Wednesday, April 20, 2016

~~ ළඳුනේ ගිතයට කතාවක්.. ~~

"මචන් අර කෙල්ල.. අර කෙල්ලව මට හොදට දැකල පුරුදුයි.."
"කොයි කෙල්ලද බන්" චරිත්ගේ කීමට අසේල දළදා මාලිගාව වටේටම
බෙල්ල කරකවමින් ඇහුවේ... "අර බන් මල් ගොට්ටක් අතේ
තියාගෙන සුදු බ්ලව්ස් එකයි දිග සායයි ඇඳගෙන ඉන්නේ" "අර කනුව
ගාව ඉන්න කෙල්ලද?" "ඔව් ඔව් ඒ කෙල්ල තමයි" "උබට ඉතින්
හැම කෙල්ලම දැකල පුරුදුයිනේ.. කොහේදී හරි බස් එකකදී නම්බරේ දෙන්න ගිහින් කන අතගාව ගන්න ඇති" කන නෙමේ අතගාව ගත්තේ කියල අසේලයට උත්තර දෙන්න කට ඇරියත් චරිත් ඒ වචන ටික එලියට දැම්මේ නැහැ. ඒකට හේතු ගොඩාක් තිබ්බ. "මෙන්න මෙහෙ වරෙන් යකෝ ඔය කෙල්ල දිහා බලාගෙන ඉන්නේ නැතුව එකී උබට වඩා වැඩිමල්" කියලා අසේල චරිත්වත් ඇඳගෙන දළදා වහන්සේ වඳින්න යන පෝලිමට එකතු වුනා..
"බලපන්කො අර කොල්ල උඹ දිහා බලාගෙන ඉන්න හැටි. උබ ඒ  කොල්ලව අදුරනවද?" ශානිකාගේ ප්‍රශ්නෙන් ගැස්සුනත් පබෝදා මුකුත් නොකියා හිටියේ තමන්ගේ අතීතය හෝ හිතේ තියෙන දේවල් ශානිකා නොදන්නා නිසා.. "අපි දිහා බලන හැම එකාම අපි අදුරනවද බන්" කියල යෙහෙළියගේ කකුල පෑගු පබෝද බිම බලාගෙන පෝලිමට එකතු වුවත් ඇගේ හිත හුගක් ව්‍යාකුල වෙලා තිබුනේ 'ඒ මල්ලි ටිකක් ලොකු වෙලා, දැන් අවුරුදු හතරක් පහක් ඇතිනේ' වගේ සිතුවිලි වලින්. පැමිණි කාරියටත් බාදා එල්ල වෙලා ඇය බොහෝ අපහසුතාවයට පත් වෙලා හිටියේ..
"දේවිය.., මේ මිනිසුන් වුවෝ තේරුම් ගැනීමට හෝ අපහහු බොහේ සෙයින් එකිනෙකාට වෙනස් වූ සත්වයෝ ජාතියක් වෙති.." "එසේ පවසන්නේ කිමද මා දේවතාවුනි..." "මා මේ මාලිගාවට අධිගෘහුත දේවතාව වෙච්චි මේ වෙනකන් මා හට මෙවැනි සිදු වීමක් නම් දැකගන්න ලැබිල නෑ දේවිය... අර සිටිනා තරුණයට බිරිදන් අට දෙනෙකු ඇත්තේය... අර තරුණියට සැමියන් ගණන ඇයටත් මතක නැත්තේය දේවිය...." "ඉතින් දේවතාවුනි මේ පහල සිටින බොහෝ මිනිසුන් හා ගැහැනියන්ට එහෙමනේ..." "ඒ එසේ වුවාට දේවිය මේ තරුණයාගේ පළමු බිරිඳ අර තරුණියයි, නමුත් අර තරුණිය මේ දක්වා කල්පනා කරන්නේ ඒ තරුණයා තමාගේ කි වෙනි සැමියාද කියල.." "අහෝ දේවතාවුනි මේ මිනිසුන්ට කුමක් සිදුවීද..." "දේවියට මතකද අපි මේ වාසලේ සේවයට පැමිණීමට පෙර වෘක්ෂ දේවතාවුන් තත්වයේ සිටිද්දී පහල වාසනාව විකුනන්න කෑ ගහපු මනුස්සයාගේ කුටියෙන් අලංකාර ගීතයක් ගැයුවා ගායකයෙක්.." "කිමෙක්ද ඒ දේවතාවුනි" "දේවියට මතක නැතිද රන්බණ්ඩා සෙනෙවිරත්න කියල මනුස්ස ලෝකේ ගීත රචකයෙක් ලියපු අමරසිරි පීරිස් කියල ගායකයෙක් ගායනා කල ගීතය.. ඔන්න අහගන්න දේවිය..."
ළඳුනේ //
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ..
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි...
පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ.....
මෙන්න මේ ගීතය මට මතක් වුනා දේවිය මේ සිදුවීම දැකල... "
නිමි..!
මහන්සියි කොටලම

Tuesday, February 16, 2016

මගේ මළගම

කන පෑලෙන්නට ගසා සිටි මිතුරන් දෙදෙනා අවසන් ගෞරව දක්වනුවස් මගේ මළමිණියට එබෙත්ම එකෙකුගේ උඩ සාක්කුවේ රඳවා සිටි nokia 3310 දුරකථනය හෙමින් රූට්ටා මිණී පෙට්ටියට වෑටුනේය. ඒ ගෑන වගක් නෑති ඔවුහු "අපරාදෙ සෙට් වෙන්ඩ හිටපු රත්තරං කකුලක් නෑතිඋනා " යෑයි පවසමින් වෑනි වෑනී මිදුලේ බූරු පලේ වාඩි විය. 
කාලය පෑමිනියේය, අවසන් ස්තූති කතාව කිසිදිනක මා දෑක හෝ දෑන නොසිටි මංත්‍රීවරයා විසින් පවත්වනුවස් , ඔහු කියනුයේ මාගේ වියෝව ගමට දරාගත නොහෑකි පාඩුවක් සේම මා ගමට මෙතෙක් කල අමරණීය සේවය කිසිදිනක අමතක කල නොහෑකි බවකි. ඌ එසේ කීවද ,මා අහල පහල එකෙකුගේ පොල්ගෙඩියකුද කිසිදිනක අහුලාදීමට ගොස් නෑති අතර වෙන එකෙකුට වතුර උගුරක් දුන් බවක්ද මගේ මතකයේ නෑත.

"ඈයි මගෙ සුදු අයියේ
අපිව දාල යන්නේ "

කියමින් මිණිය පසුපසින් එන සමහරෙක් ඉඳ හිට Selfie ගෑනීමටද එක ක්ෂනයකින් upload Fecebook ගත කිරීමටද වගබලාගත් අතර ජීවත්ව සිටින කාලයේ මා පෙන්වන්නට බෑරිව උන වයසක පහේ නෑදෑ කාන්තාවන් කෑ ගසා හඬන්නටද හඬමින් හොටු සූරන්නටද නෑවත එවා ඔසවාගෙන යන පෙට්ටියේ කාටත් නොදෑනෙනසේ පිහදමන්නටද විය.

අවමඟුල් පෙරහෑටට ඉදිරියෙන් අඩි දහයෙන් දහයට නාද කරන්නට අන කරමින් කොළුවෙකුට දී තිබූ සීනුව ඌ සාක්කුවේ ඔබාගෙන සිටි අතර දුරකථනයක් අතට ගෙන ගේම් රික්වෙස්ට් යවන අතරවාරයේ ඉඩක් ලද වහාම සීනූව හෑඬවීමටත් මිණිය පරක්කුවෙන අතරවාරයේ කඩපිලක හිඳ ගේම් එකක් play කිරීමටත් උත්සුක වූහ. අති විශාල ජනගංගාවක් අවමඟුල් පෙරහෑරේ ගමන් කරන අතර වෑඩි දෙනෙක් කතා වූයේ මෛත්‍රීගේ ජර්මන් ගමනෙන් ලෑබෙන ප්‍රථිලාභ සහ අභයාරාමයේ දේශපාලන කටයුතු තහනම් කිරීමට ඈති හෑකියාව සම්භන්ධයෙන් වීම කෑපී පෙනුනෙකි.

මිණියට කර ගෑසූ වම්පෑත්තේ හතරදෙනා , මූ මොන ජරාවක් කාල මෙච්චර බර වෙලාද මන්ද? යි සෙමින් පවසනුවස් දකුණුපස හතරදෙනාගේ අදහස වූයේ මහළු මඩම් හෝ ලමා නිවාසවලට දානය නොදී අවමඟුලට සහභාගී වූ සියලුම දෙනාට හත්දොහේ සහ තුන් මහේ දානය දීමෙන් මගේ ආත්මයට නිවන් යාහෑකි බවකි.
ඉන් අනතුරුව වලට දෑමූ පෙට්ටිය දෑමූ වේගයට ගසා තිබූ කම්බි ඈන මගේ සිරුර පසා කරගෙන බහින්නට වූ අතර වික්ෂෝප වූ සියලු දෙනා වල වහන්නටද පෙර කනත්තෙන් නික්මී යනු දෑක වල වසාදමන්නට පෑමිනි කම්කරුවන් දෙදෙනා , දෑන් ඉතිං වෑඩේ ඉවරයි සල්ලි ගන්ඩ පස්සපාරෙ යන්ඩයි වෙන්නෙ' යයි හීන් හඬින් මුමුනන්නට විය.

රාත්‍රිය උදා විය කළුවර කෙමෙන් ලඟා විය. හදිසියේම මගේ පිටට යටවී තිබූ දුරකථනය නාදවන්නට විය. මිතුරාගේ ringtones හොඳින් හඳුනන මම මේ ඈමතුම ඔහුගේ බිරිඳගෙන්ම බව පසක්වී පස්වනක් ප්‍රීතියෙන් පිනාගියද ඒ වනවිටත් මිණී කපන්නා මගේ අත් දෙක එක්කර කම්බියකින් බෑඳ අත්මේස් දෙකක් හිරකර මෑරී ගියපසු හෝ කාන්තාවක් සමඟ හොර රහසේ Chat කිරීමට තිබූ අවසන් අවස්ථාවද මගෙන් උදුරාගෙන තිබුනි.............
.

