Friday, January 29, 2016

ලොකුම තරුව


විශ්වයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තරුව වන්නේ VY Canis Majoris ය. වෙනත් මන්දාකිණි වල තරු එකින් එක අධ්යයනය කිරීම අපහසු නිසා (සුපර්නෝවා හැර) මුලු විශ්වයේම පවතින විශාලතම තරුව මේ යැයි සහතික වශයෙන්ම කීම අපහසු වුවත් අපේ මන්දාකිණිය වන ක්ෂීරපථයේ ඇති විශාලතම තරුව මෙය වීමට බොහෝ දුරට ඉඩ ඇත. එම නිසා දැනට අපි මෙය අප දන්නා ලොකුම තරුව ලෙස හඳුන්වමු.
පෘථිවියට ආලෝක වර්ෂ 4900ක් දුරින් මහ බල්ලා තාරකා රශියේ පිහිටා ඇති VY Canis Majoris, රතු අධියෝධ ස්පන්දමාන විචල්ය තාරකාවකි (Red hypergiant pulsating variable star). විශාලත්වයෙන් ගතහොත් අරය අපේ සූර්යයාගේ මෙන් 1800ත් 2100ත් අතර ගුණයකි. අප වැඩිපුර අසා තිබෙන, එමෙන්ම අති විශාලයි කියා දන්නා බිට්ල්ජූස් තාරකාව ද සංසන්දනාත්මකව ගත්විට විශාලත්වයෙන් සූර්යයා මෙන් 1000 ගුණයක් පමණි. 7වන කාණ්ඩයේ (7th Magnitude) දීප්තිමත් තාරකාවක් වන මේ පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ 1801 දී ජෙරම් ලලන්ඩේ විසින් පිළියෙල කළ තාරකා වර්ගීකරණයේ ය. මෙය ආසන්න වශයෙන් සූර්යයා මෙන් මිලියන භාගයක තරම් ගුණයකින් දීප්තිමත් වන නමුත් ඒ වටා ඇති දැවැන්ත අසමමිතික අඳුරු නිහාරිකාව නිසා පිට කරන ආලෝකයෙන් වැඩි ප්රමාණයක් ඊට අවශෝෂණය වේ.
ප්රමාණයෙන් විශාලතම තාරකාව වුවත් ස්කන්ධයෙන් හා දීප්තියෙන් වැඩිම තරුව VY Canis Majoris නොවේ. මන්ද එහි ඝනත්වය සාපේක්ෂව අඩු බැවිනි. 2007දී කරන ලද රේඩියෝ තරංග විශ්ලේශන වලින් VY Canis Majoris අවට ඇති වළාව හයිඩ්රන් සයනයිඩ්(HCN), සිලිකන් මොනොක්සයිඩ්(SiO), සෝඩියම් ක්ලෝරයිඩ්(NaCl) හා පොස්පරස් නයිට්රයිඩ්(PN) යන අණු සහ අයනික සංඝටක නිෂ්පාදනය කරන කර්මාන්තශාලවක් බව සොයාගෙන ඇත. මේ අතරින් PN අණුව තාරකා ජීව විද්යාඥයන්ගේ මහත් අවධානයට ලක්ව ඇත්තේ පොස්පරස් මූලද්රව්යය විශ්වයේ සාපේක්ෂව හිඟ වන අතරම එය DNA, RNA සහ ATP වැනි ජීවයට ඇවැසි සංයෝග වල අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලද්රව්යයක් බැවිනි.

ලිපිය කවිඳු පතිරණ

කාල ලගදීම ඔබේ සිනමාශාලාවට


ධාතුසේන රජු සොළීන් පරදවා රට එක්සේසත් කර පාලනය ගෙන ගිය කාලසීමාවේ කලා වැව නිර්මාණය කිරීම මෙන්ම ඊට පසුබිම් වු කරුණු ඇතුලත් චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. කළා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ පවතින ජනප්‍රවාදය චිත්‍රපටයේ පසුබිමයි. කාල නමින් නම් කර ඇති චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානනීය කලා අධ්‍යක්ෂවරයෙක් සහ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සුජීව ගුණරත්න විසින්. ඔහුගේ පළමු දැවැන්ත සිනමා නිර්මාණය ද මෙයයි. එය තිරගත වීමට ඇත්තේ තවත් ටික දිනක්. මහේන්ද්‍ර පෙරේරා / ඩබ්ලිව් ජයසිරි / ජගත් මනුවර්ණ / විශ්ව කොඩිකාර / ජනක් ප්‍රේමලාල් / ධර්මප්‍රිය ඩයස් සහ නීටා ප්‍රනාන්දු ඇතුලු නළු නිලියන් රැසක් මීට රංගන දායකත්වය දක්වා තිබෙනවා. වැවක් තැනීමට සුදුසු භූමියක් සොයමින් සිටින ධාතුසේන රජුට වැව තැනීමට සුදුසුු භූමිය හමුවන්නේ රට වාසීන් විසින් අල්ලා ගන්නා කැලෑ මිනිසෙකු මාර්ගයෙන්. වැව ඉදිවන අතර එමගින් රට සශ්‍රීක වීම නොරිස්සු පිරිස් කුමන්ත්‍රණ කර වැව බිඳ දැමීමට ගන්නේ දැඩි උත්සාහයක්. කුමන්ත්‍රණකරුවන් විසින් උපක්‍රමශීලීව වැවේ උමගක් නිර්මාණය කරන අතර එය වසා දැමීමට උත්සාහ කරන කාල නම් දරුවාට අකල් මරණයක් අත්වන්නේ ජලය ගලායන උමග තුල සිරවීමෙන්. වැව බේරා ගැනීමට දිවි පිදු කාල වෙනුවෙන් සමස්ත රටම ශෝකයට පත්වන අතර ඔහුගේ මරණයෙන් පසු දැඩි නිගයක් පැමිණ වැව සිඳී යාමට ලක්වන්නේ කාලගේ මරණයට ශෝකය දක්වන ආකාරයෙන්. වැවට ජලය පිරවීම වෙනුවෙන් රට වැසියන් එක්වී පවත්වන වැසි පිරිත් සඣ්ජායනයෙන් වැව යළිත් ජලයෙන් පිරී යන අතර කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහය හමුවේ වැව් බැම්ම කැඩී යාමට ලක්වනවා. කැඩුනු වැවේ ජලය ගලායන කඩවලට පනින කාලගේ පියා වන හීන් කුරුට්ටා ඉතිහාසයට එක්වන්නේ කඩවර දෙවියන් ලෙසට නම් ලබමින්. පසුගිය වසරේ පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී මෙම චිත්‍රපටයේ ගීත දෙකක් වෙනුවෙන් සම්මාන දෙකක් හිමිවීම විශේෂත්වයක්. ඒ හොඳම ළමා ගීත ගායනය, හොඳම ගී තනුව සහ සංගී්ත අධ්‍යක්ෂණය වෙනුවෙනුයි. 6 වන ශ්‍රේණියේ විෂය නිර්දේශයට ද ඇතුලත් කථාංගයක් කාල චිත්‍රපටය ඔස්සේ දිග හැරීම තුලින් පාසැල් ළමුන්ට ද ශ්‍රී ලාංකීය පෞඩ ඉතිහාසය පිළිබඳ සාක්ෂිකරුවන් වීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති බව විශ්වාසයයි. උපුටා ගැනීම හිරු නිව්ස් වෙතින්

