Monday, November 7, 2016

ලෝකයටම බලපාන ඇමරිකානු ජනපතිවරණය පවත්වන්න විදිය - මෙත්මලි දිසානායක

මේ දවස්වල ඇමරිකාවේ ජනාධිපතිවරණය ගැන විශාල උනන්දුවක් මතුවෙලා තියෙන බව ඔබ දන්නවා ඇති කියා අප සිතනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් යන චරිත දෙක නිසාම මේ ජනාධිපතිවරණය ගැන අති විශේෂ වූ අවධානයක් මතුවී තිබෙනවා. ලෝකයේ බලවත්ම රට විදියට ඇමරිකාව සැළකෙන නිසා ඒ රටේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වේද යන්න ගැන බොහෝ දෙනා අවධානයෙන් පසු වෙනවා.
ඇමරිකාවේ ජනාධිපති කෙනෙකු තෝරා පත්කර ගන්නේ ලංකාවේ හරි අනෙක් බොහෝ රටවල හරි වගේ සෘජු ජනතා ඡන්දයෙන්ම නෙවෙයි. ඒ කියන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන් දිනන්නේ නැහැ. ඇමරිකාව ගොඩ නැගුණේ ෆෙඩරල් රාජ්‍යයක් විදියට නිසා, එක් එක් ප්‍රාන්තවලට යම් වැදගත්කමක් ලැබිය යුතුය යන අදහස පැවතුණා. ඒ අනුව තමයි විධායකය වගේම ව්‍යවස්ථාදායකය හැඩ ගැහුණේ.
අපි කල්පනා කළා ඇමරිකාවේ ජනාධිපති තෝරාගනු ලබන ක්‍රමය ගැන යමක් ඔබට කියන්න . මේක සංකීර්ණ වෙන්න පුලුවනි. ඒ නිසා අපි පුලුවන් තරම් සරලව මේ ගැන කියන්න උත්සාහ කරනවා.

වෙනස් නීති

ඇමරිකාවේ ජනාධිපතිවරණය පවත්වන්නේ සෑම අවුරුදු 4 කට වරක් නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා. මේ නිසා ඡන්දය නොවැම්බර් 02 සිට 08 දක්වා ඕනෑම දවසක පැවැත්වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව මෙවර ජනපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 08 වනදායි
ඇමරිකාවේ ප්‍රාන්ත 50 ක් වගේම වොෂිංටන් අගනුවර ඇතුලත් වන කොළොම්බියා දිස්ත්‍රික්කය ඇතුලත් වෙනවා. ඇමරිකාව ෆෙඩරල් රටක් නිසා එරට අභ්‍යන්තර කටයුතුවලට බලපාන ගොඩක් නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ජනාධිපතිවරණ පවත්වන නීති පවා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ඒ නිසා ලංකාවේ වගේ එකම නීතියකට අනුව ඡන්දය පැවැත්වෙන්නේ නෑ. ඒ වෙනුවට හැම ප්‍රාන්තයකම ඒවාටම අනන්‍ය නීති තියෙන්න පුලුවන්.

ක්‍රියාවලිය

ඇමරිකාවේ ජනාධිපතිවරණය හරිම දිග ක්‍රියාවලියක්. ඇත්තෙන්ම ඒක පටන් ගැනෙන්නෙ ඡන්දය පවත්වන වර්ෂයට කළින් වසරේ. මූලික වශයෙන් මෙහි පහත පියවර දකින්න පුලුවන්
  1. ඒ ඒ පක්ෂ සිය අපේක්ෂකයා තෝරා ගැනීම
  2. පක්ෂවල ජාතික සම්මේලන
  3. මහජන ඡන්දය
  4. ඡන්ද විද්‍යාලය රැස්වීම
  5. කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ජනාධිපති නිල වශයෙන් තෝරා ගැනීම .
  6. නව ජනපති දිවුරුම් දීම
ඒ ඒ පක්ෂ සිය අපේක්ෂකයා තෝරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණක් නොව එක් එක් පක්ෂ විසින් ඒ ඒ පක්ෂවල නීති අනුව ක්‍රියාවට නගන්නක්. එකම පක්ෂය තුළ වුවද එක් එක් ප්‍රාන්තවල දී වෙනස් ක්‍රමවේදයන් මේ සඳහා යොදා ගනු ලබනවා.

මුල් වටයේ ඡන්ද විමසීම් (Primaries)

(2016 ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනය/AP)
(2016 ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනය/AP)
සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නන් කළින් වසර අග භාගයේ සිටම කටයුතු පටන් ගන්නවා දකින්න පුලුවනි . මේ අපේක්ෂකයන් අතර ප්‍රාන්ත මට්ටමේ තරඟ පැවැත්වෙනවා. මෙහිදී මුල් වටයේ ඡන්ද විමසීම් (Primaries) හෝ පක්ෂ රැස්වීම් (Caucuses) හෝ මගින් මෙම තරඟ පවත්වනු ලබනවා. එම පක්ෂ විසින් මෙහිදී කරන්නේ ජාතික සම්මේලනයට නියෝජිතයන් තෝරා ගැනීමයි . ඒ ඒ ප්‍රාන්තයට එක්තරා නියෝජිත ප්‍රමාණයක් ලැබෙනවා. එක් එක් අපේක්ෂකයා තමා එම ප්‍රාන්තයෙන් ලබාගන්නා ප්‍රසාදය අනුව යම් නියෝජිත සංඛ්‍යාවක් ලබාගන්නවා.
උදාහරණයක් වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයට යම් ප්‍රාන්තයකින් නියෝජිතයන් 50 ක් යවන්නේ යයි හිතමු. A නම් අපේක්ෂකයා 25 දෙනෙකුද, 15 දෙනෙකුද, 10 දෙනෙකු දිනාගත්තොත්, ජාතික සම්මේලනයේදී ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන් ඒ ඒ නියෝජිතයො ඡන්දය දෙනවා.
කොහොම වෙතත් ගොඩක් වෙලාවට ප්‍රාථමික ඡන්ද විමසීමේදීම කෙනෙක් වැඩි නියෝජිත පිරිසක් ලබාගෙන ජයග්‍රහණය කරනවා. මෑත කාළයේ හුඟක් ජනාධිපතිවරණවලදි එහෙම වුණා. ඒ නිසා ජාතික සම්මේලන එතරම් උද්‍යෝගී ඒවා වුනේ නැහැ.
(2016 රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනය/Vanity Fair)
(2016 රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනය/Vanity Fair)
නමුත් ඉතිහාසයේ අවස්ථා ගණනාවක් තියෙනවා පක්ෂයකට මූලික තරඟවලදි එක් අපේක්ෂකයකු තෝරාගන්න බැරිවුනු . ඒ වෙලාවට සම්මේලනයෙදි තමා කෙනෙක්ව තෝරාගන්නෙ. ඒ වෙලාවට සමහර විට හිතන්නෙ නැති කෙනෙක් අපේක්ෂකයා වෙන්නත් ඉඩ නැතිව නෙවෙයි.
ප්‍රධාන පක්ෂ දෙකට අමතරව සමහර පොඩි පක්ෂත් ජාතික සම්මේලන වගේම මූලික ඡන්ද විමසීම් පවා පවත්වනවා.

අපේක්ෂකයාගේ නම ඇතුලත් කර ගැනීම (Ballot Access)

ඇමරිකාවේ පොඩි පක්ෂවලට බලපාන වෙනමම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි එක් එක් ප්‍රාන්තවල ඡන්ද පත්‍රිකාවට තම අපේක්ෂකයාගේ නම ඇතුලත් කර ගැනීම . මේකට කියන්නේ Ballot Access කියලා. ලංකාවේ නම් අපි දන්නවා ජනාධිපතිවරණයකදි ලංකාවටම බෙදන්නේ එකම ඡන්ද පත්‍රිකාවක්. ඇමරිකාවේ මේක ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. මේ පත්‍රිකාවට නම ඇතුලත් කරගන්නට ඒ ඒ ප්‍රාන්තවල තියෙන නීතිත් වෙනස්. සමහර ප්‍රාන්තවල ඒවා ලිහිල්. අනෙක් තැන්වල එහෙම නැහැ.
මේ නිසා සාමාන්‍යයෙන් පොඩි පක්ෂවල අපේක්ෂකයන්ට ඔක්කොම ප්‍රාන්තවල තරඟ කරන්නට අවස්ථාව නැති වෙනවා. මෙවර ලිබර්ටේරියන් පක්ෂයේ ගැරී ජොන්සන් පමණක් ඒ අවස්ථාව ලබාගෙන තියෙනවා. මීට කළින් තුන්වන අපේක්ෂකයකු ඒ අවස්ථාව ලබාගෙන තියෙන්නෙ 2000 දි.

විවාද

(ක්ලින්ටන් – ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට සති කිහිපයක් තිබියදී ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාද පවත්වනු ලබනවා. මෙය සම්ප්‍රදායක් විනා මැතිවරණ නීතියක් නොවන බව ඔබ මතක තබා ගත යුතුයි. මෙම සම්ප්‍රදාය ඇරඹුනේ 1960 ජෝන් එෆ්. කෙනඩි සහ රිචර්ඩ් නික්සන් අතර විවාදවලින්. වර්තමානයේ ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාද තුනක්ද ඔවුනගේ උප ජනාධිපති අපේක්ෂක සගයන් අතර එක විවාදයක්ද පවත්වනු ලබනවා. මෙම විවාද විශ්ව විද්‍යාලයක හෝ වෙනත් පොදු ශාලාවකදී පවත්වනු ලබන අතර එක් එක් මාධ්‍ය ආයතන විසින් සංවිධානය කෙරෙනවා.
ජනාධිපතිවරණ විවාදයක් සඳහා සුදුසුකම් ලැබීමට යම් අපේක්ෂකයකු එවකට පවත්වනු ලබන ජනමත විමසුම්වලදී සියයට 15 ක වත් ජාතික මට්ටමේ මනාපයක් ලබාගත යුතුයි . මේ හේතුවෙන් තුන්වන අපේක්ෂකයකුට එම විවාද සඳහා සහභාගී වීම ලෙහෙසි නැහැ . අවසන් වරට තුන්කොන් විවාදයක් පැවැතියේ 1992 දී . ඒ ස්වාධීන අපේක්ෂක රොස් පෙරොට්, ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක බිල් ක්ලින්ටන් අතර යි.
(ක්ලින්ටන් - ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)
(ක්ලින්ටන් – ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)

මහජන ඡන්ද විමසීම

(ඇමරිකානුවන් ඡන්දය ප්‍රකාශ කරන අයුරු/USA Today)
(ඇමරිකානුවන් ඡන්දය ප්‍රකාශ කරන අයුරු/USA Today)
කළින් සඳහන් කළ ආකාරයට ජනාධිපතිවරණ මහජන ඡන්ද විමසීම පවත්වන්නේ සෑම වසර හතරකටම වරක් නොවැම්බරයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා. නමුත් දිනය ඇරුණම අනෙක් බොහෝ දේවල් සඳහා බලපාන නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. සමහර ප්‍රාන්තවල කෝරළයෙන් කෝරළයට පවා පොඩි වෙනස්කම් තියෙනවා.
ඇමරිකාවේ බොහෝ අයට ඡන්ද දවස නිවාඩු දවසක් නෙවෙයි. ඒ නිසාම හැම ප්‍රාන්තයකම කළින් ඡන්දය ලබාදීමේ (early voting) පහසුකම දීල තියෙනව . සමහර ප්‍රාන්තවල මාසයකට වැඩි කාළයක ඉඳන් ඡන්දය දාන්න පුලුවන්. සමහර ප්‍රාන්තවල මේ සඳහා දෙන්නෙ දවස් හතරක පමණ පොඩි කාළයක්. මීට අමතරව විදේශගත ඇමරිකානුවන්, ආරක්ෂක හමුදා සහ වෙනත් ඇතැම් අවශ්‍යතා තියෙන අයට පිට ස්ථානවල ඉඳන් ඡන්දය දාන්න (absentee ballots) ක්‍රමවේදයක් හදල තියෙනව . (අපේ තැපැල් ඡන්ද වගේ).
2008 ජනාධිපතිවරණයෙදි ඡන්දය පාවිච්චි කළ අයගෙන් සියයට 32 ක් ඡන්දය දවසට කළින් ඡන්දය පාවිච්චි කළා.
අපි දන්නවා ලංකාවෙ නම් ඡන්ද පොළ විවෘත කරන්නෙ උදේ 7 ට . වහන්නෙ හවස 4 ට . ඇමරිකාවෙ මේකත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට , සමහර විට කෝරළයෙන් කෝරළයට පවා වෙනස්. සමහර ප්‍රාන්තවල නියමිත වෙලාව ප්‍රාන්තයටම පොදුයි. සමහර ප්‍රාන්තවල කෝරළවල වෙනස් වෙලාවල් නියම කරල තියෙනව . සමහර තැන්වල ඡන්ද පොළ උදේ 6 ඉඳන් රෑ 10 වෙනකල් වගේ විවෘත කරල තියෙනව .
ඒ විතරක් නෙවෙයි. ඡන්ද පොළ වහද්දි පෝලිමේ කවුරු හරි ඉතිරි වෙලා හිටියොත්, එයාලට ඡන්දය දාන්න දෙනවද නැද්ද කියන එක පවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා.