Avis Noel S 

එක්ටා එපා සීපා එපා


ඔන්න අපේ ලංකාවෙ ඉස්සර බස් බොඩි ගැහුවා
ඒකල - වේරහැර - කැප්පෙටිපොල - කහගොල්ල වගෙ වැඩපොලවල් තිබුනා
මේවායෙ මාසෙකට බස් 10-15 ව බොඩි ගැහුවා
විජේතුංග වේරහැර රවී වෙත්තසිංහගෙ ලටෙක් එකට දුන්නා
ඒකල සෙලින්කෝ ද කොහෙද දුන්නා
ඒ අස්සෙ ඩිමෝ එකත් පටන් ගත්තා
ලටෙක් එක මාසෙට 10 ක් විතර බොඩි ගහපු වැඩ පොලේ දවසට 10 - 15 ව එලියට දාන්න ගත්තා
දැන් අපේ උන්ට වැඩ වැඩියි
OT තිබ්බට හුස්ම ගන්න බැරි වෙන්න වැඩ
දැන් කෑ ගහනවා ලටෙක් විකුනුවා කියලා ජාතික වස්තු රවී වෙත්තසිංහලට දුන්නා කියලා
රාවය වගෙ පත්තර පිටු ගනන් ලියනවා - අර පරන ඇල්බියන් බස් වල අමතර කොටස් පංචිකාවත්තට විකුනපුවා ගැන
ඒවත් ජාතික වස්තු වෙලා
කොහොම හරි 94 රෙ ආණ්ඩු පෙරලීමටත් මේ ලටෙක් එකේ වැඩියෙන් නිශ්පාදනය කරවීම හේතුවක් උනා
ඊට පස්සෙ නොනවත්වා ස්ට්‍රයික් කලා
ලටෙක් යන්න ගියා
ආපහු වේරහැර ලංගමට අයිති උනා
අන්තිමටැ එක බස් එකක් බොඩි ගහන්නෙ නැතුව ගියා
අද 100% ක් ඉංදියාවෙ බොඩි ගහපු බස් එන්නෙ
-----------------------------
දෙවැනි කතාව
සිසිල් ෆ්‍රිජ් එක ලංකා නිශ්පාදනයක්
ඒකට ඉස්සර වේටින් ලිස්ට් ඉන්න ඕන ගන්න
77 දිත් ෆ්‍රිජ් ගේන්න අවසර දුන්නෙ නෑ
සිසිල් තියා ගන්න
වේටින් ලිස්ට් එක මාස 6 උනා
සිසිල් නිශ්පාදනය වැඩි කලා
OT වැඩි උනා
සේවකයො ඩිමාන්ඩ් කලා
පඩි වැඩි කලා
OT එක්ක ගානට වඩා පඩි වැඩි උනා
දැන් ඌ ටී වැඩක් නැති උනා
දවසට 20 ක් විතර ගහපු කොම්පැනියෙ - නිශ්පාදනය බාගෙට බැස්සා
මිල ඉහල ගියා
පෝලිම අවුරුදු 2 ක දක්වා වැඩි උනා
ආණ්ඩුවට පියවරක් ගන්න උනා
සිංගර් එකට ෆ්‍රිජ් හදන්න දුන්නා
උන් ඉංද්යාවෙ ගොඩ්‍රිජ් එක කෑලි දෙකට තුනට ගෙනත් මෙහෙ හයි කලා
අන්තිමේ ඒකත් මදි වෙලා - ආනයනය විවෘත කලා
අන්තිමේ
සිසිල් වැහුනා - සිගර් නම ගත්තා
අද පිටින් ගෙනත් සිසිල් නම ගහනවා
----------------------------
ඔන්න ඔහූමයි අපේ වෘත්තීය සමිති ඉස්සර සීපා ක්‍රියාත්මක කෙරෙව්වෙ...

ලිපිය  Subhaga Herath
 

Monday, February 15, 2016

ලෝකේ පුරා යන නැව් ලිපි අංක 1

නැව් ටෝක්.. (1)
ඉස්සරම කාලේ දවසක මිනිස්සු ලොකු ගස් කඳන් වතුරෙ පාවෙන බව හොයාගත්තා.ඉතින් ඊට පස්සේ ඔවුන් ගඟ ගලන පහත්බිම් වලට ඒක පාකරගෙන ඉතා පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්වුණා..
පස්සෙ කාලෙක බිහිවුණු අධිරාජ්‍ය වල (ගැලී,රුවල් නැව් වගේ) නාවික බලය ප්‍රධානම අංගයක් වුණා.ග්‍රීක,රෝම අධිරාජ්‍ය හරහා හිරු නොබසින අධිරාජ්‍යය වුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය දක්වා මේ තත්ත්වය දිගටම පැවතුණා.බ්‍රිතාන්‍යයින් ඇතිළු අනෙක් යුරෝපානුවන් මෙහෙම දිග් විජය කරන්න පෙළඹුනේ වෙලඳාම සඳහා ඇතිවුණු තරඟය හේතුවෙන්.
වතුර කියන්නේ ප්‍රවාහන මාධ්‍යක් විදිහට ගත්තොත් ප්‍රතිරෝධය අඩු,ලොකු බරක් පහසුවෙන් ප්‍රවාහනය කරන්න පුළුවන් මාධ්‍යක්.අද ගෝලීයකරණය වුණු ලෝකයේ ප්‍රවාහනය රැඳී පවතින්නේ නැව් වලින්.රටක වරායක් පිහිටීම වැදගත්ම දෙයක් වෙන්නෙත් මේ හේතුව නිසා.
ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තහම මේ නැව් වර්ගීකරණය කරන්නේ ඒ මඟින් ප්‍රවාහනය වන භාණ්ඩ වර්ගයට අනුව.මේ භාණ්ඩ කියන එකට පාවිච්චි කරන්නේ කාගෝ(cargo) කියන වචනය ව්‍යවහාරයේ.ඔන්න එහෙනන් ප්‍රධාන වශයෙන්ම මේ නැව් වර්ග සම්බන්ධව හැඳින්වීමක්.
General Cargo Ships

මේකෙ නම වගේම තමයි,ගෙනියන්න පුළුවන් කාගෝ පුළුල් පරාසයක විදිදෙනවා.උදාහරණ කිව්වොත් පුරවාපු ගෝනි,අඳුම් බන්ඩල්,පුරවපු පෙට්ටි වගේ ගොඩක් දේවල් අරන් යන්න පුළුවන්.ඒත් මේවා වර්තමානයේ භාවිතයේ අඩුයි.මොකද කාගෝ වෙන් කිරීම,කාගෝ පැටවීම,බැහැර කිරීම අපහසු වෙලා යන දෙයක් නිසා.වෙලාව කියන දේ ඉතාමත්ම වැදගත් දෙයක් මේ ක්ෂේත්‍රයට.


Container Carriers

මේක තම සුලභවම දකින්න පුළුවන් නැව් ජාතිය.කන්ටේනර් වල තියන ප්‍රධාන වාසි තමා පටවන්න,බැහර කරන්න ලේසි වීම,කාගෝ සුරක්ෂිතව වීම මේ කන්ටේනර් ආවරණයෙන්,සුළු කාලයකදී ඉක්මණින් බැහරකිරීම,පැටවීම කරගත හැකිවීම, (ක්‍රේන් භාවිතයෙන් අර කොන් වල තියන සිදුරු වලට අගුල් වගේ දාගෙන තමා පටවන්නේ,එළියට ගන්නේ.මේක ඉතා ඉක්මන්) වගේ කාරණා.ඒ වගේම කන්ටේනර් නැව් අධිවේගී කාණ්ඩයට ඇතුලත්.


Bulk Carries

මේවගෙ අරන් යන කාගෝ ආකාරයකට බෑග්,උර වගේ දේවලින් වහන්නේ නෑ.ඒ කිව්වේ ධාන්‍ය ජාති,සිමෙන්ති,ගල් අඟුරු වගේ දේවල් එහෙම්මම මේ කාගෝ හෝල්ඩ් ඇතුලට පටවනවා.ඊට පස්සේ ඒ හෝල්ඩ් වහල දානවා සම්පූර්ණෙන්ම.(මේ පියන්(hatch cover) සෑහෙන්නම ලොකුයි ඒවා අරින්නෙ වහන්නේ යාන්ත්‍රිකව..)


Ro-Ro(roll on-roll off/Car Carriers)

මේ රෝ රෝ කියන වචනෙ තේරුම රෝල් ඔන් රෝල් ඕෆ්.ඒකට හේතුව මේ නැවේ ඇතුලේ ඉඳන්ම එළියට වාහනයක් පදවාගෙන යන්න පුලුවන් තරම් පථයක්(ramp) දොර විදිහට පාවිච්චි කරන හින්දා.මේවගෙ තමයි ඔය වාහන අරගෙන එන්නේ.සෑහෙන්න උස නැව් ජාතියක්.හරියට පාවෙන ගොඩනැගිල්ලක් වගේ.ඕනෙම වාහන ජාතියක් අරන් එන්න පුළුවන්.



Tankers
මේ ඉතා පුළුල් වපසරියකට යන නැව් ජාතියක්.මේ නැව් ඒවා ගෙනියන ප්‍රභේද අනුව එහි ගොඩනැංවීම වෙනස් වෙනවා.උප ප්‍රභේද පහත විදිහට දක්වන්න පුළුවන්

අ )Crude Oil and Product tankers

බොරතෙල්,පෙට්‍රල්,ඩීසල් වගේ කාගෝ ගෙනියන්න හදපු නැව්.සාමාන්‍යයෙන් බොරතෙල් ගෙනියන ඒවා සෑහෙන්න විශාලයි.Product කියන්නෙ බොරතෙල් පිරිපහදුවෙන් ගන්න පෙට්‍රල් ඩීසල්..


ආ )Chemical Tankers
රසායනික ද්‍රව තමා මේවගෙ අරන් යන්නේ.තෙල් වර්ග(පාම් තෙල් වගේ),පැරෆින් (ඉටි පන්දම් හදන ඒවා) වුණත් අරන් යන්නෙ මේවගේ.





ඇ )Gas Carries

මේ සුවිෂේශී ප්‍රභේදයක්.ස්ව්භාවික වායු (මීතේන්) වගේම ද්‍රවීකරණය කළ පෙට්‍රෝලියම් වායු අරන් යන්නේ මේ නැව් වල.මේවා අරගෙන යන්නේ ඒවාගේ ද්‍රව තත්වෙදි මොකද එතකොට අරන් යන්න පුළුවන් ප්‍රමාණය වායු තත්ත්වයෙ තියෙද්දි වඩා 200 ගුණයකටත් වැඩියි සාමාන්‍යයෙන්.
ඒත් සාමාන්‍ය උෂ්නත්වයේ මේවා වායු තත්ත්වයේ තියන නිසා ද්‍රව තත්වයෙන් තියාගන්න එක්කෝ අධික ලෙස සිසිලනය,නැත්තන් අධික සම්පීඩනය එහෙම නැත්තන් මේ ක්‍රම දෙකම යොදාගන්නවා.මීතෙන් ද්‍රවයක් බවට පත්වෙන්නේ සෙල්සියස් අංශක සෘණ 160 දි විතර.ඒ තත්වෙන්ම තියාගන්න ඕනේ ද්‍රවයක් වෙන්න පොඩ්ඩක් උෂ්නත්වය ඉහළ ගියොත් වායු තත්ත්වයට එනවා.පීඩනය වැඩි වෙනවා.ඉතින් හිතාගන්න පුලුවන්නේ කොහොම අමාරු වැඩක්ද කියල මේක.


Live Stock Ships

ඔය ගවයින් වගේ පණපිටින් මහාපරිමාණයෙන් අරන් යන නැව් තම මේ.දකින්නත් කලින් දැනගන්න පුළුවන් මොකද ගඳ ගස්සනවා පළාතක්ම.





Passenger/Cruise Ships

මේවගෙ රූපනම් බොහෝ දෙනෙක් දැකලත් ඇති...මේ තමා ලෝකෙ භයානකම කාගෝ ජාතිය අරන් යන නැව්... ඒ කියන්නේ මිනිස්සු...


Heavy Lift ships

ඉතා බර සහිත දේවල් විශාල දොඹකර,තවත් යාත්‍රා වගේ බර දේවල් ප්‍රවාහනය කරන්නේ මේ නැව් වලින්.වරකට එක බැගින් තමා ප්‍රවාහනය කරන්නේ.





Reefer Ships

මේවගේ කාගෝ අරන් යන හෝල්ඩ් සම්පූර්නෙන්ම ශීත කරල තියෙන්නෙ..හරියට විශාල Deep freezer එකක් වගේ.දැන්නම් අඩු වශයෙන් භාවිතා වෙන්නෙ මොකද container තියනවා ශීතකරණ වගේ ප්ල්ග් කරන්න පුළුවන් ඒවා අරන් යන්නේ container ship වල..




ලිපිය Prabath Withanage

Saturday, February 13, 2016

රාගය යනු ආදරය නොවේ...