එහෙම වෙන්න බැරිද?

හැමෝම අහල ඇතිනේ අර හිරේ ඉන්න පුතාට තාත්ත ලියුමක් එවල තමන්ගේ කුඹුර මේ පාර කොටා ගන්න  විදියක්  නැහැ  කියල, පුතා යවපු  උත්තරේ සහ ඒ අදාළ සිදුවීම්?

ඒ කාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට දෙන්න ගියපු "පිකොක් මන්දිරේ" අර බැහැල පීනන්න හදල තියෙන පොකුණ වැලි වලින් පිරෙව්වනේ, එතුමාට හැමදාම වැලි පාගන්න (මුහුදු වැලි) ඕනේ කියල. දැන් එකේ අයිතිකාරයා පොලෝසියේ පැමිණිල්ලක් දාළලු "මහින්ද හංගපු රත්රන් ඇති" කියල අර පොකුණේ, අර අහිංසක පොලිස් රාහාමිලාට දැන් එකේ වැලි අයින් කරන්න වෙලා
                                  

මහගම සේකරයන්

මහගම සේකර සියනෑවෙ මිනිහ වෙච්චි හැමෝම දාන එකම බයිලාව නැතුව මම වෙනස් සටහනක් දානවා..සේකර සූරීන් 1976 ජනවාරි 14 වැනිදා රෑ නවයයි තිහට මිය ගියේ කවිය, සිංහල ගීත කලාව, චිත්‍රපට කලාව, චිත්‍ර ශිල්පය, පිටකවර නිර්මාණය, පරිවර්තන සාහිත්‍යය ආදී ක්ෂේත්‍ර රැසක හිස්තැනක් තබමින්...

ඉතින් මේ කතාව අප්‍රකට නමුත් සත්‍ය සිදුවීමක් මේ කියන්නේ.. සේකරයන්ගේ මෘත ශරීරය ඔහු කලකට පෙර විදුහල්පති ලෙස සේවය කළ රජයේ ලලිත කලායතනයට ගෙනාවා. දැන් ඒක සෞන්දර්ය විශ්ව විද්‍යාලය. ඒ කාලෙ අපේ තාත්තල ඕකට යද්දි කීවේ හේවුඩ් එක කියල..

ඉතින් අද එම ස්ථානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා තිබේ. දේහය එහි ප්‍රධාන ගොඩනැඟිල්ලේ උඩු මහලේ වූ "හේවුඩ්" ශාලාවේ තැන්පත් කර තිබුණේය. එදින සන්ධ්‍යාවේ සේකරයන්ට අවසන් ගෞරව දැක්වූ සරසවි සිසුහු බොහෝ පිරිසක් නිවුණු තැවුණු සිතින් බැහැරව ගියහ. කෙමෙන් රෑ බෝවිය. පිරිස් අඩු වන්නට වූයේය. මහගම සේකරයන්ගේ ඥාතීහුද රාත්‍රියේ නික්ම ගියෝය.

සේකරට ඉතා සමීපව සිටි ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් පමණක් රැඳී සිටිහ.

රාත්‍රියේ වැඩකටයුතු පැවරී තිබුණේ ශිෂ්‍ය සංගමයේ පිරිසටය. ඔවුන් එහි සංවිධාන කටයුතු මැනැවින් සම්පාදනය කර තිබිණි. දි.ග. කුමාරසිංහ එවකට ශිෂ්‍ය සංගමයේ සභාපති විය. උපාලි සම්පත්ගේ ලේකම් වූයේය. ශිෂ්‍ය සංගමයේ සංවිධායක වශයෙන් කටයුතු කළේ සරත් චන්ද්‍රජීවය. මහාචාර්ය සරත් චන්ද්‍රජීව අද එනම් වසර 37 කට පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨ අධ්‍යයන අංශ ප්‍රධානී වශයෙන් සිටී. ලංකාවේ ප්‍රකට මූර්ති ශිල්පියෙකි.

මේ එතුමා කියපු කතාව..
"අපි කවුරුත් අතිශය ආදරය කළ මහගම සේකරයන්ගේ දේහය කලායතනයට ගෙන ඒම අප හැම දෙනාටම ඉතා සංවේදී අත්දැකීමක් වුණා. මට මතකයි අපි ශිෂ්‍ය සංගමයෙ ළමයි රාත්‍රිය දේහය අසල සිට පහන් කරන්න වැඩ සංවිධානය කරලයි තිබුණෙ. මම එතකොට මූර්ති කලා අංශයෙ අවසන් වසරෙ ශිෂ්‍යයෙක්.

