Saturday, January 30, 2016

පියාඹන යුධ ටැංකිය නොහොත් MI-24.


MI-24 අප සැවොම අසා ඇති හෙලිකොප්ටර් යානයකි.ඒ මෙරට සිවිල් යුධ සමයන්හිදී පාබල හමුදාවන්ට මින් ලබා දුන් අනගි සහයෝගයයි.. විශේෂයෙන්ම මානුෂීය යුධ සමයෙහි දි මින් ලබා දුන් දායකත්වය සුළුපටු නැත.
1995 වර්ෂයේ ආරම්භ කල මෙම බලඝණයට මේ වන විට අවුරුදු 20ක සේවා ඉතිහාසයක් ඇත.2009දී ජනාධිපති වර්ණ ප්‍රදානයටද පාත්‍ර විය.
සෝවියට් නිශ්පන්දයක් වන මෙය attack helicopter හා transport යන ඝන දෙකටම අයත් වේ.මගින් අට දෙනෙකුට මෙහි ගමන් කිරිමේ පහසුව ඇත. 1972දී සේවා සඳහා එක් වු යානය මේ වන විට රටවල් 34කට අධික ගුවන් හමුදාවන්ට තම සේවය සපයනු ලැබේ.
සීතල යුධ සමයේ නිර්මාණය වන මෙම යානය American Bell UH-1 "Huey" යානය පාදක කොට නිර්මාණය වී ඇත. වේගය 208 mph (335 km/h) වන අතර මෙහි පෙති(wingspan) 5ක් ඇත.පෙත්තක දිග 17.3 m කි.දිගින් 57' (18 m)ක් වූ යානය (Engine type)Turboshaft එන්ජිමකින් සමන්විත වේ. යානයේ බර (Empty)8,500 kg වේ. යානයේ වටිනාකම US$ 12 million පමණ වේ.දැනට යානය Mil Moscow Helicopter Plant හි අංගනයේදි නිෂ්පාදනය කෙරේ.මේ වන විට මෙම කාණ්ඩය යටතේ Mi-24 HIND හ Mi-25 HIND D, Mi-35 HIND E හෙලිකොප්ටර් යානාද නිපදවේ.
12.7-mm 4x Barrel Machinegun, 30-mm Twin Barrel Cannon, 750 - 1x twin 30-mm gun, හෝ 1,470 - 12.7-mm 4 barrel turret gun, 2-12 - AT-2C or AT-6C Spiral ATGMs, 2-4 - 80-mm S-8 rocket pods (20 ea.), 2-4 - 57-mm S-5 rocket pods (32 ea.), 940 - GSh-23L twin 23-mm MG pods, 4 - 250-kg bombs FAB-250, 2 - 500-kg bombs රැඳවිය හැකිය.තවද අතිරේක 500L තෙල් ටැංකියක්ද මෙයට සවි කළ හැකිය.තවද MI-24හි විශේෂිත අවි ලෙස Turret-mounted 4-barrel 12.7-mm Gatling type machinegun, 57-mm rockets, AT-2C/ SWATTER ATGMs, Anti-Tank Guided Missiles යානයේ රැඳවිය හැකිය.

 මෙම යානය සම කළ හැක්කේ UH-60 Black Hawk, AH-64 Apache, Mangusta A129 යන හෙලිකොප්ටර් වලට පමණි.සාමාන්‍යයෙන් HIND යානා භාවිතා වනුයේ daytime මෙහෙයුම් සඳහා පමණි.නමුත් රාත්‍රි හා අයහපත් කාළගුණ තත්ත්වයන්ට උචිත පරිදි වැඩි වැඩි දියුණු කල යානාද ඇත.

ලිපිය 
කවිඳු පතිරණ

5 comments:

  1. මෙවැනි ලිපියක් ලිවීමේදී ඔබ මීට වඩා දැඩි සැලකිල්ලකින් ක්‍රියාකළයුතුයි. 'අනුන්ගෙන් උස්සලා (උබලට නෙවෙයි උඹලට) දෙන ඒවා' කිව්වට, ඔබට යම් වගකීමක් තිබෙනවා ලිපිය ඉදිරිපත් කරන්නා ලෙස.