කෙල්ලෝ 400ක් එක්ක සැතපුණු කොල්ලට වුණු වැඩේ!
ෆේස්බුක් ට්විටර් වලින් කෙල්ලෝ හොයන කොල්ලෝ ඕනි තරම් ඉන්නවා. සමහර වෙලාවට හැන්ඩියා වගේ ෆොටෝ දාලා ඒවට රැවටෙන කෙල්ලෝ ඉතින් අන්තිමේ ජීවිතෙත් එපා කියලා මැරුණු කතාත් අපිට අහන්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ ඒ විදියට ට්විටර් එකෙන් කෙල්ලෝ 400ක් එක්ක යාලුවෙලා එයාලා එක්ක කරන්න ඕනි නරක වැඩ ඔක්කොම කරපු කොල්ලෙක් ගැන කතාවක්. සමහරුනම් මෙයා වැඩ්ඩෙක් කියලා කියයි. හැබැයි එයානම් කියන්නේ තමන් මේ කරපු වැඩේ ගැන දැන් ඉන්නේ කළකිරිලා කියලා.
ඔහුගේ නම බෙනී, ජීවත් වෙන්නේ එංගලන්තේ. ට්විටර් එකේ Followers 9000ක් මෙයාට ඉන්නවා. වයස අවුරුදු 22ක් වුනාට ඔහුගේ පෙනුම නිසා වගේම කියන කතාවලට අහුවුණු තරුණියෝ 400ක් මෙයා එක්ක එකට ඉඳලා තියෙනවා. හැබැයි ඒකේ සීමාව ඉක්මවලා යන්න වැඩි කාලයක් ගිහින් නෑ,
මේ විදියට පවත්වපු සම්බන්ධතා නිසා මෙයාට කෙල්ලෝ එපා වෙලා, ඇත්තටම ඒ විදියට කෙල්ලෝ තමන්ගේ පස්සෙන් ආවේ කාමුක හැගීමකට මිසක් හදවතට දැනුණු ආදරේ නිසා නෙවෙයි කියලා ඔහු කියනවා. ඒ වගේම සමහර සම්බන්ධතා එක දවසින් ඉවරවුණු අවස්ථා ඕනි තරම් තියෙනවා කියලා බෙනී කියනවා.
යාළුවෝ හොයාගන්න කියලා ආව ට්විටර් එකෙන් තමන්ගේ ජීවිතය මේ වගේ විනාශ වෙලා යයි කියලා ඔහු කවදාවත් හිතුවේ නෑලු. ඒ වගේම කෙල්ලෙක් එක්ක ඉන්නකොට තියෙන හැඟීම දැන් ඔහුට නෑ කියලා තමයි බෙනී කියන්නේ.
අපේ අයත් ඕනි තරම් ෆේස්බුක් ඇවිත් කෙල්ලෝ ගැන හොයනවා, යාලුකරගන්න විදි ගැන හොයනවා. ඒ කරන්න කලින් මේ වගේ දෙවල් ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි, මොකද කෙල්ලෝ පස්සෙම ගිහින් ජීවිතේ නැතිකරගන්න එක නෙවෙයි වෙන්න ඕනි.

Source: Ada derana




Thursday, February 11, 2016

ලොව විශාලතම ගුවන්යානය ලගදීම අත්හදා බැලීමේ පියාසැරියට...

ලොව දැනට භාවිත කෙරෙන සියලූම ගුවන් යානාවලට වඩා විශාල දැවැන්ත ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී ලබන මාර්තු මාසයේ අත්හදා බැලෙනවා. එයාලෑන්ඩර් 10 ලෙස නම් කෙරුණු මෙය ගුවන් යානයක සහ හෙලිකොප්ටරයක තාක්ෂණය එක්කොට නිපදවා ඇති අතර, සාපේක්ෂව පහළින් සහ අඩු වේගයකින් ගමන් කරනු ඇති. 

ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත මෙම යානය තුළ නිදහසේ සැරිසැරීමට අවකාශ සහිත මගීන් 40 කට පමණ ගමන් කිරීමටද හැකි බවයි නිෂ්පාදන සමාගම සඳහන් කළේ. 

මීටර් 92 ක් දිගැති, මීටර් 43.5 ක පළලකින් සහ මීටර් 26ක උසකින් යුත් මෙම ගුවන් යානය දැනට ගුවනේ සැරිසරන විශාලතම ගුවන් යානය වන ඒ -380 එයාර්බස් යානයට වඩා විශාල බව සඳහන් හිරුනිව්ස් වෙතින් :)  යුටියුබ් වීඩියෝ https://www.youtube.com/watch?v=mssH3zKrhRQ https://www.youtube.com/watch?v=A_UBUlNJfZ0

Wednesday, February 10, 2016

ජාත්‍යන්තර සම්මාන සහ ක්‍රිෂානි

"අපේ කම කන film එකක් හැදුවොත් ඒකට සම්මාන හම්බෙනවා" යනු සමාජයේ ප්‍රචලිත කතාවකි..
පසුගිය චන්ද්‍රිකා-රනිල් පාලන සමයේ 1994-2005 මෙරට අයිතිහාසික සංස්කෘතියට විරුද්ධ සහ ශ්‍රීලංකා යුධ හමුදාවේ ප්‍රතිරූපයට හානි වෙන සහ යුධ සෙබළුන්ගේ මානසිකත්වය දුර්වල කරන සිනමා පටයක් හැදුවොත් එයට ජාත්‍යන්තර සම්මාන යැයි කියන ඒවා ලැබීම අනිවාර්ය කරුණකි..
අම්මා පුතා සමග ලිංගික ක්‍රියා කරන , කාන්තාවන්ට දුම්බීම පුරුදු කරන , දෙමව්පියන්ට දරුවන් සමග එකට සිට නැරඹිය නොහැකි ගනයේ සිනමා පටයක් හැදුවොත් ජාත්‍යන්තර සම්මාන කියන ඒවා දෙන්නේ හදනකන් බලාහිටියා මෙන්ය..
හමුදා සෙබලාගේ මිනිය වෙනුවට කෙසෙල් කොට මිනී පෙට්ටියෙන් හමුවන, හමුදා සෙබල ජීවිතය යනු කාලකන්නි කමක්ය යන්න පෙන්නන සිනමා පට වලටද එසේමය..
නමුත් 2005 න් පසු බිහිවුණු දේශමාමකත්වය වැඩි කරන, අයිතිහාසික කතා ඇතුලත් කිසිදු චිත්‍රපටයකට එලෙස සම්මාන ලැබුණු බවක් දැනගැනීමට නොමැත..
යථෝක්ත සමයේ යුද්ධයක් නැති ඉන්දියාවේ බලන් ඉන්න විට දේශමාමකත්වයෙන් ඇඟ කීරි ගැහෙන "Border" වැනි සිනමා කෘති බිහි වන විට මෙරට හැදුවේ "මේ මගේ සඳයි" "පුර හඳ කළුවර " වැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුසල සිනමා පටය ..
මාධ්‍ය වල ප්‍රචාරය කලේ ඊනියා සාම ගීතයි..
සිංහල ප්‍රජාව අතර මෙවැනි චිත්‍රපට පෙන්වන විට උතුරේ කොටි සංවිධානය විසින් ඔවුන්ට ප්‍රදර්ශනය කලේ හමුදා කඳවුරු වනසන, සෙබළුන් ඝාතනය කරන ඔවුන් සතුව තිබු දර්ශනය..

ප්‍රතිපලය කුමක්ද? අලිමංකඩ ආදී හමුදා කඳවුරු වැනසී මාස 5-6ක කාලයක් තුල ඉතිහාසයේ දරුණුම පසුබෑම් වලට ශ්‍රීලංකා හමුදාව ලක්වීමයි.. දහස් ගණනක් සෙබළුන්ට ජීවිත අහිමි වීමයි..
ඒසමයේ අලුතින් හමුදාවට බැඳීම තබා ඉන්න සෙබළු ප්‍රමාණය වත් රැක ගැනීමට නොහැකිවිය..
ලංකාවේ තත්වය එසේ වුවද වරෙක පාකිස්තානය සමග සුළු යුධ ගැටුමක් ඇති වූ අවස්ථාවක සෙබළුන් බඳවා ගැනීමට කැඳවූ විට පැමිණි පිරිස පාලනය කර ගැනීමට නොහැකිව විසුරුවා හැරීමට ඉන්දියානු පොලිසියට කඳුළු ගෑස් පවා ගැසීමට සිදුවිය..
2009 යුධ ජයග්‍රහණය ලැබුවේ කෙසේ දැයි බලමු..
මාවිල්ආරු ගැටුම ආරම්භ වීමත් සමග "අපි වෙනුවෙන් අපි" නමින් විශාල, හමුදාවල ප්‍රතිරූපය ඔප් නංවන, චිත්ත ධෛර්යය වැඩි කරවන ප්‍රචාරක ව්‍යාපාරයක් සියලු මාධ්‍ය හරහා රටේ ඇරඹිණි..
නව රණගී විශාල ප්‍රමාණයක් නිර්මාණය වූ අතර ඒවා මාධ්‍ය හරහා නිතර ප්‍රචාරය කෙරිණි..
රටම යුධ සුදානමක තැබිණි..
ප්‍රතිපලය කුමක්ද? 2009 අයිතිහාසික විජයග්රහනයයි..
ජාත්‍යන්තර සම්මාන නමැති අයිසින් එක උඩින් දමා අපට එදා එවුවේ ගූ ගොඩක් බව හරි පැහැදිලිය..
අන්තර්ජාතිකව පිළිගත් ගායිකාව කියන අයිසින් එක යොදා අද එවන්නේද එවැන්නක්මය..
සංස්කෘතිකමය වශයෙන් යටත් කර ගැනීම රටක් යටත් කර තබා ගැනීමට පහසුම මගයි ..
නැවතත් රනිල්-චන්ද්‍රිකා පාලනයම ලැබී ඇත..
ඕනෑම රටක දියුණුවට හේතුව දේශීයත්වය සහ ජාතිකත්වයයි.. ඉන්දියාව ගමන් කරන්නේ Be Indian Buy Indian යන ප්‍රතිපත්තිය මතය.. ජපානයේ දියුණුවට පදනම දේශීයත්වයයි .. උදාහරණ ඕනෑ තරම් දිය හැක.. අවශ්‍ය අපත් එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සහ සතුරන් හරි හැටි හඳුනාගැනීමයි..
ලිපිය Dhanushka Heshan Premarathna