මගේ ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයා මිත්‍රපාල රාජපක්‍ෂ මහතා. තව මහින්ද අබේසේකර, බන්දුල පීරිස් මහත්වරුත් සිටියා. රෑ එකොළහ පමණ වෙද්දී රාජපක්‍ෂ සර් මට කතා කළා. ඒ වෙනකොට පිටස්තර කිසිවෙක් හිටියේ නැහැ. ළමුන් ටිකදෙනෙක් පමණයි හිටියෙ. සර් මට කිව්වා. අපිට ඉස්සරහට මහගම සේකර මහත්තයගෙ ප්‍රතිමාවක් හදන්න වෙන්න පුළුවන්. ඒ නිසා ප්ලාස්ටර් පැරිස් යොදල මුහුණෙ "DEATH MASK" එකක් ගන්න සූදානම් කරන්න කියලා. බඩු සූදානම් කරගෙන කාටවත් එන්න බැරි වෙන්න ‍දොරටු ගාව ළමයි තියල මිත්‍රපාල රාජපක්‍ෂ සර් වැඩේ ආරම්භ කළා.

මුහුණට හානි නොවෙන්න පුළුන් ගෝස් පරෙස්සමට එළල අච්චුව ගන්න පුළුවන් විදියට සර්ල ප්ලාස්ටර් බදාම මුළු මුහුණටම දැම්ම. මේක හරිම දුක්බර අවස්ථාවක් වුණා. මොකද හැමදෙනාම මහගමට අසීමිත ලෙස ආදරය කරන පිරිසක් මේ කටයුත්තට දායක වුණේ. එදා පාන්දර යාමයේ සේකරගේ මුහුණේ සජීවී හැඩරුව සහිත මාස්ක් එක රාජපක්‍ෂ සර් පරෙස්සමට ඉවත්කර ගත්තා..

අදටත් ඒක සුරක්ෂිතව තියෙනවා... ලෙනින් වගේ අයගෙත් මේ දේ කරල තියෙනව විදෙස් රටවල් වල.......
 
ලිපිය

මනෝරම වීරසිංහ

Thursday, January 28, 2016

මහමාර්ගයේදී ප්‍රවේශම්වන්න, නිතිය රකින්න

පුවත්පත් කලාව, විද්‍යුත් මාධ්‍යය හා වාර්තාකරණය....

ජර්නලිස්ම් නැතිනම් පුවත්පත් කලාව, කියන වචනෙ ආවෙ විද්‍යුත් මාධ්‍යය නැති කාලෙ.. මේවගේ ඉතිහාසය ඉගෙනගෙන විධිමත් අධ්‍යයනයකට අවශ්‍ය නම් ජනසන්නිවේදන උපාධියක් (මාස්කොමියුනිකේෂන්) අරගන්න හෝ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවාක්වත් හදාරන්න වෙනවා ජනමාධ්‍ය (මාස් මීඩියා) වලට පිවිසෙන්න..
විද්‍යුත් මාධ්‍යය කියන්නෙ බොහොම පහසුවෙන් මිනිසුන්ගෙ ග්‍රහණයට නතුවන දෙයක් නිසා නිවේදකයො කථාකරන්න ඕනි තමුන් මේ කතාකරන්නෙ මිලියන ගණනක ජනතාවකටයි..ඔවුන් මේ දේවල් අහල මොනව හිතාවිද නොහිතාවිද කියල දන්නැති නිසා... පරෙස්සම් සහගත වෙන්න ඕනි කියල.. හවසට යන සංගීත වැඩසටහන් වල නිවේදිකාවො කතාකරන විදියට ප්‍රවෘත්ති වාර්තා කරන්න ගියාම ඒකෙ තියෙන වටිනාකම නැතිවෙනවා.. වෙළෙද අරමුණු උදෙසා වැඩසටහන් හිට් කරගන්න කතාකරන්න ගියාම කවදා හෝ තැනකදි නාගන්නවා..
කරුණාරත්න අමරසිංහ සූරීන් වගේ කෙනෙක් කරන නිවේදනයක් අහං ඉන්නකොටයි, අර ස්වර්ණවාහිනියෙද, දෙරණෙදෙ කඩල විකුණනව වගේ කියවන එකෙක් කතාකරනකොටයි මහා වෙනසක් දැනෙනවා.. පරිණත බවට කලින් ශික්ෂණය කියන දේ එන්න ඕනි.. නිවේදිකාවොත් එහෙමයි. ඉදුනිල් දිසානායක හෝ වසන්තී නානායක්කාර, යුරේනි නොෂිකා වගේ කතාකරන්නගත්තොත් කොහොමට හිටීද?
මිනිස්සු කාලයත් සමග අත්දැකීම් ගනිද්දි දැනුමෙනුත් දියුණු වෙන්න ඕනි. නැත්තං ගොනා පිට හකුරුපටවනව වගේ කොච්චර කිව්වත් වැඩක් නෑ..මේ කිව්වෙ ජර්නලිසම් හෝ මාස් කොමියුනිකේෂන් ගැන නෙවෙයි. ජනතාවක් ඉස්සරහ කතාකරන මාධ්‍යකරුවන්ට. අපිත් මාධ්‍යකරණය ගැන විධිමත් විදියට ආයතනිකව හදාරල නැහැ. නමුත් අපි ඒ ගැන ඔය ඉන්න මාධ්‍යෙව්දීන්ට වඩා පොත පත කියවල අවබෝධකරගෙන ඉන්නවා. ඒ නිසයි තවමත් මම පුවත්පතකට කිසිවක් නොලියා ඉන්නෙ.. මම දන්නව මම තාම මදි කියල පත්තරේකට ලියන්න.. මොකද ෆේස්බුක් වල මම අමතන භාෂාවෙන් සමස්ත රටට මම අමතන්න බැහැ.. අද වෙන්නෙ ෆේස්බුක් එකේ ලියන ඕන කුණුහරුපයක් පත්තර වල ගෙඩිපිටින් දානවා. ඒකෙ වෘත්තීමය භාවයක් ඇත්තේම නැහැ.
මාධ්‍යකරුවෙකුට දේශපාලනයක් තිබිය යුතුයි. එය ජනතාවාදී විය යුතුයි. ඒ දේශපාලනය සමස්ත ජනවිඥානයට එරෙහිව යනව නං ඒ වගේ පත්තරකාරයො නිවේදකයො වගේ අය ඒ රස්සාව කළ යුතු නැහැ.. මොකද මාධ්‍යෙව්දියා කියද්දි ඒකෙ තියෙන වෘත්තීමයභාවය ඔවුන් රකින්න ඕනි. කියන්න ගොඩක් දේවල් තිබුණට කියන්න යන්නේ නැහැ... කාලයත් සමග ඒවා කියැවේවි.....

