Sunday, January 31, 2016

මරු ත්‍රිකෝණය ... (බර්මියුඩා ත්‍රිකෝණය)

තවමත් නොවිසදුන අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්රිකෝණාකාර මුහුදු කලාපය තුල වර්තමාන වන විට අතුරුදහන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්රමාණය සිය ගණනකි'බර්මියුඩා ත්රිකෝණය තියෙන්නේ බටහිර අත්ලාන්තික් මුහුදේ ඇමරිකාවේ ෆ්ලොරීඩා හා බ්රසීල මුහුදේ සැතපුම් 20ක් උතුරෙන් තියෙන ලක්ෂ්ය තුනක් යා කරන වර්ග කිලෝමීටර් දහස් ගණනක් අයත් වන ප්රදේශයකය'
1945 සිට බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන දේවල් අතරට ගුවන් යානා 300ක් නෞකා 250ක් සහ මිනිසුන් දහස් ගණනක් වෙනවා.හැබැයි පුදුම වැඩේ කියන්නේ මේ අතුරුදහන් වුන කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් සොයාගන්න බරිවුනලු ඉන් සිදුවීම් කිහිපයක්'
1945 දෙසැම්බර් 5 දින Flight-19 අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම'
1948 ජනවාරි 29 දින KC-135 වර්ගයේ ගුවන් යන 2ක් අතුරුදහන් වීම'
1999 ජුනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම'
1967දී අධිවේගී රේස් බෝට්ටුවක් කිට්ටුව වෙරළේ සිටි අය බලාගෙන ඉද්දීම අතුරුදහන් වෙලා තියෙනවා'
1973 මාර්තුවල ටොන් 20 000ක් බර භාණ්ඩ ප්රවාහන නැවක්'
1924දී ජපාන නැවක්'

ඊටත් වැඩ පුදුම දෙයක් තමි 1932දී නැව් දෙකක් අතුරුදහන් වෙලා පස්සේ හොයගෙන්න තියෙනවා"එත් ඒවායේ සේවය කරපු කෙනෙක්වත්" ගියපු මගියෙක්වත් සොයාගන්න බැරිවෙලා...
බර්මියුඩා ත්රිකෝණයේ අතුරුදහන් වුන නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකන්ම එක්ක රේඩියෝ තියෙනව.මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පණිවිඩ වලින් මේ ප්රශ්න වලට යම් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්ලු.1995 වෙද්දී අතුරුදහන් වුන ගුවන් යානා 100කට වැඩියිලු' එයින් 35] කම තම ගුවන් යානා කිට්ටුව අහසේ තිබුන යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියෙනවා' 25] ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා ගිහින් තියෙනවා.අනිත් ඒවා එකපාරටම අතුරුදහන් වෙලා තියෙනව.
බර්මියුඩ ත්රිකෝණයේ අභිරහස තවන්මත් නිසියාකාරයෙන් විසදී නොතිබුනත් ඉන් පිටත සාගරයේ සිදුවන බොහෝ නෞකා අතුරුදන් වීම්වලට හේතුව අනාවරණය කරගන්නට ඕස්ට්රේලියාවේ මොනෑෂ් සරසවියේ ඩේවිඩ් සහ ජෝශප් මොනගන් යන පරීක්ෂකයන් දෙදෙනෙකුට හැකි වී තිබෙනවා'