වත්මන් කොටස් වෙළදපල

වර්තමානයේදී කොටස් වෙළෙඳ පොළ තුළ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව බොහෝ පාර්ශ්ව විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරනු ලබයි. එමෙන්ම, සමහර ව්‍යාකූල තත්ත්වයන් පිළිබඳවද ඔවුන්ට නිරාකරණය කරගැනීම සඳහා කරුණු රැසක් පවතී. එබැවින්, මෙම සතියේ ලිපිය මගින් බොහෝ දෙනා යොමුකරන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට අපි බලාපොරොත්තු වෙමු.
01. කොටස් වෙළෙඳ පොළ කඩා වැටී ඇත්ද?
බොහෝ දෙනා මේ දිනවල යොමුකරන ප්‍රධාන ප්‍රශ්නයක් නම්, කොටස් වෙළෙඳ පොළ කඩා වැටී ඇතිද යන්නයි. වර්ෂ 2016 ආරම්භ වූ දිනයේ පටන්, කොටස් වෙළෙඳ පොළ යම්කිසි ආකාරයකට පහළ වැටීමක් දක්නට ලැබුණි. මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වර්ෂයට 7෴ ක පමණ පහළ වැටීමක් පෙන්නුම් කර ඇත. මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ මේ පහළ වැටීම ශ්‍රී ලංකාවට පමණක් පොදු වූ කාරණයක් නොවන බවය. ලොව බොහෝ කොටස් වෙළෙඳ පොළවල් ජනවාරි මාසයේදී ඉතා විශාල කඩා වැටීම් පෙන්නුම් කර ඇත. ඒ හා සසඳන විට අපගේ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම අනෙකුත් රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතී. උදාහරණයක් වශයෙන් චීනයේ කොටස් වෙළෙඳ පොළ මේ වනවිට 2016 වසරට 14෴ ක් පමණ පහළ ගොස් ඇති අතර, ඉන්දියානු කොටස් වෙළෙඳ පොළද 8෴ ක් පමණ පහළ ගොස් ඇත. අප මේ රටවල් දෙක සංසන්ධනය කරනු ලැබුවේ ඒවා ආසියානු කලාපයේ රටවල් නිසාවෙනි. අනෙකුත් කලාපවල රටවල කොටස් වෙළෙඳ පොළවල් මෙයටත් වඩා පහළ ගොස් ඇත. එබැවින් වර්තමාන තත්ත්වය අපට පමණක් සීමා වූවක් නොවේ. එය ලොව කොටස් වෙළෙඳ පොළ තත්ත්වයකි. එනමුත්, සමහර පාර්ශ්ව උත්සාහ කරනු ලබන්නේ මෙම පහළ වැටීම අපගේ කොටස් වෙළෙඳ පොළේ සිදුවූ පහළ වැටීමක් පමණක් ලෙස හුවා දැක්වීමටය. එය කොටස් වෙළෙඳ පොළේ ආයෝජකයන් සහ රටේ මහජනතාව මුලා කිරීමට කරන උත්සාහයකි.
02. කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට පසුගිය වසරේ හඳුන්වා දී ඇති නීතිරීති බලපා ඇත්ද?
මෙම කාරණාවද සමහර පාර්ශ්ව විසින් කොටස් වෙළෙඳ පොළේ හැසිරීම නිර්වචනය කිරීම සඳහා යොදාගන්නා කරුණකි. එනම්, අලුතින් හඳුන්වාදී ඇති නීතිරීති හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ පහළ වැටී ඇති බවය. පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ කොටස් වෙළෙඳ පොළට බලපාන කිසිම නව නීතිරීතියක් හඳුන්වාදී නොමැති අතර, පසුගිය අයවැය මගින් කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට හිතකර වන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ලැබුණි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කාලයෙන් කාලයට කොටස් වෙළෙඳ පොළේ සිටින ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා විවිධ නීතිරීති හඳුන්වා දුන් අතර, පසුගිය කාල වකවානුව තුළ කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට අහිතකරව බලපාන කිසිම නීතිරීතියක් හඳුන්වා දී නොමැත. කොටස් වෙළෙඳ පොළේ වර්තමාන පහළ වැටීමට හේතු කාරණා රැසක් ඇත. අප එය අපගේ පසුගිය ලිපියේදීද සාකච්ඡා කරනු ලැබුණි. ප්‍රධාන වශයෙන් කොටස් වෙළෙඳ පොළවල පහළ වැටීමට බලපා ඇති ප්‍රධාන කාරණා වන්නේ වර්තමානයේ චීනයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය, ලොව අමුද්‍රව්‍ය මිල ගණන් දිගින් දිගටම පහළ වැටීම, ලොව තෙල් මිල නොකඩවා පහළ වැටීම, යුරෝපයේ ඇති වී ඇති සංක්‍රමණික ගැටලු ඇතුළු නොයෙකුත් ගැටලු, මැදපෙරදිග ඇති වී ඇති ISIS ප්‍රශ්නය, ඇමෙරිකාව විසින් තම පොලී අනුපාත ඉහළ දැමීම සහ ලෝක ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටම් මූල්‍ය අරමුදල විසින් මේ වසර තුළ නැවත වතාවක් අඩු කිරීම යන කාරණා ප්‍රධාන වේ. මෙම සියලුම කාරණා විදේශීය කාරණා වන අතර, කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට සුළු වශයෙන් බලපෑ දේශීය කාරණා අතරට පොලී අනුපාත සුළු ප්‍රමාණයකින් ඉහළ නැගීම, රුපියල අවප්‍රමාණය වීම සහ කොටස් වෙළෙඳ පොළේ ඇති සමහර සමාගම් සඳහා බලපෑ සුපිරි බද්ද යන කාරණාද වේ. එනමුත්, ප්‍රධාන වශයෙන් කොටස් වෙළෙඳ පොළේ පහළ යෑමට බලපා ඇත්තේ විදේශීය කාරණාය.
එමෙන්ම, කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට තවත් එක් කාරණාවක් ලෙස සමහර බ්ලොග් අඩවි මගින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්, සමහර අවස්ථාවලදී ආයෝජකයන් අමතා සිදුකරනු ලබන නිරීක්ෂණයන්ය. මෙහිදී, පැවසිය හැක්කේ යම්කිසි ආකාරයක අක්‍රමවත් ගනුදෙනුවක් සිදුවූ විට ඒ පිළිබඳව අධ්‍යයනයක් කර, ඒ පිළිබඳව එම ආයෝජකයන්ගෙන් විමසීම ලොව සියලුම නියාමකයන් විසින් සිදුකරන කාර්යයක් බවය. කිසියම් පාර්ශ්වයක් විසින් කොටස් ගනුදෙනුවක් තුළ මොනයම් හෝ ආකාරයක අක්‍රමිකතාවක් සිදුකර නොමැති නම්, ඒ පිළිබඳව ගැටලුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැත. මෙවැනි නිරීක්ෂණ තුළින් සිදුවන්නේ ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමක් වන අතර, එමගින් කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට යහපත් ආකාරයේ පණිවුඩයක් ලැබෙනු ඇත.
එමෙනම්, තවත් සමහර පාර්ශ්ව පවසන්නේ සමහර මහා පරිමාණ ආයෝජකයන් වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය නොකරන බැවින් සුළු පරිමාණ ආයෝජකයන්ට යම්කිසි ආකාරයක මගපෙන්වීමක් ලබාගැනීමට නොහැකි බවය. මෙහිදී, ආයෝජකයන් සිදුකළ යුතු වන්නේ තමන්ගේ මගපෙන්වන්නා, තමාම කරගැනීම වන අතර, අප දිගින් දිගටම 'අද ව්‍යාපාරික පිටුවේ, දැනුමෙන් ආයෝජනයට' ලිපි මාලාවෙන් පෙන්වා ඇති පරිදි මහා පරිමාණ ආයෝජකයන් පසුපස ගොස් ඔවුන් මිලදී ගන්නා කොටස්වල ආයෝජනය කිරීම නොවන බවය. තමා ආයෝජනය කරන ආයෝජන අරමුණ තේරුම් ගෙන ඒ අනුව ආයෝජනය කරන්නේ නම් ආයෝජකයන් හට කොටස් වෙළෙඳ පොළෙන් ඉහළ ප්‍රතිලාභයක් ලබාගැනීමට හැකිය.
03. අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු සිදුකිරීම වඩාත් ගැළපෙන්නේ කා සඳහාද?
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ඉතා වේගයෙන් ප්‍රචලිත වන බැවින් බොහෝ ආයෝජකයන් උත්සාහ කරනු ලබන්නේ කොටස් ගනුදෙනු ආරම්භයේදීම තමන් හට අන්තර්ජාල පහසුකම් ලබාගෙන අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට උත්සාහ කිරීමය. ඔබ කොටස් වෙළෙඳ පොළට නවකයෙක් නම් වඩාත් හොඳ කාරණය වන්නේ කොටස් තරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක හා සම්බන්ධ වී කොටස් ගනුදෙනු කිරීමය. අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී සිදුවන්නේ තමන් විසින්ම තීරණ ගෙන තමාම එම ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමය. එහිදී, සියලු තීරණ ගනු ලබන්නේ ආයෝජකයා වන අතර, එහිදී ඔහු කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක සමග සම්බන්ධ නොවේ. කොටස් ගනුදෙනු පිළිබඳව නවකයෙකුට එය එතරම් හිතකර කාර්යයක් නොවනු ඇත. මක්නිසාද යත්, ඔහුගේ හෝ ඇයගේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව ඇති දැනුම අඩු බැවිනි. එබැවින් නවක ආයෝජකයෙකු සිදුකළ යුතු වන්නේ තමන් හට කොටස් වෙළෙඳ පොළ පිළිබඳව යම්කිසි ආකාරයක දැනුමක් ලැබෙන තුරු අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුනොකර කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක සමගද සාකච්ඡා කර තීරණ ගැනීමය. එමෙන්ම, නවක ආයෝජකයෙකු ණය මත පිහිටා ගනුදෙනු කිරීමද සිදුනොකළ යුතු අතර, තමන් වෙනුවෙන් ගනුදෙනු කිරීමේ සම්පූර්ණ බලය තමන්ගේ කොටස් තරැව්කාර ආයතනයට ලබාදීමද සිදු නොකළ යුතුය. සෑම ගනුදෙනුවක් සඳහාම ආයෝජකයා හට සම්බන්ධ වීමට හැකි නම්, එය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීමට උපකාරයක් වනවා මෙන්ම, සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳවද පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.
මේ අනුව, අප සඳහන් කළ යුතු වන්නේ නවක ආයෝජකයෙකු හට තමන්ට අවශ්‍ය දැනුම ලැබෙන තුරු අන්තර්ජාලය හරහා ගනුදෙනු නොකර කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක සමග සාකච්ඡා කර, ආයෝජනය කිරීම ප්‍රයෝජනවත් විය හැකි බවය.
04. වඩා වැදගත් වන්නේ ගනුදෙනු කිරීමද ආයෝජනය කිරීමද?
මෙය තවත් සමහර ආයෝජකයන් හට ඇති ප්‍රශ්නයකි. ආයෝජනය කිරීම යනු දිගුකාලීනව සිතා බලා කොටස් මිලදී ගැනීමය. අයෝජනය කරන පුද්ගලයා කොටස් මිලදී ගනු ලබන්නේ නැවත පසුදින කොටස් විකිණීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඒ සඳහා ඔහු දීර්ඝ කාලීන සැලැස්මක් යොදා ගනු ලබයි. එහිදී, ඔහු සිතනු ලබන්නේ අනාගතය පිළිබඳවය. එය අනාගතය සඳහා මුදල් යෙදවීමකි. සමහර අවස්ථාවලදී එය මාස කිහිපයක් හෝ වසර කිහිපයක් විය හැකිය. නමුත්, ගනුදෙනුකරුවා විසින් සිදුකරනු ලබන්නේ ඉතා කෙටි කාල පරාසයක් තුළ කොටස් මිලදී ගෙන විකිණීමය. ලොව සියලුම කොටස් වෙළෙඳ පොළවල් තුළ ආයෝජකයන් මෙන්ම ගනුදෙනුකරුවන්ද සිටී. කොටස් වෙළෙඳ පොළක පැවැත්මට මෙම පාර්ශ්ව දෙකම අත්‍යවශ්‍ය වේ. එහිදී, කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන්නා විසින් සිදුකළ යුතු වන්නේ, තමන් යොදවන මුදලින් කොපමණ ප්‍රතිශතයක් ආයෝජනය කිරීම සඳහා යොදාගන්නවාද, කොපමණ ප්‍රතිශතයක් ගනුදෙනු කිරීම සඳහා යොදාගන්නවාද යන්න තීරණය කිරීමය. ඔබ නවක ආයෝජකයෙකු නම්, වඩාත් වැදගත් වන්නේ ගනුදෙනු කිරීමට වඩා ආයෝජනය කිරීමට යොමු වීමය. ඔබ පළපුරුදු ආයෝජකයෙකු නම්, ඔබ හට මෙම අවස්ථා දෙකෙන්ම ප්‍රයෝජන ගත හැකිය.