ඡන්ද විද්‍යාලය (Electoral College)

(2016 ඡන්ද විද්‍යාලය/wikimedia)
(2016 ඡන්ද විද්‍යාලය/wikimedia)
කළිනුත් කිව්වා වගේ ඇමරිකාවෙ ජනාධිපතිවරණය වක්‍ර මැතිවරණයක්. මෙහිදී මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා කෙළින්ම තෝරාගන්නේ නෑ. ඒ වෙනුවට කෙරෙන්නේ ඡන්ද විද්‍යාලයක් (Electoral College) සඳහා නියෝජිතයින් හෙවත් වරකයින් තෝරා ගැනීම . මේ ඡන්ද විද්‍යාලය පත් කෙරෙද්දිත් සමහර ප්‍රාන්තවල නීති රීති වෙනස් වෙන වෙලාවල් තියෙනව .
ඡන්ද විද්‍යාලයේ සාමාජික ගණන 538 ක්. එයින් 535 ක් කොංග්‍රස් මණ්ඩලයේ ඉන්න නියෝජිතයන් සංඛ්‍යාව නියෝජනය කරනවා. ඊට අමතරව කොළොම්බියා දිස්ත්‍රික්කය වෙනුවෙන් තවත් තුන් දෙනකු ඉන්නවා.
සමහරවිට ඔබ අහල ඇති කොංග්‍රස් මණ්ඩලයට හැම ප්‍රාන්තයකින්ම යම් නියෝජිත ප්‍රමාණයක් යන බව . ඇමරිකාවේ හැම ප්‍රාන්තයකින් ම දෙදෙනා ගාණෙ සෙනට් සභාවට 100 කුත්, එක් එක් ප්‍රාන්තයේ ජනගහනය හැටියට පහළ මන්ත්‍රී මණ්ඩලයට 435 දෙනෙකුත් යැවෙනවා. එක එක ප්‍රාන්තයෙන් ඡන්ද විද්‍යාලයට යවන්නෙත් ඒ වගේ ගාණක්. උදාහරණයක් විදියට ඇලස්කාව ගත්තොත් ඒ ප්‍රාන්තයෙන් සෙනට් සභාවට දෙදෙනෙකුත් පහළ මන්ත්‍රී මණ්ඩලයට එක්කෙනෙකුත් නියෝජිතයන් යැවෙනවා. ඡන්ද විද්‍යාලයට ඇලස්කාවෙන් නියෝජිතයන් තුන් දෙනකු යැවෙනවා.
ප්‍රාන්ත 50 න් 48 කදීම වෙන්නෙ එම ප්‍රාන්තය දිනන අපේක්ෂකයාගෙ පක්ෂයට ඡන්ද විද්‍යාල නියෝජිතයන් සියල්ලම නම් කරන්න අවස්ථාව ලැබීමයි. ඒ කියන්නෙ යම් ප්‍රාන්තයක් එක ඡන්දයකින් හෝ දිනන අපේක්ෂකයාගෙ පක්ෂයට සම්පූර්ණ නියෝජිත සංඛාව ලැබෙනවා. ඔබට මතක ඇති 2000 ජනාධිපතිවරණයෙදි ජෝර්ජ් ඩබ්. බුෂ් ෆ්ලොරීඩා ප්‍රාන්තය දිනුවෙ ඡන්ද 537 කින්. ඒත් ඔහු ඒ ප්‍රාන්තය දිනාපු නිසා ඔහුට ඒ කාලෙ ෆ්ලොරීඩාවෙන් පත් කරපු නියෝජිතයන් 25 ම ලැබුණා.
මේන් සහ නෙබ්‍රස්කා ප්‍රාන්තවල මීට පොඩ්ඩක් වෙනස් ආකාරයකින් තමයි ඡන්ද විද්‍යාල නියෝජිතයන් පත් කරන්නෙ. ඒවයෙදි ප්‍රාන්තයේම ඡන්ද ගාණෙන් වැඩි ප්‍රමාණය දිනන අපේක්ෂකයාට නියෝජිතයන් දෙදෙනෙක් ලැබෙනවා (සෙනට් සභාවට පත්වන ගණනට සමානව ). ඉතිරි අයව පත් කරන්නෙ ඒ ඒ ඡන්ද කොට්ඨාශ දිනන කෙනා අනුව .
උදාහරණයක් විදියට නෙබ්‍රස්කා ප්‍රාන්තය ගත්තම , එහි පහල මන්ත්‍රී ආසන තුනක් සිටින හෙයින් මැතිවරණ කොට්ටාශ තුනක් තියෙනව. ඒකෙ පහල මන්ත්‍රී මණ්ඩල ආසන තුනක් තියෙනව . ඒවායේ වෙන වෙනම වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා අපේක්ෂකයාගෙ පක්ෂයට අදාල නියෝජිතයකු පත් කරන්න ලැබෙනවා.
ඡන්ද විද්‍යාලයට පත් කෙරෙන ඕනෑම නියෝජිතයෙකුට තමන් කැමති අපේක්ෂකයකුට ඡන්දය දීමේ හැකියාව සලසා දීමෙන් මෙම ක්‍රමය තවත් සංකීර්ණවී තිබෙනවා. සාමාන්‍යයෙන් එහෙම නොවුනත් එහෙම අවස්ථා නැතිව නෙවෙයි. එම තත්ත්වය මග හැරීමට ප්‍රාන්තවලින් 24ක් නීති පනවලා තියෙනවා. ඒ අනුව තමන් සහය දීමට යන අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය නොදීම එම ප්‍රාන්ත 24 දී දඬුවම් ලැබිය හැකි වරදක්. එම නිසා, මැතිවරණය අවසන් වන විට, ඇතැම් විට සියලු ඡන්ද ගණන් කිරීමටත් පෙර, ජයග්‍රාහකයා පැහැදිලි වෙනවා.
ඡන්ද විද්‍යාලය රැස් වන්නේ දෙසැම්බරයේ දෙවන බදාදාට පසුව එන සඳුදා. ඒ එක තැනකදි නෙවෙයි. ඒ ඒ ප්‍රාන්තවල අගනුවරවලදී. එහෙම එකතු වෙලා ඒ අය ඡන්දය දානවා. ඒ ඡන්ද ඊට පස්සෙ වොෂිංටන් වෙත එවනවා. එම ඡන්ද ගණන් කරන්නේ ඊළඟ මාසයේ මුලදී කොංග්‍රස් මණ්ඩලය විසින්. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලය විසින් නිල වශයෙන් ජයග්‍රාහකයා නම් කරන්නේ මැතිවරණය පැවැත්වූ නොවැම්බරයට පසු එන ජනවාරියේදී.

කොංග්‍රස් මණ්ඩලයේ ඡන්දය

(අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟයේ වර්තමාන තත්වය/BBC)
(අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟයේ වර්තමාන තත්වය/BBC)
යම් විදියකින් හරි ඡන්ද විද්‍යාලයේ ඡන්දවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් එක අපේක්ෂකයකුටවත් ලැබුණෙ නැත්නම් ජනාධිපති තෝරා ගැනීමේ අවස්ථාව එන්නෙ කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලයට . එතකොට ඒ අය ඡන්දයක් පවත්වලා ජනාධිපති තෝරාගන්නවා. එහෙම අවස්ථාවක් ඉතිහාසයේ වෙලා තියෙන්නෙ 1824 දී පමණයි.
මේ ආකාරයෙන් පත්වෙන ජනාධිපතිවරයා 2017 ජනවාරි 20 වෙනිදා දිවුරුම් දෙන්නට නියමිතයි.
(කවරයේ රූපය/CNN) ලිපය roar.lk අඩවියේ මෙත්මලි දිසානායක

Tuesday, October 25, 2016

භෞතික විද්‍යාවේ සොයාගැනීම් මානව සංහතියේ හැරවුම් ලක්ෂයක් කරා - සයිබරවරිගේ උණ්ඩියාගෙන්


ස්ටීවන් හොව්කින්ග් මහාචාර්ය වරයාට මෝටර්නියුරෝන් රෝගී තත්වය වැළඳීමෙන් පසුව උනත්, සෑහෙන කාළයක් යනතුරු කථනය සහ අත්පා සෙළවීමෙන් අදහස් ප්‍රකාශනය කළ හැකිව තිබුණා.....1985 වසරෙදි ජිනීවාහිදී එතුමාට වැළඳුණු ආසාදනයක් නියුමෝනියාව දක්වා වර්ධනය වූ පසුව, එතුමාට හුස්ම ගැනීම පහසු කරවීම සඳහා කරන්නට සිදුවුනු ට්‍රැකියොටෝමියා ශල්‍යකර්මය නිසා තමයි එතුමාගේ කථනය සහ ඉන්ද්‍රිය සංචලනය අහිමි වෙන්නෙ.....
එයින් පසුව එතුමාගෙන් මෙතෙක් විද්‍යාව ගත් ප්‍රයෝජනය දිගටම ගන්නේ කෙසේදැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පශ්චත්තාපයට පත්ව සිටි සමයක හොව්කින්ග් සමග ව්‍යාපෘති කිහිපයක් කළ මාටින් කින්ග් කියන භෞතික විද්‍යාඥයා ඇමරිකාවට යනවා මේකට තාක්ෂණික විසඳුමක් සොයාගෙන....
ඇමරිකාවෙදි ඔහු මුලින්ම හමුවෙන්නෙ, එවකට රෝගීන් සඳහා "ස්පීච් සින්තෙසයිසර්" ( කථන රටා උපකාරක ) මෘදුකාංග පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටි "වර්ඩ්ස් ප්ලස්" කියන ආයතනයේ වෝල්ටර් වොල්ටොස්.....ඒ හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය හොව්කින්ග්ට ලැබෙනවා මුලින් ඒ.එම්.ඩී චිප්සෙට් එකක් සහ මදර්බෝඩ් එකක් සහිත පරිඝණකයක ඉතාම සරල පෝටබල් ක්ලිකර් එකක් මගින් විද්යුත් තරංග ජනනය කරලා, ඒ විද්යුත් පණිවිඩ මගින් එහා මෙහා ගෙනියන කර්සර් එකකින් විනාඩියකට වචන 7 ක් පමණ තෝරාගත හැකි සරල ක්‍රමවේදයක්......
1997 වසරෙදි ඉන්ටෙල් සමාගම ඊට වඩා දියුණු පරිඝණකයක් සහ මෘදුකාංගයක් සපයා දෙනව....මේ ඉන්ටෙල් පරිඝණකය පැමිණීමත් සමග
- වඩා පහසුවෙන් හැසිරවිය හැකි, වඩා සංවේදී ක්ලිකර් එකක්
- විනාඩියකට වචන 15 ක් පමණ තෝරා ගැනීමේ හැකියාව
- ඉන්ටෙල් ලැබ්ස් හි නිර්මාණය කරන ලද ස්පීච් සින්තෙසයිසර් මෘදුකාංගය වන ACAT (Assistive Context-Aware Toolkit ) මෘදුකාංග අන්තර්-මුහුණත ( මේක ඕපන් සෝස් මෘදුකාංගයක්....ඕපන් සෝස් මෘදුකාංගයක් කියන්නෙ එම මෘදුකාංගය රචනා කරන ලද සෝස් කෝඩ් එක එයට ඇති තරම් මූලික වෙනස් කම් පාරිභෝගිකයන්ටම කරගන්න පුළුවන් වෙන්න ප්රසිද්ධ කිරීම සහ එවැනි වෙනස් කම් වලට අවශ්ය බුද්ධිමය අවසරය ලබා දීම.....උදා: ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක.... මේ මහාචාර්ය හොව්කින්ග් භාවිතා කරන ACAT මෘදුකාංගය ඕපන් සෝස් මෘදුකාංගයක් ලෙස ඉන්ටෙල් ලැබ්ස් රචනා කලේ මේක සියළු ජාතීන්ට තම තමන්ගේ භාෂාවන්ට සරිලන පරිදි වෙනස් කරගන්න අවකාශය සැලසීම, වෙනත් කථන රටා සහිතව ඉංග්රීසි සහ අනෙකුත් භාෂා හසුරුවන ජාතීන්ට ඒ රටාවන්ට සරිලන පරිදි මෙහි ශබ්ද විකාශනය හසුරුවා ගත හැකි වීමට, වගේ අරමුණු තියාගෙන )
මේ සිස්ට්ම් එකට ඉන්ටෙල් සමාගම දුන්නු නම තමයි Speech Generating Device (SGD) කියන එක ....
මේ අතැඟිල්ලකින් හසුරුවන ක්ලිකර් එකෙන් එතුමා වචන තෝරා ගත් පසුව, ඒ අන්තර් මුහුණත මගින් එකී වචන වල විද්යුත් සංඥා වලට අනුකූල කරන ලද ශබ්ද ( අක්ෂර උච්ඡාරණ ශබ්ද, අකුරු අතර, මාත්රා අතර පවත්වා ගත යුතු පරතරය ) තීරණය කරලා, ක්ෂණිකව සමාන්තර ත්රෙඩ්ස් මගින් ප්රොසෙස් කරලා වචන උච්ඡාරණයන් කරලා දෙනවා.....
වසර 2008 වනවිට මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්ට මේ ඇඟිලි මගින් භාවිතා කරන ක්ලිකර් එක භාවිතා කරන්න නොහැකි තත්වයක් උද්ගත වුනා.....ඒ ඔහුගේ මාංශ පේශී තව දුරටත් අප්රාණික වීම නිසා.....ඉන් පසුව එතුමාට ඉන්ටෙල් සමාගම ලබාදුන්නේ වඩාත් දියුණු තාක්ෂණයක්....
ඔබ දන්නවා ඔබේ ස්මාට් ජංගම දුරකථන වල තියෙනවා "ප්රොක්සිමිටි සෙන්සර්ස්" කියලා සෙන්සර් සිස්ටම් එකක්.....මේවා තියෙන්නෙ දුරකථනයේ ඉදිරිපස මුහුනතට ඉහළින්.....ඒ වගේ අධෝරක්ත කිරණ භාවිතා කරන සෙන්සර් දෙකක් මහාචාර්ය හොව්කින්ගේ උපැස් යුවළේ දකුණු පස සවි කර තිබෙනවා....මේ දෙකෙන් අධෝරක්ත කිරණ බීම් දෙකක් මහාචාර්ය හොව්කින්ගෙ කම්මුල ප්රදේශයට පතනය කරනවා....එතුමා කම්මුල සොලවනවිට මේ කිරණ මගින් ඒ කම්මුලේ ආලෝකය වෙනස් වෙන ආකාරය ග්රහණය කරලා, එතුමාගේ රෝද පුටුවේ පිටුපස ඇති කලුපාට ආවරණයක් සහිත සී.පී.යූ එකේ යූ.එස්.බී පෝට් එකෙන් අදාළ වොයිස් සින්තෙසයිසර් එකට ලබා දෙනවා..මේකට කියනවා Cheek Switch කියලා..... එවිට එතුමා විසින් කම්මුල සෙළවීම මගින් තමන් ඉදිරියේ ඇති තිරය මත වන කර්සර් එක එහා මෙහා කිරීමෙන් තෝරා ගන්න අකුරු වලින් සාදන වචන වල ශබ්දය ඒ ඩිවයිස් එක එක්කම සවිකර තිබෙන මල්ටිමීඩියා ස්පීකර්ස් මගින් පිට කරනවා.....
මේ උපකරණ සෙට් එකට බලය ලැබෙන්නෙ එතුමාගේ රෝද පුටුවෙන්මයි....රෝද පුටුව බොහෝ වේලාවක් චාජ් එක පවතින උපකරණයක්....එමෙන්ම රෝද පුටුවේ බලය යම් මොහොතක විසන්ධි උනත්, එතුමාගේ පරිඝණක බැටරියට පැය පහක පමණ කාළයක් ස්වාධීන විදුලි සැපයුමක් ක්රියාත්මක කරගන්න පුලුවන්.....
එතුමා මේ මොහොතේ භාවිතා කරන උපකරණ සහ මෘදුකාංග වන්නේ -
-ලෙනෝවෝ යෝගා 260, ඉන්ටෙල් කෝ අයි 7, 6600යූ ප්රොසෙසර් එක සහිත තින්ක් පෑඩ් එකක්
-ගිගාබයිට් 512 ක එස්.එස්.ඩී හාඩ් එකක්
- බොෂ් සමාගම නිපදවන ලද ස්පීකර් අවුට්පුට් සෙට් එකක්
- කෝල්-ටෙක්ස්ට් 5010 නම් කථන මෘදුකාංගය

