විනාශ වන නමුත් බිස්මාක් ස්වකීය කීර්ති කදම්බය වචන වලට සීමා නොකළ සැබෑ යුද නැවක් විය. එය ගිලී යාමට දිනක් ගතවිය. එහි කපිතාන් ලින්ඩර්මාන් එහි කටයුතු මෙහෙය වූ අයුරැ ගැන අපූරැ කතා පුවත් රැසකි.....චර්කලචිල්ගේ උපදෙස් මත ෂෙල් 600ක් පමණ එල්ල කරද එහි බඳට වැදි ඇත්තේ සොච්චම් ගණනකි.  1941 මැයි 27 අත්ලාන්තික් සයුරේ ගිලි ගියේ නියම වීරයෙකු ලෙසය.මෙහිදි 2000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.

එකම එක ක්රියාන්විතයකට පමණක් සහභාගිවූ බිස්මාර්ක් නැව, මෙතරම් වැදගත් තැනක් ගන්නේ ඇයි. විශේෂත්වය වන්නේ 1940 යුගයේදී ලොව බලවත් යුරෝපීය රටවල් අතරින් නිපදවුණු, මේ ආකාරයේ ප්රථම නැව මෙය වීම හා මෙයට අභියෝග කළහැකි නැවක් ලොව වෙනත් කිසිදු රටක් සතුව එවකට නොතිබීමයි.
බිස්මාර්ක් නැව නිපදවීම ආරම්භ වුයේ 1936 ජූලි මස පළමුවැනිදා ජර්මනියේ හැම්බර්ග් වරායෙහිදීය. 1939 පෙබරවාරි මස 14 වැනිදා දියත් කල මෙම නැවේ අත්හදා බැලීම් නිමකොට, සියලු වෙනස්කිරීම් හා නවීකරණ කටයුතු නිමවා, අධිකාරියට පත්කොට, (නාවික හමුදාවක ඇති යුද නැව් මෙන්ම තෝරාගත් වෙනත් යාත්රා අධිකාරියට පත්කිරීම (Commissioning) ලොව පුරා නාවික හමුදා සම්ප්රදායකි. එවැනි නැවකට ගොඩවන විටත් බසින විටත් ත්රිවිධ හමුදාවට අයත් සියලු දෙනා නැවට ආචාර කල යුතුය) සේවයේ යොදවන ලද්දේ 1940 අගෝස්තු 24 වැනිදා ය. එනම් දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වන්නට ඔන්න මෙන්න කියන අවදියේදීය. මෙම නැවට ‘බිස්මාර්ක්’ යන නම ලැබුණේ, 1871 දී ජර්මනිය එක්සත් කිරීම සඳහා පුරෝගාමීවූ චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් Chancellor Otto Von Bismarck සිහිපත්වීම සඳහාය.

බිස්මාර්ක් නැවේ සැකිල්ලේ පටන් එහි ඉදිකිරීම ඉතා විශේෂ සැලැස්මකට අනුව සිදුවිය. කොතරම් රළු මුහුදක වුවද අපහසුවකින් තොරව ගමන් කිරීමත් සතුරු ප්රහාර වලට හොඳින් ඔරොත්තු දීමත් මේ නැව නිපදවීමේදී විශේෂ අවධානයට ලක්වූ කරුණු විය. බිස්මාර්ක් නැව නිපදවුනේ තනිව නොවේ. ඒ සමගම එවැනිම තවත් නැවක් නිපදවුනි. එය හැඳින්වුණේ ‘ටර්පිට්ස්’ ‘Tirpitz’ යන නමිනි. 1936 දී ඉදිකිරීම් ආරම්භ කල මෙම නැව බොහෝ දුරට බිස්මාර්ක් නැවට සමාන විය. 1941 දී අධිකාරියට පත්කර සේවයේ යෙදවූ මෙම නැවට අයත්වූ ප්රධාන කාර්යභාරය වුයේ, උතුරු අත්ලාන්තික් සාගර ප්රදේශයේ සෝවියට් රුසියානු නාවික බලයට එරෙහිව ක්රියා කිරීමයි. සාර්ථකව තම රාජකාරියේ යෙදුන මේ නැවෙන් එල්ලවූ තර්ජනය බලවත්වූ බැවින්, මිත්ර හමුදා විසින් සබ්මැරීන් ප්රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙන් 1944 වසරේදී මෙම නැව විනාශ කරනලදී.
251 m (823 ft) දිග,පළල  36 m (118 ft 1 in),   41700ක් ටොන් බරැති මෙම යුධ නැව තුළ ගුවන් යානා (  4 × Arado Ar 196 floatplanes)  ගොඩ බැස්සීමේ හැකියාවද තිබුනි.

බිස්මාක් නොගිල්වන්නට ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබිණි..
බිස්මාක් නැව 1986 දී නැවත මුහුදු පතුලේ තිබී සොයාගැණිනි. මේ ආශ්රිතව Sink the Bismark නමැති විශිෂ්ට සිනමා පටය තැනී ඇත.

ලිපිය කවිදු පතිරනගෙනි