Thursday, January 28, 2016

SLNS Nandimithra (P 701) නොහොත් Israeli Saar 4 class missile boat.


ශ්‍රි ලංකා නාවික හමුදාව සතු Fast Missile Vessels කණ්ඩයට අයත් නෞකා දෙකකි.එනම් 
Saar 4 Class missile boats (Nandimithra Class) SLNS Nandimithra (P 701) හා
SLNS Suranimala (P 702)යන යුධ නෞකා දෙකයි.
2001 දී නාවික හමුදාවට එකතු විය..
Missile Boat ගණයට ඇතුලත් වෙන නන්දිමිත්‍ර නෞකාවෙහි දිග 58mකි.පළල(beam) 7.62mකි.
මෙහි බර ටොන් 415කි.මෙහි උපරිම වේගය 34 knots (63 km/h; 39 mph)වේ. කාර්‍ය මණ්ඩලය ඇතුලු 45කට අධික පිරිසකට මෙහි ඉඩ ඇත.
Elta EL/M-2207/2208 air & surface search radar හා
Selenia Orion RTN-10X fire-control radar යන සංවේදකයන්ගෙන් නෞකාව සමන්විත වේ.
මෙය සතුව 2-4 x RGM-84 Harpoon SSM's , 4 x Gabriel II SSM's
හෝ 6 x Gabriel II SSM අඩංගු වේ.නමුත් අප නෞකා සතුව Harpoon මිසයිල රැඳවුමක් අන්තර්ගත නොවේ.තවද 1 x 20 mm Phalanx CIWS, 1 x OTO Melara 76 mm naval gun හෝ
2 x OTO Melara 76 mm naval gun, 2 x Oerlikon 20 mm cannons අවි අන්තර් ගත වේ.
Sa'ar 4 යුධ නෞකාව ඊශ්‍රායලය,දකුණු අප්‍රිකාව,ග්‍රිසීය හා ලංකාවේ නාවික හමුදාවන්‍ ට අනුයුක්තව සේවය කරති.මේ වන විට ඊශ්‍රායලය විසින් මෙම Sa'ar 4 නෞකා විශ්‍රාම ගන්වා ඇති අතර ලංකාවේ තවමත් නාවික හමුදාවට සක්‍රිය දායකත්වයක් ලබා දෙයි.

ලිපිය කවිඳු පතිරණ

No comments:

Post a Comment