Wednesday, September 21, 2016

පිළිවෙලට වැඩ කරන ඉරාජ් :p

රැල්ලට ලියන්නේ ඈ.....


ඉරාජ් අයිය මුලින්ම සිල්බිඳගෙන නදීෂා අක්කට කට කන්න කියල හොදට ඒ වීඩියෝ එක ප්‍රසිද්ද කරගත්ත.. ඊළගට කට කන එක සාමාන්‍ය දෙයක් කොරා දැන් උන් කට කෑවට නදීෂා අක්කගේ තරම් හිට් වෙන්නේ නැහැ.. මොකද එක ඉවරයි..

ඊට පස්සේ කතන්දරයක් කියනෝ කියල ලස්සන සැක්සි අක්ක කෙනෙක් පුල් එහෙක එහෙම නෑව්වා බිකිනි පාරක් අන්දෝලා.. පිටරට විතරක් නෙමේ ලංකාවෙත් ඒ වගේ සැක්සි ඇඟක් තියෙන සුදු ගෑල්ලමයි ඉන්නෝ කියලා අයිය පෙන්නලා දුන්න. (හැබැයි ඒ කෙනත් මෙහෙ ඉන්න කෙනෙක් නෙමේ) හැබැයි පෙන්නුවා මදි වගේ නිසා අපේ උන් වැඩිය යැව්වේ නැහැ ඒක ජාත්‍යන්තරයට..

ඉලගට ඔන්න දැන් ඉරාජ් අයිය තව පියවරක් ඉස්සරහට තිබ්බ. කලින් එක කෙල්ලක් පෙන්නුවා අපේ උන් වැඩිය ගණන් ගත්තේ නෑනේ (මම නම් නිතර බැලුව ඒක ඉරාජ් අයියේ ඈ) මේ පාර සැක්සි කෙල්ලෝ දෙන්නෙක්ම ගත්ත. උනුත් නිකන් උන් නෙමේ ලෙස්බි දෙන්නෙක් :v උන් අරගෙනත් නිකා ඉඳියේ නැහැ, බිකිනිය දකලානේ දැන් තියෙන්නේ. ඒ නිසා එකත් එක්ක අලුත් එකක් පෙන්න ඕන කියල දෙන්නගෙම උඩ කෑල්ල ගලෝලා දැම්ම.. :p ඔන්න දැන් අපි මේ වීඩියෝ එකෙන් උඩ කෑල්ල ගලෝලා පිට පැත්ත දැක්ක ඈ.. ඇත්තටම ඉරාජ්ගේ ඔය සිංදුව මුලින්ම දාල තියෙන්නේ 2014/7/22 බලපු මුළු ගාන 150,419යි මේ වෙනකං, 2016/09/20 දාපු වීඩියෝ එක 2016/09/21 වෙනකොට බලපු
ප්‍රමාණය  174,419යි. ඉරාජ් පරාදද?
ඉරාජ්ගේ සිංදු පිළිවෙල බලමු.

මුලින් කට කෑවා :p Image result for sil bida gaththe pic
ඉලගට බිකිනියෙන් සැක්සි අක්ක කෙනෙක්ගේ නාරිලතාව පෙන්නුවා Image result for kathandare genevieve
දැන් බිකිනියෙන් එකක් ගලෝලා ලෙස්බි කෑලි දෙන්නෙක්ගේ පිටිපස්සට පෙන්නුවා ඔන්න අපිට..

දැන් අපිට තියෙන ගැටලුව ඊ ළගට එන එක කොහොම වේවිද? ඔබේ අදහස් දෙන්න බලන්න ඉරාජ් අයියට :v

Sunday, September 11, 2016

සාගර පලන්සූරිය (කේයස්)

------> කේයස්



මුල් නම – පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම් – කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත – 1908 මාර්තු මස 11 දා
වෘත්තීන් – ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත් – පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
පුතුන් – තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය – ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී 



මා මළ විටදි පී.බී. දෙන අසල එම
වැලපී කියන කවි ඇසුමට රිසිමි මම’


පී.බී. අල්විස් කවියාගේ මුහුණ බලා එසේ කවි දෙපදයක් කී ඒ ප්‍රවීණ කවියා තමන් මැරුණු සේ යහනේ වැතිර ගත්තේ ය. එවිට එකදිගට කවි දහයක් පමණ කී පී.බී. කවියා මෙකවිය ද කීයේය.

’රළු ගල් පවා පිපිරෙන්නට පහර දිදී
වැජඹුණු අපේ රන්වන් කුළුගෙඩිය නිදී
ඒ ගල් යළිදු පැළවීගෙන ඉහළ ඇදී
අසලින් යනෙන අසරණයගෙ ඇඟට වදී..’


හඟුරන්කෙත ආදායම් පාලක නිලධාරි (ඩී.ආර්.ඕ) තනතුර එදා හෙබවූයේ විමලරත්න කුමාරගේ කවියාය. දිනෙක ඔහු හමුවන්නට පී.බී. කවියා ගියේ අපේ කතානායක කවියා ද සමඟ ය. එදා රාත්‍රියේ ඒ නිල නිවස්නයේ මේ අපූරු සිදුවීම සිදුවුණි.

ඔහු පිළිබඳ බොහෝ දේ කියැවේ. අධිරාජ්‍යවාදීනට එරෙහිව කොළඹ යුගයේ කවීන් කළ මෙහෙවර හා සසඳන විටදී ඔහු පිළිබඳ ව හැඳින්වෙනුයේ මුල්පෙළෙනි. කවීන් අතර අද්විතීය ස්ථානයක් ඔහුට හිමි වී තිබිණි. ඔහු අව්‍යාජ ය. සරල ය. ප්‍රතිපත්තිගරුක ය. ජාතිකවාදී හැඟුමින් ද පිරිපුන් වූ හේ අවංක ජනතා පුත්‍රයෙකි. පුවත්පත්කලාවේදියෙකි. බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට බඳුන් වූ ‘කේයස්’ නම් අන්වර්ථ නාමයකින් ‘සුදෝසුදු’කාව්‍යය ලියූ හෙතෙම සාගර පලන්සූරිය නම් ප්‍රතිභාපූර්ණ කවියා ය. කොළඹ යුගයේ දී සාගරයන් අතිශය ජනාදරයට පාත්‍ර වූයේ ද ‘සුදෝසුදු’ නිසා ය.

සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ ඔහු උපත ලද්දේ එනම් 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා ය. පසුකලෙක සාගර පලන්සූරිය වුවද ගබ්බෙල අප්පුහාමි රෙජිස්ට්‍රාර්තුමාගේ මහ පොතේ ලියැවී ඇත්තේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යනුවෙනි. කුඩා ඩිංගිරි මහත්තයාගේ පසුබිම අනේක දුක් ගැහැට පිරීගිය එකක් ම විය.

විප්ලවවාදී ගති පැවතුම් කුඩා වියේදී ද දක්නට ලැබෙන්නේ මෙවන් ප්‍රබල සිදුවීමකිනි. ඩිංගිරි මහත්තයා කුලීන දරුවෙකි. අකුරට ගිය මුල්ම සිංහල පාසල වූයේ මාදම්පාගම ය. එහි කුලහීන දරුවනට බංකුවල වාඩිවීම තහනම් විය. වාඩිවිය යුත්තේ බිම ය. එය නොරිස්සූ කුඩා ඩිංගිරි තම සගයන් ද සමඟ බංකුව අතැර ඔවුන් හා බිම වාඩිවූයේ ය. මෙහිදී ප්‍රදේශය බාර දිසාපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්වූයේ එහි විදුහල්පතිතුමා ය.

වයසින් වැඩෙත් ම සමාජ සාධාරණත්වය උදෙසා හේ සිය ජීවිතයම කැප කළේ ය. අන්ත දිළිඳු බව දෝතින් ගෙන උපන්න ද ඔහු සිත පිරී තිබුණේ උද්යෝගිමත් සිතිවිල්ලෙනි. වරෙක වෙල්එළියේ ගල්තලාවක හිඳ තම කවි සිත අවදි කරවූයේ ය. ඔහු කුඩා වියේ දී ඔවුනට තිබුණු එකම ඉඩම් කැබැල්ලත් උකසකට සින්න වී ගියේ ය. සිය දරු පවුල නඩත්තු කළ පියා ලෙඩ ඇඳට වැටුණේ ය. ජීවත් වන්නට සිදුවූයේ වතුයායක කෙළවරක පිහිටි බිම් කැබැල්ලක පැලක් තනාගෙන ය.

ඔහුට මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා ඥාති සබඳතාවක් තිබිණි. පැවිදි වීමට තීරණය කළ අපේ කතානායකයා මවුපිය විරෝධතා මධ්‍යයේ ම පැවිදි වූයේ ය. ඉන්පසු ඉගෙනුමට ද දක්ෂයකු වූ කළල්ඇල්ලේ පේමානන්ද නම් වූහ. තුරුණු වියට ආසන්න වෙද්දී උගත මනා බණ දහම් සහ චතුර කථිකත්වය ද රසමුසු කවීත්වය ද මනාව පිහිටා තිබිණි. ඇත්ඔය, පැණනිස්ස හිමියන්ගේ මඟපෙන්වීමෙන් අපේ පුංචි හාමුදුරුවෝ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී සාහිත්‍ය, සමාජ සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ ද මනා පරිචයක් ලද්දේහ. කෙටි කලකින් තම සොහොයුරා සිවුරු හළ බව දත් සොහොයුරු පියදාස පලන්සූරිය තම සොයුරා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් හමුවට කැඳවා ගියේ ය.

උපැවිද්දෙන් නැවතත් පැවිද්දට පැමිණුනි. ඉන්පසු කළල්ඇල්ලේ ආනන්ද සාගර නම් වූහ. මේ වනවිට කවියෙහි දක්ෂයකු ව පසුවෙමින් විවිධ පුවත්පත් සඟරාවනට ද සමාජ ලිපි, කවි පබැඳුම් ලිවීය. ටිබෙට් ජාතික මහින්ද හිමි හා කුළුපගව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඉන්දියාවේ ශාන්ති නිකේතනයට පිවිසියහ. එතැනින් මව්බිමට පැමිණ ගුරු වෘත්තියෙහි නියැළුණි. මේ අවධියේ දී ලියා එළිදැක්වූ ‘සුදෝසුදු’ කාව්‍යයේ පළමු මුද්‍රණය උණු කැවුම් මෙන් විකිණී මහත් සේ ජනාදරය දිනාගන්නට සමත් වූහ.