Article : ADA E-Paper

ලොව පවතින විශාලතම යන්ත්‍රය.


මෙය දැනට ලොව පවතින විශාලතම පස් කපන යන්ත්‍රයයි.ජර්මනියේ කෲප් නමින් හැදින් වෙන
සමාගමක් මේ සද්දන්ත උපකරනය නිශ්පාදනය කර තිබේ.
මෙම යෝධ පස් කපන යන්ත්‍රයේ විශේෂතා
1.අඩි 311 උසින් යුතු අතර දිගින් අඩි 705 පමණ වේ.
2.බර ටොන් 45,500 ඉක්මවයි.
3.නිශ්පාදන වියදම ඩොලර් මිලියන 100ක් පමණ වේ.
4.සැලසුම් කිරීමට සහ නිශ්පාදනයට අවුරුදු 5ක් ගතවී ඇත.
5.කොටස් එකලස් කිරීමට අවුරුදු 5ක් ගතවී ඇත.(මුලු කාලය අවුරුදු 10යි)
6.ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් මිනිසුන් 5 දෙනෙකුවත් අවශ්‍ය වේ.
7.පස් හාරන බකට් 1කේ විශ්කම්බය අඩි 70 වන අතර එවැනි බකට් 20කින් සමන්විත වේ.මෙම එක්
බකට් එකක දාරිතාව කියුබික් මීටර් 530 පමණ වේ.
8.අඩි 6 උස මිනිසෙකුට මෙම බකට් 1ක් තුල කිසිම අපහසුවක් නැතිව සිටගත හැක.
9.ක්‍රොලර්(යුද්ද ටැංකි වල එහෙම තියෙන යුද්ද ටැංකිය යන පටිය බං) 12ක් බාවිත කර ඇත.8ක් ඉස්සරහ 4ක් පසුපස
10.උපරිම වේගය පැයට කිලෝමීටර් 0.5 පමණ වේ.
11.දිනකට කියුබික් මීටර් 76,455ක් පමණ වූ පස් ප්‍රමාණයක් ඉවත් කල හැක.

ලිපිය කවිඳු පතිරණ

Tuesday, February 9, 2016

කොටස් වෙළදපල තුල ගනුදෙනු කරන්න CDS ගිණුමක් සාදා දීම..

කොටසක් යනු, කොටස් වෙළදපල යනු, කොටසක වටිනාකම යනු, බ්ලා බ්ලා බ්ලා.... ඕවා ඇත්තටම මටත් වැඩිය තේරුමක් නැහැ කාටවත් කියල දෙන්න තරම්. ඒ නිසා මම මහප්‍රාණ නැතුව සරලව මගේ දැනුමේ විදියට කියල දෙන්නම්. ඒවාගේ අඩුපාඩු අනිවාර්යෙන් ඇති. ඉතින් අඩුපාඩු දකින්නේ ඒ ගැන දන්නා කෙනෙක් නිසා දකින අඩුපාඩුව දැකල කට කොනකින් හිනාවෙලා යන්නේ නැතුව පහල කමෙන්ට් තීරුවේ ඒ ගැන සදහන් කරන්න අපිටත් දැන ගන්න. මොකද මමත් මේ ගැන ඉගෙන ගන්න හුගක් ආසාවෙන් ඉන්නවා.

ඔබ කොටස් වෙළදපල ගැන උනන්දු අයෙක් නම් (උනන්දු නැත්නම් මේක බලන්නේ නැනේ :) ) ඔබ දැනට කොටස් වෙළදපල හා සම්බන්ද නැති නමුත් සම්බන්ද වෙන්න කැමති අයෙක් නම් ඔබටයි මේ ලිපිය වටින්නේ. අනික් අයටත් නොවටිනවා නෙමේ. නමුත් ඒ අය මේ කියල තියෙන දේ ගැන දන්නවා. :)

හොදයි මම පටන් ගන්නම් මම කරපු විදිය සහ මට තිබ්බ ප්‍රශ්න වලින්.

මම කියවපු හැම බ්ලොග් අඩවියකින්ම කියපු දේ තමා කොටස් වෙළදපලේ ගනුදෙනු කරන්න අනිවාර්යෙන් CDS ගිණුමක් අවශ්‍ය බව. ඔව් ඒක සහතික ඇත්ත, හැබැයි එක කරන විදිය තිබ්බේ නැහැ. කොහොමද CDS ගිණුමක් ආරම්භ කරගන්නේ කියල. ඒ ගැන මම කියන්නම්. මම කරපු  විදිය.

ආ ඊට කලින් CDS ගිණුම සහ තැරව්කාර ආයතන ගැන මට තේරෙන විදිය කියල ඉන්නම්. උදාහරනෙකට ඔයාට කෝල් එකක් ගන්න වෙනවා. එතකොට ඒකට අවශ්‍යයි ෆෝන් එකක් සහ සිම් එකක්. ලංකාවේ සිම් වර්ග කිහිපයක් ඉන්නවානේ ඔයාට කෝල් එකක් ගන්න සිම් දෙන්න බලාගෙන :) එතකොට මගේ කෝල් එකට තැරව්කාරය වෙලා ඉන්නේ එයාටෙල් ආයතනය. මම රිලෝඩ් එකක් දැම්මම එයාල මගේ ගිණුමට ඒක එවෙලේම දාල දෙනවා. මම ඒ මුදල ඉවර වෙනකන් පාවිච්චි කරනවා. ඒ වගේම තමා කොටස් වෙලදපලටත් ඉන්න තැරව්කාර ආයතන. ඒ විදියේ ආයතන හුගක් තියෙනවා. ඒ අතරින් හුගක් අන්තර්ජාල ගනුදෙනු ලබා දෙනවා. ඉතින් මම සම්පුර්ණයෙන්ම ගනුදෙනු කරන්නේ අන්තර්ජාලය හරහා. ඒ ගැනත් වැඩි විස්තර අන්තර්ජාලයේ ඇති පොස්ට් වලින්ම ඔයාල කියවලා ඇති. තැරව්කාර ආයතන ආදිය ගැන විස්තර CSE වෙබ් පිටුවෙන් බලන්න.

හොදයි දැන් මෙහෙම කියන්නම්, මගේ ගනුදෙනු සිදුවෙන්නේ TKS securities (pvt) ltd කියන ආයතනයෙන්. ඔබට වුවමනා නම් CDS ගිණුමක් විවෘර්ත කරගන්න මේ ලින්ක් එකේ  dropbox එකෙන් බාගන්න ඇප්ලිකේෂන් සෙට් එක.  බාගෙන ඩබල් සයිඩ් ප්‍රින්ට් කරලා තැපැල්  කරන්න  අදාළ නම් ඔය ෆයිල් එකේම තියෙනවා...


හුගක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සදහා ලොකු මුදලක් ආයෝජනය කල යුතුද කියන එක, මතක තියා ගන්න කොටස් වෙළදපලට මම පළමුව ආයෝජනය කරේ රුපියල් 3000යි, ඊට පස්සේ රුපියල් 1000, 1500, දාල මාසයක් විතර වෙනකොට 16000 ක් විතර දැම්ම. මොකද ඔබ මතක තබාගතයුතුයි මෙහි ආයෝජන කිරීමේදී ලාබයක් ලබන්න සමහරවිට ඔබට වසර ගණනක් ගත වෙන්න පුළුවන් නැතිනම් තත්පර ගණනක් ගත වෙන්නත් පුළුවන්. හැබැයි අපි හැමදාම දුර හිතන්න ඕන. ඔබට නැති උනා කියල පාඩුවක් නොවෙන මුදල් තිබේද? සල්ලි නැතිවුනොත් පාඩුවක් නැත්තේ කාටද :v එහෙම නෙමේ මම අදහස් කරපු දේ තේරෙන්න ඇතිනේ :) අන්න ඒ මුදල් ආයෝජනය කරන්න. ඔබ ආයෝජනය කරන්නේ දේශීය ව්‍යපාර වලටම නිසා ඔබේ මුදල් වලින් නැගී සිටින්නේද අපේ රටේ දියුණුවයි.. :)

පළමු ලිපියට මේ ඇතිනේ. ඊලග ලිපියෙන් අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන හැටි කියල දෙන්නම්. හැබැයි ඒක ලැබෙන ප්‍රතිචාර හැටියට තමා.. :) දෙවෙනි එක හෙට වෙන්නත් පුළුවන් ලබන මාසේ වෙන්නත් පුළුවන් නැත්නම් ලබන අවුරුද්දේ හෝ සදහටම නැති වෙන්නත් පුළුවන්.. :) මේක ලියන ගමන් හිතුන කොටස් වෙළදපලට ෆේස්බුක් ක්‍රියාකාරී සමුහයක් හදන්න. මොකද මමත් සමුහ කිහිපයකම ඉන්නවා හැබැයි ඒවා ක්‍රියාකාරී නැහැ. ඒ නිසා විනාඩියෙන් සමුහයක් හදල ලින්ක් එක දෙන්නම් එකතු වෙන්න ඉන්න.. හරි හැදුව.. මෙන්න මෙතනින් එන්න එතනට.. :) 


