Wednesday, January 27, 2016

f-35 යානය


මෙම යානය අණදෙන නිලධාරියකු මෙන්ද සිය භූමිකාව ඉටුකරන්නෙකි. අමෙරිකා හමුදාව ට මෙතෙක් එක් වූ මාරාන්තිකම ප්රහාරකයා මෙය යි. වෙනත් යානයක් පැදවීමේ දී නියමුවා ගේ හිස මත පැටවෙන අභියෝගාත්මක ගැටලු වලින් F - 35 නියමුවා මුළුමනින් පාහේ නිදහස්ව තැබේ. ඒ සෑම ගැටලුවකටම පරිගණකය ප්රතිචාර දක්වයි.
මේ නිසා මිසයිල හෝ බෝම්බ හෙළීමෙන් නොනැවතී හරියට ඩ්රෝවින් බෝට් එකක් මත සිය යානය හසුරුවන්නාක් මෙන් නියමුවාට යුද බිමේ දී F - 35 හැසිරවීමට හැකියාව ලැබී තිබේ. F - 35 සැලසුම් කර ඇත්තේ ද තනි ගුවන් නියමු අසුනකින් යුතුවයි.
එය දියුණුම තාක්ෂණික ක්රම වටකරගෙන සිටී. F - 35 මිසයිල පද්ධතිය පවා ස්ථානගතව ඇත්තේ යානය හඳුනා ගැනීමට සතුරාට අපහසු වන අයුරිනි. යානයේ පසු පියාපත් යුවළට සතුරු රේඩාර් මඟ හැරවීමේ හැකියාව පවතී. අමෙරිකා ගුවන්, නාවික සහ මැරයින් හමුදා සඳහා හඳුන්වා දුන් නවීනතම ප්රහාරකයා වන F - 35 යානය 5 වැනි පරම්පරාවට අයත් ප්රහාරක ගුවන් යානයකි.
අනාගතවාදී බව, ප්රහාරක හා තාක්ෂණික හැකියාවන්, මෙහෙයවීමේ පහසුව ආදී සියල්ල මැද එය අතිශයින්ම මිල අධික යානයක් වීම ගැන ද කතා බහක් ඇති වී තිබේ. F - 35 එළිදුටුවේ වසර ගණනාවක පර්යේෂණ වල ප්රතිඵලයක් වශයෙනි. ඊට දශකයක්වත් ගතවූ බව පැවසේ.
එම පර්යේෂණ අදියර වලදී දවසකට දස වතාවක්වත් බැගින් සතියේ දින හතේ ම එහි සැලසුම් වෙනස් කම්වලට ලක්වී තිබේ. 2001 දී පටන් මේ දක්වා එහි නිෂ්පාදන මිල අනුව වැය ඇස්තමේන්තුව ඉහළ ගිය ආකාරය දෙස බලන විට ඇ.ඩො. බිලියන 396 දක්වා වැඩි වී ඇත්තේ දෙගුණයක් වීමෙනි.
නිෂ්පාදනයේ දී පමාවක් ඇති වුණහොත් ගුවන් සහ නාවික හමුදාවන් ට අමතරව ඇ.ඩො. බිලියන 5 ක් වත් දැරීමට ද සිදුවේ. මෙපමණ විශාල මුදලක් වැය කිරීමෙන් හා වෙහෙසක් දැරීමෙන් පසුවත් ගුවන් යානා තාක්ෂණය අඩුම තරමින්, වසර 5 කට වරක්වත් බලවත් වෙනස්කම්වලට ලක්වන බව ද අමතක කළ නොහැකි ය. F - 35 වෙනුවෙන් දරන වියදම විවේචනාත්මකව දකින අයට මෙන්ම අමෙරිකාවේ බදු ගෙවන ජනයාට ද එය පිළිතුරු සපයා ගත යුතු ප්රශ්නයකි.
