ඒ 1983 සැප්තැම්බරයේ 26 දායි.
සෝවියට් රුසියාව, ෂකාලීන් දූපත් ආසන්නයේදී, 269 ක් සහිත කොරියානු ගුවන් යානයක් , මිසයිලයකින් බිම හෙලා, සති තුනක් ගතවූවා පමණි.
රුසියානු "ඇස" නම්වූ, න්‍යෂ්ටික ප්‍රහාර, පෙර දැනුම් පාළන මැදිරියේ , ප්‍රධාන රාජකාරී නිළදරයා වූ, ස්ටැනිස්ලාවු යෙවුග්‍රෆොවිච් පෙට්‍රොව්ගේ උකුසු දෑසට දිස්වූයේ, පාළන පුවරුවෙන් නිකුත් වන්නාවූ භයානකම සංඥාවයි.

ඒ ඔවුන්ගේ පස මිතුරා වන ඇමරිකාව, ඔවුන්ගේ මිසයිලයක්, රුසියාව ඉලක්ක කොට ගුවන්ගතකර තිබෙන බවයි. ඊට ස්වල්ප වේලාවකට පසු තවත් මිසයිල පහක් එලෙසම ගුවන් ගත කර ඇති බව දනවන සංඥා ඔහුගේ දෑසට දිස්වින.
එහෙත්, ඔහු, ඔහුට නියමිත වූ රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් , ඔහුට ඒත්තු යන ලද, යම් සාධක අනුව, එම සංඥා වැරදි ගණයේ ඒවා බව තීරණය කරන ලදී.
එසේ නොවී , ඔහු එම සංඥා සහතික ලෙසම න්‍යෂ්ටික ප්‍රහාරයක් යැයි, ඔහුගේ ඉහළ බලධාරින්ට දැන්වූවා නම්, එවකට ඉතාමත්ම පහළ මට්ටමක තිබූ රුසියා-ඇමරිකා සබඳතා අනුව , විනාඩි දෙකකට අඩු කාලයක් තුලදී, රුසියානු බලධාරීන්ගෙන් න්‍යෂ්ටික ප්‍රහාරයකට අනුමැතිය ලැබීමට ඉඩ තිබුනු බව පසුව පැවති පරීක්ෂණ වලින් හෙලිවිය.
එසේ සිදුවූයේ නම් , මේ පෘථිවි තලය, වර්තමානයේ, මේ තත්වයේ නොපවතිනු ඇති බව නිසැකය.
මේ අසමසම තීරණයට,( තම ජීවිතය පවා අහිමිවිය හැකිව තිබූ), ලෝකයේ බොහෝ දෙනෙක් නොදත්, මේ වීර , අධිෂ්ඨානශීලී මිනිසා එළඹියේ කෙසේද?
පශ්චාත් පරීක්ෂනවලදී ඔහු ඒ තීරනයට එළඹියේ ඇයිදැයි හේතු සහගතව පැහැදිලි කලේය.
1. ඔවුනට දන්වා ඇති පරිදි, සිදුවන්නාවූ ඇමරිකානු ආක්‍රමණයක් , පළමුවෙන්ම උපරිම හානියක් කිරීමේ ඇවැසි කම නිසා, පූර්ණ ආක්‍රමණයක් මිස මිස මිසයිල් 5 ක් වැනි අසම්පූර්ණ ආක්‍රමනයක් නොව්ය හැකි වීම.
1. ඔවුනට දන්වා ඇති පරිදි, සිදුවන්නාවූ ඇමරිකානු ආක්‍රමණයක් , පළමුවෙන්ම උපරිම හානියක් කිරීමේ ඇවැසි කම නිසා, පූර්ණ ආක්‍රමණයක් මිස මිස මිසයිල් 5 ක් වැනි අසම්පූර්ණ ආක්‍රමනයක් නොව්ය හැකි වීම.
2.විනාඩි ගණනකට පසුව වුවද, භූගත රේඩාර් මධ්‍යස්ථාන වලින් එය වාර්තා නොවීම,
3.පාළන මැදිරි පද්ධතිය, ස්ථාපිත කරන ලද්දේ ඉතාමත්ම මෑත කාළයකදී නිසා, එහි නිරවධ්‍යතාවය ගැන, ඔහුට විශ්වාසයක් නොතිබීම.
කෙසේ උවද, 2013දී (එවිට ඔහු විශ්‍රාමිකයෙකි) පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුනේ, ඔහුට එම සංඥා, වැරදි සංඥා බව 100% ක් ඒත්තු නොගිය බවය.
එහෙත් තමා සතුව තිබූ සිවිල් පුරවැසි පුහුනුව, නිවැරැදි තීරණය ගැනීමට තමාව පෙලඹවූ බව ඔහු ප්‍රකාශ කරන ලද්දේය.
ඔහුගේ රාජකාරි සමකාලීනයන් , සියල්ලෝම හමුදා පුහුනුව ලැබූ වෘත්තීමය සොල්දාදුවන් වන අතර ඔවුන් කවුරුන් හෝ ඒ අවස්ථාවේදී පාලන මැදිරියේ සේවයේ යෙදී සිටියේ නම්, නිසැකවම ඒ පණිවිඩය ඉහලට යනු ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදී.