පසුකලෙක අපේ හිමියන් ආනන්ද, නාලන්ද, කුරුණෑගල මලියදේව, මොරටුව වේල්ස් කුමාර විදුහල්වල ගුරුවරයකු ව කටයුතු කළහ. මේ අතරේදී ලේඛනයෙහි ප්‍රතිභාව පෙන්නුම් කරමින් සාරවත් ලිපි, කවි ආදිය පුවත් සඟරාදියෙහි පළකෙරිණි. පෑගෙන තැලෙන පොඩි මිනිහාගේ පීඩිත බව එහිමි නොඉවසූයේ, කිසිවකුගේ ආරාධනාවකින් තොරව ම වමේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූයේ ය. ඒ හොරණ ආසනයෙනි. මහජන එක්සත් පෙරමුණෙනි. පිලිප්, ඇන්.ඇම් සමීපතමයෝ ය. කම්කරු පන්තිය වෙනුවෙන් සටනේ වැදී චතුර කථිකත්වයෙන්, කවියෙන් ජනයින් ආකර්ෂණීය කළේය.

ඒ සටන් හමාර කොට ආපසු ගියේ ද පා ගමනිනි, බසයකනි, නැතහොත් දුම්රියකිනි. සිවුරේම සිටිමින් දේශපාලනයට පිවිසිය ද යළි නොඑන්නට ම සිවුරෙන් වෙන්වූයේ 1947 දීය. ප්‍රතිවිරුද්ධ එම්.ඩී.එච්.ජයවර්ධන ඇමැතිවරයා පරදවමින් හේ 1956 මහ මැතිවරණයේ දී වැඩි ඡන්ද 10,000කින් හොරණ අසුන ජයගත්තේය. නොයෙක් කරදර හිරිහැර මධ්‍යයේ ඔහුටත්, පවුලේ අයටත්, ආධාරකරුවන්ටත් ආහාර පාන, රැකවරණය ලැබදුන්නේ හිටපු අගමැති වත්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන එම පවුලේ අය ය.

හේ පුවත්පත්, සඟරාදියට ලිවීම අත්නොහළේ ය. ජනතාවට කළ්‍යාණ මන්ත්‍රීවරයකු වුවද ඔහු ජීවත් වූයේ මන්ත්‍රී වැටුපෙන් නොව ස්වශක්තියෙනි. පැවිදි බිමෙන් ගිහි දිවියට පැමිණිය ද හෙතෙම කටපුරා කීයේ ‘තවමත් මට අගෙයි මගෙ හාමුදුරුවරු’ යනුවෙනි

’ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා


එය සුදෝසුදු හි කාගේත් මුව‘ගෙහි රැඳි ජනප්‍රිය කවියකි. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති, පද්‍යාවලි ඪ හා ඪඪ, දම්පද සුගතවාණී, ගද්‍යාවලී ඪ, ඪඪ, ගොවි පෙරමුණ, ගද්‍ය පද්‍ය පරිවර්තන කෘතින් රැසක් ද සාගරයන් රටට පිිළිගැන්වීය. ඉන් බොහෝ කෘති අදටත් පාඨක සිත් දිනා ඇත. ඇතැම් නිර්මාණවල සැඟවී ඇත්තේ ඔහුගේ ම බාල අවධිය බව ද කියැවේ. සාගර 1948 දී විවාපත් වූයේ ය. ජීවන සහකාරිය වූයේ ගල්කිස්සේ, ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා ය. ඈ හැමවිටම ඔහුගේ සෙවණැල්ල වූවා ය. ඔවුනට පුතුන් තිදෙනකු ලැබිණ. සාගරයන් හැමවිටම තම පුතුන් තිදෙනාට සිංහලකමටත් බුදුදහමටත් නැඹුරුව ජීවත්වන්නැයි ඔවදන් දුණි.

’අපේ තාත්තා අපට හරිම ආදරෙයි. විශේෂයෙන් අපේ සෞඛ්‍යය, කෑම බීම සොයා බැලුවා. අපි ආර්ථික අතින් මහා ශක්තියක් තිබූ අය නොවයි. තාත්තාගෙ ළඟ ම මිතුරන් වුණේ විමලරත්න කුමාරගම, පී.බී.අල්විස් පෙරේරා යන කවීන් දෙපළයි. ඒ අය අපේ ගෙදර නිතර එනවා යනවා. ඇවිත් කවි කියනවා.’ ඒ ලක්විජය සාගර පලන්සූරිය (සාමාන්‍යාධිකාරි – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය) දෙවන පුතු තම පියාණන් ගැන කී අයුරුයි. ‘මා දුටු අපරදිග‘ කෘතිය රචනා වූයේ සාගරයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හොබවමින් සිටියදීය. පරිපාලනයේ ඉංග්‍රිසි ආධිපත්‍යය බිඳ දැමීමට හේ හඬ නැඟීය. එහෙත් දෙමළ බස කොන්කළ යුතු යැයි ද අපේක්ෂා නොකළේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ඒ 1960 දී ය. ඒ සමඟම ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි විය. එය මහා බරකින් නිදහස් වූවා සේ විය. අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ ය.

වයසින් අවුරුදු 13 සිට කවියට, ලේඛනයට ඇල්ම දැක්වූ හේ පසුකලෙක පඩිරුවනක් බඳු වූයේ ය. පැවිදි අවධියේ සිට ම ඇසුරේ පසුවූ පැවිදි උතුමන් වූයේ බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති, කිරිබත්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර, වල්පොල රාහුල යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිවරු ය. ස්වකීය චතුර කථිකත්වයෙන් හා ආකර්ෂණීය කවිත්වයෙන් ජනසිත් ඇද බැඳ තබාගත්තේ ය. වඩාත් පරසිදු වූයේ ප්‍රගතිශීලී වාමාංශික දේශපාලන කරළියෙහි ය.

’මම දොර නොබින්දෙමි ආවෙමි විවර දොරෙන්
ජය හෝ පරාජය ආ යුතු පරිදි වරෙන්
නිදහස් වන්ට මා උසුලන මිහිරි බරෙන්
උපකාරයක් නොපතමි කිසිකෙනකු කෙරෙන්’


ඒ ඔහුගේ හැටි ය. ඔහු අදීන ය. ස්වෝත්සාහී බව දිවිය පුරාම රැඳී තිබිණ. සෝමවීර චන්ද්‍රසිරි, ආනන්ද රාජකරුණා, තිහාරියේ පීටර් පෙරේරා, පියදාස සිරිසේන, ඩී.ඩබ්ලිව්.වික්‍රම ාරච්චි, පී.කේ.ඩබ්ලිව්.සිරිවර්ධන ආදීන්ගේ සමීපතමයකු විය. හෙළදිව, මාවත හා ලංකාදීප පුවත්පත ද ඇරඹි අවධියේ දී එහි කතුවරයකු ද වූයේය. නව මුහුණුවරකින් සාරවත් ලිපි, සමාජ විවේචන, අදහස් කියාපෑම, කතුවැකි සම්පාදනය ද සිදුවූයේ ඔහු අතිනි.

උපැවිදි වීමත් සමඟ ඔහු ලියූ කවකි මේ.

’මට හුරුපුරුදු තැන මාහට නැතිව ගියේ
සමහර මතක නොමැකී සටහනක තියේ
මානෙල් නොපිපුණත් හිරු නැති අඳුරු රැයේ
කොඳමල් පිපේ නම් එය මට මදිද පියේ’


කලබලයෙන් මෙන් දිනක් ගෙට ගොඩ වූ අපේ සාගර සිය බිරිය දෙස බලා දෑතින් යමක් සංඥා කොට පෙන්වූයේය. ‘ඔයා නාට්ටියක් කරනවද?’ කිසිත් නොදත් බිරිය විමසුවා ය. ඔහු තරහින් මෙන් මුහුණ හකුලුවා ගත්තේ ය. අසල තිබූ කඩදාසියක ඔහු යමක් ලියා පෙන්වීය. ඇය වහා එය කියැවූවා ය. ඒ වනවිට ඔහු දෑසින් කඳුළු කඩාහැලෙමින් තිබිණ. ඔහු ඒ ලියුවේ තමන්ට කටහඬ නැති ව ගිය බවකි.

උගුරේ ආබාධයක් ඇති බවකි. දිගින් දිගටම ප්‍රතිකාර කැරිණි. ඉන්දියාවට ද ගොස් ප්‍රතිකාර කරවූවද එතරම් සුවයක් නොලදිණි. පෙර මෙන් කටහඬ උස් ව නොතිබුණි. ‘මගේ තාත්තා මැරෙන කොට 53යි. මටත් දැන් 53යි. ලබන අවුරුද්දෙ මං ඔයාලා ළඟ නැහැ. ඒකට කමක් නෑ. පුතාලා අම්මත් එක්ක හොඳට අවුරුදු කන්න’ දිනෙක සිය බිරිය හා දරුවන් තුරුළට ගෙන සාගරයන් බිඳුණු හඩින් එසේ කීවේය.

ඔහු රෝගාතුර වූයේ හදිසියෙන් ම ය. වහා රෝහල් ගත කැරිණි. එදා ප්‍රිය බිරියගේ සුරත අල්වාගත් හේ මෙසේ කීයේ ය.

’මං අද මැරෙනවා - මං මුකුත් ඉතිරි කරපු කෙනෙක් නොවෙයි. ඒත් මං ඉතුරු කරපු අකුරු තුනක් තියෙනවා. ඒ අකුරු තුන දරුවන්ට ඇති. අපෙ දරුවන්ගෙ ජීවිත ඉදිරියට ගෙනියන්න ඒ අකුරු තුන ඇති.’

’හාමුදුරුවන්ට එන්න කියන්න – මං අද මැරෙනවා” ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුවම හිමිවරු වඩමවා පිරිත් නූල් බැඳිනි. පිරිකර ද පූජා කෙරිණි. ඒ පිරිත් අවසන අපේ සාගරයන් දෑත් එක්කොට උස්හඬකින් සාදු ... සාදු... යනුවෙන් කීයේය. හාමුදුරුවනේ.. මේ ආත්මයේදී ඔය කහපාට දකින්න මට ලැබෙන්නෙ නැහැ... අද මං මැරෙනවා..’ ඒ හඬ දුබලය.

ඕ දෑස් විහිදා තම හිමි දෙස බලා හුන්නාය. ඔහු දෑස් නිවී..නිවී ගියා සේ ය. ... ඕ එසැනින් සිහිසුන්ව සිය සැමියාගේ මුහුණ මතට ඇද වැටුණාය.

නිදහස් මතධාරී බුද්ධිමතකු මෙන්ම තමා සතු සියල්ල සමාජයට ප්‍රදානය කොට කිසිවක් බලාපොරොත්තු නුවූ ජනසිත් හි ලැගුම් ගත් ඒ සොඳුරුතම මිනිසා 1961 – ජූනි මස 21 දා පස්වරු 5.55ට සිය ජීවිතයෙන් සදහට ම සමුගෙන යන්නට ම ගියේ ය.

ඔහුගේ වියෝවෙන් කම්පිත වූ දහස් සංඛ්‍යාත පිරිස් අතර සිරිල් ඒ. සීලවිමලයන් මෙසේ ලියුවේ ය.

’අපේ සාගර පලන්සූරිය
අපේ කේයස් අනේ මැරුණා
අපේ කවියා උගත් මිතුරා
අපේ ඇසුරින් ඉවත ඇදුනා

අපේ ඇස් ඉදිරියේ සොහොනින්
නැඟුණු දුම්රැළි ඉහළ නැඟුණා
අපේ රටට ම පාඩුවකි ඔහු
සොහොන මැද අළු බවට හැරුණා
Image result for කේයස් 

සැ.‍යු. - මෙය අමල් යශෝමන් ජයසිංහ මහතා විසින් 2012 වසරේ සිළුමිණ පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.

මහගම සේකරයන් ...