දැනටමත් පෙන්ටගනය වියදම් කපා හැරීමේ පිළිවෙතකට යොමු වී සිටී. ඒ, ඇ.ඩො. බිලියන 500 ක් තරම් විශාල ප්රමාණයකිනි. එහෙත් F - 35 ගනුදෙනුව සඳහා පමණක් ඇ. ඩො. බිලියන 400 ක් පමණ වැය කිරීමට සිදුවෙයි.
ගෝලීය ආරක්ෂක වියදමෙන් 45% ක් ම අමෙරිකාවේ එම කොටසයි මිචිගන් හි රිපබ්ලිකන් සෙනෙට් සභික ජස්ටින් අමාෂ් ට ඇති ප්රශ්නය මේ වියදම 42% හෝ 43% දක්වා පහත හෙළීමෙන් අමෙරිකාව හදිසි ආක්රමණයකට ලක් විය හැකි ද යන්න යි. “දැනටමත් අපි අපේ රට බංකොලොත් භාවය ට ගෙන යමින් සිටින්නේ, මේකෙන් වෙන්නෙ අපව තවත් අනතුරකට ඇදල දාන එකයි...” අමාෂ් පෙන්වා දෙයි. මේ ප්රශ්නය ඔහුට පමණක් ඇති ප්රශ්නයක් ද නොවේ. ටෙක්සාස් හි රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් සේර්ඩින් කියන්නේ “අපි අපේ සියලු බිත්තර
F - 35 බාස්කට් එකට දැම්මා” යනුවෙනි. ඔහු එසේ කියන්නේ අමෙරිකාවේ තාක්ෂණික හා මිලිටරි වික්රමයන් ගැන පමණක් සිතා නොවිය හැකි ය. පෙන්ටගනයේ ප්රධාන පෙළේ අවි ගැනුම්කරුවකු වන එඩ්වඩ් ඇල්බ්රිජ් ට අනුව නම්, F - 35 විසින් තාක්ෂණික විශිෂ්ටතා අරබයා පමණක් නොව ව්යාපාරික භාවිතාවන් පිළිබඳ ද අලුතෙන් යමක් ලියමින් පවතී.
ඇතැම් විචාරකයන් මතු කරන ප්රශ්නය F - 35 වැනි 5 වැනි පරම්පරාවේ යානයක් සඳහා චීනය හෝ රුසියාවෙන් ඇතිවිය හැකි තරගය යි. 4 වැනි පරම්පරාවේ යානයක් තාක්ෂණිකව වැඩි දියුණු කිරීමේ හැකියාව ගැන ඔවුහු පෙන්වා දෙති. එහෙත්, මීට වෙනස් මතයක් දරන අය කියන්නේ මේ හැකියාව ඇත්තේ අමෙරිකාවටම බවයි.
විශ්රාමික ජෙනරල්වරයකු වන මෙරිල් මැක්පීක් ට අනුව, F - 35 ව්යාපෘතිය මැරයින් ගුවන් බළකාය සඳහා රැකියා ව්යාපෘතියකි. F - 35 නිෂ්පාදන සමාගම වන ලොක්හිඩ් මාටින් සමාගම පවසන පරිදි F - 35 යාන උපරිම නිෂ්පාදන ධාරිතාවට ළඟාවන විට රැකියා අවස්ථා දෙගුණයකින් ඉහළ යනු ඇත. රැකියා අවස්ථා පිළිබඳ මේ කතා අසන්නට ලැබෙන්නේ බලවත් රැකියා කප්පාදුවකට අමෙරිකා ආර්ථිකය හසු වී සිටිය දී වීම ද අවධානය ට ලක් විය යුතු ය.
මේ සියල්ල අතර, දැනටමත් ගුවන් නියමුවෝ F - 35 ට පෙම් බැඳීමට පටන් ගෙන සිටිති. “එය පැදවීම හරිම සෙක්සි ඇත්දැකීමක්” ඒ, සමහර නියමුවන් ඒ අත්දැකීම වචනවලට පෙරලු ආකාරය යි.
