රුසියාවේ පිහිටා තිබෙන බයිකල් විල ලෝකයේ විශාලතම හා ගැඹුරුතම මිරිදිය විල වශයෙන් සැළකෙයි. මීට වසර කිහිපයකට පෙර, 2008 ජූලි 29 වැනි දා බයිකල් විලේ අබිරහස් සොයා කුඩා රුසියානු සබ්මැරීනයක් බයිකල් විලේ ගැඹුරුතම පතුළ බලා ගමන් කිරීමට සමත් විය. මිරිදිය විලක ගැඹුරුම පතුළට ගවේෂණ චාරිකාවක් ලෙස මෙය වාර්තා පොත්වලට ද එක් ව තිබේ.

රුසියානු ජාතිකයන්ගේ සිත්වල මෙම විල කෙරෙහි විශාල අගය කිරීමක් තිබෙනවා. මොස්කව් ජාතික විද්යාඥයෙක් බයිකල් විල සමාන කර තිබෙන්නේ “සෑම කෙනෙක්ම කුඩා කළ සිට ඉගෙනගෙන තිබෙන මියුරු ගීතයකටයි.” එහි විල් තෙර, නිල් කැටයක් බඳු පිරිසිදු ජලය හා වෙන කිසිම තැනක දැකගත නොහැකි නානාප්රකාර ජීවීන් යන මේ සෑම දෙයක්ම එම ගීතයට පණ පොවනවා වගෙයි.
කිලෝමීටර් 636ක දිගින් හා කිලෝමීටර් 80ක පළලින් යුත් බයිකල් විල චන්ද්රිකා ඡායාරූපයකට දිස් වන්නේ අඩවන් වූ නිල් දෑසක් ආකාරයටයි. එහි ගැඹුර මීටර් 1,600 කට වඩා වැඩි ය. මුළු ලෝකයේම තිබෙන මිරිදිය ජලයෙන් පහෙන් එකක්ම අඩංගු වෙන්නේ මෙම විලෙයි. මෙහි ඇති ජල ප්රමාණය උතුරු අමෙරිකාවේ පිහිටි පංච මහා විල් සියල්ලෙහිම ඇති ජල ප්රමාණයට වඩා වැඩියි.
උපුටා ගැනීම කවිඳු පතිරණ ගෙන්
No comments:
Post a Comment