ලිපිය  මනෝරම වීරසිංහ

කුමාරතුංග මුනිදාසයන් ගැන

හෙළ බස් මිණි..හෙළ හවුලේ නයු කුමරතුගු මුනිදස්හු දෙස-බැස රැසැ වෙනුවෙන් අනූපමයැ සේවයක් කළහැ! එතුමෝ මස් මරුවෙකි... වෙසෙසින්ම ගෙරි මස් වියැ. 

ඉතින් මේ අප්‍රකට කතාව තමා අපේ කුමාරතුංග මුනිදාස වියතා සාහිත්‍ය සක්විති ඩබ්.ඒ සිල්වා සූරීන්ගෙන් හරක් මස් ඉල්ලල එවපු ලියුම උන්නැහැටි උගුරෙ අමාරුවක් තිබිලා තියෙනවා. තව අසනීප ගොඩක් එක්ක.. ඉතින් මිය යන්න ටික කාලෙකට කලින් ලිපියක් මේ. ඉතින් ඒකට නියම බේත හරක් මස්!.. 

ඔය රූපවාහිනි වැඩසටහන් වල උපදෙස් දෙන ‘පොරවල්‘ පවා මෙහෙමයි.! අර සූරියප්පෙරුම ගොයියා මැල්ලුම් මුට්ටි ගැන කීවට කන්නෙ හරක් මස්!..ඇත්තටම දැන් වගේමයි.. ඔය ජාතිය ආගම වෙනුවෙන් පෙනී හිටින, මසක් මාලුවක් වත් නොකන අය ඒ කාලෙත් හිටියා! අදත් ඉන්නවා...!! මතුවටත් ඉදීවි...!!!

1943-03-04
පාණදුරේ දී යැ.

‘‘සෙත් වේ වා“

හිතවත් සිල්වා මහතාණෙනි,

උදව්වක් ඉල්ලමි. හරක් මස් මොබින් හෝ කොළොඹින් හෝ සපයා ගන්නට අතෙක් නැත. යම් කිසිවෙකු යොදා මට දිනපතා මස් ටිකක් ගෙන දෙන්නට බැලුව මැනැවි. මුතුකුමාරණ මහත්මා එය මෙහි ගෙනැවිත් දේවී. ගන්නා ලෙසක් තමා සැලැසිය යුතු. යම් කිසිවෙකු මෙයට යොදතොත් ඔහුට පඩුරු මුදලක්ද ගෙවිය හැකියැ.

මට වුවමනා

සදුදා, බදාදා, සිකුරාදා යන තුන් දිනැ හොද හරක් මස් රාත්තල් දෙක බැගින්
අගහරුවාදා, ගුරුදා, සෙනසුරාදා යන තුන් දිනැ හරක් පීකුදු රාත්තල බැගිනි.

මේ උදව්ව කිරීමට මගක් සොයන ලෙස ඉල්ලමි.
මෙහි රුපියල් පසෙක් වෙයි. එය ගෙවන්නා හා අත ද මුදල් එයි.