“ඔබේ වම්පසින් හා දකුණු පසින් සිදුවන සෑම පුංචි දෙයක්ම ඔබ පැහැදිලිව දකිනවා. ඔබට කිසිවක් කරන්න අවශ්ය නැත්නම් ඔබ වෙනුවෙන් එය කළ යුතු දේ ද කරනවා...” ඒ, එක් නියමුවකු ගේ අදහසයි.
යානය සපුරාම පරිගණක පාලනයකින් යුතුය. එය අතිශයින් ම සංකීර්ණ මෙහෙයුම් කාර්යයකි. ජ් - 18 යානයට වඩා සය ගුණයකින් එය සංකීර්ණය. දැනට මිහි මත ඇති සංකීර්ණම මෙහෙයුම් පද්ධතිය F - 35 සමඟ පවතින බව විමර්ශකයන් ගේ මතය වී තිබේ.
F - 35 ගැන ඇති පුරසාරම් සහ විවේචන මැදින් එක් වැදගත් ප්රශ්නයක් මතුවී ඇත. ඒ, 21 වැනි සියවසේ දී අමෙරිකා හමුදාව සතුවූ නිවැරදිම හා ගැළපෙනම ප්රහාරක යානය එය විය හැකි ද? යන්නයි.
නමුත්
ගුවනේදී ප්රහාරක යානා අතර සිදුවන සටනකදී ඇමරිකාවේ නවීනතම ප්රහාරක යානය වන F-35 ඉතාමත් දුර්වල හැසිරීමක් දක්වන බව වාර්තා වේ.
අඩි 10000-30000 පරාසයේදී සමීප ගුවන් සටනක නිරත වීම සඳහා ත්-35 ප්රහාරක යානය සතු හැකියාව පරීක්ෂා කිරීමට පසුගිය අවුරුද්දේ ජනවාරි පැසිපික් සාගරයට ඉහළින් පැරණි ත්-16 යානයක් සමග ව්යාජ සටනක් පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.
මෙම පරීක්ෂණයේදී F-35 නියමුවා සිය යානය රළු ලෙස පදවමින්, හරවමින්, F-16 යානය කෙසේ හෝ පහරදී බිම හෙළීමට උත්සහ කළ යුතුවූ අතර කෙසේ හෝ ආරක්ෂා වෙමින් -35 වෙත පහර දීමට උත්සහ කළ යුතු විය.
මේ සඳහා සහභාගීවූ නියමුවා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ පිටු 5කින් සමන්විත සංක්ෂිප්තය තුළ දක්වා ඇත්තේ F-16 යානයේ තෙල් ටැංකි 2ක් ඉවත් කරමින් හා F-35 හි අවි ඉවත් කරමින් බර අඩු කර තිබුණු තත්වයකදීත් F-35 සියලූ අවස්ථාවලදී සිය අකාර්යක්ෂම බව ප්රදර්ශනය කළ බවයි.
1970 දශකයේදී නිෂ්පාදනය කරනු ලැබූ සිව්වන පරපුරේ F-16 යානා පහසුවෙන් ඉක්මවිය හැකි ලෙස ඉන්ධන හා අවි යානය අභ්යන්තරයේ ගෙන යාමට සැලසුම් කරමින් F-35 යානය ලොක්හීඞ් මාටින් සමාගම විසින් නිපදවන ලදී.
මේ යානය සඳහා මෙතෙක් ඩොලර් ටි්රලියනයකට ආසන්න මුදලක් වියදම් කර ඇති අතර එය ඇමරිකාවේ මිල අධිකම ප්රහාරක යානා ව්යාපෘතිය බවද පැවසේ. දිගින් දිගටම මතුවූ දෝෂ හේතුවෙන් එය සුදු අලියෙකුවී ඇති බව ඇමරිකානු විචාරකයන්ගේ අදහසයි.

ලිපය   කවිඳු පතිරණ

No comments:

Post a Comment