අන්තර්ජාලය

ලෝකය පුරා පැතිරුණු, ඕනෑම අයෙකුට පිවිසිය හැකි, එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගෙන් සැදුම්ලත් ජාලය අන්තර්ජාලය යි. එහි දත්ත සම්මත අන්තර්ජාල ප්‍රොටෝකෝලය (Internet Protocol - IP) භාවිතයෙන් ගොණු නොහොත් පැකට්ටු ලෙස සම්ප්‍රේශණය වේ. මෙයට කෝටි ගණනක්වූ කුඩා ගෘහාශ්‍රිත, ව්‍යාපාරික හා රාජ්‍ය ජාලයන් ඇතුලත් වන අතර විද්‍යුත් තැපෑල, මාර්ග ගත සංවාද, ලිපිගොණු සංසරණය හා විශ්ව ව්‍යාප්ත වියමනේ (World Wide Web) ඇති වෙබ් පිටු හා අනෙකුත් ලිපි ආදී වූ තොරතුරු හා සේවාවන්ද අයත්ය.
විශ්ව ව්‍යාප්ත වියමන
අන්තර්ජාලය හා විශ්ව ව්‍යාප්ත වියමන එකම දෙයක් නොවේ. තඹ රැහැන්, ප්‍රකාශ තන්තු රැහැන්, රැහැන් රහිත සම්බන්ධතා ආදී වූ නොයෙක් ක්‍රම‍ මගින් එකිනෙක හා සම්බන්ධ වූ පරිගණක ජාලයන්ගේ එකතුවක් අන්තර්ජාලය වන අතර හයිපර්ලින්ක්ස් (Hyperlinks) සහ URL මගින් අමුණා ඇති ලිපි හා අනෙකුත් සම්පත් වල එකතුවකි විශ්ව ව්‍යාප්ත වියමන. විශ්ව ව්‍යාප්ත වියමනට පිවිසිය හැකි මග අන්තර්ජාලය වනවා සේම විද්‍යුත් තැපෑල, ලිපිගොනු හුවමාරුව හා පහත දක්වා ඇති දැ ආදී වු දේ ඉටුකර ගැනීමේ මග ද අන්තර්ජාලයයි.
: විද්‍යුත් තැපෑල
පුද්ගලයින් දෙදෙනෙකු හෝ සමූහයක අතෙර විද්යුත් ක්‍රමයට ලිපි හා ලිපිගොනු ලෙස පණිවුවිඩ (Text messages) හුවමාරු ක්‍රමය විද්‍යුත් තැපැල වේ. මෙම සේවය නොමිලේ සපයන ආයතන බහුලව ලෝව ව්‍යාප්ත ජාලය හි ඇත මෙනිසා මේ සදහා වැය ව්අන්නේ අන්තර්ජාල සදහා වැය වන ගාස්තුව පමණි. එහෙයින් මෙය ඉතා ලාභදායී හා ඉක්මන් සන්නිවේදන ක්‍රමයකි.
: විශ්ව ව්‍යාප්ත වියමන
විශ්ව ව්‍යාප්ත වියමන(WWW) යනු ඵකිනෙකට සම්බන්ධ කොට ඇති අති විශාල ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. වෙබ් අඩවියක් යනුවෙන් හඳුන්වන්නේ එකිනෙක ඇමුණු මෙවැනි ලේඛන එකතුවකි.
සමාජයීය බලපෑම්
අන්තර්ජාලයේ මූලික ලක්ෂණවන පුළුල් භාවිතය හා පිවිසීමට ස්තුතිවන්නට, එමගින් නවමු ආකාරයේ සමාජීය අන්තර්ක්‍රියා, ක්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී ඇත.
“ෆේස් බුක්” (face book) හා “මයි ස්පේස්” (my space) වැනි සමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක්‍රියාකාරිත්වයේ නව විධි නිර්මාණය කර ඇත. මෙම අඩවිවල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටුවලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත්, තමන් පොදුවේ ආශා කරන දේ පිළිබඳ දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත. වෙබ් අඩවිය පරිශීලනයන්ට ඔවුන්ගේ සම්බන්දකම් ප්‍රයෝජනයට ගැනීමට හා පවතින විශාල මත කාණ්ඩ සමග (Groups) සන්නිවේදනය කිරීමට ඉඩදේ නම් එකිනෙකා හදුනන අයගේ විශාල හමුවීමක් ද සොයා ගත හැකි වනු ඇත.
විශේෂයෙන්ම යම් වෙබ් අඩවියක්, තම නියම නම භාවිතා කිරීමටත් විශාල ජන සමූහයක් සමග සන්නිවේදනය කිරීමටත් එහි පරිශීලකයන් හට ඉඩ ලබා දේ නම්, එතුළින් තමාගේ හිත මිතුරන් රැසක් මුණ ගැසීමටත් හැකියාව ලැබේ.
අන්තර්ජාලය ක්‍රියා කරන ආකාරය
ලෝක ව්‍යාප්ත විසිරි වියමෙන හි (www) වෙබ් පිටුවක් බැලීම මුලින්ම පටන් ගන්නේ වෙබ් අතරික්සුවක (web browser) අදාල වෙබ් පිටුවේ URL යතුරු ලියනය කිරීමෙන් හෝ එම පිටුවට හෝ ප්‍රභවයට හයිපර්ලින්ක් (Hyperlink) අනුගමන කිරීමෙනි. ඉන්පසු වෙබ් බ්‍රවුසරය එය තිරයෙහි දර්ශනය කිරීමට සන්නිවේදන පණිවිඩ මාලාවක් නිකුත් කරයි.
ප්‍රථමයෙන්ම URL හි සේවාදායක නාම කොටස , වසම් නාම පද්ධතිය හෝ DNS ලෙස හඳුන්වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාල දත්ත සමුදායක් භාවිතයෙන් IP ලිපිනයක් අයිපී ලිපිනය බවට විසඳනු ලැබේ. මෙම IP ලිපිනය වෙබ් සේවාදායකය සම්බන්ධකර ගැනීමට හා දත්ත පැකට් යැවීමට අත්‍යවශ්‍ය වේ.
ඉන්පසු බ්‍රවුසරය අදාල ලිපිනයේ සේවාදාකයා වෙත HTTP ඉල්ලීමක් යැවීමෙන් සම්පත් සඳහා ඉල්ලුම් කරනු ලැබේ. සාමාන්‍ය වෙබ් අඩවියකදී වෙබ් බ්‍රවුසරය මගින් ප්‍රථමයෙන් පිටුවේ HTML වදන් ඉල්ලුම් කර ඒවා වහාම ව්‍යාකරණ විග්‍රහයට භාජනය කරනු ලැබේ. පිටුවේ කොටස් වන අනෙකුත් ඡායාරූප හා ගොණු ඉල්ලීම සිදු කරන්නේ ඉන්පසුවය. වෙබ් අඩවියක ජනප්‍රියතාව මනින දත්ත රඳා පවතින්නේ පිටු නිරීක්ෂණය කරන අයගේ සංඛ්‍යාව හෝ බැඳී ඇති සේවාදායක “හිට්ස්” (hits) හෝ ගොණු ඉල්ලීම් ප්‍රමාණය මතය.
වෙබ් සේවාදායකයන් අවශ්‍ය ගොණු ලැබුණු පසු බ්‍රවුසරය , අදාල පිටුවේ HTML , CSS හා වෙනත් වෙබ් භාෂා මගින් සඳහන් කර ඇති පරිදි පිටුව තිරයට පිරිනමනු (render) ලැබේ. පරිශීලකයා තිරය මත දකින වෙබ් පිටුව නිර්මාණය වීමට පින්තූර හා අනෙකුත් සම්පත් ද සම්බන්ද වේ.
බොහෝමයක් වෙබ් පිටුවල අනෙකුත් අදාල වෙබ් පිටුවලට හෝ බාගත කිරීම්වලට , මූලාශ්‍ර ‍ලේඛවලට , අර්ථ දැක්වීම්වලට හා අනෙකුත් වෙබ් අඩවිවලට හයිපර්ලින්ක් (Hyperlink) අඩංගු වේ. එවැනි හයිපර්ලින්ක්වලින් (Hyperlink) එකට බැඳී ඇති ප්‍රයෝජනවත් සම්පත්වල එකතුවක් තොරතුරු “වෙබය” ක් ලෙස හැඳින්වේ. එය අන්තර්ජාලයෙන් ලබාගත හැකිවූයේ 1990 දී ටිම් බර්නර්ස් ලී ( Tim Berners – Lee) වර්ල්ඩ් වයිඩ් වෙබ් ලෙස (www) හැඳින්වූ දෙයෙහි නිර්මාණයත් සමගය.
අන්තර්ජාලයේ ඉතිහාසය
අන්තර්ජාලයට මඟ පෑදූ පුළුල්ව පැතිරුණු අන්තර් - ජාලකරණයට පෙර වූ බොහෝමයක් ඔවුන්ගේ ජාලයේ නැවතුම්පොළ අතර පමණක් සන්නිවේදනයට ඉඩ දීමේ ස්වභාවය නිසා සීමා වී තිබූ අතර පවතින පරිගණක ජාලකරණ ක්‍රම වේදය පදනම් වී තිබුණේ මධ්‍යම මේන්ෆ්‍රේම් ක්‍රමවේදය මතය. 1960 කාල වකවානුවේ දී ජේ.සී.ආර්. ලික්ලීඩර් හා රොබට් ඩබ්. ටේලර් නැමැති පරිගණක පර්යේෂකයන් අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා එකිනෙක හා සබැඳුනු ලෝක ව්‍යාප්ත ජාලයක් යෝජනා කළහ. ඒ හා සමාකාලීනවම එකිනෙකින් වෙන් වූ භෞතික ජාල අතර ජාලකරණයේ මූලික නීති පර්යේෂණයට පර්යේෂණ වැඩ සටහන් ද ආරම්භ කෙරිනි. මෙය පැකැට්ටු හුවමාරු (Packet switching) ක්‍රමයේ වර්ධනයට හේතුවේ. මෙම පර්යේෂණ වැඩසටහන්වලට ඩොනල්ඩ් ඩේවිස් (Donald Davies (NPL) පෝල් බැරන් (Paul Baran (RAND සංස්තාව) හා ලෙනාර්ඩ් ක්ලේයින් රොන් (Leonard Kleinrock ) (MIT) යන පර්යේෂණ වැඩසටහන අයත් වේ. මෙය 1960 හා 1970 අග භාගයේ දී ARPANET, සහ X.25 ඇතුලුව පැකට්ටු හුවමාරු ජාලකරණ කිහිපයක දියුණුවට මඟ හසර හෙළි කළේය. ඊට අමතරව UUCP ඇතුළුව පොදු ප්‍රවේශ හා විනෝදාංශ ජාලකරණ පද්ධති ජනප්‍රියත්වයෙන් ඉහල යාමට විය. කෙසේ නමුත් තවමත් ඒවා ජාල අතර ඇති සීමිත වාහල් සංඛ්‍යාවකින් සේවා ලබා එකිනෙකින් වෙන් වූ ජාල වෙයි. මෙය පැකට්ටු හුවමාරු යෙදුම මඟින් අන්තර්ජාලකරණයට ප්‍රෝටෝකෝලයක් නිපදවීමට මග පෑදීය. එමඟින් එකිනෙකට වෙනස් ජාල සුපිරි සැකිලි ජාලයන් බවට පත් කිරීමට හැකි විය. අන්තර්ජාල ප්‍රෝටෝකෝල කට්ටලය නැමැති සරල පොදු ජාල පද්ධතියක් අර්ථ දැක්වීමෙන් ජාලයේ සංකල්පය වැනි භෞතික ක්‍රියා පිළිවෙලින් වෙන් කල හැකි විය. අන්තර්ජාලකරණයේ මෙම ව්‍යාප්තිය අන්තර්ජාලය ලෙස හඳුන්වන විශ්වීය අන්තර් ජාල කරණයක අදහස ඇතිකරලීය. මෙය ඉතා වේගයෙන් පැතිරුණු අතර පවතින ජාල මෙයට උචිත ලෙස පරිවර්තනය විය. මෙය බටහිර ලෝකයේ දියුණු විදුලි සංදේශ ජාල හරහා වේගයෙන් පැතිරුණූ අතර ඇත්ත වශයෙන්ම එය ලෝක සම්මතය හා විශ්ව ජාලය බවට පත් වු විට ලෝකයේ අනෙක් කොටස්වලට ද ව්‍යාප්ත විය. කෙසේ නමුත් වර්ධනයේ විෂමතාව අදටත් සැලකිල්ලට බඳුන්වන සංඛ්‍යාත බෙදුමකට හේතු විය. 1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වා දීම 1990 දී ජනප්‍රිය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාලය සංස්කෘතිය හා වාණිජය මත දැඩි බලපෑමක් ඇති ‍කළේය. මෙයට විද්‍යුත් තැපෑල හරහා සන්නිවේදනය දියුණු වීම, වදන් මත පදනම් වූ සාකච්ඡා (වර්ල්ඩ් වයිඩ් වෙබ්) ලෝක ව්‍යාප්ත ජාලය ආදිය ඇතුළත් වේ. මෙම නව හඳුන්වාදීම මඟින් ආයෝජකයන්ට නව වෙළඳ පොළවල් කෙරෙහි ඇති කල කල්පිත විශාල වෙළඳ පොළ බිඳ වැටීමත් වූ ඩොට් - කොම් බබ්ල් හි උද්ධමනයට හා බිඳ වැටීමට හේතු විය. එසේ තිබිය දීත් අන්තර්ජාලයේ වර්ධනය දිගින් දිගටම සිදු වූ අතර අදටත් සිදුවෙයි.