    මේවාත් කියවා බලන්න.

    https://en.wikipedia.org/wiki/Mil_Mi-24

    http://www.militaryfactory.com/aircraft/detail.asp?aircraft_id=70

    https://en.wikipedia.org/wiki/Mil_Mi-24_variants

    ReplyDelete
    Replies
    1. විචාරක සහෝ එක්ක මම එකගයි.. හැබැයි ඔයා කියන්නේ Label එකක් ගැන.. ඒ වචන ගැන වැඩිය හිතන්න එපා. අපි හැමෝම මහත්තුරු නෙමේනේ.. :)

      ඔයා දුන්නු ලිපිත් ආශ්‍රයෙන් තමයි මන් හිතන්නේ කවිදු සහෝ ලියලා තියෙන්නේ. අපිට ඉතින් ඉංග්‍රීසි බැනේ. ඒ නිසා කවිදුලා වගේ අයගේ පරිවර්තන අපිට වටිනවා.. ලිපියේ අඩු පාඩු තියේද සහෝ ?

      Delete
  2. මා හිතනවා තරුණ මහත්මයා, ඔබ මට සහෝ කීම ගැන මුලින්ම ස්තුති කරන්න. මොකද මගේ දැන් වයස අවුරුදු 62 ක්. මා හිතනවා ඔබේ වයසට වැඩි වයසක සිටින දරුවන් මට ඉන්නවා කියා.

    මට ඔබට කියන්නට අවශ්‍ය මෙයයි. තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ලිවිය යුතුයි. ඔබ මේ ලියන්නේ (හෝ අනුන් ලියන ලද දෙයක් ගෙනහැර පාන්නේ) ළමා පත්තරයකට හෝ පාසලේ බිත්ති පුවත්පතකට නොවෙයි. මුළු ලෝකයටම නැරඹිය හැකි ආකාරයටයි. එහිදී අපට හිතෙන හිතෙන දේ ලිවීමට හෝ අපිට ඉංග්‍රීසි බැහැ කියා වැරදි තොරතුරු දෙන්නට හෝ බැහැ.

    ඒ නිසා ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලන්නේ, ඔබ මෙහි දක්වා ඇති බොහොමයක් ලිපිවල ඇති තාක්ෂණික කරුණු ගැන නැවත සලකා බලන ලෙසයි. මෙය ඔබට කරන අපහාසයක් හෝ අවමානයක් නොවේ. කාරුණික ඉල්ලීමක් පමණයි.

    ගුවන් යානයක්, යුද ටැංකියක්, තුවක්කුවක් ගැන ලිපි ලිවීමේදී, ඒ සඳහා මූලාශ්‍ර කරගන්න ලිපි, ඉතා ගැඹුරෙන් අධ්‍යයනය කලයුතුයි. මා දැනට වසර හතරක පමණ සිට තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ලියනවා. ඔබට ඉතා කරුණාවෙන් ආරාධනය කරනවා මගේ අඩවි දෙකට පිවිස බලන ලෙස. එම ලිපිද සර්ව සම්පූර්ණ නැහැ. අඩුපාඩු තිබෙනවා. පාඨකයන් ඒවා පෙන්වා දෙනවා. ඒ ආකාරයටයි මමත් ලියන්නේ.

    http://wicharaka.blogspot.com

    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන සහෝ කිව්වට. ඇත්තෙන්ම මම නෙමෙ මේ පෝස්ට් ලිව්වෙ. හිගක් දුරට මගේ අදහස් පල වෙන්නෙ කතිකාවත සහ මගේ අදහස් කියන ටැබ් දෙකෙ. නමුත් ඔබතුමාගෙ අදහස අනිවර්‍යෙන් මන් කවිදුට යොමු කරනව. ඒ වගෙම ඔබතුමාගෙ බ්ලොග් අඩවි ඩ්ගෙකට ස්තූතියි. මමත් දැන් ඒවගෙ රසිකයෙක්..

      Delete
    2. චරිත පුතා මෙහෙම කරන්න. ඔයාට හිතෙන ලස්සන සිතුවිලි ඕනෙතරම් ඇති. තාක්ෂණික කරුණු ඇතුව හෝ නැතුව. ඉස්සරවෙලාම ජීවිතය ගැන, සමාජය ගැන, ආදරය ගැන, ගෑණුලමයි ගැන, ඇතිවෙන සුන්දර සිතුවිලි ලියන්න. ඊට පස්සේ අපි යමු ටිකක් ගැඹුරු දේවල් වලට. ඔබේ බ්ලොග් එකේ ඔබම ලියන්න. වෙනත් කෙනෙකු ලියන ලද ලිපි පලකලාම, ඒ ගැන පලවන පාඨක අදහස් වලට ඔබට පිළිතුරු දෙන්න බැහැ. ඒ සඳහා අයිතිය තියෙන්නේ ඒ ලිපිය ලිව්වා කෙනාටයි. ඔබ ඔහු වෙනුවෙන් පිළිතුරු දීම එතරම් සදාචාරාත්මක නැහැ.

      Delete