අරුතේ හැමදාම එක ගායකයෙක් අරගෙන ඔහුගේ හෝ ඇයගේ ගීතයක් අරුත්ගන්වන එකට පොඩි වෙනසක් කරන්න එක්ක ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත ගැන පුංචි විචාරයක් කරන්න හිතුණා මිට කාලෙකට පෙර. නමුත් ඊට පස්සේ සෑහෙන කාලයක් මේ පැත්තට එන්න බැරිවුණා. ඔන්න ඉතින් ඒ ආසාව සපුරා ගැනීම සඳහා පුංචි උත්සහයක්.
අපිට ගොඩක් වෙලාවට ගීතයකට අරුතක් දෙනවා කියනකොට මතක් වෙන්නේ ගායකයාව විතරයි...හැබැයි ගායකයාගෙන් හෝ ගායිකාවගෙන් අපිට ඇහෙන දේ නිම වෙන්න පද රචකයා සහ සංගීතය බෙහෙවින් ඉවහල් වෙනවා කියල අරුතේ අපිට නම් ඉතිං හොඳට මතකයි නේ....ඒක නිසාම අද ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත විචාරය කරමු කියල හිතුණා. (ගීත මුළුමනින්ම විචාරය කලොත් මට මේක කරගන්න බැරි වෙන හින්ද මා තෝරාගත් ගීත රචකයාගේ ගීත කීපයක් අරගෙන ඒවායේ මම කැමතිම කොටස් ගත්ත. ඒ සම්බන්ධව කමාව භාජනය කරන්න කියල ඉල්ලා සිටිනවා.)
ඇත්තෙන්ම මේ ගීත රචකයා ගැන කතා කරන්න මට ඇති සුදුසුකමක් නැහැ. ඒත් මා ඔහුට තියෙන ප්‍රියතාවය නිසාම ඔහුව තෝරාගත්තා. මගේ අතින් ඔහුගේ රචනා වලට අඩුපාඩුවක් වී ඇතිනම් ඒවා නිවැරදි කරන මෙන් සමුහයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ ගීත රචකයා වෙන කවුරුත් නෙමෙයි.....මහගම සේකර.
ඉතින් ගීතවලට යාමට පෙර සේකරයන් ගැන කරුණු කීපයක් සඳහන් කළහොත් හොඳයි කියල හිතුවා.
1929 අප්රේ ල් 07 වනදින උපන් සේකර අපෙන් සමුගන්නේ 1976 දී. දරුවෝ තුන් දෙනෙක්ගෙ පියෙක්. දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් සිටියා. ඔහුගේ බිරිඳ කුසුමලතා මහගම සේකර.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කලාකාරයෙක් වූ සේකර අනුවාද, ළමා සාහිත්‍ය කෘති, නවකතා, කෙටි කතා, පද්‍ය, නාට්‍ය, තිර රචනා මෙන්ම චිත්‍ර ඇඳීම සහ කැටයම් නිර්මාණ ශිපියෙක්. ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ නිර්මාණ රාශියක් සේකරයන් අප වෙත දායාද කරලා තියෙනවා
සේකරයන්ට 1966, 1968, සහ 1970 සරසවි සම්මාන උළෙලවලදී හොඳම ගීත රචනයන්ට සම්මාන ලැබෙනවා. ඒ පිලිවෙලින් සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගේ රටයි ගීතය, සත් සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදු මුදු තලාවේ ගීතය සහ බිනරමලී චිත්‍රපටයේ රටකින් රටකට පාර අසාගෙන ගීතය සඳහා.
ඔහුගේම වචනවලින් ඔහුව හඳුන්වා දෙනවානම් .....
මා ගැන දන්නා
අය කොතෙකුත් වෙති
පත්තරවල මා
නම ගම පළවෙයි.
මහගම සේකර
එම්.ඒ.සිංහල
පදිංචි ගම්පහ
රදාවාන ගම
දැන් විදුහල්පති
ඔය ඔය විදියට…...
ඉතිං පෞද්ගලික විස්තර සඳහා වැඩිපුර කාලය ගත කරන්නේ නැතුව ගීත වලට ගියොත්.... සේකරයන්ගේ සෑම ගීත රචනාවක්ම පුදුමාකාර රසවත් භාවයක් තිබුණත්, මම තෝරාගන්නේ සේකර සහ අමරදේවයන් මුසුව අපට ගෙන ආ නිර්මාණ කීපයක්.
ඉතින් ප්‍රථමයෙන්ම, සේකරයන් විසින් රචිත අමරදේවයන් සංගීතවත් කර ගායනා කරන රත්න දීප ජන්ම භුමි ගීතය...විශේෂයෙන් කියන්න ඕන සේකරයන් සහ අමරදේවයන් මුසුව අපට ඉතාමත් සුමිහිරි ගීත රාශියක් දායාද කරපු යුගයක් තිබුණා. රත්නදීප ගීතයත් එයින් එකක්. මේ ගීතයේ තිබෙන විශේෂය තමයි ලංකාව ජනරජයක් කරද්දී ජනරජ ගීතය ලෙස ගීතයක් තෝරාගැනීමට තරඟයක් තිබ්බලු, නමුත් මේ තරඟයෙන් කිසිම ගීතයක් තෝරාගන්න බැරිවෙද්දී පසුව ප්‍රබුද්ධ ගීත රචකයන් කීප දෙනෙක්ට ආරාධනා කලාලු ගීත නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒ වෙද්දී නිර්මාණය වෙලා තිබ්බ රත්න දීප ගීතය සේකරයන් විසින් ලබා දීල තියෙනවා ජනරජ ගීතය ලෙස යොදා ගැනීමට. නමුත් මේක තේරිලා නැහැ. ඒ වෙනුවට ඒ සම්බන්ධව කටයුතු කල දේශපාලනඥයා කිව්වලු ඔහුට මේ ගීතයේ ජනරජය ගැන ලියවිලා නැහැ කියල. එතකොට සේකරයන් එම දේශපාලනඥයා ට කිව්වලු එහෙමනම් ජනරජ ව්‍යවස්ථාව අරගෙන ඒකට තනුවක් දාල ගායනා කරන්න කියල. පේනවනේ දැන් වගේ නෙමේ අපේ කලාකරුවන් දෙකට නැමුණේ නැහැ ඉස්සර.
සේකරයන් කොච්චර ලස්සනට තමන් ඉපදුන භුමිය කෙතරම් වටිනවද කියන එක හඟවල තියෙනවද රත්නදීප ගීතයෙන්. මේ භුමිය මැණික් එහෙම නැත්නම් රත්න වලට සමාන කරලා;
රත්න දීප ජන්ම භුමි
ලංකා දීප විජය භුමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි
මාතෘ භූමියයි
මාණික්ය සේ පොලෝ ගැබේ නිධාන වී..
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.....
මේ ගීතය පුරාවටම තියෙන්නේ අතීතයේ ශ්‍රී විභූතිය ගැන ප්‍රකාශ කරලා...ඔහු කියනවා මේ පොළවෙන් මැණික් ලෙස මතු වන්නේ අතීතයේ රට වෙනුවෙන් නිර්භීතව සටන් කරපු මිනිස්සුන්ගේ රුධිරය කියල. අපේ රටට කොතරම් ගැලපෙනවද මේ පද පෙළ කියල හිතුවොත්...අපි අපේ ඉතිහාසය කියෙව්වහම කොතරම් වීරයන් සංඛ්‍යාවක් අපට හමු වෙනවද....මේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් ගලවා ගන්න තවත් කෙතරම් අපි නොදන්නා වීරයන් සංඛ්‍යාවක් උත්සහ කරන්න ඇතිද? කවුරුත් නොදන්නා ඒ වීරයන් මේ පොළව තුළ මිහිදන් වෙන්න ඇති. ඉතිං ඔවුන්ගේ රුධිරය තමයි මේ පොළවෙන් මැණික් ලෙස මතු වෙන්නේ.....
මීළඟට තෝරාගත් ගීතය ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට’ ගීතය. මෙයත් සේකරයන් රචනා කර අමරදේවයන් සංගීතවත් කළ ගීතයක්. මෙය මම කලින් අහලා තිබුනේ කළු ගඟ ලියකට සමාන කර ලියු ගීතයක් ලෙසයි. නමුත් මට මෙහෙමත් හිතුණා මේක ‘කළු’ කියන ගැහැණු ළමය / කාන්තාව ගැන වෙන්න බැරිද?
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන්දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
මම දැක්ක මේ දවස්වල අර ‘වැරදියට තෙරුම්ගතිපු ගීත’ කියල වීඩියෝවක් ශෙයා වෙනව මුහුණු පොතේ, අන්න ඒකේ තිබුණ මේකට වෙනමම තේරුමක් දාල. මම ඒකට එකඟ වෙන්නේ නැහැ මොකද ඒ කියන තේරුම මේ ගීතයේ තිබෙන එක පදයකින් වත් නිරූපණය වෙනවා කියල මට හිතෙන්නේ නැති නිසා.
අපි දන්නවා තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි අමනාප වෙලා ඉන්නකොට නෝක්කාඩුවෙන් හරි බලන එක බැල්ම කොතරම් වටිනවද කියල. ඉතින් ඒ සතුට ගීතයේ නිරූපණය වෙන්නේ මේ පරිසරය ගැන කරන හැඳින්වීමෙන් කියලයි මට හිතෙන්නේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයවුනත් එවකට කොළඹ දිස්ත්‍රික්කයට අයිතිව තිබුණු රදාවාන ප්‍රදේශයේ උපත ලැබූ සේකර ගැමි පරිසරය අපිට චිත්‍රයක් මවන්නේ ඔහුගේ තිබෙන රචනා කුසලතාව නිසාමයි කියලයි මට හිතෙන්නේ. වක්කඩෙන් තමයි මුළු කුඹුරුයායටම වතුර සැපයීම පාලනය කරන්නේ. ගොඩක් වෙලාවට ඉහල යායේ ඉඳල පහල යායට වතුර වැටෙන තැන තිත්ත පැටව් වගේ පොඩි මාළුන් රැඳිලා සිටිනවා. ඉතින් සේකර කියන්නේ ඒ වතුර ගලනා වේගෙන්ම තිත්ත පැටව් නටනවා. හරියට තරහව නිවෙන්න පෙර ‘කළු’ දෙන නෝක්කාඩු බැල්ම වාගේ වැස්සට පෙර අහසේ අකුණු කොටනවා. නගරයේ වගේ ගැමි පරිසරයේ තාප්ප නැහැ බොහෝවිට තියෙන්නේ වැටක්, ඉතින් මේ වැටෙත් කටරොලු මල් පිපිලා...කොටින්ම කියතොත් තරහ වෙලා හිටපු කළු නැවත යාලු වෙන්න යනකොට මේ පෙම්වතාට පරිසරයම ලස්සනට පේන හැටි මනාවට ගීතයේ වර්ණනා කරනවා.
සේකරයන් සහ අමරදේව සුසංයෝගයේ අග්‍රම පලය ලෙස අමරදේවයන් දකින ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය තමයි මං මීළඟට තෝරාගත්තේ. මාදින්නාගොඩ ශේෂා පලිහක්කාරගේ නිවසේදී සේකරයන් මේ ගීතය නිර්මාණය කළ බව අමරදේවයන් වරක් පවසා තිබුණා. නලදමයන්ති වේදිකා නාට්යොයට චිත්රමසේන හා වජිරා මේ ගීතය යොදාගන්නවා.
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ...
මම නලදමයන්ති නාට්‍ය බලල නැහැ. නමුත් මේ ගීතය ප්‍රසිද්ධයි පුරුෂයෙක් ගැන වර්ණනා කෙරෙන ගීතයක් හැටියට.ඈත හිමයේ තුරුවැල් අතරින් පවා ගලාඑන්නේ පෙම්වතාගේ නාමය...රෑ නින්දේදී තරුණියන් හීනෙන් දකින්නෙත් ඔහුගේ රූපය.... සමහරවිට නල ගැන දමයන්තිගේ වර්ණනාවක් වෙන්න ඇති..
සේකරයන්ගේ ගීතවල මම කැමතිම, මගේ සිත්ගන්නෙම ඒ ගීතවල තියෙන නිවුණු ස්වරුපය. ඒ ගීතයක් අහද්දී හිතට සහනයක් ලැබෙන්නේ. සමහරවිට විරහ ගීතයක් වුණත් අපිට වෛරය ක්‍රෝධය පුරවනවා වෙනුවට සැබෑ විරහව...තමන් පෙම් කළ කෙනාට වෛර නොකරන විරහව..තමයි අපට දැනෙන්නේ. අමරදේවයන් ගෙ සංගීතය සහ ගායනයත් මේකේ සමාන පංගුකාරයෙක් හැටියට තමයි මම දකින්නේ.
ඒවගේ ගීයක් තමයි මීළඟට තෝරාගත් සේකරයන්ගේ ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීතය.
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඔබයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි
අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි
‘තනි තරුව’ ලෙස අපි දකින්නේ සිකුරු ග්‍රහයාව. නිල් අහස තියෙද්දීම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ සිකුරු ග්‍රහයා. තව ටිකක් රෑවෙලා අහස ඝන අඳුරු වුනහම තමයි තරු පේන්න ගන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ආදරය එක්ක සම්බන්ධයක් තිබෙන ග්‍රහයෙක් හැටියට සැලකෙන්නේ. ඔහු කියන්නේ පාලු තරු නැති නිල් අහසේ පේන ආදරය නමැති තාරකාව ඇය...තරුණ මහලු; අතීතය වර්තමානය ඕනෑම කාලයකදී වුවත් හැම හදවතක්ම බලාපොරොත්තුවන්නේ ආදරය.....
ඒ වගේම සරු බවක් නොමැති වූ මහ පොලව පෙම්වතානම් ඒ පොලව සරු කරන්න හැකි දියදහර ආදරයයි නැතිනම් පෙම්වතියයි....
පුදුමාකාර ගීතයක්. වරක් සේකරයන් පවසා තිබුණා ඔහු පෙම්කල එක් යුවතියක් හා එක්වීමට බැරිවුණේ කුලමල ප්‍රශ්න නිසා එය අනුභූතියක් කරගනිමින් මේ ගීතය රචනා කළ බව.
සේකරයන්ගේ තවත් ගීත රාශියක් තියෙනවා මෙතන සඳහන් කලයුතු. නමුත් මේ ලිපිය දිග වෙන නිසාත් එතකොට කියවීමට රුචිය නොමැතිවීමට ඉඩ තිබෙන නිසාත් මම මේක මෙතනින් අවසන් කරනවා.
අවසන් කරන්නම් රත්න ශ්‍රී විජේසිංහයන්, සේකරයන් පිළිබඳව ලියු නිසඳසකින්;
ජනවාරි මාසයට
හැමදාම සීතලයි
ඒත් දැන් වෙනදාට
වඩා සීතල දැනේ
ජනවාරි මාසයට
හැමදාම මල් පිපේ
ඒත් දැන් පිපුණු මල්
පවා පරවී තිබේ
එක්තරා ජනවාරි
මාසයක ඔබ අපට
ආයුබෝවන් කියා
ගිය හෙයිනි"
ඉතින්, සේකර ඔබ හැරගිය මේ භුමියට සීතලයි....... ඔබගේ පදවැල් නමැති උණුසුම නැතිව මේ භුමිය සීතලයි!
(මේ ලිපිය ලිවීමට අන්තර්ජාලයෙන් සේකරයන් පිළිබඳව විස්තර සහ ඔහු ගෙ ගීත පිළිබඳ තොරතුරූ ලබා ගත් අතර විචාරය කර ඇත්තේ මගේම අදහස් බව මෙයින් සඳහන් කරමි)
ලිපිය 
Nil Gunawardana විසින් ගීතයක අරුත සොයා යමු... සමුහයේ පලකල ලිපියකි... 