ලිපිය 


ලිංගාශ්‍රිත රෝග

ලිංගාශ්‍රිත රෝග හෝ සමාජ රෝග යනු මිනිසුන් හෝ සතුන් සමග මුඛමාර්ගයෙන්, ගුදමාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී බෝවීමේ හැකියාව ඇති රෝගයන්ය. මෙහිදී බහුලව ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted infection – STI) යන වචනය භාවිතා කෙරුනද ඒ සඳහා පුළුල් තේරුමක් ඇත. මෙහිදී පුද්ගලයෙකු ආසාදනය වී ඇති අතර ඔහුට තවත් පුද්ගලයින් වෙත රෝග ලක්ෂණ නොමැතිව වුවද රෝගය ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇත. ඇතැම් ලිංගාශ්‍රිත රෝග සිප ගැනීමකදී, ආසාදිත රෝගියෙකු භාවිත‍ා කරන ලද ඉදි කටු මගින්, දරුප්‍රසුතියේදී හෝ මව්කිරී දීමේදි බෝවිය හැකිය. ලිංගාශ්‍රිත රෝග වසර සියගණනක් තිස්සේ ඉතිහාසය තුළ පැවත ඇත.
ලිංගික රෝගවල ව්‍යාධි විද්‍යාව
බොහෝමයක් ලිංගික රෝග ශිෂ්ණය,යෝනි මාර්ගය හා මුඛය වැනි අවයවවල ආස්තරන පටල හරහා වඩාත් පහසුවෙන් බෝවේ. ශිෂ්ණයෙහි හිස කොටස ආස්තරණය කරනු ලබන පටලය ද ඉහත ආකාරයේ ආස්තරණ පටලයක්වන අතර එමගින් ස්‍රාවයන් නිකුත් කරනු නොලබයි. (මුඛෙයහි තොල්වලින් ද මේ හා සමාන ව්‍යුහයක් ඇත.) මේකී ආස්තරණ පටල (mucous Membranes) සමෙන් වෙනස් වන්නේ එමගින් නොයෙකුත් ව්‍යාධිජනකයින්ට සිරුර තුළට ඇතුළු වීම සදහා ඉඩ ප්‍රස්තා ලබාදෙන බැවිණි.
මෙලෙස බොහෝ රෝග තත්ත්වයන් ලිංගික නොවන ස්පර්ශයන් වැනි (සිපගැනීම, ස්පර්ශය අතට අත දීම) වෙනත් ක්‍රමවලට වඩා ලිංගික ක්‍රියාකාරකම්වලින් බෝවීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තිබීමට එය එක් හේතුවකි. ස්‍රාවී ද්‍රව්‍යයන් නිකුත් කරන ආස්තරණ පටල ලිංගික අවයවවල මෙන්ම මුඛයෙහි ද පිහිටා ඇති බැවින් බොහෝ ලිංගික රෝග තදින් සිපගැනීමකට වඩා මුඛයෙන් සිදු කරන ලිංගික එක් වීමකදී වඩා පහසුවෙන් ව්‍යාප්ත වේ. දක්වා ඇති වගුවට අනුව මුඛ මාර්ගයෙන් ලිංගික අවයවවලට හෝ, ලිංගික අවයවවලින් මුඛයට පහසුවෙන් ව්‍යාප්ත වන ආසාදන ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් වෙනත් පුද්ගලයෙකුගේ මුඛය වෙතට බෝවීම දුෂ්කර කාර්යයකි. එච්.අයි.වී. වෛරස මගින් ආසාදිත ලිංගික ස්‍රාවයන්වල ඛේටයට වඩා වැඩි ප්‍රමාණයකින් ව්‍යාධිසන්නකයින් අන්තර්ගත වේ. ඇතැම් ලිංගික රෝග සම හා සෘජුව ස්පර්ශ වීමෙන් බෝවිය හැකිය. හර්ප්ලෙක්ස් හා HPV මේ සඳහා උදාහරණ වෙයි. KSHV තදින් සිපගැනීමකදී සහ සම ලිංගික පිරිමින් ගුද මාර්ගයෙන් සිදු කරන ලිංගික එක්වීම්වල දී ලිහිසි ද්‍රව්‍යයක් ලෙසට ඛේටය භාවිතා කරන අවස්ථාවලදී බෝවීම සිදු වේ.
එක් එක් ලිංගික රෝග අනුව අදාල ආසාදිත පුද්ගලයාට රෝග ලක්ෂණ නොමැති වුවද ඔහුට තවදුරටත් අන්‍යයන් හට රෝගය බෝ කලහැක. HIV / AIDS රෝගියෙකු රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථාවන්හිදී ඔහුට රෝගය බෝ කිරීමට පහසුවෙන් පිළිවන.
කිසියම් පුද්ගලයෙකුගේ සිරුරෙන් නිකුත් කරන ස්‍රාවයන් හා ස්පර්ශයක් ඇති කරනු ලබන සියළුම ලිංගික ක්‍රියාකාරකම්වලදී ලිංගික රෝග ඇතිවීම සඳහා අවධානමක් ඇතැයි සැළකේ. මෙහිදී බොහෝ විට අවධානයයොමු වී ඇත්තේ HIV / AIDS රෝගය පාලනය කිරීම සඳහාය.
ලිංගිකව බෝවන රෝග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික ක්‍රියාකාරකම් මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත වේ. බැක්ටීරියා, දීලිර, ප්‍රොටොසෝවාවන් හා වෛරස මෙම රෝග කාරක ද්‍රව්‍යයන් වේ. ලිංගික රෝගයක් ඇති පුද්ගලයෙකුගෙන් මිස තවත් අයෙකුට එවන් රෝගයක් වැළඳිය නොහැක. වෙනත් ආකාරයකට පැවසුවහොත් ලිංගික රෝගයක් සහිත පුද්ගලයෙකුට එය උරුම වී ඇත්තේ තවත් එවන්ම වූ පුද්ගල‍යෙකුගේ දේහ ස්‍රාවයන් මගිනි. HIV වැනි ඇතැම් ලිංගික රෝග ගර්භණී සමයේදී හා මවුකිරී දිමේදී මවගෙන් දරුව‍ාට ගමන් කළ හැකිය.
විවිධාකාර වූ ක්‍රියාකාරකම්වලින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලින් විවිධ ලිංගික රෝග ව්‍යාප්ත වීම විවිධාකාර වුවද පුද්ගලයන් දෙදෙනකු අතර සිදුවන සියළුම ලිංගික ක්‍රියාකාරකම් පොදුවේ ගත් කළ ලිංගික රෝග බෝවීම දෙපසටම ක්‍රියාකාරී වන මාර්ගයක් ලෙසට හැදින්වේ. උදා - “රෝගය ලබාදෙන්නා” හා “රෝගය ලබාගන්නා” යන දෙපිරිසම අවධානම් තත්ත්වයකට මුහුණ පාති.
සෞඛ්‍ය වෘත්තිකයන් කොන්ඩම් භාවිතා කිරීම වැනි ආරක්ෂිත ලිංගික එක්වීම් ක්‍රම භාවිතා කිරීම මගින් ලිංගික රෝග ඇතිවීමේ අවධානම අවම කල හැකි බවට යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් ආරක්ෂිත ලිංගික එක්වීම්වලින් සියයට සියයක්ම ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට හැකියාව නොමැත. දේහ තරල මගින් , රුධිර පාරවිලනය මගින්, එන්නත් කටු හවුලේ භාවිතා කිරීම මගින්, එන්නත් කටු ඇනීම මගින් (වෛද්‍ය පරීක්ෂණවලදී රෝහල් කාර්යය මණ්ඩලය මෙකී අනතුරු වලට භාජනය වේ.)පච්චා කෙටීම් සදහා භාවිතා කරන ඉදිකටු හවුලේ භාවිතා කිරීම මගින් හා දරු ප්‍රසූතියේදී ලිංගික රෝග බෝවීමේ අවස්ථාවන් ඇත. වෛද්‍යවරුන්, හිමෝෆීලියා රෝගීන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් මෙලෙස අවධානමට ලක් වූ පිරිස් ලෙසට වර්ගීකරණය කර ඇත.
නූතනයේදී සිදු කරනු ලැබූ වසංගතවේදය පිළිබඳව වූ අධ්‍යයනවලින් පුද්ගලයන් අතර පවත්නා ලිංගික සම්බන්ධතා ජාලයක් පිළිබඳව හදාරා ඇත. මෙලෙස වූ ලිංගික සබඳතා ජාලයන් එම රෝග බෝ කිරීම සඳහා තීරණාත්මක වේ. මෙලෙස ලිංගික සහකරුවන් විශාල සංඛ්‍යාවක් සිටින පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ජාලයක් මගින් එම රෝග බෝ කිරීම සඳහා වැඩි අවදානමක් ඇත.
ලිංගිකව බෝවන රෝගයක් සහිත ප්‍රද්ගලයෙකුට රෝග ලක්ෂණ නොමැති වාහකයකු ලෙසට රෝගය බෝකිරීමේ හැකියාව ඇත. ලිංගික රෝගයක් සහිත කාන්තාවකට ඇයගේ ශ්‍රෝණි ප්‍රදේශය (උකුළු ප්‍රදේශය) ආසාදනයට පත්වීමෙන් ඇති වන භයානක තත්ත්වය උදාවිය හැකිය. (Pelvic inflammatory disease)
වළක්වා ගැනීම
ලිංගික රෝග ‍බෝවීම වැළැක්වීම සදහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි අන්දමට ආසාදිත තරලය ස්පර්ශය ඇති නොවීමට වග බලා ගැනීමයි. මෙහිදී ආසාදිත සහකරුවෙකු සමග ලිංගික ක්‍රියාකාරකමක් ඇතිවීම අත්‍යාවශ්‍යම නොවේ. එලෙස ස්පර්ශයක් නොමැතිවීම මගින් අවධානමක් ඇතිවීම වළක්වාගත හැකිය. සියළුම ලිංගික චර්යාවන්වලදී ස්පර්ශය සිදුවීම අත්‍යාවශ්‍ය නොවේ. අන්තර්ජාලය , දුරකථන මාර්ග මගින් සිදු කරන ලිංගික චර්යාවලදී , ස්වයං වින්දනය සිදු කිරීමේදී හා ලිංගික එක්වීමක් සිදුනොවන අවස්ථාවන්හිදී මෙලෙස ස්පර්ශවීමක් සිදුනොවේ. ලිංගික එක්වීමකට පෙර දී හෝ තම සහකරු වෙනත් පුද්ගලයින් සමග සබදතා පවත්වා ඇති නම් හෝ සහකරුවන් ‍දෙදෙනාම තමාට ලිංගික රෝගයක් ඇති දැයි පරීක්ෂා කරවා ගත යුතුවේ. නමුත් එසේ කළ ද HPV වැනි ඇතැම් වෛරස නූතන වෛද්‍ය උපක්‍රම මගින් හදුනා‍ගත නොහැක්කේ එම රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වන බැවිණි. HIV හා හර්පීස් යන රෝග සුව කළ නොහැකි බැවින් ඒවා බෝවීමෙන් වැළකීම ප්‍රධාන ඉලක්කය වී ඇත. බොහොමයක් ලිංගික රෝග සිරුර තුළ පූර්ණ කාලීනවම ඇතිවී ප්‍රති ශක්තිකරණ පද්ධතියට හානි කරන බැවින් වෙනත් රෝග පහසුවෙන් බෝවීමේ හැකියාව ලැබී ඇත.
හෙපටයිටිස් B හා ඇතැම් HPV ආසාදන වළක්වා ගැනීම සදහා එන්නත් නිෂ්පාදනය කර ඇත. උපරිම ආරක්ෂාවක් තහවුරු කිරීම සදහා ලිංගික එක් වීමක් සිදු කිරීමට ප්‍රථම මෙම එන්නත් වර්ග ලබා ගැනීම නිර්දේශ කෙරේ.
දේහ ගත වූ HIV වෛරස සංඛ්‍යාව ඉතා කුඩා නම් සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතියට HIV රෝගය ඇතිවීම පාලනය කළ හැකිය. නමුත් වෛරස සංඛ්‍යාව ඉහළ නම් හෝ වෙනත් වෛරස වර්ග ද සිරුරට ඇතුළත්ව ඇති නම් HIV රෝගය ඇති වේ. ඇතැම් වෛරස මගින් ඇති කරන ලිංගික රෝග මගින් HIV මගින් ආසාදනයට ලක් වූ රෝගීන් මරණයට පත් වීම සීඝ්‍ර කළ හැකිය.
කොන්ඩම්
කොන්ඩම් මගින් ආරක්ෂාවක් ලබාදෙනුයේ ඒවා අදාල ප්‍රදේශය නිසි පරිදි ආවරණය වන පරිදි බාධකයක් ලෙසට භාවිතා කළහොත් පමණි. නමුත් ආවරණය නොවූ ප්‍ර‍ෙද්ශ තව දුරටත් ලිංගික රෝවලට ගොදුරු වීමේ ප්‍රවනතාවයක් පවතී. නමුත් HIV රෝගය ගත් කළ එම වෛරසයට තුවාල නොවූ සම හරහා ගමන් කළ නොහැකි නිසා ව්‍යාප්තිය සිදු වනුයේ ශිෂ්ණය මාර්ගයෙනි. නිසි පරිදි ආවරණය වනසේ කොන්ඩමයක් භාවිතා කිරීම මගින් යෝනි මාර්ගයක් හෝ ගුද මාර්ගයක් භාවිතා කරමින් ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී HIVබෝවීම ඵලදායී ලෙස නවතාගත හැකිය. තුවාල වූ සම මතුපිටට ආසාදිත තරලය ස්පර්ශවීමෙන් HIV රෝගය ඇතිවීම “ලිංගික ක්‍රියාකාරකම් මගින්” රෝගය බෝවීමක් ලෙසට හදුන්වනු නොලැ‍බේ. නමුත් ලිංගික ක්‍රියාකාරකම්වලදී වුවද මෙය සිදුවිය හැකි බැවින් විවෘත , ලේ ගලන තුවාල ඇති අවස්ථාවලදී ලිංගික එක් වීම් සිදු නොකිරීමෙන් ඒවා වළක්වාගත හැකිය. වෙනත් වෛරස මගින් බෝවන ලිංගික රෝග ද ලේටෙක්ස් කොන්ඩමයක් භාවිතා කිරීම මගින් වළක්වාගත හැකිය. ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හා වෛරස ඉතා කුඩා බැවින් ඒවාට ස්වාභාවික කොන්ඩමයක ඇති සිදුරු හරහා ඇතුළු විය හැකිය. නමුත් ලේටෙක්ස් කොන්ඩමයක් හරහා ඇතුළුවීමට ඒවාට නුපුළුවන.
නිසි පරිදි භාවිතා කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අන්දමට කොන්ඩම් වර්ග නිර්මාණය කර , නිෂ්පාදනය කරමින් අත්හදා බලා ඇත. නිසි පරිදි නිර්මාණය නොකළ කොන්ඩම්වලින් එකදු HIV රෝග ව්‍යාප්තියක්වත් වාර්ථා වී නොමැත. කෙසේ වුව ද දකුණු අප්‍රිකාවේ සිදු වූවාක් මෙන් කොන්ඩම අවලංගු කළ අවස්ථාවන් ද පවතී.
කොන්ඩම් නිසි පරිදි භාවිතා කිරීමේදී‍
කොන්ඩමයේ අග කොටස ඉතා තදින් ඇදී පවතින ආකාරයට පැළදීම නොකළ යුතුය. ශුක්‍ර මෝචනය සිදුවීම සදහා 1.5 cm (අගල් ¾) ක ප්‍රමාණයක් ඉඩ තබා පැළදිය යුතුය. නිසි පරිදි කොන්ඩමය නොපැළදීමෙන් එය අසාර්ථක විය හැකිය.
කොන්ඩමය බුරුලට පිහිටන පරිදි පැළදීමෙන් ද නිසි පරිදි එහි ක්‍රියාකාරීත්වය ලබාගත නොහැක.
කොන්ඩමය තුළට ශුක්‍ර මෝචනය සිදුවුවත් නැතත් ඉතා කුඩා අවස්ථාවකට පවා එය නැවත පරිහරණයේදී එය කනපිට හරවා භාවිතා කිරීම නොකළ යුතුය.
HIV වලට එරෙහිව ආරක්ෂාවක් ලබා නොදෙන නිසා ලේටෙක්ස් හෝ පොලියුරතේන් වලින් විනා වෙනත් ද්‍රව්‍යවලින් සාදනු ලැබූ කොන්ඩම් භාවිතා නොකළ යුතුය.
තෙල් වර්ග හෝ එවන් ද්‍රව්‍යවලින් සෑදූ ලිහිසි ද්‍රව්‍ය භාවිතා නොකළ යුතුය. ඒවා මගන් කොන්ඩමයේ ඇති සිදුරු විනාශ කරයි.
මුඛ මගින් සිදු කරන ලිංගික ක්‍රියාකාරකම්වලට පමණක් රසකාරක යෙදූ කොන්ඩම් භාවිතා කිරීම. එසේ නොමැතිව භාවිතා කළ හොත් එහි ඇති සීනි මගින් දිලීර ආසාදන ඇතිවිය හැකිය.
ඉහතින් මුලින්ම සදහන් කරන ලද උපදෙස් පහ නිසි පරිදි ක්‍රියාවට නොනැංවීම මගින් ඇතිවන අපහසුකාර තත්වයන් නිසා ඒවා නිසි ලෙස නිර්මාණය කර පරීක්ෂණවලට බදුන් කර නොමැතිය, යන මිත්‍යා මත මිනිසුන් තුළ ඇති වේ. අදාල පුද්ගලයා සහ සහකරුවා ලිංගික රෝගවලින් ආරක්ෂාවීම පිණිස වරක් භාවිතා කරන ලද පැරණි කොන්ඩම් වර්ග හා ඒවායේ අන්තර්ගතයන් තවදුරටත් ආසාදිත තත්වයේ පවතින බව අවබෝධ කරගත යුතුවේ. එබැවින් පැරණි කොන්ඩම් නිසි පරිදි බැහැර කර යුතුවේ.අළුතින් භාවිතා කරන කොන්ඩමයක් එක් ලිංගික සංසර්ගයකදී පමණක් භාවිතා කළ යුතුවන අතර කිහිපවතාවක්ම භාවිතා කිරීම මගින් ඒවා සිදුරු වීම මගින් බාධකයක් ලෙස ක්‍රියාකාරීවීමේ ගුණාංගය නොමැති වී යයි. මෙලෙස වීමෙන් රෝග බෝවීමේ සම්භාවිතාවය ඉහළ යයි.