මෙයට හිතවත්,
(අත්සන)
කුමාරතුංග මුනිදාස
ලිපිය මනෝරම වීරසිංහ

V for Vendetta

"විශ්වාස කරන්න, ඔබ කවරෙක් දැයි මම නොදනිමි. මේ ලිපිය ඔවුන්ගේ තවත් එක් කපටි උපාය මාර්ගයක් නොවන බව ඔබට ඒත්තු ගැන්වීමට ද මට හැකියාවක් නැත. එහෙත් මම එය නොසලකා හරිමි. ඉතින් මේ මම ය.ඔබේ අනන්‍යතාවය නොදැන වුවත් ඔබට ආදරය කරන බව පවසන මම ය.
මා සතුව ඇත්තේ පැන්සල් කොටයක් පමණි. ඔවුන්ට එය සොයාගැනීමට නොහැකි වූවේ ගැහැණියක් වූ මා මගේ සිරුර තුල එය සඟවාගෙන සිටි බැවිනි. සමහරවිට නැවත මෙය ලිවීමට මට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා කියවන්න.මේ දිගු ලිපියෙන් කියවෙන්නේ මගේ ජීවිත කතාවයි.මා විසින් ලියන ප්‍රථම හා අවසාන චරිතාපදානය මෙය වනු ඇති අතර, දෙවියනි මා එයද ලියන්නේ වැසිකිලි කඩදාසියක් මත ය.
මා උපත ලැබුවේ 1957 වසරේ තදින් වැසි වැටුන සමයකදී ය. වයස එකොළහ ලැබූ පසු අධ්‍යාපනය ලැබීම සඳහා “Girls’ Grammar” විද්‍යාලයටඇතුලත් වූ මට අවශ්‍ය වූවේ නිළියක් වීමට ය.
ඉතා සුකොමල හා සුන්දර මැණික් කටු යුගලක් හිමි ඒ යුවතිය සාරා, මගේ පෙම්වතිය මට මුණ ගැසුනේ ඒ පාසල් සමයේදී ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහහතරක් වූ අතර මට අවුරුදු පහළොව සම්පූර්ණ වී තිබුණි. නමුත් වොට්සන් මහත්මියගේ පන්ති කාමරය තුල අපි දෙදෙනාම එකට ඉගෙනුම ලැබුවෙමු. එසේ ඇති වන ආකර්ෂණය ගැටවර වියේ හට ගන්නා ස්වාභාවික සංසිද්ධියක් වන බවත් කාලයාගේ ඇවෑමෙන් එය “යථා තත්වයට” පත්වන බවත් ජීව විද්‍යාව පන්තියේදී හර්ඩ් මහත්මිය පවසන විට මම සිටියේ වීදුරු බඳුනක දැමූ හාවෙකුගේ කළලයක් ලෙස නෙත් යොමාගෙන ය. ඒ පැවසූ සේම ටික කලකට පසු සාරා “යථා තත්වයට” පැමිණි අතර එසේ “යථා තත්වයට” පැමිණීමට මට කිසිදිනෙක හැකියාවක් නොලැබිණි.
ඊට වසර ගණනාවකට පසු 1976 දී තව දුරටත් වෙස් මුහුණක් පැළඳීම මම අත හැර දැමුවෙමි. ක්‍රිස්ටීන් නම් වූ යුවතිය සමඟ මගේ දෙමව්පියන් හමුවට ගිය මම ඇයව ඔවුන්ට හඳුන්වාදුන්නෙමි. ඊට සතියකට පසුව නෘත්‍ය පාඨශාලාවට ඇතුලත් වීමි. ඔවුන්ගේ සියළු සිහින බොඳ කර දැමූ බවට චෝදනා කරමින් මගේ මව හඬා වැටුනා ය
එහෙත් මම එසේ නොසිතමි. මම ඉතා අවංකව මගේ හැඟීම් ඔවුන් ඉදිරියේ පවසා සිටියා පමණි. එය ආත්මාර්ථකාමීත්වයක් වන්නේ කෙසේ ද..?? අප සතුව ඇති ඉතාම වටිනා දෙය වන්නේ ඒ අවංකත්වය පමණි. කෙනෙකුට එය ඉතා සුළු දෙයක් ලෙස පෙනිය හැක. එහෙත් ඒ සුළු ඉඩ කඩ තුල වෙස් මුහුණු නොපැළඳ, සැබෑ ස්වරූපයෙන් නිදහසේ සැරිසැරීමට අපට ඉඩ සැලසෙයි. ඉතින් එය වරදක් යැයි කිසිවෙකුට පැවසිය හැකිද..?
ලන්ඩනය...සැබවින්ම මම ලන්ඩනය තුල සතුටින් ජීවත් වීමි. 1981 දී සින්ඩරෙල්ලා කතාවේ දන්දීනි ගේ චරිතය සඳහා මම රංගනයෙන් දායක වීමි. එය ඒ වර්ගයේ මගේ ප්‍රථමරංගනය විය. මට ඒ ලෝකය පෙනී ගියේ ඉතා අපූර්ව ලෙසටය සෑම මොහොතකදීම වීදි ලාම්පු අතරින් පෙනී නොපෙනී යන කලබලකාරී පිරිස් වලින් සමන්විත වූ ඒ නගරය විවිධාකාරයේ ශබ්ද වලින් පිරී පැවතිණි. මන බඳින සුළු හා පොළඹවන සුළු වුවත් ඒ සියල්ල මැද මට දැනුනේ මහා තනිකමකි. සෑම රාත්‍රියකම සමාජ ශාලා වලට ගිය මුත් මම ඉක්මනින් මුළු ගැන්වෙන සුළු හා අනෙකුන් සමඟ ලෙහෙසියෙන් මුහු නොවෙන වර්ගයේ එකියක වීමි. සතුටු විය හැකි දහසක් දේ තිබූ නමුත් සුවදායක හැඟීමක් නම් කිසිදා එහිදී මට දැනුනේ නැත. මේ නගරයේ ද මා වැනිම ගැහැණුන් හා පිරිමින් බොහෝ දෙනෙක් සිටි අතර ඔවුන්ට උවමනා වූවේ සමරිසි පුද්ගලයන් ලෙසින් ජීවත් වීමට පමණි. ඔවුන්ගේ පරමාර්ථය එය විය. එහෙත් මගේ ජීවිතය සඳහා ඊට වඩා වැඩි යමක් මට අවශ්‍ය විය.