පනුවා

පනුවා
“මචං බෝංචි නොකා ඉන්න එක හොඳයි වගේ මට දැන් පනුවෙක් හැපුනා.” සුගත් තමුන් සමග එකට කෑම කාමරයේ සිට කෑම කමින් සිටි කාර්යාල සගයන් වන මහේෂ් හා චන්දන දෙදෙනාට පැවසීය.
“නෙදකින් අත අරින්න එපා බන්. ඔහොමම ඔය බත් එක ඔතාගෙන වරෙන් යන්න කලු අක්කාට හොඳවයින් දෙකක් කතා කරලා එන්න. චික් මට පනුවෙක් හැපුනා නම් මම දනී කරනදේ.”
“ඕක ඔතාගෙන එහෙ මෙහෙ යන්න වෙලා නෑ බන්. දැන් අර ෆයිල් ටිකත් අරගෙන අපි තුන් දෙනාම අර චෙක් ටික හෑන්ඩ් ඕවර් කරන්න යන්න ඕනි. තව පැය භාගයයි තියෙන්නේ.” තම බත් පතේ තිබුනු බෝංචි ටික අයින් කරමින් සුගත් පැවසීය. තවත් කැපී ගිය පනුවෙක් බෝංචි අතර තිබෙනු යාන්තමින් ඔහු දුටුවේය. “අනිත් එක බන් ඔහොම හිටියාට පනුවෝ හරි ගුනයි. පනුවන්ගේ විතරයි විටමින් ඉසෙඩ් තියෙන්නෙ. ”
“අනේ තොගෙ රෙද්ද. විටමින් ඉසෙඩ්. ඇයි අයින් කරන්නේ ඉතිරි ටිකත් කාපියකෝ. තොපි වගේ නපුංසකයෝ නිසා තමා මුන් අපේ ඔලුවට අත හෝදන්න එන්නෙ. අපි ගෙනිහින් අර කලු අක්කා කියන ගෑනිගේ ඔලුවට හලන්න ඕනෙ බත් එක. නැද්ද බන්.”
“හරි පස්සෙ වෙලාවක ඒ වැඩේ කරමු. ටක් ගාලා දැන් කාපන්. අපිට විනාඩි විස්සයි තියෙන්නේ. හරියට එකයි කාල වෙද්දි අපි මාරු වෙන්න ඕනෙ.”
“අර අමරෙට කියලා බත් ගෙන්න ගන්න එකේ කරුමෙ තමා බන් අපි මේ ගෙවන්නෙ. නැතිනම් අර යස අගේට නිව්සිටි හෝටලෙන් බත් ගේන්න පුලුවන් කම තියෙද්දි, මූ යනවා කලු අක්කගේ රෙද්ද අස්සෙ රිංගන්න. මුන්ට වෙලා තියෙන්නෙ ගෑනියෙක් පොඩ්ඩක් හිනාවෙලා දෙනවා නම් මුන් වහ උනත් අරන් යයි. නැතිනම් මොන රෙද්දකටද බන් අර නිව්සිටි හෝටලේ පහු කරන් ගිහින් කලු අක්කගේ ගුබ්බෑයම අස්සෙ රිංගන්නෙ බත් ගේන්න.”
“වෙන පියන් එකෙක් යැව්වත් එකයි බන්. උන් ගිහින් මොන ජරාව කෑව්ත කමක් නැහැ. අපිටත් කවන්න එනවනේ මේ බැල්ලිගේ පුතාලා. ”
“මචන් උඹලා ඉක්මනට කාපන්. මම කාලා ඉවරයි. උඹලට වැඩේට යන්න මොනා හරි ගේන්න තියෙනවාද බ්‍රාන්ච් එකෙන්.”
“නෑ. චෙක් ටිකයි ෆයිල් එකයි අරන් වරෙන්. මෙහෙමම යමු.”
සුදත් කඩිනමින් තම ගිණුම් ශාඛාව වෙත යනු පෙනුනි. චන්දන සහ මහේෂ් තමුන්ගේ කතාව දිගටම කරගෙන යන ගමන් කෑම කන්නට පටන් ගති.
“උඹ දන්නවාද චන්දන මල්ලි, උඹ තාම මෙහෙ වැඩට ඇවිත් අවුරුද්දයිනේ. මම දැන් අවුරුදු අටක් වෙනවා මේ ඔෆිස් එකේ. මේ ඔෆිස් එක මුලින් පටන් ගද්දි මේ හරියේ කඩ එහෙම තිබ්බේ එකයි දෙකයි. ඔය කලු ගෑනිට තිබුනේ යන්තම් භාගෙට හදපු ගෙයක්. බයිසිකල් කබලක් වත් ඕකිට තිබ්බේ නැහැ. පස්සේ ඕකි කෝම හරි අර පියදාස පියන් කාරයයි, අනිල් කියලා කලින් පියන් කෙනෙක් හිටියා ඌවයි අල්ල ගෙන හෙමීට බත් බිස්නස් එකට සෙට් උනා. පස්සෙ අපේ අනිත් පියන් සෙට් එකත් ඔතනටම සෙට් උනා. දැන් මොකා කෑම එකක් ගේන්න කිව්වත් මේ යක්කු යන්නේ ඔතනට විතරයි. ”
“කලු උනාට ඒකි පට්ට කඳනේ නැද්ද බන්.”
“අන්න මල්ලිට තේරුනා කතන්දරේ. මුන් සෙට් එකම දොලහ වෙනකොට ඔතන. පස්සෙ ඉතින් අරකි පස්ස නටෝ නටෝ තන් දෙක හොල්ල හොල්ල බත් ටික බෙදලා දෙනකම් මුන් සෙම පෙරාගෙන ඔතන. අර මිනිහත් ඕක නොදන්නවා නෙමෙයි. ඌටත් බිස්නස් එක නැගලා යනවනම් වෙන මොනාද?”
“ඒක තමා බන්. දැන් බලපන්කෝ මුන්ගේ ගේ ඔක්කොම ටයිල් කරලා. පුටු සැටි ගෙනත් දාලා. ඒ මදිවට මුන් දැන් වෑන් එකකුත් අරගෙන.”
“අම්මපා, මම උන්ගෙ ඉලව් බත් අරන් කාලා තියෙන තරමට ඔය වෑන් කබල අරන් දීලා තියෙන්නෙ මම. හරිනම් උන් වෑන් එක එලෝනකොට මට පින් දෙන්න ඕනෙ.”
“මේ බැල්ලිගෙ පුතාලට පින් සිද්ද වෙන්න මාත් කන්නෙ ඔතනින්නේ බන්. මටත් වෑන් එක නැතත් ඕකෙ රෝදෙක හරි අයිතිය තියෙනවා.”
“අර අමරයාව අහු උනාම මට මතක් කරපන් අර ගෑනිගෙන් බත් ගේන්නෙ නැතුව නිව්සිටි හෝටලෙන් බත් ගේන්න කියලා මතක් කරන්න.”
“අන්න අර යකා එනවා ෆයිල් එකත් අරගෙන, අපි ටක් ගාලා කමු.”
“උඹලා තාම කනවද බන්. තව විනාඩි පහයි තියෙන්නෙ. වාහනේ දැන් එයි.”
“හරි හරි යකෝ විනාඩි පහට මේ වගේ හුන්ඩු දහයක් කන්න බැරියෑ.”
තම සගයන් කන අතර සුගත් තම ලිපි ගොනුව පරික්ෂා කරන්නට විය.
“හරි කාලා ඉවරයි පොඩ්ඩක් හිටපන්, අත හෝදගෙන එනකම්.”
තම මිතුරන් අවසන් කල බත් මුල් දෙස විමතියෙන් බැලූ සුගත් “මචන් උඹලා බෝංචි ටික කෑවද? බෝංචි වල පනුවොනේ බන්. මට මගදි අමරෙව මුන ගැහුනා. ඌ කිව්වා උගේ බත් එකෙත් පනුවෝ හිටිය නිසා බෝංචි අයින් කරලයි කෑවෙ කියලා.”
“මුගේ අම්මට, අහු වෙයන්කෝ ඕකව මට. මේ නොසන්ඩාලයෝ කලු ගෑනිගේ ගුබ්බෑයමට රිංගනවා මදිවට අපිටත් ජරාව කවනවා. අච්චර හොඳ හෝටලයක් තියෙද්දි.”
“නෑ බන් අමරෙ කිව්වා අද කලු අක්කාගේ ගමේ මල ගෙයක් වෙලා නිසා, නිව්සිටි හෝටලෙන් බත් ගෙනාවෙ කියල. ඌ ගිහින් හෝටල් මුදලාලිට හොඳ දෙකක් කතා කලා කිව්වා.”
“ඒකයි බන් එහෙනම් කේස් එක. ඒත් මං බැලුවා මොකෝ අද කෑම එක වෙනදා වගේ රහ නැත්තේ කියලා. වරෙන් වරෙන් යන්න වෙලාවත් එක වෙලා. හොඳ සුගත් මල්ලි වගේ අපි ටක් ගාලා අත හෝදන් එනකම් පොඩ්ඩක් වාහනේ නවත්ත ගනින්.” 
කතාව  -Asiri Epasinghe-

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවා සමග කල සාකච්ඡාව..