ලිපිය 
Sithum Fernandez

..වෙනස..

ඒ 2006 අගෝස්තු මස 7 වෙනිදා ය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර දැවී ගියේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් වන අතර ඉන් පසුව එළඹියේ අනුග්‍රාහකයන් සඳහා වූ කෙටි විරාමයකි. එම විරාමය අතරතුරදී තරඟයේ විස්තර විචාරකයෙකු වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ මුවින් පිටවූවේ මෙවන් වදනකි. "ත්‍රස්තවාදියා ආයෙත් කඩුල්ලක් ගත්තා" (The terrorist has got another wicket). ඔහු 'ත්‍රස්තවාදියා' ලෙස හැඳින්වූවේ ඉස්ලාම් භක්තිකයෙකු වන හෂීම් අම්ලාවය.
විරාමයක් තුලදී කියැවුණත් ජෝන්ස්ගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් දකුණු අප්‍රිකානු තරඟ විකාශය ඔස්සේ එරට නරඹන්නන්ට අසන්නට ලැබුණි. ඉන්පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ ඩීන් ජෝන්ස්ගේ Ten Sports ආයතනය හා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසිකිරීමට එම බලධාරීන් තීරණය කළ අතර තරඟාවලිය අතරමැදදීම ජෝන්ස්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදු විය. බලධාරීන් පවසා සිටියේ ජෝන්ස් එම ප්‍රකාශය සිදු කළේ විරාමයක් අතරතුරදී වුවත් තම ආයතනය හා ගිවිසුමක් ඇති පුදගලයෙකු අතින් එවන් ජාතිවාදී වැකියක් කියැවීම තමන්ට අනුමත කළ නොහැකි බවයි.
ඔස්ට්‍රේලියාව බලා යාමට පෙර මාධ්‍යවේදීන් හා අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් එම ප්‍රකාශය තමන් අතින් සිදුවීම පිලිබඳ ඉතාම කණගාටුවන බව පැවසුවේය. ඉස්ලාම් දහමට හෝ හෂීම් අම්ලාට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් තරඟාවලිය අවසන්වූ වහාම හෂීම් අම්ලා මුහුණට මුහුණ මුණ ගැසී ඔහුගෙන් සමාව ගැනීමට බලාපොරොත්තු වන බවත් ජෝන්ස් කියා සිටියේය.
'පර සුද්දෙකු' වූ ඩීන් ජෝන්ස්ගේ කතාව මොහොතකට පසෙකින් තබා අපි දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. 60 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.
වැඩසටහනක් අතරතුර කිව යුත්තේ මොනවාද නොකිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ අබමල් රේණුවක තරම්වත් මොළේ කලඳක් තමන්ට නැතැයි මුළු රටටම පෙන්වූ මේ නිවේදකයාගේ නිර්ලජ්ජිත අපහාසයට එරෙහිව මේ රටේ සිටින හැට හුට හමාරක් කලා සංගම්වලින් අඩුම ගානේ මාධ්‍ය නිවේදනයක්වත් නිකුත් කෙරුණේ නැති බව කියන්නේ කණගාටුවෙනි. ගීතයක් පිලිබඳ විවේචනය කිරීම හා එයට පුද්ගලිකත්වය ඈඳා ගනිමින් අපහාස කිරීම යනු දෙකක් බව මේ මහා 'මාධ්‍යවේදීන්' දන්නේම නැත. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.
තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.
මේ අප රටේ බහුතරයක් 'මාධ්‍යවේදීන්ගේ' හා මාධ්‍ය ආයතනවල සැබෑ ස්වරූපයයි. ඔවුන් දන්නා දෙයක් නැත. එහෙත් කිසිවක් නොදන්නා බව ඔවුන් පවසන්නේ 'ආඩම්බරයෙනි'. අදාළ වැඩසටහනට පෙර සංඛ අමරජිත්ට කතා කිරීමට යන කාරණය පිලිබඳ අමතර තොරතුරු සොයා බැලීමටවත් වෙලාවක්තිබූ බවක් නොපෙනේ.
ප්‍රසිද්ධ වීමට ඇත්නම් මාධ්‍යවේදියෙකු සතුවිය යුතු සදාචාරය හා සමාජ වගකීම බල්ලාට දමන මොවුන්ට ඔපෙරා ශෛලියෙන් පැරණි ගීයක් ගායනා කළ ගායිකාවකට එරෙහිව ගඩොල් බාග අමෝරා ගන්නට ඇති පදම් වෙලාව තිබුණද මේ වන විට පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් දැක්වූ දක්ෂතා අගය කිරීමට කාලයක් වෙන් කර ගත නොහැක. හරිනම් ගඩොල් බාග එල්ල විය යුත්තේ මෙවන් ඔලමොට්ටලයන්ටය.

ලිපිය 
Methmalie Dissanayake