ඩේවිඩ් සහ ජෝශප් මෝගන් පවසන්නේ මේ මුහුදු යාත්රා ගිලියාම පිලිබදව මුහුදු පත්ලේ මීතේන් සංචිතය වගකියයුතු බවයි 'සාමාන්යයෙන් වගුරු හා පතල් වලින් නිකුත් වෙන මීතේන් ,ගන්ධයක් රහිත වන අතර" එය පවතින්නේ වායුවක් ලෙසිනි.එහෙත් ගැබුරු සාගර පත්ලේ ඇති අධික පීඩනය හේතුවෙන් මීතේන් එකට කැටි වී" අයිස් වැනි ඝන මීතේන් තැන්පතු හට ගන්නවා' මේවා හදුන්වන්නේ වායු හ්යිඩ්රේට ලෙසයි'මෙවැනි මීතේන් එකවරම පිපිරී විඝටනය වීම නිසා වායු බුබුළු"සාගරය මතු පිටට පැමිණෙන විට දැවැන්ත වායු බුබුළු බවට පත් වී නෞකා ගිල දමන බවයි'ඔවුන් පෙන්වා දෙන්නේ යුරෝපා හා බ්රිතාන්ය මහද්වීප අතර උතුරු මුහුදේ මෙවැනි ප්රදේශ රාශියක් ඇති බව දැනට සිදුකරන ලද පරීක්ෂණ මගින් සොයාගෙන තිබේ" මෙසේ මීතේන් අධිකව සංචිත වූ ප්රදේශයක සිදුවන පිපුරුමක් හා පිටවෙන වායු බුබුළු වල ප්රමාණය කවූරුවත් දැක නැහැ.
එම ක්රියාවලියේ ආකෘතියක් ආශ්රයෙන්" මුහුදු යාත්රාවකට සිදුවිය හැකි හානිය සොයන්නටයි ඔවුන් උත්සහ දැරුවේ' ඔවුන්ගේ පරීක්ෂණ වලින් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගත හැකි වුන" එනම් නෞකාව ගිලි හෝ නොගිලී යාම තීරණය වෙන්නේ" වායු සාපේක්ෂව නෞකාව පිහිටන ස්ථානය මත බව ඔවුන් දුටුවා.මෙහි භයනකම ස්ථානය වන්නේ" වායු බුබුලේ ඉහලම පිහිටි අචල ලක්ෂය හා බුබුළු නිසා ඉහළ නැගී තරඟයේ නග්ම ආරම්භ වන ස්ථානය අතර පිහිටීමයි'
එම ප්රදේශයේ පිහිටි යාත්රාවක් නිරුපද්රිතව පවතින්නේ බොහොම කලාතුරකින්"මෙසේ මීතේන් වායු බිබුලක් නිසා ගිලි යන නෞකාවක් මුහුදු පත්ලේ මීතේන් පිපිරී ගිය ප්රදේශය තුල රැදෙන ස්ථානය "මායාකරියන්ගේ කුහරය" ලෙස අද හදුන්වයි..
ඔවුන් තවත් එක මතයක් පල කරනවා.ඔවුන් කියන්නේ ස්වාභාවිකවම මෙම ප්රදේශයේ මීතේන් බහුල නිසා එයින් ජලයේ ඝනත්වය අඩු වෙන්ව කියල.ජලයේ ඝනත්වය අඩුවන නිසා ගිලෙන නැවු කැඩෙන්නේ නැතුව ගිලෙනවා.ඒකනිසා තෙල් කාන්දු වීම් වෙන්නේ නැ ,ඒක නැවු වලට ඇත්ත වෙන්න පුළුවන්, ඒ උනාට ගුවන් යානා වලට ? ඔවුන් කියන්නේ නම් අධික මීතේන් ප්රමාණය නිසා ගුවන් යානා වල එන්ජින් නතර වෙන්න පුළුවන් කියල.හැබැයි ,ඒ අයම පිලිගන්නවා එක ඇසිල්ලකින් සිදුවන දෙයක් නෙමෙයි කියල.අනිත් එක එහෙම කඩාගෙන වැටුනත් එක සැරේම රේඩාර් පද්ධතියෙන් අයින් වෙන්නේ කොහොමද....?? බර්මියුඩ ත්රිකෝණය තුල සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක් වෙයි ද??

ලිපිය කවිඳු පතිරණ

1 comment:

  1. සාමාන්‍යයෙන් කියන විදිහට පෘථිවියෙන් 75%ක් සාගරය සහ 25%ක් ගොඩබිම එයිනුත් ඇමසන් වනාන්තරය කියන්නෙ කොච්චර සුළු ප්‍රමාණයක්ද. නමුත් අපි මේ මෑතකදිත් අලුත් ගෝත්‍රික වර්ග හොයාගත්ත. තවම හොයා නොගත්ත සත්තු වර්ග සහ ගෝත්‍රික වර්ග ඇමසන් වනාන්තරේ කියන පුන්ච් කොටසෙ ඉන්නව. එහෙම බලද්දි 75%ක් වෙන මහ සාගරේ ගැන කවර කතාද.

    ඔය බර්මියුඩා ත්‍රිකෝණය ප්‍රදේශයේ star gate වගේ දෙයක් තියෙනවා ඇති කියලත් සමහරු කියනව. කවිදු කියල තිබුණ වගේ සමහර ගුවන් යානා අතුරුදහන් වෙන්න කලින් කරපු අවසාන පනිවිඩ වලදි හදුනා නොගත් යානා ගැන කියවිලා තියෙනව. නමුත් ඒවා රේඩාර් තිරවල දකින්න ලැබිල නැහැ. ඒක නිසාම මෙතනින් අපි නොදන්න පිටසක්වල ක්‍රියාකාරකමක් සිද්ධ වෙන බවටනම් දැන් ගොඩක් දෙනා මත පලකරනවා.

    මම මුලින් කිව්ව වගේ ලෝකෙන් 75%ක් වගේ වෙන සාගරය ගැන සම්පූර්ණයෙන් දෙයක් කියන්න කාටවත් තව චිරාත් කාලෙකට බැරි වෙයි.

    ReplyDelete