සාම කාලයේදීවත් මම ත්‍රස්‌ත නායකයන්ටඅතට අත දුන්නේ නැහැ...
මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහ
+++++++++++++++++++++++++++++++++++++
ප්‍රභාකරන්ව මරා දැමූ 53 වැනි සේනාංකයේ
අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න
සාකච්ඡා කළේ මනෝඡ් අබයදීර
සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලා දුරකතන ඇමතුමක්‌ දුන්නෙමු. මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි ... යන මහගමසේකරයන් ලියූ ගීතය ඔහුගේ දුරකතනයෙන් ඇසෙන්නට විය. අප උපන් මියයන දේශය වෙනුවෙන් තම අනගිතම යුතුකම ඉටුකළ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' කරන ලද සාකච්ඡාවයි මේ.
හමුදා සේවයෙන් විශ්‍රාම යන මොහොතේ, අතීතයට අපේ කතා බහ රැගෙන යැම සඳහා 2009 මැයි 18 වෙනිදා දිනය ඔබට මතක්‌ කර ගන්න පුළුවන්ද...?
ඇත්තටම එදා පාන්දර දෙකහමාරට විතර, එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මගේ කණ්‌ඩායමට ප්‍රහාරයක්‌ එල්ල කළා. නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පුදුමාතලන් ප්‍රදේශයේදී තමයි මේ පහර දීම සිදුවුණේ. අපි මෙවැනි තත්ත්වයක්‌ බලාපොරොත්තු වුණා. ත්‍රස්‌තවාදීන්ගේ අවසාන පිරිස අපි කොටු කරගෙනයි මේ වෙනකොට හිටියේ.
ඒ වෙනකොට ඔවුන්ට තිබුණ එකම විසඳුම කලපුවට පනින එක විතරයි... මොකද අනිත් තුන් පැත්තෙන්ම අපි ඔවුන්ව කොටු කරලයි තිබුණේ. එදා පාන්දර ඔවුන් මගේ වළල්ලේ පිටිපස්‌සේ තැනකට තමයි, ප්‍රහාරය එල්ල කළේ. එය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ස්‌ථානයක්‌ සහ ප්‍රහාරයක්‌. එතැන කඩා ගෙන තුන්සිය පනහක පමණ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ඇතුලට පැන්නා. ඒ වෙනකොටත් ඕනෑම දේකට සූදානම්ව අපි එක්‌ එක්‌ සැලසුම් හදලා තිබ්බේ... අපි ඒකට කියන්නේ, ඉන්ජෙන්සන් ප්ලෑන් කියලා... ඒ කියන්නේ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරෙහෙම වුණොත් මෙහෙම කරන්න යනාදී වශයෙන්, අවදානම් ගණනාවක්‌ සඳහා අපි සූදානම් වෙලයි හිටියේ...
මගේ පළවෙනි අණ දීම වුණේ කඩපු තැන ඉක්‌මනට වහගන්න කියන ඒකයි... සාමාන්‍යයෙන් මීටර් දෙසීයක විතර ආරක්‌ෂක බැම්මක්‌ කැඩිලා තිබ්බා... අපි විනාඩි විස්‌සක්‌ විතර ඇතුළත එම වළල්ල යළි හදා ගත්තා. තව එළිවෙන්න පැය තුනයි තියෙන්නේ... ඊට පස්‌සේ අපිට ඇතිවෙන්න ගහ ගන්න පුළුවන් කියලා මම හිතුවා... ඒ නිසා ඉක්‌මනින්ම අපේ ආරක්‌ෂිත වළල්ලේ කැඩුණු තැන හදා ගන්නයි මට ඕනේ වුණේ...
මේ වෙනකොට නන්දිකඩාල් තීරයේ රැඳී ඉන්නේ කොයි වැනි පිරිසක්‌ කියලා ඔබට අනුමානයක්‌ තිබ්බාද...?
නැහැ...නායකයෝ කවුද ඉන්නේ කියන එක ගැන අපි කිසිම දෙයක්‌ දන්නේ නැහැ. නමුත් එල්ටීටීඊයේ සිහින ඊලාම් රාජ්‍යයේ අවසාන බිම් කඩත් අපි අල්ලා ගැනීම සඳහා සූදානමින් තමයි හිටියේ... මේ වෙලාව වෙනකොට අපිට තිබ්බේ අතේ තියෙන දේ කටේ දාගන්න විතරයි. උදේ වරුවේත් අපි සටන් කළා... දහය විතර වෙනකොට ඒ සටන අවසන් වුණා. දවල් ආයෙත් අපිට දැනගන්න ලැබුණා, එක්‌ පිරිසක්‌ කලපුවේ කඩොල් කැලය ඇතුළේ ඉන්නවා කියලා... එතැනට අපි ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. දවල් දෙක විතර වෙනකොට ඒ සටන පටන් ගත්තා. ඒක හැන්දෑවේ හයාමාර වෙනකං විතර ගියා. මේ වෙලාව වෙනකොට මුළු ලංකාවම අපේ රජයේ පාලනය යටතට පත්වුණා.
ඊලාම් දේශයේ සිහිනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, සුනුවිසුණු වෙලා ගියා...ඔය පළාත අවුරුදු විස්‌සක්‌ විතර රජයෙන් ගිලිහිලා තිබුණේ. අනිත් පළාත් සේරම අපි අල්ලාගෙන ඉවරවෙලයි ඒ වෙනකොට තිබ්බේ. මෙතැන අල්ලා ගත්තා විතරයි, මුළු රටම එක ධජයක්‌ යටතට, සිංහ ධජය යටතට ආවා. එදා අපිට බොහෝම සන්තෝෂ දවසක්‌. මැරිච්ච ත්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු අපි එකතු කර ගන්න පටන් ගත්තා. එතැන ඉහළ පෙලේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදී නායකයන් ගණනාවකගේ මළ සිරුරු තිබ්බා. ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් සහ සුසෙයි ඇරෙන්න අනිත් ඔක්‌කොම නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. භානු, ජෙයම් වගේ නායකයන්ගේ මළ සිරුරු එතැන තිබ්බා. ප්‍රභාකරන්ගේ පුතා චාල්ස්‌ ඇන්තනිගේ මළ සිරුර එතැන තිබ්බා.
එදා අපිට බොහොම සන්තෝසයි... නමුත් මගෙ ඔලුවෙ එක ප්‍රශ්නයක්‌ තිබ්බා. ඒ ප්‍රභාකරන්ගේ මළ සිරුර කෝ කියන එක. ඒ වගේම මම ආමි කමාන්ඩර්ට කතා කරලා "සර්, අපේ රටේ අන්තිම බිම් අඟලත් අපි බේරා ගත්තා" කිව්වාම ආමි කමාන්ඩර් ටිකක්‌ කල්පනා කරලා මගෙන් ඇහැව්වා "ප්‍රභාකරන් කෝ...?" කියලා. එතුමාට මම කිව්වා "සර්, ප්‍රභාකරන්ගේ බොඩි එක නැහැ ..." කියලා. එතකොට ආමි කමාන්ඩර් මට කිව්වා "එහෙනං යුද්දේ ඉවර වෙන්නේ නැහැ ....." කියලා. මමත් එතකොට කිව්වා "ඔව් සර්, එහෙනං යුද්දේ ඉවරවෙන්නේ නැහැ ... හැබැයි මගේ ඔක්‌කොම බ්ලොක්‌ස්‌ මම දාලා තියෙන්නේ..." කියලා. මේ වෙනකොට නන්දිකඩාල් කඩොලාන ඇතුලේ හරි කරුවලයි. එතැන මොකුත් කරන්න බැහැ. කඩොලාන ඇතුලේ රැට සටන් කිරීම අමාරුයි. පොඩි සද්දයක්‌ වුණත් ඇහෙනවා. කුරුල්ලෝ පියාඹනවා. ඒ දිශාව අනුව කවුරු හරි එන දිශාව හඳුනාගන්න ලෙහෙසියි.
මම ආමි කමාන්ඩර්ට කිව්වා "සර්, හෙට උදේ මම සර්ච් එකක්‌ දාලා බලන්නම්" කියලා. මම එදා රෑ බොහෝම සන්තෝසෙන් නින්දට ගියත් "ප්‍රභාකරන් කෝ...?" කියන ප්‍රශ්නය මගේ හිතේ තිබ්බා. "මේ යකා පැනලද...? පැන්නොත් යුද්දේ ඉවර වෙන්නේ නැහැ නේද...?" කියන ඒවා මගේ හිතට ආවා. අපිට ඕනෑ වෙලා තිබුණේ අනාගත පරම්පරාවකට මේ යුද්දේ ඉතුරු නොකරන්න. බැරි වෙලාවත් ප්‍රභාකරන් වෙන රටකට පැන්නා නම් එහෙට වෙලා යුද්දේ මෙහෙයවන්න පුළුවන්.
මේක මම මගේ පොතේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ප්‍රභාකරන් කියන්නේ දැඩි තීරණ වගේම මෝඩ තීරණ ගත්ත නායකයෙක්‌. එහෙම වුණාට ඔහු දක්‌ෂ නායකයෙක්‌... ඒ නායකත්වය රටටම ලොකු තර්ජනයක්‌. ඒ නායකත්වය අපිට විනාශ කරන්න බැරිවුණා නම් අපිට සහ අපේ අනාගත පරම්පරාවට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙනවා. ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි. මෙච්චර කැපවීමක්‌ කරලත් අපිට මේ මිනිහව මරා ගන්න බැරිවුණොත්, අපේ අනාගත පරම්පරාවට අපි කොහොමද උත්තර දෙන්නේ කියන ප්‍රශ්නය මගේ හිතට ආවා.
ඔබට ප්‍රභාකරන් හෝ භානු සජීවීව මුණගැහිලා තියෙනවද...?
ප්‍රභාකරන් කවදාවත් පණ පිටින් දැකලා නැහැ...භානු දැකලා තියෙනවා. හැබැයි කවදාවත් කතා කරලවත්, අතට අත දීලාවත් නැහැ... මේ මගේ දකුණු අත බොහොම පිරිසුදුයි. (සිය දකුණු අත ඉහළට ඔසවා පෙන්වමින්...) කිසිම ත්‍රස්‌තවාදී නායකයෙකුට සාමය කාලයේදීවත් මම අතට අත දීලා නැහැ... ඔය ත්‍රස්‌ත නායකයෝ සාම කාලවලදී මට අත දීක්‌ කරලා තියෙනවා... ඒ උනාට මම උන්ට අත දීලා නැහැ...
දැන් අපි දහ නමවෙනිදා දවස ගැන මතක්‌ කරගමු... රටේ හැම තැනම ජනතාව කිරිබත් කමින් ප්‍රීති ඝෝෂා පවත්වනවා...
ඔව්... අපේ ළමයිනුත් එදා උදේ කිරිබත් හදලා තිබ්බා...කඩොලානට තව බැටැලියන් එකක්‌ දාලා සර්ච් කරන්න කියලා එතකොට මම කියලයි තිබ්බේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ ඉඳන් තමන්ගේ කතාව පටන් අරගෙන තිබුණා.
මගේ නායකත්වය යටතේ තිබුණු පනස්‌ තුන්වෙනි සේනාංකය යටතේ තමයි අටවෙනි කාර්ය සේනාංකය තිබ්බේ. කර්නල් රවිප්‍රිය තමයි එක භාරව හිටියේ. මේ අතරේ කර්නල් රවිප්‍රිය මට කතා කරලා. "සර්, කඩොලානේ තව ඩිවලොප්මන්ට්‌ එකක්‌ තියෙනවා..." කිව්වා.
ඒ වෙනකොට අපි යුද්දේ දිනලා ඉවරනේ... එක දිගට මාස දෙක තුනක්‌ නිදි මරලා, ටිකක්‌ හිටියා විතරයි, මෙන්න ආයිත් කියනවා ගහ ගන්නවා කියලා. කන්න ගත්ත කිරිබත් කෑල්ලත් පැත්තකට දාලා මම ගියා, නන්දිකඩාල් සටන් භුමියට. උන් එනකොට "අපේ කට්‌ටියත් ගහ ගත්තා, අපිටත් උන් ෆයර් කළා. මේ සටන විනාඩි හතලිස්‌ පහක්‌ විතර ගියා... "සර්, ඔක්‌කොම් නියුට්‌රමලයිස්‌ කරලා තියෙන්නේ. එක පොයින්ට්‌ එකක්‌ තියෙනවා, ඒක කොන්ට්‍රොල් කරගන්නම බැහැ... එතැනින් දිගටම ගහනවා" කියලා මට අපේ අය කිව්වා. මට ලොකු සටනක්‌ කරලා අපේ කොල්ලෝ මරා ගන්න උවමනාවක්‌ නැහැ. අතට ගත්ත දේ කටට දාලා, දැන් හපා ගන්න විතරයි තියෙන්නේ... "ලොකු සෙනගක්‌ දාන්න එපා... අට දෙනාගේ කණ්‌ඩායම් දෙකක්‌ දාලා, ඕක බලාගන්න" කියලා මම කිව්වා..
කර්නල් රෝහිත අළුවිහාරේගේ නායකත්වයෙන් හතරවෙනි විජයබාහු බලඇණියේ පිරිසක්‌ ඒ සඳහා මම යෙදෙව්වා. ටික වෙලාවකින් "හරි සර්, ඔක්‌කොම ඉවරයි. ප්‍රභාකරන්ගේ බොඩි එකත් තියෙනවා" කියලා මට එහෙන් කිව්වා. මේ වෙනකොට වෙලාව උදේ දහයයි තිහට විතර ඇති.
මගේ ගාව හිටියා, කර්නල් ලලන්ත ගමගේ. මෙතැන බලලා මොකද වෙලා තියෙන්නේ කියන්න කියලා මම කර්නල් ලලන්තව යෑව්වා. වැඩි ඈතක නෙමෙයි, මම හිටිය තැනින් මිටර් දෙසීයක්‌ ඈතින් තිබුණ කලපු ප්‍රදේශයට තමයි මම එයාව යෑව්වේ. "සර්, යුරේකා... ප්‍රභා මැරිලා ඉන්නවා" කියලා මට කර්නල් ගමගේ කතා කරලා කිව්වා. " හොඳටම ෂුවර්ද...?" මම ඇහැව්වා.
"ඔව් සර්, ටක්‌ ගාලා ආමි කමාන්ඩර්ට කියන්න."
"ඔය බොඩි එක මෙහෙට ගෙන්න..."
හරි...හරි සර්, බොඩි එක ගේන්නම් ටක්‌ ගාලා මේක කොළඹට කියන්න" කියලා මට කර්නල් ලලන්ත ගමගේ කිව්වා. එයත් හිටියේ ලොකු සන්තෝෂයකින්. මේ ජයග්‍රහණයේ පණිවුඩය ඉක්‌මනින්ම රටටම කියන්න තමයි හැමෝටම ඕනේ වුණේ.
"හරි...හරි සර් බොඩි එක ගේන්නම් මේ පණිවුඩේ ඉක්‌මනට කොළඹට කියන්න" ආයෙත් මට ලලන්ත කියනවා. මට ඒ පාර කේන්ති ගියා.
උඹ ඔතැනට වෙලා ඕකගේ පාංශුකුලය දෙන්නේ නැතුව ඕක ඉක්‌මනට මෙතැනට ගෙනෙන්..." කියලා මම කිව්වා.
එහෙම කිව්වට මගේ ඇස්‌ දෙකෙන් ප්‍රභාකරන්ගේ මිනිය දකිනකන් මම ඒක ආමි කමාන්ඩර්ට කියන්න කැමති වුණේ නැහැ. මම මේක ආමි කමන්ඩර්ට කියලා, එතැනින් ආරක්‌ෂක ලේකම්තුමාට සහ ජනාධිපතිතුමාට කියලා, ඊට පස්‌සේ මේක රටටම කියලා, ඒ මැරිලා ඉන්නේ ප්‍රභාකරන් නෙමෙයි නම්, මටත් වෙඩි තියාගෙන නන්දිකඩාල් කලපුවට පනින්න තමයි වෙන්නේ... ඒ නිසා මේ මිනිය මම ම බලලා තහවුරු කර ගන්න වුවමනාවක්‌ තිබ්බා...
විනාඩි දහයක්‌ විතර යනකොට මිනිය ගොඩට ගෙනාවා. ඒවෙනකොට යුද බිමේ මේ ආරංචිය ගිහිල්ලා අපි ළඟ නිලධාරීන් සහ සෙබළු හාර පන්දාහක්‌ එකතුවෙලා හිටියා. සතුටින් කෑගහන කොටම කොල්ලෝ උඩට වෙඩි තියන්න පටන් ගත්තා. ඔක්‌කොම තුවක්‌කුවලින් වෙඩි තිබ්බා. මැසින්ගන් වැල් පිටින් ගහනවා... පස්‌සේ මගේ ඔෆිසර්ස්‌ලා නවත්තන්න හදනකොට නැහැ... "වෙඩි තියපුවාවේ..." කියලා මම කිව්වා. ඒ ජයග්‍රහණයේ විතරක්‌ නෙමෙයි. තිබුණ පීඩනය පිට කිරීමක්‌. මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක්‌ පුරා උදේට නැගිටපු උදවිය. විනාඩි පහක්‌ විතර මුළු නන්දිකඩාල්ම ගිඟුරුම් දෙන විදිහට මේ වෙඩි පත්තු වුණා.
ඒ තමයි මගේ ජීවිතේ අමරණීයම මොහොත. අපේ රට අවුරුදු තිහක්‌ තිස්‌සේ අඳුරු අගාධයකට ඇදලා දාලා, සිංහල ජාතිය අප්‍රිකාවේ වනචාරීන්ටත් වඩා වනචාරී ජාතියක්‌ කියලා ලෝකයට පෙන්නලා, අහිංසක දරුවන්ගේ ඉඳන් ජීවිත බිලිගත්ත මිනිහව, මගේ කොල්ලෝ මරලා, මගේ කකුල් දෙක ගාවට ගෙනාවම මට දැනෙන සන්තෝෂය විස්‌තර කරන්න මට වචන නැහැ.
මම ඒ ඇඟට අත තියලා බලනකොට ඇඟ රස්‌නෙයි. ඔලුවෙන් ලේ එනවා.
මම අතට අත දුන්නේ නැහැ...
ප්‍රභාකරන් තමන්ගේ දෙපා මුල මැරිලා ඉන්නවා දැක්‌කාම ඔබට දැනුන හැඟීම මොකක්‌ද...?
යුද්දේ ඉවර වුණාම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ කොළඹ හිල්ටන් හෝටලයේ දී ලබා දුන්නා. එතැනදී ඔය ප්‍රශ්නයම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා මගෙන් ඇහැව්වා. "සර්, මට මම රජෙක්‌ වගේ කියන හැඟීම ආවා..." කියලා තමයි මම උත්තර දුන්නේ. ප්‍රභාකරන්ට දෙවියෝ අණ දුන්නාට, පනස්‌ තුන සේනාංකය එක්‌ක ඇවිල්ලා සටන් කරලා මැරියන් කියලා, මේ සටන කළේ අපි හැමෝම. මම කළේ සියලු සේනාංකාධිපතිවරුන්ට කතා කරලා කිව්වා "වැඩේ හරි, ප්‍රභාකරන්ව මැරුවා ටක්‌ ගාලා මෙතැනට එන්න" කියලා. ජෙනරල් ජගත් ඩයස්‌, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරල් චාගි ගාල්ලගේ වගේ සියල්ලට මේක කිව්වා. ඒ වෙලාවේ ආමි කමාන්ඩර් හිටියේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමාගේ කතාව අහන්න ගිහිල්ලා. විනාඩි දහයකින් විතර ආමි කමාන්ඩර්ට, මම මේ පණිවිඩය කතා කරලා කිව්වා.
මෙයිට වඩා වෙනස්‌ කට කතා පසු කාලයේදී මේ පිළිබඳව රට පුරා පැතිරිලා ගියා. "ප්‍රභාකරන් පනාගොඩට රැගෙන ගිහිල්ලා, ඔහුට පහර දීලා මරා දැම්මා" කියලා සමහරු කිව්වා...
ඒ කතා ඔක්‌කොම බොරු...ප්‍රභාකරන් මැරෙනකන් එතැන හිටියේ ඔහු කියලා කිසිම කෙනෙක්‌ දැනගෙන හිටියේ නැහැ. ඔතැන වැදගත් නායකයෙක්‌ ඉන්නවා කියලා අර සටන යනවෙලාවේ අපි තේරුම් ගත්තා. ඒත් ඒ ප්‍රභාකරන් කියලා අපි දැනගෙන හිටියේ නැහැ.
ප්‍රභාකරන්ගේ හිස පසාරු කරගෙන ගියේ ස්‌නයිෆර් උණ්‌ඩයක්‌ද...?
නැහැ... මමත් දැක්‌කා සමහර පොත්වල සහ පත්තරවල එහෙම ලියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ඒක වැරදියි... එදා උදේ අටේ කණ්‌ඩායම් දෙක විසින් තබපු උණ්‌ඩයකින් තමයි ප්‍රභාකරන් මැරුණේ... මගේ පොතේ මේ ගැන පින්තුර සමග විස්‌තර සියල්ල එනවා.
කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ට මොකද වුණේ...? ඔහු රටින් පැන ගිය බවට පවා කතා පළවුණා...
නන්දිකඩාල් කියන්නේ විශාල කලපුවක්‌ පස්‌සේ අපි මිනී හොයනකොට ඉදිමුණු, කුණුවෙච්ච මිනී ඕනෑ තරම් හම්බු වුණා. සති දෙකක්‌ විතර යනකන් අපිට මිනී හම්බු වුණා. ඒ අතර පොට්‌ටුඅම්මාන් ඉන්න ඇති කියලා අපි සැක කරනවා. ඒ වගේම පොට්‌ටු අම්මාන් මැරුණ බවට ඇසෙන් දුටු සාක්‌ෂි අපිට හමුවුණා.
ප්‍රභාකරන් මිය ගිය බවට මේ දක්‌වා මරණ සහතිකයක්‌ නිකුත් වී නැති නිසාත් ප්‍රභාකරන්ගේ මළසිරුර යයි කියූ මළ සිරුරේ ඩී.එන්.ඒ පරීක්‌ෂණයක්‌ තවමත් සිදුකර නොමැති නිසාත් ප්‍රභාකරන්ගේ මරණය සැක සහිත බවත් ඔහු අයත්වන්නේ අතුරුදන් වූවන්ගේ ගණයට බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වන එම්. කේ. සිවාජිලිංගම් පවසා තිබුණා..
ඔහොම සැකකරන කට්‌ටියට මම කියන්නේ එහෙම කතා කියලා විහිළුකාරයින්ගේ තත්ත්වයට පත්වෙන්න එපා කියලයි... අපි බොරුකාරයෝ නෙමෙයි. අපි වෘත්තීමය හමුදාවක්‌. අපි ප්‍රභාකරන් කියන ත්‍රස්‌තවාදී නායකයා මැරුවා... අපි එයාගෙයි එයාගේ පුතා චාර්ල්ස්‌ ඇන්තනිගෙයි ජාන පරීක්‌ෂණයක්‌ කළා. ඒකෙන් ප්‍රභාකරන් සහ පුතා කියලා තහවුරු වුණා. සමහර දෙමළ දේශපාලකයන් ජනප්‍රිය වෙන්න කරන ළදරු ක්‍රියා ගැන අපිට කනගාටුයි. මම ළදරුවෙක්‌ නෙමෙයි. පරිණත හමුදා නිලධාරියෙක්‌. සමහරු හිතනවා ඇති ප්‍රභාකරන් දිව්‍ය ලෝකයට ගියා කියලා. අපි හිතනවා අපායට ගියා කියලා. කොහොම වුණත් එයා මේ ලෝකේ නැතුව වෙන ලෝකෙක ඇති.
ඔබ හෙට සිට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්‌. සේවය නිමවා හමුදාවට සමුදෙන මොහොතේ ඇතිවෙන හැඟීම ගැන කිව්වොත්...
අපේ තරුණ කාලය ගතවුණේ කැලෑවල්වල සටන් කිරීමට. අනිත් සේනාංකාධිපතිවරුන්ගේ ජීවිතත් එහෙමයි. වසර තිස්‌ පහකුයි දවස්‌ පහක්‌ මේ නිල ඇඳුම ඇන්දාට පස්‌සේ ඒක එල්ලා, ගෙදර යන එක කනගාටුයි. නමුත් මම හිතනවා, මගෙන් රටට විය යුතු සේවය මම කරලා තියෙනවා කියලා... මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු අබේවර්ධන බාලසූරිය ගයපු ගීතයක මුල් කෑල්ල මගේ හිතේ තදින්ම සටහන් වෙලා තියෙනවා. ඒක මගේ ජීවිතයට බොහෝම සම්බන්ධයි.
අවසන් හුස්‌ම පොද නොබියව හෙළන්නට
සිව් රියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු පල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට"
යුගයේ වීරයෙක්‌ ලෙස හමුදාව තුළ සහ දේශයේ කීර්තියක්‌ ලබාගෙන, රට සිටි ප්‍රධානම සතුරා තමන්ගේ දෙපා මුල මරලා දමලා, හමුදාපති තනතුර නොලබා විශ්‍රාම යැම ගැන ඔබට දුකක්‌ නැද්ද...?
Image result for kamal gunaratneඕනෑම වෘත්තීය හමුදා නිලධාරියෙක්‌ගේ අභිලාශය, සරලව කිව්වොත් ආශාව, කවදාහරි යුද හමුදාපති වෙලා ලෝකෙම ඉන්න හොඳම සොල්දාදුවන්න්ගේ නායකයා වෙන්න. ලෝකයේ ඉන්න හොඳම සොල්දාදුවන්ගෙන් කොටසක නායකයා වෙන්න මට පුළුවන් වුණා. නමුත් ඒ සොල්දාදුවෝ ඔක්‌කොමලාගේ නායකයා වෙන්න මට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඒ ගැන යම් කනගාටුවක්‌ තියෙනවා. අපේ රටේ හමුදාපති තනතුර ලැබෙන්න දක්‌ෂකම විතරක්‌ නෙමෙයි, වාසනාවත් තියෙන්න ඕනේ. මට ඒ වාසනාව තිබුණේ නැහැ. හමුදාපති පුටුවට නොගියාට මම ගෙදර යන්නේ ජයග්‍රාහී විදිහට. ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට ගෙදර යන්නයි මට වුවමනා වුණේ. අප දක්‌ෂ ජෙනරාල්ලා පරාජිත සොල්දාදුවෝ වගේ ගෙදර යනවා මම දැක්‌කා. මම ගෙදර යන්නේ ජයග්‍රාහී සොල්දාදුවෙක්‌ විදිහට. ඒ ජයග්‍රහණයේ කතාවත් රටට කියාගෙන තමයි මම ගෙදර යන්නේ... මම විශ්‍රාම ගියේ පස්‌වෙනිදා සඳුදා. මගේ පොත එළිදැක්‌කේ ඊට පස්‌සේ දවසේ, ඒ කියන්නේ අඟහරුවාදා...මම ඉගෙන ගත්තෙ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේදී. මේ පොතේ තියෙන්නේ "මා දුටු දේ සහ අප කළ දේ" ගැන.
හමුදා වහරෙන් කිව්වොත් ඔබගේ එක මෙහෙයුමක්‌ දැන් නිමා වෙනවා. පත්තර භාෂාවෙන් කිව්වොත් ඔබගේ ජීවිතයේ එක පිටුවක්‌ ඉවරයි. මොකක්‌ද ඔබේ ඊළඟ මෙහෙයුම නැත්නම් පිටුව...?
රජයේ රැකියාවක්‌ දුන්නාට මම ඒක භාර ගන්නේ නැහැ. මම මේ රට දාලා වෙන රටකට යන්නෙත් නැහැ. මම ආඩම්බර රට වැසියෙක්‌ විදිහට මේ රටේ ජීවත් වෙනවා...
ඔබ අපට වීරයෙක්‌ වුණාට සමහරුන්ට යුද අපරාධ චෝදනාකරුවෙක්‌. නැත්නම් යුද අපරාධකාරයෙක්‌. සමහර රටවලට ඔබට අඩිය තියන්නවත් බැහැ... මේ ගැන හිතන කොට දුකක්‌ එහෙම දැනෙන්නේ නැද්ද...?
මම පස්‌වෙනි පන්තියට වෙනකං ගියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට. මට හතරේ පන්තියේදී ඉගැන්නුවේ සෝමා රණවිර ගුරු මෑණියෝ. එදා ඒ ගුරු මෑණියෝ උගන්වපු, එස්‌. මහින්ද හාමුදුරුවන්ගේ කවි දෙකක්‌ මට හොඳට පාඩම් හිටියා. මගේ ජීවිතේ පාඩම බවටත් මම ඒක පත්කර ගත්තා.
ජාතිය රන් විමනක්‌ වේ
ආගම මිණි පහනක්‌ වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ
අනිත් කවිය තමයි ඔබගේ ප්‍රශ්නයට පිළිතුර
ඉටුකොට කළයුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්