මගේ වෘත්තීය ජීවිතය ඉතා සාර්ථක විය. ප්‍රථමයෙන් චිත්‍රපටවල ඉතාම සුළු චරිත රඟපෑමට අවස්ථාව ලැබුණු අතර අනතුරුව ප්‍රධාන චරිත උදෙසා රංගනයෙන් දායක වීමේ භාග්‍යය මට උදා විය. 1986 දී එසේ මා රංගනයෙන් දායක වූ “The Salt Flats” චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනාගැනීමට අසමත් වූ නමුදු සම්මානයෙන් පවා පිදුම් ලැබීය. මට රූත් මුණ ගැසුනේ එහි රූගත කිරීම් කරන අතර තුරය. අපි එකිනෙකාට දැඩිව ආදරය කළෙමු. ඒ නිසාම එක වහලක් යට ජීවත් වීමටද පටන් ගතිමු. ඒ වසරේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඇයගෙන් මට ලැබුනේ රෝස මල් ය. එසේ ආරම්භ වූ වසර තුන මගේ දිවියේ ඉමිහිරිම කාලය වන අතර අපේ ජීවිත තුල කිසිදා රෝස මල් වලින් හිඟයක් නම් ඇති නොවීය.
නමුත් 1988 දී යුද්ධය ආරම්හ විය. ඉන් පසුව කිසිදා කිසිවෙකුට රෝස මල් දක්නට නොලැබිණි.
1992 දී ඔවුහු සමරිසියන් සෙවීමට පටන් ගත්හ. ඔවුන් රූත් ව රැගෙන ගියේ ඇය ආහාර මිලට ගැනීමට පිටතට ගිය අවස්ථාවකදී ය. අප වැන්නන් කෙරෙහි ඔවුන් මෙතරම් බියක් දක්වන්නේ මන්දැයි අදටත් මට වටහා ගත නොහැක. ඇගේ ශරීරය සිගරට් කොටවලින් පුළුස්සා දැමුණු අතර මගේ නම හෙළිදරව් කිරීමට ඇයට බල කර තිබිණි. ඉතින් අවසානයේ මා විසින් ඇයව පොළඹවා ගත් බවට වූ ලිපියක් ඇය විසින් අත්සන් කර දී තිබුණි. නමුත් ඒ වෙනුවෙන් මම ඇයට කිසිදා දෝෂාරෝපණය නොකලෙමි.. මම ඇයට ආදරය කලෙමි. එනිසා දොස් පවරන්නේ කෙලෙසද..?
එහෙත් එසේ කිරීම වෙනුවෙන් ඇයටම දොස් පවරා ගැනීම නතර කිරීමට රූත්ට හැකියාවක් තිබුනේ නැත. විශ්වාස කල සියලු අගනාකම් අතහැර දැමීමට සිදුවීම හා අවසානයේ මට ද්‍රෝහී වීම ඇයට දරාගත නොහැකි විය. එම නිසා ඒ සිර මැදිරිය තුලදී ඇය සිය දිවි නසා ගත්තා ය.
ඊට ටික දිනකට පසු ඔවුහු මා කරා ද පැමිණියහ. මා රඟපෑ සියලු චිත්‍රපට පුළුස්සා දමන බවට ඔවුහු මට තර්ජනය කලෝය. මගේ දිගු වරලස බූ ගා දැමූ ඒ මිනිසුන් මගේ හිස වැසිකිලි බඳුනක ඔබමින් සමරිසි ගැහැණුන් පිලිබඳ නොයෙකුත් අසැබි කතා පැවසූහ. මේ ස්ථානයට මා ගෙන ආ පසුව නොයෙක් වර්ගයේ මත්ද්‍රව්‍ය මගේ ශරීරයට ඇතුළු කෙරිනි. දැන් මට කතා කිරීමට තබා මගේ දිව තිබෙන ස්ථානය කොහිදැයි පිලිබඳව ද හැඟීමක් හෝ දැනීමක් නොමැත.
මා වැනිම වූ තවත් ගැහැණියක් මෙහි දී මට මුණ ගැසුණි. ඒ ගැහැණිය, රීටා මීට සති දෙකකට පමණ පෙර මිය ගියා ය. මගේ ඉරණමද එය වන බවත් ඉතා ඉක්මනින් මා ද මියයන බවත් මම දැන් දනිමි. මගේ ජීවිතය මෙවන් බියකරු ස්ථානයකදී අවසන් වෙතැයි මම සිහිනෙකිනුදු සිතා නොසිටියෙමි. නමුත් මට ඒ පිළිබඳව දශමයක තරම් වත් දුකක් නැත. අවුරුදු තුනක් පුරාවට මගේ ජීවිතය රෝස මල් වලින් සැරසී තිබුන අතර ඒ ජීවිතය පිලිබඳ මම කිසිවෙකුගෙන් සමාව අයැදුවේ නැත.ඉතින් දුක් වන්නේ කුමකටද..?
ඉතින් මම මෙහිදී මිය යා යුතුය. එක් දෙයක් හැර ,මගේ ජීවිතයේ සෑම කොටසක්ම, සෑම අඟලක් ම මෙහිදී අවසන් වනු ඇත. ඔව් එක් දෙයක් හැර.
එය ඉතාම කුඩා ය.ඉතා ඉක්මනින් බිඳෙන සුළු ය. එහෙත් අප තුල තිබෙන වටිනාම දෙය ද එයම වන්නේ ය. කිසිදා එය නැති කර නොගැනීමටත්, කිසිවෙකුට එය නොවිකුණා සිටීමටත් අප වග බලා ගත යුතුය. විශේෂයෙන් ඔවුන්ට එය අප කෙරෙන් උදුරා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදිය යුතු ය.
මම ඔබේ නම නොදනිමි. අඩුම තරමේ ඔබ ගැහැණියක් ද පිරිමියෙක් ද කියා හෝ නොදනිමි. ඔබේ මුහුණ දැක ගැනීමට මෙන්ම ඔබත් සමඟ එක් වී කඳුළු සැලීමට හෝ බීම වීදුරුවක් තොල ගාමින් ඔබ හා දොඩමලු වීමට මට කිසිදා අවකාශයක් නොලැබෙනු ඇත. නමුත් මම ඔබට ආදරය කරමි. මෙම අපායෙන් ගැලවීමට ඔබට හැකියාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. කෙදිනක හෝ ලෝකය මීට වඩා යහපත් ස්ථානයක් වනු ඇති බවත් එදිනට අර කියූ රෝස මල් වල සුවඳ විඳීමට ඔබ සැමට හැකියාව ලැබෙනු ඇති බවත් මම උදක්ම බලාපොරොත්තු වෙමි.ඔබව සිප ගැනීමට හැකියාවක් නොමැති වීම පිලිබඳ ලතැවෙමි."
 ලිපිය  Methmalie Dissanayake 