ඊළඟ වැදගත්ම ප්‍රශ්ණය වූවේ, මේ සංඥා ජනනය වූයේ කෙසේද යන්නයි.
ඒ අරභයා කළ පරීක්ෂන වලදී හෙලිවූ කරුණු මෙසේ විය.
1. ඇඑජනපදයේ, උතුරු ඩැකෝටාවේ ( මිසයිල ස්ථානගත කර ඇති ප්‍රදේශය) ඉහළ අහසේ වළාකුලු මතට සහ මොල්නියා කක්ෂයන්හි (Molniya Orbit) ගමන් කරන චන්ද්‍රිකා මතටද, ඉතා විරළගනයේ ආනතියකින් (alignment) හිරුරැස් පතිත වීම නිසා මෙම සංඥා ජනනය වූ බවයි.

පසුව, රුසියානුවන්, මෙම වැරදි සංඥා නිපදවීමට හේතුවූ දෝෂ දත්තයන්, පෘථිවියට සාපේක්ෂව එක් ස්ථානයක තිබෙන්නාවූ (Geostationary) චන්ද්‍රිකා ආධාරයෙන් නිවැරැදි කරගනු ලැබීය.
මේ සිදුවීම නිසා පෙට්‍රොව් ඉතා දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක්වූයේය. ප්‍රථමයෙන්ම ඔහුව අගය කිරීමට ලක්විය.
එහෙත් පසුව උසස්වීමක් හෝ වෙනයම් ඇගයීමක් නො
බලධාරීන්ගේ නිගමනය වූයේ, පෙට්‍රොව් අගය කිරීම යනූ, මිසයිල හඳුනා ගැනීමේ පද්ධතියේ වැරදි පිළිගැනීමකට සමානවන බවයි.
එසේ වුව හොත්, ඒ පාළන පද්ධතියේ නිර්මාපකයින් වන බලගතු, බලපෑම් කලහැකි ව්ද්‍යාඥයන් රැසකට හා ඔහුගේ ප්‍රධානීන්ට දඬුවම් කලයුතු වීමයි.
මේ සිදුවීම නිසා පෙට්‍රොව්ට ලැබුනේ, ඔහු සේවය කළ ස්ථානය තරම් වැදගත් නොවන රාජකාරි ස්ථානයකට මාරුවක් පමණි.
වීය.එහෙත් පසුව උසස්වීමක් හෝ වෙනයම් ඇගයීමක් නො
බලධාරීන්ගේ නිගමනය වූයේ, පෙට්‍රොව් අගය කිරීම යනූ, මිසයිල හඳුනා ගැනීමේ පද්ධතියේ වැරදි පිළිගැනීමකට සමානවන බවයි.
එසේ වුව හොත්, ඒ පාළන පද්ධතියේ නිර්මාපකයින් වන බලගතු, බලපෑම් කලහැකි ව්ද්‍යාඥයන් රැසකට හා ඔහුගේ ප්‍රධානීන්ට දඬුවම් කලයුතු වීමයි.
මේ සිදුවීම නිසා පෙට්‍රොව්ට ලැබුනේ, ඔහු සේවය කළ ස්ථානය තරම් වැදගත් නොවන රාජකාරි ස්ථානයකට මාරුවක් පමණි.
ඉන් පසු අප කථානායකයා , නියමිත කාළයට පෙර රැකියාවෙන් විශ්‍රාම යන ලදී.
මෙම ඇදහිය නොහැකි සිදුවීම 1990'දී ලෝකයාට නිරාවරණය වූයේ, එවකට රුසියානු ගුවන් ආරක්ෂක සේවාවේ, මිසයිල් ආරක්ෂණ පද්ධතියේ අණදෙන්නාවූ ,ජෙනරල් යූරි වොටින්ට්සෙව් (Yuri Votintsev) ඔහුගේ මතකසටහන් ප්‍රසිද්ධියට පත්කිරීමත් සමගය.
කෙසේ වුවද, ලෝකයේ වෙනත් රටවල් ඔහුගේ මේ අසමසමවූ ක්‍රියාව, අගැයීමට පසුබට නොවන ලදී.
2004 දී අමරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ නගරයෙන් ලෝක වාසී සම්මානයද,
2006 දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ , ලෝකවාසී සමුහය විසින් ලෝකයේ පුරවැසියා සම්මානයෙන්ද,
2011 ජර්මනියේ බේඩන් බේඩන් නගරයේදී ජර්මන් මාධ්‍ය සම්මානයෙන්ද,
2013 දී , ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයේදී ඩ්‍රෙස්ඩන් තෑග්ග නම්වූ සම්මානයෙන්ද
ඔහුගේ මේ වීර ක්‍රියාව පැසසුමට ලක්කරන ලදී.
2014 දී, මේ සිදුවීම අළලා,
The man who saved the world
නම්වූ සිනමාපටියක්ද නිෂ්පාදනය විය

අප අද මෙලෙස සිටින්නේ, ස්ටැනිස්ලාවු යෙවුග්‍රෆොවිච් පෙට්‍රොව් නම්වූ අසාමාන්‍ය මිනිසාගේ , ඒ අසමසම තීරණය නිසා නොවේදැයි කාට කිව හැකිද.....???
ලිපිය
Upali Karunathilaka
ලිපිය