උපුටා  ගැනීම  අන්තර්ජාලයෙන්

Saturday, September 10, 2016

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියේ.. වික්ටර් රත්නායක


සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...//

මහ වන පියසෙක අදුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්..//
හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද...

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ...
සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැත..//
එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ,,,
පද රචනය - බණ්ඩාර කේ. වි‍ජේතුංග
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායක

ගීතය අහන්න මෙතනින් වර්තමානයේ අපි මෙහෙම කෙල්ලෙක්ට කිවොත්? එයාල කොහොම ප්‍රතිචාරයක් දේවිද? වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය පලවෙනි වතාවට මම ඇහුවේ ඊයේ.... යාලුවෙක් අහන්න කිව්වට පස්සේ.. ඇත්තටම ආදරයත් එක්තරා විදියක ආත්මාර්ථකාමී හැඟීමක් කියලයි මට හිතෙන්නේ... ආ මේ ගී රස පලස "2"ට තව දින 20යි හරිද? මතකනේ හැමෝටම 

https://www.youtube.com/watch?v=P0BtjTybiRg
https://www.youtube.com/watch?v=P0BtjTybiRghttps://www.youtube.com/watch?v=P0BtjTybiRghttps://www.youtube.com/watch?v=P0BtjTybiRg:)

Image result for couple