නික්ම යෑම.....


විසල් මුහුණේ පුංචි නෙතු අඟ කඳුළු බිඳු ඇත වේලිලා
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම බෑවිලා
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි නෑසිලා
හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු මානලා
මගෙම පුතු ලෙස හැඳු නුඹ අද යන්න යනවද මා දමා
පොඩි දොහේ සිට හිටියෙ එකටම කෙලෙස විඳ ගමි දුක මෙමා
යම් දිනේ අප වෙන්ව යනවා ලොවේ සත්‍යය එය තමා
එහෙත් ඇයි නුඹ මුලින් ඇදුණේ මරැවා වෙත නොම වී පමා
රිදෙයිදෝ පුත උඹේ බඳ තව ඇන්න පහරට මා එදා
කඳුළු පිරෙනවා දුටිමි නෙතු අඟ හැඬුවා ඒ හෙණ්ඩුව බදා
හිතේ තරහක් තිබෙනු නොදිටිමි සිටියා මට සෙනෙහස පුදා
මතු බවේදිත් පුතුව ඉපැදී සනසපං මගෙ දිවි සදා

සංකල්පනාව  Dilu Dissanayake‎ 

SLNS Nandimithra (P 701) නොහොත් Israeli Saar 4 class missile boat.


ශ්‍රි ලංකා නාවික හමුදාව සතු Fast Missile Vessels කණ්ඩයට අයත් නෞකා දෙකකි.එනම් 
Saar 4 Class missile boats (Nandimithra Class) SLNS Nandimithra (P 701) හා
SLNS Suranimala (P 702)යන යුධ නෞකා දෙකයි.
2001 දී නාවික හමුදාවට එකතු විය..
Missile Boat ගණයට ඇතුලත් වෙන නන්දිමිත්‍ර නෞකාවෙහි දිග 58mකි.පළල(beam) 7.62mකි.
මෙහි බර ටොන් 415කි.මෙහි උපරිම වේගය 34 knots (63 km/h; 39 mph)වේ. කාර්‍ය මණ්ඩලය ඇතුලු 45කට අධික පිරිසකට මෙහි ඉඩ ඇත.
Elta EL/M-2207/2208 air & surface search radar හා
Selenia Orion RTN-10X fire-control radar යන සංවේදකයන්ගෙන් නෞකාව සමන්විත වේ.
මෙය සතුව 2-4 x RGM-84 Harpoon SSM's , 4 x Gabriel II SSM's
හෝ 6 x Gabriel II SSM අඩංගු වේ.නමුත් අප නෞකා සතුව Harpoon මිසයිල රැඳවුමක් අන්තර්ගත නොවේ.තවද 1 x 20 mm Phalanx CIWS, 1 x OTO Melara 76 mm naval gun හෝ
2 x OTO Melara 76 mm naval gun, 2 x Oerlikon 20 mm cannons අවි අන්තර් ගත වේ.
Sa'ar 4 යුධ නෞකාව ඊශ්‍රායලය,දකුණු අප්‍රිකාව,ග්‍රිසීය හා ලංකාවේ නාවික හමුදාවන්‍ ට අනුයුක්තව සේවය කරති.මේ වන විට ඊශ්‍රායලය විසින් මෙම Sa'ar 4 නෞකා විශ්‍රාම ගන්වා ඇති අතර ලංකාවේ තවමත් නාවික හමුදාවට සක්‍රිය දායකත්වයක් ලබා දෙයි.

ලිපිය කවිඳු පතිරණ

'Maersk Triple E ලොකේ ලොකුම නැව


'Maersk Triple E' . 2011 වසරේදී Daewoo Shipping සමඟ ඩොලර් බිලියන 3.8ක මුදලක ගනුදෙනුවක් සමඟින් මෙම නැව් වාහීනී 20ක ඉදිරිකීම ඇරඹිනි.
පාවෙන ස්වාභාවික වායු ගබඩාවක් ලෙස ඉදිකිරීමට යෝජිත මෙම නෞකාවේ ද්‍රව බවට පත්කරන ලද වායු ගබඩා කරනු ඇත.
දකුණු කොරියාවේ සැම්සුන් හෙවි ඉන්ඩස්ට්රීස් තථාංගනයේ ඉදි වෙමින් පවතින මෙම නෞකාව සම්පූර්ණ වශයෙන් බර පටවන විට එය ටොන් ලක්ෂ 6 ක බරකින් යුක්ත වනු ඇතැයි විශ්වාස කෙරේ. ලෝකයේ දැනට විශාලතම එක්සත් ජනපද ගුවන්යානා ප්රවාහන නෞකාවට වඩා මෙය 6 ගුණයක් විශාල වනු ඇති අතර දිග මීටර් 488 ක්ද පළලින් මීටර 75ක්ද උසින් මීටර 105ක්ද වනු ඇත.

2017 වනවිට තනා නිම කිරීමට අපේක්ෂිත නෞකාව ඕස්ට්රේලියාවට උතුරු දිග මුහුදේ නැංගුරම් ලා ගොඩට ගන්නා ස්වාභාවික වායු සෙන්ටිග්රේඩ් අංශක ඍණ 161කට ශීත කිරීමෙන් පසු ගබඩා කර ගනු ඇත 
ලිපිය කවිඳු පතිරණ 

Concorde ( Supersonic) ලොව වේගවත්ම මගි ගුවන් යානය..

ලොව වේගවත්ම මගි ගුවන් යානය...
ශබ්දය හිරිහැරයක් වු නිසා විශ්‍රාම ගැන්වූ කොන්කෝඩ්..
Concorde ( Supersonic)
ශබ්දය වේගය අභිබවා යන පළමු මගී ගුවන් යානය ලෙස මෙය හැඳින්වූවාට වරදක් නැත.යූරෝ බිලියන 1.3ක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වෙන කොන්කෝඩ් යානයට දැනට ගුවනේ සැරිසැරීමට ඉඩක් නැත.ඒ ඉන් නිකුත් වන අධික ශබ්දය නිසාවේනි..එහි ප්‍රබලත්වය කොපමණද යැයි කිවහොත් ගොඩනැගිලි වල ජනේල කම්පනය දරා ගත නොහැකිව කැඩි බිඳි යන වාර්තා වේ..
නමුත් supersonic ඊළඟ පරම්පරාවේ යානය නාසා ආයතන විසින් නැවත ප්‍රතිනිර්මාණය වන බවද වාර්තා වේ.ඒ සුප්‍රකට බෝයිං සමාගම හා එකතුවය.
පරීක්ෂණ වර්ජිනියා ප්රාන්තයේ පිහිටුවා ඇති නාසා ආයතනයට අයත් ලෑන්ලි පර්යේෂණ ආයතනයෙදිත් සිදු කෙරෙනවා.
එෆ්-100 වර්ගයේ ජෙට් ප්රචාලන පද්ධති ඇතුළත් සුපර්සොනික් තාක්ෂණය රැගත් නව ගුවන් යානා අනුරූ, තියුණු වේගයෙන් වායු ධාරා නිකුත් කෙරෙන ප්රචාලන ක්රම, විවිධ හැඩ යානා වල්ගා සහිතව එහිදී අත්හදා බලනවා. පරිසරයට හානි නො වන සේ අවම ශබ්ද තරංග නිකුත් කරන පද්ධති හඳුනා ගැනීමයි, මෙහි දී සිදු කෙරෙන්නේ.
මේ පරීක්ෂණ සාර්ථක වුවහොත් කොන්කෝඞ්වලින් පසු ගුවන්ගමන් සඳහා යළිත් සුපර්සොනික් මගී යානා බිහි වනු ඇත.
කොන්කෝඞ් මංගල මගී ගමන සිදු වූයේ 1976 ජනවාරි 21 වැනිදායි. එය එදා සිට ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වාත්, එතැනින් ඇමරිකාවේ නිව්යෝක් හා වොෂින්ටන් නගර දක්වාත් නිරන්තර සේවයේ යෙදුණා.
කොන්කෝඞ් යානයේ ප්රථම මගී ප්රවාහන ගමන සිදු වුණේ 1976දියි. 2003 දී අවසන් ගමන් යන තෙක් එය ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර නිතිපතා එහා මෙහා ගියා.
ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර යන එක් ගමනකට පැය තුනහමාරක් ගත වුණා. සාමාන්ය උපධ්වනික ජෙට් යානයකට මේ ගමන යන්නට පැය අටක් පමණ ගත වෙනවා.
1986 දී කොන්කෝඞ් යානය ලෝකය වටා සැතැපුම් 28,238ක දුරක් පැය 29කුත් මිනිත්තු 59ක් ඇතුළත පියාසර කිරීමට සමත් වුණා.
2000 ජූලි 25 වැනිදා කොන්කෝඞ් යානයක් ප්රංශයේ ගොනස් (Gonesse) හී හෝටලයකට කඩා වැටී එහි සිටි සිවු දෙනකු හා යානයේ සියල්ලන් ම මිය ගියා. එය කොන්කෝඞ් යානයක් මුළු කාලයටම මුහුණ දුන් එකම මාරක අනතුරයි. ඉන් වසර තුනකට පසු එය මුළුමනින් ම නවතා දැමුණා. එහි අවසාන මගී ප්රවාහන පියසැරිය සිදු වූයේ 2003 ඔක්තෝබර් 24 වැනිදා නිව්යෝක්හි සිට ලන්ඩන් දක්වායි.
1969 සිට කොන්කෝඞ් පරීක්ෂණ ගමන්වල යෙදුණා.
පැ.සැ. 250 - කොන්කෝඞ්හී ආරම්භක වේගය.
මිලියන 2.5 - කොන්කෝඞ් යානයෙන් ගෙන ගිය මගීන් සංඛ්යාව.
Top speed: 1,354 mph (2,179 km/h)
Introduced: January 21, 1976
Retired: November 26, 2003
First flight: March 2, 1969
Cruise speed: 1,320 mph (2,124 km/h)
Engine type: Rolls-Royce/Snecma Olympus 593
Manufacturers: Airbus Group , British Aircraft Corporation , Sud Aviation ,
Aérospatiale

ලිපිය 
කවිඳු පතිරණ 

බෝයිං 747 - 1500 වන යානය

බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ
බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය.
Lufthansa සමාගම සතු 1500 වන 747-800 යානයේ ව්යාපාරික පන්තිය

747 වැඩසටහනේ සාමාන්යාධිකාරි සහ උප සභාපති එරික් ලින්ඩ්බෑඩ් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ මෙම නව 747-800 ගුවන් යානය 747-400 ගුවන් යානයෙන් වෙනස් වනවා පමණක් නොව මෙම 70 වන 747-800 යානය එහි මුල් යානයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවයි.
1970 වර්ෂයේ දී “පෑන්-ඇම්“ සමාගමට මුල්ම 747 ගුවන් යානය ලබා දුන් අතර 1981 දී “ස්කැන්ඩිනේවියන්“ ගුවන් සමාගමට 500 වන යානය ලබා දුන්නේය. 1993 දී සිංගප්පූරු ගුවන් සමාගමට 1000 වන ගුවන් යානය ලබා දීමට බෝයිං සමාගමට හැකි විය. 2014 දී 1500 වන යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන් අතර සාමාන්යයෙන් මේ කාලසීමාවන් සළකා බැලීමේ දී වසර 10 ට වරක් පමණ යානා 500 ක් නිපදවා තිබෙන බව පෙනේ.
747-800 යානා ගුවන් සමාගම් 8ක් පමණ භාවිතා කරන අතර ගුවන් තොටුපලවල් 150 කට පමණ මෙහෙයුම් සිදු කරයි. ගුවන් පැය 385000 ක් පමණ දැනට පියාසර කර ඇත.

ලිපිය කවිඳු පතිරණ‎ ගෙන්